නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ කටුසු හදවත මහම මහා ඊරි උඹ දිව ඇවිත් කනට කරගොං කතාවක් කියා හිනහෙනාගෙම්බි උඹ ලබ්බි උඹ වැරද්දක්වුන සැනින්පුම්බ පුම්බා මටම ගොරවනාමෝහිනිත් උඹ යස්සනිත් උඹ පාලුවක් දැනුන විටමගේ නින්දෙනුත් මා ඇහැරනාගල්ම ගල් ඉබ්බි උඹ හිටිගමන් තරහාවීහොරෙන් බල බලා මටම ඔරවනාසෙවන උඹ සුළඟ උඹ දාහයෙන් පෙඟුන හිතසිසිල් සුව ආලයෙන් සනසනාඅරුත උඹ විරිත උඹ තාලයක් නැති දිවියනිවැරදිම තාලයට රඟවනාඅහස උඹ සයුර උඹ ඉමක් නැති ප්රේමයමබලන ...
පහන් කණුව කටුසු හදවත "මොනවද උයන්න තියෙන්නේ..." "වැටකොලු, කරවිල, කොහිල, රාබු.... සෝයාමීට් පැකට් එකකුත් තියනවා.... කරවිල ඉවුවොත් පොඩිපුතා කන්නේ නෑ.ලොක්කි වැටකොලු කන්නේ නෑ. දෙන්නටම අද පංති.ඕවා ඉවුවොත් එහෙම දෙන්නම බත් එක විසික්කරලා බඩගින්නේ පංති යයි." කරවිල සම්බෝල හදලා රාබු තෙල්දාමු. ජයේටත් කරවිල හොඳයිනේ.සෝයාමීට් තුනපහ දාලා කළුවට හදනවා... ආ.... බිත්තර වගයකුත් තිබුනා නේද...මේ තියෙන්නේ... හතරයිනේ තියෙන්නේ. කමක් නෑ.ඒක මේ අයට තම්බලා දෙනවා. ගෙදර ඉන්න මට ...
ලේ නහර ඇට මිඳුලු විනිවිද රිදුම්දෙන හැඟුමක්ද ප්‍රේමය...... කටුසු හදවත මේක ඉවරවෙන්න ඕනේ මේ විදිහටමද?දන්නේ නෑ... ඒත් ඉවරවෙන්න ලියවිලා තිබුනේ මේ විදිහට වෙන්න ඇතිනෑ... මේ විදිහට නෙමෙයි.... එක්කෝ අපිට වැරදුනා, නැත්තම් අපි වරද්දගත්තාඇයි එහෙම කියන්නේ?මම ආස නෑ මේක මෙහෙම ඉවරවෙනවටහැම දෙයක්ම අපි කැමතිවිදිහට ඉවරකරන්න අපිට බෑනේමම දන්නවා ඒක. මේ කතාව පටන්ගනිද්දිම ඉවරවෙන්නේ මේ විදිහට කියලත් මම දැනගන හිටියා.ඒත් මේක තවටිකක් ලස්සනවෙන්න තිබුනා , මීට වඩා දුක අඩුවෙන විදිහට..දුක අඩුවෙන විදිහට....? ...
පිපෙන්න මේ වැව තැනුවේ නුඹටයි..... කටුසු හදවත එය උමතුවකි.සත්තකින්ම එය උමතුවකි. ඇය උමතුවෙන්ම මා හට ආදරය කරන්නට පටන්ගන ඇත්තේය. මම මාගේ මුලු ජීවිතකාලය පුරාවටම කිසිවකුගෙන් නොලබුන තරමටම ඇයගෙන් ආදරය විඳිමින් සිටින්නෙමි. ඒ ආදරය ;මාගේ ජීවිතය විනිවිද යමින් ආත්මය තුල ලැගුම්ගන්නා අයුරු මම අත්විඳින්නෙමි. ඒ ආදරයෙන් ශූන්‍ය වූ මාගේ සිතුවිළි ඇයත් සමග ඈත අවකාශයේ පාවී යනායුරු සිනාමුසු මුහුණින් මම බලාසිටින්නෙමි. ජීවිතයට කිසි බරක් එක්නොකරනා ඒ ආදරය මා වෙනුවෙන්ම ...
