හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම ප්‍රේම ගායනා නිමා නොවේ... කටුසු හදවත නිමාකලයුතු නොවන අයුරින්නිමාකල පෙම් කතාවක තතුහොරෙන් ලිවුවා වලාවක් මතදකින්නට නුඹ බලද්දී තරුනුඹම පමනක් දැන සිටිය මටනුඹම පමනක් අහිමිවුන තැනතවම පිපෙනා මිනී මල් ගෙනසැරසුවා හද දම්පාට පෙති රැගෙනදිනකි නුඹ මා හමුවියම යුතුතැනකි දහසක් කතා සිරවුනඑවනි දවසක වදන් ගොලුකරබලාඉමු අප නෙතින් අපිවම-කටුස්සා- ...
Enough is enough.... කටුසු හදවත මම ඉස්සල්ලම ඉස්කෝලේ ගියේ බත්තරමුල්ල කොස්වත්ත M.D.H. ජයවර්ධන විද්‍යාලයට.අම්මත් එක්ක බස් එකේ ඇවිත් කොස්වත්ත හංදියෙන් බැහැලා කලපලුවාව පැත්තට තියන ලොකු කන්ද නැගගන කොස්වත්ත පොලීසියත් පහුකරගන පයින්ම තමයි ඉස්කෝලෙට ආවේ ගියේ.කලාතුරකින් තාත්තා එක්ක වාහනේ.ඉස්කෝලේ ඇරිලා අම්මා එක්ක ගෙදර එද්දි පණුවා නලියන්න ගන්නේ "මංගල" ෆිල්ම් හෝල් එක ගාවදි.ඒක එහා පැත්තේ තිබ්බේ පත්තර කඩයක්.පුංචි, හපනා, බිංදු, සිඟිති සිත්තර වගේ පත්තරවල ඉඳලා වයසින් ...
නන්නං කටුසු හදවත ගේ ඉස්සරහා හරි කලබලයක්. පොඩි පොඩි කුරුල්ලන්, ලේනුන් එන කුරුලු ලෑල්ලට නීල කොබෙයියෙක් ඇවිත්. ඒකා හත් අවුරුද්දක් සාගින්දරේ හිටියා වගේ කුරුලු ලෑල්ලේ තිබ්බ පාන් ටික ගිලිනවා. පීඩිත පන්තියේ අනිත් එවුන් ඒකට දැඩි උද්ඝෝශනයක. බලවන්තයට උන්ගේ උද්ඝෝශනය ගානක්වත් ගියාද....? නෑ සහෝදරවරුනි... ඒකා පාන් ටික ඔක්කොම ගිලලා බිමට බැහැලා නන්නං ගහේ බිම වැටිලා තිබ්බ ගෙඩි වලටත් දෙතුන් පාරක් හොටෙන් ඇන්නා. රස ...
සදාකාලික ප්‍රේමයක්නම් කවද හරි අත් හැරෙනවා.... කටුසු හදවත යන්න දෙන්නට පුලුවනැ'යි මම කවමදාවත් හිතුවෙවත් නැතියන්න දුන්නත් යාවියැ'යි යයි හිත් අගිස්සක තිබුනෙවත් නැතියන්න දුන් පසු හෙලන හුස්මත් මේ තරම් බර වෙතැ'යි සිතු'නැතිනුඹව නැතිකරගන්න බැරි තැන නුඹට යන්නට දුන්නා වෙන්නැතිහිතක ගැඹුරට මුල් ඇදී ගිය ආලයක්නම් නුඹම පමනකිමට වඩා මගේ සිත කියවගත් නුඹට පදරුත් යලි අවැසි නැතියනෙන මගතොට නුඹව නොපතමි වචන තවමත් ගොලු නිසාමාව නොදකින මම දකින රූ සොයමි හිත ...
ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා.... කටුසු හදවත සඳට හිමි නැති සඳේ සිසිලස විඳින කඩුපුල් මලක පෙති ගෙනරැඳුන තුති පද එකින් එක ගෙන මාල අමුණා පෑව රංගනමල නොදන්නා සඳුත් නො'ඇසූ මන්ද්‍ර සප්තක තාල තුණුවිලසරසවා සනහලා පුදදුන් නිබ්බුතා පද මිටයි නුඹ මටදුරයි නුඹ මට දුරත් නෑ නුඹ හෙලන හුස්මත් ලයේ රැඳුනානෙතු වසා සිටි හැම නිමේශෙම අමන සිනහව නෙතේ ඇඳුනාකිසිම දවසක මට නොපෙන්වූ කඳුලු බර උර පාත්කෙරුනාමලක මල්පෙති නොවේ ...
සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් සේ.... කටුසු හදවත සුසුම් නැති සිනා ඇති ලස්සනම මතකයකහෙවනැල්ල මත වැතිර නුඹ මැවුන ඉසිඹුවකපපුව මත නුඹ හිසේ උණුසුම'ම සෙවු දිනකසමහරක් රැය ගෙවුනා ගෙවුන හැටි දන්නැතුවඅවදිවෙමි නුඹ සොයමි පියාගමි නෙතු නැවතසිහිකරමි වැළඳගමි හිස සිඹිමි හැමවරකලංනොවී ළඟ ඉන්න ඉගැන්වූ පාඩමකතිත් කොමා යලි ගනිමි වැරදි තැන ලකුණුකලවළාවකි'යැයි සිතූ නුඹ සෙනෙහේ වැළඳගනමුරණ්ඩුම ඇස් ඇතුලේ ජීවිතය සරසගනසිනහ පිරි උවනතේ මිහිර යලි මවාගනගිලෙමි මම උඹ තුලම අහිමි මා ...
අපි හැමෝම තකතීරුවෝ.... කටුසු හදවත ඈත ඉතිහාසය-ට්‍රීං....ට්‍රීං.....හලෝ....කවුද මේ මහ රෑ....මචං මේ මම....කවුද #ත්තෝ මම කියන්නේ.... නමක් නැද්ද උඹට... මම මචෝ... ඩොනා...ඩොනා....මොන ඩොනාද.... බුද්ධිකා මෑණියන්ගේ කොට්ටෝරුවද?නෑ...නෑ බං.... ඩොනල්ඩ්... උඹේ රටේ ජනා මචෝ....අම්මට.... ඩොනල්ඩ් ස.... මොකෝ මේ මහ රෑ හදිස්සියෙන්.... පණිවිඩයක් තිබ්බනම් මම ගන්නවනේ ස.... හිහ්...හිහ්...හිහ්...අනේ පලෑන් යකෝ යන්න.... උඹ අර චිං චොං එක්ක මල් කඩ කඩ මාව අමතකමකලා.... මම බලාගන හිටියේ පහුගිය දවස්වල උඹට දවස ...
හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ.... කටුසු හදවත තරු වැරූ අහසක් යඅමාවක අඳුරක් යකලක මෙහි තිබු සඳත් නෙක තරුඅහස හා අමනාපයක් යසඳ මඩල ශේෂයන් මවන නෙතු මිරිගුවකිදකුණු කුරුසියේ හොවාඇන ගැසූ හදවතකිතරඟයට නිමි නිමීසුවෙන්දැයි බැලු තරු නොමැතිඅහස මැද මොනවාටමවනවද අකුණු එළිවැහි බිංදු වැටෙද්දිත්පොළව දෙස බලාගනලෙංගතුම සැමරුමක මතකයන් දරාගනලඟ නොයිඳ ලඟ රැඳුනහුස්ම පොද දරාගනවරෙන් අපි පියාඹමුතරු රටා හොයාගනඉස්සරත් මහ ගොඩක් තරු රටා තිබුනාටමම බැලුවේ උඹෙ නෙතයි මගෙ පාර අවුලුවනකටුස්සා.... ...
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න.... කටුසු හදවත සොඳුරිය....අවැසිය කියන්නට ලංවීතුරුලුකරගන....උරහිසට දැනෙනා නුඹ හිසේ උණුසුමවිඳිමින්ම....නුඹ තවත් අසානැතිනොකී කතා දහසක්හිත තුලම ගොලුවගියතරු පිරුණ අහස ගැනවිල පිපුන ඕලු මලපිච්චමල් කැකුළියටසෙමින් කෙඳිරූ රහස....ගලන දිය පහර යටමතුවෙනා පෙණ බුබුලමැද නටපු දණ්ඩියකුසිනාසුන හැටි මත්ව....අතු පතර විහිද ගියනා ගසක දලු අතරනුඹේ මුව මැවුන හැටිහති වැටුන නෙත් කොනක....කඳුයාය අතර සුවවැසුන සෙවනැලි මැදිවහමාගිය නල රැළකමට දැණුන නුඹ සුවඳ....කෝපි මල් සිනා මැදගතු කියන සඳ එළියවිටින් විට ...
