බලා සිටිමි මග...... කටුසු හදවත බලාපොරොත්තුවහද මැද්දේ හිඳ කොනිති ගහන විටමතකය ඔබ ගැනසීතල රෑ යාමේවාවනු නොහැකිව කඳුළු නැගෙන සඳබලා සිටිමි මග නෙත් දල්වාගනවල්මත් හිමි සඳුනි.....ඔබ රුව ඉඳිකඩ පනින තුරා.....පෙර එක දවසකආදරයෙන් සිඹ ඔබ රස ගැන්වූ මුදු දෙකොපුල් තලරතු කල ඔබ සුරතේ සිරවී පියමැන ඇවිදපු මාවත අභියසඔබේ සෙනෙහෙ සුවඳින්.....පිපුන මල් සුවඳට සිත දුවයයි.....මදු සුවඳින්වියකුණු පෙම් සුවඳට ඉව කරනාවිටඅන් බඹරුන් ලොවසිරවුන පතිනි සිතුම්....මතකය ඉවකර ජීවත් කෙරුමට වෙර ...
බල්ලෝ සහ මිනිස්සු.... කටුසු හදවත ලෝක ගෝලෙ හරි මැද්දෙන් නිරක්ශයට ටිකක් යටින්අමුතු ඇටේ නම් ගන්නා රටක් තියෙන්නාමහ පුදුමෙකි අමුතු වැඩකිරටේ මිනිස්සුන් එක්වීපාලනයට තෝර ගන්නෙබල්ලොන් වන්නාඋඩින් ඉන්න බල්ලන්ගේවටිනාකම හරි වැඩියිලුකෝටි 10-15 කටඋන් බලු වෙන්නාමැද හරියේ ඉන්න බල්ලෝහරියට ක්‍රොස් වී නැති නිසාකෝටි 1-2 අතරපස්ස ලොවින්නායට තට්ටුවෙ ඉන්න බල්ලොතාමත් "වල් "නිසා උන්ටලඟට කතාකර කටු දීමිළියනයක් දෙන්නාගන්න ගාන නිසා උනුත්ටෙලිවිසොනය ඉස්සරහදීහිරිකිතයක් නැතුව තුටින්බලු ගූ කන්නාමේක දකින ජහමනයාඋන් කන ගූ ...
වස්සාන සිහිනය... කටුසු හදවත සීතල.....අම්මෝ....පහුගිය මාස ටිකේ ඔළුවේ ඉරි ඇදෙන්න පායපු අනුරාධපුරේමද මේ...,,?නුවර එළිය පරාදයි කිවුවළු.දැන්ම නැගිටින්න බෑ...අද ඉරිද....අද නිවාඩු....නිවාඩු දවසේ කවුද වේලස්සන නැගිටින්නේ...?පොරවගත්ත රෙද්ද ආපහු බෙල්ල ගාවටම...මොකද්ද දැකදැක හිටපු හීනේ...?ෂික්....මතක නෑනේ...හ්ම්ම්...කමක් නෑ...ආපහු වෙන එකක් බලමු."දාන්න මල්ලීවෙන DVD එකක්...හීන පිරිච්ච එකක්..""දාන්නද හොරර් එකක්...?""මොකක්...?හොරර් එකක්?එපා...එපා..ඕක බැලුවොත් දවසම අන්දමන් දූපතෙන් ආවා වගේ තියෙයි.""එහෙනම් ඇක්ශන් එකක්...?""පිස්සුද මිනිහෝ....මේ වැස්සේ ගහ
සුවඳ..... කටුසු හදවත පණ අදින සිත යදිනස්නේහය නොඑන කලනොමදමා ලඟ හිටියනොමදැනුණ නුඹෙ සුවඳදනෙනවා ගොඩක් මටහිත බරයි ගොඩක් අද...... කටුස්සා......
