අලුත් ලෝකයට අලුත් ගැජට් 12 කොටස - New Gadgets for New World Part 12 World Beyond World ලේසර් කිරණෙන් මැවෙන යතුරු පුවරුව පරිගණකයකට, ටැබ් එකකට හෝ ස්මාර්ට් ෆෝන් එකකට බාහිරින් සවි කළ හැකි යතුරු පුවරුවක් ඇත්නම් බොහෝ අවස්ථාවලදී ප්‍රයෝජනවත් වන බව අපට දැනෙනවා. නමුත් යන යන තැන යතුරු පුවරුවක් අරගෙන යන එක කරන්න අමාරු වැඩක්. අන්න ඒ අමාරු වැඩේ පහසු කරන්න දැන් අලුත් තාක්ෂණය උදව් වෙනවා. මේක ලේස්ර් කිරණෙන් මැවෙන යතුරු පුවරුවක්. සාක්කුවේ දාගෙන යා හැකි ...
සිංහල බල්ලා හඳුනා ගනිමු - Sinhala Dog World Beyond World අප රටේ විවිධ වර්ගයේ සුනඛයෝ සිටිති. අපගේ ඉතිහාස කතාවට අනුව විජය කුමරුට මුළින්ම හමුවන්නේ ද බැල්ලකි. අතීතයේදී බොහෝ නිවෙස්වල කිසිදු වර්ගයකට අයත් නැති බය සැළකෙන සුනඛයන් සිටිය ද වර්තමානයේ බොහෝ දෙනෙක් වර්ගයක්, පෙළපතක් (pedigree) සහිත ‛උසස්’ යැයි සැළකෙන සුනඛ වර්ග සුරතලයට ඇති දැඩි කරන්නට පුරුදුව සිටින බැව් පෙනේ. බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් එදිනෙදා මග තොට දකින සුනඛයන් සැළකිල්ලකට ගන්නේම නැත. ...
ජයලලිතාගේ ඥාති දියණිය, දීපා ජයකුමාර් දේශපාලනයට - Deepa Jayakumar and Tamilnadu Politics World Beyond World පසුගිය වසරේ දෙසැම්බර් 5 වැනිදා තෙක් දීපා ජයකුමාර් පිළිබඳව දැන සිටි බහුතරයක් නොසිටි තරම් යැයි කීවොත් එහි වරදක් නැත. එයට හේතුව ඒ නමින් හඳුන්වන තැනැත්තිය පිළිබඳව කතා කරන්නට කිසිවකුට හෝ ඕනෑකමක් නොතිබුණු නිසා විය හැකිය. කෙසේ නමුත් අද වන විට ඇය පිළිබඳව කතා කරන පුවත්පත් හා වෙබ් අඩවි බොහෝය. ඒ අන් කිසිවක් නිසා නොව තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ ...
උඩුකය නිරුවත් ස්වාසිලන්ත ගැහැනු - Topless virgins of Swaiziland World Beyond World අප්‍රිකා මහාද්වීපයට අයත් ස්වාසිලන්තය පිළිබඳ භූගෝල විද්‍යාව හැදෑරූ අයත්, ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන අයත් සහ ලෝකයේ විවිධ රටවල් පිළිබඳ උනන්දුවක් දක්වන්නන් ආදීන් හැරුණු කොට සෙසු බොහෝ දෙනෙක් නොදන්නා තරම්ය. පසුගිය රජය සමයේ එහි රාජ්‍ය නායකයා අප රටට පැමිණි බැවින් අප රටේ බොහෝ දෙනෙක් ඒ පිළිබඳව කතා කළත් මේ වන විට බොහෝ දෙනෙකුට එවැනි රටක් පිළිබඳ වැඩි මතකයක් නොතිබෙන්නට පුළුවන. ...
ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු - 03 World Beyond World මීට කලින් ශීතකරණ දෝෂ නිවසේදී ම නිවැරදි කර ගන්නා ආකාරය ගැන මම පෝස්ට් දෙකක් දාලා තියෙනවා. නමුත් කියන්න ඕන මම ශීතකරණ අලුත්වැඩියා කිරීම ගැන මෙලෝ දෙයක් දන්න කෙනෙක් නෙවෙයි කියලා මුලින්ම. මේවා අපේ ගෙදර ශීතකරණය ලෙඩ වුණාම දන්නා කියන හිතවතුන්ගේ සහ අන්තර්ජාලයේ ඇති තොරතුරු අත්හදා බලලා මට ප්රත්යක්ෂ වුණාට පස්සේ බ්ලොග් එකට ලියන ඒවායි. අද කියන්න යන්නෙත් එහෙම එකක්.අපේ අයිස් ...
