Mobile sim සහ යාලුවෝ Pahasaranee මිනිස්සු ඇවිල්ලා සමාජ ජීවියෝ. අපිට මුළු ජීවිත කාලෙම තනිවෙලා ඉන්න බැහැ. මේ නිසාම අපි කාලෙන් කාලෙට ජීවිතේට එක එක පුද්ගලයන් ලං කර ගන්නවා. වසනාවත්න ඇත්තෝ ඒ ලං කරගන්න අත්තන්ව ජීවිත කාලෙම ලඟින් තියාගන්නවා. නමුත් සමහර විටදී ඒ ලංකර ගන්න අය අපිව දාල යනව. එහෙම නැත්තන් අපි ඒ අයව දාලා යනවා සමහර විටදී කාර්යබහුල බව හින්දා මේ ගොඩනගාගන්න සම්බන්දතා අත ඇරිලා ...
"ඔබ ඔය කියන 'ප්‍රේමය' ගැන මමත් හොඳින්ම දන්නවා" Pahasaranee (i)එක් සිකුරාදාවක ඉඳන් තවත් සිකුරාදාවකට නොඉවසිල්ලෙන් දින ගැනපු කාලයක් කාලෙකට පෙර මටත් තිබුණානොඇසුවාට කවුරුත්...වැසි බර අහස් කුස දෙස නියවමින් බලමින් වැහි දෙවියන්ට නෝක්කඩු කියනසතියේ අග දවස් බොහෝමයක් තිබුණාකාලෙකට පෙර නොදැක්කාට කවුරුත්...****************(ii)ප්‍රේමය විෂයයෙහි මා කිසිත් නොදනිතැ'යිපාරම් බාන ඔබැ'විත් උදුරා ගන්න කළියෙන් 'මට' අයිති සිකුරාදාවල් බොහෝමයක් තිබුණාමට... නොදන්නවාට කවුරුත්! ***************** (iii)වැස්සත් නොවැස්සත් හැම සිකුරාදා ම දැන්වැහි දෙවියන් ඉන්නේහිතේ සැනසිල්ලෙන්! ...
සිරකරුවෝත් මනුෂ්‍යයෝ ද? Pahasaranee 'සිරකරුවෝත් මනුෂ්‍යයෝය' වැලිකඩ බන්ධනාගාරය අසලින් ගමන් කරන ඕනෑම අයෙකුට දැක හුරු පුරුදු වාක්‍යය කි. නමුත් අපට අසන්නට ලැබෙන තොරතුරු වලට අනුව සිරකඳවුරු වල තත්ත්වය බන්ධනාගාර තාප්පයේ වාත්තු කල චිත්‍රය තරම් අලංකාර නොවේ.සැප්තැම්බර් 12 වනදාට යෙදෙන අන්තර්ජාතික සිරකරුවන්ගේ දිනය අලළා ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සමඟ කල සාකච්ඡාවකදී සඳහන් කලේ ශ්‍රී ලංකාවේ සිර කඳවුරු වල ඇති බොහෝ බරපතල ගැටැළු අදාල බලධාරීන්ගේ ...
අහස මට ඔබ ගැන ඊර්ෂ්‍යා සිතේ! Pahasaranee අද අහස අඳුරුය.ඛේදසහගතය.මගේ හදවත වාගේයමොහොතකින් වැසි බිඳුවැටී මහා පොළොවටහෑල්ලු කරාවි ඔබේ බරමොහොතකින් යලි ඉරබබලාවී අහස මැදකිසිදිනක වැසි වලා නොදුටු සේකඳුළු මට නැතසිඳී ගොස් ඇතඉදින් මා හැමදාම අඳුරුයනොපායාවි නැවත ඉරඅහස මට ඔබ ගැන ඊර්ෂ්‍යා සිතේ! ...
මම අදේවවාදියෙක් නොවෙමි. නමුත්... Pahasaranee මා දන්නා එක් පවුලක දරුවෝ තිදෙනෙක් වූහ. ඔවුහු දෙමවුපියන් හා සතුටෙන් සමගියෙන් ජීවත් විය. හිටිහැටියේ උන්ගේ මවු මිය ගියේය. දුකට පත් පියාද කෙටි කලකින්ම මෙලොව අත්හැර ගියේය. දරුවෝ මේ ලොව තනිවූ විට ඔවුන්ගේ හිතවත්තු, "අපේ පුතාලව දෙවියොම බලන්න ඕනේ" යයි කන්නලවු කළහ. දරුවන්ගෙන් වැඩිමහල් දරුවා පවුලේ බර කරට ගත්තේය. බොළඳ වියට කලින්ම සමුදුන් ඔහු තනිවම පවුලේ බර ඇද්දේය. පොඩිවුන් දෙන්නා ...
නිදහස් මානවකය, Pahasaranee බැමි ඇතිබැමි නැතිබැමි අතහැර නැතිලතැවෙනකැළඹෙනසිතුවිලිඉම නැති...ඒ හැම අතරෙහිමා ඔබ දුටුවෙමි!ඇති බැමිනැති බැමිකිසිවක් වග නැතිඔබ ලොව දස අතඔහේ ඇවිද යතිනිදහස් අදහස්වටකළ බැමි නැතිඔබේ දිවිය ගැනකිම මා බැඳ ඉසි? ...
