අලුත් සැම්සුන් ගැලක්සි -7 ජංගම දුරකථනය සඳහා අලුත් රෙදි සෝදන මැෂිමක්? - Buy one, get another one? රසිකොලොජි - Rasikology මේ වචන මාලාව කියවා පුරුදුදැයි බලන්න."හායි යාළුවනේ, ඉතිං කොහොමද තොරතුරු. ඔන්න මං අද ඔයාට අරං ආවා අලුත්ම සැම්සුන් ගැජමැටික් එකක් ගැන විස්තර. මේක නම් සුපිරි බඩුවක් යාළුවනේ.වැඩි කතා මොකටද, එහෙනං මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයා ම කියවලා බලන්නකෝ.ආයේ මං ඔයාලාට සුපිරි බඩුවක් අරං එනතුරු ටටා, බායි, හොඳේ?"කලකට පෙර සිංහල බ්ලොග් අවකාශයේ ඉහත සඳහන් කළ ආකාරයේ ලිපි(?) නිතරම දක්නට ලැබුණි. ළඟදී මගේ ...
නෙළුම් යාය සම්මාන ප්‍රදාන උත්සවය පිළිබඳ මගේ සටහන - My highlights of the awards ceremony රසිකොලොජි - Rasikology නෙළුම් යාය උත්සවයට සහභාගී වෙන්නට මා තීරණය කළේ ඉතා හදිසියේ ය. ඒ තීරණයේ ආරම්භය වූයේ මා වෙනුවෙන් කිසිවෙකු මේ උත්සවයට සහභාගී කරන්නට හැකි දැයි ප්‍රධාන සංවිධායක විසින් එවන ලද පණිවිඩයකි. මට යම් කිසි ඉඟියක් එයින් ලැබුණි.මුලින් ම මා සිතුවේ මා වෙනුවෙන් මගේ මව මේ උත්සවයට සහභාගී කරවන්නයි. මට යම් සම්මානයක් ලැබේනම් එය ඇය අතින් ලබා ගන්නට ඉඩ ලැබීම මගේ මවට ...
අසුන්දර ඉංග්ලිෂ් හෙවත් අයි සස්පෙක්ට් - I suspect I can blog well? රසිකොලොජි - Rasikology අද තම උපන්දින සමරන, ලංකාවේ ප්‍රථම (සහ එකම) වෘත්තීය බ්ලොග්කරු ලෙස විරුදාවලි ලැබ සිටින, W3Lanka බ්ලොග්කරු මා මිත්‍ර අජිත් පැරකුම් ජයසිංහ කලකට පෙර ජනරළ පත්තරයට "සුන්දර ඉංග්‍රීසි" නමින් කොලමක් ලිව්වේ ය. ඔහු ඒ සමගම ඒ ලිපි පෙළ තම බ්ලොගය හරහා ද බෙදා ගත් බැවින් මා වැනි තවත් පිරිසකට ද ඒවා කියවන්නට ඉඩ ලැබුණි.මගේ රසිකොලොජියේ ද ඉංග්ලිෂ් භාෂාව පිළිබඳව ලිපි කිහිපයක් ...
අපේ ඔෆීසියේ මහ වැස්සක පෙර නිමිති - Activity Based Working (ABW), WTF? රසිකොලොජි - Rasikology කාර්යාලයක කෙරෙන හැම රැකියාවකට ම නිත්‍ය මේසයක් සහ පුටුවක් හිමි නැත. විශේෂයෙන් ම, කළමනාකරණ මට්ටමේ රැකියාවක් වුව ද, එය සේවා මුරයකට අදාළ නම්, එකම මේසය සහ පුටුව දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ විසින් දවසේ වෙනස් කාල වකවානුවලදී භාවිතා කෙරෙනු ඇත. ඊට අමතරව මහජනයා සමග ගනුදෙනු කරන ආයතනවල ඒ හා අදාළ රැකියාවන් කරන අය තමන් ඒ ඒ දිනයේ සේවය කරන ස්ථානය එකම ...
