අපේ පාරේ මන්ත්‍රීතුමා Pahasaranee මන්ත්‍රීතුමා ඉන්නේ අපේ පාරේය සහචරයනුත් නිරතුරු මෙහි ගැවසේය මවු බිසවුන්ද නිරතුරු එහෙ මෙහෙ යාය පිය රජතුමා නිල නැති මන්ත්‍රී සේයයන එන මඟදි හමුවෙන දායක රෑන දුටු විට මල් සිනා මවු මුව ඉතිරේය ඒ මඟ දෙපස කුණු වෙන කැළි - කසල ගොඩ ඒ මෘදු සිනා මැද කොයි ලෙස දකින්නදසහචර පිරිස ඩෙංගු බලන්නට එනවා වතුර පිරෙන තැන් සොය සොය දෙස් දෙනවා පාරේ ...
ඊළඟ දිනයේ ඔහු එනතුරු සුරංගී මඟ බලමින් සිටියාය. නමුත් ඔහු ආවේ නැත... Pahasaranee චිත්‍රය : www.nation.lkසුරංගීට දුක සිතුනේ බොහොමත් කාලයකට පෙරය. ඇගේ දුකට ගැලු කඳුළු ගංගාවක් දිගේ මහ මුහුදට ගලා ගොස් මුතු බෙල්ලෙකු කුසයේ රැදුනි. කල් ඇවෑමෙන් ඒ කඳුළු මුතු විය. ඒ මුතු කන්වල පැළඳ සිටින මුත් සුරංගී තවමත් දුකිනි . මේ සුරංගී, සුරංගී ද අල්විස්ය. කඳුළු මුතු බවට පත්කළ ඇගේ පියා ප්‍රේමකීර්ති ද අල්විස් ඇයට අහිමිව ගොස් අදට වසර විසිපහකි. "අම්මා කියන ...
ඇසිල්ල Pahasaranee සිනාසෙන විසල් දෑස් ළඟ මා දෑස නතර විය බර වූ හදවත කඩා වැටී පඩිපෙළ පාමුල පතිත වීය ඇසිල්ලකින් සිහිනයක් දුටුවෙමි.සිනාසෙමින් පැමිණි ඔබ මා හදවත අහුලා දුලී කුණු පිස දමා සිනාසෙමින්මමා වෙත පෑවේය ඇසිල්ලෙකින් සිහිනයෙන් මිදුණෙමි.පඩිය පාමුල මගේ හදවත මටම පෑගී තැලී පොඩිවී තිබුණි ...
අපි පරක්කු වුණා සුනිල් සර් Pahasaranee එන්න හිත හිතා හිටියේ හැමදාමත් සර් ඇවිත් බලලා යන්න වැඩ ගොඩ උනා අතපහු උනා මේ පාර නම් එන්නමයි හිටියේ ආයේ සැරයක් කතාවක් අහල යන්න විද්‍යාව විතරක් ඉගැන්නුවනම් අමතක කරලා ඉන්න තිබ්බා සර් ඉගැන්නුවේ ජීවිතේ දහස් ගානකට ලෝභ නැතුවම බෙදලා දුන්නේ ආදරේ සර්ගේ මිනිබිරීටයි මුනුබුරාටයි ආණමඩුවේ පඬි ඇදපු පුංචිත්තන්ටයි පස්සේ කාලෙක මුණගැහුණු අපිටයි බෙදන්න තරම් ආදරේ ගොඩක් සර්ට තිබුණු හන්දමයි ආයේ ...
බක බක :( Pahasaranee ගෙම්බෙක්මි වලක් නැති සොයා යන මුදු වැල්ලක් සැපට ඉන්නට කපාගන්නට හොඳ වලක්එහෙට පැන මෙහෙට පැන හොඳ තැනක් හොයාගෙන අමාරුවෙන් කැපුව වලෙත් මේන් තඩි ගෙම්බෙක්කැපුවොත් අපි වලක් ගෙම්බෙක්නේ කවදටත් ! ...
