වික්ටර් රත්නායක ගේ විවාහයෙන් හෙළිවෙන පිරිමින් ගේ කඳුළු නොපෙනෙන දුක! - Secret men's business රසිකොලොජි - Rasikology වික්ටර් රත්නායක පසුගිය මාර්තු පළමුවෙනිදා විවාහ වී ඇති බව දැන ගන්නට ලැබී ඇත.ඉතිං අපිට මොකද හලෝ?මේ ඔහු ගේ දෙවෙනි විවාහයයි.ඉතිං අපිට මොකද හලෝ?ඔහු ගේ පළමු බිරිඳ මිය ගොස් දැනට වසර දහතුනක් පමණ ගත වී ඇති බවත්, ඔහු මේ දෙවන බිරිඳ සමග වසර නමයක පමණ කාලයක් තිස්සේ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් කියවෙනවා.ඉතිං අපිට මොකද හලෝ?වික්ටර් රත්නායක ගේ වයස අවුරුදු හැත්තෑ පහකි.හෑ?වික්ටර් ...
මෙන්න බුද්ධාගමට නින්දා කරන නිසා තහනම් කළ යුතු කවියක් - Ban this poem in the name of Buddhism රසිකොලොජි - Rasikology ලෝකයේ ඇති මා දන්නා ප්‍රධාන ආගම් ඇරඹූ පුද්ගලයින් ඒ දහම් මුලු ලෝකයට ම පොදුවේ දායාද කළා මිස, එක් එක් පුද්ගලයින් ට හෝ කණ්ඩායම්වලට හෝ ආණ්ඩුවලට හෝ කොපි රයිට් යොදා, පේටන්ට් සහතික සහිතව භාර දුන් බවක් මම නම් නොදනිමි.ඒ අනුව සෑම ආගමික සංකල්පයක් ම ඕපන් සෝස්, එනම් අපට අවශ්‍ය පරිදි භාවිතා කළ හැකි, සංකල්ප ලෙස සැලකිය හැකි යැයි මම සිතමි! කෙසේ ...
ශක්තික සත්කුමාර, "අර්ධ" සහ අඳ බාලයින්ට ගිය රට! - Free Shakthika Sathkuara immediately රසිකොලොජි - Rasikology ශක්තික සත්කුමාර අප බොහෝ දෙනෙකු දන්නා කවියෙකි, ලේඛකයෙකි. ඔහු ලියූ "අර්ධ" නම් කෙටිකතාව පහත පළකර ඇත.ඒ වෙනුවෙන් ම අටවා ගන්නා ලදැයි පෙනෙන බෞද්ධ යැයි කියා ගන්නා අන්තවාදී සංවිධානයකින් ඔහුගේ මෙම කෙටිකතාවට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව මේ ලේඛකයාව පොලිස් අත්දඩංගුවට ගෙන ඇත.ආගමේ නාමයෙන් අන්තවාදීව කටයුතු කරන තලේබානියානු බෞදියක් ලංකාවේ බිහිවෙමින් පවතින බව යළි යළිත් තහවුරු වෙමින් පවතී.ශක්තික සත්කුමාර කවියා, ...
නිර්නාමිකයෙකු ලියූ 2018 ස්වර්ණ පුස්තක ග්රන්ථ විචාරය - Anonymous book reviews රසිකොලොජි - Rasikology මා 1995 වසරේ අප්‍රියෙල් මස ලංකාවෙන් ඕස්ටේර්ලියාවට සංක්‍රමණය කළ පසු පහළොස් වරක් ලංකාවට ගොස් ඇති නමුත් සැප්තැම්බර් මාසයක ලංකාවේ සිට ඇත්තේ දෙවරක් පමණි. ඒ 2012 වසරේ දී සහ 2018 වසරේ දී ය. පසුගිය සැප්තැම්බරයේ ලංකාවට ගිය මට දිගු කලක සිට අසා තිබුණු ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදාන උත්සවය නැරඹීමට හැකි විය. ආරාධිත අමුත්තන්ට පමණක් සහභාගී විය හැකි ඒ සාහිත්‍ය උත්සවය සඳහා ...
