වෙසක් එක? - WTH? රසිකොලොජි - Rasikology වෙසක් දින දෙක ම ගෙවී ගියත් තවමත් මගේ සිත ඇත්තේ වෙසක් කවි සහ වෙසක් කූඩු නිසා ඇති වූ වෙසඟේ නිරාමිස ප්‍රීති ප්රමෝදයේ ගිලෙමිනි.සඳට කොහේ කෙදිනක පසළොස්වක පෝය ලැබුවත් ඕස්ට්‍රේලියාවට සැම විට ම පෝය ලබන්නේ ම සති අන්තයේ ය. ඒ අනුව, සිනුවර ලංකාරාමයේ වෙසක් පිංකම් මේ සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වේ. එදින සවසට ස්කෝෆීල්ඩ් ගම පැත්තේ ගියහොත්, වෙසක් කූඩු නැරඹීමට ද, කඩල ...
වයින් බෝතලයක් ගැන පොඩි ප්‍රශ්නයක් - Ice wine question රසිකොලොජි - Rasikology කතාව ඉතා කෙටියෙන් මෙලෙස ය. ඕස්ට්‍රේලියාවේ වෙසෙන අප, නිතරම යන එන හිතවතෙකු ගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා යන විට සාමාන්‍යයෙන් රැගෙන යන්නේ වයින් බෝතලයක් සහ චොකලට් පෙට්ටියකි. සමහරු රාත්‍රී ආහාරයට ගත හැකි ව්‍යංජනයක් ගෙන යති. මෙහිදී නාස්තිය වැළැක්වීම පිණිස සහ කෑම වේල ක්‍රමවත් කිරීම පිණිස තමන් ගෙන එන කෑම වර්ගය පිළිබඳව, නිවසේ අය ගේ පෙර අනුමැතිය ලබා ගැනීම සිදු ...
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ආපහු ආවොත් හොඳය - Come back, baby, come back! රසිකොලොජි - Rasikology හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හෙවත් මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට එන බව අනුමාන කළ හැක. ඔහු ඒ බව කෙලින්ම කියා නැති නමුත්, විමලසේන ඇතුළු හෙන්ච්මන් ලා කරන ගෝෂාව නිසාත්, එනවාදැයි අසන විට නැතියැයි කෙලින් නොකියන නිසාත්, ඔහු යළි නොඑනවා යැයි සිතීමට වඩා, එනවා යැයි සිතීම වඩා ප්‍රායෝගික බව පෙනේ.මගේ අවංක අදහස නම් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නැවත දේශපාලනයට පැමිණියහොත් වඩාත් හොඳ ...
ගුණරත්නම්, වීරවංශ සහ වර්ණකුලසූරිය නොහොත් පරණ, නොවැදගත්, පුද්ගලික කතාවක් - Political agenda of Nelum Yaya organisers රසිකොලොජි - Rasikology මුලින් ම මා මේ සටහනේ මාතෘකාවට යොදා ඇති වියාචන (ඩිස්ක්ලේමර්) වර්ගයේ විශේෂණ පද කිහිපය පිළිබඳ කරුණු තුනක් පවසමි.පරණ කතාවලින් වත්මනට ප්‍රයෝජන තිබේ.යම් අයෙකුට නොවැදගත් කතාවක වෙනත් අයෙකුට ප්‍රයෝජනයක් තිබිය හැකි ය.පුද්ගලික අත්දැකීම්වලද පොදු වින්දනයට ඉඩ ලැබෙන කාරණා අඩංගු විය හැකි ය.දැන් මෙන්න ඒ පරණ, නොවැදගත්, පුද්ගලික කතාව කෙටියෙන්.මීට වසර නමයකට පමණ ඉහත 2008 නොවැම්බරයේ දී නිවාඩුවකට ලංකාවට ගිය මට මා ...