(අ)මිහිරි අවුරුදු! Pahasaranee කණ හිරිවට්ටනකොවුලාගේ නාදේමතකද ඉස්සරසුමිහිරි ගැයුමකිහතර කොනටඅපි හතරක් උන් කලමතකද රස පිරිඅවුරුදු මේසේකිඅලුත් ඇඳුම් ඇඳලිප මොළවන කොටමතකද සරුවටකිරි උතුරපු හැටිඑරබදු මොකටදවැට ළඟ පිපිලාඅද ඔබ නැති කලහිත ළඟ සුසුමෙකි! ...
ඕනෑ කර තිබේ! Pahasaranee ඇත්නම් අයෙක් ලොවේනිමවන්නට සමත් පාට පුයර, සුවඳ විලවුන්මකන්නට හැකිවෛර කුයිලයඔබේ සියොළඟ නැඟෙන වසන්නට හැකික්රෝධ රේඛාඔබේ මුහුණේ ඇඳුනුඕනෑ කර තිබේ ඔහුලෝකය ලස්සන තැනක් කරන්නට! ...
ඉතිරිව ඇති එකම පැණය Pahasaranee සබඳ,ඔබෙන් අසන්නට ඉතිරිව ඇත්තේ තව එක් පැණයක් පමණකි ...මා ඔබේ සොඳුරිය නොවුනේ නම් රෑ සිහිනෙන් විත් ඉඳ හිට හිස අතගා-මා සනසා යන්නට එන්නේ කිම මා රිදවන්නද ?මා රවටන්නද ?ඔබෙන් අසන්නටඉතිරිව ඇත්තේතව එක් පැණයක්පමණකි! ...
ඔබෙන් ඉක්මන් පිළිතුරක් ලැබෙන තුරු... Pahasaranee වර්ෂ 2015ක් වූ පෙබරවාරි මස 25 වනදා නිවසේදීය දයාබර හිතවත, ඇනුණු කටුවක් නිසා වණ වූ තුවාලයකින් කලක ඔබත් පීඩා විඳි බව මගේ මතකයට නැගුනු බැවින් ඔබට ලියන්නෙමි. කලකට පෙර යටි පතුලේ ඇනුණු බෝගන්විලා කටුවක් නිසා මා බොහෝ කලක සිට පීඩා වින්දෙමි. පොළොවේ අඩිය තබා ඇවිදින වාරයක් වාරයක් පාසා මට දැඩි වේදනාවක් දැනුනත්, කිසිවෙකු ලවා කටුව ඉවත් කර ගතහොත් සහනයක් ලැබෙන ...
මඟුල් පරක්කුව Pahasaranee පහුගිය දවසක රැකියාවේ වැඩකට මිරැන්ඩා හේමලතා මහත්මිය මුණගැහෙන්න යන්න අපට සිද්ධ වුනා. අපි ඇගේ නිවසට ගිය අවස්ථාවේ ඇය අපේ පැරණි ජන ක්‍රීඩා උපකරණ කිහිපයක් අධ්‍යයනය කරමිනුයි හිටියේ.ඇය අධ්‍යයනය කරමින් හිටිය උපකරණ සියල්ල මුල් උපකරණ අදේශයෙන් ඇය විසින් තනා ගත් ඒවා. ඒ අතර තිබුණු මඟුල් පරක්කුව ගැන ඇය අපට රසවත් කතාවක් කිව්වා."මඟුල් පරක්කුව කියන්නේ අපේ ගැමියන් ඉවසීම පුරුදු කරගන්න බාවිතා කරපු ...
අපි නොකළ වරදකට අපට දඩුවම් නොකර, තාත්තා විතරක්ම අනේ ආපහු දෙන්න! Pahasaranee අවුරුදු දහයක් ගත වෙලා උනත් අපිට තවමත් සුනාමි අමතක නැහැ. හොඳ නොවුණු පරණ තුවාලයක් වගේ සැරින් සැරේ පෑරිලා රිදෙන්න ගන්නවා. අද, 2014 දෙසැම්බර් 26, ඒ වගේ තුවාල පෑරෙන දවසක්. අවුරුදු දහයකට පස්සේ උනත්, මුහුද ගොඩගලනවා ය, මිනිස්සු මුහුදු රළට යට වෙලා ය කියල රුපවාහිනියේ පෙන්නපු රූප, ඊයේ දැකපු දේ වගේ. කොහොම වුනත් මේ පොස්ටුව ලියන්න ගත්තේ ආපු සුනාමි රළ ගැන ...