සිදත්ගෙ සිතුවිලි - Just before June ends රසිකොලොජි - Rasikology සිදත්ගෙ සිතුවිලි කන්ථක අසු පිට දිවා කලේ සිංහ සෙයින් ගම් දොර සැරිසැරුව ද අයිතිය මට නොව යසෝදරාටයි ඉස්සර කොච්චර ලං වී හිටියත් කසාදයක් බැඳ ගත්තට පස්සේ ඉඳහිට මිස මේ පැත්තෙ එන්නෙ නැහැ චන්නගෙ මිතු දම දැන් වියැකීලා! මහලු ලෙඩෙක් මල කඳක් දුටුවෙ නැති දිනයක් නැහැ මගෙ මෑත මතකයේ කලකිරෙන්න ඔය නිමිති ඕනැ ම ද? රාහුල පැටියා පාසැල් යනවා! කුරුල්ලෙක් ...
මැයි එකොළහ කළුවර රෑ - Ten weeks before black July 1983 රසිකොලොජි - Rasikology වර්ෂ 1983 පිළිබඳව සිහි කෙරෙන විට නිතැනින් ම අපේ මතකයට එන්නේ දකුණේ ජාතිවාදී කලබල ඇති වූ 1983 කළු ජූලියයි. ඒත් ඒ කූප්රකට කළු ජූලියට දෙමසකට කලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ඇති වූ ජාතිවාදී කලබලය ගැන දන්නේ රටේ ජනතාවගෙන් ඉතා අඩු ප්රතිශතයකි. මේ සටහන ඒ පිළිබඳව ය.විභාග සමත් කළ හැකි උගතුන් වූ පමණින් ම කිසිවකු බුද්ධිමතෙකු නොවන බව අප කවුරුත් අසා ...
මැයි එකොළහ කළුවර රැයෙන් පසු කතාව - Aftermath of racial violence at Peradeniya University on 11 May 1983 රසිකොලොජි - Rasikology මෙම ලිපියේ මුල් කොටසින් මා ඔබට කියූ කතාවේ සාරාංශය මෙසේ ය.සුන්දර පේරාදෙණිය සරසවිය අසුන්දර කරමින්, බුද්ධිමතුන් පරයා මන්ද බුද්ධික ලා ද, සිංහයින් පරයා සිඟාලයින් ද රජ වූ 1983 මැයි 11 දින රාති‍්‍රයේ දී, ඉන් දෙමසකට පසු එළැඹීමට නියමිත කූප්රකට කළු ජූලියට පුරෝධාවකයක් සේ වෙමින්, සිංහල සිසුන් පිරිසක් විසින් දෙමළ සිසුන් පිරිසකට පහර දුන් බව සහ තම ආරක්ෂාව පතා දෙමළ සිසුන් ...
ඇස් තැබීම නිසා සිදුවුණු (නැවත) ඇස් විවරවීම - Slave I Remain, Sir රසිකොලොජි - Rasikology කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති අවුරුදු උත්සවයක දී ගන්නා ලද ඡායාරූප කිහිපයක් නිසා මේ වන විට ෆේස්බුක් අවකාශය ගිනි ගෙන ඇති බව පෙනුණි. එයට තරමක් වියළි පොල් කොළ එකතු කරමින් සිටින අතරතුර මේ සටහන ද ලියා පළ කිරීමට සිදුවිය.ඒ ගිනි ඇවිලීමට හේතු වී ඇත්තේ මෙකී අවුරුදු උත්සවයේ දී සාම්ප්රදායානුකූල අලියාට ඇස තැබීමේ ක්‍රීඩාව වෙනුවට ඒ සඳහා යොදා ගෙන ඇති බවට පෙනෙන පහත ...
