පිරමිඩ ජාවාරම්වලට හසුවන්න එපා! World Beyond World අප කාර්යාලයේ සේවය කරන හිතවතකු දිනක් වඩාත් ඉක්මණින් ධනය උපයාගත හැකි ක්‍රමයකට තමන් සම්බන්ධ වී සිටින බවත්, එය නියමාකාර ලෙස කරගතහොත් වෙනත් රැකියාවක් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද කියමින් කතාවකට මුල පිරුවේය. “මේකෙන් සල්ලි ලැබෙන විදිහ ගැන ඔයාට හිතාගන්නත් බැහැ. අපි එන්න කලින් ආපු හුඟ දෙනෙක් දැන් හොඳටම දියුණු වෙලා. එක් කෙනෙක් කාර් එකකුත් ගත්තා. අපිත් දැන් මේ ටික ටික නැගිටගෙනයි ...
පරාක්‍රමබාහු ප්‍රතිමාවේ කතාව ත්‍රිමානව බලමු World Beyond World පොළොන්නරුවේ චාරිකාවක ගිය අවස්ථාවක පරාක්‍රමබාහු රජුගේ යැයි සැළකෙන ප්‍රතිමාව නරඹන්නට ගියා. මේ වීඩියෝවේ දැක්වෙන්නේ ඒ අවස්ථාවේදී එතැන සිටි නිලධාරී මහතකු මේ ප්‍රතිමාව පිළිබඳ පැවසූ විස්තරයක්. ඒ විස්තරය වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරයට අවශ්‍ය තැන්වලට ගැළපෙන ඡායාරූප දමා තිබෙනවා. අත්හදාබැලීමක් ලෙස මෙය ත්‍රිමානව නැරඹිය හැකි ආකාරයටයි සකස්කොට තිබෙන්නේ. පහත ආකාරයේ ත්‍රමාන කන්නාඩියක් පළඳා මෙය නැරඹීමෙන් මාගේ උත්සාහය කෙතරම් සාර්ථක ද කියා ඔබට ...
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කතාව - Story of Android Operating System World Beyond World කිට්කැට් සංස්කරණය සහිත දුරකතනයක් වර්තමානයේ ජංගම දුරකතන තරම් වේගයෙන් තාක්ෂණය දියුණුවන්නා වූ අන් උපකරණයක් නැති තරම් ය. අද අප කතා කරන ජංගම දුරකථනයට වඩා නවීන තාක්ෂණයෙන් යුක්ත ඒවා හෙට දවසේ වෙළෙඳ පළින් මිලදී ගන්නට පුළුවන. මෑතක් වනතුරුම ලෝකයේ ජංගම දුරකතන ජනප්‍රිය වූයේ ඒවායේ වෙළෙඳ නාමයන්ගෙනි. වෙළෙඳ නාමය අදටත් වලංගු වුවද දැන් බොහෝ දෙනා අසන්නේ “මේක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්ද?” කියාය. කවුරුත් ...
ටැලිගිරැං හුටපට කතා World Beyond World මේ වෙන්නප්පුවට කිට්ටුව බොරලැස්ස පැත්තේ පැරණි කතාවක්.මේ පැත්තේ මනුස්සයෙක් හිටියා පේදුරු කියලා. මේ මනුස්සයා කරපු රස්සාවල්වලින් එකක් තමයි පොල් ලෙලි එකතු කරපු එක. මේ පැත්තේ පොල් ලෙලිවලට කිව්වේ ‘පොල් මට්ටා’ කියලයි. ඒ නිසාම මේ මනුස්සයාව අඳුනගෙන හිටියේ ‘මට්ට පේදුරු’ කියලයි. මට්ට එකතු කරන රස්සාවෙන් වාසියක් නැති නිසා ටිකක් ඈත කැලෑ පළාතක ලී ඉරුම් වාඩියක උයන්න යන්න මිනිහා තීරණය කළා. දැන් ...
අම්මෝ පුදුම රස්නයක්නේ තියෙන්නේ! World Beyond World සෑහෙන කලකට පසු අප දැඩි උණුසුම් කාලගුණ තත්වයකට නතුව ඇති බව ඔබ අප කව්රුත් දන්නවා. පසුගිය දිනවල කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 පමණ දක්වා ඉහළ ගොස් තිබූ බව පෙනෙන්නට තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ලබන අප්‍රේල් මැද පමණ වන තෙක් මෙම තත්වය පැවතිය හැකි බවයි. ඇතැම් විට එය වෙනස් වන්නට පුළුවන්. එය යහපත් අතට වෙනස් වී වැසි වැටෙන්නට ...
