පැරණි ඡායාරුපයක් සහ සොඳුරු මතකයක් - A fading photo and a lasting memory රසිකොලොජි - Rasikology අල්විස් පොකුණ යනු පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය සැලසුම් කළ නිර්මාණ ශිල්පියා සිහිවෙනු පිණිස නම් කර ඇති විශ්ව විද්‍යාලයේ ඇති එක් ප්‍රසිද්ධ සලකුණකි.පේරාදෙණිය විශ්වවිද්‍යාලය භූමිය හරහා දිව යන ගලහ පාරේ පිහිටා ඇති මේ අල්විස් පොකුණ අසල දී ගන්නා ලද ඡායාරූපයක් ෆේස්බුක් හි බෙදා ගෙන තිබෙනු ඊයේ දැක මගේ අතීතකාමය අවදිවිය.ඉහත දැක්වෙන ඒ ඡායාරූපයෙන් පෙන්වන්නේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පිරිසක් විසින් තම සගයෙකුව ඒ පොකුණේ ...
මල්සරා නොහොත් අනංගයාට මොකද වුණේ? - An extinct creature? රසිකොලොජි - Rasikology මල්සරා නොහොත් අනංගයා යනු අපේ අම්මලා ගේ, පුංචි අම්මලා ගේ තරුණ කාලයේ රට හෙල්ලු චරිතයකි. අපි පොඩි කාලයේ ද, මේ අපුරු සත්වයා පිළිබඳ එහෙන් මෙහෙන් අසන්නට ලැබුණු නමුත්, පසුකාලීනව ඌ ලොවෙන් නොදන්වා ම අතුරුදහන් වී ගියා සේ පෙනේ.මේ කවුරුන්දැයි නොදන්නා හුදී ජනයාගේ දැන ගැනීම පිණිස කියනවා නම්, මල්සරා නොහොත් අනංගයා යනු ඉංග්ලිෂ් භාෂාවෙන් ඊරෝස් හෙවත් ක්‍යුපිඩ් ලෙසින් ද හඳුන්වන ආදරයට ...
විචාරක බ්ලොග්කරුවා සහ මා අතර ඇතිවුණු වලිය ගැන සටහනක් - Storm in a Teacup රසිකොලොජි - Rasikology "අසමි, දකිමි, සොයමි" බ්ලොගය පවත්වා ගෙන ගිය විචාරක නම් බ්ලොග්කරුවා ගේ මරණය පිළිබඳ ආරංචිය මට දන්වමින් සහෘද බ්ලොග්කරුවෙකු එවූ පණිවිඩයක, විචාරක සහ මා අතර කලකට ඉහත දී ඇති වුණු මත ගැටුමක් පිළිබඳව සඳහන් කර තිබුණි.ඒ බොහෝ මූලික තොරතුරු තවමත් සිංහල බ්ලොග් අවකාශයේ තිබුණ ද, ඇතැම් දේ පුද්ගලික පණිවිඩවල පමණක් සඳහන්ව ඇති නිසා, ඒ සියලු කරුණු එක් කර හැකි තරම් කෙටියෙන් ...
නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday රසිකොලොජි - Rasikology අද මෙන්ම එදා මා පාසල් ගිය සමයේ ද, ලංකාවේ පාසල් වාර තුනක් ද, නිවාඩු කාල තුනක් ද විය. ඒ පාසල් වාර තුනම, එක හා සමාන කාල පරාසයක, එනම්, අඩු වැඩි වශයෙන් සති දහතුනක් පමණ, පැතිරී තිබුණු අතර, නිවාඩු කාල ද, බොහෝ විට එක සමාන කාල ප්‍රමාණයේ විය.මා අද වෙසෙන ඕස්ට්‍රේලියාවේ පාසල් වාර හතරක් ද, එනිසා පාසල් නිවාඩු කාල හතරක් ද ...
ඡන්ද ප්‍රතිඵල නිවරැදිව කියා වටිනා ත්‍යාගයක් දිනා ගන්න - Win, win, win....!!! රසිකොලොජි - Rasikology කරුණාකර පෝලිමේ එන්න. කලබල නොවන්න. සියලු දෙනාට ම අවස්ථාව ලැබෙනු ඇත.එසේ නමුත්, මේ මා විසින් පවත්වනු ලබන, ඔබට සහභාගී වී ඡන්ද ප්‍රතිඵල නිවරැදිව කියා වටිනා ත්‍යාගයක් දිනා ගත හැකි තරගයක් නම් නොවේ. ආසන්න වශයෙන් මීට දශක හතරකට පමණ පෙර කාලයක පැවති ඡන්දයක් ආශ්‍රිතව ඉරිිදා පුවත්පතක් විසින් පවත්වනු ලැබූ තරගයක් පිළිබඳව ලියවුණු ලිපියකි.මේ මා කලින් විටින් විට සඳහන් කර ඇති 1977 ...
