ජංගම දුරකතනයක් තෝරාගන්නේ කෙසේද? - How Select a Mobile Phone? World Beyond World හොඳ ජංගම දුරකතනයක් තෝරාගන්නේ කොහොමද කියන එක කාගෙන් හරි ඇහුවොත් අපට නොයෙක් විදියේ උපදෙස් ලැබෙනවා. සමහර විට ඒ කියන කරුණු ඒ ඒ පුද්ගලයාට පෞද්ගලිකව ගැළපෙන්න පුළුවන්. දුරකතන සාප්පුවකට ගිහින් බැලුවොත්, ඒවායෙන් මොන වර්ගයේ එකක් තෝරා ගන්නද කියලා, එතැන වැඩ කරන අය දෙන උපදෙස් තමයි අපට අහන්න වෙන්නේ. ඔවුන් කුමක් හෝ දෙයක් විකුණාගන්න උත්සාහ කරනවා මිසක් සමහර විට අපට ඕන කරන ...
ශෂිකලාගේ පැණි වරකයට හෙණ ගැසීම World Beyond World ‛කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ’ යනුවෙන් ලෝවැඩ සඟරාවේ කවියක් තිබේ. මෙය නිතර ඇසෙන්නක් වුව ද එයින් කියැවෙන දේ තේරුම් යන්නට නම් පව් කළවුන්ට පව් පල දෙන අවස්ථාවක්ම උදා වී එය සියලු දෙනාට සියැසින් දැක, දෙසවනින් අසාගන්නට අවස්ථාවක් ලැබිය යුතුය. අද තමිල්නාඩුවේ සිදුවී ඇත්තේ එයයි. එහි හිටපු මහ ඇමතිනිය වන ජයලලිතාගේ මරණයෙන් ...
ෂර්ලොක් හොම්ස් අලුතින් ලියැවෙයි World Beyond World ‛ෂර්ලොක් හොම්ස් අලුතින් ලියැවෙයි’ යනුවෙන් සඳහන් කිරීමෙන්ම බොහෝ දෙනෙක් තුළ බොහෝ අදහස් පහළ වන්නට හේතුවක් වනවාට සැකයක නැත. එයට හේතුව එම කතා නැවත ලියා අප රටේ පාඨක සහෘදයාට පිළිගැන්වීමේ අර්ථයක් නැතැයි බොහෝ දෙනෙකුට සිතිය හැකි නිසාය. සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හොම්ස් නවකතා හතර මෙන්ම කෙටි කතා 56 ද මේ වන විට සිංහලයට පරිවර්තනය කෙරී හමාරය. එහි මුල් ...
සිකා වෛරසය ගැන ඔබ දත යුතු දේ - Thing you should know about Zika Virus World Beyond World මේ දිනවල මාධ්‍ය ඔස්සේ නිතර කතා බහට ලක්වන එක් සුවිශේෂී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ‛සිකා’ (Zika) වෛරසයයි. මෙය දිවා කාලයේ සක්‍රිය ‛ඊඩිස්’ (Aedes) නම් මදුරු විශේෂයන් ඔස්සේ බෝවන්නේ යැයි සොයාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ද ඊඩිස් වර්ගයේ මදුරුවන් බහුලව සිටින බැවින් අප රටට ද මෙම වෛරසයේ තර්ජනයක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. එසේ හෙයින් මෙම සිකා වෛරසය පිළිබඳව දැන සිටීම ...
හීනෙන් බෙහෙත් කියන කතා ඇත්තක්ද? World Beyond World අප අසල්වැසියකු මෑත දිනකදී අපූරු කතාවක් පැවසූයේය. ඔහු පැවසූයේ තමාට වැළඳුණු රෝගයක් සඳහා විවිධ ස්ථානවලින් ප්‍රතිකාර ගත්ත ද අඩුවක් නොමැති බැවින් පැරණි සිංහල වෙද මහතකු සොයමින් සිටි බවය. මේ අතරතුරේදී ඔහුට කුරුණෑගලට ආසන්නව පිටිසරබද ප්‍රදේශයට සිටින එක්තරා විශ්මයජනක වෙද මහතකු පිළිබඳ දැනගන්නට ලැබුණු බවත් ළඟදීම ඔහුගේ ප්‍රතිකාර ගැනීමට යන බවත් පැවසූයේය. අසල්වැසියා පැවසූ පරිදි මේ වෙද මහතා උපතින්ම වෙදකම් ...
