ඇඳුම් ගැන කතා - Fill gap measure රසිකොලොජි - Rasikology මේ පහත දැක්වෙන මුල් කතාව ඔබ වැඩි දෙනෙකු මීට පෙර අසා ඇතුවාට සැක නැත.මරණ මංචකයේ සිටින සැමියා තම යහන ළඟ දුකෙන් තැවෙමින් සිටින බිරිඳ අමතා ඉතා කරුණාවෙන් මෙසේ කීවේය."ඩාලින් මං මළාට පස්සේ ඔයා තනිකඩව ඉන්න එපා. ආපහු කසාද බඳින්න."ඉන් පසු ඔවුන් දෙදෙනා අතර ඇතිවූ දෙබස මෙ පරිදි විය."පිස්සු කතා කරන්න එපා ඩාලින්, තව ටික දවසකින් ඔයාට සනීප වෙනවා. මට ඔයා ...
අබුද්දස්ස කාලේ, වෙසක් කූඩු හදමු රාලේ :: Post modern Vesak රසිකොලොජි - Rasikology කෙටි නිවාඩුවකට ලංකාවට ගිය බිරිඳ ආපසු පැමිණියේ අවුරුදු පමණක් නොව වෙසක් ද රැගෙන ය.අවුරුදු කියන්නේ කැවුම්, අලුවා, රුලං, තල කැරළි, අල ටොෆි වැනි දේ ය. වෙසක් කියන්නේ වෙසක් කූඩු ය. අටපට්ටම් කූඩු ය. එකක් නොව වෙසක් කූඩු හතරක් ම ඇය ගෙනැවිත් තිබුණි.එකම වෙනස වූයේ මේවා ෆ්ලැට් පැක් හෙවත් පැතළියට අසුරා තිබුණු කුඩා පැකට්ටුවක බහා තිබීමයි.අද වෙසක් දවසේ දැහැමෙන් සෙමෙන් මම ...
මා කැමතිම ඕස්ටේර්ලියානු ගීතය - It is Australia Day today...! රසිකොලොජි - Rasikology අද ජනවාරි විසි හය වෙනිදා, ඕස්ට්‍රේලියානු දිනයයි. එනම් ඕස්ට්‍රේලියානු ජාතික දිනයයි. අපට නිවාඩු දිනයකි.මීට සියවස් දෙකකටත් වඩා පෙරාතුව වසර 1788 දී එංගලන්තයෙන් පිටුවහල් කරන ලද වැසියන් සහ කාර්ය මණ්ඩලය රැගත් නැව් එකොළහක් සමග අද ඕස්ට්‍රේලියාව නමින් හැඳින්වෙන භූමියේ ජනපදයක් ඇරඹීමට පැමිණි ආතර් පිලිප් කප්පිත්තා විසින් අද සිඩ්නි නමින් හැඳින්වෙන ප්‍රදේශයට ගොඩ බැස එහි එක්සත් රාජධානියේ කොඩිය හිටවූ දිනය මේ ඕස්ට්‍රේලියානු ...
කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books රසිකොලොජි - Rasikology මත්පැන් බීමට ඇබ්බැහි වීම ගැන ඉංගිරිසියෙන් ඇති කියුමක් මෙසේ ය.මෑන් ටේක්ස් එ ඩ්රින්ක්ඩ්රින්ක් ටේක්ස් එ ඩ්රින්ක්ඩ්රින්ක් ටේක්ස් ද මෑන්මත්පැන් බීම මෙන්ම, පොත් කියවීම ද දරුණු ලෙස ඇබ්බැහි විය හැකි විනෝදාංශයකි. නමුත් මෙහි ඇති වෙනස නම්, පොත් කියවීම යනු සොඳුරු ඇබ්බැහියක් වීමයි.පොත් කියවීමේ මූලික අඩිතාලම වැටෙන්නේ බොහෝ විට කුඩා කාලයේ තෑගි ලෙස ලැබෙන පොත් කියවීම ඇරඹීමත් සමග ය. මා එලෙස කියවූ ...
