හබකේ උපත තිරිසණීගේ කියවිල්ල කැලණිය විශ්වවිද්‍යාලයීය ඉතිහාසයේ කිසිම දිනක බිහි නොවුණු විදියේ විද්‍යාර්ථියෝ තුන් දෙනෙක්ගේ කතාව මේක. උන් තුන්දෙනා අක්කලා නංගිලා නෙවේ ඇත්තට ම මොකද එක බඩවැල කඩන් එන්න තරම් සංයමයක් නෑ එකෙක් පයින් ගහලා අනික් එකා මැරෙන්න වුණත් පුළුවන්කමක් තියනවා අම්මගේ බඩේ ඉඳන් ම. හැබැයි උන්ගේ හැම මයිටොකොන්ඩ්රියමක් පාසාම තියෙන්නේ එකිනෙකාට තියෙන ආදරේ. ඒක නිසා ඒ තුන් දෙනා පවුලක් වෙන්න හිතාගත්තා. වරිග පරම්පරාවට ...
පව්ව තිරිසණීගේ කියවිල්ල "කොහෙද පිස්සු ** ගෑණු දෙන්නා ඉන්නේ?" දෙවන ලෝක යුද්ධ කාලයේ රේඩියෝවකින් නැගෙන ශබ්දයකට සමාන ඩැනීගේ කටහඬ ෆෝන් එකේ එහා පැත්තෙන් මතු වුණා."IT ලැබ් එකේ ඉන්නේ බන්. අපි හිතුවේ උඹ එන්න පරක්කු වෙයි කියලා. අපි දෙන්නා කූඹියෝ බලනවා""මෙන්න මෙහේ වරෙන් ***""අනේ බන් පොඩ්ඩක් තේරුම් ගණින්. මේක දැන් ඔන් වුණේ""****"දෙමළ සෙටිපිකැට් කෝස් එකේ විභාගය තිබ්බේ තුනට නවපු කුඩයක් වගේ තුනට කඩලා. උදේ ...
මල්ලිගේ නේමාර් කට් එක තිරිසණීගේ කියවිල්ල වාග්විද්‍යාව පේපර් එක ලියා අවසන කුලී මාළිගාවට මා වැදුණේ අම්බානෙක සතුටකිනි. ඒ බව මගේ බෝඩිම් ප්‍රේමයටත් දැනී තිබුණු අතර ඈ කවදාවත් මාව එලෙස දැක නොතිබ්බේ ලු. ඇත්තවශයෙන් ම පේපර් එක හිතුවාට වඩා ලේසි විය.වෙනදාට කිලෝමීටර් දෙසියයකටත් එහා සිට පිය රජාණන් හෝ මෑණියන් අමතන තෙක් සිටි මම අද රජමාළිගාවට මිස්ඩ් කෝල් එකක් ගැසුවෙමි. අපේ මාලිගාවේ ලෑන්ඩ් ෆෝන් රාජයාට මිස් කෝල් ගහන ...
කලාව බලෙන් ඇඟේ ගැසීම තිරිසණීගේ කියවිල්ල ඕනි හත්තිලව්වක් වේවා!කැම්පස් ළමයෙක්ට කලාව ගැන තියෙන්නේ සෑහෙන ලොකු ගෞරවයක්. අවබෝධයක්. ඒත් ඒක එහෙමමද කියලා හිතෙන තරමේ සිද්ධියක් අද මටයි මගේ යාලුවටයි සිද්ධ වුණා. අද කිව්වට අදම නෙමෙයි. මේ වගේ සිද්ධි දෙක තුනක අත්දැකීම් තිබ්බට හිතට පුදුමාකාර කලකිරීමක් ඇති වුණේ අද.ලෙක්චර් එක ඉවර වෙලා ලැබ් එකට ආවේ මෙහෙම දෙයක් කුරුටු ගාන්නත් නෙවෙයි. ප්‍රසන්ටේෂන් එකක් හදන්න. ඒක බල්ලට ගියාවේ. මගේ හිතට ...
