පති-පතිනි රස-රහස නොහොත් ශාස්ත්‍රපති කතා වස්තුව - Master of none! රසිකොලොජි - Rasikology "පති-පතිනි" යනු දිගු කලකට පෙර ලංකාවේ ප්රකාශනය වූ රීඩර්ස් ඩයිජෙස්ට් ප්‍රමාණයේ කුඩා සඟරාවකි. එවැනිම සඟරාවක් වූ "මුතුහර" ට වඩා "පති-පතිනි" හි තිබූ සුවිශේෂී වෙනස වූයේ එය විවාහ ජීවිතය පිළිබඳව රස-රහස් සහ තොරතුරු පිරි සඟරාවක් වීමයි.මෙහි දී "පතිනිය" යනු බිරිඳ ය. "පති" යනු සැමියා ය. "පති කුලයට යෑම" යනු කුමරියක් "පතිනියක" වී සැමියා ගේ "කුල ගෙට" යෑමයි. "පතිනිය මිස පාස්කුඩම් කිසිත් ...
ඉන්දියානු අගමැති මෝදි ගේ බිරිඳ අමු මෝඩියක් ද? - Is Indian Prime Ministers wife a real "Modi"? රසිකොලොජි - Rasikology නිදහස ලැබූ දිනවල සිට ඉන්දියාවේ බලයේ සිටි ඉන්දියන් ජාතික කොන්ග්රසය සහ එහි අගමැති ඉන්දිරා ගාන්ධි පරදවා 1977 දී ජනතා පක්ෂය බලයට පැමිණ එහි නායක මොරාජි දේශායි අගමැති වීම එවකට ලංකාවේ විපක්ෂයේ සිටි යූඇම්පීයට ඉතා ආශ්වාදයක් ගෙනදුන් සිදුවීමක් විය.එයට මූලික හේතුව, අසල්වැසි රටක කලක් තිස්සේ පැවතුන රජයක බිඳ වැටීම යන කරුණ ලංකාවේ විපක්ෂයට විශාල ජවයක් ගෙන දීම වූවද, ඉන්දිරා ගාන්ධි නම් ...
ජෝන් අමරතුංග (සහ/හෝ) යූඇම්පීය අද කළ යුත්තේ කුමක්ද? රසිකොලොජි - Rasikology දේශපාලකයින් ට දේශපාළුවන් කියා සුන්දර නමක් පට බැඳී ඇත්තේ නිකමට නොවේ.ඒ බහුතරයක් දේශපාලකයින් රට හදන්නන් නොව රට කා පාළු කරන්නන් නිසාය.මෙය ලංකාවට සීමා වූවක් නොවේ. ලෝකයේ හැම රටකම පාහේ අඩු වැඩි වශයෙන් මේ තත්වය ඇත.යහ පාලනය හෙවත් ගුඩ් ගවර්නන්ස් යන්න වැදගත් වෙන්නේ මේ නිසාය. වනචර, අධම, දූෂිත දේශපාලුවන් එක රැයෙන් (හෝ සීයකින්) සත්පුරුෂයින් කරන්නට බැරි නමුත්, වරද කරන එවුන්ට විරුද්ධව ...
අයෑම් එ බුඩිස්ට්, අයි ඩොන්ට් ඩ්‍රින්ක්, තෑන්ක් යූ - I am a Buddhist, I don't drink, Thank you රසිකොලොජි - Rasikology තැන:මිතුරෙකු ගේ නිවසක්දිනය:සති අන්තයකාලය:සන්ධ්‍යා යාමය, සවස අටට පමණඅවස්ථාව: සුහද සාදයක්මිතුරු සමාගම තරම් වෙනත් සුහද සමාගමක් ලොවෙත් නැත! ඕනෑම සමාජයක මිතුරු මිතුරියන් එක් වී විනෝද වීම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වැනි රටවල ජීවත්වෙන අයගෙන් අප වැනි බොහෝ දෙනෙකුට තමන් ගේ ඥාතීන් වෙනුවට දුක සැප බෙදා ගැනුමට ඉන්නේ ද මිතුරන් ය.තමන් ගේ, තම දරුවන් ගේ උපන් දින හෝ අනෙකුත් විශේෂ අවස්ථා සමරන්නට ...