අධික රුධිර පීඩනය ගැන මේවා දන්නවාද? - Know these things about Hypertension World Beyond World ‛අධ්‍යාතතිය’ (Hypertension) හෙවත් ‛අධික රුධිර පීඩනය’ (high blood pressure / arterial hypertension) යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් මුහුණ පා සිටින බරපතල නිධන්ගත සෞඛ්‍ය තත්වයකි. මෙම රෝග තත්වයන්ට ගොදුරුවීම යනු හඳුනා නොගත් මාරයකු සමග ජීවත්වීමක් ලෙස ද ඇතැමෙක් හඳන්වති. අධික රුධිර පීඩන තත්වයන්වලදී සිදුවන්නේ රුධිර නාල ඔස්සේ ගමන් ගන්නා රුධිරයෙහි පීඩන මට්ටම ඉහළ යාමය. රුධිර පීඩනය ‛හෘදයෙහි හැකිළීම’ (systolic) සහ ...
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන්නට නම් - To Protect from Corona (Covid 19) Virus World Beyond World Image Credit : https://en.wikipedia.org/wiki/Coronavirus#/media/File:2019-nCoV-CDC-23312_without_background.pngකොරෝනා වයිරසයෙන් ආරක්ෂා වන්නට එය එය විනාශ කර දමන්නට යුනිසෙෆ් සංවිධානය මගින් ලබා දී ඇති මේ උපදසේ පිළිපදින්නකොරෝනා වයිරසය රෙදිපිළි මත තැන්පත් වුවහොත් එයට එම මතුපිටෙහි ජීවත් විය හැක්කේ පැය නවයක (9) කාලයක් පමණි. එබැවින් කළ යුත්තේ රෙදිපිළි සෝදා දැමීම හෝ පැය දෙකක් තද අව්වේ වියළා ගැනීමයි. වයිරසය විනාශ කිරීම සඳහා මේ පියවර ප්‍රමාණවත් ය. කොරෝනා වයිරසය ...
මුදලට රාගය නිවන ඉන්දියාවේ රතුපහන් වීදි - Red Light Streets in India World Beyond World ඉන්දියාවේ සංචාරය කරන යමෙකුට හදිසියේ හෝ හිතා මතා හෝ එහ රතු පහන් වීදියක ඇවිද යන්නට සිදුවුවහොත් බොහෝ බොලිවුඩ් සෙලෝලොයිඩ් සිනමා පටවලින් හා ඉන්දීය ටෙලි නාට්‍යවලින් අප දකින ඉන්දියානු ප්‍රතිරූපය වෙනස්වන බවට සැකයක් නැත. යමෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව රතු පහන් වීදියකට හෙවත් Red Light Street එකකට පිවිසිය හොත් තමා ගිළගැනීමට දෑස් අයා බලා සිටින ගැහැනුන් දැක ඇතැම් විට බියේ දිවයන්නට ...
නින්ජා, රිදී තිරයෙන් විකෘති වුණු නින්ජාවරුන්ගේ කතාව - The Truth about Ninjas World Beyond World ජපානය වූ කලී අනාදිමත් කාලයක සිටම සටන්ක්රමවලට ලෝක ප්‍රකට සටන් ක්‍රමයක් වූ ‛කරාතේ’ උපන් භූමියද මෙයම වන්නේය. එයට අමතරව ෂෝගන්වරු, සමුරායිවරු හා නින්ජාවරුන්ට ද තිඹිරිගෙය වූයේ ජපානයයි. මේ නම්වලින් හැඳින්වූ සියල්ලන් සුප්‍රකට සටන් පරම්පරාවන්ය. මේ අතුරින් ෂෝගන්වරු හා සමුරායිවරු අද වනවිට නමට පමණක් සීමාවී ඇති බැව් පෙනේ. නමුත් අභිරහස් සටන් පරම්පරාවක් වන නින්ජාවරු නම් තවමත් කිහිපදෙනෙක හෝ ජපානයේ සැබැවින්ම ජීවත්වන ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 11 කොටස - New Gadgets for New World Part 11 World Beyond World හොර වැඩ කරනවාට නියම ගැජට් එකක් ගෙදර කවුරු හරි ඕන නැති වැඩක් කරනවා නම් ඒ ගැන බොහෝ විට මුළින්ම හෝදිසි කරන්න පටන් ගන්නේ අම්මා. අම්මට හොරෙන් ඕන නැති වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. ඒත් අද කාලේ තියෙන කාර්ය බහුල ජීවිතේ එක්ක අම්මලාට මේ වැඩේට කාලය යොදවන්න ටිකක් අමාරු වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මෙන්න මේ අපූරු ගැජට් එක හදන්න ඕන ...
