කෙල්ලන් ගණිතය විෂයට අදක්ෂ ය! - Have a look at the statistics රසිකොලොජි - Rasikology මැවිසුරු නොහොත් ඉංජිනේරු වෘත්තිය අද මේ විසි එක්වන සියවසේ දෙවන දශකය ගෙවී යන කාලයේත් සෑහෙන දුරට පිරිමින් ගේ ක්ෂේත්රයකි.මා පේරාදෙණිය විශ්වවිද්‍යාලට ඇතුළත් වූ මීට පරම්පරාවකටත් වඩා ඉහත කාලයේ අපේ කණ්ඩායමේ සිටි විද්‍යාර්ථීන් 250 දෙනාගෙන් ගෑල්ළමයින් සිටියේ 10% ක් පමණ සංඛ්‍යාවකි. කුමක් දෝ හේතුවක් නිසා අපට වසරක් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ නම් ඒ සංඛ්‍යාව 16% ක් විය. නමුත්, මා එහි සිටි සිව් වසරක ...
කැල්කියුලේටර් පූජාව - Yet another untold story රසිකොලොජි - Rasikology මා කලකට පෙර ලියා පළ කළ ලිපියකට අන්තර්ගතය සැපයූ "අතහැර දැමූ ගුවන් හමුදා ප්‍රහාරය පිළිබඳ කතාව" මෙන් මෙතුවක් කල් නොකී රහසක් නොවූව ද මේ අද මා ලියන කැල්කියුලේටරයක් හා සම්බන්ධ සිදුවීම ද මෙතෙක් නොකී කතාවක් ම වේ.මෙය කියවන ඔබට ශාන්ත රසයක් ම ලැබේ යැයි උදක් ම සිතමි.සිය නැගෙණියන් තිදෙනාගෙන් වැඩිමහලු නැගෙණිය හෝ විවාහ කර දෙන තුරු සිටි නිසා දෝ, මගේ ...
වකුගඩුවක කතාවක් - Be an organ donor රසිකොලොජි - Rasikology මේ මා ලියන්නට සැරසෙන්නේ මගේ සිතට දැනුණු එක්තරා අපූරු හැඟීමක් මුලින්ම ලද දිනය ගැන සතුටුදායක කතාවකි. නමුත් හැම සතුටකට ම පසු දුක කනගාටුව අප කරා පැමිණීම ලෝක ස්වභාවය බව ද අමතක නොකර මුලින් ම පවසමි.මින් වසර පහකට පමණ ඉහත දිනයක මට ලැබුණු ඊ-මේලයකින් දැනගන්නට ලැබුණේ, මා දන්නා හඳුණන එක්තරා වැඩිහිටි මිතුරෙකු රෝහලට ඇතුළත් කර ඇති බවයි.ඒ වකුගඩුවක් බද්ධ කිරීමට ය.මේ ...
කූඹියෝ ටෙලිවෘතාන්තය නිසා සිහිපත් වූ නරුම කතාවක් - White collar ants රසිකොලොජි - Rasikology මා කියන්නට යන මේ සිදුවීම කලකට පෙර වූවකි. ඒ කතාව ඇසීමේ අත්දැකීම මා ලද්දේ ද මීට වසර එකහාමරකට පමණ පෙර ය. ඉඩ ලද විටක ඒ ගැන ලියා රසිකොලොජියේ පල කරන්නට සිතා සිටි නමුත්, එය ක්‍රමයෙන් අමතක වී ගොස් තිබී, මේ දිනවලට ෆේස්බුක් සහ බ්ලොග් අවකාශවල දිග හැරෙන කූඹියෝ නම් ටෙලි වෘතාන්තය පිළිබඳ කතා බහ නිසා අද උදෑසන යළි සිහිපත් විය.නොසිතා ...
ඉතිං මේ හේමන්තයයි - Autumn Blues රසිකොලොජි - Rasikology අද මා සේවය කළේ නිවසේ සිටයි. උදෑසන සිට ම අහස අඳුරු ය. සිරිපොද නමුත් වැස්සේ නැවතුමක් නැත. ගිම්හානයේ අද දක්වාම පැවතුණු වසන්ත සුන්දරත්වයේ අවසන් හුස්ම පොද ද පිටව ගොසිනි! සිතට එන්නේ අලස, උදාසීන අදහස් ය.දවසේ වැඩ අවසානයේ සිතේ දුක මෙලෙස ලියවුණි!ඉතිං මේ හේමන්තයයිඅහස අඳුරුයි පාළුයිරෝස ගස් පෙළ නිහඬයිසිහින් ඊතල වැස්සයිඉතිං මේ හේමන්තයයිගිම්හාන අව්රැල්ලහතළිහේ පෝරණුවදැන් සිතට අමතක යමල් රේණු, තණ කැබලිදසත ...
සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days! රසිකොලොජි - Rasikology ඉයන් ලින්තොට විසින් ආරම්භ කර ඇති නවතම බ්ලොග් ව්‍යාපෘතියට එකතු වීම පිණිස "සම්බෝල ප්‍රවර්ගයේ" කෙටිකතාවක් ලිවීම සඳහා වස්තු බීජ දෙක තුනක් සොයා ගැනීමට සිත පීරමින් සිටියදී, යටි හිතේ කොහේදෝ කොනක සැඟවී තිබුණු එක් සුන්දර සිදුවීමක් යළි මතකයට නැගුණි.සම්බෝල, අච්චාරු, චට්නි, සලාද, පපඩම් සියල්ල අමතක කර ඒ වස්තු බීජය ඉතා සැකෙවින් ලියා පළ කරන්නට මට වහා සිත්විය.මෙය කොල්ලෙකු සහ කෙල්ලක සම්බන්ධ ...
බලු මිනිසා සංකල්පයේ පසුබිම කුමක් විය හැකිද? - Saturday at home රසිකොලොජි - Rasikology අවුරුදු පහමාරක ළමයෙකු වූ මා විසින් අඳිනා ලද බල්ලෙකු ගේ හිස ඇති මිනිස් රුවක් පිළිබඳ පැරණි මතකයක් මම පසුගිය දිනෙක රසිකොලොජියේ පළ කළෙමි.එය නිවැරදි මතකයක් නොව අතේ පැළ කළ බොරුවක් බවට එක් නිර්නාමිකයෙකු මතයක් ඉදිරිපත් කළ අතර, වෘත්තීමය කමෙන්ට්කරු හිතවත් ප්‍රා.ජේ. Anubis යැයි ප්‍රශ්නාර්ථයක් සහිතව පවසා තිබුණි.ඒ බලු මිනිසා ගේ සංකල්පය ඇත්තට ම මගේ සිතට එන්නට ඇත්තේ කෙසේදැයි මා කල්පනා ...
කාන්තා හඬ සහ "ඉම තව දුර ය" - Book launch events and female speakers රසිකොලොජි - Rasikology මේ සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූ කිවියර ආරියවංශ රණවීරගේ "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයේ දී ලේඛකයින් විසින් කළ ප්‍රධාන කතා ත්‍රිත්වය අතරින් මා සිත වඩාත් ම ඇද ගත්තේ ප්‍රධාන දේශන ද්වයට අමතරව පෙර දැනුම් දීමකින් තොරව ක්ෂණිකව මෙන් ඉදිරිපත් කෙරුණු (නමුත් පෙර සූදානමක් තිබුණා යැයි මට නිකමට මෙන් සිතුණු) සුහර්ෂණී ධර්මරත්න කිවිඳිය විසින් කළ ඉදිරිපත් ...
ප්‍රේමකුමාර් ගුණරත්නම් (යාන්තමට) සම්බන්ධ පැරණි මතක සටහනක් - Революция и контрреволюция රසිකොලොජි - Rasikology
මෙහෙමත් මෝඩකමක් - What a fool...? රසිකොලොජි - Rasikology ඇත්තටම මෙය මෝඩකමක් යැයි සිතෙන්නේ අර හයින්සයිට් (අපරදෘෂ්ටිය) ද මොකක්ද එක නිසාය. ඒ සමගම ඒ මෝඩකම නො කළා නම්, කළාට පසු සිදුවුණු බලපෑ එකී නොකී කරුණු කාරණා සාධක සියල්ල එලෙසින් ම පැවතේයැයි ද මෙහි දී උපකල්පනය කෙරේ.එය එසේ නොවේ නම් මෙය මෝඩකමක් කියා වර්ගීකරණය කිරීම ඇත්තටම අසාධාරණ ක්‍රියාවකි!කතාව කෙටියෙන් මෙසේ ය.මට අපේ නැන්දා කෙනෙකුගෙන් තෑගි ඔප්පුවකින් කුඩා ඉඩම් කැබැල්ලක් හිමිවිය.නැන්දාගෙන් ...