උප්පැන්න සහතිකේ බුද්ධාගම්කාරයෝ? - What a joke? රසිකොලොජි - Rasikology "මුං උප්පැන්න සහතිකේ බෞද්ධයින් විතරයි!" කියා අපේ සමහරු වෙනත් අයට දෝෂාරෝපණය කරනවා ඔබ අසා දැක ඇති බවට සැක නැත.එසේම, "මං ඉතිං උප්පැන්න සහතිකයේ බෞද්ධයෙක් විතරයි, පන්සලකට ගිය කාලයක් මතක නෑ!" යනුවෙන් සමහරු තමන් ගැන ම කියා ගන්නා අවස්ථා ද ඇත.අප කුඩා කාලයේ ගුවන් විදුලියේ ප්‍රචාරය වුණු ළමා ගීතයක ද මෙලෙස කියවුණි.නම ගම ආගමඉපදුණු දාතමවගතුග ලියා ඇතීහතරැස් කොළයක් මටත් තියෙනවා ගෙදරම ...
සුදු කලිසමේ පින්වන්තකම - What's so good about white? රසිකොලොජි - Rasikology ලංකාවේ රජයේ පාසල්වල පිරිමි ළමුන් ගේ නිල ඇඳුම ලෙස සුදු කලිසම නියම කර ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි මට සිතා ගත නොහැක. සුදු කලිසමක් ඇඳීම යනු, මඩ, දුවිලි, කුණු සහ වෙනත් පැල්ලම්වලට "එන්න මෙයාලා!" කියා අත වැනීමකි.ඒ වෙනුවට කළු කලිසමක් නියම කර තිබුණා නම්, අපේ කාලයේ නම් සන්ලයිට් හෝ වොන්ඩර්ලයිට් සබන් බාර් ගණනාවක් ම ඉතුරු කර ගන්න ද, දැන් කාලයේ ...
කෞෂල්‍යා ප්‍රනාන්දු ගැන කෙටි සටහනක් (ඇත්තට ම වෙනදා මෙන් ම අද මේ සටහන ද මා ගැන ම ය!) - Kaushalya Fernando (and me!) රසිකොලොජි - Rasikology මා මුල් වරට කෞෂල්‍යා ප්‍රනාන්දු නම් නිළිය දුටුවේ, මීට වසර තිහකට පමණ පෙර කොළඹ ජෝන් ද සිල්වා රඟහලේ දී සුගතපාල ද සිල්වා අධ්‍යක්ෂණය කළ "ද සාද් ඈපාණන් ගේ අධ්‍යක්ෂණයෙන් චැරින්ටන් සායනයේ නේවාසිකයින් විසින් ආචාර්ය යොන් පෝල් මරා ගේ වද දීම සහ ඝාතනය රඟ දැක්වූ අයුරු හෙවත් මරා-සාද්" නම් වේදිකා නාට්‍යය නරඹන්නට ගිය දිනයේ දී ය. එකල ඉතා තරුණ වියේ සිටි ...
ඔසී රටට පැන්න අපේ අයියලාගේ සහ අක්කලාගේ කතන්දර - A new chapter in Sinhala diasporic literature රසිකොලොජි - Rasikology ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද කෙටිකතා විසිතුනකින් සමන්විත "ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථය සරසවි ප්රකාශනයක් ලෙස පසුගිය දා මුද්‍රණාද්වාරයෙන් නිකුත් විය.මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.මා විසින් රචනා කරන ලද "ඩොලර් දෙකේ සන්තෝෂය" නම් කෙටිකතාව ද මේ කෘතියට ඇතුළත් වේ."ඔසී රටේ ...