ඔබෙන් නෙත් ලැබූවේ හේමන්තකාලේ.... කටුසු හදවත ආදරය කිසිදිනකමියයන්නේ නැත සොඳුර....මියයන්න ප්‍රේමයක් තිබුනේ නැති සිත් ඇතුලේවැලපෙන්න අතීතයේඉසිඹුවක් නැති කතරේනුඹද මා.... මමද නුඹ....හුස්මගත් ජීවිතයේතිබුනේ නුඹේ ප්රේමයයිසිනාමල් වැටි අතරේ....නුඹෙන් ලද.... මගෙන් ලද....සැනසීම සිහිකරන්හිත්මත්තේ පොදි ගැහුනආදරය ගුලිකරන්ඇවිදයමු සීරුවටනැවත මුනගැසෙනකන්අයිතිනම් දිනක එය අපේ මේ කතාවටඋරහිසත් මගබලයි නුඹ හිසේ උණුසුමටකඳු නිම්න තැනිතලාගලාගිය නදීතෙරපැවසුවේ ප්රේමයදවිමසනා නෙත් අතැ'රශේශ කඳු මුදුනතකපිපි කරඹ රේණුවකරැඳුනු පෙම සිපගනිමුනුඹ නැවත එනදිනකආදරය කිසිදිනකමියයන්නේ නැත සොඳුර
හෙලන වැහිකැට ගණිනු හැකිනම් ආදරෙයි එපමනකි මං.... කටුසු හදවත රැයත් හරියට නුඹ වගේමයි....සුවහසක් දිදුලණා තරුකැටගලන දොල දිය නගන සර හඬවිඳින්නට හැකි සිත් පුරාබැඳෙන්නට හැකි දිවිතුරාරැයත් හරියට ඔබ වගේමයි....සඳත් හරියට නුඹ වගේමයි....දුරින් හිඳ ලොව එකලු කරවනවිටින් විට මට පෙනී නොපෙනෙනනොදකිනා දින හඬවනාතනිවෙනා සිත සනසනාසඳත් හරියට නුඹ වගේමයි....සිතත් හරියට ඔබ වගේමයි....එක තැනක නොනවතින සිතුවිළිහැරනොයා තනි මකන සෙවනැළිමතක පොත පිටු පුරවනාසරන හැම තැන හිනහෙනාසිතත් හරියට ඔබ වෙගේමයි....කටුස්සා.... ...
සඳ ඉතින් මම ගිහින් එන්නද නොකියාම කිසිවක්.. කටුසු හදවත පාවෙන්න හීනයක.... මේ නුඹේ යාමයයිවිඳගන්න...සැනසෙන්න...හෝරාව පැමිණ ඇතදයාබරය....නොසොයන්න.... නොබලන්න....මතක යනු පෙන බුබුලුමැ'යිජීවිතය ඇත්තේමතවත් ගවුවක දුරින්මැ'යි"නිස්කාරන තුවාල ඇත්තේ කාටද...රතු ඇස් ඇත්තේ කාටද....මුද්‍රික පානය ලඟ පමාවන්නන්ටය"දයාබරය... හිත අරන් දියකරමුපා ලකුනු මැකෙන්නටඋරුවිසිත් බලාගන... පිරෙනතෙක් ඔය හිතත්ආයෙමත්සිහිගන්න.... යලි යලිත්...."ජීවිතය තිබ්බේම මතක ඇතුලේ වුනත්මතක යනු පෙන බුබුලුමැ'යිජීවිතයට අයිති නැති...."උරුවිසිය....පුරවන්න ඔය බඳුනපියවි සිහි අවැසි නැතසැනසෙන්න.... විඳගන්න....ජීවිතයමතක යනු
සඳ හෙමින් බැස යන්න.... කටුසු හදවත ලිහී ගිලිහුණ කෙස් රොදක්පපුව මත්තේ රැඳි දිනක්දෑස් තුල මගෙ රුව සොයද්දීනෙතට නෙත දුටු ඉසිඹුවක්ආදරේ කියලා කියන්නෙමඋහුලගනු බැරි මතකයක්....ඇඟිලි තුඩු මත උණුහුමක්දැනෙන නිදි නැති දිගු රැයක්ඉවරයක් නැති කතා ගොන්නකමගහැරුන එක කොම්බුවක්ආදරේ කියලා කියන්නෙමදරාගනු බැරි හිස්කමක්....අනන්තෙට යන සිනහවක්හීන කන්දක අලු ගොඩක්කුරුටු කොල මලු ගණන් පුරවනසිනා කඳුලැලි උල්පතක්ආදරේ කියලා කියන්නෙමඅපිට අපි හමුවුන තැනක්....කටුස්සා.... ...