කියවන විට ලිවීම හෙවත් google key board app එකෙන් ලියන පළමු ලිපිය - Long live GBoard App රසිකොලොජි - Rasikology මේ මා උත්සාහ කරන්නේ නොබෝදා ගූගල් සමාගමෙන් නිකුත් කෙරුණු wood apple (GBoard App) එකෙන් මගේ පළමු බ්ලොග් ලිපිය ලියන්නයි.මට මතකයි 1992දී කොළඹ යිටි (IT) ප්‍රදර්ශනයක් පැවැත්වුන මේ කාලයේ අයිතිය (IT) යන වචනය සමහරුන් උච්චාරණය කළේ (ඉට්) කියයි. ඒ තරම් අතීත කාලය cry (කාලයකයි) මේ ප්‍රදර්ශනය පැවැත්වුණේ.එහිදී ප්‍රදර්ශනයට තබා තිබුණා මට මතකයි voice typing මෘදුකාංගයක්. එය ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විට ...
මහා ටොයි-බයි වියවුලට විසඳුම මෙන්න - Toyiya Vs Bayiya රසිකොලොජි - Rasikology මහා ටොයි-බයි වියවුල කෙසේද යත්-මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිව සිටි කාලයේ ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස 2014 අයවැය කතාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර අවසානයේ කොහොමද බයියන් ගේ වැඩ යැයි විමසා සිටීම නිසා කාලයක් තිස්සේ භාවිතයෙන් ඈත් වී යමින් තිබුණු බයියා යන වචනය තත්කාලීන සිංහල වාග් මාලාවට ක්ෂණයකින් නැවත ඇතුළත් විය.ඒ අනුව යමින්, පසුගිය ජනවාරියේ පැවති ජනාධිපති ඡන්දයේ දී මහින්ද රාජපක්ෂට පක්ෂපාතීත්වය දක්වමින් ක්‍රියා ...
ලූෂනයියාගෙන් මා ඇසූ ප්රශ්නය සහ ඔහු ගේ පිළිතුර - Lucien Bulathsinhala trapped in a vicious circle රසිකොලොජි - Rasikology සිය ඕස්ට්‍රේලියානු නාට්‍ය සංචාරයේ කොටසක් ලෙස ලූෂන් බුලත්සිංහල කලාකරුවා පසුගිය දා සිනුවරට පැමිණි අවස්ථාව උපයෝගී කොට ගෙන ඔහු සමග පැවැත්වුණු සුහද සංවාදයේ දී, නිහාල් රූපසිංහ නැගූ ප්රශ්නය ගැන ද, පාලිත මංචනායක පැවසූ අතීත කතාව ගැන ද, මම පසුගිය දා රසිකොලොජියේ ලියූවෙමි.ලූෂන් බුලත්සිංහල යනු කලාකරුවකු මෙන් ම, දේශපාලන සත්වයෙකු ද නිසා, ඔහුගෙන් අසන්නට වැදගත් ප්‍රශ්නයක් මට ද තිබුණි.මේ මා ඇසූ ඒ ...
ආපසු ආ දෙයියා - Return of the god myth රසිකොලොජි - Rasikology කිහිප වාරයක් ම පට්ට ගැසූ මාතෘකාවක් ගැන නැවත ලියමින් හේමන්ත සෘතුවේ වැඩ අල්ලන්නට සිතුණේ කාරණා දෙකක් නිසා ය. එකක් උණු උණු අත්දැකීමකි. අනෙක දශක දෙකක් පැරණි මතකයකි.අද උදෑසන මා දුම්රිය පොළේ බංකුවක වාඩි වී ලැප්ටොපය සමග පොර බදිමින් සිටිය දී එතැනට පැමිණ ඒ බංකුවේ ම අසුන් ගත් තරුණ කාන්තාවක් මගෙන් ශත පනහක් ඉල්ලුවා ය. සාමාන්‍යයෙන් මෙවැනි පුද්ගලයින් ඉල්ලන්නේ ඩොලරයකි, නැතිනම් ...