එක මොහොතක් Pahasaranee © වැල්ලවත්ත මුහුදු වෙරළේදී අනවසරයෙන් ගත් සේයාරුවකි ගෑස්, වතුර, ලයිට් බිල් කිරිපිටි තේ කොළ හාල් තුනපහ ටියුෂන් සල්ලිත් කැඩුණු කරාමේ පිච්චුණු බල්බ් දොස්තර ගාස්තු *********අමතක කර එක මොහොතක් අත් පටලවන් ක්ෂිතිජ ඉම දෙස බලා ඉමු අපි ජීවිතේ දුක් ගැහැට නැති එවුන් මෙන්... ! ...
උබට ඕනේ වුනේ හොරෙක් වෙන්නනේ. හොරෙක් වෙලා ඕනේ අපායක පලයන් Pahasaranee කාලෙකට කලින් යාලුවෙක් මට උපදෙසක් දුන්නා. "දන්නවද, බස් එකේදී ඉතුරු සල්ලි උනත් සමහර විට ඉල්ලන්න ඕනේ. නැත්තන් ලැබෙන්නේ නෑ" එයා එදා කතා කලේ ඉතුරු සල්ලි ඉල්ල ගැනිල්ලක් ගැන නෙවේ උනත් ඒ උදාහරණෙ මගේ හිතට තදින් දැනුනා. මොකද මම සතියට දවස් 7ක් උදේ හවා බස් එකේ එහෙට මෙහෙට යන නිසා. හැමදාම යන්නේ එකම මාර්ග අංකේ තියන බස් එකක යන නිසාත්, පොඩි ...
පැහැසරණී: සර්ප සෙනෙහස Pahasaranee එකම කවිය කීපසැරයක් ලියන්න වෙනවා ඉතින්. මක් කරන්නද :/පැහැසරණී: සර්ප සෙනෙහස: විෂ දළට බියෙන් තනිකර දමා ගිය සැපින්නක් ලඟට ගෙන ලෙන්ගතුව කිරි පෙව්වෙමි. කෑදරව කිරි බිවු සැපින්නද මට පෙරළා ආදරය පෑවාය. එයින් මසිත ද ඔද ව... ...
වැස්සට නැති කුඩය Pahasaranee ඊයේ අනෝරා වැසි ඇද වැටුණි...කුඩයක් අත නොවූ මාමහා වැස්සෙන්තෙත් බරිත වීමී...කා වැදුණු සීතලඋහුලා ගත නොහීවෙවුලුම් කන්නට වියමුළු සිරුරම...තෙත් බරිත වුනුඇදුම් බර දරන්නට නොහීමගේ දෙපාකිමිදෙන්නට වියමඩ වුණූ මහ පාර මැද...හදිසියේ දුටුවෙමි...විසල් කුඩයක් යටදෑස ද විසල් කරගෙනඔබ බලා සිටිනවානොතෙමී ...අද මහ වැසි නැත.සෞම්‍යය පරිසරය.නමුත් ... ... ...අඬගසයි ඔබ සෙවණ දෙන්නටඔබේ විසල් කුඩයේ...විසල් කරගෙනමගේ දෑසසිතමි මම ...පෙරදා වැස්සටසෙවණ නොලැබුණකුඩයේ සෙවණකුමක් කරන්නදවැසි නැති දා ...
එම්බා ඔරලෝසුව! Pahasaranee ...අල්ලා නතර කරගන්නට හිතෙන විට පසු නොබලා දුවන උඹේ කටු වේගෙන් යන්න යැයි කී විට ඉබි ගමන් යන්නේ ඔච්චම් කරන්නද මටකාලය මා පරදවන වග දැන ...
නීති විරෝධී ගබ්සා, අධ්‍යාපනය සහ ජීවිත සැලසුම් Pahasaranee ගබ්සා කිරීම සහ නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැන අපිට නිතරම අහන්න ලැබෙනවා. අහන්න ලැබෙන දත්ත සහ තොරතුරු ගැන ඒ ඒ වෙලාවට දුක් වෙලා, පුදුම වෙලා ටික දවසකින් ඒ ගැන අමතක කරලා දාල ඉන්නේ, ලංකාවේ අපිට මොනවා වුනත් සති දෙකකින් විතර අමතක කරලා දාන්න පුළුවන් පුදුමාකාර හැකියාවක් තියන නිසා වෙන්න පුළුවන්. කොහොම උනත් මේ ගැන හොයා බලන්න ඉන්න අපේ රටේ ...
පෙරළුණු රළ Pahasaranee එදා මට හිතුනේ මහ මුහුද තරම් ලස්සන තව තැනක් මහ පොළොවේ වෙනනම් නැහැයි කියලා ... හීතල හුළඟට දාඩිය නිමෙනවා රැල්ල පාගනකොට මගේ හිතත් නිමෙනවා ... මහ දවල් අවුවට පාර මැද්දෙත්පේනවා මහ මුහුද ඒ දවස් වල තනියම හිනා මටදැන් නම් ඒ අව්වට පිච්චිලා යනවා මාව.එදා අපි මූදු වැල්ලේ නම් ලිව්වා ඊළඟ රැල්ලටම ඒ නම් මැකිලා යද්දී හිතන්න තිබ්බා අපිට සතුට කොහොමත් ...