ගංගොඩවිල සෝම සහ දෙයියෝ - Once upon a time රසිකොලොජි - Rasikology අදින් වසර ගණනාවකට ඉහත, මගේ මතකයේ හැටියට 1997 වසරේ දී පමණ, එක් දිනක මම එවකට අප පදිංචිව සිටි මෙල්බර්න් තදාසන්නයේ පිහිටි තට්ටු නිවාසයේ සාලයේ කවිච්චියේ හරිබරි ගැසී රූපවාහිනිය නැරඹීමට පටන් ගතිමි. එවෙලේ ඕස්ට්‍රේලියානු විකාශන සංස්ථාව (Australian Broadcasting Corporation) හෙවත් ඒබීසී චැනලයේ ප්‍රචාරය වෙමින් තිබුණේ ලෝක සාමය සංහිඳියාව වැනි බරපතල කාරණයක් සම්බන්ධයෙන් වූ සර්ව ආගමික පූජකයින් සහභාගී වූ සාකච්ඡාමය වැඩසටහනකි.එය සජීවී ...
ඕස්ටේර්ලියාවේ කුණු රෙජීමයෙන් හොඳ ළමයි බිහිවෙන හැටි රසිකොලොජි - Rasikology මා වෙසෙන ගම, නගරය හෝ රට යනු කිසිසේත් ම කුණුවලින් මුළුමනින් ම තොර සුපිරි පරිසරයක් නොවේ. සමහර විටෙක මග දෙපස හිස් බෝතල්, කෑන්, සිගරට් කොට, චොකලට් දවටන යනාදිය දක්නට ලැබේ. මා මේ සටහන ලියන මොහොතේ දුම්රියේ ආසන දෙස බැලූ විට පෙනේන්නේ, සමහරු තමන් කියවමින් සිටි පුවත්පත් (බොහෝ විට මේ නොමිලයේ දෙන සවස පුවත්පතයි) යනාදිය ආසන මත තබා ගොස් ඇති බවයි. ...
ලංකාවේ දේශපාලන පක්ෂවල මදර්ස් ඩේ පණිවිඩ - Mothers day messages sent by Lankan political parties රසිකොලොජි - Rasikology අද නිවැරදි "මදර්ස් ඩේ" හෙවත් මව්වරුන් ගේ දිනය උදා වෙන්නට පෙර මට ගිය සතියේ "නෝ බොඩීස් ඩේ" හෙවත් කාගෙවත් නොවන දිනයක් උදා වුණු හැටි ගැන සිතෙන් සිනාසෙමින් සිටියදී මගේ සිතට ආවේ ලංකාවේ දේශපාලන පක්ෂ ද "මදර්ස් ඩේ" හෙවත් මව්වරුන් ගේ දිනය වෙනුවෙන් පණිවිඩ නිකුත් කළොත් ඒ කොයි ආකාරයට වේ ද යන්න ය.මේ ඓතිහාසික කරුණු පිළිබඳ තරමක අධ්‍යයනයකින් පසුව පිළියෙල කළ ...
බලූ-මිනිසා සහ මිනිස්-බල්ලා - I cannot believe I did this රසිකොලොජි - Rasikology මේ කතාව කියවන ඔබ එය එක්වරම විශ්වාස නොකරන්නට ඉඩ ඇත. මගෙන් ප්‍රශ්න රැසක් අසන්නට ඉඩ ඇත. ඒ අවසානයේ වුව ද, ඔබේ සිතේ ඇති කුකුස මුළුමනින් ම නැති කරන්නට මට හැකි නොවන්නට ද ඉඩ ඇත. එසේ වුවොත් එය සමාව දිය හැකි කරුණකි. ඒ කුමක් නිසා ද යත්, වෙනෙකෙකු තමන් ගැන මට මේ කතාව අද කීවොත්, මා ද එය විශ්වාස කරන්නට පෙර ...
මරණ දඬුවම් වීරයින් ගේ නිරුවත - Capital punishment and babarians රසිකොලොජි - Rasikology තිරිසන් ආකාරයට මරා දමා තිබුණු සේයා දැරිවිය ගේ ඛේදවාචකය නිසා හටගත් මරණ දඩුවම් විවාදය වත්පොතේ දරුණු ලෙස කෙරෙන බව පෙනේ.බ්ලොග් අවකාශයේ ද, ලිපි කිහිපයක් ලියවී තිබුණි.1. මරණ දඬුවම හා ලක්ශාන්ත නම් කවියා 2. තවත් කොටදෙනියාවක් ඇති නො වීමට 3. රසිකලොජිස්ට එරෙහිව මරණ දඬුවම - rasikologist vs hanging4. මරණය + මරණය = මරණ දඬුවම මරණ දඩුවම පිළිබඳව මගේ අදහස මා ලියූවේ, ...