අපි නොදන්න ඩයස්පෝරාව - Diaspora, WTH? රසිකොලොජි - Rasikology සියවස් ගණනාවක් ලොව වටා නැව්වලින් ගොස්, විවිධ රටවල් යටත් කරගෙන සිටි නිසා අද ඉංගිරිසිය යනු ජාත්‍යන්තර භාෂාවක් වී ඇත. නමුත් එහි භාවිතය, විශේෂයෙන්ව විවිධ වචනවලින් අදහස් කෙරෙන දේ, රටෙන් රටට සුළු වශයෙන් හෝ වෙනස් වේ.පොඩි උදාහරණයක් ගතහොත් - ලංකාවේ දී අපි නෑකමට අපේ මාමා නොවන වෙනත් ඕනෑම වැඩිහිටි අයෙකු හැඳින්වීමට අංකල් (Uncle) කියා කියමු. නමුත් ඉංගිරිසිකාරයින් Uncle කියන්නේ මාමා, බාප්පා ...
අතුලත්මුදලි ලලිත් සහ ආරච්චිසූරිය ශ්‍රීපති - What's in a name? A lot, I would say! රසිකොලොජි - Rasikology පසුගිය සතියේ සිට විවිධ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන එක්තරා මාතෘකාවක් පිළිබඳව මම සටහනක් ලියමින් සිටියෙමි. එහි ඇතුළත් වෙනු ඇත්තේ මහපොළ ශිෂ්‍යත්වය සහ එහි නිර්මාතෘ ලලිත් අතුලත්මුදලි පිළිබඳව මගේ පුද්ගලික අත්දැකීම් කිහිපයකි. කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා තවමත් අවසන් කර ගත නොහැකි වුණු ඒ සටහනේ ආරම්භය ලෙස මා ලියූ මේ කොටස මුලින් පළ කිරීමට සිතුවෙමි.මෙය මුට්ටිය දැමීමකට වඩා වෙනත් ආකාරයක කළමනාකරණ ...
බේකරි නිදිමත - Sleeping around ;-) රසිකොලොජි - Rasikology මා සේවය කරන්නේ නිවසේ සිට කිලෝමීටර් හැට හයක් පමණ දුරින් පිහිටා ඇති කාර්යාලයක බව මීට පෙර ලිපියක සඳහන් කළෙමි. මේ ගමන සඳහා මට නිවසේ සිට මෝටර් රථයෙන් කිලෝමීටර් අටක් පමණ දුර ගෙවා දුම්රිය ස්ථානයට ගොස් එතැනින් දුම්රියේ නැගී උතුරු සිඩ්නි නම් ප්‍රදේශය බලා යාමට සිදුවේ.මේ දුම්රිය ගමනට විනාඩි හැත්තෑ පහක් පමණ ගතවෙතත්, එය කිසිසේත් ම කාලය නාස්තියක් නම් නොවේ. මා ...
ෂොපින් සෙන්ටරයේ දී ය - Kuch Kuch Nahee Hota Hai රසිකොලොජි - Rasikology ජිවීතයේ විවිධ වකවානුවල අපට සතුටක් ලැබෙන්නේ වින්දනයක් ලැබෙන්නේ විවිධාකාර දේ නිමිති කොට ගෙන ය. උදාහරණයක් ලෙස අප කුඩා කාලයේ සඳ දැක, සමනලුන් දැක, දේදුනු දැක සතුටු වූයෙමු. තරුණ කාලයේ අප සතුටු වූයේ ඒ දේවලින් නොව වෙනත් ආකාරයේ, එනම් සඳමාලී, සමනලී සහ දේදුනු වැනි සිත, නෙත පිනවල දසුන්වලිනි.අප තරුණ කාලයේ දැක සතුටු වූ සමහර දේ පිළිබඳව වයසට ගිය පසු අපට සිතෙනු ...