ක්‍රිකට් ගැන අරුම කතා ටිකක් - Fantastics Facts about Cricket World Beyond World මේ දවස්වල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා තියෙන්නේ ක්‍රිකට්. බස් එකේ, දුම්රියේ කොහේදි වුනත් කීප දෙනෙක් එකතු වුණු වෙලාවට ක්‍රිකට් කතා නිතර ඇහෙනවා. මේ හැම කතාවක්ම වගේ ක්‍රිකට් ගැන එදිනෙදා ප්‍රවෘත්තිවලින් ඇසෙන දකින දේවල්. කොහොම වුනත් අපට වැඩිය අසන්නට නොලැබෙන අමුතු අමුතු කතා ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ඇසෙනවා. බොහෝ දෙනෙක් මේවා දැනගන්නට කැමැත්තෙන් හිටියත් මේවා වැඩිය දැනගන්නට ලැබෙන්නේ නැහැ. ...
වශී බෝලය හෙවත් වජ්රයේ කතාව - Vajra, the Charming Device World Beyond World හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත්, ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතාත් පහුගිය කාලේ දේශපාලන රැස්වීම් අමතන විට අතේ යම්කිසි අමුතු උපකරණයක් තබාගෙන සිටි අයුරු බොහෝ දෙනෙක් දකින්නට ඇති. බොහෝ දෙනෙක් මෙය හැඳන්වූයේ මහජනතාව වශී කරගන්න, ඔවුන්ව ආකර්ෂණය කරගන්න හැකියාවක් ලැබෙන බලගතු යන්තරයක් කියලා තමයි. අනුර කුමාර දිසානායක මහත්තයත් මේ ගැන පහුගිය කාලේ කිව්වා. එක් එක් අය මොනවා කීවත් ඒක ගැන ...
අපායට ගියත් බුලත් විටක් නැතිව නම් බෑ මචං! World Beyond World අපේ යාළුවෙක් ඉන්නවා. මිනිහා විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. එහෙම වුණත් අර මොකක්ද එකට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. ඒ වගේ මිනිහත් පොඩි කාලේ ඉඳන්ම බුලත් විට කන්න පුරුදුවෙලා හිටිය නිසා දැන් ඒක අතෑරගන්න බැහැ. ඒකට උනන්දුවකුත් නැහැ. අපායේ ගියත් බුලත් විටක් අරන් යන්න ඕන කියල තමයි නිතර කියන්නේ. කොහේ ගියත් බුලත් විටක් වරදින්නේ නැහැ. කථිකාචාර්ය කෙනෙක් නිසා මිනිහට පිටරටවල ඇවිදින්න එහෙමත් අවස්ථාව ...
වනේ වන පල වැල ගැන දන්නවාද? World Beyond World ගල් සියඹලාදියවැඩියා රෝගය 400% කින් ඉහළ ගොස් ඇති බැව් දැනුම් දෙන සෞඛ්‍ය අමාත්‍යංශය පණිවිඩයක් නිකුත් කරමින් පවසා නෑගම් යද්දී පලතුරු රැගෙන යාම වඩා හොඳ බවය. මන්ද සීනි සහිත ආහාර අනුභවය දියවැඩියා රෝගයට ඉනිමං බැඳීමක් වන බැවිනි. නෑගම් යද්දී මෙසේ රැගෙන යා හැකි පලතුරු පිළිබඳ කතා බහ කිරීමේදී අපට එක්වර මතකයට නැගෙන්නේ එදිනෙදා වෙළෙඳපලේදී අප දකින කෙසෙල්, ඇපල්, ගස්ලබු, අලිගැට ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 4 කොටස - New Gadgets for New World Part 4 World Beyond World ඔබේ නිවසට ස්මාර්ට් ස්පීකරයක් ඉස්සර ගෙවල්වල ගීත අහන්න තිබුණේ ටිකක් ලොකු බැෆල්. බෆල් කියලත් කියනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක මේවා ටික ටික කුඩා වුණා. මේ කියන්නෙත් ඒ වගෙ අලුත්ම විදියේ ස්පීකරයක් ගැන. ‛ස්මාර්ට් ස්පීකර්’ කියල තමයි මේකට කියන්නේ. මිලත් ස්මාර්ට් වගේ තමයි. මොකද අමරිකානු ඩොලර් 180ක්, රුපියල්වලින් නම් 25,300ක් විතර වෙනවා. බ්ලූටූත් තාක්ෂණයෙන් ගීත අහන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය නම්, නිවසේ ...
