නිමල් මෙන්ඩිස් ගේ මරණය නිසා සිහියට ආ කවියා - Augustus Vinayagaratnam රසිකොලොජි - Rasikology මාස්ටර් සර්, රන් ටිකිරි සිනා වැනි ජනප්‍රිය ගී සඳහා සංගීතය සැපයූ නිමල් මෙන්ඩිස් ගේ මරණය පිළිබඳ පුවත සහිත විවිධ ලිපි කියවන විට මගේ මතකයට නැගුණේ මා ඉතා කැමති ගී පද රචකයෙකු ගේ නමයි.ඒ ඔගස්ටස් විනයාගරත්නම්.මෙවැනි නම් දකින විට ඇඟ සලිතවෙන "මනපහතයින්" ද බ්ලොග් කියවන්නන් අතර සිටින බව මා දන්නවා.ඔගස්ටස් විනයාගරත්නම් කියන්නේ කවියෙකු, කෙටිකතාකරුවෙකු සහ චිත්‍රපට තිරනාට්‍ය රචකයෙකු ද කියා කියවෙනවා. ...
පේරාදෙණිය වළේ හූ කීම ඇරඹුණු හැටි - ලුෂන් බුලත්සිංහල හෙළි කළ වගයි! රසිකොලොජි - Rasikology මේ දිනවල ඕස්ට්‍රේලියාවේ නාට්‍යය සංචාරයක නිරතව සිටින ලුෂන් බුලත්සිංහල නම් කලාකරුවා සමග සුහද සංවාදයක් අපේ ලේඛක සංසදය විසින් පසුගිය දා සිනුවර දී සංවිධානය කරන්නට යෙදුණු බව මම ඊයේ රසිකොලොජියේ ලියා පළ කළ ලිපියේ සඳහන් කළෙමි.එදින, සංවාද සභාවේ සිටි මා මිත්‍ර නිහාල් රූපසිංහ විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය හෙවත් වළේ දී, කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යයට ...
ඕස්ට්‍රේලියාවේ අපි බදු ගෙවන හැටි - How we pay income tax in Australia රසිකොලොජි - Rasikology බදුවලින් සහ මරණයෙන් ගැලවීමක් නැතිය කියා කියමනක් ඇත. බදු යනු මිනිසා ශිෂ්ඨාචර ඇති කරගෙන ජීවත් වෙන්නට පටන් ගත් දින පටන් අර චක්කංව වහතෝ පදං යන ආකාරයට අප පසුපස ම එන හිසරදයකි.මිනිසුන්ට ආණ්ඩු අවශ්‍යය. ආණ්ඩු කරන්නට මුදල් අවශ්‍යය. ආණ්ඩුවලට මුදල් ලැබෙන මූලික ක්‍රමය බදුය. ලංකාවේ ද එලෙසය. ඕස්ට්‍රේලියාවේ ද එලෙස ය.ඕස්ට්‍රේලියාවේ බදු ක්‍රමය ඉතා සංඛීර්ණ එකකි. සමාගම් බදු, භාණ්ඩ සහ සේවා ...
උදේට උම්මා, හවසට උම්මා - බැඳපු අයට උපදෙසක් :: My advice to married couples රසිකොලොජි - Rasikology ජීවිතයේ මුල් වතාවට මා කෙල්ලෙකු සිප ගත් දිනය මට අද මෙන් මතක ය. ඒ මගේ වයස දාසයයි මාසයේ දී නම් නොවේ. මා ඒ වන විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුවෙකි. ඇයත් මාත්, අප දෙදෙනා, ඒ මොහොතේ සිටියේ කාන්තා නේවාසිකාගාරයක ආලින්දයේ කුළුණක් අසල ය.පඩිපෙළ දිගේ කන්ද බැස, ගලහ පාරට එළැඹ, සරසවි උද්‍යානය ඔස්සේ පැමිණ, පටු පාලමෙන් මහවැලිය තරණය කර අක්බාර්-නෙල් ශාලාවට මා ...
