සෑම වර්ගයකම ක්ෂය රෝග නිවාරණයට නව ඖෂධ ප්‍රභාස්වර ක්ෂය රෝගය ලොව ප්‍රධාන මරණිය බෝවෙන රෝගයකි. නව ඖෂධ ප්‍රතිකාර දෙකක් මගින් සෑම වර්ගයකටම අයත් ක්ෂය රෝග සුව කිරීමට හැකි වූ බව වාර්තා වේ. සුව කිරීමට වඩාත් අපහසු ක්ෂය රෝග තත්වයන් පවා මැඩ පැවැත්වීමට මෙම ප්‍රතිකාර යුගලය සමත්වී ඇත.“සෑම එක් ක්ෂය රෝගියකුටම අවශ්‍ය ප්‍රතිකාර නිර්මාණය කිරීමට අපි සමත් වූවෙමු.” යැයි TB Alliance (ක්ෂය රෝග පෙරමුණ) හි සභාපති Mel Spigelman පවසයි. ...
සුවබර දිවි පෙවෙතකට සුරතල් මසුන් වගාව ප්‍රභාස්වර සුවබර දිවි පෙවෙතකට සුරතල් මසුන් වගාවවර්තමාන සමාජයේ සුරතල් සතුන් ඇති කිරීම සුලභව දක්නට ලැබෙන අතර සුරතල් මසුන් ඇති කිරීම විනෝදාංශයක් මෙන්ම ආර්ථික උත්පාදන මාර්ගයක් වන අතර එය ශරීර සෞඛ්‍ය රැක ගැනීමට ඉවහල් වේ. හෘද රෝගීන් සදහා මෙය කදිම විසදුමකි. ස්වයං රැකියාවක් හෝ හුදෙක් විනෝදාස්වාදය පිණිස කලද එහිදී ගැටළු මතුවන අවස්ථා සුලභය. මසුන් ඇති කිරීම ක්‍රමානුකූලව කලයුතු අතර ඉක්මනින් විනාශ වී ...
පාන් ආහාරයට ගත්විට ඔබටත් අපහසුතා දැනෙනවාද? ප්‍රභාස්වර පාන් ආහාරයට ගත්විට අපහසුවක් දැනෙන් නේ ඇයි යන්න ඔබ දන්නවාද?පාන් ,බනිස්,පේස්ට්‍රි වැනි බේකරි නිෂ්පාදන ආහාරයට ගත්විට බඩ පිපීම වැනි අපහසුතාවයන් ඇතිවේ. බොහෝ විට තිරිගුපිටි උපයෝගි කර ගනිමින් පාන් ඇතුළු නොයෙකුත් පිටි ආහාර නිෂ්පාදනය කරනු ලැබේ.මෙම තිරිගු පිටිවල ප්‍රධාන සංයෝග තුනක් දැකිය හැක.එනමි ග්ලුටන් ,WGA(Wheat Germ Agglutinin) , සහ ඔපියොයිඩ් පෙප්ටයිඩයන්ය. තිරිගු ,බාර්ලි සහ රයි වැනි ධාන්‍යවල පවතින ප්‍රෝටීන අතරින් 80% ...
අන්තර්ජාලය හරහා බිමට ලෙමනේඩ් ප්‍රභාස්වර ජලය වීදුරුවක්, LED බල්බයක් සහ විදුලි ස්පන්ධන භාවිතා කර මිනිසුන්ගේ ඉන්ද්රිය සංවේදීතාව ප්‍රයෝගයෙන් රවටා ලෙමනේඩ් පානයක මිහිර අන්තර්ජාලය හරහා ලබාදීමට සිංගප්පූරුවේ විද්‍යාඥයින් සමත්වී තිබේ. එනම් පෙනුමෙන් ලෙමනේඩ්, රසින් ලෙමනේඩ් වුවත් එය ලෙමනේඩ් නොවේ. මෙලෙස අන්තර්ජාලය හරහා බෙදාහදා ගනිමින් ලෙමනේඩ් පානයක රස විදීමේ හැකියාව ලබාදීම සාර්ථක විය හැකි විභවයක් සහිත සැලැසුම් සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් ගොඩනගා ඇත.පර්යේෂණ කණ්ඩායමේ ...