සුද්දා පරංගියා කළ හැටි හෙවත් අහවලා ගේ නාට්‍යය ජීවිතයෙන් බිඳක්! - Sinhala Short Drama Festival - 15 October 2016 @ Dural, NSW, Australia රසිකොලොජි - Rasikology ඔහු ශාස්ත්‍ර පීඨයේ හෙවත් ආට්ස් ෆැකල්ටියේ අවසන් වසරේ සිසුවෙකි. එනම් පළමු වසරේ සිසුන් ලෙස පේරාදෙණිය මාකස් ප්‍රනාන්දු ශාලාවේ නවාතැන් ගත් අපේ අති ජ්‍යෙෂ්ඨ උත්තමයෙකි. ඔහු ගේ සැබෑ නම කුමක්දැයි මම අද ද නොදනිමි. ඒ අප සැම ඔහු හඳුනා ගෙන සිටියේ පරංගියා යන අන්වර්ථ නමෙන් නිසා ය.විශ්වවිද්‍යාලයේ දී පටබැඳෙන මේ ආකාරයේ අන්වර්ථ නාම බහුතරයක කිසිදු තර්කානුකූල පදනමක් නොමැති වුවත්, පරංගියා යන්න ...
අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life රසිකොලොජි - Rasikology අප කුඩා කාලයේ ලංකාවේ අවිවාහක කාන්තාවන් තනිවම ගමන් බිමන් යාම අවම වී යැයි සිතමි. එ නිසා, නැන්දලා, පුංචි අම්මලා සමග විවිධ ගමන් බිමන් යාමට, මංගල උත්සවවලට සහභාගී වීමට මට විවිධ අවස්ථා ලැබී ඇත. කුඩා කාලයේ චූටි නැන්දා සමග ඇය ගේ හිතවත් යුවලක් විසූ ගම්පහ නගරයේ නිවසකට ගියා මගේ මතකයේ ඇත. ඒ ගමන ගැන මගේ මතකයේ රැදී තිබෙන්නේ කාරණා දෙකක් පමණි.ඉන් ...
හෝඩියේ පන්තියේ ගුරුවරිය එදා කළ දේ කුමක්ද? - Words can generate fear...! රසිකොලොජි - Rasikology මොකක්ද ටීචර් අර ළමයට කිව්වේ?ඒ ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු විසින් මා ලියූ "බලු මිනිසා, මිනිස් බල්ලා" ලිපිය කියවා ඇසූ ප්රශ්නයකි. ඔහු (හෝ ඇය) ඒ අසන්නේ මගේ පෙර කී ලිපියේ ඇතුළත් වුණු රේඛා චිත්‍ර ද්වය ඇඳ පෙන්වා අදාළ ගුරුවරියට මගේ විරෝධය දක්වන්නට තරම් එදා වයස අවුරුදු පහමාරක කුඩා ළමයෙකු වූ මගේ සිත කෝපයට පත් කිරීමට තුඩු දුන් ගුරුවරිය කළ ක්‍රියාව කුමක් ද යන්නයි.මේ ...
දත් දොස්තරෙකු මට කළ හදියක මහත! - Oh, those torturers! රසිකොලොජි - Rasikology දත් දොස්තරෙකු මට කළ හදියක් නිසා මා මේ දිනවල සිටින්නේ තරමක දුකෙනි. තව දින දෙක තුනක් මේ තත්වය පවතිනු ඇත!නමුත් හැම කළු වලාකුළක ම රිදී රේඛාවක් තිබෙන්නා සේ, මේ හදිය නිසා හෙළිදරව් වුණු මගේ ආත්ම ශක්තිය ගැන මට දැඩි සතුටක් ද ඇත.කතාව මෙයයි.මගේ දත් වහල්ල පෙන්වීමට ගමේ දත් දොස්තර වෙතට ගිය දිනයක, ඔහු මා අසල නගරයේ පිහිටි විශේෂඥ දන්ත ශල්‍යාගාරයේ ...
හයේ පන්තියේ ළමයෙකු ගේ වැඩ කිඩ - Double celebration...!!! රසිකොලොජි - Rasikology කොඋ/කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ සිසුවෙකු ලෙස පහේ පන්තියේ දී පැවැත්වුණු තරග විභාගයෙන් ජයගෙන හයේ පන්තියේ සිට ඉගෙනුම ලැබීමට මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ඇතුළත් වුයේ හරියටම සෝවාන් සහතිකය ලබා ගත් උපාසකයෙකු ලෙස සතුටෙනි. එයට එක හේතුවක් වූයේ, එකී විභාගයේ දී මා ලැබූ ලකුණු ප්‍රමාණය නිසා හටගත් ළමා මට්ටමේ අහිංසක ආඩම්බරයකි. මට සමස්තය 261 ක් ද, සාමාන්‍යය 87 ක් ද වන ...