චාලි චැප්ලින් - කඳුළින් පිරි ජීවිතය සිනහවෙන් අධ්‍යක්ෂණය කළ අපූරු සිනමාකරුවා - Charlie Chaplin, A Smily Biography made of Tears World Beyond World නොහික්මුණු, පාදඩ ජීවිතයක් ගත කරමින් ඉබාගාතේ ඇවිද ගොස් ඉමහත් සාර්ථකත්වයට පත් වූ චාලි චැප්ලින් යනු ලෝකයේ ඉතාම දුලභ ගණයේ සිනමාකරුවෙකි. ඔහු විසින් රඟ පා ඇති චිත්‍රපට සංඛ්‍යාව 80 කි. ඒ අතුරින් ‛ද කිඩ්’, ‛ද ගෝල්ඩන් රෂ්’, ‛සිටි ලයිට්ස්’, ‛මොඩන් ටයිම්ස්’, ‛ද ග්‍රේට් ඩික්ටේටර්‛ සහ ලයිම් ලයිට්’ යන හොලිවුඩ් චිත්‍රපට අතිශය සාර්ථකත්වයට පත්විණි. ජනතාව සිනහවෙන් කුල්මත් කරන්නකු වුව ද ඔහුගේ ...
කොරෝනා හෙවත් කොවිඩි-19 ගැන ඔබ දත යුතු දෑ - What you should know about Covid-19 World Beyond World මේ දිනවල අප රටේ ඇති බරපතලම සෞඛ්‍ය ගැටලුව බවට පත්ව ඇත්තේ කොරෝනා වෛරසය හෙවත් කොවිඞ්-19 රෝගී තත්වයයි. මා ජීවත්වන වෙන්නප්පුව අවට ප්‍රදේශයෙන් ද කොවිඩි-19 න් ආසාදනය වූයේ යැයි සැකසහිත පුද්ගලයන් හමු වීම මේ පිළිබඳව වැඩිදුර නිවැරදි තොරතුරු සොයා බලන්නට මට හේතුවක් සපයා දී තිබේ. මේ පිළිබඳ නිවැරදි තොරතුරු සොයන්නන්ට උපකාරයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවියේ සඳහන් වූ තොරතුරු සමුදායක ...
ලෝකයේ ලොකුම කුණු කඳු - Biggest Garbage Dumps in the World World Beyond World 2017 වසරේ සිංහල අලුත් අවුරුදු දිනය සහ මහ සිකුරාදා දිනය වසර ගණනක් ගත වන තුරුත් මිනිසුන්ට අමතක නොවන්නට හේතුවක් වන්නේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානිය නිසාය. දිනකට එකතු වන කුණු ගොඩගැසෙන්නට ඉඩ නොදී යම් ක්‍රියාවලියක් මගින් ඒවා යම් කළමනාකරණයකට ලක් කරන තුරු අප මෙවැනි අවදානම් තත්වයන්ගෙන් මිදෙන්නේ නැත. මෙවැනි කුණු කඳු ගැටලුවකට මුහුණ දෙන්නේ අප ...
කොරෝනා සහ සොබා දහම - Corona (Covid-19) and the Nature World Beyond World Image credit : https://blogs.timesofisrael.com/thank-you-corona/වෛරස ආසාදනයන් පිළිබඳ සිනමාපට කොතෙකුත් නරඹා තිබුණ ද මගේ සිත්ගත් එක් නිර්මාණයක් වූයේ Will Smith රංගනයෙන් දායක වන I Am Legend චිත්‍රපටයයි. මෙය මම එක් වරක් නොව කිහිප වරක්ම නැරඹූයෙමි. කවදා හෝ දිනෙක ලෝකය සැබවින්ම මේ හා සමාන ව්‍යසනයකට ගොදුරු වනු ඇතිදැයි මෙය නැරඹූ සෑම වාරයකදීම මට සිතිණි. එම චිත්‍රපටයේ මෙන් වෛරස් ආසාදනය නිසා මිනිසුන් විකෘති ස්වභාවයකට ...
රත්තරන්, සුදු රත්තරන් හා ප්ලැටිනම් - Gold, White Gold and Platinum World Beyond World පසුගිය දිනෙක අප පෘථිවිය ආසන්නයෙන් ග්රහකයක් ගමන් කළ බව ඔබ බොහෝ දෙනෙක් නොදන්නවා වන්නටත් පුළුවන්. මීටර් 600 ක පමණ් විෂ්කම්භයකින් යුක්ත මෙය අපට ආසන්නතම ග්‍රහ වස්තුව වන චන්ද්‍රයාටත් වඩා පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ බවයි දැනගන්නට ලැබෙන්නේ. විටින් විට මෙවැනි ග්රහක අපගේ පෘථිවයට ආසන්නයෙන් ගමන් කරන මුත් මේ ග්රහකයෙහි ඒ සියල්ලටම වඩා සුවිශේෂී වෙනස්කමක් දකින්නට ලැබුණා. මේ පිළිබඳ අධ්‍යයනය කළ විද්‍යාඥයන් ...