වසල කහකඩයින්ට දිය යුතු උත්තර දෙමු! - Shitmonks රසිකොලොජි - Rasikology තමා රහත් බවට පත්වූවෙකු යැයි තමන්ම පවසා ප්‍රසිද්ධිය ලැබූ පිටිදූවේ සිරිධම්ම නම් සිවුරුධාරියා ගැන අපි බොහෝ දෙනා දනිමු. ඔහුගේ විසිතුරු උපන්දින සාද නිසා ද ඔහු එසේම ප්‍රචලිතව ඇත. විටින් විට සමාජ මාධ්‍ය ජාලයන් හි හුවමාරු වෙන වීඩියෝවලින් මා දැක ඇත්තේ මේ චීවරධාරියා සිංහාසනයක් වැනි පුටුවක එක් ගාතයක් ද උඩට නමා ගොං රාජ සෙයියාවකින් අසුන්ගෙන බයිලා ගසමින් සිටිනාකාරයයි. ළඟදී ඔහු පැවසූ ...
මේ කෑම වේලාවයි! - All you can eat රසිකොලොජි - Rasikology ඕස්ට්‍රේලියන් ෆෙඩරල් ඡන්දයේ ප්‍රතිඵල එනතුරු සිටින කාලයේ දී සිහියට ආ පැරණි සිතුවිල්ලක් අනුව මා ලියූ දිගු ලිපියක මුල් කොටස "මගේ දෙයියා සහ උඹේ දෙයියා" ලෙසින් කඩා පළ කළෙමි. එහි දෙබලකින් විහිදෙන එක් අත්තක පුරුක "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" නමින් පසුව පළ විය. ඒ අත්තේ රිකිලි කිහිපය අද පළ කරන්නට සිටිය ද, එය මදක් කල් දැමීමට සිදු වේ.ඒ වෙනුවට මෙන්න පොඩි ...
නාකි වෙන්නේ කවදා ද? - Forever young රසිකොලොජි - Rasikology කරුණු කිහිපයක් නිසා, අද මගේ ජීවිතයේ වැදගත් දවසකි.එයට එක් හේතුවක් නම් මේ රසිකොලොජි නම් වූ බ්ලොගය ලිවීම අරඹා අදට තුන් වසරක් පිරීමයි. මා රසිකොලොජිය ඇරඹුවේ 2014 වසරේ මගේ උපන් දින සැමරුම් දිනය දා ය. ඒ අද දිනය මට වැදගත් වීමට දෙවෙනි හේතුවයි.උපන් දින සැමරුම් යනු සෑම වසරක ම යෙදෙන අවස්ථාවකි. නමුත්, මේ වසරේ උපන් දින සැමරුමේ මට ඇති විශේෂ වැදගත්කම ...
මොරටුව කටුබැද්දේ ලව් කතා අසා තිබේ ද? - History is being made රසිකොලොජි - Rasikology යොවුන් වියේ පාසල් අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලට යෑමට පෙරුම් පුරන සමයේ මගේ එකම සිහිනය වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යෑමටයි.එයට එකම හේතුව වූයේ ඒ වන විට මා කියවා තිබුණු විවිධ නවකතා ආදී සාහිත්‍ය නිර්මාණවලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳව මගේ සිතේ මවා තිබුණු අති සුන්දර හැඟීම බව අමුතුවෙන් කිව යුතු නැත. සෑබෑ ඇසින් දැක නොතිබුණ ද, හන්තාන කඳුවැටිය, මහවැලි ගඟ, ආදරවන්තයින්ගේ පටුමග, නෙක පැහැ මල් ...
