ගැහැනුන්ට කැමති හොර පූජකයා රස්පුටින් - Death Story of Rasputin World Beyond World රස්පුටින්, නොඑසේ නම් ග්‍රිගෝරි යෙෆිමොවිච් රස්පුටින් යනු ලොව සුප්‍රකට පුද්ගල චරිත අතරට එක්වන තවත් සුවිශේෂී නාමයකි. 1869 ජනවාරි 22 වැනිදා ඉපදුණු ඔහු 1916 දෙසැම්බර් 30 වැනිදා මෙලොව හැර ගියේ ලොව දස අත සිය නම පතුරවමිනි. ඔහු එතරම් සුප්‍රකට චරිතයක් බවට පත්වූයේ අන්කිසිවක් නිසා නොව රුසියානු විප්ලවයට පෙර සිටි අවසන් රජු වූ 2 වැනි නිකොලස් සාර් රජු, ඔහුගේ බිසව වූ ඇලෙක්සන්ඩ්රා ...
බොලිවුඩ් නිළියගේ රියට දැරියක් බිලි වෙයි - A 4 Year Old Died In Hema Malini's Car Accident World Beyond World වර්තමාන ශ්‍රී ලාංකික හින්දි සිනමා රසිකයන් අතර වැඩි දෙනෙක් නොදැන්නා චරිතයක් වූ ‛හේමමාලිනී ගැන නරක ආරංචියක් පසුගිය ජූලි දෙවැනි බ්‍රහස්පතින්දා ආරංචි වුණා. ඒ ඇයගේ මෝටර් රථය රාජස්ථාන් ප්‍රාන්තයේදී අනතුරට පත් වීම නිසා දෙහැවිදිරි දැරියක් මිය යාමයි. මෙය එදින රාත්‍රී 9ට පමණ ඉන්දියාවේ 11 වැනි ජාතික අධිවේගී මාර්ගයේදී සිදුවුණු බවයි දැනගන්නට ලැබෙන්නේ. හේමමාලිනී අතීතයේදී හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම සුරූපී නිළියක ...
අඬ අඬා කසාදෙට ලෑස්තිවෙන චීන ගෑනු World Beyond World කසාදයක් බැඳගෙන තමන්ගේ සැමියාත් එක්ක තමන්ටම වෙන් වුණු ලෝකයක ජීවත් වෙන්න යන්න තමයි හැම තරුණියක්ම වාගේ නිසි වයසට ආවාට පස්සේ සිහින මවන්නේ. ඒත් කසාදෙ දවසට මේ හැම දේම වෙනස් වෙනවා. එදාට අම්මාව, තාත්තාව, සමහර විට බල්ලාව පවා දාලා යන්න බෑ කිය කියා අඬා වැලපෙනවා. කොයි රටෙත් එහෙමයි. හැබැයි චීනේ ටුජියා කියන ජනතාව මේක තව ටිකක් ජයට කරනවා. ඔවුන් විවාහ මංගල්‍යයකට ...
ස්කොට්ලන්ත දුම්රියපලක දමා ගිය බල්ලාගේ කතාව - Dog abandoned with suitcase at train station World Beyond World දුක්බර මුහුණකින් යුතුව සිටින මේ සුනඛයාගේ ඡායාරූප සහ තොරතුරු පසුගිය දිනවල විදෙස් මාධ්‍ය බොහොමයක් දක්නට හැකිවිය. මේ ඡායාරූප දුටු බොහෝ දෙනා, විශේෂයෙන් සුරතල් සතුන්ට ආදරය දක්වන්නෝ සහ සත්ව අවිහිංසාවාදීහු මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළහ. සමාජ ජාල වෙබ් අඩවිවල මේ සුනඛයාගේ දුක්බර මුහුණ සහිත ඡායාරූප පළවන්නට විය. මොහු පිළිබඳ අනුකම්පාවෙන් දහස් ගණන් දෙනා අදහස් දක්වන්නට වූහ. මොහුගේ වගකීම භාරගන්නට බොහෝ ...