ඩවුන්ලෝඩ් කරපු සින්දු තිරිසණීගේ කියවිල්ල ශේප් එකේ මේ ඔක්කොම ඇත්ත සිද්ධි නොවන බව සලකන්න."ඩවුන්ලෝඩ් කරන්න හොඳ සින්දු වගයක් කියනවකො" මට ඒ කටහඬ ඇහුණේ ඉස්සර විදියට ම නෙවෙයි. එතන මහා අමුතු විදියේ රස්තියාදුකාර යාළුකමක් තිබ්බේ. එයාගේ ඒ කාලේ කතාවයි දැන් කතාබහයි නිකන් හොම්රන් පැස් ඇන්ඩ් කාලගුණේ වගේ මෙලෝ සම්බන්ධයක් නෑ. මට ඒ ගැන මහා පරිමාණෙන් හිතන්න තරම් ශෝකයක් දැන් නෑ. ඒකට එක රීසන් එකක් තමයි මම ...
කවියක කතන්දරය තිරිසණීගේ කියවිල්ල අම්මාගේ ලස්සන නොදනිත් මෙලොව කවුරුත්අප්පච්චී තරම් වීරයෙක් නොවේවී තවත්තුඩ මොටැති පැන්සලක්චිත්ර පොතක පසු පිටක්ගෙන ලිව්වේ කවක්දෙමව්පිය වැණුමක්දැක ඇතිද සුන්දර දෙයක්සදිසි මුදු ගුරු හදක්වේද ජීවය රැඳී දෙනෙතක මිත්‍රයෙකුගේ තරම්නොවිණි නම් අමුණන්න ඒ ගැන වචනයක්සිදුවෙන්න තිබුණේ පවක්සදෙව් ලොව බොරුවක්මිනිස් ලොව සුරපුරයක්සිතා සිටි කල් ඉකුත් වූ කලහැඟිණි මේ නර වලක්වෙව්ල වෙව්ලා පණ අදින දෑතින්කුරුටු ගෑ ලොකු කලු අකුරක්තැලී පොඩිවී ලෝකයේ කෙළවරකඅත්වාරු දෙන්න ඇවිදින් ...
වාරු ඇති මගෙ දෙපා තිරිසණීගේ කියවිල්ල බස් රියක එල්ලිලායන මහත්තුරුන්ගේ - ඩා දියේ නෑවිලාපාගගෙන ගියත් මා - විසැති අඩි නෝනලානුඹ බලන්නට එන්න - වාරු ඇති මගෙ දෙපාසුවඳ හමනා හිනා මල් - පොකුරු බිම දමාම වෙත දිව එන තුරා - පන්ති අහවර වෙලානුඹේ රූ රටා ඇඳි - අහස දෙස බල බලාඑළිපත්තෙ ඇති හෙටත් - වාරු ඇති මගෙ දෙපාපෙර රජුන් මෙන් ඔබට - තනනු බෑ මාළිගාඅකුරු අබිසෙස් පමණි ...
ඉල්ලන පමා ලියාදෙන්න බැරි කවිය නුඹ තිරිසණීගේ කියවිල්ල ප්‍රේමයට පෙර නුඹ ගැන මම ලිව්ව කවිපොතමකුළුදැල් බැඳී ඇත කොහේ හෝ මුල්ලක අවසඟවප්රේමය දිනාගත් දින අගුළු ලා මගේ කවි වැදුම්ගෙයඉල්ලන පමා ලියාදෙන්න බැරි කවිය නුඹකලාව නම් නුඹමැයි කියා ලොව ලුහුඬු කරනආදර දෙබස් මම නුඹට නොකියනසකලවිධ කලා කැටි කර ජීවිතයට එළිසමයක් වුණ කවියක්පමණක් ම වේ නුඹ කලාවට එහා ගියහැම ලාබ අකුරක් පිටුපස ඇත ප්‍රේමයක් හඳුනා නොගත්තවචන මදි වෙන්නේ මට ඒ නිසයි ...