සියලු සත්වයෝ නිවන් දකිත්වා-2 කටුසු හදවත සියලු සත්වයෝ නිවන් දකිත්වා-1නම නොදිරනා කයම දිරනා අකල්වට මේ දිවිමගේදිරන නොදිරන කුණු එකතුකර නිවා බඩපණු හාමතේතවුතිසාවට යන්න හෙම නොව පිදුවේ දොල අද මාවතේලබන හැම භව කවුන්සිලයට යන්න කියලාමයි පුතේසුමනපාල ජයවතියේ තංගවේලු මෙහෙට වරෙන්තියනවනම් සත පනහක් දාලා මේ කැට පුරවන්නොඉල්ලාම සිල් රෙදි දුන් උත්තමයෝ බේරගනින්රෙද්ද එලා සැතපීලා ජපන් කොඩිය ඇතිද බලන්වත්තේනිසා උඹේ මිනිහගේ මරණෙට නොවැඩපු ලොකුනමජයවතියේ දැක්කද උඹ වඩින ගැම්ම කැට ...
පාරමිතාවෙන් යලි උපදින... බැස යන්නද ජීවන පිය ගැට පෙළ... කටුසු හදවත සමන් මල් පැතු දිවිය අබියස පිපුණ කඩුපුල සුවඳ නැතිමුත් පෙතිමතත් ලේ තිබුනා මල වට රොන් සොයන සමනලුන් සිටියත් මලේ කටු මත පටලැවුනු තටු දරා නෙක නෙක පාට මැවුනත් පැන් වඩන්නට පිරිකරක් නැති හිතක් එක්කලා කෙලෙස ඉන්නෙම් ඇඹරිලාගිය ඉඳුසරක් මත නුඹ තැනුව පා ලකුණු ඉවකර ගතු කියනවා සුළඟ තාමත් පිපෙන්නට පෙර නෙලා ගත්තට නිබ්බුතා පද කියපු සියොතුන් ගොළුකරපු උන සන්නිපාතෙට කෝඳුරුවෝ ...
සැලෙන්නේ සිත අවදිවේයැ'යි බියටයි...... කටුසු හදවත මේ දුකම කොයිතරම් මිහිරක්ද හිතවතිය... වෑයමෙන් පපුතුරේ සඟවගත් ආදරය විළිබරව වේදනා විඳිද්දී සිහිනයෙන් සිහිනයට මගේ නෙතු පියන් මත නුඹ ඇවිත් තරු රටා මවද්දී බිම වැටුන මල් පෙත්ත මතවුවත් කවි සිංදු සිය ගණන් ලියන්නට හිතෙද්දී වේදනා නොවිඳින්න නුඹ දිනක ඔය හිතත් රැගෙන යන බව මමත් දනිද්දී දැනගනත් හැමදේම නොදන්නා සේ නුඹත් මා එක්ක වල් පල්ම කියද්දී නොදැනේවියැ'යි සිතා සඟවගන වෑයමෙන් නුඹ ...
මචං පාදඩේ... කටුසු හදවත මචං පාදඩේ ඉතින් කොහොමදසනීපද දැන් ආයිමත්නැටුව රුසියන් කෑලි බලලමආතල්ද උඹටත් ගොඩක්දවස් තුනකම ගාස්තුව නැතිසියිය පරවුන හිත්ගොඩක්සනසවපු හැටි උඹත් මාරයිදෙවනි වෙන්නෑ රජාටත්අසූගානක් තුවාලලු නේපවුනේද බං පොඩි එවුන්බලන්නටවත් බැරිවෙන්න ඇතිඅස්සේ සමුලුවේ වැඩ ගොඩක්එකෙක් දෙන්නෙක් මැරෙන්නෙම නෑමේක මහා හෙන කරුමයක්ඔහොම කම්මැලි වෙලානම් බෑනැද්ද හංගපු ගල්කටස්ඊයේ උන දේ අද මතක නැතිරටක ඉපදුණු තව එකෙක්විතරමයි බං මොකක් වෙනවදමතක නැති කොට ප්රථිපලත්නෑම කිවුවට බලන්නැති බංඋඹත් රහසෙම ...