ටෙඩී බෙයාර්ගේ පැටිකිරිය - Story of Teddy Bear World Beyond World කාන්තාවන්, විශේෂයෙන් තරුණියන් සහ කුඩා දැරියන් වඩාත් ප්‍රියකරන දේවල් අතරින් ප්රමුඛස්ථානයක් ලැබෙන දෙයක් තමයි ‛ටෙඩී බෙයාර්’ (Teddy Bear), එහෙමත් නැත්නම් ‛ටෙඩී වළසා’ කියන්නේ. ඔවුන්ගේ යහන් මත, මේස මත, පුටු මත ටෙඩී වලස්සු සමහර විට එකෙකුට වඩා දකින්න පුළුවන්. කුඩා ප්‍රමාණයන්ගේ සිට ජීවමාන ප්‍රමාණය ද ඉක්මවා යන ටෙඩී වලස්සු වෙළෙඳ පළේ දක්නට ලැබෙනවා. ඒත් කවුරුවත් මේ ටෙඩී වලස්සු ගැන නම් ...
අරෙ බාබා හොලිවුඩ් නහී - බොලිවුඩ් බොලිවුඩ්! - බොලිවුඩ් සිනමාව සියවස සමරයි - Bollywood Cinema Celebrated a Century World Beyond World ලෝකයේ විවිධ සිනමා නිර්මාණ රස විඳින අප බොහෝ දෙනෙක් ඒ සියල්ල අභිබවා කැමැත්තක් දක්වන්නේ හින්දි සිනමාවට යැයි පැවසුවහොත් එහි අතිශෝක්තියක් නොමැත. දේශීය සිනමාවක් බිහිවන්නට පෙර සිටම අප රට ප්‍රේක්ෂකයෝ හින්දි සිනමාවට ආදරය කළහ. අපගේ මුල්කාලීන සිනමා නිර්මාණවලට සෘජු ආභාෂය ලබා ගත්තේ ද බොහෝ විට හින්දි සිනමාවෙන් වූ අතර ඒවායේ නිෂ්පාදන කටයුතුවලට ද බොලිවුඩ් සිනමා කර්මාන්තයෙන් සහයෝගය ලබාගත් අවස්ථා එමටය. බොම්බාය ...
ධනුෂ්ගේ අලුත්ම චිත්‍රපටිය ‛වේලයිල්ලා පට්ටධාරි 2’ (Velaiilla Pattadhari 2) හෙවත් වී. අයි. පී. 2 World Beyond World කුමක් හෝ හේතුවක් නිසා විශේෂත්වයක් ඇති දෙමළ චිත්‍රපටයක් මරදානේ සිනේ සිටියේ පෙන්වනවා නම් එදාට ඒ හරියේ උදේ පාන්දර හතේ විතර ඉඳන් සෙනග. ඇතැම් අවස්ථාවල දී පාරේ වාහන තදබදයක් ඇතිවෙන්නත් මේ වගේ චිත්‍රපටියක් බලපානවා. අගෝස්තු මාසේ 24 වැනිදාත් එවැනි දවසක්. එයට හේතුව දකුණු ඉන්දියාවේ සුප්‍රකට රංගන ශිල්පියකු වන ධනුෂ්ගේ ‛වේලයිල්ලා පට්ටධාරි 2’ හෙවත් වී. අයි. පී. 2 චිත්‍රපටය අපේ රටේ ප්‍රදර්ශනය ...
අපි පාන් කන විදිය සහ පිටරටවුන් පාන් කන විදිය - Bread Eating Styles: Local vs. Foreign World Beyond World නිවුඩ්ඩ සහිත පාන්කුඩා කාලයේ සිටම අප රටේ ප්‍රධාන ආහාරය බත් යැයි පැවසුන ද මේ වන විට නිල නොලත් ප්‍රධාන ආහාරය බවට පත්ව තිබෙන්නේ පාන්ය. අදින් වසර 30ක් ආපස්සට ගොස් බලන විට ද පාන් යනු අප ජන සමාජය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකළ ආහාරයක් බව පෙනේ. එයට හේතුව එම වසරේ ජනපති තරගයට ඉදිරිපත්ව සිට, අප රටේ ප්‍රථම විධායක ජනපතිනිය බවට පත් ...