ප්‍රිසිලා ගොඩහේ්වා ගේ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නම් නවකතා ද්වය එළිදැක්වීමේ උත්සවය - A note about a doube book launch රසිකොලොජි - Rasikology මේ සටහන ලියන්නට පරිගණකය ඉදිරිපිට අසුන් ගත් මොහොතේ පැරණි උපදේශාත්මක කියමන් ද්වයක් මගේ සිහියට නැගුණි."කියවීම මිනිසා සම්පූර්ණ මිනිසෙකු කරයි" යන්න ඉන් පළමුවැන්නයි.මෙහි දී කියවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ, පොත්, පත් යනා දී ලිඛිත, මුද්‍රිත ලේඛන කියවීම බව අපට වැටහේ. එලෙස, කියවීමට නම්, ඒ ආකාරයේ පොත්, පත්, ලේඛන ලිය වී තිබිය යුතු ය. එනිසා, සම්පූර්ණ මිනිසුන්ගෙන් පිරි ලෝකයක් ඇතිවීමට නම්, මේ ලෝකයේ ...
කළු ජූලිය සහ ජවිපෙ - Thanks JVP රසිකොලොජි - Rasikology යම් කිසි පුද්ගලයෙකු හෝ සිදුවීමක් පිළිබඳ පුවත "ජාත්‍යයන්තරයට යෑමක්" ගැන අද සමහර මාධ්‍යවලින් ඇසේ. ඒ නිසා ම, ඒ යෙදුම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලවලට ද බෝ වී ඇත. එසේ වුවත්, ජාත්‍යයන්තර යන වචනයේ අරුත ජාතීන් අතර යන්න නිසා, මේ ජාත්‍යයන්තරයට යෑම යනු නිවැරදි යෙදුමක් නොවන බව භාෂා විශාරදයින් ගේ මතයයි.ජාත්‍යයන්තරයට යෑම යන්නෙන් අද අදහස් කෙරෙන කාරණයට සමාන තේරුමක් ගෙන ඒම ...
ඔබ වළ කජ්ජ ගැසූ පසු ඔබේ වත්පොතට කුමක් වේද? - Life after death රසිකොලොජි - Rasikology ඉපදුනොත් මිය යාම නියතය. අපි සැම එය හොඳින් දනිමු. අප නොදන්නේ එය සිදුවෙන්නේ කවදා ද යන්න පමණි.මිය යාම යනු සුලබ සාමාන්‍ය කරුණක් නිසා එය විස්තර කිරීමට සිංහල වචන රාශියක් ඇත. කළුරිය කිරීම, අපවත් වීම, අභාවප්‍රාප්ත වීම, එක්ස්පයර් වීම, වැලිගම්පිටි යෑම, වළ කජ්ජ ගැසීම එයින් කීපයකි.අප මිය ගිය පසු අප නැත. නමුත් මිය ගිය පසු ජීවත්වෙන අය ගැන මිය යාමට පෙර ...
වාචාල බණ - Yet another year ends...... රසිකොලොජි - Rasikology මා මේ දිනවල නිවාඩු සමය ගත කරන ලංකාවේ නිවසේ දින කිහිපයකට පෙර සාංගීක දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණි. තමන් සතු අතිරික්ත දේ අනුන් ගේ යහපත පිණිස දීම හොඳ කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නැත. කිසිදු තර්කානුකූල පැහැදිලි කිරීමක් මා මේ වන තුරු අසා නැතත්, මේ දන්දීම් අතරින් සාංගීක දාන වඩාත් උතුම් බව බෞද්ධයින් ගේ පිළිගැනීමයි.එදා සාංගීක දානයේ මුල් කොටසේ දී, ...