ඌණ භාවිත පලතුරු වැඩිපුර පරිභෝජනය කරමු. ප්‍රභාස්වර විශේෂයෙන්ම ආර්ථිකමය වශයෙන් වැඩි අවධානයට යොමු නොවූ (වාණිජවගාවක් නොවූ) නමුත් ස්වාභාවිකව වැවෙන , ජනතාව අතර එතරම් පරිභෝජනයකට ලක් නොවූ (වෙළඳපොලේ එතරම් දැකිය නොහැකි) එහෙත් ඉහල පෝෂණ හා ඖෂධීය ගුණයෙන් අනූන දේශීය පලතුරු ඌන භාවිත පලතුරු ලෙස හැඳින්වේ. ස්වභාවික තත්ව යටතේ මෙම පලතුරු සාර්ථකව වැඩෙන අතර වස විෂවලින් තොර, රසයෙන් ගුණයෙන් ඉහල නිසා මේවා විශේෂ පලතුරු කාණ්ඩයක් ලෙස හැඳන්විය හැක. මෙම ...
සෝයා කිරි ගැන ඔබ දන්නවාද? ප්‍රභාස්වර සෝයා කිරි ගැන ඔබ දන්නවාද? සෝයා කිරි සෝයා බෝංචි යොදා ගෙන නිපදවනු ලබන අතර ප්‍රෝටීන් බහුලවම අඩංගු වනවා මෙන්ම විටමින් වලින්ද පිරිපුන් වන අතර මේදය ඉතාම අඩුය. Lactose intolerant පුද්ගලයන් හට ලොව පුරාම අනුමත කරනුයේ සෝයා කිරි වන අතරම පුර්ණ නිර්මාංශී පුද්ගලයන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතා ලබාදෙනුයේද සෝයා කිරි මඟින් වේ.මේ ආකාරයට සෝයා කිරි පෝෂණීය ආහාරයක් ලෙස ආහාරයට එකතුකරගැනීමට සුදුසු වන නමුත් ...
ඝන කාබන් වල නවතම සොයා ගැනීම - Q-carbon ප්‍රභාස්වර පර්යේෂකයන් විසින් ඝන කාබන් වල නවතම අවස්ථාවක් (new phase of solid carbon )සොයා ගැනීමට සමත්ව ඇත. Q-carbon ලෙස හැඳින්වෙන මෙය මගින් කාමර උෂ්ණත්වයේදී සහ සාමාන්‍ය වායු පීඩනයේදී ලාබදායි දියමන්ති නිෂ්පාදනය කළ හැකි වීම තවත් විශේෂත්වයකි.සාමාන්‍ය ඝන කාබන් ගැෆයිට් සහ දියමන්ති (known solid phases of carbon: graphite and diamond) අවස්ථාවන් ලෙස සැලකිය හැකි අතර මෙම නවතම අවස්ථාව සුපිරි ගුණයන් පෙන්නුම් ...
භයානක සීකා උණෙහි අවධානම ගැන ඔබත් දැනුවත් ද? ප්‍රභාස්වර සිකා උණ (Zika Fever)- සිකා (Zika) යනු බෝවන රෝගයක් වන අතර, මෙය පැතිරී යන්නේ සිකා නම් වෛරස මඟිනි. එය ප්‍රධාන වශයෙන් පැතිරී යන්නේ ඒඩ්ස් නම් මදුරුවාගෙනි. මෙම රෝගයට ගොදුරු වන්නේ ඒඩ්ස් මදුරුවාගේ දෂ්ඨ කිරිමට ලක්වීමෙනි.මෙම රෝගය ව්‍යාප්ත වී ඇති රටවල් මෙසේය. මෙම රෝගයේ ලක්ෂණ හාත්පසින්ම ඩෙංගු රෝගයට සමාන වේ. එනම්, ü දිගු කාලීන ලෙස පවතින උණ. ü ඇස් රතුවීම මෙන්මඇස් ...