ධනුෂ්කොඩි හෙවත් සිරිලකට ආසන්නනතම හොල්මන් නගරය - Dhanushkodi, the closest ghost town to Sri Lanka World Beyond World පසුගිය මාර්තු 14 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අප රටේ තලේමන්නාරම් දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ගමන් බිමන් යාම පිළිබඳ කතා බහ යළි කරළියට පැමිණි බැව් පෙනෙන්නට තිබිණි. අතීතයේ අප රටේ තලේමන්නාරම් දුම්රිය ස්ථානයේ සිට ඉන්දියාවේ රාමේෂ්වරම් තුඩුවේ කෙළවරෙහි ඇති ධනුෂ්කොඩි දක්වා ගමනාගමන සේවයක් පැවතියේය. අධ්‍යාපනික, ව්‍යාපාරික හා සංචාරක කටයුතුවල යෙදුණු අප රටේ ඇතැම් ...
චීන කෑම කෑවොත් හැදෙන චීන අවන්හල් සහලක්ෂණය - What is Chinese Restaurant Syndrome? World Beyond World අවුරුදු දහස් ගණනකට පෙර මිනිසුන් ආහාරයක් පිළියෙල කරගන්න පුරුදු වෙලා හිටියේ ඉතාමත් සරල ආකාරයට. නමුත් පරිණාමය සමග මිනිසා ආහාර පිළියෙල කරගැනීමේ අලුත් ක්‍රම සොයාගත්තා. අද වන විට ආහාර පිළියෙල කරගැනීමේ ක්‍රම, ආහාර සංස්කෘතීන්, සිරිත් විරිත් බොහෝ ගණනක් ලෝකය පුරා පැතිර තිබෙනවා. අපේ ජන සමාජයේ ද විවිධ ආහාර සංස්කෘතීන් හා සිරිත් විරිත් තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී වශයෙන් විවිධ ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 1 කොටස - New Gadgets for New World Part 1 World Beyond World අපේ ජීවිත වඩාත් සුවපහසු කරගන්නට අලුත් අලුත් උපකරණ පුදුමාකාර වේගයකින් නිර්මාණය වෙනවා. නිෂ්පාදනය වෙනවා. කෙටිකාලීනව මේවායින් ජීවිතය සැපවත් වුණත් දිගු කාලීනව නම් සෞඛ්‍යය සම්බන්ධව විවිධ ගැටලු මතුවෙන්නටත් පුළුවන්. විශේෂයෙන් ව්‍යයාම ආදි නොමැතිවීම, මෙම උපකරණවල ඉලෙක්ට්‍රෝනික ක්රියාකාරීත්වයන් ආදිය අපගේ සෞඛ්‍යයට බලපෑ හැකියි. කෙසේ නමුත් අන්තර්ජාලයේදී විටින් විට හමුවන, මගේ හිත ගිය එවැනි උපකරණ කොටස් වශයෙන් බ්ලොගයට දමන්නට හිතුණා. ඒ හිතීමේ ...
මංගල ප්‍රේමදාස නම් අසහාය හඩ අනුකරණ ශිල්පියා - Mangala Premadasa, the incomparable sound imitating Man World Beyond World මංගල ප්‍රේමදාස පිළිබඳ අප දැන සිටියේ ඉතා කුඩා සමයේ සිට වුවද අන්තර්ජාලයේ ඔහු පිළිබඳ සොයා බලද්දී සොයාගත හැක්කේ එකම එක විස්තරයක් පමණි. ඒ ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද, ඔහු විසින් රචිත ‘අකුරුවලින් සත්තු අඳිමු‘ නම් ළමා කෘතිය පිළිබඳව පමණි. නමුත් ඔහු සැබවින්ම දක්ෂතාවය පෙන්වා ඇත්තේ ලේඛකයෙකු ලෙස නොව හඬ අනුකරණ ශිල්පියකු වශයෙනි. අපි කුඩා කාලයේ සිටම ඔහුගේ ...