යූඇම්පී ජනරජයට පක්ෂපාතී වෙමි - Rasika as a rebel kid රසිකොලොජි - Rasikology ඡන්ද කාලේ නිසා නොයෙකුත් පරණ ඡන්ද කතා සිහිවේ. කීපයක් ලියූවෙමි. මේ තව එකකි. අගෝස්තු දහඅට වෙනිදා දෙකෙන් එකක් තීරණය වෙනතුරු දිනපතා ලියන්නට පරණ ඡන්ද කතා මේ ආකාරයට මගේ මතකයේ පතුලෙන් එක එක උඩට මතු වෙමින් ඒ යැයි සිතමි.අපේ ආච්චී අම්මාවරුන් ගේ දානමානවලදී ගායනා කරන කවි යැයි රැවටී සිරිමා නොහොත් ජාතියේ අම්මා ගැන ලියවුණු කවි පොතක් මිලට ගත් වසරේ පැවැත්වුණු මහ ...
බයියන් යනු කට්ට කයිරාටික කපටියන් ද නැතිනම් ගණිතය බැරි අමනයින් ද? - Having fools as your friends will make you a fool as well? රසිකොලොජි - Rasikology මහින්ද රාජපක්ෂවාදීන් ඇතුළු ඔහු ගේ සහචරයින් හැඳින්වීමට බයියන් යන වචනය භාවිතයට ආවේ මුදල් ඇමති ලෙස ඔහු 2014 අයවැය කතාව කියවා අවසානයේ තෙපලූ කටකැඩිච්ච කතාවක් නිසා බව අපි දනිමු.මේ බයියන් යන සුරතල් වදනින් අදහස් කෙරෙනුයේ අමන මරිමෝඩයින් බව සාමාන්‍ය පිළිගැනීමයි. නමුත්, ඊයේ පෙරේදා පාරලිමේන්තුවේ වැඩ සිටිනා මහජන බයියන් ගේ නියෝජිත බයි මාස්ටර් ලා ගේ හැසිරීමෙන් නම් පෙනුනේ බයියන් යනු කට්ට කයිරාටික ...
දද, දද, දද, දද, දද - Homonyms or synonyms? රසිකොලොජි - Rasikology මේ සටහනේ අන්තර්ගත කාරණය මගේ සිහියට ආවේ, ඊයේ මා ලියා පළ කළ, "මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා" ගේ විහිළු කතාවේ ආ, කලවානේ ආච්චී එකතු කර තිබුණු පැරණි රසවාහිනී නම් සඟරාව ගැන ලියද්දී ය.නවකතා, කෙටිකතා පොත් ඇය සතුව නොතිබුණ ද, ආච්චී ළඟ තිබුණු එක්තරා කුඩා පොතක් මා එකල ආශාවෙන් කියවීමි. එහි නම වූයේ "ප්‍රහේලිකා ජය මග" යන්නයි.ඒ පොතේ ඇතුළත් වූයේ සිංහල ...
ගෝටාබයට ඡන්දය දුන් උං ගැන මගේ අදහස - Mostly innocent fools රසිකොලොජි - Rasikology ලංකාවේ ඡන්ද බලය හිමි ජනතාව තම කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඡන්ද ප්‍රතිඵලය දැන් ඉතා පැහැදිළි ය. මගේ අප්‍රියතම අපේක්ෂකයා වූ ගෝටාබය රාජපක්ෂ 52 වඩා වැඩි බහුතරයකින්, වැඩි ඡන්ද දහතුන් ලක්ෂයකින් පමණ ජයග්‍රහණය කරන බව පෙනේ.වැඩි දෙනාගේ කැමැත්ත ගෝටාබය රාජපක්ෂට නිසා, ජනාධිපති විය යුත්තේ ඔහු ය. මෙය ප්රජාතන්ත්රවාදයයි.ගෝටාබය රාජපක්ෂට ඡන්දය දුන් ඡන්දදායකින් පිරිස ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කිරීමට සුදුසුම පුද්ගලයා ඔහු ම ය. ...