තාක්ෂණයට බය නැති පුංචි වීරයෝ - Children and Technology World Beyond World යම් යම් දේ ඉගෙන ගැනීම සම්බන්ධව වැඩිහිටියන්ට වඩා දරුවන් ඉතා ඉදිරියෙන් සිටින බව කිසිඳු විද්‍යාත්මක පර්යේෂණයකින් තොරව වුවද අපට කිව හැකිය. නිවසට රූපවාහිනි යන්ත්‍රයක් ගෙනා විට වැඩිහිටියන් දන්නේ එය දැමීම, වැසීම සහ නාලිකා මාරුකිරීම වැනි සරල ක්‍රියාවන් කිහිපයක් පමණක් වුව ද, එහි වඩාත් සංකීර්ණ ක්‍රියාවන් සොයාගන්නේ නිවසේ සිටින කුඩා දරුවන්ය. ඇතැම් අවස්ථාවලදී වැඩිහිටියන් යම් යම් තාක්ෂණික ගැටලුවල සිරවී සිටියදී කුඩා ...
කාලගුණය යහපත් ද අයහපත් ද? Weather - Fine or Bad? World Beyond World Source : https://ak6.picdn.net/shutterstock/videos/4609580/thumb/5.jpg?i10c=img.resize(height:160)කාලගුණයේ යහපත් සහ අයහපත් බව හඳුන්වන්නට අප යොදා ගන්නා වදන එතරම් ගැළපෙන්නේ නැතැයි මට සිතේ.Source : http://w0.fast-meteo.com/system/images/8858/large/Ripon.jpg?1344248633දීර්ඝ කාලයක නියඟයකින් පසු වර්ෂාව ඇද හැලෙද්දී එය අවිවාදයෙන් ම යහපත් කාලගුණ තත්වයක් වේ. සිඳී ගිය ළිං, නිසරු වූ වගා බිම්, ගහ කොල, සතා සීපාවා වැස්සක් අපේක්ෂාවෙන් සිටි බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. නමුත් වැස්ස ඇද හැලෙන්නට පටන් ගත් මොහොතේ සිටම මාධ්‍ය .
අනුලා බුලත්සිංහල සහ සුදු ඔසරිය World Beyond World මම ගියේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයට. ඒ ඉස්කෝලේට ආවේ ඇහැලියගොඩ කණිෂ්ට විද්‍යාලයේ ඉඳන් 6 පංතියට. ඒ 1984 අවුරුද්ද. අපිත් එක්ක 6 පංතියට ආපු යාළුවෙක් හිටියා ශාන්ත කියලා. ශාන්තට ටිකක් සිංදු කියන්න පුළුවන්. දවසක් ශාන්ත ‘සුදු ඔසරිය ඇඳලා’ කියලා සිංදුවක් කිව්වා. ඒ සිංදුවේ වචනවලට වඩා මගේ හිත ගියේ තනුවට. වචනවල තේරුම් හොයන්න තරම් ඕන කමක් ඒ දවස්වල තිබුණේ නෑ. එදා ඉඳන් ...
කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි - Blacks are the real Girls World Beyond World ‛කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි නෙතගින් බැලුවිට සිරියාවයි සුදු කෙල්ලන්ට වඩා ඔබ පින් පාටයි නිවසේ දැල්වෙන පහන ඔබයි’ මේ අපේ රටේ පැරණි, නමුත් ජනප්‍රිය මිහිරි ගීතයකි. මේ ගීතයේ කෙල්ලන් වර්ග දෙකක් ගැන කියැවේ. ඒ කලු කෙල්ලන් හා සුදු කෙල්ලන්ය. මෙහිදී කලු කෙල්ල ලස්සනයි යැයි කියනවාට අමතරව ඇයගේ හිත හැදීමක් වැනි දෙයක් ද මෙහි කියැවේ. ඒ ‛සුදු කෙල්ලන්ට වඩා ඔබ ...
සිරිලකට සම්බා බත හඳුන්වා දුන් බව කියන අප්‍රකට මිනිසාගේ කතාව World Beyond World අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ ප්‍රධාන ආහාරය බත් ය.අතීතයේ සිට විවිධ සහල් වර්ග වලින් බත් පිසිනු ලැබුවද ඒ සියළු බත් වර්ග අතුරින් පෙරටු වන බතක් තිබේ.එනම් සම්බා බතය.ශ්‍රී ලංකේය බෞද්ධ සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන බුද්ධ පූජාවේ සිට ලෞකික පක්ෂය නියෝජනයකරන අග්‍ර භෝජනය වන මංගල භෝජනය තෙක් වන සියළු සම්භාවනීය අවස්ථාවන් සඳහා යොදා ගැනෙන ...