හදේ හිරු ඇහැරී ගිණි බිදී ලොව කළඹවා රහසේ... කටුසු හදවත සුවඳ මල්පෙති සුවඳ නොදැණුන පවට හිමිකම් කිවු සිතින්නෙලාගන්නට නොහැකි මල ලඟ දෙදණ නැමුවා බැති සිතින්ලඟ තියන් ලඟ බවක් නොදුටුව දෙනෙත සැලිලා සීතලෙන්වැටුන කඳුලක් දිලුනි පෙති මත සුවඳ බැලු ඒ අවසරෙන්සියත් සියවර සෙවුව ආලය විලිවැදුන ආඩම්බරෙන්දොස්කියූ සඳ තව බලන්නෑ තරු කැකුළු දෙස ආදරෙන්හිත රිදුන තැන් බොහොමයක් ඇති කීවා නාහන වලාවෙන්සෙවණ සෙවුවා පොලව හිනහී ඉරිතැලුන තැන් සඟවමින්නියඟලා මල් පාට ගිනිදළු ඇවිලෙනා පැතුමන් ...
ඒකද යුවතියකගේ දෛවේ.. කටුසු හදවත අඩෝ බලපං උඹේ අක්කා කරන දේ මේ කාමරේපට්ට බඩුවක් වගේමයිනේඑළම කිරි මේ ක්ලිප් එකේ ගමේ ආවොත් ශොට් එකක් මට ඉල්ලලා දීපන් පනේ කියූ නලියගේ දත් තුනක් බිම වැටී තිබුනා හංදියේ..මතකයක් නැති අම්මා පෙරදිනපිටවගියේ සෙනෙහස සොයන් එදා සිට ලඟ අක්කේ නුඹමයි හිටියේ හොක්කේ මා හොවන් දර ඉපල් වෙනි නුඹේ අත මත මගේ දිවියම හිරකරන් ගෙවා දැමුවේ නුඹ ළමාවියමගේ කුස පුරවනු රිසින්.. ...
වැළළුණු කවිකම කටුසු හදවත මම දැක්ක කුජීතම කවියා නුඹ මිතුරාන බිඳුනු පසු නෞකාව ඉතිරි සුංබුං වලින් තැනූ පහුරට නැගී මග නොදැන හාමතින් ආදරය සොයාගිය නපුරු කවියා නුඹයි දුටුව විට සා දෙනෙත නැවතිලා සීරුවෙන් දඩබිමට ගෙනවගන තනිකරලා වෑයමෙන් හාවෙකුට පෙම්කෙරුව නපුරු වෘකයා ඔබයි.... කිසිදෙයක් නොමැති නුඹ දෙස බලා ආදරෙන් තනිකමට කවි සිංදු එකින් එක මුමුණමින් ගී කියපු කිරිල්ලිය මැරුව කවියා ඔබයි හිතුමතේ පාව ගිය මල් ...
ජීවිතේම නුඹ අරගෙන යන්න ගියා වැනි... කටුසු හදවත නුඹට මට මිටට ගෙන බැලූ කළ ආදරය විශ්වයකි...... අනන්තය තනි තිතකි....... නුඹත් මමත් හමුවෙද්දී ; කාලය නිමේශයකි..... මේ මොහොත මහ මෙරකි...... නුඹේ මුව, කියන විට රහසේම නුඹේ ඇස් ; මිරිගුවකි...... ජීවිතය කවි පෙළකි...... කටුස්සා... ...
ඔබ හමුවූ දා පටන් මා හදවත අවදියෙන්.. කටුසු හදවත අහම්බයක්මේ තරම් ලස්සනවෙන්න ඕනෙද ?මේ තරම් ආදරණීය වෙන්න ඕනෙද ?මේ තරම් දුක හිතෙන්න ඕනෙද ? මේ තරම් මතක ඉතුරුකරන්න ඕනෙද ?හිතෙන හිතෙන වෙලාවට මතක්කර කර හිනාවෙන්න තරමටම ???එක්කෝනෑවිත් ඉන්න තිබුනා උඹට....බැරිමනම්ඇවිල්ලා ගුලිනොගැහී හිටියනම්;මගේ හිත අස්සේහිතේ රස්නේ ඇස් අගට නොගෙනහිනාවෙනවනේ අදත් මම.......අඩුමගානේමේ විදිහට මහ හයියෙන්ආත්මෙම හෙල්ලිලා යන තරමටමතට්ටු නොකර,හිමිහිට මෘදුවපිරිමදින්න තිබුනා මගේ හදවත....එහෙමවුනානම්මම තාමත් හුස්මගන්නවාසැනසිල්ලේ........ඔක්කොම ඉවසන්න තිබුනා....ඒත් අර හිනාව !රෑ තිස්සේ ...
