ඕස්ට්‍රේලියාවේ ඡන්ද ගැන කෙටි සටහනක් - A brief note on Australian Elections රසිකොලොජි - Rasikology අද ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවේ, එනම් මෙල්බර්න් නගරය ප්‍රධාන නගරය වන ප්‍රාන්තයේ, මහ ඡන්දය පැවැත්වේ. නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සිඩ්නි නගර තදාසන්නයේ ජීවත්වන මට ඒ ඡන්දය අදාල නැතිමුත්, මේ අවස්ථව උපයෝගී කරගෙන ඕස්ටේර්ලියාවේ මැතිවරණ ගැන සටහනක් ඉතා කෙටියෙන් කිරීමට සිතුවෙමි.ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය පාලනය තට්ටු තුනකින් සිදුවේ.එහි පහල පෙලේ තට්ටුව වන්නේ ප්‍රාදේශීය සභා සහ නගර සභා ය. මෙහි ප්‍රාදේශීය සභා යන්න ෂයර් (කෝරලය) කවුන්සිල් ...
මැයි දින පෙළපාලි සහ රැස්වීම් පිළිබඳ මතකයක් - m’aidez, m’aidez, m’aidez...!!! රසිකොලොජි - Rasikology මා ජීවිතයේ මුල් වරට මැයි දින පෙළපාලියක් නැරඹීමට ගිය ආකාරය ගැන විස්තරයක් පසුගිය ලිපියක සඳහන් කළෙමි.එලෙස ඇරඹුණු මැයි දිනයේ පෙළපාලි සහ රැස්වීම් නැරඹීමට ඇති මගේ ආශාව, රටෙන් පිටව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන තුරු ම එක සේ පැවතුණි.මැයි දිනයන් හි දී දිවා ආහාරයෙන් පසුව කොළඹ බලා යන මගේ අභිප්‍රාය වූයේ හැකි තරම් පෙළපාලි සංඛ්‍යාවකුත්, අඩු වශයෙන් එක රැස්වීමක් හෝ නැරඹීමටයි. කලින් දින ...
මොරටුව කැම්පස් එකේ කොල්ලෙකු ගේ කතාවක් - Can I borrow $990 please? රසිකොලොජි - Rasikology රසිකොලොජිය සඳහා ලියා පළ කළ අපේ කාලේ කැම්පස් කොල්ලෙකු ගේ කතාව නිසා තවත් එවැනි ම කතාවක් සිහියට නැගුණි.නමුත් මෙය ලූ කතාවකි. එනම්, මෙය වෙනකෙකු රස කරමින් කියනු මා විසින් අසනු ලැබූ කතාවක් මිස, කෙළින් ම මට සනාථ කළ හැකි කතාවක් නොවේ.එනිසා තාර බර හැර කියවන්න!මේ කතාවේ ප්‍රොටගැනිස්ට් තරුණයා ඉගෙනුම ලැබුවේ මොරටුව විශ්ව විද්‍යාලයේ යි. අප කවුරුත් දන්නා පරිදි එය කටුබැද්ද ...
විමල් කුමාර් ද කොස්තා, මාලනී ෆොන්සේකා සහ එයා දැන් ලොකු ළමයෙක් - රසිකොලොජි - Rasikology ලොකු ළමයෙක් යන යෙදුම ඇසෙන විට ම අපේ සිහියට එන්නේ ගෑල්ළමයින් ගේ මල්වර වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ."එයා දැන් ලොකු ළමයෙක්" යන නමින් කරුණාරත්න සපුතන්ත්‍රි නම් ලේඛකයා නවකතාවක් රචනා කළේ ය. එය ඉතා ජනප්‍රිය වෙන්නට ඇතැයි සිතමි. ඒ එහි දෙවෙනි කොටසක් ද, "මනමාලි" නමින් ලියවී ඇති නිසා ය. මා බොහෝ විට කියවා ඇති නමුත් නිශ්චිත මතකයක් නැති මේ "දෙවන ...
