ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia රසිකොලොජි - Rasikology ශ්‍රී ලංකාව නිජබිම කරගත් සිංහලයින් ද මේ වන විට ලෝකය පුරා විවිධ රටවලට සංක්‍රමණය කර සැලකිය යුතු තරමේ විසිරි ජන කොටසක් හෙවත් ඩයස්පෝරාවක් බවට පත් වී ඇත. එයින් මා වෙසෙන ඕස්ට්‍රේලියාව තම නිත්‍ය වාස භූමිය කරගත් පිරිස සහ ඔවුන්ගෙන් පැවත එන දරු මුනුබුරු පිරිස පනස් දහසක් පමණ වෙති.ඒ සමගම, අපේ සිංහල බ්ලොග් අර්ධගෝලයේ ද, සමානුපාතික නියෝජනයක් ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවන්ට හිමි ...
උප්පැන්නේ බුද්ධාගම? - Religion has nothing to do with your birth! රසිකොලොජි - Rasikology උප්පැන්නේ කොටුවක ලියා තිබෙන නිසා තමන් බුද්ධාගමේ ය කියා කීපදෙනෙකු ම සඳහන් කර තිබෙනු මා සිංහල බ්ලොග් ලෝකයේ විවිධ තැන්වල දී ද වත්පොතේ දී ද දැක ඇත. ඒ විකාරය ලියූ අය තමන් ගේ උප්පැන්න සහතික ගැන කිසිදු අදහසක් නැති අය බව පෙනේ. ඕනෑම පුද්ගලයෙකු ගේ ආගම යනු ඒ පුද්ගලයා ගේ පුද්ගලික අදහස් ගොන්නක් නිරූපණය කරන්නකි. එය පවතින අච්චුවකට අනිවාර්යෙන් අයිති ...
ඡන්ද කාලේ ඡන්ද කතා - What else is there to talk about? රසිකොලොජි - Rasikology "ජඩයින් එපා!" වත්පොත් කණ්ඩායම විසින් ප්‍රසිද්ධියට පත්කරන ලද මෙවර මහ ඡන්දයේ දී ජනතාව විසින් තම මනාපය පළ කළ නො යුතු ලයිස්තුව දැක කීප දෙනෙකු කලබල වී ඇති බව ඊයේ මට පෙනුණි.හොරු ගැන කතා කරන විට කලබල වෙන්නේ හොරු ය, හොරුන් ගෙන් යැපුණු, හොරුන් ගේ චිරාත්කාලීන පැවැත්ම අපේක්ෂා කරන්නන් ය. ජඩයින් ගැන කතා කරන විට කලබලවන අයට කුමක් කියන්නදැයි නොදනිමි. ඔවුන්ට ...
අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots රසිකොලොජි - Rasikology අපි දකුණේ, අපි කොළඹ, අපි නුවර ආදී වශයෙන් ප්‍රාදේශීයොත්තමවාදී ගාලගෝට්ටියක් ඊයේ පෙරේදා ෆෙස්බුකියේ පැතිර ගියේ ය. තවමත් තරමක හෝ උණුසුමක් පවතී.මේ සඳහා මා ද කොනකින් සම්බන්ධ වූයේ පිරිසක් "කිඹුලා බනිස්" ලෙස ද, තවත් පිරිසක් "වියන් බනිස්" ලෙස ද, තවත් පිරිසක් "පියන් බනිස්" ලෙස ද, තවත් පිරිසක් "සීනි කුරුල්ලන්" ලෙස ද, තවත් පිරිසක් "කොකෝ බනිස්" ලෙස ද, හඳුන්වන අප සැම දන්නා ...
අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නිසා නැති වී යන අපේ මිනිස්කම - Arseholedness රසිකොලොජි - Rasikology මා ඊයේ නිර්මාණය කර ෆෙස්බුක්හි පළ කළ ඉහත පෝස්ටරය පිළිබඳ විස්තර කරන්නට පෙර යම් අතීත කතාවක් කිව යුතුය.මා අටවැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ, සවස් වරුවේ රබර් බෝල ක්‍රිකට් ගැසීමට එක් වීමට පුරුදු වී සිටියෙමු. ඇත්තටම මේ ස්ථානයේ පැවතුණේ ටියුෂන් පන්තියකි. නමුත්, අප එහි යාමේ මූලික අරමුණ වූයේ සම වයසේ මිතුරන් සමග කරන ක්‍රිකට් ක්‍රීඩාවයි.එක් දිනක් මේ පරිශ්‍රයේ දුවද්දී ...