To Mr.President. කටුසු හදවත පාලනය යස පාලකයා සුභසිතම්භරම් පට මාරුවෙයි අදවසන නිරුවත අමුඩපොට යටපුක සමග නැත දිය ලණුව වටපක්ෂ රජකම වැළඳ ලොභ සිතහිස පැළඳගත් කටු ඔටුණු මැදගලන රුධිරය තෙමන දෙතොලගදියව වැගිරෙයි සුභ සිහින ගඟහොරුන් මෙහි නැත සිටියේද නැතඇල්ළුවොත් හෙට තුනෙන් දෙක නැතහුජ්ජකරමින් දුවනු රිසිවෙනපක්ශයක් ලඟ රටම බලුවියදුන්න ඡන්දය වටින්නේ නැතපැරදුනත් එය රජ පිහිට ඇතරටේ ජනයගෙ ඔළුව මතහිඳගනියි පිල් දෙක ඔළු ගණන අදහිඟන්නොත් ඇත උණු ...
කෝ කොහේදෝ මා සොයන්නී.... ආදරේ දුන්නී....... කටුසු හදවත නික්ම යන මොහොතට කලින්මට කියනවද ලංවී හොරෙන්අපි අපේ වී උන්නු කාලයබොඳකෙරුව හැටි මතකයෙන්නෙතු තෙමන කඳුළැලි මතින්හිත තදකරන් ලත් ඉසිඹුවෙන්බලා මා දෙස සිනාසෙනවදඉරිතැළුණ සිහිනය මැදින්තුරුළුවී පෙර හුරු ලෙසින්නුඹ මගේ පපුවට හිස තියන්තවත් මොහොතක් රැඳෙනවද ලඟසෙනෙහසේ නටඹුන් මතින්මගේවුනු කල දුන් පෙමින්නෙක පාට තැවරුව හදවතින්තබා මතකය නික්ම යනු අදකිසිදිනක නොදකින ලෙසින්කටුස්සා.... ...
පෙම් පුදසුන මං තැබුවේ අසෙනිය මල් දෝතයි.... කටුසු හදවත සුසුම්ලන්නට දුකක් ගන්නට වරම් නැති දුක තබා නුඹ ලගබලාසිටියෙමි බොඳවෙනා නෙතුමුවාකරමින් නුඹේ සෙවනටදිනක තුරුලුව පවසනාතෙක්ආදරෙයි මම නුඹත් හිමිහිටනුඹ නෙතඟ රැඳි කඳුලු බිඳුවත්මහමෙරක් මෙන් රැඳුන පපුවකයලිත් පැමිනෙනතුරු වසන්තයබලාඉන්නට හැකිද ඇසු දිනසත්තමයි හිතවතිය හදවතමද සිනා සැලුවා......බලා නුඹ දෙස බවුන්වැඩු සිතමද සිනා සැලුවා......ඔය මුවඟ රැඳි එක සිනහවටවරු ගණන් තරු ගැන්න නෙතකටමුවග මදහස සදාකල්හිමරඳන්නට හැකිවෙදැයි ඇසුවිටසත්තමයි හිතවතිය හදවතමද සිනා සැලුවා......නුඹ සිනහා උල්පත් මැවූ සිතමද ...
සුරතාන්තය ප්‍රමාදයි...... කටුසු හදවත සදාචාරය සහ ගරුත්වය....ලෝකෙන්ම උතුම් රටයි කියලා කියන මේ අමුතු ඇටේ ඇතුලේ ඉන්න බහුතරයක් හුදී ජන මන අමුතුම ආතල් එකකට අරගන යන වචන දෙකක්.තව කෙනෙක් එක්ක කතා කරනකොට, තර්ක කරනකොට මේක ඇතුලේ ජීවත්වෙන ඈයෝ තරම් සදාචාරසම්පන්න පිරිසක් මේ ලෝකේ කිසිම රටක නැතුව ඇති.කොටින්ම කියනවානම් රෙද්දේ තුත්තිරි ගෑවුන උපාසක අම්මෙක්, සරමේ කහඹිලියා ගෑවිච්ච උපාසක මහත්මයෙක් මේ රටෙන් බෙහෙතකටවත් හොයාගන්න බෑ.මේ රටේ ජීවත්වෙන්නේ ...
