"තිසරණී, ඔයාට බැරිද හැමදාම කතා කරන්න?" තිරිසණීගේ කියවිල්ල මං ඉස්කෝලේ කොට්ටම්බා ගහේ හෙවණකට වෙලා සැපේ කතා පවත්තද්දී අව්වේ වේළුණ අසරණයනි, සමාව දෙන්න ඉස්සෙල්ලම! අනික මේ තොපිව අව්වේ තිබ්බා කියලා හැමදාම මම නමුණුකුල කඳු පියසින් හමා එන හුළඟයි දුන්හිඳේ සිසිලයි ගැන කියෙව්වා කියන අභූත චෝදනාවෙනුත් මාව නිදහස් කරන්න! මං ඉස්කෝලේ පරිපාලන රැස්වීමක ඉස්සෙල්ලම කතා කරපු දවස මට මතක නෑ. අන්තිමට කතා කරේ කොහොමද මොකක් ගැන ද කියලා දන්නෙත් නෑ. ...
නිවේදනය තිරිසණීගේ කියවිල්ල නොතේරෙන අකුරු යමහා දිග වැකි යමහතුනි සමා අවසරමට මේ නිවේදන දැන් අපුල යමම නුඹේ කතා පිරි ඇස් දිහා බලනනුඹ මගේ නර කෙසකට මහ හඬින් හිනාවෙනඅපි බයෙන් අත් අල්ලගෙනසමහරවිට නොඅල්ලා මකොළඹ පාරක දූවිලි උඩ ඇවිදිනමම එක පාරක් ආදරෙයි කියලා වචනෙන් දෙකෙන් කියලා දැම්මමආදරෙන් මාව කොහොම හරි පරදනනුඹ ළඟ,ආයෙත් සැනහෙන දවස ගැනපෑන් ඉරක් නැති නිවේදන ටිකඅමාරුවෙන් කියවා ගතිමි.ඉක්මනින් අපේ නිවේදනය දැම්මොත් හොඳයිනැත්තන් ...
ඈ දැකුමෙන් මා හට මෙසේ සිතුණි තිරිසණීගේ කියවිල්ල සාහිල් පුතේ, ඔයාට කොල්ලෙක්ව බඳින්න කිව්වොත් ඔයා ඒක කරනවද?- කීයටවත් නෑඒ ඔයා ස්වාභාවයෙන් ම හැදිලා තියන විදිය නිසා. මෙයාලටත් ඒක ඒ විදියමයි. එයාලා ස්වාභාවයෙන් ම හැදිලා තියෙන්නේ මෙහෙමයි. මේක මේ බටහිර සමාජ බලපෑමක කෙහෙල්මලක් නෙවේ. ගහලා හිර කරලා තියන එකෙන් මෙයාලගේ ආදරේ වෙනස් වෙන්නේ නෑ. මේක බෙහෙතක් ඕනි කරන ලෙඩක් නෙවේ. ඒ ආදරය. ඒක විතරමයි. ආදරයක් ලබන එක දෙවියන්ගෙන් ලැබෙන ...
වැඩකට නැති සංවාද - දේව්දාස් තිරිසණීගේ කියවිල්ල "උඹ....පොඩ්ඩක් කට වහගෙන... මං කියන දේ අහපං... දැන් මේ වෙලාවේ මිනිස්සු නිදි... උඹයි මායි මොකද්ද මේ කරන්නෙ?"වෙලාව මධ්‍යම රාත්‍රී එක පසු වී විනාඩි හතළිස් පහකුත් ගිහිල්ලා ය. මං නිදි නැත. අතිජාත පාසල් මිතුරු ගවයා ද නිදි නැත. ඌ ෆෝන් එකේ එහා පැත්තේ ය. මම අනික් පැත්තේ ය. හපපු චුයින්ගමේ සහ ඩෙස්ක් එකේ යටිපැත්ත මෙන් යාවජීව බැඳීමක මාත් ගවයාත් බැඳී සිටින්නෙමු. ...