ඔබේ බුද්ධාගම්කාරත්වය මැනිය හැකිද? - Measuring Buddhistness රසිකොලොජි - Rasikology මුලින්ම, කෝකටත් කියා, ඩිස්ක්ලේමර් සටහනක් යොදා මේ ලිපිය අරඹමි.මේ ලිපියේ අන්තර්ගතය සිංහලබුද්ධාගම්කාරයින්ට අදාළ නැති අතර ඔවුන්ට සිදුවිය හැකි අසාත්මිකතාවයන්ට සහ අජීර්ණයන්ට වග කියනු නොලැබේ.බුද්ධාගම්කාරත්වය යනු සිංහල භාෂාවට අලුත් වචනයකි. ඔබ එය මුලින්ම දකින්නේ මේ බ්ලොගයේ දී ය. එය යමෙකු කොයි තරම් බෞද්ධයෙකු දැයි පවසන මිනුමක් ලෙස සැලකිය හැකිය.තව දින කිහිපයකින් මේ බ්ලොගයේ පළ වීමට නියමිත ලිපියකට නිමිත්ත සැපයූ සිදුවීම ගැන ...
ඔළු බක්කන් නැටවීම – අද නොවෙයි හෙට! :: Preethi Vesak රසිකොලොජි - Rasikology අලුත් අවුරුද්ද සඳහා මෙන් ම වෙසක් පෝය සඳහා ද ලංකාවේ දින දෙකක් ම නිවාඩු ඇති බව මගේ මතකයයි. නිවාඩු වැඩිවීමක් මිස අඩුවීමක් නැති නිසා, එය තවමත් එලෙස විය යුතු ය.අලුත් අවුරුද්ද සඳහා ඇති නිවාඩු දින දෙකෙන් අමතර නිවාඩු දිනය ලෙස ඇත්තේ අලුත් අවුරුද්ද උදාවෙන දිනයට පෙර දිනයයි.ඒ අලුත් අවුරුද්ද සැමරීම සඳහා සූදානම් වීමේ කටයුතු කිරීම පිණිස විය යුතුය. නමුත්, වෙසක් ...
පුජ්‍ය මාදුළුවාවේ සෝභිත සහ කිවියර යසනාත් ධම්මික බණ්ඩාර - In defence of Yasanatha Dhammika Bandara රසිකොලොජි - Rasikology මා හතේ පන්තියේ ඉගෙනුම ලබද්දී වෙසක් සුබ පැතුමක මුද්‍රණය වී තිබී කියවා පරම්පරා දෙකකට පමණ පසු තවමත් මතකයේ රැඳී තිබෙන කවියක් මෙසේ ය.ඒම දුකකියාම දුකකිඒම, යාම අතර දුකකිඒ දුක නැති කරන එකමපිළියම පෑ සම්බුදු හිමිපිහිට පතමි ඔබ හට මමසාධු, සාධු!ඒ කවිය මගේ මතකයේ රැඳී තියෙන්නේ එය කවියක් නිසා මිස, සම්බුදු හිමි ගැන හෝ දුක නැති කිරීම ගැන හෝ ඇති විශේෂ ...
නව ජනාධිපති දිවුරුම් දෙන දා ලියවුණු පැල් කවි - History may repeat රසිකොලොජි - Rasikology මගේ පරණ පිනක් පලදීම නිසා මට ජනවාරි පස්වෙනිදා සිට දාසය වෙනිදා දක්වා නිවාඩුවක් ගත කරන්නට අවස්ථාවක් උදාවිය. නිවාඩුව ගතවෙන්නේ ලෝකයේ ඉතාමත්ම පියකරු රටකය. ඒ කාලය අතරතුර වෙන වෙන අයගේත් පින පව් පල දී ඇති බව පෙනේ.ලංකාවේ ජනාධිපති ලා ගෙදර යන, අලුත් පොරවල් පෙරට එන විස්තර කියවමින් සිටින අතරතුර මට මා මීට වසර හයකට පෙර ජනවාරියක හදමිදිරි උදෑසන ජනාධිපතිවරයෙකු දිවුරුම් දෙන ...