දඟ මෙනවිය ඔබ මා වල්මත්කල අරුමැසියයි මෙලොවේ.... කටුසු හදවත මගේ අතින් ලියවෙනා හැම පුංචි කවියකමසිත ඇඳෙන සිහිනයන් මැවෙන හැම කතාවෙමආදරය වෑහෙනා ගොතන හැම වචනෙකමසරසන්න ජීවිතය යොදන හැම කොම්බුවෙමමම නොදුටු ලස්සනක් හැමදාම සොයාගනහිතුවේ නැති කතාවක් හිත්මත්තේ මවාගනබැන බැනත් හැමදාම ලස්සනයි කියන නුඹ.....කැණ කැණම වදදිදී නොකිවුවිට තරහ වීමේ කතා ලියන්නේ කාටදැයි අහනකොටකිසිදිනක පන්හිඳක් නොඅල්ලමි සිතුවාටනුඹ ඇවිත් නටනවිට මගේ මන පුරාවටවෙන කුමක් කරන්නද තව තවත් ලියනු මිස..... ...
මහපොළවට නොව මිනිස්කමට... කටුසු හදවත ලේ...ගලපුදෙන් හැමතැනමඔය මදිය පිපාසෙටඔලුගාන ගැන ගැනමහුරේ දැමු මිනිසුන්ටජාතියක් ජන්මයක්අවැසිනැති අහස යටලේ පිලී ඉවකරන් - වැඩට යන යක්කුන්ටමොල කෑලී කර තියන් - තෙල බෙදන අමනුන්ටපස් ගොඩට පෙම් බඳින - බිලි යදින හිවලුන්ටඕජසින් කුස පිරෙන - හොරිකඩම බල්ලන්ටකුස පිරෙන තලු මැරෙනහෝරාව එළඹ ඇතමදිය තව ගැලුව ලෙයහලාපන් පොළවටමකොඩිය මැද සිංහයටවිළිරුදා එන්නේ නැතඇසට ඇස දතට දතඔරවමින් තවම ඇතකටුස්සා.... ...
ජීවිතේම නුඹ අරගෙන යන්න ගියා වැනි... කටුසු හදවත නුඹට මට මිටට ගෙන බැලූ කළ ආදරය විශ්වයකි...... අනන්තය තනි තිතකි....... නුඹත් මමත් හමුවෙද්දී ; කාලය නිමේශයකි..... මේ මොහොත මහ මෙරකි...... නුඹේ මුව, කියන විට රහසේම නුඹේ ඇස් ; මිරිගුවකි...... ජීවිතය කවි පෙළකි...... කටුස්සා... ...
හදේ හිරු ඇහැරී ගිනි බිඳී ලොව කළඹවා රහසේ... කටුසු හදවත සුවඳ මල්පෙති සුවඳ නොදැණුන පවට හිමිකම් කිවු සිතින්නෙලාගන්නට නොහැකි මල ලඟ දෙදණ නැමුවා බැති සිතින්ලඟ තියන් ලඟ බවක් නොදුටුව දෙනෙත සැලිලා සීතලෙන්වැටුන කඳුලක් දිලුනි පෙති මත සුවඳ බැලු ඒ අවසරෙන්සියත් සියවර සෙවුව ආලය විලිවැදුන ආඩම්බරෙන්දොස්කියූ සඳ තව බලන්නෑ තරු කැකුළු දෙස ආදරෙන්හිත රිදුන තැන් බොහොමයක් ඇති කීවා නාහන වලාවෙන්සෙවණ සෙවුවා පොලව හිනහී ඉරිතැලුන තැන් සඟවමින්නියඟලා මල් පාට ගිනිදළු ඇවිලෙනා පැතුමන් ...