පෙට්‍රල් මිල වැඩි වීමට නියමිතයි - Petrol prices are on the rise! රසිකොලොජි - Rasikology ජනවාරි මාසයේ ලංකාවේ සිදුවුණු දේශපාලන පෙරළියෙන් පසුව රජයෙන් පාලනය වෙන පෙට්‍රල් මිල පහත හෙළීමට අලුත් ආණ්ඩු තීරණය කළේය. එය බොහෝ තැන්වල හඳුන්වා දී තිබුණේ හෝ එසේ නොමැති නම්, අඩු වශයෙන් මහජනතාව එය තේරුම් ගත්තේ, එය ජීවන වියදම අඩු කිරීමට නව රජයෙන් ලබා දුන් සහනයක් ලෙසයි.නමුත් සත්‍යය වූයේ කලකට ඉහත ඉහළ ගොස් තිබුණු බොරතෙල් මිල ඒ වන විට සීඝ්රයෙන් පහළ බැස ...
ඡන්දෙ කාලේ ඇසෙන නව ප්‍රබන්ධ සින්දු - New wine in old bottles රසිකොලොජි - Rasikology දේශපාලන ඡන්ද රැස්වීමවල කතා අතරට සින්දු යොදන්නට පටන් ගත්තේ අසූවේ දශකයේ පමණ යූඇම්පී මැයි දින වේදිකාවලට ඉන්දියානු ගායකයින් ඉම්පෝටර්ට් කරන්නට පටන් ගත් කාලයේ බව මගේ මතකයයයි. මුලින් එක වේදිකාවේ ම සංගීත භාණ්ඩ කට්ටලය සෙට් කර අපට මාරුවෙන් මාරුවට ගායක, ගායිකාවන් ගේ ගීත ද, දේශපාලුවන් ගේ බයිලා ද අහන්නට සැලැස්වූ නමුත්, පසුව මේ සඳහා ද්විත්ව වේදිකා ද බිහිවිය. මෑත කාලයේ දී ...
වැඩබලන අගමැති මෛත්‍රීපාල සිටි වේදිකාවේ සිට පොඩි ළමයි ඉදිරිපිට කුණුහරුප කතා කියූ උප ඇමති කවුද? - Deputy minister's vulgar talk රසිකොලොජි - Rasikology මෙය ඇඩල්ට්ස් ඔන්ලි කතාවකි. ඔබ බොහෝ දෙනා මේ කතාව හෝ එහි විවිධ සංස්කරණ මීට පෙර අසා ඇති බවට මට සැකයක් නැත. ඒ බොහෝ විට මිතුරන් සමග විනෝදයෙන් වල්පල් දොඩමින් සිටිනා අවස්ථාවක විය යුතුයි. ඒත් මා මේ කතාව ඇසුවේ නම් වසර දහයක පමණ කුඩා දරුවෙකුව සිටි කාලයේ දේශපාලන වේදිකාවකිනි.ඒ සිරිමා බණ්ඩාරණායක අගමැතිකම කළ සමගි පෙරමුණු රාජ්‍ය සමයයි. අපේ ගමේ පාරේ ලයිට් ...