මඩු වලිගය නොකී කතා තිරිසණීගේ කියවිල්ල බුඩ්ඩිමත් සියල්ලන්ගෙන් තරහා අවසර. මේ දිනවල ඔබෙත්, මගෙත් රටේ ජනපතිගේත් අවධානය දිනා ඇති තන පටය ගැන කතා කිරීම වරදක් වෙන්නට විදියක් නැත. යහපාලන නෙයියාඩගම හා සිරිසේන ජනාධිපති ගැන කතා කිරීම කොයියම් අපුල දෙයක් වුවත් කස්ටිය කියනා පරිදි නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමද මොකද්දෝ කියන මේ ආණ්ඩුවෙන් පමණක් හිමි වූ මහානුභාව සම්පන්න මෙව්වා එක විඳ ගැනීමේ රිසියෙන් මෙය ලියමි.මෙය කොතනින් පටන් ගෙන ...
ඔබ ඇපල් මලක් වාගේ - 1 තිරිසණීගේ කියවිල්ල කැම්පස් එකේ දේශන වාරයක දී ආපු සර් කිව්වේ ඒ සින්දුවේ 'ඇපල් මල' යෙදුම සාර්ථක නෑ කියලා. ඇයි අපි ඇපල් මල් දැකලා නෑනේ. එතකොට ඇපල් මලෙන් කියවෙන 'ඔබ' මොන වගේ ලස්සන ද කියන්න අපිට තේරෙන්නේ නෑ. ඇපල් මල අපිට දුරයි. කළු ද සුදු ද කියන්න දන්නෙත් නෑ. එතකොට 'ඔබ' ගැන ඇතිවන චිත්‍රයත් අපහැදිලියි.ඇත්තටම එහෙමද?ඒත් ඒ සින්දුවෙන් වුණේ හරි පුදුම වැඩක්. 'ඔබ' ...
නිවේදනය තිරිසණීගේ කියවිල්ල නොතේරෙන අකුරු යමහා දිග වැකි යමහතුනි සමා අවසරමට මේ නිවේදන දැන් අපුල යමම නුඹේ කතා පිරි ඇස් දිහා බලනනුඹ මගේ නර කෙසකට මහ හඬින් හිනාවෙනඅපි බයෙන් අත් අල්ලගෙනසමහරවිට නොඅල්ලා මකොළඹ පාරක දූවිලි උඩ ඇවිදිනමම එක පාරක් ආදරෙයි කියලා වචනෙන් දෙකෙන් කියලා දැම්මමආදරෙන් මාව කොහොම හරි පරදනනුඹ ළඟ,ආයෙත් සැනහෙන දවස ගැනපෑන් ඉරක් නැති නිවේදන ටිකඅමාරුවෙන් කියවා ගතිමි.ඉක්මනින් අපේ නිවේදනය දැම්මොත් හොඳයිනැත්තන් ...
අවසාන දවස තිරිසණීගේ කියවිල්ල ගෙයින් එළියට බැස්සේ මං අදඅවසාන දවස කියලා හිතාගෙනබයිස්කෝප් ලස්සනක ප්‍රේමයක් තියෙද්දිත්නිදිමරාගෙන නුඹ පස්සේ යනඅවසාන දවස කියලා හිතාගෙනඒත් මං අදත් පැරදියිඅලුත් පින්සලකින් ඇන්ද හිනාවයහීතල වෙලාවක දුම් දාන කෝපි කෝප්පෙක කතාවයනියරක රටා ඇඳි ෆලූඩා පාට දෙතොල් යමොන පාටදැයි හරියට මතක නැති මුත්ජනකතාවක ගම් දැරියකගේ දෑස් යකවි පදයක හිර කෙරුමට බැරි වුණත්මා එක්ක ඒවා දිලිසෙනවා මතක යඇත්තටම ඒ මාත් එක්ක විතරම යනුඹට දැන් ...