බාඳුරා කටුසු හදවත අහස සඳ තරු හිරුත් පසකින් සිතුවිළිත් ඇත පැටලිලාසිතේ දිය රළ රළපනාවේ වැදී පෙනකැටි විසිරිලාකණ කෙකිනියකගේ ඇසේ කඳුලින් කුමුදු මල් පෙති මැලවිලාරැඳෙනු බැරි දුක් වාන් දැමුවා නෙත් සොරොවුවෙන් පිටවෙලාහීන මවමින් කඳුත් පරයා දුකක් ගැන නොසිතුව නිසාහිතත් මෙලෙසින් ගතුකියයි අද නොතිබ්බට පොළවේ දෙපාආදරය නොහඳුනන හිතකින් ලැබුන ආලයේ ගිනි කකාලිහිනියොත් ගොලුවුනා රැයෙහිම උලලේනි ගී සුබ නිසානටුව මත කටු සිහිනොගෙන මල සිඹින්නට සිතුවත් එදාකටු ...
මම එවන්නම් .......... කටුසු හදවත නෙතු අගින් සිනාසී අඬන නෙතු දරාගන නිල් රෝස සිහිනයක් හිත් මත්තේ පුරෝගන නියඟලා මල් සුවඳ රැඳි සුසුම් හොවාගන එපා දුක්වනු සොඳුර සිහිනයන් මවාගන නුඹේ නෙරියත් අඬනවා ඇති වෙරළු ගෙඩියක පහස ඉල්ලා නුඹේ ලයෙනුත් එරෙනවා ඇති ක්ෂීර ගංගා මුට්ටි පුරවා අනවතත් විල සීත දියකඳ ගලනවා ඇති කොට්ට මිරිකා ධවල ඇත් රජු සොයනවා ඇති නුඹේ ගැබ සුදු නෙළුම රන්දා බාර හාර පුද ...
වැළළුණු කවිකම කටුසු හදවත මම දැක්ක කුජීතම කවියා නුඹ මිතුරාන බිඳුනු පසු නෞකාව ඉතිරි සුංබුං වලින් තැනූ පහුරට නැගී මග නොදැන හාමතින් ආදරය සොයාගිය නපුරු කවියා නුඹයි දුටුව විට සා දෙනෙත නැවතිලා සීරුවෙන් දඩබිමට ගෙනවගන තනිකරලා වෑයමෙන් හාවෙකුට පෙම්කෙරුව නපුරු වෘකයා ඔබයි.... කිසිදෙයක් නොමැති නුඹ දෙස බලා ආදරෙන් තනිකමට කවි සිංදු එකින් එක මුමුණමින් ගී කියපු කිරිල්ලිය මැරුව කවියා ඔබයි හිතුමතේ පාව ගිය මල් ...
ඊයා රනිල් ඔයානම් කටුසු හදවත මම කවුදමේ කොහේදමට මුකුත් මතකනෑනේකෝ මේ පත්තරේමම ජනාධිපති මේ රටේහොල්මන්දඅම්මටසිරි ඔව්නේමම ජනාධිපති උනානේඋනා නෙමෙයි කෙරෙවුවනේපොරොන්දු මමදුන්නද අඅමතක නෑ මට මුකුත්මොකක්යහපාලනයකොමිශන්සභාව්යවස්ථාවමේ මොන කුණුහරුපයක්දමොනවද ඒවාසිවිල් සංවිධානමම පොරොන්දුවුනාද උන්ටඑහෙනම් ඔන්න ඔහේ දීලා දානවාහැබැයි මට කියනවාදෙන්න ඉස්සල්ලාපක්ෂ සභාපතිආ ඔව් ඔව් ඒක මතකයිහෙන අමාරුවෙන් ගත්තේකලින් එකාගෙන්නොතිබ්බානං මටමොන නවනිංගිරාවක්දවයස දාසයේ ඉදංකටු කාපු මටමොනතරම් ප්‍රෞඩ පක්ශයක්දජනාධිපතිකම මොකද්දසභාපතිකම එක්ක බලද්දීමගේ පුතා ක්ලබ් ගිහින්මොකක්
දෙවු මවුන් නුඹ තුරුළු කරගෙන පොවනවද දෙතනේ කිරී කටුසු හදවත අඩෝ.... අපි ගියා එළුවන්කුලමේ.... ඊයේ රෑ ආවේ අඩේ...උඹලා ගියාද? කට්ටියම ගියාද....? කොහේද මේ පාර හිටියේ? කළා ඔයේද ගඟේ වාඩියේද? ගඟේ වාඩියේ බං..... ට්‍රිප ජොලිද.... නැගලා ගියාද....මම නැති අඩුව උඹලට සෑහෙන්න දැනෙන්න ඇති නේද? ඔවු ඔවු....මහ රෑට වෙරි බහින්න උස්සගන එන්න එකෙක් නැතුව කට්ටිය සෑහෙන්න උඹ ගැන කියෙවුවා තමයි.... වාඩියේ සෙට් එක ඇහුවෙත් උඹ ගැන තමයි.ඒත් මේ පාර එච්චර ජොලි නෑ ...