To Mr.President 03 කටුසු හදවත To Mr.President 01 To Mr.President 02තාලය -"තුමුළ නමුනුකුල ගිරිහිස" ගීතය අනූවය .බබා සේ හිටං ඉඳහිට සරම ගෙන කරට සද්දෙටරැවටුවා තමයිකිමද මේ තරම් ඒ ගැන අපිට ඇඬෙන කාරණාමුහුණ රතුවෙලා හයියෙන් දැඩි තීරණ හිරකරගනඔහොම තටමනාකොට උඹ ලස්සනයි සිරාහිජකුපාම නීලකාස කෙල හලනා විට පක්ශෙටහැ(ඇ)ට දෙකට වඩා පක්ෂය ලොකුවුනිද සිරාපරාද උන් ගෙන වටේට උදවුකල පවට කෙලවනගුණේ නොදන්නා ජනපති උඹ වෙයිද සිරාකන්ද උඩරටින් දිදුලන තට්ට ...
සියළු සත්වයෝ නිවන් දකිත්වා.... කටුසු හදවත නාලක....එන්න සැතපෙන්නසාටකේ පොරවගනකොච්චරනම් සනීපද....සිවුරට වඩාසාටකේ.....තුරුල්වෙන්න තව ඩිංගක් කියන්න පොඩි රහසක්....සෝහිත, ශානි, ෆොන්සෙකා, රණවිරුවෝ.....ඔවු....ඔවු....ඒක තමයිප්රෙස් කොන්ෆරන්ස්....හෙට උදේ 11ටනොවැරදීම ඇවිත් ඉන්න....මතකයිනේ ඔක්කොම ටිකලියල එවන්නද පන්සලටම....ඔවු....ඔවු....එපා නාලක සැක හිතන්නකෙලෙහිගුණ....මම තරම් දන්නවද මේ රටේ කවුරුවත්....ධම්මේ....නෑ....නෑ....මේ මම....පැටියගේ අම්මා නෙමෙයිඒකි මරලා කොයි කාලෙද.....අතේ තවම ලේ නේද....එන්න පිහදාන්න සාටකෙන්....නොපෙනෙන්නබලන්න කොච්චර සනීපද සාටකේ....ගෑවෙනකොටත
සඳ ඉතින් මම ගිහින් එන්නද නොකියාම කිසිවක්.. කටුසු හදවත පාවෙන්න හීනයක.... මේ නුඹේ යාමයයිවිඳගන්න...සැනසෙන්න...හෝරාව පැමිණ ඇතදයාබරය....නොසොයන්න.... නොබලන්න....මතක යනු පෙන බුබුලුමැ'යිජීවිතය ඇත්තේමතවත් ගවුවක දුරින්මැ'යි"නිස්කාරන තුවාල ඇත්තේ කාටද...රතු ඇස් ඇත්තේ කාටද....මුද්‍රික පානය ලඟ පමාවන්නන්ටය"දයාබරය... හිත අරන් දියකරමුපා ලකුනු මැකෙන්නටඋරුවිසිත් බලාගන... පිරෙනතෙක් ඔය හිතත්ආයෙමත්සිහිගන්න.... යලි යලිත්...."ජීවිතය තිබ්බේම මතක ඇතුලේ වුනත්මතක යනු පෙන බුබුලුමැ'යිජීවිතයට අයිති නැති...."උරුවිසිය....පුරවන්න ඔය බඳුනපියවි සිහි අවැසි නැතසැනසෙන්න.... විඳගන්න....ජීවිතයමතක යනු
ගමම දැක්ක 'මීචා'. කටුසු හදවත කටුස්සා පොඩිකාලේ හෙන අහින්සක ඩෑල් එකක්ය.සින්හළෙන් කිවුවොත් මෙලෝ රහක් නැති එකෙක්ය.එකෙක් වම් කම්මුලට ගැසුවොත් දකුණද ඇල්ලීමට තරම් 'නිහතමානී' දරුවෙකි.එහෙත් එකෙක්වත් කටුස්සාට පහර දීමට නොපැමිනියේ ඒ පෘශ්ටිමත් බාහුවෙන් පහරක් කා ඉවසීමට අසීරු'යැයි සිතූ නිසා වියහැක.ඒ කොල්ලන්ය.කෙල්ලෝනම් එසේ සිතුවේ නැත.කටුස්සා 1 වසරේ සිට 3 වසර තෙක් පන්තියේ ඉඳගන සිටියේ එකල පන්තිබාර ගුරුතුමිය වූ "සිරිලා ටීචර්" ගේ දියණිය වූ "කෝකිළා"සමගින්ය.ඇය කෙල්ළෙක් වූවේ උප්පැන්නට ...