හිරිමල් වයස හෙවත් දාසයයි මාසයයි - Fatherly thoughts රසිකොලොජි - Rasikology මගේ ජීවිතයේ දාසයවෙනි උපන්දින සැමරුම උදාවෙන විට මා ඉගෙනුම ලබමින් සිටියේ මා "සිව් වසරක් ගත කළ මරදානේ" ආනන්ද විද්‍යාලයේ එකොළොස්වෙනි ශ්‍රේණියේ ය.කාලයත් සමග සියල්ල වෙනස් වුව ද, ඒ දිනවල අපේ පවුල්වල උපන්දින සැමරීමට උත්සව පැවැත්වීමක් නොවුණි. මට මතක ඇති කාලයේ සිට වසරකට වරක් එළැඹෙන ඒ උපන් දිනය ද, ජීවිතයේ තවත් එක් දවසක් පමණක් විය.නමුත්, මා අටවෙනි ශ්‍රේණියේ සිටි කාලයේ දී ...
ඕස්ට්‍රේලියාවේ අනාගතය ලංකාවේ ජ්‍යොතිශ්‍යයෙන් කීම හෙවත් විනෝද සමය - Comedy time in Australia රසිකොලොජි - Rasikology ඕස්ට්‍රේලියාවේ, විශේෂයෙන් ම මෙල්බරන් නගරයේ, මාසිකව පළ කෙරෙන සිංහල සඟරා කිහිපයක් පිළිබඳව විස්තරයක් මම පෙර ලිපියේ සඳහන් කළෙමි.එයින් එක් සඟරාවක් වන සිහනද මාසිකයේ මෙවර පළ වී තිබුණු අපූරු ලිපියක් කියවා රස විඳි මට, ඒ ලිපිය අන්තර්ජාලයේ නොමැති නිසා, ඒ රසය විඳ ගැනීමට ඔබට ද අවස්ථාවක් ලබා දීමට සිත් විය.මද කලකට පෙර ලංකාවේ පුවත් පත් කතුවරයෙක් මට පණිවිඩයක් එවමින්, විදෙස්ගත ලාංකිකයින්ට ...
කව්ද ඇත්ත කියන්නේ - නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල පාදක කොට පැවැත්වුණු ස්වාධීන රූපවාහිනී වැඩ සටහන නරඹමු - ITN Television Program on Sinhala bogging රසිකොලොජි - Rasikology ඊයේ, 2017 මාර්තු 21 බදාදා ස්වාධීන රූපවාහිනී සේවාවේ සජීවිව පැවැත්වුණු සිංහල බ්ලොග්කරනය පිළිබඳ වැඩසටහනේ පිටපතක් තවමත් ඒ නාලිකාවේ වෙබ් අඩවියේ දකින්නට නැති වුණ ද, දැන් අපට යූටියුබ් හරහා ඒ වැඩ සටහන කොටස් වශයෙන් නැරඹිය හැකිය.මුල් කොටස:දෙවෙනි කොටස:තුන්වෙනි කොටස:මගේ මූලික නිරීක්ෂණය නම් සාකච්ඡාවට සහභාගී වූ සියලු දෙනාම ද, විශේෂයෙන් ම වැඩසටහන මෙහෙය වූ රූපවාහිනී මාධ්‍යකරුවා ද හොඳින් තම කාර්යය ඉටු කළ ...
"නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල සහ බයි වෛරය - Nelum Yaya Blog awards ceremony 2017 රසිකොලොජි - Rasikology "නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල මේ වසරේ මාර්තු මස පැවැත්වෙන බව එහි එක් සංවිධාකයෙකුවන අජිත් ධර්මකීර්ති විසින් නොබෝදා ප්‍රකාශයට පත් කළ පසු ගිය වසරේ පැවැත්වුණු උත්සවයේ අඩුපාඩු තම නැණ පමණින් පෙන්වා දෙමින් හෙන්රි වර්ණකුලසූරිය විසින් ලිපියක් පළ කොට තිබුණි.ඒ සමගම "නෙළුම් යායේ" කෙටි ඉතිහාසය පුරා ම මේ කර්තව්‍යයට හූල්ලමින්, ශාප කරමින්, ඇනුම් පද කියමින්, අපහාස කරමින්, ගේම ඉල්ලමින් කල්ගත කළ ...