ෂතෙක්, සහෝදරයා ෂතෙක් - සතුන් මැරීම ගැන තවත් කතා : An ant in the loo රසිකොලොජි - Rasikology "පල්ලෙහා තට්ටුවේ ආච්චීගේ මකුළුවා" ගැන ඊයේ මා ලියා පළකළ සටහනේ නිමිත්ත වූයේ හිතා මතා සතෙකු මැරීමට මා ඇතුළු බොහෝ දෙනෙකුගේ ඇති අකැමැත්තයි.මෙය පින් සහ පව් නම් සංකල්ප සමඟ පමණක් සම්බන්ධ තත්වයක් නොවේ.ඒ බව පැහැදිලිවන්නේ සතාගේ ප්‍රමාණය විශාල වීමත් සමගම ඒ අකැමැත්ත වැඩිවීම නිසා ය. හරියටම කියනවා නම්, හොරකම් දුෂණ වංචා කළ සමාජයේ පොඩි ස්ථරවල මිනිසුන් සටස්-පටස් ගා අත් දඩංගුවට පත් ...
වෙසක් දවසේ හොඳ බණ පදයක් දෙකක් ඇසුවෙමි - How to be a practicing Buddhist රසිකොලොජි - Rasikology මා සාමාන්‍යයෙන් පන්සලට යන්නේ අවුරුද්දට ම දවස් දෙකක් හෝ තුනකි. ඉන් එකක් පන්සලේ කඨින පින්කම දවසට අනිත් පන්සලේ හාමුදුරුවන්ට මේ පන්සලට වැඩැම්මවීමේ කර්තව්‍යය සඳහා ය. අනිත් එක් දිනයක් නම්, වෙසක් පෝය සැමරෙන ඉරිදා දවසයි.වෙසක් පෝය සැමරෙන දවසට පන්සලට යෑම කාලයක් තිස්සේ අනිවාර්යෙන්ම කෙරුණේ, එදාට සිල් සමාදන්වන අය සහ පන්සලට එන සැදැහවතුන් සඳහා දිවා ආහාරයේ කොටසක් ලෙස පලතුරු සලාදයක් සෑදීම අපේ ...
දඩයම, වසන්ත ඔබේසේකර, සලෙලු වරම සහ මෛත්‍රී වික්‍රමසිංහ - A day to remember! රසිකොලොජි - Rasikology "ඇත්තටම චිත්‍රපටිය ඒ සීන් එක ගන්න කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක පොල්ලකින් ගහලා කුඩු කරන්න ඇතිද?""මං හිතන්නේ කාර් එකේ තිබුණු වින්ඩ්ස්ක්‍රීන් එක ගලෝලා කැඩිච්ච එකක් හයි කරලා තමයි ඔය සීන් එක ගන්න ඇත්තේ!"බොහෝ හොලිිිවුඩ් සිනමාපටවල මෙන්ම ඇතැම් බටහිර රූපවාහිනී නාටකවල ද මෝටර් රථ දුසිම් ගණං එකිනෙක හැප්පෙනු, කුඩු පට්ටම් වෙනු, ගිනිබත් වෙනු අපි දැක ඇත්තෙමු. ඒ දර්ශනවලින් අප ලබා ඇත්තේ අපමණ ...
තේකක් බොමු ද? - Any time is tea time රසිකොලොජි - Rasikology තේ බීම පිළිබඳ මගේ ඇති පැරණිම මතකය නම්, වෙල පැත්තේ සිට නිවසට එන ආච්චී "ලොක්කෝ, නැද්ද කහට ටිකක්?" යැයි අසන ආකාරයයි. ඒ අප පරකන්දෙනියේ තාත්තා ගේ මහගෙදර සිටි මුල් කාලයේ ය. ලොක්කෝ කියා කියන්නේ අපේ ලොකු නැන්දාට ය. කහට කියා කියන්නේ ආච්චී බොන තේ වතුරවලට ය.පසුගිය දිනවල මෙන් සීනි ඇමතිලා නොසිටි නිසා දෝ, ලංකාවේ සීනි හිඟයක් තිබුණු අප කුඩා දරුවන් ...