ඔළු බක්කන් නැටවීම - Ban on "big headed" people රසිකොලොජි - Rasikology අප්‍රියෙල් අලුත් අවුරුද්දට ලැබෙන අමතර නිවාඩු දවස, අවුරුදු උදාවට පෙර ලැබෙතත්, වෙසක් එකට අමතර නිවාඩුව දෙන්නේ පෝයට පසු දිනය වීමට හේතුව ලෙස මා කීවේ එසේ කරන්නේ වෙසක් පෝයට පසුව දා ඔළු බක්කන් නටවන්නට ඉඩ දෙන්නට බවයි.නමුත්, අප කුඩා කාලයේ දී රස විඳි ඒ ඔළු බක්කන් නැටවීම අද ලංකාවේ නිල වශයෙන් ම හෝ එසේ පනතකින් සම්මත වී නොමැතිව හෝ තහනම් වී ...
මරණ දඬුවම ද මිනීමැරුමකි - Stop killing humans in the name of law රසිකොලොජි - Rasikology ඉන්දුනීසියාව තුලදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ වරදට අත් අඩංගුවට ගත් ඕස්ටේර්ලියානු ජාතිකයින් නම දෙනා ගේ නායකින් යැයි සැලකෙන මයුරන් සුකුමාරන් සහ ඇන්ඩෲ චැන්ග් යන දෙදෙනා, ඒ සිදුවීමෙන් වසර දහයකට පසුව, නඩු තීන්දුවේ ප්‍රකාර අද උදෑසන වෙඩි තබා මරා දමන ලදී.ඒ සමගම මේ වරදටම අසුවී නඩු අසා මරණ දණ්ඩනයට නියම කරන ලද තවත් විජාතිකයින් හය දෙනෙකුටද ඒ ඉරණම අත්විය.මත්ද්‍රව්‍ය යනු මිනිස් ජීවිත ...
ජාතික හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තුවට ගියේ සාරි ඇඳගෙන ද? - Rasikology celebrates its second birthday! රසිකොලොජි - Rasikology (image: http://www.cafleurebon.com/cafleurebon-saffron-in-perfumery-golden-threads-of-spice-best-saffron-perfumes/)මේ ලිපිය මා ලියන්නට සිටියේ මීට වසර කිහිපයකට කලිනි. නමුත්, ලිපියට අදාළ මූලාශ්‍ර නිවැරදිව එකල අන්තර්ජාලයෙන් සොයා ගන්නට නොහැකි වූ නිසා, එය ලිවීම දිනෙන් දින කල් ගොස්, පසුව මුළුමනින් ම අතපසු වී ගියේ ය. පසුව ලියන්නට පටන් ගත් මොහොතේ සිට සිතට ආ විවිධ අදහස් සමග මේ ලිපිය ඇදි ඇදී ගිය හෙයින්, "සුදු කලිසමේ පින්වන්තකම", "ජැන්ඩියට ඇඳීම සහ ආත්මාභිමානය" සහ ...
ඩුවල් සිටිෂන්ෂිප් එක හෙවත් ද්විත්ව පුරවැසිභාවය - Killing the goose laying golden eggs රසිකොලොජි - Rasikology මුලින් ම මෙන්න වැදගත් ම කාරණය. මම ද්විත්ව පුරවැසියෙක් මි. ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු පුරවැසිකම් ද්වයය ම මට හිමි ය. මා මෙන් ම, මගේ බිරිඳ ද, දියණිය ද ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෝ වෙති. ඕස්ට්‍රේලියාවේ ඉපදුණු මගේ පුතා ද, ඔහු ගේ උපත ලංකාවේ ද ලියා පදිංචි කර ඇති නිසා, ඔහුට වසර දහ අට පිරෙන තෙක් ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු ...