මහපොළවට නොව මිනිස්කමට... කටුසු හදවත ලේ...ගලපුදෙන් හැමතැනමඔය මදිය පිපාසෙටඔලුගාන ගැන ගැනමහුරේ දැමු මිනිසුන්ටජාතියක් ජන්මයක්අවැසිනැති අහස යටලේ පිලී ඉවකරන් - වැඩට යන යක්කුන්ටමොල කෑලී කර තියන් - තෙල බෙදන අමනුන්ටපස් ගොඩට පෙම් බඳින - බිලි යදින හිවලුන්ටඕජසින් කුස පිරෙන - හොරිකඩම බල්ලන්ටකුස පිරෙන තලු මැරෙනහෝරාව එළඹ ඇතමදිය තව ගැලුව ලෙයහලාපන් පොළවටමකොඩිය මැද සිංහයටවිළිරුදා එන්නේ නැතඇසට ඇස දතට දතඔරවමින් තවම ඇතකටුස්සා.... ...
කටුසු හදවත ජයවතී... කොහේද උඹඒ වෙලාවේ පාරක් ගැහුවට... හිතේ කේන්තියටදැන් ඇඬුවා ඇති නේදවරෙන් එළියට නාඩඅවුරුදු දහයකට මෙපිට උඹ එන්නට කලින් මෙහෙටයක්කු නටපු පිට්ටනියක් වගේ තිබුන මගේ නිවසඑළියවුනේ උඹ ආ පසු කොතෙකුත් මම කියා ඇද්දසමහර කාලවල් තිබුනා දුක් කරදර බොහොම ආපුපාන්බාගේ බෙදාගෙනත් කෑවා අපි සීනි එක්කඋඹ හිටියා මාත් එක්ක හෙවනැල්ලක් වගේ ලඟමකවදාවත් කිසිම බයක් දැනුනේ නෑ මගේ හිතටපුංචි එවුන් දෙන්නා එක්ක යමර යුද්දේ ...
ගිජු කටුසු හදවත හවසකදි විවේකිවසිටින විට නිදාගනදුරකතන ඇමතුමකිමගේ දෙසවන් සිඹිනකොහෙද හු..තෝ ඉන්නේසෙට් වෙමුද අද හවසගොඩ කලෙකින් දුටුවෙ නෑඋඹේ පින්බර මූණඇයි යකෝ හීනෙන්දපෙරේදත් හම්බුනේගෑණි සිටි නිසා ළඟබල්ලා සේ හිටියේ උඹඒ උනේ පෙරේදනේපැයම බර ගනනක්නේවරෙන් උඹ අද හවසගෑණි නෑ ගෙදර අදමගේ මිතුරෙකුත් ඇතබෝතළුත් දෙකක් ඇතබයිට් ටික හදමි මමඋඹ වරෙන් සෙට් වෙන්නහිතට තද සතුටක්යනොමිලේම බීමක්යගිහින් චුට්ටක් බීලාගෙදර එමි හනික මමගිය විටදි උගේ ගෙටපිරිසක්ය සාලේ මැදවරෙන් බන් ...