සිංහලේ කෙල වීමේ පර රුදාව තිරිසණීගේ කියවිල්ල මේකේ මාතෘකාව උග්‍ර ජාතිවාදී සීන් එකක් දුන්නට මේ ඊට හාත්පසින් වෙනස් කිරිටොපි මෙව්වා එකක් ගැන මෙව්වා එකක්. මේක ලියවෙන්නේ උසස් පෙළ විභාගය හා සම්බන්ධ සිංහලේ අරභයා. මගේ අම්මයි අප්පච්චියි දෙන්නම සිංහල ගුරුවරු වෙච්චි. අප්පච්චි හිටපු සිංහල කථිකාචාර්ය කෙනෙක් වෙච්චි. ලොකු අප්පච්චි දැනුත් ෆීල්ඩ් එකේ ඉන්න රටේ ගොඩක් දෙනා දන්නා සිංහල කථිකාචාර්ය කෙනෙක් වෙච්චි. සෝ එකට කිව්වා නෙවේ ඉතින් කතාවට එන්ටර් ...
ලංකා ලෙඩ තිරිසණීගේ කියවිල්ල ලංකාව කියන්නේ..........විසාල කැලයක් නෙවෙයි, අමුතු ලෙඩ ගොඩක් තියෙන මිනිස්සු ඉන්න දූපත් බිජ්ජක්. පොස් ගණයට වැටෙන දියවැඩියාව, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩ අතික්‍රමණය කරලා අපේ උන්ට තියෙන්නේ වෙන බහුබූත ලෙඩ. මේවා ඔක්කොම ගැන එක පාර කියන්න ගියොත් බජට් එක කියෙව්වා වගේ නන්නස්තාර වෙන්න වෙනවා. ඒ නිසා එක ම එක ඒත් අසාධ්‍යම ලෙඩක් ගැන තමයි කියන්නේ.මේ ලෙඩේ ගොඩක් තියෙන්නේ අපි ජීවත් වෙන ගෙදර ...
වැඩකට නැති කුණු ලේ තිරිසණීගේ කියවිල්ල හැරී පොටර් යළිත් නරඹා අවසන මා විසින් ලැයිස්තුගත කළ මගේ ජීවිතයේ "වැඩකට නැති කුණු ලේ" ලැයිස්තුව මෙසේ ය.#FilthyMudbloodsආදරය ගැන පල්හෑලි දොඩවන, ඇත්තෙන්ම ආදරය නොකරන වැඩකට නැති උන්අතපය වගේ ඉඳලා අවශ්‍යම මොහොතක මිනිස්සුන්ව තනි කරන වැඩකට නැති උන්උපන්ගෙයි තොඳොල් වීමේ හැකියාවෙන් ගේම ගහන කල්ලකපටි වැඩකට නැති උන්මේ ඉන්න ටිකේ එකිනෙකාට ආදරේ කරගෙන ඉන්නේ නැතුව බොක්කෙ ඩයිනමයිට් හංගගෙන අනෙකන්ට යාළු මිත්‍රකම් එපා ...
සතෙන් සතය, රුපියලෙන් රුපියල සහ අම්මා තිරිසණීගේ කියවිල්ල මිනිස්සුන්ට තමන්ගේ බැඳීම් ශක්තිමත් කරවන එහෙමත් නැත්තම් නැතිවෙලා තිබ්බ බැඳීමක් ඇති කරන ප්රාතිහාර්යයන් සිද්ධ වෙනවා. අතීත කාලයේ දවසක්, පුද්ගලයෙක්, සිදුවීමක් එහෙමත් නැත්තම් තැනක් මේ මැජික් එක කරනවා. උසස් අධ්‍යාපනය කෙසේ වෙතත් ජීවිතේ තේරුම් ගත්තේ කැම්පස් යන්න ගෙදරින් පිට වුණාට පස්සේ. එතනදි ගුරුවරයා වෙන්නෙත් මමමයි. කැම්පස් එක එක්සසයිස් පොතක් උනා විතරයි. මේ ඉගෙනගත්ත දේවල් ගැන ලියන්න ගියොත් ට්‍රැක් පනින්නට ලොකු සම්භාවිතාවක් ...