අල කරගත් මංගල දඩ කොළයේ කතාව නොහොත් මගේ රියැදුරු බඹසර බිඳුණු හැටි - My first traffic offence රසිකොලොජි - Rasikology ඇතුල්කෝට්ටේ දෙසින් කොරොල්ලා කාරය පදවාගෙන පැමිණි මට පාර්ලිමේන්තු පාරට අවතීර්ණව බොරැල්ල දෙසට මීටර් පන්සියයක්වත් යන්නට වුයේ නැත. මා එක් වරම දුටුවේ ඈත සිට වාහනය එන මගට පිනූ පොලිස්කාරයෙකු මට නවතින්නට අණ කරන ආකාරයයි. වහාම තිරිංග තද කළ මම, පොලිස්කාරයින් දෙදෙනෙකු මෝටර් සයිකලයක් නවත්වා ගෙන සිටි ස්ථානය මදක් පසු කර වාහනය නවත්වා ගතිමි.පාර පැත්තෙන් මා අසලට පැමිණි පොලිස්කාරයා විවර කළ කවුළුවෙන් ...
රනිල් වික්‍රමසිංහ ගේ අගමැති ලෝක වාර්තාවේ ඇත්ත තත්වය - Ranil and the bottle journalists රසිකොලොජි - Rasikology දේශපාලු කතා හෝ දේශපාලුවන් ගැන කතා හෝ සෑහෙන කාලයකට නො ලියමියි සිතා සිටියේ එය සැබවින් ම කාලපාලු කර්තව්‍යයක් හෙයිනි.නමුත් මේ කතාව නම් නොලියා ම බැරි ය.පසුගිය දා පැවති මහමැතිවරණයෙන් ලද සුලු ජයග්‍රහණය සහ සභාග රජය ගැන තිබුණු පෙර සම්මුතියක් මත පදනම්ව රනිල් වික්‍රමසිංහ ලංකාවේ අගමැති ලෙස දිවුරුම් දීම ලංකාවේ පුවත්පත්වලින් සහ වෙනත් මාධ්‍යවලින් වාර්තා කර තිබුණේ ඔහු සිව්වෙනි වරට මෙලෙස ...
කේන්දර, නැකත් සහ හස්ත රේඛා සාස්තර - Was Nancy Regan a Sri Lankan? රසිකොලොජි - Rasikology පසුගිය සතියේ සිංහල බ්ලොග් අවකාශයේ වඩාත් ම අවධානයට ලක් වූ මාතෘකාව වූයේ හඳහන් බැලීම යැයි සිතමි. ඒ කතාබහ ඇතිවුණේ යාං හෑල්ල බ්ලොගයේ රචක සුරංග ඔහු ගේ පිටරට යෑමේ සිහිනය ගැන ලියූ ලිපියේ අතුරු සාකච්ඡාවක් ලෙසිනි.කේන්දර පලාපල අදහන්නන් ගේ මතය වන්නේ ලංකාවෙන් පිට වී වෙනත් රටකට තාවකාලිකව හෝ යෑමට නම්, අදාළ ග්‍රහ යෝගය කේන්දරයට අනුව උදාවිය යුතු ම බවයි. එසේ සෙනසුරා ...
නිවාඩුවේ අවසානය සහ පොඩි පොඩි ජෝක්ස් දෙක තුනක් - Back in the rat race රසිකොලොජි - Rasikology සති දෙකක නිවාඩුව අදින් අවසන් වී, නැවතත් කූඩුවේ ලූ සුරතල් මීයෙකු ලෙස රැට් රේස් එක දුවන්නට සිදු වී තිබේ.නව වසර ඇරඹුණු විට මා කළේ, සියලු දෙනාටම 2018 වසර සඳහා සුබ පැතීමයි. ඊළඟට, ගෙවී ගිය 2016 සඳහා වසරකට කලින් පළ වී තිබුණු ලග්න පලාපල කියවා විනෝද සමයක් ලැබුවෙමි.නව වසර උදාවේදී මෙවර සිදුවුණු සුවිශේෂී සිදුවීමක් වූයේ, රහමෙර බිඳක්වත් තොලේ නොගැවීමයි. එය සිතා ...