අවුරුදු 98 ස්නායු මනෝ වෛද්‍යවරිය - බ්‍රෙන්ඩා මිල්නර් - Brenda Milner, the 98 Year Old Neuropsychologist World Beyond World අවුරුදු 98ක් යනු බොහෝ විට මරණාසන්න වයසකි. එසේත් නැත්නම් යන තැනකට යමක් කරගන්නා එක වඩා හොඳ යැයි සිතන්නට හොඳ වයසකි. ඇතැම් විට එවැන්නක් පවා සිතාගන්නට තරම් නිරවුල් මනසක් නොමැති වයසකි. එයට හේතුව එවැනි වයස් මට්ටමකදී බොහෝ දෙනෙකුගේ සිහිය විකල්ව යාමට වැඩි ඉඩක් ඇති බවට ඕනෑ තරම් අත්දැකීම් තිබෙන නිසාය. කෙසේ නමුත් අවුරුදු 98 දී මනෝ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නියක සිටින්නේ ...
2016 කාලගුණයෙන් බැට කන වසරක් වේද? - Will 2016 be a weather hazard year? World Beyond World බොහෝ දෙනෙක් ඇතැම් විට නොදන්නවා විය හැකි වුවත් ගෙවුණු 2015 වසර යනු කාලගුණ විද්‍යාවට අනුව අප පසුකළ උණුසුමින් වැඩිම වර්ෂය විය. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ ඇතැම් විට නොදැනෙන්නට හේතුව වන්නට ඇත්තේ පසුගිය මාස කිහිපය පුරා අප වර්ෂාව සහිත සමයක් පසුකළ නිසා වන්නට පුළුවන. කෙසේ වුවත් ලෝකයේ කාලගුණය පිළිබඳ අනාවැකි පළ කරන බොහෝ ආයතන 2016 වසර පිළිබඳ යම්කිසි බියකින් ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 10 කොටස - New Gadgets for New World Part 10 World Beyond World ගන්නවා නම් මේක තමයි පෑන තමන් සහභාගීවන දේශනවල සටහන් තබාගැනීම සිසුන් විසින් කළ යුතු දෙයක්. මේවා ලියා ගැනීම ඇතැම් විට කරදරයක් සේ දැනෙන නිසා බොහෝ දෙනෙක් දැන් ඒවා පටිගත කොට පසුව සටහන් බවට පත් කරගන්නවා. මේ ගැන කල්පනා කළ එක් ලයිව්ස්ක්රයිබ් කියන ලෝක ප්‍රසිද්ධ සමාගම අමුතු ආකාරයේ පෑනක් (Echo Smartpen ) නිෂ්පාදනය කළා. මේක බැලූ බැල්මට සාමාන්‍ය පෑනක් නමුත් ...
මාර්ස්මෙලෝ - හයවැනි ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය - Android 6.0 Marshmallow World Beyond World මේ දිනවල අලුතින් පැමිණෙන සියලුම පාහේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවල පවතින්නේ එහි අලුත්ම, එසේත් නැත්නම් 5 වැනි සංස්කරණය වන ‛ලොලිපොප්’. ඒක අමුතුවෙන් කිව යුතු දෙයක් නෙවෙයි. ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙල හැටියට ඊළඟ සංස්කරණය M අකුරෙන් ආරම්භ විය යුත්තක් බව දැන සිටියා. දැන් එහි නම දැනගන්නට ලැබී තිබෙනවා. ඒ තමයි ‛මාස්මෙලෝ’. ඔක්තෝබර් 5 වැනිදා මුළින්ම නෙක්සස් දුරකතන සඳහා මෙය යොදා ගන්නා බවයි දැනගන්නට ...
ෆුල් හවුස් නාට්‍යයේ හැන් ජියෙන් - Han Ji-eun of Full House Korean Drama World Beyond World ‛ෆුල් හවුස්’ කිව්ව සැනින් ඔබට මතක් වෙන්නේ වෙන මොනම දෙයක්වත් නෙවෙයි මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය, සිංහල හඬ කවපු කොරියානු ටෙලි නාට්‍යයක්. සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස 6.00 සිට 7.00 දක්වා පුරා පැයක කාලයක් මෙය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය වෙනවා. දැනට වසර කිහිපයතට පෙර මෙම නාට්‍යය සිංහල උප සිරැසි සහිතව ස්වාධීන රූපවාහිනියේම විකාශනය වුණා. ඒ වන විට අපේ රටේ කොරියානු ටෙලිනාට්‍ය ...