ඈ දැකුමෙන් මා හට මෙසේ සිතුණි තිරිසණීගේ කියවිල්ල සාහිල් පුතේ, ඔයාට කොල්ලෙක්ව බඳින්න කිව්වොත් ඔයා ඒක කරනවද?- කීයටවත් නෑඒ ඔයා ස්වාභාවයෙන් ම හැදිලා තියන විදිය නිසා. මෙයාලටත් ඒක ඒ විදියමයි. එයාලා ස්වාභාවයෙන් ම හැදිලා තියෙන්නේ මෙහෙමයි. මේක මේ බටහිර සමාජ බලපෑමක කෙහෙල්මලක් නෙවේ. ගහලා හිර කරලා තියන එකෙන් මෙයාලගේ ආදරේ වෙනස් වෙන්නේ නෑ. මේක බෙහෙතක් ඕනි කරන ලෙඩක් නෙවේ. ඒ ආදරය. ඒක විතරමයි. ආදරයක් ලබන එක දෙවියන්ගෙන් ලැබෙන ...
ජාතිවාදියෙක් මි තිරිසණීගේ කියවිල්ල මේ කියන වචනයක් ගානේ කාට හරි හිත් රිදවීමක් උනොත් නියමිත මාත්‍රාව අනුව ළමා පැනඩෝල් ටිකක් ගන්න. යහපාලන ආණ්ඩුවට බනින එක නම් දැන් මහ කම්මැලි සිද්ධියක්. ඕක පත් කරගන්න පස්ස ඉරන් කෑ ගහපු උන්ම බනිනවා නම් ඉතින් අපිට කියන්න දෙයක් නෑනේ. මේ සිද්ධිය දැන් හැමෝම වගේ දන්නවා. ජනාධිපතිගේ නම තිබ්බ සමරු ඵලකය මංගලාරාමේ හාමුදුරුවෝ කඩලා දැම්මා. වෙන්ඩ-ලිච්ඡවි උනත් පන්සලට යන්න කකුල් ...
අරුම පුදුම පුංචි ගමන තිරිසණීගේ කියවිල්ල මම එකසිය ගානට මේ දවස්වල ගෙදරට නාකි වෙනවා උනත් අපේ ගෙදර ඈයොන්ට නිවාඩුවක් ලැබෙන්නේ බොහොම අමාරුවෙන්. ඒ ලැබුණු මෙව්වා එකෙන් ප්‍රයෝජනේ ගන්ට හිතන් අපේ 'ගෙදර'ට එපිටින් තියෙන 'පුංචි ලෝකාන්තය' බලන්න ගියා කියහල්ලකෝ! අහවල් දිනේ එළිවෙන්ටවත් එහෙව් ගමනක් යන බවක් මම දැනන් හිටියේ නෑ. බොහොම අමාරුවෙන් තමයි අටට විතර මාව ගෙදර අය නැගිට්ටවා ගත්තෙත්.ගමන පටන් ගන්නත් කලින් සුපුරුදු කඩචෝරු මල්ලක් ම ...
සඳගලතැන්න ආයෙ ආයෙමත් තිරිසණීගේ කියවිල්ල ඉස්සර දේවල් තමයි ලස්සනම. ඒක මේ මොහොතේ සහ හෙට දවසේ තියන කාලකණ්ණි කැත ගතියෙන් මිදෙන්න නිදහසට කියාපු දෙයක් නෙවෙයි. ඒක වෙන කිසිම පණ්ඩිත තියරියක් ගාවගන්න ඕනි නැති තරමට සදාකාලික සත්‍යයක්. කාට නැතත් ඒක මට හොඳටම අදාළ දෙයක්. අතීතයේ දවසක හොඳ නරක දෙකෙන්ම හිත රිද්දා ගැනීමේ නැති නම් සතුටු වීමේ ගතියෙන් තොර ලෝකයක් මට නෑ. මේ දේවල් මට හිතුණේ ආයෙත් ටීවී ...