අනුන්ට රජකම ලබා ගන්නට සිය අතපය කපා ගත් ගත් සුභාදේව World Beyond World රජකම ලබාගැනීම යෙදූ මේ අපූරු උපක්‍රමය ගැන අසන්නට ලැබෙන්නේ ක්‍රි.ව. 3 වැනි සියවසෙන්. මේ උපක්‍රමය පරිදි එක් පුද්ගලයෙක් කැමැත්තෙන්ම අත් පා කප්පා ගෙන තිබෙන බව දැනගන්නට ලැබෙනවා. ක්‍රි.ව. 209 දී රජ වූ වෝහාරික තිස්ස රජතුමා සිය කරුණාවන්තභාවය නිසා ජනතාව අතර ඉමහත් ගෞරවාදරයට ලක් ව සිටියා. නමුත් එතුමාගේ බාල සොහොයුරු අභයනාග කුමාරයා රජ බිසව සමග අයථා සම්බන්ධයක් පවත්වාගෙන ගියා. මේ සිද්වීම ...
පරිගණක වෛරස් හමුවේ ඇපල් පද්ධතිය වින්ඩෝස්ලවට පරදින ලකුණු! World Beyond World Image credit: https://www.techradar.com/news/macos-catalina-vs-windows-10-may-2019-update-which-is-bestඇපල් පරිගණකවලට අනිෂ්ට මෘදුකාංග හෙවත් මැල්වෙයාර්වලින් (malware) හානියක් සිදුනොවන බව කාලයක් තිස්සේ අප දැන සිටි කාරණයක්. මැල්වෙයාර්වලින් වන තරමක් හානි සිදු වුණේ වින්ඩෝස් පරිගණකවලටයි. කෙසේ නමුත් ඉතාමත් මෑතකදී සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වුණේ මැල්වෙයාර්වලට එරෙහිව ක්‍රියාත්මක වන්නට ඇපල් පරිගණකවලට තිබූ හැකියාව කෙමෙන් අඩු වී යන බවයි. තවත් ආකාරයකින් පැවසුවොත් වින්ඩෝස් පරිගණකවල මැල්වෙයාර් හඳුනාගැනීමේ හැකියාව සහ එය
ආහාර, මේදය සහ තරබාරුව අතර සම්බන්ධතාවයක් තිබේද? World Beyond World යමෙක් තරබාරු තත්වයක් පසුවනවා නම් හෝ තරුබාරුවෙමින් පවතිනවා සේ පෙනෙනවා නම් අප බොහෝ දෙනෙක් පවසන්නට පුරුදුව ඇත්තේ, “ඔයාගේ ඇඟ නම් ටිකක් වැඩියි. කෑම ටිකක් අඩු කළොත් නරකද?” වැන්නකි. ඒ සමඟම ව්‍යයාම කරන්නට ද උපදෙස් දෙනු දක්නට හැකිය. සිරුරේ තරබාරුව අඩුකරගැනීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු වන විවිධ තොරතුරු, වීඩියෝ ආදිය ද දක්නට ලැබේ. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ ආහාර ...
ගර්භාෂය කුළියට දීම හෙවත් අන්වාදේශය - Surrogation - renting out one's womb World Beyond World අනුන්ගේ දරුවන්ට වැඩීම සඳහා තමන්ගේ ගර්භාෂය කුළියට දීම හෙවත් අන්වාදේශය (Surrogation) වර්තමානයේ බහුලව සිදුවන්නකි. මේ පිළිබඳ මෑත ඉතිහාසයේ වැඩිපුරම කතා බහට ලක්වූ පුවතක් වූයේ බොලිවුඩයේ සුපිරි නළුවකු වන ෂා රුක් ඛාන් ගේ බිරිඳ වන ගෞරි තම තෙවැනි දරු උපත සිදු කළේ ඒ ආකාරයට වීම නිසාය. ඒ 2013 වසරේ මැයි මාසයේදීය. අන්වාදේශය විවිධ ආකාරයෙන් සිදු කෙරෙන අතර මෙහිදී සිදුවූයේ ෂාරුක් ...
ගෑස් භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු World Beyond World කලකට පෙර දර හෝ වෙනත් ඉන්ධන වර්ගවලින් ආහාර පිසීමට පුරුදුව සිටි ගෘහණියෝ අද වන විට මේ සියලු ඉන්ධන වර්ග අතහැර දමා ‛ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්’ හෙවත් එල්.පී. ගෑස්වලට හුරුපුරුදු ව සිටිති. අප රටේ බොහෝ පළාත්වල ආහාර පිසීම සඳහා තවමත් දර, ලී කුඩු වැනි වෙනත් ඉන්ධන වර්ග සොයා ගන්නට යම් යම් මට්ටම්වලින් පහසුකම් පැවතිය ද, පවතින කාර්ය බහුල තත්වය යටතේ ගෑස් ...