ගව ඝාතන තහනම ගව සම්පත රැකගැනීම සඳහාමද? World Beyond World ගව ඝාතනය තහනම් කිරීම පිළිබඳ කතිකාවතක් මේ දිනවල සමාජගතව පවතින අතර දේශපාලන වශයෙන් ද ඒ සඳහා යම් තීරණ ගැනීමට නියමිත බව පෙනෙන්ට තිබේ. කෙසේ වෙතත් අප රටේ බහුතරයක් සිටින්නේ බෞද්ධයින් වුව ද, බුදු දහමෙන් ප්‍රාණඝාතයේ ආදීනව හොඳින් පැහැදිලි කොට දී තිබුණ ද, බෞද්ධයන් ඇතුළු බොහෝ දෙනෙක් මාංශ පරිභෝජනයෙන් නම් ඈත්වී ඇති බවක් නම් නොපෙනේ. කෙසේ නමුත් අසරණ සතුන් මරා ...
බුදුන් නොහඳුනන බුද්ධගයාවේ කාන්තාවෝ - Women who doesn't know the Lord Buddha World Beyond World බුද්ධගයාව යන වදන ඇසීම පවා ඕනෑම බොදු සිතකට සැනසුම දනවන්නකි. ඒ සකල ලෝක වාසී බෞද්ධ ප්‍රජාවගේ පරම පූජනීය පුණ්‍ය භූමිය ඉන්දියාවේ බුද්ධගයාව බැවිනි. ඒ අනුව මුළු දිවි පවෛතම මෙම පුද බිම ඇසුරෙහි ගත කිරීමට ලැබේ නම් එය කවර නම් වාසනාවක් දැයි ඔබට වුව සිතුනහොත් එයද පුදුමයක් නොවේ. ඔබට එසේ සිතුන ද අදටත් බුද්ධගයාව අවට කාන්තාවෝ විශාල පිරිසක් ජීවත් වෙති. ...
පූසෝ පිපිඤ්ඤාවලට මේ හැටි බය ඇයි? - Why are cats so scared of cucumbers? World Beyond World කොල පාට පිපිඤ්ඤා ගෙඩියක් දුටු ගමන් බය වී උඩ පනින පූසන්ගේ වීඩියෝ ඔබ යූටියුබ් එකේ ඕනෑ තරම් දැකලා ඇති. මේ බලන වෙලාවට නිකමටවත් හිතුවේ නැද්ද පූසෝ පිපිඤ්ඤාවලට මේ තරම් බය ඇයි කියලා. අන්න ඒක ගැන තමයි මේ කියන්න යන්නේ.මේකට හේතුව මොකක්ද කියන එක පැහැදිලා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොන් ස්ලොබොඩ්චිකොෆ්. ඔහු ජීව විද්‍යාඥයෙක් වගේම සතුන්ගේ ...
විශ්වයේ කතාව දැනගනිමු - Story of the Universe World Beyond World විශ්වයෙහි සියලූ ද්‍රව්‍ය හා ශක්තිය අඩංගු වී ඇත. පෘථිවිය සහ අනෙකුත් ග්‍රහවස්තූන් ද, තාරකා, මන්දාකිණි සහ ඒවායේ අඩංගු සියලූ දෙයම විශ්වයට ඇතුළත්ය. පෘථිවියේ ඇති කුඩාව අංශුවේ සිට අවකාශයේ ඇති විශාලතම මන්දාකිණිය දක්වා සියල්ලම යනු විශ්වයයි.විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, අප සිටිනා විශ්වය යනු තවත් බොහෝ විශ්වයන් අතුරින් එකක් පමණක් වන බවය. මෙහි ප්‍රමාණය ගැන එතරම් තොරතුරක් නොදනිතත්, එය ආලෝක වර්ෂ ටි්රලියන ගණනක් ...