එක් සැමරුමක් සහ ගීත ද්වයක් - One country, two languages රසිකොලොජි - Rasikology මුවන්පැලැස්ස යනු, මා කුඩා කාලයේ ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යයකි. ඉංගිරිසි පාලන සමයේ කෑලෑබද නොදියුණු ගම්මානයක වාසය කළ චරිත සමූහයක ගේ ජීවිත ආශ්රයෙන් ගොඩ නැගුණු ඒ නිර්මාණය එකල ලංකාවේ සාමාන්‍ය ජනතාව ගේ ජීවන ප්‍රශ්ණ ගැණ සාකච්ඡා නොකළ ද, සතියකට අඩ පැයක් හෝ නව නළු රසයෙන් සැනසීමට අවස්ථාවක් ලබා දුන් බව කිව යුතුය.මුවන් පැලැස්ස නාට්‍යයේ දුෂ්ඨ චරිතය වූයේ ගම පාලනය කළ ආරච්චිලයි. ...
විවාහ වීමේ සම අයිතිය සහ ඔසී-සිංහලයෝ - Australian marriage equavility and Australian Sri Lankans රසිකොලොජි - Rasikology ඕස්ට්‍රේලියාවේ මෙතෙක් කල් ලිංගිකව පුරුෂයෙකු ලෙස තමන් හඳුන්වා ගන්නා අයෙකු සහ ලිංගිකව ස්ත්‍රියක ලෙස තමන්ව හඳුන්වා ගන්නා අයෙකු යන යුගලයක් අතර පමණක් කළ හැකිව තිබූ නීතිමය විවාහයට එළැඹීමේ අයිතිය, කිසිදු වෙනසක් නොමැතිව, එකී නිශ්චිත යුගලයෙන් පරිබාහිර යුගල සඳහා ද ලබාදීම සඳහා නීති සම්පාදනය කළ යුතු ද යන කරුණ පිළිබඳව මහජන මතය පිරික්සීම සඳහා පසුගිය දිනවල මාසයකට වඩා වැඩි කාලයක් තිස්සේ ...
"හයිරංකාර - බලු ගැත්තර" සංස්කෘතියක ලක්ෂණයක්! - Comradery or Decadency? රසිකොලොජි - Rasikology මේ ලිපියෙන් කියවෙන කරුණ ගැන කලින් අසා ඇති, තම අදහස් දක්වා ඇති, අය වෙතොත්: සමාවෙන්න, අද නොවේ අපි හෙට හමුවෙමු.පසුගිය දිනක මට වත්පොත හරහා පණිවිඩයක් ලැබුණි. එහි සිංහල පරිවර්තනයක් මෙසේය.රසික අයියේ අයියාට මාව මතකද? මං අහවල් බැච් එකේ හිටියේ. මට නම් අයියාව මතකයි. ඉතිං කොහොමද තොරතුරු?සී යූ ලේටර්.මීට අහවලාමා මේ මල්ලී ගැන විස්තර වත්පොතෙන් ම සොයා බැලූ විට ඔහු පේරාදෙණිය ...
ලංකා පොලිස් පර පීඩක කාමයේ බලු නගුට - Sadist behaviour of Sri Lankan Police රසිකොලොජි - Rasikology ලංකාවේ පොලිස්කාරයින් ගේ ජඩ වැඩ ගැන අමුතුවෙන් කිව යුතු නැත. නීතිය රකින්නට පත් කර ඇති මුන් පිරිස, නීති රකින්නන් හෝ ඉහළින් එන අණ පිළිපැදීමට ජනතාවට පහර දෙන්නන් හෝ නොවේ.මේ පොලිස්කාරයින් පහරදීම් කරන ආකාරයට මට පෙනෙන්නේ ඔවුන් එමගින් පරපීඩක කාමාශාවක් සන්තර්පනය කර ගන්නා බවයි.හොඳින් වැඩුණු සිරුරකින් යුතු පිරිමියෙකු නිරායුධ කෙසඟ දැරියකට මුගුරකින් පහර දීම වෙන කොයි ආකාරයකින් විස්තර කරන්න ද?සේයා නම් ...