ජනාධිපති ර. ප්‍රේමදාස සහ අගමැති ඛලීඩා ෂියා ගැන පරණ කතාවක පුනරුත්පත්තිය! - To shake or not to shake රසිකොලොජි - Rasikology පසුගිය දිනවල කාර්යාලයේ දී අසන්නට ලැබුණු සිදුවීම් දෙක තුනක් නිසා එයට යම් ආකාරයක සම්බන්ධයක් ඇති මේ අතීත සිදුවීම මගේ සිහියට නැගුණි. ලංකාවේ ජනාධිපති ර. ප්‍රේමදාස සහ බංගලාදේශයේ අගමැති ඛලීඩා ෂියා සම්බන්ධයෙන් මේ විස්තර කරන්නට යන නිරීක්ෂණය මා කළේ 1991 වසරේ, දෙසැම්බර් මාසයේ, විසිඑක්වෙනිදා ය. මෙහිදී එතරම් පැහැදිලිව ඒ දිනය මට පැවසිය හැක්කේ මගේ අතිශය නිරවුල් මතකයක් නිසාම නොව, මේ අදාළ ...
නොකියා නොහොත් නොවැදගත් නොස්ටැල්ජික් නෝට්ස් - Dont worry about reading රසිකොලොජි - Rasikology "මම ආමි!" කියා කවුරුන් හෝ කී විට "ආ, ඇත්තද? මං හිතුවේ නේවි ය කියලා!" යැයි කියවෙන සරදම් බස විචාරකලා, කල්‍යාණ මිත්‍රලා, නොකී කතාලා පමණක් නොව ඔහේලා අපි ද දනිමු. ඒ ආකාරයේ ම තවත් පට්ට ගැසූ කෑල්ලක් වනුයේ "මං නොකියා එකක් ගත්තා!" කීමත්, එයට පිළිතුරු ලෙස, "ඇයි ඉතිං නොකියාම ගත්තේ?" හෝ "ඇයි ඉතිං කලින් නොකීවේ?" හෝ "කමක් නෑ පස්සේ හරි මතක් ...
හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up! රසිකොලොජි - Rasikology "හිටං විහිළු" යනු මොනවාදැයි දැන ගැනීමට සහ "හිටං විහිළු" කිහිපයක් හෝ දැන ගැනීමට පහත පළ කෙරෙන මගේ මුල් ම "හිටං විහිළු" වැඩ සටහනේ පිටපත කියවන්න.මෙය මා ඉදිරිපත් කළේ 2016 දෙසැම්බර් තුන්වෙනි දා සවස පැවැත්වුණු ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ වර්ෂාවසාන සාදයේ දී ය.කුණුහරුප සහ අමාරු වචනආයිබෝවන්, සුභ සැන්දෑවක් වේවා!ටික ටික වයසට ගිහින් ඉස නිකට පැහෙන කොට ...
ඇනෝනිමස් කමෙන්ට්කරුවන්ව නිශ්චිත ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය ජෝ බ්ලොග්ලාට හැකිද? - I know only a little රසිකොලොජි - Rasikology මා මේ පහත ලියා ඇති කරුණු මෙලෙස ගොනු කරන්නට ආසන්නතම හේතුව වූ සිංහල බ්ලොග් ලෝකය නම් තේ කෝප්පයේ පැවති චූට්ටං සුළි සුළඟ දැන් පහව ගොස් ඇති බව, මා ඒ ගැන ලිපියක් ලියා පළ කළ පසු, අදාළ පුද්ගලයින් විසින් ප්‍රසිද්ධ කමෙන්ටු මගින් මට (සහ අනෙකුත් පාඨකයින්ට) දැනුම් දී ඇත. පසුව ඊමේල් මගින් ද මා ඒ බව සැක හැර දැන ගත්තෙමි. ඒ ...
පව්කාරයාට ගල්ගැසීමේ බයිබල් කතාවේ අවුලක්? - Throwing the first stone රසිකොලොජි - Rasikology ඔක්තෝබර් දෙවෙනි දින මහනුවර දී පැවැත්වුණු ජාතික ජන බලවේගයේ ඡන්ද රැස්වීමක් ඇමතූ එම දේශපාලන ව්‍යාපාරයේ නායකයෙකු මෙන්ම මෙවර මහඡන්දයේ අපේක්ෂකයෙකු ද වන කුරගමගේ දොන් ලාල්කාන්ත සහෝදරයා බයිබලයේ සඳහන් ජේසුස් ගණිකාවකට ගල් ගසා මැරීමට තැත්කිරීමේ අවස්ථාවක් විසඳූ ආකාරය ගැන කතාව සිහිපත් කරනු ඒ කතාව යූටියුබයේ තිබේ ඊයේ නැරඹූ මට පෙනුණි. දේශපාලනිකව ඔහු පැවසුවේ, මීට කලින් අවස්ථාවල දී වෙනත් දේශපාලන පක්ෂවලට ...