සෑහෙන කාලෙකට ලියවෙන අන්තිම ලාස්ට් දේශපාලු හෙවත් කාලපාලු ලිපිය - Another episode ends රසිකොලොජි - Rasikology එක්දාස් නමසිය හැත්තෑ හතේ මැතිවරණයේ් ප්‍රතිඵල නිකුත් වී අප පාසල් ගිය මුල් දිනයේ අපේ සිංහල ගුරුවරයා (ඔහු ගේ නම මට අමතකය, නිතර සුදු අත්කොට කමිසයක් සහ නිල් පැහැති කලිසමක් ඇඳි, ඇසක අක්ෂයේ පොඩි අවුලක් තිබුණු, මැදි වියේ පසුවූ පොරකි!) මැතිවරණ ප්‍රතිඵල ගැන රචනාවක් හෙවත් ලිපියක් ලියන්නට අපට පැවරුවේ ය.ඊළඟ සතියේ අපේ පන්තියේ ළමුන් ලියා ඉදිරිපත් කළ ලිපි කියවා බැලූ ගුරුවරයා, ...
ඔහේ වෙලාව කීය ද අනේ? රෑ ද, දවල් ද? - What time is it please? රසිකොලොජි - Rasikology පසුගිය දිනක රාත්‍රියේ ලංකාවෙන් ලැබුණු පණිවිඩයක් නිසා, අතීත කතාවක් සිහියට ආවේය. වහාම මේ සටහන ලියන්නට සිතුණේ එය රසිකොලොජිය හරහා බෙදා හදා ගන්නටයි.උතුරු අර්ධගෝලයේ වූව ද ඇත්තටම සමකයට යාන්තම් ඉහළින් පිහිටි ලංකාවට මෙන් නොව, පෘථිවියේ දකුණු අර්ධගෝලයේ උඩින් පටන් ගෙන යටට විහිදී යන මහාද්වීපයක් වූ ඕස්ටේර්ලියාවේ මා වෙසෙන නිව් සවුත් වේල්ස ප්‍රාන්තයට සෘතු වෙනස තරමක් දුරට බලපායි. හිම ඇද වැටෙන, උෂ්ණත්වය ...
කූඩැල්ලන් ද සතුන් ය නොහොත් "ෂත්තු සහෝදරයා ෂත්තු!" දේශපාලන මඩ කතාව - As I have heard රසිකොලොජි - Rasikology මේ පැරණි දේශපාලන මඩ කතාව මගේ සිහියට ආවේ, පසුගිය දිනක මා ලියා පළ කළ පාණාතිපාතා වේරමනියේ දී පුද්ගලිකව ඇතිවෙන විෂමතා පිළිබඳව වූ කතාංගද්වය සකසද්දී ය. දෙවෙනි කතාංගයේ මාතෘකාව ලෙස ද මම "ෂත්තු සහෝදරයා ෂත්තු" යන්න යොදා ගත්තෙමි.පෙර කී කතාද්වයේ දී මූලිකවම කියවුණේ, කූඹීන්, මදුරුවන්, කැරපොත්තන් වැනි ගෘහස්ථ සතුන් පිළිබඳව ය. එසේ ගෘහස්ථ නොව නමුත්, විශේෂයෙන් ම තෙත් කලාපීය ප්‍රදේශවල ගෘහාශ්‍රිත ...
ලක් එකේ හිලක් - I am trapped in an eternal vicious circle රසිකොලොජි - Rasikology මේ සටහන ලියවෙන්නේ සම්මුඛ පරීක්ෂණයක දී මගෙන් අසනු ලැබූ ප්‍රශ්න දෙකක් සම්බන්ධයෙන් මගේ සිතට ආ අදහසක් ඔබ සමග බෙදා ගැනීමේ අරමුණ ඇතුවයි.අපේ ආයතනයේ ම අලුතින් ඇරඹෙන ව්‍යාපෘතියක එක් කළමනාකාර තනතුරක් සඳහා මා ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය අනුව මේ සම්මුඛ පරීක්ෂණයට මට කැඳවීමක් ලැබී තිබුණි. (ඕස්ට්‍රේලියාවේ රජයේ රැකියාවලට සහ පුද්ගලික අංශයේ රැකියාවලට අයැදුම් පත්‍ර යැවීම සුවීශේෂීව සාකච්ඡා කළ යුතු විෂයයක් නිසා ...
මෛත්‍රී වික්‍රමසිංහ ගේ මිනි මයිනර් එක - This is about my Nissan March රසිකොලොජි - Rasikology මේ ලිපිය ලියන්නට සිත්වූයේ කිසිදු හේතුවක් නැතුව හදිසියේ ම මට මෛත්‍රී වික්රමසිංහව සිහිවීම නිසා නොවේ. වෙනත් කාරණයක් ගැන සිතමින් මගේ සිත "දුරංගමං ඒකචරං" කරද්දී නිරායාසයෙන් ම මට ඇය සිහිවිය.ඒ "දුරංගමං ඒකචරං" නිමිත්ත වූයේ මෙයයි.මා පෙර දිනක ලියා පළ කළ "බේකරි නිදිමත - Sleeping around ;-)" ලිපියට ප්‍රතිචාරයක් එක් කරන "විචාරක" බ්ලොග්කරුවා, මෝටර් රථයෙන් දුම්රිය ස්ථානයට ගොස් වාහනය ගාල් කර එතැනින් ...