වැඩකට නැති කුණු ලේ තිරිසණීගේ කියවිල්ල හැරී පොටර් යළිත් නරඹා අවසන මා විසින් ලැයිස්තුගත කළ මගේ ජීවිතයේ "වැඩකට නැති කුණු ලේ" ලැයිස්තුව මෙසේ ය.#FilthyMudbloodsආදරය ගැන පල්හෑලි දොඩවන, ඇත්තෙන්ම ආදරය නොකරන වැඩකට නැති උන්අතපය වගේ ඉඳලා අවශ්‍යම මොහොතක මිනිස්සුන්ව තනි කරන වැඩකට නැති උන්උපන්ගෙයි තොඳොල් වීමේ හැකියාවෙන් ගේම ගහන කල්ලකපටි වැඩකට නැති උන්මේ ඉන්න ටිකේ එකිනෙකාට ආදරේ කරගෙන ඉන්නේ නැතුව බොක්කෙ ඩයිනමයිට් හංගගෙන අනෙකන්ට යාළු මිත්‍රකම් එපා ...
සඳගලතැන්න ආයෙ ආයෙමත් තිරිසණීගේ කියවිල්ල ඉස්සර දේවල් තමයි ලස්සනම. ඒක මේ මොහොතේ සහ හෙට දවසේ තියන කාලකණ්ණි කැත ගතියෙන් මිදෙන්න නිදහසට කියාපු දෙයක් නෙවෙයි. ඒක වෙන කිසිම පණ්ඩිත තියරියක් ගාවගන්න ඕනි නැති තරමට සදාකාලික සත්‍යයක්. කාට නැතත් ඒක මට හොඳටම අදාළ දෙයක්. අතීතයේ දවසක හොඳ නරක දෙකෙන්ම හිත රිද්දා ගැනීමේ නැති නම් සතුටු වීමේ ගතියෙන් තොර ලෝකයක් මට නෑ. මේ දේවල් මට හිතුණේ ආයෙත් ටීවී ...
අවසාන දවස තිරිසණීගේ කියවිල්ල ගෙයින් එළියට බැස්සේ මං අදඅවසාන දවස කියලා හිතාගෙනබයිස්කෝප් ලස්සනක ප්‍රේමයක් තියෙද්දිත්නිදිමරාගෙන නුඹ පස්සේ යනඅවසාන දවස කියලා හිතාගෙනඒත් මං අදත් පැරදියිඅලුත් පින්සලකින් ඇන්ද හිනාවයහීතල වෙලාවක දුම් දාන කෝපි කෝප්පෙක කතාවයනියරක රටා ඇඳි ෆලූඩා පාට දෙතොල් යමොන පාටදැයි හරියට මතක නැති මුත්ජනකතාවක ගම් දැරියකගේ දෑස් යකවි පදයක හිර කෙරුමට බැරි වුණත්මා එක්ක ඒවා දිලිසෙනවා මතක යඇත්තටම ඒ මාත් එක්ක විතරම යනුඹට දැන් ...
ඔබ ඇපල් මලක් වාගේ - 1 තිරිසණීගේ කියවිල්ල කැම්පස් එකේ දේශන වාරයක දී ආපු සර් කිව්වේ ඒ සින්දුවේ 'ඇපල් මල' යෙදුම සාර්ථක නෑ කියලා. ඇයි අපි ඇපල් මල් දැකලා නෑනේ. එතකොට ඇපල් මලෙන් කියවෙන 'ඔබ' මොන වගේ ලස්සන ද කියන්න අපිට තේරෙන්නේ නෑ. ඇපල් මල අපිට දුරයි. කළු ද සුදු ද කියන්න දන්නෙත් නෑ. එතකොට 'ඔබ' ගැන ඇතිවන චිත්‍රයත් අපහැදිලියි.ඇත්තටම එහෙමද?ඒත් ඒ සින්දුවෙන් වුණේ හරි පුදුම වැඩක්. 'ඔබ' ...