සල්ලිකාරයන් වෙනුවෙන් හදපු රත්තරන් ෆෝන් - Golden Phones for Rich People World Beyond World Luxury Gold Samsung Galaxy ALPHAFull price: £1364.16 අපි ඉතිං සල්ලි එකතු කරලා අමාරුවෙන් ස්මාර්ට් ෆෝන් එකත් ගන්නවා වුණාට සල්ලි තියෙන උදවිය ගන්නේ ලොකු ලොකු ගණන් තියෙන ෆෝන්. මේ ළඟදි අන්තර්ජාලය පීරන කොට අහම්බෙන් වගේ හම්බ වුණා අමුතුම ෆෝන් වර්ගයක්. මේවා අපට මේ සම්ජ්ජාතියේදී නම් ගන්න ලැබෙයි කියලා හිතන්න ආමාරුයි. මොකද මේ ෆෝන්වල පිටත ආවරණය එහෙ පිටින්ම හදලා තියෙන්නේ කැරට් 24 ...
කසාදෙන් පස්සේ දුවෙක් හදන්න ද පුතෙක් හදන්න ද කැමති? - How To Get A Baby Boy Or Girl Naturally World Beyond World “මම නම් කැමති මුළින්ම දුවෙක් ලැබෙනවා නම් . . .” “අනේ . . . මම නම් කැමති පුතෙකුට අයියෝ . . .” “ඒ වුණාට දුවෙක් තමයි හොඳ . . .” සාමාන්‍යයෙන් විවාහ වෙන්න ඉන්න අය අතර මේ වගේ කතා බහ නිතර සිදුවෙනවා. මේ විදිහට කතා වුණත් යම්කිසි වෙළෙඳ භාණ්ඩයක මාදිලියක් තෝරාගන්නවා වගේ දුවෙක් ද පුතෙක් ද කියන එක තෝරගන්න කාටවත් ...
සත්ත්ව චර්යා විද්‍යාව ගැන දන්නේ මොනවාද? What do you know about Ethology? World Beyond World සතුන් පිළිබඳ හදාරන්නට කැමති කෙනෙකු උගත යුතු විෂයය කුමක්දැයි කවුරුන් හෝ ඔබගෙන් ඇසුවහොත් ඔබ ඒ අවස්ථාවේ දී එකහෙලාම පවසන්නේ ‘සත්ත්ව විද්‍යාව’ (Zoology) කියාය. සත්ත්ව විද්‍යාව යනු ජීව විද්‍යාවේම ශාඛාවක් වන අතර එයට ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජාන විද්‍යාව, පරිණාමය, සංරක්ෂණය, ජෛව විවිධත්වය, කායික විද්‍යාව, පරිසර පද්ධති සහ සතුන් ඇතිදැඩි කිරීම වැනි දේ ඇතුළත් වේ. නමුත් සත්ත්ව විද්‍යාව හැරුණු විට සතුන් පිළිබඳ ...
හිතට ආපු යක්කු ගෙට පැන්න හැටි World Beyond World අමනුෂ්‍ය බලපෑම් එල්ලවන තැන් වශයෙන් බොහෝ විට සඳහන් වන්නේ පැරණි නිවාස සහ මන්දිරයන්ය. එහෙත්, අති නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට තනා, අලුතින් ගෙවැදුණු නිවසකටත් අමනුෂ්‍ය බලපෑමක් එල්ලවී ඇති බව පිළිබඳව මීට කලකට ඉහත මට අසන්නට ලැබිණි. ඒ මගේ හිතවතෙකු වන දන්කොටුවේ පදිංචි රවීන්ද්‍ර සමරප්පෙරුමගෙනි. රවීන්ද්‍ර පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා මුක්ත සංගමයේ අනුශාසකවරයා ය. තොරතුර ලැබී ආසන්නම දිනක ...