පියා ගේ විවාහය ගැන ලෙලුම් රත්නායක කියන කතාවෙන් මතුවෙන ලාංකික අමනකම - Love? WTF is that? රසිකොලොජි - Rasikology වික්ටර් රත්නායක ගේ කණිටු පුත් ලෙලුම් රත්නායක අද සයිබර් අවකාශයට මුදා හැර ඇති වීඩියෝව නරඹන අවස්ථාවේ එහි කියවුණු යම් යම් කරුණු පිළිබඳව සිත තරමක් හෝ හැඟුම් බර වුණ ද, ඔහු කී එක්තරා අමන කතාවක් නිසා මගේ මුවට නැගුණේ සිනාවකි.ඒ අමනකම අදත් ලංකාවේ කීප දෙනෙකු හෝ පෙළෙන අමනකමක් බව වැටහීම සිනහව අතරින් දුකක් ද ජනිත කළේ ය.නෑ, නෑ, මේ ඔබ සිතන ...
හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් කුළුණුහ් ශුඩු ශඬලුහ් ථලා පිශ මේ එණ්ණේහ් - Oh, what a feeling රසිකොලොජි - Rasikology මැයි දිනය යනු ලංකාවේ දේශපාලන පක්ෂවලට තම බලය පෙන්වීමට ඇති අගනා අවස්ථාවකි. තම පක්ෂය විපක්ෂයේ සිටින විට පාක්ෂිකයෝ මැයි පෙළපාලිවලට සහ රැළිවලට ඉතා උනන්දුවෙන් සහභාගී වෙති. නමුත්, ආණ්ඩු පක්ෂය වූ පසු මේ උනන්දුව කෙමෙන් නැතිවේ. ඉන් පසු රජයෙන් සපයන බස් ද, බත් මුල් ද, අරක්කු බාගේ බෝතල් ද, කැප් තොප්පි ද, ටී ෂර්ට් ද, අතට මුදල් ද මේ සඳහා උවමනා ...
මා නොවන මම සහ මගේ ඡන්දය - Why I would still vote for the JVP in 2018 රසිකොලොජි - Rasikology "රසික මචං උඹ මේ පලාබබා ඡන්දෙ දී උඹේ ඡන්දෙ දෙන්න හිතං ඉන්නේ කාට ද?"ඒ ප්රශ්නය මගෙන් ඇසුවේ රජීව් ය.ඔව් අර සහෝදරයා නම් වූ රූපවාහිනී මාලා නාට්‍යයේ සහාය චරිතයක් වන රජීව් ය.අජන්තලාට පමණක් නොව ජීවත්වෙන ඕනෑම අයෙකුට රජීව් හමුවිය හැකි ය. එය වෙනම කතාවකි.දැන්, "ඇත්තටම රජීව් මළා ද මෙයා, නැතිනම් ඕස්ටේර්ලියාවට පැනලා ගිහින් එහේ ජීවත්වෙනවා ද?" කියා මගෙන් නොඅසන්න. එය ද ...
අන්තිම කුණු කෑලි දෙක (ලෝකල් ඒවාය, ෆොරීන් නොවේ!) - Local rubbish රසිකොලොජි - Rasikology කුණු කතා මාලාව අවසන් කිරීමට හොඳ කුණු කෑලි දෙකක් ලිවීමට සිත් විය. මින් පළමුවැන්න කලකට පෙර සිදුවූ එකක් බැවින්, මා අතින් වෙනත් තැනක ලියවී, පාඨක ඔබ කලින් කියවා, තරමක් පිළුණු වී ඇති එකක් වෙන්නට ඉඩ ඇති නමුත් දෙවැන්න නම් දැන් අවුරුද්දකට පෙර දිනයක සිදුවුණු එකක් නිසා තවමත් කුණු වී නැත.මීට වසර හතකට පමණ පෙර කෙටි නිවාඩුවකට මම ලංකාවට ගියෙමි. ඒ ...