බැංකු පෝලිමෙන් එළියට තිරිසණීගේ කියවිල්ල මට නම් බැංකුවල එපා ම කරපු දේ තමයි දන්සල්වලට වඩා ඉබි ගමනින් ඉස්සරහට යන පෝලිම්. ඉතින් ඉවසීම ප්‍රගුණ කරන්න ඕනි නම් බැංකු කියන්නේ ඒකට හොඳ ම ස්ථානයක් තමයි. හැබැයි ඔය කිසිම දුක් වේදනාවක් නැති ක්‍රමයක් මට සෙට් වුණා. ඒක තනිකර ම අහම්බයක්. නොහිතපු වෙලාවක දැනගන්න ලැබුණු ඒ අරුම පුදුම ක්‍රමේ හින්දා දැන් පෝලිම් ගාණේ හිටන් ඉන්න මාලා නාටකය ඉවරෙට ...
කොන්දේසි විරහිත ව යුධ ජයග්‍රහණයේ නායකත්වය අගය කිරීම. තිරිසණීගේ කියවිල්ල අනික් රටවලට වඩා ගොඩක් දේවල්වලට නිර්වචන ඉදිරිපත් කරන්න අපේ රටේ මිනිස්සු දක්ෂයි. හැබැයි දේශපාලනය කියන එක අර්ථකථනය කරන්න යද්දී ඡන්දය සහ 225 ගැන කියවන එක ඇරෙන්න වෙනත් දේශපාලන කතිකාවතක් අපේ රටේ නැති එක ලොකු අඩුවක්. දේශපාලනය කතා කරන්න ඕනි ම වෙලාවට 'අදවත් දේශපාලනේ කතා නොකර හිටපන්' කියන තැනට මිනිස්සු වැටෙන්නේ ඒ නිසයි. ඒකට සාධාරණ හේතුවක් තියනවා. මොකද දේශපාලනේ කියන්නේ මෙන්න ...
බීබීසි නිසා ඇයි මම මෙහෙම? තිරිසණීගේ කියවිල්ල බීබීසි මාධ්‍ය භාවිතය පිළිබඳ මගේ සත දෙක නිසා බොහෝ දෙනා මම කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක ඉත්තෙක් විදියට දකින්න පටන් අරගෙන. අනේ ඇත්තමයි ගොඩක් දෙනෙක්ට ලැබෙනවා වගේ මං ලියන දේවලටත් කීයක් හරි ලැබෙනවා නම් කොච්චර දෙයක් ද? ඒත් ඇත්තට ම නෑ. මොකක් හරි කාලකණ්ණිකමකට මට තියෙන්නේ තුවාල වෙච්ච හදවතක්, දරාගන්න බැරි කේන්තියක් සහ දුකක් විතරයි. මට එහෙම වුණේ ඇයි කියලා ලියා ...
අවුරුදු බලෙන් කන්න එපා ප්ලීස් තිරිසණීගේ කියවිල්ල අකනිටා බඹු ලෝකේ බ්‍රහ්මයෝ ළඟවත් නැති තරමේ මොළ කෑල්ලක් මටත් තියේ කියලා පෙන්නන්න පුළුවන් ලේසි ම විදියක් තමයි පවතින සංස්කෘතිකාංගයක් නිර්දය විදියට විවේචනය කරන එක. බහුතරයක් ලාංකිකයන්ට ඔය ලෙඩේ තියෙනවා. ඒක ගොඩක් දුරට ඉස්මතු වෙන තැනක් තමයි අවුරුද්ද කියන්නේ. සමහරවිට ඒකේ සිංහල කියන කෑල්ල ගෑවිලා තියෙන නිසා කහඹිළියා ස්වාභාවය වැඩි වෙනවා ඇති.වෙලාවට වැඩ කරන්න තියා ඔරලෝසුවක් දිහෑවත් බලන්නැති ජාතියක මිනිස්සු ...