එලිසබෙත් රැජිනගේ 90 වැනි ජන්ම දිනය - Queen Elizabeth and her 90th Birthday World Beyond World බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජින පසුගිය අප්‍රේල් 21 වැනිදා සිය 90 වැනි ජන්ම දිනය සැමරුවා. ලෝකයේ වැඩිම කාලයක් රැජිනක් විදිහට ජීවත් වුණු කාන්තාව ලෙස පසුගිය වසරේදී ඇයව නම් කරනු ලැබුවා. බ්‍රිතාන්‍යය ලෝකයේ සුවිශේෂී රටක් බවට පත්කරන්නට එලිසබෙත් මහ රැජින ඇතුළු රජ පවුල හේතුවක් වී තිබෙනවා. ප්රජාතන්ත්රවාදය ගරු කරන මිනිසුන් රජුන්ගේ හෝ රැජිනියන්ගේ හෝ පාලනයට යටත්ව සිටීමට තවදුරටත් කැමැති නැති බවට ...
සියදිවි නසාගන්නන්ට ජපනුන් යන ඔකිගහාරා වනය World Beyond World මෑත දවසක The Forest කියන චිත්‍රපටයක් බැලුවා. ඒක බැලුවාට පස්සේ මේක ලියන්න හිතුනා. මේ කියන්න යන්නේ ජපානයේ තියෙන සියදිවි නසාගැනීම්වලට වගේම අද්භූත සිදුවීම්වලටත් ප්‍රසිද්ධි වනාන්තරයක් ගැන. තියෙන්නේ ජපානයේ ෆූජියාමා කන්ද පාමුල. වනාන්තරයේ නම ‛ඔකිගහාරා (Aokigahara). ඉහත කියපු චිත්‍රපටයේ වැඩි දර්ශන සංඛ්‍යාවක් සඳහා පදනම් වෙලා තියෙන්නේ මේ කියපු වනාන්තරයයි. මෙය ‛සියදිවි නසාගැනීමේ වනාන්තරය’, රුක් මුහුද’ වැනි නම්වලින් ද ප්‍රසිද්ධියි. ෆූජියාමා ...
රෝහිත් ෂර්මාගේ ක්‍රිකට් ඉනිමට පෙම්වතිය වූ සොෆයාගෙන් නිරුවත් ඡායාරූප ඉනිමක් - Rohit Sharma gave a double century and Sofia Hayat awarded him with a nude shoot World Beyond World සොෆයා සහ රෝහිත් පසුගිය නොවැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පැවැත්වුණු සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරගය ගැන ලෝකයේ නොදන්න කෙනෙක් නැති තරම්. ඒකට හේතුව තමයි ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ශර්මාගේ පිති හරඹය. ඔහු පන්දු 173ක්දී ලකුණු 264ක් ලබාගනිමින් ලෝක වාර්තාවක් පිහිටෙව්වා. ඒ එක්දින තරගයකදී තනි ක්‍රිඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරගනිමින්. තමන්ගේ ළඟම හිතවතෙක් මේ වගේ දස්කමක් කරන කොට ඒ ...
ස්වප්නා ටෙලි නාට්‍යයේ ‘සන්ධ්‍යා‘ - දීපිකා සිං - Sandya of Swapna (diya aur baati hum) - Deepika Singh World Beyond World සිරස රූපවාහිනියෙන් විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ‛ස්වප්නා’ ගැන බොහෝ දෙනෙක් දන්නවා. මෙය ඉන්දියාවේ ‛දියා ඕර් බාති හම්’ නමින් හින්දි බසිනුත් තවත් භාෂා කිහිපයකිනුත් විකාශනය වූ ටෙලි නාට්‍යයක්. ඒ වගේම ඉන්දියාවේ අතිශය ජනාදරයට පත් ටෙලි නාට්‍යයක්. මෙහි ප්‍රධාන චරිතය වන ‛සුරාජ්’ ට පණ දෙන රංගන ශිල්පී අනාස් රෂීඩ් ගැනත් අපි කතා කළා. ඔහු මේ නාට්‍යයේ ඉදිරිපත් කළ රංගනයෙන් පුසව ...
ජාතික ජන බලවේගය, අනුර කුමාර සහ ජාත්‍යන්තර මාධ්‍ය - NPP, Anura Kumara and International Media World Beyond World ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස සමගි බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුුර කුමාර දිසානායක පත් වී තිබේ. ජාතඨන්තර මාධ්‍ය මේ පිළිබඳ හඳුන්වා දී තිබුණේ මෙය දූෂිත දේශපාලන සංස්කෘතිය අභිබවා ලබා ගත් ‘ජනතා ජයග්‍රහණයක්’ ලෙසිනි. ආර්ථික අවභාවිතාව, ඥාති සංග්‍රහය සහ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනාවලින් ධූරකාලය විනාශ වූ සම්ප්‍රදායික පාලක පවුල්, විශේෂයෙන් රාජපක්ෂවරුන් කෙරෙහි ජනතා කලකිරීම, ජාතික ජන ...