Untitled Post ප්‍රභාස්වර කිතුල් කැරියෝටා යුරෙන්ස් (Caryota urens) යන උද්භිද විද්‍යාත්මක නමින් හැඳින්වෙන කිතුල් ශාකය ඉංග්‍රීසියෙන් Fish tail palm යනුවෙන් හැඳින්වෙයි. පොල් ගසට බෙහෙවින් සමාන වූ කිතුග් ගස් පොල් තල් මෙන්ම තාල වර්ගයට අයත්වෙයි. හොඳින් වැඩුණු කිතුල් ගසක් අඩි 40 ත් 50 ත් අතර උසින් යුතුවෙයි. කිතුල් තෙත් කලාපීය දේශගුණයක් සහිත ප්‍රදේශවල වඩාත් සරුවට වැවේ. පොල් ගස මෙන්ම කිතුල් ගස මිනිසාට ඉතා ප්‍රයෝජනවත් ...
අප කන දේ ලිපාවත් නො දනී. ප්‍රභාස්වර සමස්තයක් වශයෙන් මානව වර්ගයා වඳ වීමේ තර්ජනයකට ලක් වී අවසන් ය. එලෙස සමස්තය වඳ වනවාටත් වඩා ශීඝ්‍රතාවයකින් සිංහල ජන වර්ගය වඳ වෙමින් සිටින බව පවසන්නට අමුතුවෙන් අටුවා ටීකා වුවමනා නැත. බැලූ පමණින් ම ඒ බව වටහා ගත හැකි ය. දරුවන් නොමැති වීමත්, සිටින දරුවන්ට ද වැඩිහිටියන්ට ද රෝග කාරකයක් පවා සොයා ගත නො හැකි භයානක රෝග පීඩාවන්ට ගොදුරුව ජීවත් වන්නට ...
මැලික් අම්ලය. (Malic Acid) ප්‍රභාස්වර මැලික් අම්ලය ස්වභාවයේ පවතින අම්ලයක්. මෙය පලතුරුවල ඇති සංඝඨකයක්. ඇපල් ගෙඩියක් කනවිට හෝ වෙනත් ඇඹුල් රසැති පළතුරක් හපන විට දැනෙන ඇඹුල් රස ගෙන එන්නේ මේ මැලික් අම්ලය මගින්. පළතුරුවල ඇති සීනි, රසකාරක, වෙනත් අම්ල වර්ග, සහ මැලික් අම්ලයේ සංකලනයක් ලෙසිනුයි පළතුරුවල දිගුකල් පවතින ඇඹුල් සහ නැවුම් රසය අපට ලබා දෙන්නේ. දැනුත් කටට කෙළ උණනවා ඒ බව මතක් වනවිට… මැලික් අම්ලයේ ...
පෘථිවියේ CO2 තීරණාත්මක සීමාවක!!! ප්‍රභාස්වර පෘථිවියේ කාබන්ඩයොක්සයිඩ් (CO2) මට්ටම සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී අඩුවීමක් දක්නට ලැබුනද මෙම 2016 වසරේදී එය සීමාකාරී මට්ටම ඉක්මවා ගොස් ඇත. ගිම්හාන කාලයෙන් පසු සාමාන්‍යයෙන් ශාක වර්ධනය පටන්ගන්නා නිසා කාබන්ඩයොක්සයිඩ්, ශාකවලට ලබාගැනීමසාපේක්ෂව ඉහළ යයි. එම නිසා උතුරු අර්ධගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සැප්තැම්බර් මාසයේදී, සාපේක්ෂව පහළ අගයක් ගනී. කොළ හැලෙන කාලයේදී ඒවා පසට එක්වී දිරපත්වෙන විට කාබන්ඩයොක්සයිඩ් නැවත පරිසරයට මුදාහරියි. මෙම ක්‍රියාවලිය මේ ...