මිනිසුන් උස්සන්නට සුදු වෑන්ම ගන්නේ ඇයි? - White Vans and Abductions World Beyond World Image Source - https://bjerg.deviantart.com/art/Candy-In-The-Van-114711398සුදු වෑන් යනු අප නිතර අසා ඇති වෑන් ජාතියකි. ඒවා හදන්නේ මොන සමාගමේ වුනත් අවසානයේ සුදු වෑන්වලට ලැබෙන්නේ එකම ආකාරයේ ගෞරවයකි. ඒ සුදු වෑන් ‘මිනිස්සු උස්සන්න‘ හෙවත් පැහැර ගැනීමට ගන්නා වෑන් ජාතියක් ය කියන එකය. අපේ රටේ සුදු වෑන්වලින් මිනිසුන් උස්සපු කතා කාලාන්තරයක් තිස්සේ ඇසෙන්නේය. හිට්ලර්ගේ කාලයේ යුදෙව්වන්ට පහර දීම සඳහා සුදු වෑන් පැමිණ ඇති බවට ...
අවසානයේ සිංහලයා ජයග්‍රහණය කළේය - At last, Sinhalese Won World Beyond World 2015 ඊනියා යහපාලන පාලන තන්ත්රයක් බිහි වීමෙන් පසු ‘සිංහල‘ යන වචනය පවා පැවසීම සංහිඳියාවට තර්ජනයක් යැයි මතයක් පැතිරී ගියේය. සිංහලයා නපුංශක ජාතියක් කිරීමට එකී පාලකයන් ගත් ප්රයත්නයන් දරා සිටින්නට නොහැකි තැන මම 2015 ජූනි මාසයේ බ්ලොග් සටහනක් තැබුවෙමි. (කැමති නම් එය මෙතැනින් කියවන්න) ඉන් වසර 4 කට පසුව නව ජනපතිවරයෙක් පත්ව සිටී. ඔහු ගෝටාභය රාජපක්ෂයි. පවුල් පාලනයක් හෝ වෙන මලඉලව්වක් ...
ජීවමාන බුදුන්ගේ තේජවන්ත මාලිගය - Potala Palace of Dalai Lama World Beyond World දලයි ලාමාතුමාගේ නිල මන්දිරය කුමක්දැයි ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක්ද ? ඔබ දන්නේ නම් ඒ “පොතාලා මන්දිරය” යැයි පවසනු ඇත. එය පිහිටා ඇති කන්ද හඳුන්වනු ලබන්නේ රතු කන්ද නමිනි. ටිබෙටයේ ලාෂා මදා හි පිහිටි මෙම පොතාලා මන්දිරය සත්වැනි සියවසේදී සොන්ග්ස්ටන් ගැම්පෝ රජු විසින් කරවන ලද්දකි. අකුණු සරවලට හා යුද්ධයකට මැදි වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය විනාශයට පත්විය. කෙසේමුත් වර්ෂ 1945 දී ...
වැසිකිලි වලවල් සහ මීතේන් වායුව - Latrine Pits and Methane World Beyond World වැසිකිලි වලක් කඩා වැටීමෙන් පසුගිය දිනෙක ඇඹිලිපිටිය ප්‍රදේශයේ අඹු - සැමි යුවලක් මරුමුවට පත් වූ බව අසන්නට ලැබිණි. මිදුල අතුගාමින් සිටි කාන්තාව වැසිකිලි වල වැසෙන සේ තනා තිබූ කොන්ක්‍රීට් ලෑල්ල මත සිටියදී එය කඩා වැටී ඇත. එහිදී ඇය සිහි මුර්ජා තත්වයට පත්ව ඇති අතර ඇයට උදව්කිරීම සඳහා මේ අවස්ථාවේදී ඇයගේ සැමියා ද වලට බැස ඇත. නමුත් එහිදී ඔහු ද සිහි ...
ඔබාමා ඇමරිකාව විනාශ කරයි! - Obama will destroy USA! World Beyond World එළැඹෙන්නට නියමිත 2016 වසර අප බොහෝ දෙනෙක් සිතනවාට වඩා වෙනස් වසරකි. ඔබට මිනිත්තු කිහිපයක් මිඩංගු කොට බැලුවහොත් 1 - 9 දක්වා ඇති මූලික සංඛ්‍යාවලින් 5 හැරුණු විට අනෙක් සියලුම සංඛ්‍යාවලින් 2016 බෙදෙන බව පෙනෙනු ඇත. 4 න් ද බෙදෛන නිසා එය අධික අවුරුද්දක් ද වන්නේය. මේ අනුව ගණිතමය වශයෙන් ද විශේෂත්වයක් ඇති 2016 දේශපාලනමය වශයෙන් ගතහොත් කෙසේවත් සුබදායී වන්නේ නැත. ...