නරක ලතා මංගේෂ්කර් - Dark side of Lata Mangeshkar World Beyond World මාගේ රටවැසියන් ඔබලාට රිසි සටන් පාඨ ඔසවාගනු මැන මෙය අපට ශ්‍රේෂ්ඨ දිනයක්මැයි ඔබගේ තෙවණිනි හෙබි ධජ ඔසවනු මැන නමුත් ඒ නිර්භීතවූවන්ගේ දිවි තොර වූ මායිම අමතක නොකරනු මැන යළි කිසි දිනෙක ආපසු නොඑන සැම සෙබළකුම ඔබගේ සිතහි තබාගනු මැන මේ සුපකට භාරත ගායන ශිල්පිනියක වූ ලතා මංගේෂ්කර් ගායනා කරනු ලබන ‛ඒ මෙරේ වටොන් ලොගෝ’ නම් දේශාභිමාන ගීතයේ මුල් පද කිහිපයේ ...
වංගු වංගු වංගු ගැසුණු චීනයේ ගෝලියැන්ග් පාර - Chinese Scariest Guoliang Tunnel Road World Beyond World චීනය කියන්නේ ලෝක ශිෂ්ටාචාරයේ සුවිශේෂී තැනක පවතින රටක් කීවොත් එහි වරදක් නැහැ. අතීතයේද වර්තමානයේත් එය ලෝකයට අරුම පුදුම දෑ එකතු කළා. චීන මහා ප්‍රකාරය, චීන සටන් ක්‍රම, කලා ශිල්ප මේ අතර දකින්නට ලැබෙනවා. මේ කියන්න යන්නෙත් චීනය ලෝකයට එකතු කළ අපූරු දෙයක් ගැනයි. මේක මාර්ගයක්. මහා ගල් පර්වතයක් සිදුරුකරගෙන උමගක් ලෙසින් ඇදී යන මේ මාර්ගය සැබවින්ම විශ්මය ජනකයි. එය පසුපස ...
හිලරි දිනයිද? World Beyond World ඇමරිකා එක්සත් ජනපදයේ 58 වැනි ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ මැතිවරණයට තව වැඩි දවසක් නැත. එය නොවැම්බර් 8 වැනිදා පැවැත්වීමට මේ වන විට සියලු වැඩකටයුතු යොදා තිබේ. බැරක් ඔබාමාගෙන් හිස්වන ජනපති අසුන සඳහා තරග කරන්නවුන් අතරින් ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින ඩොනල්ඩ්ට් ට්‍රම්ප් ඉදිරියෙන්ම සිටිති. මේ අතරින් හිලරි ක්ලින්ටන් ඉදිරියෙන්ම සිටින්නීය. මැතිවරණ ප්‍රතිඵල පුරෝකතනය කිරීමේ සෑම ...
ජංගම දුරකතනවලටත් හෙන වදිනවාද? World Beyond World “මේ අකුණු ගහන වෙලාවේ කෝල් අරන් අපිවත් මරවන්නද හදන්නේ?” අකුණු පුපුරන අවස්ථාවක ඔබ ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගතහොත් සියලු දෙනාම පාහේ පවසන්නේ මෙවැනි කතාවකි. මේ නිසාම අප බොහෝ දෙනෙකු පුරුදුව ඇත්තේ එවැනි අවස්ථාවකදී ජංගම දුරකතනය භාවිත නොකර සිටින්නට පමණක් නොව එය ක්‍රියා විරහිත කොට ද තබාගන්නටය. සැබවින්ම ජංගම දුරකතනයක් භාවිත කරන්නකු අකුණු පුපුරන අවස්ථාවකදී අනතුරකට ලක්වීමේ ඉඩක් තිබේද? මෙය බොහෝ දෙනෙකුට ...
සද්ද බද්ද දාලා හදන මේක කොත්තු රොටිය - Kotthu Story World Beyond World කලකට පෙර තුන් වේලටම බත් කෑ අපි කාර්ය බහුලත්වය සමඟ නොයෙක් ආහාර රටාවන්නට හුරුවන්නට පටන් ගතිමු. මේ අනුව උදේ ආහාරය රජකු සේ ගත යුතු බව පැවසුන ද බොහෝ දෙනෙක් ඒ සඳහා පාන්, බනිස්, ෂෝර්ට් ඊට්ස් (කෙටි කෑම) වැනි දේ ආදේශ කරන්න පටන් ගත්හ. රාත්‍රී කෑමට ද බත් අතහැර පාන්වලට හුරුවිය. වැඩි කලක් යන්නට පෙර රාත්‍රී ආහාරය සඳහා පාන් පමණක් නොව ...