ඕස්ට්‍රේලියාවේ මහා නියඟය - Drought stricken Australia රසිකොලොජි - Rasikology මා මෙන්ම තවත් සිංහල බ්ලොග්කරුවන් ද, ඒ සමගම සිංහල ලේඛකයින් රැසක් ද වාසය කරන ඕස්ට්‍රේලියාවේ, මීට දශකයකට වඩා ඉහත සමයක මහා නියඟයක් ඇති විය."අල් නීනියෝ" හෝ "ලා නීනියා" හෝ එවැනි නමකින් හැඳින්වුණු කාලගුණික විපර්යාස මෙන්ම, පරිසර විනාශය නිසා වැඩිවෙමින් පවතින දේශගුණික විපර්යාස ද මෙයට හේතුව වූ බව කියවිණි. රටේ පරිසර විද්‍යාඥයින් බහුතරය ගේ උපදෙස වූයේ වායුගෝලය වස සිටින ඕසෝන් ආවරණයට ...
රුසියානු කතන්දර කිහිපයක් - From Russia with love රසිකොලොජි - Rasikology ඊයේ සවස සිංහල බ්ලොගයක පළවී තිබුණු ලිපියක් කියවීමෙන් පසු එහි අන්තර්ගතය හා සම්බන්ධ කතා රාශියක් මගේ සිතට එක පිට එක නොනැවතී ගලා එන්නට පටන් ගත්තේ ය. අද පළ කිරීමට සිතා සිටි ලිපිය මදකට අමතක කර ඒ කතාවලින් කිහිපයක් හෝ සටහන් කරන්නට මා සිතා ගත්තේ ඒ නිසා ය.මා ඉහත සඳහන් කළ ලිපිය පළ වී තිබුණේ අජිත් ධර්මා ලියන කොළඹ ගමයා බ්ලොගයේ ...
දෙසිය පනස් හය - A magic number for some! රසිකොලොජි - Rasikology • එක තැන කොටු පනින සීමාසහිත බලතල ඇති රජෙක්, • දස අත තම බලය පතුරවමින් සීමාරහිත දුව පනින රැජිනක්, • රුවිතෙට ම යන පුජකයින්, • අස්ස රේස් යමින් රජුගේ වුවත් හිසට උඩින් පනින්නට මැලි නොවන ඇමතිලා • හදිස්සියට රජුට සැඟවෙන්නට දෙකොනේ පිහිටි බලකොටු, • රජාව රකින්නට මෝඩයින් මෙන් ඔහේ ඉස්සරහට ගොස් මැරුම් කන භටයින් ඒ විස්තරය කියවන විට ඔබට කුමක් ...
ජාතිවාදී කාන්තාවක ගේ අති භයානක ලොමු දැහැගන්වන ප්‍රකාශයක් පිළිබඳව සටහනක් - Racism at its best රසිකොලොජි - Rasikology මෙය විහිළු, සරදම්, හිනා-මනා කැටගරියක කතාවක් නොවන බව පළමුවෙන් ම කිව යුතුයි.මෙය:සත්‍ය කතාවකි. බරපතළ කතාවකි. බිහිසුණු කතාවකි. එසේම, මගේ පළමෝත අත්දැකීමකි. මේ කතාව කියවා අවසානයේ සංවේදී සිත් ඇති ඔබට ඇති විය හැකි සෘණාත්මක මානසික තත්වයන් පිළිබඳව ද කලින් ම අනතුරු හැඟවීමක් කළ යුතුය.කාලය:-වසර 1983 අගෝස්තු මාසය පමණස්ථානය: ශ්‍රී ලංකාවලංකාව දශක දෙකකින් ආපස්සට ගෙන ගිය, 1983 ජූලි ජාතිවාදී කලබල අවසන් වී ...
අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers! රසිකොලොජි - Rasikology මගේ පියා ගුරුවරයෙකි. ඔහු වයස දහනමයේ දී ගුරු සේවයට බැඳී වසර තිස් නමයක් සේවය කළේ ය. ඔහු ගේ සොහොයුරියන් දෙදෙනෙකුත්, සොහොයුරෙකුත් ගුරුවරු ලෙස සේවය කළහ. ඔවුන්ගෙන් දෙදෙනෙකු විවාහ වූයේ ද ගුරු සේවයේ අය සමග ය.මගේ මව ගේ දෙමව්පියන් ද, එක් සොහොයුරියක් ද ගුරුවරු ය. මගේ මව ද ගුරු සේවයට යන්නට සිහින මවමින් සිට ඇත ද, වෙනත් සිහිනයක්, එනම් විවාහ සිහිනය, ...
කාමේසු මිච්ඡාචාරා යනු කවර නම් පවක්දැයි කෙටියෙන් සරලව කිව හැකි අයෙකු ඕනෑ කර තිබේ! - A century old issue රසිකොලොජි - Rasikology මාර්ටින් වික්‍රමසිංහ ඉපදී ඇත්තේ දහනමවෙනි සියවසේ අවසාන දශකයේ දී ය. ඔහු තම මඩොල්දූව නවකතාවේ විස්තර කෙරෙන අත්දැකීම් ලැබුවේ විසිවෙන සියවස එළිපත්තේ සිට විය යුතුයි.එදා සිට අද වෙනතුරු ගත වී ඇති කාලය වසර සියයකට වඩා වැඩිය.නමුත් මඩොල්දූව නවකතාවේ ප්‍රධාන චරිතය වූ උපාලි ගිනිවැල්ලේට ඇති වූ කාමේසු මිච්ඡාචාරා යනු කුමක්ද යන සරල ප්‍රශ්නයට සරල පිළිතුරක් අදත් අපට නැත!පොඩි පොඩි අවුල් තිබෙනවා වුව ...
අයිරාංගනී සේරසිංහ, දෙනවක හාමිනේ සහ දීපානි ද සිල්වා -නිළියන් තිදෙනෙකු ගේ සමානකම් සහ අසමානකම් ගැන පිස්සු විග්‍රහයක් - Actresses and Politics රසිකොලොජි - Rasikology ඇත්තටම මා මුලින් ලියන්නට සිතුවේ දෙනවක හාමිනේ සහ දීපානි ද සිල්වා ගැන පමණි. නමුත් මේ සටහන ලිවීම අරඹන්නට පෙර, අයිරාංගනී සේරසිංහ ද මේ ලිපියට එකතු වූවා ය.එනිසා අයිරාංගනී සේරසිංහගෙන් ම සටහන අරඹමි.අයිරාංගනී සේරසිංහ (විවාහයට පෙර මීදෙනිය) සිංහල සිනමාවට අවතීර්ණ වී ඇත්තේ රේඛාව චිත්‍රපටයේ මවක ගේ චරිතය රඟපාමිනි. ඇය ඊට පෙර ඉංගිරිසි වේදිකා නාට්‍යවල තරුණ චරිත නිරුපණය කර තිබුණේ වුවද, රේඛාවේ ...
කඩේ ගියෙමි! - My shopping cart this week රසිකොලොජි - Rasikology අප සාමාන්‍යයෙන් කඩේ යන්නේ සති අන්තයේ ය. දෙන්නා ජෝඩු දමා නොවේ. එක්කෝ බිරිඳ ය, නැති නම් මා ය. ලංකාවේ ඇති කීල්ස්, සතොස සහ කාර්ගිල්ස් ආකාරයේ කොම්පැනි කඩ ප්‍රධාන වශයෙන් තුනක් අපේ පළාතේ තිබේ. නම් වශයෙක් කිවහොත් ඒවා වූල්වර්ත්ස්, කෝල්ස් සහ අල්ඩි ය. මීට අමතරව අයිජීඒ නමින් ස්වාධීන කඩකරුවන් ගේ කඩවර්ගයක් ද ඇත. ෆෑන්ක්ලීන්ස් නමින් ද කඩ වර්ගයක් කාලයක් තිස්සේ තිබුණු ...
අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය - Sunday, funday! රසිකොලොජි - Rasikology අලස දවසකි.අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.ඊයේ සවස් යාමයේ සිනුවර පැවැත්වුණු විවිධ ප්‍රසංගයක් නැරඹීමට ගියෙමි. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් සංවිධානය කර තිබුණු "මියැසි රංගන" නම් වූ ඒ ප්‍රසංගය පැවැත්වුණේ ග්ලෙන්මෝ පාක් නම් මා වසනා ගමෙන් කිලෝමීටර් හැටක් පමණ දුරින් පිහිටා ඇති නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ රංග ශාලාවේ දී ය.මේ ප්‍රසංගය සඳහා ...
මැරෙන එක ද පණ යන වැඩකි! - Near death experience of Rasikologist රසිකොලොජි - Rasikology දස වසරකට පෙර සිදුවීමක් ගැන මා ලියූ කවි පන්තියක් පෙරේදා එහි සංවසත්සරය සමරීම පිණිස රසිකොලොජියේ නැවත පල කළෙමි. ඒ සිදුවීම ගැනම, මා ගද්‍යයෙන් ලියා පල කළ “කතන්දරයක්" ද ඇති බව මතක් වුණු නිසා, එය ද, පොඩි සංස්කරනයකින් පසුව, නැවත පල කළ යුතු යැයි සිතුණි.මෙය කලින් කියවූ ඇත්තෝ සමාවෙත්වා.කතන්දරය කියවා එහි යටින් ඇති පැහැදිලි කිරීම ද කියවන මෙන් ඉල්ලමි.මෙන්න මා 2011 ...
ජම්පිං ෆිෂ් හෙවත් කවියෙන් කෙටිකතාවට - End of the World...!!! රසිකොලොජි - Rasikology ඊයේ සිය පස්වෙනි කෙටිකතා සංග්‍රහය වූ "නිරුවත් ජීවිත" ජනගත කළ, හෙන්රි වර්ණකුලසූරියව මා හඳුනා ගත්තේ කවි නිසා ය. ඒ මා විශ්වවිද්‍යාලයට යන්නට පෙර කාලයේ ලියූ පෙම් කවි සහිත පොතක් මගේ පුංචි අම්මා විසින් ඇය සේවය කළ ආයතනයේ එකල සේවය කළ බණ්ඩාර ඇහැලියගොඩට කියවන්නට දීම නිසා ඇතිවුණු අතුරු ඵලයකි.මගේ කවි පොත කියවූ බණ්ඩාර ඇහැලියගොඩ කළේ කවි ලියන එකෙකු පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට ...
වත්මන් ඕස්ටේර්ලියානු දේශපාලන පක්ෂ මා දකින අයුරු - Political parties in Australia රසිකොලොජි - Rasikology මෙය ඉතා සරල කියවීමකි. කොහොමටත් ඕස්ට්‍රේලියාවේ දේශපාලනය කෙරෙන ක්‍රමය සාමාන්‍ය පුරවැසියෙකු දකින ආකාරය එතරම් සංකීර්ණ නොවෙන බව කිව යුතුය.ලංකාවේ සහ ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන් ඕස්ට්‍රේලියාවේ ඇත්තේ ද ප්‍රධාන පක්ෂ දෙකකි. එනම් ලේබර් (කම්කරු) පක්ෂය සහ ලිබරල් (නිදහස්) පක්ෂයයි.ලේබර් කම්කරු පක්ෂය යනු වාමාංශික නැඹුරුවක් ඇති (centre-left) දේශපාලන පක්ෂයක් යැයි සැලකිය හැක. මූලිකව ම පෞද්ගලික ව්‍යවසාය ක්‍රමය මත විශ්වාසය තබන ආර්ථික ...