රාජ්‍යය සහ සංස්ථාපිත ආගම් අතර අශුද්ධ සන්ධානය පිළිබඳ සටහනක් - Axis of evil රසිකොලොජි - Rasikology සංවිධානය වූ ආගම් යනු මූලිකව ම මිනිසුන්ගේ රැවටීම මත ගොඩ නැගී, සවිමත් වී, පැවතෙන කූට ව්‍යාපාර විශේෂයක් ය යන්න ආගමික අන්ධයින්ට හැර අන් සියලු දෙනාට ම සක්සුදක් සේ පැහැදිලි විය යුතු සත්‍යයකි.එසේ ම, අල්ලාගෙන සිටින රාජ්‍ය බලය රැකගෙන දිගින් දිගට ම පවත්වාගෙන යාම තම ප්‍රධාන පරමාර්ථය ලෙස සලකන දේශපාලුවන්ට ද ඒ සඳහා අවශ්‍යවන්නේ ජනතාව දිගින් දිගම රැවටීමට බව ද අපි ...
ක්‍රිකට් සමග සිඩ්නි නගරයේ දී මගේ ඊයේ දවස ගෙවුණු හැටි - It was cricket! රසිකොලොජි - Rasikology මුල් දවසේ දී ම කියූ පරිදි, මා මේ රසිකොලොජි බ්ලොගය පවත්වාගෙන යන්නේ මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන ඕනෑම දෙයක් ලියා පළ කිරීමටයි. ඊයේ දවස මගේ ජිවිතයේ මා අපූරු වින්දනයක් ලැබූ දවසක් විය. මේ කෙටි සටහන ඒ ගැනය.කුඩා කළ සිටම රේඩියෝවෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාර අසා තිබුනද, මා ක්‍රිකට් තරගයක් සජීවිව ඇස් ඉදිරිපිට පැවැත්වෙනවා දුටුවේ මා දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ...
රණවිරු බයි ආතල් නැවත වරක් කුඩු වෙයි! - People's Patrotic Army රසිකොලොජි - Rasikology රණවිරු යන සක්ක පදය ඒ දිනවල වාත්තු කර ගෙන නොතිබුණ ද, අසූවේ දශකයේ අග භාගය වෙන විට දේශයේ මුර දේවතා එළි ගැන ලොකු ප්‍රසාදයක් රටේ දකුණේ ඇති වී තිබුණි. විශේෂයෙන් ම, පොලීසියේ විශේෂ කාර්ය හමුදාවේ නොහොත් එස්ටීඑෆ්ෆෙකේ නැගනෙහිර වික්‍රමයන් ගැන විවිධ යාං හෑලි අපට අසන්නට ලැබුණි.ඒ ආතල් කුඩු වෙන්නට පටන් ගත්තේ දේශප්‍රේමී බැටළු හමෙන් සැරසුණු ජාතිවාදී ජවිපෙ, සිංහල හරක් ගාලට ...
පළමුවෙනි ලෝකයේ පිස්සු ප්‍රශ්න - Have you got a first world problem? රසිකොලොජි - Rasikology අපේ සාදුලා විසින් ගමේ ආච්චිලාට මෙන්ම නගරයේ සීයලාට ද අභිධර්මය කියා උගන්වන කතන්දරවල කියවෙන පරිදි ලෝක හැටහුටහමාරක් ඇත. "සිත මිස කය නැති බඹ ලොව සතරෙකි, කය මිස සිත නැති බඹ ලොව සතරෙකි" යනා දී වශයෙන් කියවෙන ලෝවැඩ සඟරාවේ කවි තුළින් අපි ද කුඩා කාලයේ සිටම මේ ලෝක ගැන අසා ඇත්තෙමු.නමුත් ඇත්තටම මා නම් අත් විඳ ඇත්තේ නම් මේ පෙරේත ලෝකය ...
මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk! රසිකොලොජි - Rasikology දැන් මෙය තරමක් පරණ කතාවකි. නමුත් කාලීනබව ගැන නොතකා ලියන්නට සිත් විය.ලංකාවේ හිටපු ලොක්කා සහ අළුත් ලොක්කා දේවාලයක තප්ලම් ලා ගෙන මිත්‍යා බලවේගයක පිහිට පතන අයුරු දැක්වෙන ඉහත ඡායාරූප ද්වය සංසන්දනය කෙරුණු සටහන් අන්තර්ජාලයේ සහ විශේෂයෙන් වත්පොතේ සංසරණය වී දැන් සතියක් පමණ වේ. ඒ ඡායාරූප දුටු විට මට ඉබේම කියවෙන්නේ, ප්‍රතිචාරය ලෙස ලියවෙන්නේ, "නොදකින්" කියා ය. "නොදකින්" යනු, නරක වචනයක් ...
විචාරක බ්ලොග්කරුවා ගේ මරණය - Some day we will all die! රසිකොලොජි - Rasikology මරණය කාටත් පොදු දෙයකි.දිනකට ලෝකයේ එක් ලක්ෂ පනස් දහසක් තරම් විශාල සංඛ්‍යාවක් මිනිසුන් මිය යති.නමුත් අපට දුකක් දැනෙන්නේ තරමක් හෝ දන්නා හඳුනන අයෙකු මිය ගිය විට පමණි.ඊට අමතරව, හදිසි මරණ ද, වැළැක්විය හැකි හේතු නිසා සිදුවෙන අකාල මරණ ද සිතට දුක ගෙනෙයි.අසමි, දකිමි, සොයමි නමින් යුතු සිංහල බ්ලොගය රචනා කළ විචාරක නම් බ්ලොග්කරුවා ගේ මරණය ඔහු ගැන දන්නා සැම දෙනෙකු ...
W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ ශාස්තෘ නවකතාව ගැන පසුවදනක් - HBD2U APJ රසිකොලොජි - Rasikology ඩබ්ලිව් ත්‍රී ලංකා දේශපාලන බ්ලොග් අඩවියේ හිමිකරු, කතෘ සහ සංස්කාරක අජිත් පැරකුම් ජයසිංහ හෙවත් අපේ පැරාව නොදන්නා අයෙකු සිංහල බ්ලොග් පාඨකයින් අතරින් සොයා ගත හැකි වේ යැයි මම නොසිතමි. එසේ වුවද, තම බ්ලොගය සඳහා වෙහෙස නොබලා නිතිපතා දේශපාලන ලිපි ලියන පැරා, නවකතාවක් ද රචනා කර මුද්‍රණද්වාරයෙන් එළිදක්වා ඇති සාහිත්‍යකරුවෙකු බව නොදන්නා අය නම් බ්ලොග් පාඨකයින් අතර එමට සිටිනවා විය යුතුය.අජිත් ...
දේශප්‍රිය ලංකාපුත්‍ර යුවළ ගේ ඉන්දියානු ගමන - Mr and Mrs Lankaputhra visits India රසිකොලොජි - Rasikology දේශප්‍රිය ලංකාපුත්‍ර මැතිතුමා හෙළයෙකි. හොඳ හෙළ කකුලකි. ඇත්තට ම කියනවා නම්, එක කකුලක් පමණක් නොව දේශප්‍රිය ලංකාපුත්‍ර මැතිතුමා ගේ කකුල් දෙක, අත් දෙක සහ මුළු ශරීරයම හෙළ සහ හෙළම පමණක් වේ.ලංකාපුත්‍ර මැතිනිය ගැන කිව යුත්තේ ද එය ම ය.ලංකාපුත්රලා ගේ සිව් පාර්ශවයෙන් ම සියවස් ගණනක් ඈතට විහිදී යන හෙළකමක් ඇත. එය බලි, තරු, රාවණ කාලයටම විහිදී යන්නක් යැයි සිතේ. එයට ...