පොඩි පහේ නයෙක් ඇරීමක් - Size depends රසිකොලොජි - Rasikology මා මේ සැරසෙන්නේ පොඩි පහේ නයෙක් ඇරීමටයි.හැබැයි මේ අර අපේ ලොන්ඩරි කාමරයේ ඇති කිලෝ හතේ කම්බයින්ඩ් වොෂර් සහ ඩ්‍රයර් එක ළඟින් විත්, කුස්සියේ ඇති සිරස් දොර දෙකේ ශීතකරණ අල්මාරිය අසලින් පහළට බැස, ඩිෂ් වොෂරයේ ගෑවෙමින්, බිමට අල්ලා ඇති පොලිෂ්ඩ් පෝසිලේන් ටයිල්ස් දිගේ ලෙස්සමින් විත්, නිවසේ විනෝද කාමරයේ තිබෙන අඟල් හැට පහේ අල්ට්රා හයි ඩෙෆිනිෂන් ටෙලිවිෂන් එක සහ සවුන්ඩ් බාර් එක ...
සුභ ලාලකතිස්ස සහ සිරිලංකා කැබිනෙට්ටුවට අඩුක් වූ කුණුකෑලි - Why do you fill a cabinet with rubbish? රසිකොලොජි - Rasikology යස ලාලකතිස්ස ගැන ඔබ අසා තිබුණ ද, සුභ ලාලකතිස්ස කියන නම එතරම් ඔබට හුරු පුරුදු නොවන්නට ඉඩ ඇත. මා මේ කියන්නේ ප්‍රාථමික පාසලේ දී අප ඇසු කිං යස ලාලකතිස්ස කතාවේ ජයග්‍රාගී චරිතය වූ ගේට් මුඩ්ලියර් සුභ ගැනම ය.ඒ කතාවේ සයිමන් නවගත්තේගම සංස්කරණයට අනුව මව්වරුන් දෙනෙනෙකුගේ දරුවන් වුව ද, සුභ සහ යස දෙදෙනා රුවෙන් එක හා සමාන වූයේ එක පියෙකුට දාව ...
ඔබේ පෙම්වතියන් අතරින් හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරිය හැකිද? - What is the best selection criteria? රසිකොලොජි - Rasikology ඔබේ පෙම්වතියන් අතරින් හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරිය හැකිද?බැහැ නේද? මට නම් බැරි ය. මට එසේ මගේ හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරීමට නොහැකි වීමට එක් ප්‍රධාන හේතුවක් ඇත. එය නම්, දාසය වෙනි වියේ සිට දුම්රියේ යනෙන විට නෙත ගැටුණු සම වියේ සිටි දේවි බාලිකාවියක, ආනන්ද බාලිකාවියක, යශෝදරාවියක, විශාකාවියක, ඒ අනු පිළිවෙලින් එකිනෙක ඈඳුණු කාල පරාසයන් හි දී දැක, ප්‍රේමයෙන් කුල්මත් ...
බොනවා නම් චීන විස්කි බොමු! - Sour grapes? රසිකොලොජි - Rasikology වසර කිහිපයකට පෙර මා ලංකාවට ගිය එක් අවස්ථාවක, මා වැනිම නො රට සිට නිවාඩුවට පැමිණ සිටි මිතුරන් කිහිප දෙනෙකු සහ ලංකාවේ වාසය කරන තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් රාත්‍රී ආහාරය ගැනීමේ අවස්ථාවක් උදාවිය. අප එදා ගියේ කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නාව අසල ම වාගේ පිහිටි ආපන ශාලාවකටයි. මේ ආපන ශාලාවේ අප අසුන් ගත් මේසයට ආසන්න මේස කිහිපයක ම සිටියේ ...