කපුටු ඇස මෙන් පැහැදිලි වූ පමණින්ම පානීය ජලය පිරිසිදු යැයි කිව හැකිද? ප්‍රභාස්වර ජලය යනු ජීවයේ පදනම වන අතර ජලය නොමැතිව කිසිම සත්වයෙකුට ජීවත් විය නොහැක. දේහයට අවශ්‍ය නිසි ජල ප්රදමාණය නොලද විට මිනිසා ඇතුළු සියළුම ජීවීන් විජලනයට පත් වී ජීවිතක්ෂයට පවා පත් වේ. විශේෂයෙන් මිනිසා ගත්විට පානීය ජලය ලෙසට අමතරව ස්නානයට, ආහාර පිසීමට, වගා කටයුතු වලට සහ දෛනික විවිධ කාර්යයන් සඳහා මෙන්ම බලශක්ති උත්පාදනය ආදී විවිධ වූ වාණීජ ක්ෂේත්රය සඳහාද ජලය යොදා ...
මුහුණුපොතෙහි නව දත්ත මධ්‍යස්ථානය පුනර්ජනනීය බලශක්තියෙන් ප්‍රභාස්වර මුහුණු පොතෙහි (Facebook) ලොව පුරා ඇති දත්ත මධ්‍යස්ථානවලට අමතරව පස්වන දත්ත මධ්‍යස්ථානය Fort Worth හී ඉදිකරන බව Facebook ආයතනය දැනුම් දෙයි. ඉතා අධි වේගයෙන් වර්ධනය වන දත්ත ප්‍රමාණය සහිත බිලියන 1.5 ක Facebook භාවිතා කරන්නන්ගේ පහසුව සඳහා නව මධ්‍යස්ථානයක් අත්‍යවශ්‍ය වී ඇත. එය සම්පූර්ණ පුනර්ජනනීය බලශක්තිය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සමාගම ප්‍රකාශ කර තිබේ. Lowa, North Carolina, ...
වාෂ්ප වන ජලය සහ රහස් සංකේත තුල සැඟවුණු සත්‍යය ප්‍රභාස්වර සමහර මිනිස්සු බුලත් කොළය තුලින්ද අනාගතය දකිති. David Simmon Duffin උතුරණ ජලය පිළිබඳව වඩා විමසිලිමත් විය. උතුරණ ජලය ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පරිවර්ථනය වීම සඳහා ජල අණුවල පොරකෑමේ ක්‍රමවේදය ගණිතමය ගැටළුවක් ලෙස සැලකීමට ඔහුට අවශ්‍ය විය. එහෙත් න්‍යායාත්මක භෞතිකවේදීයෙක් වු ඔහුට එය පහසු කටයුත්තක් නොවීය.මෙවැනි සංසිද්ධි සම්බන්ධව අසාමාන්‍ය අයුරින් කරන සියලු සොයාබැලීම් වලදී මතුවන ඒකාබද්ධ ගණිතමය රටාවන් විශ්වය සම්බන්ධ ...
ඔතාගෙන යන TV එකක්............. ප්‍රභාස්වර තාක්ෂණික ලෝකයට එක් වන නවතම හදුන්වාදීම් අතරට බටයක් ලෙස එතිය හැකි රූපවාහිනියක් එක්ව තිබේ.ඉතා නම්‍යශීලී තිරයක් සහිත මෙම අගල් 18 ක රූපවාහිනි තිරය එසේ එතූ විට වට ප්‍රමාණය සෙ.මී 3 කි.මෙය කිසිම අපහසුවකින් තොරව එහා මෙහා ගෙන යා හැකි අතර එයට වැඩි ඉඩකඩක් ද අවශ්‍ය නොවේ.භාවිතා නොකරන අවස්ථා වලදී කැලැන්ඩරයක් මෙන් ඔතා වෙනත් තැනක තැබිය හැකිය.ය රූපවාහිනී තිරයේ විච්ජේදනය ...