මට වෙන වැඩ හෙවත් I O Sirisena රසිකොලොජි - Rasikology නන්දා නැන්දා සහ විට්ටර් අංකල් ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයක් අද (ජූනි 18 සෙනසුරාදා) සිනුවර දී පැවැත්වෙන බවත්, නළාකාරයින් ගේ ලයිස්තුව පරීක්ෂා කිරීමෙන් පසු මා එය නැරඹීමට යාමට මට ලැබුණු ආරාධනාවක් පිළිගත් බවත්, ඊයේ මා ලියා පළ කළ "යනවා නම් යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං!" නම් ලිපිය ආරම්භයේ සඳහන් කළෙමි.මා හොහොමටත් ශාලාවක් ඇතුළේ සිරවී ...
ඒ දිනවල ජීවිතේ සහ මේ දිනවල ජීවිතේ හෙවත් "කොහොමද වෙනස සැපයි ද"? - One jungle to another රසිකොලොජි - Rasikology "කොහොමද වෙනස සැපයි ද?" යන්න බයියන් විසින් මූලිකවම ටොයියන්ගෙන් සහ සමහර විට පොදුවේ බයියන් නොවෙන සැමගෙන් සමහර විට අසන බයියන්ට සැනසිලි ත්‍යාගයක් බඳු වී ඇති ප්රශ්නයකි.අපේ ඔෆීසියේ ස්ථාන මාරුව සහ ඇක්ටිවිටි බේස්ඩ් වර්කින් හෙවත් වැඩට-ඉඩ ක්‍රමයට මාරුවීම නිසා එදිනෙදා ජීවිතයේ සිදුවී ඇති වෙනස්කම් කවරේදැයි දුම්රියේ නිවසට යන අතරතුර කල්පනා කර විශ්ලේෂණය කර බැලීමි.ඒ කවුරුන් හෝ "කොහොමද වෙනස සැපයි ද?" යනුවෙන් ...
පොඩි කම්මැලිකමක් සිතට ආවාම මොකද කරන්නේ? - Winter blues රසිකොලොජි - Rasikology හිරු උතුරු අර්ධගෝලය දෙසට වැඩියෙන් සලකන, දකුණු කුරු දිවයිනේ ඉන්නා අපට කුඩම්මාගේ සැලකිලි දක්වන, මේ දිනවල හේමන්තය ගෙවී, සිසිරය උදා වී, සිනුවර අවට පරිසරය සීතල වී ඇත. අද දිවා කාලයේ උෂ්ණත්වය අංශක දා හත නොඉක්මවනු ඇත. රාත්‍රියේ අවසානය වන විට එය අංශක පහට පමණ අඩුවෙනු ඇත. මේ තත්වය ජූලි මාසයේ අග වන විට තවත් දරුණු වෙනු ඇත. හිම වැටෙන, ...
ජැක්සන් ඇන්තනි රඟ පෑ නාට්‍යයක් (චූට්ටක් විතර) කොපි කළෙමි - Rasika Suriyaarachchi, the dramatist, director and actor, confesses...! රසිකොලොජි - Rasikology පාසලේ දී හතේ පන්තියේ දී සිංහල පාඩමේ කොටසක් ලෙස රඟ දැක් වූ එක්තරා කෝලමක, කච්ඡපුට බෝසත් චරිතය නිරූපණය කර ඇති මම පසු කලෙක, කෙටි නාට්‍ය දෙකක් රචනා කර, නිෂ්පාදනය කර ඇත්තෙමි. ඒ මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගන්නා කාලයේ පළමු වසරේ දී සහ තෙවන වසරේ දී ය.කෙටිය කී ලෙසින් ම කෙටි වූ නමුත්, නාට්‍ය කීවාට ඒවා නාට්‍ය ම දැයි නිසැකව ම ...
සම්මාන නැති කතාවක් - Awardless රසිකොලොජි - Rasikology මේ සැප්තැම්බරයේ දිගු දවස් ය. මේ සමය කොළඹ සාහිත්‍ය ක්ෂේත්රයේ උණුසුම් ම කාලය වෙන්නේ පොත් ප්‍රදර්ශන ද, පොත් එළිදැක්වීමේ උත්සව ද පමණක් නොව පසුගිය වසරේ ලියවුණු කෘති සඳහා සම්මාන පිරිනැමීම ද සිදුවෙන නිසා ය.ඒ ආකාරයෙන් සම්මාන ලැබූ කෘති සම්මානිත කෘති ලෙස ද, ඒ කෘති නිපදවූ ලේඛකයින් සම්මානිත ලේඛකයින් ලෙස ද සම්මානිත හැඳින්වේ.අසම්මානී යනුවෙන් වචනයක් තිබේ නම් අප එය අර්ථ දක්වා ...
සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September රසිකොලොජි - Rasikology වසර කිහිපයකට පෙර මා මිලට ගත්, නමුත් තවමත් කියවන්නට අවකාශයක් නොලද ආකර්ෂණීය නමකින් යුතු නවකතාවක නම මදක් වෙනස් කර එය භාවිතා කරමින් මා මේ සැරසෙන්නේ, මේ සැප්තැම්බර් මාසයේ සාහිත්‍යය පිළිබඳව ඇති උනන්දුව තවත් වැඩි කරවන සිදුවීම් කිහිපයක් පිළිබඳව සටහන් මාලාවක් ලියන්නයි.වර්ෂ 1995 අප්‍රියෙල් මාසයේ දී ඇරඹුණු මගේ විගාමික ජීවිතයේ දී සාමාන්‍යයෙන් මා ලංකාවට පැමිණියේ මහජන නිවාඩු දින රාශියකින් ද, දිගු ...
ලොකු ළමයෙකු ගේ ලොකු අකුරු - Ransirimal Fernando's blog රසිකොලොජි - Rasikology පසුගිය දිනවල හෝඩියේ පන්තියේ පොඩි ළමයින් ගැන ලියමින් සිට ඊට පසු "එයා දැන් ලොකු ළමයෙක්" ගැන ලියූ මට මට අද ඊටත් වඩා "ලොකු දෙයක්" ගැන ලියන්නට සිත් විය.මෙය "ලොකු දෙයක්" වෙන්නේ ලොකු ළමයෙකු ගැන ලියවෙන සටහනක් නිසා පමණක් නොව, මේ කාරණයේ මට ලොකු වැදගත්කමක් ද ඇති නිසා ය.මේ ලියන්නේ "ලොකු" ගැන ය. කෙටියෙන් ලොකු කියන්නේ මැද පිළිවෙතින් සිරිමල් ගැන ය. ...
මගේ අසමසම නාට්‍ය දිවියේ මුල් පියවර! - One small step at a time රසිකොලොජි - Rasikology මා මුලින්ම වේදිකාවක කෙරුණු නාට්‍යමය රංගනයක් දුටුවේ කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ පස්වෙනි ශ්‍රේණියේ සිටි කාලයේ යැයි සිතමි. ඒ වසරේ පාසලේ වසරාවසාන විවිධ ප්‍රසංගයට අටේ පන්තියේ ලොකු ළමයින් පිරිසක් එකතුව කෙටි නාට්‍යයක් ඉදිරිපත් කළහ. අටේ පන්තියේ ළමයි, ලොකු ළමයින් ලෙස මෙහි දී හැඳින්වූණේ, මා එකල පහේ පන්තියේ උගත් වයස අවුරුදු දහයක පොඩි ළමයෙකු වූ නිසා ම පමණක් නොවේ. අපේ පාසලේ ...
කෙළින් මිනිහා! - In memory of Don Baldwin Kuruppu රසිකොලොජි - Rasikology දොන් බෝල්ඞ්වින් කුරුප්පු හෙවත් ඞී බී කුරුප්පු ලේඛකයා ගේ මරණය අසා මට ඇති වූයේ අමුතුම ආකාරයක, එනම් දුක වැඩියෙන් ද, ඒ අස්සේ තරමක හෝ සතුටක් ද එකට මිශ්‍ර වූ හැඟීමක් බව මුලින් ම පවසමි. මෙල්බර්න් නගරයට පැමිණි දිනයක එක් වරක් හෝ ඔහු හමු වී මුහුණ බලා කතා කර තිබුණු නිසා ද, දින කිහිපයක් ම දුරකථනයෙන් ද කතා කර තිබුණු නිසා ...
මා බ්ලොග් ලියන්නේ ඇයි? - My car, my petrol රසිකොලොජි - Rasikology බ්ලොග් ලෝකයට පිවිස වසර එකොළහක් පිරීමට ඔන්න මෙන්න කියා තිබියදී මා බ්ලොග් ලියන්නේ ඇයි යන මාතෘකාව ඔස්සේ මේ සටහන ලියන්නට හිතුණේ කියවන ඔබට කෙසේ වෙතත් මට නම් එයින් කිසියම් හෝ ප්‍රයෝජනයක් වේ යැයි සිතුණු නිසාය.වසර එකොළහකට පෙර මා පෙම් ගී බ්ලොගය ඇරඹූ කාලයේ සිංහල අකුරු ලෙස අන්තර්ජාලයේ තිබුණේ එවකට දිවයින පුවත්පතේ අන්තර්ජාල පිටපත නිමවුණු කපුටා අකුරු පෙළ පමණි. ඒ අකුරු ...