සින්දු කවි කිරීම සහ ජීවිතයේ ගීතය ද කවියක් කිරීම - This is life mate! රසිකොලොජි - Rasikology දේශපාලනය ගැනම බ්ලොග් ලියන්නෝ පවා විටින් විට කවි ලියා පළ කරනවා දැක තියෙනවා නේද? මේ වචන කිහිපය නිකමට මෙන් ලියවුණු ඒවා ය. වැඩිපුර සිතිය යුතු කරුණක් නොවේ.එසේ වුව ද සංවත්සරයක් ළඟම එයි.ජීවිතයනිවී යන්නට ළංවෙලා ඇතිපහන් සිළුවක් දෝලොවේ කොයි කාටත් නොදන්වාඉබේටම වාගේනිවී යන්නට ළංවෙලා ඇතිපහන් සිළුවක් දෝඋපන් දා සිට ඇවිලිලා ගොස්පහන් තිරය ද කෙටිය දැන් එලෙස ඇවිලෙන්ට ජවය දීතෙල් සිඳී ගොස් ...
තනේ වැනේ සහ තවත් කෙටි කවි - Short and sweet රසිකොලොජි - Rasikology වත්මන් යුගයේ සම්මත සිංහල සඳැස් කවිය යනු එළිසමය සහ එළිවැට සහිත පද හතරකින් සමන්විත වූවකි. ඒ එක් එක් පදයේ දිග (හෙවත් මාත්‍රා ප්‍රමාණය) අනුව කවියේ විරිත, සමුද්‍රඝෝෂ, මහ පියුම් යනාදී වශයෙන් වර්ගීකරණයක් ද කෙරේ. එසේ නම්, මේ සම්මත සිංහල කවි ආකෘතියෙන් ලියවෙන කවි අතර, කෙටිම කවිය වන්නේ එක පදයකට එක වචනයක් පමණක් ඇති කවියකි.මා මීට දශක කිහිපයකට පෙර එවැනි ...
ලෙක්චර්ස් කට් වීම! - Lecturer no show - First case report රසිකොලොජි - Rasikology මේ කියන්නේ ශිෂ්‍යයින් ලෙක්චර්ස් කට් කිරීම ගැන නොව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට ලෙක්චර්ස් කට් වීම ගැන ය.මගේ ජීවිතයේ විශ්වවිද්‍යාලවල ගත කර ඇති කාලය මැනිය යුත්තේ අවුරුදුවලින් නොව දශකවලිනි. එය ප්‍රමාණයෙන් 2.2 ක් පමණ වේ.එයින් රටවල් තුනක විශ්වවිද්‍යාල හයක ගත කළ ශිෂ්‍ය ජීවිත කාලය අත් හළ විට, පූර්ණකාලීනව කථිකාචාර්යවරයෙකු ලෙස ගත කළ කාලය දශකයකට වඩා මදක් වැඩි ය.පාසලක ගුරුවරයෙකු කුමක් හෝ හේතුවක් නිසා ...
අමු කවියක් - A raw poem රසිකොලොජි - Rasikology ආතතිය කියන්නේඋසස් පෙළ ගණිතයේ පාඩමක දී ඇසුණුවචනයක් පමණක් ම වූ සොඳුරු කාලයටවිෂාදය කියන්නේයුරෝපා බසක සිට සිංහලට පෙරළිච්චනවකතාවක දි හෝ හමු නොවුණුඅත්භූත වචනයක් සේ දැනුණු කාලයටවිරහ වේදනා පොදි කැටි ගැසූකවක් පබැඳීම යනුදුක නිවන, සිත සතුට ඇති කරන කාරියක් වුණු අරුම කාලයටහෙට දිනය අද දිනට වඩා හොඳ වේවි යැයිඇත්තටම හිතුණු ඒ කාලයටසිතුවිල්ල සැබෑ වුණු කාලයටකාල යානයක නැගහැකියාව ලැබේ නම් නැවත යා ගන්නට ...