තිසරණී වෙනස්, හැබැයි කෙල්ලෙක්! තිරිසණීගේ කියවිල්ල 'ටීචර් මේකයි. මේ සමාජේ අනික් අම්මලා තාත්තලා එයාලගේ දුවලා හැදුවේ මල් වගේ. ඒත් මගේ අම්මයි අප්පච්චියි මාව හැදුවේ ගහක් වගේ. ඒකයි මල් කෙල්ලොන්ගෙයි මගෙයි වෙනස!'මං මීට කලින් කවදාවත් මං වෙනුවෙන් කතා කරලා තිබ්බේ නෑ. ඒත් එහෙම කතා අහලා අහලා ම බැරිම තැන අද මම ඒ දේ කරා. තව අවුරුදු දහපහළොවකින් ඒක මතක් කරගෙන තනි ආතල් එකක් ගන්න ඕනි නිසා මේක ...
ද ලයන් කින්ග් කියන්නේ එහෙමත් එකක් ය තිරිසණීගේ කියවිල්ල මා ගැන වචනයකින් විස්තර කරන්නැයි මොකෙකු හෝ ඇසුවොත් කියන්නට ඇත්තේ මම නොස්ටැල්ජියානුවෙක් බව ය. ඉස්සර කාලේ තිබුණු එක් එක් ජුවල්වලට ආසා කරන බුවාලා මා කොතෙකුත් දැක ඇත. උන් තාමත් ආසා කරන ඇඩ් ඇත්තේ ලන්ඩන්වල ඇල්බට් අන්කල්ගේ පටන් ලංකාවේ බෝඩිංවල නින්ජා මදුරු කොයිල් පත්තු කරන පරාසය දක්වා ය. ඒත් මට ඇති නොස්ටැල්ජියාව සෑහෙන අන්තවාදී ය. විටක එය මා අන්තයට ම වියරු ...
අපේ රැජින නිදි තිරිසණීගේ කියවිල්ල සේකරගේ අම්මා අපි දැකලා නැතිමක්සිම් ගෝර්කිගේ අම්මා කොහේ ඇතිඑ නමුදු ඇසින් දුටු බෝසත් මවක් වුතිගුණ ගැයුමට යයි අප හට දවස් සතිවාරු නැති දෙපා පරදා හද දැඩි කළ හැටීසිතින් නිතර අප පස්සේ ආවේ නොම වැටීබුදුන්ගේ සරණ රත්නත්තරයේ ගුණ කැටීආච්චි අම්මා අප හට දෙව් විමනක වටීමිනී මලක මල් පෙත්තක නෑ සුවඳක් රැඳිසිනා හඬක සේයාවක් නෑ ලොව ඉන් මිදීරෑ කලුවර සෙවණැලි තුළ ඉන්නා ...
පව්ව තිරිසණීගේ කියවිල්ල "කොහෙද පිස්සු ** ගෑණු දෙන්නා ඉන්නේ?" දෙවන ලෝක යුද්ධ කාලයේ රේඩියෝවකින් නැගෙන ශබ්දයකට සමාන ඩැනීගේ කටහඬ ෆෝන් එකේ එහා පැත්තෙන් මතු වුණා."IT ලැබ් එකේ ඉන්නේ බන්. අපි හිතුවේ උඹ එන්න පරක්කු වෙයි කියලා. අපි දෙන්නා කූඹියෝ බලනවා""මෙන්න මෙහේ වරෙන් ***""අනේ බන් පොඩ්ඩක් තේරුම් ගණින්. මේක දැන් ඔන් වුණේ""****"දෙමළ සෙටිපිකැට් කෝස් එකේ විභාගය තිබ්බේ තුනට නවපු කුඩයක් වගේ තුනට කඩලා. උදේ ...