දයා පතිරණට එරෙහි ජවිපෙ කුමන්ත්‍රණය - Beginning of JVP bloody politics : Stage 2 රසිකොලොජි - Rasikology මගේ රාවය ලිපිය මෙලෙස කොටස් වශයෙන් පළ කරන්නේ කැමැත්තන් ගේ පමණක් පරිභෝජනය පිණිස ය.මුල් කොටස:රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at midnighthttp://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.htmlදෙවන කොටස:කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Studentshttp://rasikalogy.blogspot.com/2015/12/jvp-vs-independent-students.htmlතුන්වෙනි කොටස:ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!http://rasikalogy.blogspot.com/2015/12/what-irony.htmlඅද සිව්වන කොටස.පෙර සඳ
පඩි පැකට්ටුව සහ බැංකු ගිණුම - Do we need banks? රසිකොලොජි - Rasikology පොඩි කාලේ අම්මා විසින් අරඹන ලදුව තැපැල් කාර්යාලය හරහා ගනුදෙනු කටයුතු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක් මට තිබුණි. ශත විසිපහ, පනහ, රුපියල බැගින් ගෙවා බැංකු පොතේ විශේෂ මුද්දර වර්ගයක් අලවා මේ ගිණුමේ මුදල් තැන්පත් කරණ ලදී. සල්ලි දැමීම මිස ආපසු ගැනීමක් ගැන එකල නොසිතුවෙමි.ඒ සුවිශේෂී අවස්ථාව උදාවුණේ මා උසස් පෙළ විභාගයට පෙනී සිටි පසුවය. එදා, මගේ ළමා ගිණුමේ තිබූ ...
ලොකු ළමයෙකු ගේ පශ්චාත්තාපය - Feeling bad රසිකොලොජි - Rasikology අප කුඩා කාලයේ දෙවරක් ම ජීවත්වූයේ තාත්තා ගේ මහ ගෙදර ය. දෙවන වරට අප එහි පදිංචියට යන විට එහි සිටියේ වයසක ආච්චී සහ අපේ ලොකු නැන්දා පමණි. සීයා මිය ගියේ ඊට මාස කිහිපයකට පෙරය.අපේ ලොකු නැන්දා විසින් හදා වඩා ගන්නා ලද බල්ලන් රංචුවක් ම ඒ නිවසේ සිටියෝ ය. මැදිවියේ පසුවූ අවිවාහක කාන්තාවක වූ ඇය මේ බලු පරපුරට තුන් වේලම බත් ...
පෝලීන් හැන්සන්, තෑන්ක්ස් මේට්! - Pauline Hanson, Thanks Mate! රසිකොලොජි - Rasikology "මගේ දෙයියා සහ උඹේ දෙයියා" යන ලිපියෙන් ඇරඹී, "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" යනුවෙන් ශාකාවක්ව විහිදී, "පෝලීන් හැන්සන් යනු කවුද"" යනුවෙන් පැතිරී ගිය දිගු කතාවේ මේ දිග හැරෙන්නේ තවත් පුරුකකි.මේ සටහනේ අන්තර්ගතය මා මුලින් ම ප්‍රකාශ කළේ 1996 දී මෙල්බර්න් නුවර 3ZZZ ගුවන් විදුලි සේවයේ සිංහල වැඩසටහනට දුරකථනයෙන් අමතමිනි. ඒ මා "පෝලීන් හැන්සන් යනු කවුද?" යන සටහනේ සඳහන් කළ පරිදි පෝලීන් ...
මල් කුමාරයා - Oh, no! රසිකොලොජි - Rasikology දැන් ඉතිං මා "උපන්දා සිට හෝ අවුල් වෙන දින දක්වා හෝ ස්වයං චරිතාපදානයක් ලියන්නට සිතෙන් සැලසුම් කරන නිසා, එක අතකට, මේ කෙටි සටහන් මේ ආකාරයට ලියා පළ කිරීමේ තේරුමක් නැත. නමුත් සැලසුම් ක්ර්රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු පිළිබඳව එතරම් පැහැදීමක් නොමැති නිසා, ඔන්න ඔහේ ලියා දමමි.අපේ චූටි නැන්දා ගේ විවාහය සිදුවුණේ මා කණිෂ්ඨ පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ කාලයේ ය. ...