සේකර මහත්තය ස්ටේෂන් එකේ දැකපු කාලේ ඔහුගේ ගීතයක් ගයන්න ලැබෙයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ - සුනිල් එදිරිසිංහ Pahasaranee පින්තූරය: චන්දන විජේසිංහ www.nation.lk අපි සියල්ලෝම සිහින දකින්නෝ වෙමු. නමුත් අප දකින සිහින සැබෑ කරගෙන ඒ පිළිබඳව උදම් අනන්නට හැකි වන්නේ අප අතරින් අතලොස්සකට පමණකි. සුනිල් එදිරිසිංහයන්ද කුඩා අවදියේදී සිහිනයක් දුටුවේය. ඒ කවරදාක හෝ ගායකයෙක් වීමට ලැබේවා යන්නයි. ඔහුගේ සිහිනය සැබෑ වුවා පමණක් නොවේ. ඔහු එම සිහිනයේ හිනිපෙත්තටම නැග්ගේය; ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ ගායකයා වුවේය. සිංහල ගීත රසවිදින සියල්ලන් ...
තව වෙහෙසවනු කිම? Pahasaranee පෙම් බැඳි මුත් මහා සයුරට වෙරලබඩ සිට පාගනු මිසක රැල්ල පවසට දිය බිඳක්ලබන්නට නොහැකිය මට ඒ නමුත් බිඳෙන පෙරලෙන මුහුදු රැලි දෙස වශීකෘතව මා බලා සිටියෙමි මහා සමුදුර වෙතින් හමනා සිසිල දනවන සුළං පරදා ගිනි ගහන හිරු රැස් දවාලයි මා දෑසදෙතොල වියලී ඉරි තැලී පිපාසය ගෙනදෙයි මහත් පීඩාඅහෝ තේජස් මහා සමුදුර ඔබට නොහැකිය පවස නිවනට කුඩා දිය පහරකින්ලදොත් මා දිය ...
සිනාවට හේතුව! Pahasaranee එදාවියෝ දුක දුටුවෙමි හැඳින්නෙමිතනිවමසටන් කෙරුවෙමිපැරදුනෙමිදිනුවෙමිඅද එදා මගෙ දුක ගැනඔබ කම්පා වන විටඑදෙස බලාමා සිනා සෙනු මිසවෙන කුමක් කරන්නද?
කුසලාන Pahasaranee ඩිග්රි තුනක් ඇතිවිකුම්ට කියන්නඅම්ම මට මුණ ගැහුණු බවසතුට පිරි මාවතක දිනුම් කණුව පෙනි පෙනී ඔහු ඉන්න බවඇය මට කියූ වග.අහන් ඉන්නට වෙලාවක්තිබුනොතින් ඔහුට...කියන්න ඔහු දැන නොහිටියට මට එන්න වුනු පාරේ එක දිගට තිබුනු බවමහා බාධක ගොඩක්...කුසලාන නැති උනත්පහු කරපු බව මමදිනුම් කණු මහ ගොඩක්ඩිග්රියක් නැති වුනත්ඉදිරියෙන් බව මම හුඟක්. ...
ලේ නහර ඇට මිදුළු විනිවිද රිදුම් දෙන හැඟුමක් ද ගීතය - බණ්ඩාර ඇහැලියගොඩ Pahasaranee පිංතූරය : චන්දන විජේසිංහ www.nation.lk"මගේ ගම ඇහැළියගොඩ, එල්ලාවල, පරණගම. ඉතාම සුන්දර, පිටිසර සශ්‍රීක ගම්මානයක්. සියලු ධන ධාන්‍යයන්ගෙන් පරිපූර්ණයි. කුඹුරු, තේ, රබර්, පොල් විතරක් නෙවෙයි මැණික් පවා තිබුණා. මගේ තාත්තා ගොවියෙක්. මම මුලින්ම ගියේ ගමේ පාසල, එල්ලාවල, පරණගම විද්‍යාලයට.පුංචි පාසලක්, එක ගොඩනැගිල්ලයි තිබුනේ. සමහර දවස් වලට අපි ඉගෙන ගත්තේ ඉස්කොලේ මිදුලේ අරලිය ගහක් යට. ගෙදර ඉඳල ඉස්කෝලෙට හැතැම්මක් විතර දුර ...