ඇයි මට නුඹ අහිමී...... කටුසු හදවත "අයියේ....""කියන්න......""ඇයි මාව මගාරින්නේ...?"'"මම....? මම මොකටද ඔයාව මගාරින්නේ?""ඒකම තමයි මමත් අහන්නේ.....ළඟට එනකොට ඈත්වෙන්නේ ඇයි....?""මම මොකටද ඔයාගෙන් ඈත්වෙන්නේ....ඈත්වෙලා කතාකරන එකට කියන්නේ මගාරිනවා කියලද....? අනික ගෑවි ගෑවි කතාකරන්න මම ඔයාගේ මිනිහද?""ඉතින් මිනිහ වෙලා ගෑවි ගෑවි කතාකරනවකෝ....එදත් කිවුවේ තව ටිකක් වේලස්සන ඉපදුනානම් ගෑනි කරගන්නවා කියලා""ඉතින් වේලස්සන ඉපදුනේ නෑනේ....ඒ නිසා ගෑණි කරගන්නත් බෑ....""අපි උප්පැන්නේ වෙනස් කරලා හොරට හදමු....එතකොට හරිනේ....""මේ මෝඩයෝ....මගේ කට අවුස්සන්නේ නැතුව හිටපන
පිදුවේ ඒ ඔබගේ හසරැල්ලටමයි ……….. කටුසු හදවත "මල්ලී...මොකද කරන්නේ අද හවසට...වැඩක්ද?""එහෙමට වැඩක් නෑ ගැමුණු අයියේ.... කවුරුහරි කතාකලොත් study room එකට යනවා....ඇයි...?""මාව පොඩ්ඩක් හම්බවෙන්න පුළුවන්ද 6ට විතර....? ""අවුලක් නෑ...පුළුවන්.... ""මම එන්නම් එහෙනම් 6ට උඹේ අකමඩේශන් එකට.... කොහේවත් නොයා ඉදපන්...." ..........................................................................................................................................."උඹ මාලබේ කොහේද බං..? තව බයිට් මොනවාහරි ගේමුද....?" "ඕනේ නෑ ගැමුණු ඇයියේ...මේ ඇති.... ""මේ කොල්ලෝ හරි පවුබං.පැය 12
මම නුඹේ... නුඹ මගේ... අපි අපේ විතරනම් කටුසු හදවත මටත් ඉන්නවා පිස්සු හපුටියෙක්...ඉවරයක් නැති කතා දෙතොල ලෙලවා කියනනොතිබ්බොත් හූමිටිය බුරාගන මට බනිනහම්ම්... කියනා විටක කතා නොකලට බනිනමගේ කට අරින විට ගිනි අරන් මට රවනලංවෙලා හුරතලෙන් පපුතුරේ සුව සොයනඋණුහුමට ගුලිවෙලා කිසිත් නොකියා ඉන්නමගේ අතැඟිලි හිසේ නොගැටුනොත් මා හපනහිස සිඹින විට පෙමින් දෙනෙත් හිමිහිට වැසෙනදුක හිතෙන වාරවල් හිතේ ගුලි කරගන්නලේසියෙන් කඳුලු බිඳු කිසි කෙනෙකු නොම දකිනකතා කරනා විටක සියල්ලම පිටදානවාන් ගැළුවා ...