හබකේ උපත තිරිසණීගේ කියවිල්ල කැලණිය විශ්වවිද්‍යාලයීය ඉතිහාසයේ කිසිම දිනක බිහි නොවුණු විදියේ විද්‍යාර්ථියෝ තුන් දෙනෙක්ගේ කතාව මේක. උන් තුන්දෙනා අක්කලා නංගිලා නෙවේ ඇත්තට ම මොකද එක බඩවැල කඩන් එන්න තරම් සංයමයක් නෑ එකෙක් පයින් ගහලා අනික් එකා මැරෙන්න වුණත් පුළුවන්කමක් තියනවා අම්මගේ බඩේ ඉඳන් ම. හැබැයි උන්ගේ හැම මයිටොකොන්ඩ්රියමක් පාසාම තියෙන්නේ එකිනෙකාට තියෙන ආදරේ. ඒක නිසා ඒ තුන් දෙනා පවුලක් වෙන්න හිතාගත්තා. වරිග පරම්පරාවට ...
ඩවුන්ලෝඩ් කරපු සින්දු තිරිසණීගේ කියවිල්ල ශේප් එකේ මේ ඔක්කොම ඇත්ත සිද්ධි නොවන බව සලකන්න."ඩවුන්ලෝඩ් කරන්න හොඳ සින්දු වගයක් කියනවකො" මට ඒ කටහඬ ඇහුණේ ඉස්සර විදියට ම නෙවෙයි. එතන මහා අමුතු විදියේ රස්තියාදුකාර යාළුකමක් තිබ්බේ. එයාගේ ඒ කාලේ කතාවයි දැන් කතාබහයි නිකන් හොම්රන් පැස් ඇන්ඩ් කාලගුණේ වගේ මෙලෝ සම්බන්ධයක් නෑ. මට ඒ ගැන මහා පරිමාණෙන් හිතන්න තරම් ශෝකයක් දැන් නෑ. ඒකට එක රීසන් එකක් තමයි මම ...
මල්ලිගේ නේමාර් කට් එක තිරිසණීගේ කියවිල්ල වාග්විද්‍යාව පේපර් එක ලියා අවසන කුලී මාළිගාවට මා වැදුණේ අම්බානෙක සතුටකිනි. ඒ බව මගේ බෝඩිම් ප්‍රේමයටත් දැනී තිබුණු අතර ඈ කවදාවත් මාව එලෙස දැක නොතිබ්බේ ලු. ඇත්තවශයෙන් ම පේපර් එක හිතුවාට වඩා ලේසි විය.වෙනදාට කිලෝමීටර් දෙසියයකටත් එහා සිට පිය රජාණන් හෝ මෑණියන් අමතන තෙක් සිටි මම අද රජමාළිගාවට මිස්ඩ් කෝල් එකක් ගැසුවෙමි. අපේ මාලිගාවේ ලෑන්ඩ් ෆෝන් රාජයාට මිස් කෝල් ගහන ...
ඉල්ලන පමා ලියාදෙන්න බැරි කවිය නුඹ තිරිසණීගේ කියවිල්ල ප්‍රේමයට පෙර නුඹ ගැන මම ලිව්ව කවිපොතමකුළුදැල් බැඳී ඇත කොහේ හෝ මුල්ලක අවසඟවප්රේමය දිනාගත් දින අගුළු ලා මගේ කවි වැදුම්ගෙයඉල්ලන පමා ලියාදෙන්න බැරි කවිය නුඹකලාව නම් නුඹමැයි කියා ලොව ලුහුඬු කරනආදර දෙබස් මම නුඹට නොකියනසකලවිධ කලා කැටි කර ජීවිතයට එළිසමයක් වුණ කවියක්පමණක් ම වේ නුඹ කලාවට එහා ගියහැම ලාබ අකුරක් පිටුපස ඇත ප්‍රේමයක් හඳුනා නොගත්තවචන මදි වෙන්නේ මට ඒ නිසයි ...