අහසනම් දුරයි... සඳ නේන වග සැබැයි... කටුසු හදවත හිතවතිය....මේ තමයි ඒ නිවනආදරය වැඩිපුරම ගුලිගැසුන නවාතැනතුරුල්වී විඳගත්ත....හිනා කන්දක පලමු පස්පිඩනොදැනීම නෙත තෙමුව....කඳුලු උල්පත මැවුව කෙම්බිමහැමතැනම....ආදරය විතරක්ම විසිරිච්ච අපේ තැනමායාව හිතදරා.... ඡායාව නෙත අස්සේ හංගලාවෑයමෙන්.. ලෝකෙටම හිනහිලා ඇතිවෙලාසැනසුමම විතරක්මමට දුන්න එකම තැනපෙරවදන් පසුවදන් අයිතිනැති කතාවකමියෙන්නට අවැසිමුත්....පුරුද්දට හුස්මගත් ආත්මය එපාවෙනනිමේශය....සැරිසරන්නෙමි සුවඳ සොය සොයනුඹ තැබූ පා ලකුණු ඉවකරමියගිහින් බොහෝකල් ජීවිතය....අවසාන සිනාපොදසොයන්නම් මම දිනක මෙතනදිම....මට මාව අහිමිකලදම්ප
සඳක් හොරෙන් මම අරන් ආවවග ඔවුන් දකීවිද රාත්‍රීයේ.... කටුසු හදවත ඇය සීතලම සීතල හිමකැටියකි. හැඟීම් සමුදායක් එක්තැන් වී සෑදුන සුපිරිසිදු හිම කැටයකි. ආදරය යන සංකල්පය මේ විශ්වයමත පහලවූවේ කෙදිනකද, එහි මුල් බීජානුවේ රැඳීතිබුන උත්තරීතරත්වය එලසින්ම සඟවා තබාගන උණුසුම් පපුවක් මත්තේ දියවයාමට බලාසිටිනාවූ හිමකැටකයකි. පපුව මත්තේ දියවයන මොහොතේත්, අනන්තවූ කාලයක් පුරාවට තම තුරුල්ලෙහිම සුරැකිව තබාගත් ආදරය බිඳෙන් බිඳ උණුසුම් පපුව අභ්‍යන්තරයේ පණ ගැහෙන හදවතට කාන්දු කරවීමට බලාසිටිනා , ඒ ආදරයෙන් පණගැහුනාවූ ...
මගේ අරුම පෙම් අංගනා.... කටුසු හදවත උඹ දැකපු හීනවලහැමදාම උඹ හිටියේ තනියෙන්ම....හුළඟ, තරු, හඳමුහුදු රළ හඬඋන් නුඹේ තනි මැකුවානුඹ උන්ගේ තනි මැකුවානිහඬවමමම දැකපු හීනවලහිටියේම උඹ එක්කබලාගන....තරු දිලෙන නුඹ දෙනෙතසිසි සිනා පිරි උවනමම උඹේ තනි මැකුවාඋඹ උන්ගේ තනි මැකුවානිහඬවමහිතවතිය....දෙවුර පටලන් සිනාසෙන්නටසවන පුරවා අසා ඉන්නටපෙරුම්පිරු හදවතක්...දකුනු උරයට මදක් පසුපසහුස්ම දැනෙනා නොදැනෙනා දුරහැමදිනම තප්පරෙමරැඳීහුන්වග නොදන්නා නුඹඋඹ දකින හීනවලතවම නුඹ ඉන්නේමතනියෙන්ම....මම දකින හීනවලදැනුත් මම ඉන්නේමඋඹ එක්ක...හිතුනොතින් දකින්නටහීනයම මා එක්කඉඩතියන් මගේ ...