මගේ මහා පාද යාත්‍රාව - Shed killos, get fit, walk every day! රසිකොලොජි - Rasikology පසුගිය බ්‍රහස්පතින්දා මා ලද අත්දැකීමක් ඇසුරෙන් ලියවෙන මේ ලිපිය ලංකාවේ පසුගිය දිනවල පැවැත්වෙන පාද යාත්‍රා සන්දර්ශනයට කිසිදු සම්බන්ධයක් නැති බව කරුණාවෙන් සලකන්න.අපේ කාර්යාලයේ සිදුවුණු ස්ථාන මාරුවෙන් පසු වෙනදා කාර්යාලයට පෙරවරු 9:30ට ළඟාවෙන්නට නිවසෙන් පිටවුණු මා, ඊට වඩා උදෙන් පිටත් වී පෙරවරු 7:45 ට පමණ වැඩ අරුඹන්නට පටන් ගත්තෙමි. තරමක් දුක තිබුණ ද, ඒ වෙනස සැප බව කලින් ලිපියක ලියූවෙමි.පසුගිය බ්‍රහස්පතින්දා ...
එසේ ම නොවේවා, වෙනත් විදියකට වේවා! - Dhananjaya Karunarathne's new year wish රසිකොලොජි - Rasikology ජනවාරි මුල් සතිය මෙන් ම, අප්‍රියෙල් මස මැද සතිය ද, එසේම වේවා යන්න පට්ට පතුරු ගැසෙන යුගයකි. දිගු කලකට පෙර වෙනත් බ්ලොගයක ද ඒ ගැන ලිපියක් පළ වී තිබුණි.මේ පිළිබඳව මගේ මෑත කාලීන ප්‍රතිචාරය වූයේ ඕනෑ එකක් වේවා යැයි පැවසීමයි.එහි සෑබෑ ම අරුත, "ඕනෑ කෙහෙල්මලක් වේවා!" යන්නයි.නාට්‍යවේදී ධනංජය කරුණාරත්න දැන් උදා වී ඇති එසේ ම වේවා සමය පිළිබඳව පහත ප්‍රතිචාරය ...
මාර්ටින් වික්‍රමසිංහ ගේ කුමර බඹසර සහ ජාතිවාදී මැර සම්බන්ධකම් - Obscure Observations රසිකොලොජි - Rasikology මාර්ටින් වික්‍රමසිංහ ගේ "උපන්දා සිට" නම් වූ ස්වයංචරිතාපදානය කියවා මා දැන උගත් කරුණු කිහිපයක් සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි.දහනමවන ශත වර්ෂයේ වසර 1890 දී උපන් මාර්ටින් වික්‍රමසිංහ ස්වෝත්සාහයෙන් උගත්තෙකි. විවිධ දුක් ගැහැට මැද ජීවිතය අරඹා පසුව පුවත්පත් කතුකම සහ ලේඛකත්වය නිසා සිංහල සමාජයේ පොත් පුවත්පත් කියවන පිරිස අතර ඉහළ ප්‍රසිද්ධියක් ලද්දෙකි.මාර්ටින් වික්‍රමසිංහ ගේ වඩාත් ජනප්ර්රිය වැඩි දෙනෙකු කියාවා ඇති කෘතිය ...
හෙලිකොප්ටරෙන් පක්ෂ රැස්වීමට ගිය කතානායකට තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිදුවේ - Good riddence රසිකොලොජි - Rasikology සතුට දනවන ආරංචියක් සවස් යාමයේ ලැබුණි. එනම්, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ වත්මන් කතානායකවරිය බ්‍රොන්වින් බිෂෝප් සිය තනතුරෙන් ඉල්ලා අස්වූ පුවතයි. මෙය අද මේ රටේ මධ්‍යම රජය කරන ලිබරල් පක්ෂයට සිදුවුණු තාවකාලිය නමුත් බලවත් පසුබෑමක් ලෙසත්, රටේ ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙසත් සැලකිය හැකිය.මේ සිද්ධියේ පසුබිම මෙලෙසය.කොටි රටේත් මෙන් මේ රටේ ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී, ඇමති, අගමැති, විපක්ෂනායක මෙන්ම කතානායකට ද විවිධ වරප්‍රසාද නැත. කොම්කාර් ...