ඉඳිආප්ප ගෑරුප්පුවෙන් කෑවෙමි - String hoppers from Toongabie රසිකොලොජි - Rasikology ඉතිං අපට පාං ද කියා අසන්නට එපා!මේ පාන් නොව ඉඳිආප්ප කෑමකි.සිඩ්නි බටහිර තදාසන්න ප්‍රදේශවල වෙසෙන අයට ඉඳිආප්ප, ආප්ප, කොත්තු, පිට්ටු, රොටී යනාදිය ද, ලංකාවේ ක්‍රමයට සාදන ලද බත් මාළුපිනි යනාදිය ද ලබා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා යා යුතු හොඳම නගරය ටූන්ගැබී යැයි සිතමි.මගේ නිවස පිහිටා ඇති ග්ලේන්මෝ පාර්ක් නම් සුන්දර ගම්මානයේ සිට ටූන්ගැබී කඩමණ්ඩියට දුර කිලෝමීටර් 30 ක් පමණ ...
දිද්දෙණියේ දර්මදාස - Grade four memories රසිකොලොජි - Rasikology අද උදේ මා පළ කළ "දද, දද, දද, දද, දද" සටහන දුම්රියේ යද්දී නැවත කියවන විට තවත් පැරණි මතකයක් සිතට නැගුණි.ඒ ද-යන්නේ සින්දුව යි.අප කුඩා කාලයේ මගේ මල්ලී ගේ උපන් දිනයකට අපේ සුනීතා පුංචි අම්මා විසින් අපූරු පොතක් තෑගි දී තිබුණි. එහි නම වූයේ සින්දු හෝඩියයි.ඒ. එච්. පියසේන නමැති අයෙකු විසින් රචනා කර ඇති මෙම ග්‍රන්ථයේ මූලික අරමුණ වී ඇත්තේ, ...
ඡන්දේ දා රෑට හොඳ අළුත් කාඩ් සෙල්ලමක්: Three nought four for two (304 / 2) රසිකොලොජි - Rasikology දැන් සතියකට පමණ කලින් මට දේශපාලනයෙන් තොර සන්ධ්‍යාවක් ගත කරන්නට ලැබුණි. ඒ ගැන සතුටු සිතින් ලියූ ලිපියේ අවසන මා පැතුවේ ඊලඟ සති අන්තයේ අප කීප දෙනෙක් එක්වී සැලසුම් කර තිබූ දින හතරේ නිවාඩුවේ දී ත් එවැනිම දේශපාලනයෙන් තොර වූ කාලයක් උදා වේවා කියායි.නිවාඩු කාලය ගත කිරීම සඳහා අප ගියේ නිවසින් කිලෝමීටර් 300 ක් පමණ දුර පලාතකටයි. පවුල් තුනක වැඩිහිටියන් හය ...
සත්‍යප්‍රසාද් ගේ සත්‍ය ප්‍රකාශ - Political statements by Dr. I.M.S. Sathayaprasad රසිකොලොජි - Rasikology පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන සත්‍යප්‍රසාද් මගේ හොඳ මිතුරෙකි.මෙය අහම්බයෙන් ඇරඹුණු අමුතුම ආකාරයේ මිතුරු කමකි. මා ඔහුව මුලින් ම දැක හැඳින කතා බහ කළේ පුංචි බොරැල්ලේ චාරිකා ලර්නර්ස් ආයතයේ බංකුවක ඉඳගෙන මෝටර් රථයක් පැදවීමට වාරය එනතුරු බලා සිටි විනාඩි පහක පමණ කාලයක දී ය.මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධරයෙකු වන සත්‍යප්‍රසාද් සහ මට පොදු යහළුවන් කීප දෙනෙකු ...