ඖෂධීය ගුණ සපිරි දෙහි ප්‍රභාස්වර ඖෂධීය ගුණ සපිරි දෙහි ඖධීය ගුණයෙන් පිරි දෙහි, පොදු ජනවහරේ පැගිරි කුලයට අයත් යැයි පවසනු ලබන අතර, විද්‍යාත්මකව හදුන්වන්නේ රුටේෂි ශාක කුලය ලෙසය. මෙම කුලයට අයත් ශාක සම්භවය වී ඇත්තේ උතුරු ඉන්දියාව, උතුරු මියන්මාරය හා දකණු මධ්‍යම චීනයේ යුහාන් ප්‍රදේශය තුලය. මෙම ප්‍රදේශය තුල සිට ආසියාවේ අවට ප්‍රදේශ වලට මෙම බෝගය ව්‍යාප්ත වී වගාවක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබෙන්නේ වාර්තාගත ...
ගූගල් ක්වොන්ටම් පරිගණකය ප්‍රභාස්වර ගූගල් සමාගම ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ක්වොන්ටම් පරිගණක ව්‍යාපෘතිය පිළිබඳව තොරතුරු හුවමාරු කරමින් පවතී. මෙය නාසා ආයතනය හා එක්ව සිදු කරනු ලබන ව්‍යාපෘතියකි. තාක්ෂණික සමාගම් පවසන පරිදි මෙම D-Wave 2X quantum computing machine ට සාම්ප්‍රදායික පරිගණක චිපයට වඩා 100,000,000 වාරයක වේගයකින් ක්‍රියාකිරීමේ හැකියාව ඇත.එනම් දැනට භාවිතා කරන ලැප්ටොප් පරිගණකයට වඩා මිලියන සිය ගුණයක් වේගවත්ය. එය අනාගතයේදී (processing power) ශක්තිය ...
මෝටර් රථයක් එසවීමට හැකි යාන්ත්‍රික ශරීර කූඩුව(skeleton). ප්‍රභාස්වර මිනිසෙකුට එසවිය හැකි බර ප්‍රමාණය, ශරීර කූඩුව එනම් ඇට සැකිල්ලේ ශක්තිය මත රඳා පවතී. විශාල බර ප්‍රමාණයක් එසවීම අතීතයේ සිටම පැවත එන වීර ක්‍රියාවකි. ඉතිහාසයේ නීල මහා යෝධයාගේ සිට fantastic four වැනි මෑත චිත්‍රපටිවලද එවැනි වීරයෝ උත්කර්ෂයෙන් සළකති. ඒ සඳහා විශාල ශරීරයක් තිබීම හෙවත් යෝධයකු වීම අවශ්‍ය යැයි සැලකේ. මිනිසාගේ ස්වකීය බර අනුව බර එසවීමේ දස්කම් ඔලිම්පික් ක්‍රීඩාවේදී මැන ...
කාමරය තුළ රැහැන් නොමැති විදුලි සම්ප්‍රේෂණය ප්‍රභාස්වර විදුලි රැහැන් නොමැති විදුලි සම්ප්‍රේෂණය මගින් කාමරයක් තුළ විදුලි උපකරණ පණගැන්වීමට හා ක්‍රියාත්මක කිරීමට මිකී මවුස්, ඩොනල්ඩ් ඩක් වැනි ප්‍රසිද්ධ කාටූන් චරිත සහිත චිත්‍රපටි නිෂ්පාදකයින් වන වෝල්ට් ඩිස්නි සමාගමේ පර්යේෂකයන් සමත් වී තිබේ.විදුලි රැහැන් නොමැතිව විදුලිය සම්ප්‍රේෂණය සදහා වඩාත් ප්‍රසිද්ධ යෝජකයා 19 ශත වර්ෂයේ සිටි සර්බියා-ඇමෙරිකානු ජාතික Nikola Tesla වේ. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම මේ දක්වා ප්‍රමාණාත්මක මට්ටමෙන් ව්‍යාප්තව ...