බස් පෙරැලූ රුවන් වැකි - Have a healthy laugh (about ourselves) රසිකොලොජි - Rasikology නොදන්නා මිතුරෙකු විසින් එවා තිබුණු ඊ-මේලයකින් කියවූ රුවන් වැකි කිහිපයක් කෙතරම් මගේ සිත ගත්තේ ද යත් ඒවා සහ ඒවායේ මගේ සිංහල අනුවර්තන මෙලෙස රසිකොලොජිය හරහා බෙදා ගැනීමට සිතුවෙමි.මේවා විදෙස් ජාතිකයින් විසින් කියන ලද ඒවා වුවද, අපට ද කියවා අපට ම සිනා සිය හැකි වෙනු නිසැක ය!We hang the petty thieves and appoint the great ones to public office.-Aesopඅපි පොඩි හොරුන්ව ...
කැම්පස් කොල්ලෙකු ගේ කතාවක් - I dont know what to say! රසිකොලොජි - Rasikology මේ දිනවල කැම්පස් කොල්ලන් ගේ (සහ කෙල්ලන් ගේ) කතා යනුවෙන් අන්තර්ජාලය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වෙන්නේ ඔවුන් "නිරුවතින් නෑවා!" ය වැනි දේ ය.අපේ කැම්පස් කාලයේ ද අපි නිරුවතින් නෑවෙමු. විශ්ව විද්‍යාලයේ සිටි කෙල්ලෝ ද නිරුවතින් නෑවෝ ය.ඒත් ඒ කතා කිසිවෙකුට දැන ගන්නට නොලැබුණේ ඒ දිනවල අන්තර්ජාලය නො තිබුණු නිසා ම නොවේ. අප ඒ නෑවේ නාන කාමර ඇතුළේ නිසා ය.නෑ, ...
සිඩ්නි නුවර සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයෙන් ඉදිරිපත් කරන "රස විඳුම" - All Sinhala speaking Sydneysiders are invited to this literary event රසිකොලොජි - Rasikology සිඩ්නි නුවර සිංහලෙන් ලේඛන කටයුතුවල නිරත වෙන්නන් රැසක් වෙසෙති. ඔවුන් ගෙන් කිහිප දෙනෙකු ගැන විස්තරයක් මම පසුගිය සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියා පළ කළෙමි. එහි සඳහන් වූ එක් ලේඛකයෙකු වූයේ ප්‍රධාන වශයෙන්ම කෙටිකතාකරුවෙකු ලෙස හැඳින්විය හැකි (නමුත් තවත් ක්ෂේත්‍ර කිහිපයකම තම දස්කම් පෙන්වා ඇති!) ලක්ෂ්මන් කොඩිතුවක්කු ය.මේ නොවැම්බරයේ දී තම සයවෙනි උපන් දිනය සමරන ලේඛක සංසදය විසින් ක්‍රියාත්මක කරන්නට යන අළුත් ...
රොබට් නොක්ස් සංඛීර්ණය - When the oppressor gains from the suffering of the oppressed රසිකොලොජි - Rasikology මා මුහුණ දුන් සම්මුඛ පරීක්ෂණයක අත්දැකීම පදනම් කරගෙන, මින් දින දෙකකට කලින් මවිසින් ලියා පළ කරන ලද ලිපියේ දී මා සාකච්ඡා කළේ, අතීතයේ දී අප ලැබූ ඉතා සුඛදායක අත්දැකීම් අද අපට ප්‍රයෝජනවත් නොවී, එදා අප දුඛදායක අත්දැකීම් නොලැබීම ගැන අද පසුතැවිලි වෙන්නට සිදුවීම ගැනයි.ඒ සංසිද්ධියේ එක් නිසැක දිගුවක් වන්නේ, වත්මනෙහි අප ලබන ඉතා සුඛදායක අත්දැකීම් ද අනාගතයේ කිසි දිනයක අපට ...