ලු! Pahasaranee ලඟට අරන් සෙනේහයෙන් දුක් කඳුලු පිස දානඔබ සනසන මංසොර ගැහැණි ලුවේසාවි ලු! ඔවුන් නොදන්නවා උනාටතියාගන්නමයි කියලාඔබෙ හදවත මට දුන්නෙ ඔබේ පිරිසිදු දෑතින්ම ලු !තලා පෙලා ඔබ තෙරපාපෙම් ලොව දොරගුලු දාලා නපුරු ලොවක ඔබ තනිකලගුණයහපත් අගමෙහෙසිය අනේ පවු ලුඅසරණයි ලු!ඔවුන් නොදන්නවා උනාටඔබ අත ඇයගේ අත මතඑකට තබා පැටැලෙව්වෙසත්ගුණවත් මවුපියන් ලුඒ බව දැන් අමතකයි ලු! ...
කුලීකාර වස්තුව Pahasaranee Courtesy: http://cdn4.wn.com/ යන්න මාවත නොදන්නීතාර අතුරා අනුන් යන මඟදෙපස එලි කොට තනන්නී...ඇට ගැහුණු හිස් ළදරු කුස්නිතර සිහිකොට තැවෙන්නීරස මසවුලෙන් විසල් කුස් නිතර පුරවා තබන්නී...රළු ඉරුණු රෙදි අඳින්නීඅන් ගත එතෙන සුදු සිනිදු රෙදි පිළි මදින්නී...ඉන්න සෙවනක් නොමැත්තීඅන් හිසක සෙවනක සතුට සදමින් සෝ දුකින් කල් ගෙවන්නී… ...
වරද කාගෙද Pahasaranee එක සිත දෙතැනකතුන් තැනකකිහිප තැනකම(අඩු වැඩි වශයෙන්)නතර වී ඇත.වරද කාගෙදදුවන සිතෙහිදපෙනෙන රුවෙහිද කවදා කවුරුන්කියා දේවිද?
ගුවන් ටිකට් පත එපා කියා ගුවන ජයගත් සිඟිත්තී - නන්දා මාලිනී Pahasaranee පිංතූරය: චන්දන විජේසිංහ www.nation.lk“මම පුංචි කාළේ ගුවන් විදුලියේ එයාර්ශිප් කියලා ගායනා තරගයක් තිබුණා. අද වගේ සුපර් ස්ටාර් රියැලිටි වැඩසටහනක් නෙවෙයි. ගුවන් විදුලියේ ආරියසේන මිල්ලවිතානාච්චි සහ පොස්පර් ප්‍රනාන්දු කියන මහත්ත්වරුන්ගේ උත්සහයක්. මේ තරගයේදි මම පළවෙනි තැන ආවා. මට තෑග්ග විදියට ලැබුනේ බොම්බායට යන්න ගුවන් ටිකට්පතක්.අපි හරි දුප්පත්, කන්න නෑ අපිට,අදින්න නෑ. තාත්තා ඉඳිකටු ඇන ඇන අපිට කන්න දෙන්නේ. ඉතින් කොහොමද ...
ඔහු-ඇය-මම-ඔබ Pahasaranee හේතුවක් නොදන්වා එක් දිනක් ඇය හැර ගියේය ඔහුඔහු නො එන බව දැනගෙනකඳුලු සැළුවායඇයඇගේ කඳුලු දැක කඳුලු සඟවා හඬා වැටුණෙමිමම හේතුවක් නොදන්වා මමදහැර දමා ආවෙම්යඔබ ...
ආරක්ෂාව Pahasaranee ඔබගේ දෙවොල අභියසපින්තූරය :http://opinionsandexpressions.files.wordpress.com/2009/05/chilli-and-lemon.jpg දැල්වූ පහන් නිමී යනතුරාවටමුණුබුරා කපා දෙන සිහින් දිගු කම්බියටසීය හතලිහට දෙනගෙඩියෙන් ගෙඩිය අමුණාබැතිමතුන්ගේ චිත්ත පීඩාඈත් කර සනසන්න තැනින් තැන ගෙනියනරෝද හතරත් ජීවිතත් මරුවගෙන් රැක ගන්නකහ දියෙරෙන් පොඟා මම කාසියට විකුනනආරක්ෂාව…මගෙ පුංචි පැල්පතේ ග්‍රහ අපල දුරු වෙන්නමිල මුදල් ගැවසෙන්නපුංචි මුණුබුරාගේ ඉස්කොලේ හරියන්නඑක නැට්ටෙ දෙහි තුනක්කහ දියරෙ පොඟාලාකම්බියක අමුණලාඋළුවස්සේ එල්ලන්නමට තවම ඉඩ නොමැති ආරක්ෂාව…නිමි