ලෙලුම්ලා ගේ, කාලෝලා ගේ සහ අපේ අංකල්ලා ගේ "බෝධි පූජා" පිළිබඳ කතා දෙක තුනක් - Neo-Rationalists or anti-rationalists? රසිකොලොජි - Rasikology පසුගිය දින කිහිපය තුළ බෝධි පූජා පිළිබඳ ජොලි කතා කිහිපයක් ම අසන්නට ලැබුණි.ඒවාට එක් මුලාශ්‍රයක් වූයේ, හදිසියේ ඇතිවුණු, නමුත් කාලයක් තිස්සේ පැවත ඇති, ආබාධයක් නිසා සැත්තකමට මුහුණ දෙන්නට සිදුවුණු මිතුරෙකුට සුවය පතා සිනුවර ලංකාරාමයේ දිනපතාම වාගේ පැවැත්වුණු බෝධි පූජා මාලාවකි.මේ බෝධි පූජා මාලාව පැවත්වීම ඇරඹුණේ, මගේ මතකයේ හැටියට ඒ මිතුරා ගේ ශල්‍යකර්මයට පෙර දිනයේ සිට ය. ඒ සිනුවර දැඩි උෂ්ණත්වය ...
රට කාගෙන කාගෙන යන්න අපටත් චාන්ස් එකක් දෙන්න! - que sera sera? රසිකොලොජි - Rasikology මේ කාලයේ පවතින ජනාධිපති ඡන්ද උණුසුම නිසාම අද මට තවත් පරණ මැතිවරණක් හා සම්බන්ධ සිදුවීමක් සිහියට නැගුණි. මේ කතාව සමහරවිට මීට කලින් ඔබ අසා තවමත් මතකයේ තියෙන්නට ද ඉඩ ඇත.ඒ වසර 1994 දී පැවැත්වුණු මහ මැතිවරණ සමයයි. වසර 1977 දී බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය ඒ වන විට මහා ජන අප්‍රසාදයකට පත්ව තිබුණි. එයට අමතරව ඔවුන් ගේ එදා 1977 ...
මැයි දින පෙළපාලියක මතකය - Once upon a time on a May Day රසිකොලොජි - Rasikology මා මුලින්ම නැරඹීමට ගිය මැයි දින පෙළපාලිය ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද්දකි. තවමත් ඡන්දය පාවිච්චි නොකළ අයෙක් වුවද, වයස දහ අට පසුවී තිබූ නිසා, මේ ගමනට මට ගෙදරින් තහනමක් පැනවුනේ නැත.ඒ වසරේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලිය කිරුලපන පිටියෙන් ඇරඹී, රැස්වීම පැවැත්වෙන කොළඹ නගර සභා පිටිය දක්වා ගමන් කිරීමට නියමිත මාර්ගය පුවත් පතකින් සොයාගත් මම, මධ්‍යාහ්නයේ දී ...
මහින්ද දේශප්‍රිය සහ 2020 ජනාධිපති ඡන්දය - When you have low expectations you can be happy forever! රසිකොලොජි - Rasikology කලක් මැතිවරණ කොමසාරිස් ලෙස කටයුතු කර දැන් මා සිතන විදිහට මැතිවරණ කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන මහින්ද දේශප්‍රිය 2020 ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වේද නොවේද කියා සාකච්ඡාවක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සමාජ කණ්ඩායම් අතර ඇති වී තිබේ.මේ පිළිබඳව ෆේස්බුක් හි පළවුණු ලිපියකට මා ලියූ කමෙන්ටුවක් හිතුවාට වඩා දිගු වුණු නිසා එය මෙලෙස රසිකලොජි සටහනක් ලෙස පළ කිරීමට සිත් විය.යම්කිසි තනතුරක් දරන්නෙක් ...
දෙවෙනි තේ කෝප්පය - Afternoon tea time? රසිකොලොජි - Rasikology පොඩි කාලේ සිට ම, ලංකාවේ දී අප බිව්වේ තේ කොළ තේ පෝච්චියට දමා එයට උතුරණ උණුවතුර වත්කර පෙරා සාදා ගත් තේ වතුර ය. කඩවල නම් තේ හදන්නේ රෙදිවලින් සාදා ගත් පුනීලයක් වැනි ගොට්ටකට තේ කොළ දමා ඒ හරහා උණු වතුර යැවීමේ තරමක අප්‍රසන්න ක්රමයකටයි.මීට හාත්පසින් ම වෙනස් ආකාරයක තේ බීමේ අත්දැකීමක් මට ලැබුණේ විශ්ව විද්‍යාලයෙන් පිටවී වසර තුනක් පමණ ලංකාවේ ...