තානාපති සේවයේ හොඳ හොඳ සෙල්ලම් - All them kings men (and women)! රසිකොලොජි - Rasikology තානාපති යනු තමන් ගේ රටේ ආණ්ඩුව වෙනත් රටකදී නියෝජනය කරන පුද්ගලායා ගේ තනතුරු නාමයයි. මේ සිරිත ආදී රජ කාලයේ සිටම පැවත එන්නකි.එවකට "සිලොන්" නොහොත් නිකම්ම නිකං ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තානාපති සබඳතා ආරම්භ කර ඇත්තේ වසර 1949 දී ය. රටවල් ද්වයම අයත් වන්නේ පරණ බ්‍රිතාන්‍ය යටත් විජිතව තිබූ රටවල් නොහොත් පොදු රාජ්‍යය මණ්ඩලයට නිසා මේ තානාපති කාර්්‍යාල හැඳින්වෙන්නේ මහ කොමසාරිස් ...
පල්ලෙහා තට්ටුවේ ආච්චීගේ මකුළුවා - I dont know why! රසිකොලොජි - Rasikology මේ සිදුවීම සහ තවත් එකිනෙක ඈඳුණු සිදුවීම් කිහිපයක් ම පෙරේදා හවස් වරුවේ මගේ මතකයේ ඉහළ ස්ථරයට පැමිණ හක්කලං කරන්නට පටන් ගත්තේ ය. පසුදා මා දුටුවේ මා මිත්‍ර ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් විසින් තම ෆේස්බුක් පිටුවේ පළකර තිබුණු සටහනකි.අමතක වී ගොස් තිබුණු රසිකොලොජි බ්ලොගය නැවත එළිපහළි කර, මේ මතක සටහන් දෙක තුන වහවහා ලියා දමන්නට සිත්වුණේ ඒ නිසා ය.අප මෙල්බර්න් නුවරට ...
දුයිෂෙන්ලාට වැරදෙන තැන - Just my opinion රසිකොලොජි - Rasikology තණ බිමක හරකුන් දෙදෙනෙකු තණ කමින් සිටි අතර ඉන් එකෙකුට තණකොළ අස්සේ තිබී මොනවා දෝ යමක් තදට හැපුණි. මූ කම්මැලි හරකෙකු වූ නිසා, ඒ මොනවාදැයි හරියට විපරම් කර නොබලා ඔහේ ගිල දමන්නට වූයේ පසුව වමාරා කන වේලේ දී, එය අනවශ්‍ය කෑමක් නම් ඉවත් කර දමන්නෙමි යන සිතුවිලේලෙනි.නමුත්, මේ තණකොළ සමග හැපෙන ද්‍රව්‍යය හැපීම තරමක් අසීරු වූ නිසා, මේ හරකා දෙඇස ...
එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!! රසිකොලොජි - Rasikology තව සති දෙකකින් පැවැත්වෙන මහ ඡන්දය කාලයේ මා ලංකාවට පැමිණියහොත් ඡන්දය පාචිච්චි කරන්නට අපේක්ෂා කරන්නේ කෙලෙසදැයි පැහැදිලි කෙරෙන ලිපියක් මම සෙනසුරාදා ලියුවෙමි. ඒ සමගම මා එහි සඳහන් කළේ මගේ ප්‍රායෝගික බලාපොරොත්තුව ලෙස සැලකිය හැකි අවසාන ඡන්ද ප්රතිඵලයයි. ඒ බලාපොරොත්තුව මල්ඵල ගැන්වුනහොත්, කිසිදු පක්ෂයකට බහුතරයක් හිමි නොවී, කෙලෙසක හෝ ආණ්ඩුවක් පිහිටවන කණ්ඩායමට කලින් කණ්ඩායම රට කාගෙන කාගෙන කාගෙන ගොස් නැවැත්වූ තැන ...