මුලු ලොව මට ඇත ඔබ ලඟ සිත සුව යහනෙ නිදී..... කටුසු හදවත නිම්නයක තනිවිච්ච සෙබලෙකුට මග කීවදම්පාට ඇස් තියන නිල්පාට නපුරුච්චිමායාව දැවටිච්ච උද්දච්ච හිනාගොඩඅහුරුගෙන දෝතින්ම පිරිනැමුව යක්දෙස්සිගලන දිය පහර ලඟ පිපුන බෝවිටියා මල්විලිවදින බැල්ම හිමි මනමාල ඇටිකිත්තිලංවෙන්න බැරිතරම් ලඟින් හිඳ හිත හදනකිසිදිනක මගෙ නොවන පිච්චමල් දෙමලිච්චිසුළඟක්ව හමායන හිතුනාම නතරවෙනවෙනස්වෙන නොවෙනස්ම හිතක් ඇති අමනිච්චිහිරුවගේ පෙන්නගන සඳු මෙන්ම සිසිලදෙනහිටිගමන් හිරු මෙන්ම දුම් දාන මල මගුලිතරු දහක් දිලි දිනක දම්පාට තරු දෙනෙතහංගගන ලොකුකතා මට කියන ...
පෙම් පුදසුන මං තැබුවේ අසෙනිය මල් දෝතයි.... කටුසු හදවත සුසුම්ලන්නට දුකක් ගන්නට වරම් නැති දුක තබා නුඹ ලගබලාසිටියෙමි බොඳවෙනා නෙතුමුවාකරමින් නුඹේ සෙවනටදිනක තුරුලුව පවසනාතෙක්ආදරෙයි මම නුඹත් හිමිහිටනුඹ නෙතඟ රැඳි කඳුලු බිඳුවත්මහමෙරක් මෙන් රැඳුන පපුවකයලිත් පැමිනෙනතුරු වසන්තයබලාඉන්නට හැකිද ඇසු දිනසත්තමයි හිතවතිය හදවතමද සිනා සැලුවා......බලා නුඹ දෙස බවුන්වැඩු සිතමද සිනා සැලුවා......ඔය මුවඟ රැඳි එක සිනහවටවරු ගණන් තරු ගැන්න නෙතකටමුවග මදහස සදාකල්හිමරඳන්නට හැකිවෙදැයි ඇසුවිටසත්තමයි හිතවතිය හදවතමද සිනා සැලුවා......නුඹ සිනහා උල්පත් මැවූ සිතමද ...
දේවදාර තුරු පාමුල තාම මම හිඳිමි තනිවම.... කටුසු හදවත සඳක සෙවනැලි වසා පැතිරුනසඳ මඩල යට ගතු කියපු තරු ඉරට මතකද කියා ඇසුවිට සමච්චලයෙන් සිනාසුන නෙතුරිදුම්දුන් යටි පතුල් විනිවිදඇණුන සීතල රෝසමල් කටු බලාසිටියේ ඇත්තමයි මම මල් නෙමෙයි ලේ වැකුනු ලා දලුසිනාසෙන්නට අමතකවගිය පුරන්කෙත වල් වැදුන නියරකකුලුදුලේ පිපි පිදුරු හත්තක කුඩය මතුපිට මෘදුව හිමිහිටසිනා කඳුලැල් එක මිටට ගෙන ආදරය හා සමව මුහුකරපටුන පමනක් ලියා සැඟවුන කිවිඳියයි නුඹ කවිය ගොලුකලඅහස රත්පැහැ වෙන ...
ප්‍රේමයේ අස්වැන්න.... කටුසු හදවත ආදරෙත් කැමති ඇතිමියදෙන්න....තරු පිරුන අහස යටවළාකුලු තොටිල්ලකසුරඟනන් අඬනහැටි - සඳත් වත වසන හැටිදකින්නට....ලිහිනියොත් ගොලුකරන් - මල් පෙතිත් පරකරන්නිදන්නට....මැරිලා කම්මැලිවුනොත් - අඬන එක වැඩිවුනොත්නැගිටලා එකවරම මම මලේ විහිලුවටකියන්නට....වැඩියෙන්ම අඬපු අය - වැඩියෙන්ම ආදරෙයිසිතන්නට....ඒ සැනින් ආලයට වරදීවි හැම දේමපෙනෙන්නට නොහැඬුවට - සිහිවිකල් නොවුනාටකුණාටුවේ බර රඳපු - සුසුම් රැල් පපු දරපුහදවතක.... විසල් තෙත නොදැනෙන්න - ජීවිතය වරදින්නඒ ඇතිය ආදරේට....තනිකමට හුරුවන්නකටුස්සා.... ...