හිතට වද දෙන ඡායාරූපයක් - Act of sadism by a Sri Lankan Policeman? රසිකොලොජි - Rasikology ඉහත ඡායාරූපය මා දුටුවේ අද උදේ LankaeNews වෙබ් අඩවියේ පුවත් කියවද්දී ය.එය වීඩියෝවකින් ලබා ගන්නා ලද එකක් යැයි සිතමි. ඒ වීඩියෝවද මම නැරඹුවෙමි.එලෙස වීඩියෝගත කර තිබුණේ ඊයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සභා කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණු සිසුන් පිරිසකට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර, අධීන ජල ප්‍රහාර එල්ලකර පහර දෙන ආකාරයයි.මෙය අද ලංකාවේ ඇති ආණ්ඩුවේ හෝ ඔවුන්ගේ අණ පරිදි ක්‍රියාකරන පොලීසියේ පමණක් සුවිශේෂී ...
දේශපාලනයෙන් තොර හැන්දෑවක් - An evening without politics, oh, what a feeling! රසිකොලොජි - Rasikology මේ දිනවල බ්ලොග් ලෝකාර්ධයේත්, වත් පොතේත්, ඊ-මේල් අතරේත් දේශපාලනය වැහි වැහැලා ය. දන්න යකා හොඳයි කියන්නෝ ද, අළුත් යකා ට දීලා බලමු කියන්නෝ ද, මොන යකාත් එකයි කියන්නෝ ද අඩු නොඅඩුව සිටිති. ඔව්හූ තම හැකි හැකි පමණින් බ්ලොග් ලිපි ලියති. ප්‍රතිචාර දක්වති. වත්පොතේ ලියති. කැමැත්ත පෙන්වති. ප්‍රතිචාර දක්වති. බෙදා ගනිති. ඊ-මේල් යවති. පිළිතුරු ලියති. නැවත ඒවා දසත බෙදති.මේ දිවවල මගේ ...
අහෝසි කම්මය අහෝසි කරනු හෙවත් ජම්පිං ෆිෂ් ලා පුවත් මවන අද යුගයේ අපේ සටන් පාඨ විය යුත්තේ මොනවාද? - Change is the only permanent thing! රසිකොලොජි - Rasikology ලංකාවේ ජනාධිපති ඡන්දයට අදාල ආරංචිවලින් බේරෙන්නට කිලෝමීටර් අට දාහක් ඈතින් සිටියත් අපට බැරිය.ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු උපදෙස් මාලාවක් සති දෙකකට පමණ ඉහත දී මා මේ බ්ලොගයේ පළ කළෙමි. වික්ටෝරියානු ප්‍රාත්තයේ මැතිවරණය අළලා ඕස්ට්‍රේලියාවේ ඡන්ද කෙරෙන හැටි ගැන කෙටි සටහනක් ද ලියූවෙමි.ඊලඟට පලවූයේ ලංකාවේ ජනාධිපති ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවේ වසන ශ්‍රී ලාංකිකයින්ගෙන් කෙරුණු ඉල්ලීමකි.ඉතින් පෙර කීවා සේ "ලංකාවේ ජනාධිපති ඡන්දයට අදාල ...
ජේවීපී ප්රකාශනයක තිබී කියවූ පරණ පත්තර කෑල්ලක් නිසා අහෝසි වෙන එක් දුර්මතයක් රසිකොලොජි - Rasikology මුලින්ම අප බොහෝ දෙනෙක් දන්නා කාරණා කිහිපයක් සඳහන් කරමි.විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ 1978 දී ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා සමාජවාදී ප්රජාතන්ත්රවාදී ජනරජ ව්‍යවස්ථාවෙනි. රටේ මුල්ම විධායක ජනාධිපතිවරයා වූයේ එවකට පාර්ලිමේන්තුවේ අගමැති ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් වී සිටි ජුනියස් රිචඩ් ජයවර්දෙන ය. ඔහු ඒ තනතුරේ දිවුරුම් දුන්නේ 1978 පෙබරවාරි මස හතරවෙනිදා යි. පසුව 1981 දී පැවති ජනාධිපති ඡන්දයේ දී ...