ගී පද රචකයා ගේ නම හැලී යාමට නූර්ති යුගයෙන් විසඳුමක් - Immortal Joseph Andrew රසිකොලොජි - Rasikology පසුගිය මාසයේ සිඩ්නි නගරයේ "එදා මෙදා ගී රංග සොබා" නමින් ප්‍රසංගයක් පැවැත්වුණි. පේරාදෙනිය විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථීන් ගේ නිව් සවුත් වේල්ස් ඕස්ටේර්ලියා සංගමය මගින් සංවිධානය කරන්නට යෙදුණු මේ ප්‍රසංගය ඉදිරිපත් කළේ අද ලංකාවේ සිටින ජනප්‍රියතම මෙන්ම විශිෂ්ඨ රංග ශිල්පීන් වන, ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුලසූරිය සහ මාධනී මල්වත්ත විසිනි.එහිදී ජයලත් මනොරත්න ගැයූ එක් ගීතයක් වූයේ ආ අප බොහෝ දෙනෙක් අසා ...
"වලේ" ඉඳං නාට්‍ය බැලූ හැටි : සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිලිබඳ අතීත ආවර්ජනාවකි! රසිකොලොජි - Rasikology කාල යන්ත්‍රයක නැගී හෝ වෙනත් ක්‍රමයකින් හෝ අතීතයට යාමට හැකියාවක් ලබා ගත හැකි නම්, අප බොහෝ දෙනෙකු එදා ගත් තීරණ කිහිපයක් හෝ වෙනස් කර අදට වඩා වෙනස් වූ වර්තමානයක ජීවත්වනු ඇතැයි මට සිතේ. එසේ කළ හැකි නම් සහ තමන් එළිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ්රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහනයෙන් හරි අඩක් පමණ තම සංක්‍රමණ අයැදුම් ...
සිරිසේනබ්‍රෝ හිස දන් දෙයි - Bugger off you bastard රසිකොලොජි - Rasikology ෆේස්බුක් අවකාශයේ නිශාන් උදය විසින් පළ කර තිබුණු ඉහත කාටූනය දැක මට සිහිවුනේ අප කුඩා කාලේ පටන් අසා තිබෙන, අහමඩ් මොහිදීන් විසින් ගයන "රාජසඟබෝ හිස දී දුගියාටා" නම් ගීතයයි.ජනප්‍රිය ගීතවල තනුව අනුව අලුත් පද යොදා දේශපාලන විකට ගී ප්‍රතිනිර්මාණය කිරීම අද යුගයේ ජනප්‍රිය කලාවකි.මීට වසර තුනකට පෙර ලංකාවේ පැවති මහ ඡන්දය අරඹයා එවැනි ගීත රාශියක් ප්‍රතිනිර්මාණය වී සංසරණය වූ ...
වසන්තය කියන්නේ ඌටයි, බොටයි - Wasantha Vs Vasntha in Australia රසිකොලොජි - Rasikology වසන්ත යන වචනය සිංහල පිරිමි නමක් ලෙස භාවිතා වෙන්නේ එයින් වසන්ත සෘතුව හැඳින්වෙන නිසා බව අප දනිමු. වසන්ති සහ වසන්තා යනු මේ නමේ ම කාන්තා රූපක වේ. ඒ ආකාරයට ම, හේමන්ත සෘතුව නිසා හේමන්ත/හේමන්තී/හේමන්තා යන නම් භාවිතයට විත් තිබෙන අතර ඉංගිරිසියෙන් සමර් යනුවෙන් හැඳින්වෙන සෘතුව සඳහා භාවිතා වෙන ගිම්හානය යන්න, ගිම්හාන සහ ගිම්හානී යනුවෙන් පුද්ගල නාම ලෙස භාවිතා වෙන බව ...
අපේ ආච්චී සහ වාසුදේව නානායක්කාර - Verbal incontinence රසිකොලොජි - Rasikology වයස අසූ පහ පමණ වෙන විට මගේ ආච්චී ගේ දෑස කෙමෙන් නොපෙනී යන්නට විය. එයට හේතුව වූයේ ඇගේ දෑසේ උද්ගත වූ සුද බැඳීම හෙවත් කැටරැක්ට් නමැති රෝගී තත්වයයි. ඒ ගැන කල් තියාම යම් යම් පෙරමග ලකුණු පහළ වී තිබුණ ද, ජීවිත කාලය පුරා රෝහලකට තබා, මා දන්නා කාලයක දොස්තරෙකු හමුවන්නට හෝ ගොස් නැති ඇය ඒ කාලයේ අක්ෂි ශල්‍යකර්මයක් කර ගැනීමට ...