කජු කන එක ලේසි වැඩක්ද? World Beyond World “කොහොමද අද ගණන් ප්‍රශ්න පත්තරේ?” ඉස්සර අපේ අම්මලා තාත්තලා එහෙම ඇහුවාම කියන්නේ, “අයියෝ කජු කනවා වගේ. ගණන් ඔක්කොම හැදුවා” එහෙම කිව්වත් රිපෝට් කාඩ් එක දෙන දවසේ තමයි කජු කෑම කොහොමද කියලා ඇත්තටම පෙනෙන්නේ. කොහොම වුණත් මේ කජු කන කතාව ගැන මට සෑහෙන කාලෙක ඉඳන් ලොකු අවුලක් නම් තිබුණා. මොකද අපි හරිම ලේසි වැඩකට තමයි ‛කජු කනවා’ කියලා කියන්නේ. ඒත් මට ...
අලුත් පැෂන් එකේ මාස්ක් මෝස්තර - Stylish Covid 19 Face Masks World Beyond World අද විලාසිතා බවට පත්ව ඇති බොහෝ දේවල් මුලින්ම ලෝකයට ආවේ වෙනත් අරමුණක් ඉටුකරගැනීමට යොදා ගත් යම් යම් දේවල් විදියටයි. පතල් කම්කරුවන්ට පහසුවෙන් ඉරෙන්නේ නැති, වැඩි කාලයක් පාවිච්චි කළ හැකි සවි ශක්තියෙන් යුක්ත කලිසමක අවශ්‍යතාවක් ඇති වූ විට ලෝකයට ඩෙනිම් කලිසම් බිහි වුණා. අද එය විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. පළමු ලෝක යුද්ධ සමයේ ගැහැනුන් ද හමුදා සේවයට එක් වුණා. ඔවුන්ට එහිදී ...
ඇස් යට එල්ලා වැටීම හා එයට පිළියම් - Eye Bags and Treatments for that World Beyond World වයස්ගත වන විට බොහෝ දෙනෙකුගේ මුහුණේ දිස්වෙන කැපී පෙනෙන ලක්ෂණයක් විදිහට ඇස් යට සිදුවන එල්ලා වැටීම සඳහන් කළ හැකියි. වයසට යාමත් සමග ඔබගේ ඇසි පියෙහි ක්‍රියාකාරීත්වයට උදව් කරන මාංශ පේශීන් ඇතුළුව ඇස් අවට ඇති පටක දුර්වල බවට පත් වෙනවා. ඇස්වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන මේද කොටස් එවිට පහළ ඇසි පිය කරා ගමන් කරනවා. ඇස් යට එල්ලා වැටුණු ස්වභාවයක් දිස්වන්නේ එවිටයි. ශරීරයේ ...
පෙතන්ගොඩ උයනේ කටු උණ පඳුරු - Thorny Bamboo Trees at Pethangoda Historical Park World Beyond World මියැදුණු උණ අත්තකින් ගළවා ගත් උණ කටුවදැනට වසර ගණනකට පෙර එක් සඟරාවක් වෙනුවෙන් සීතාවක රාජධානිය පිළිබඳ ලිපියක් සකස් කිරීම සඳහා අවිස්සාවේල්ලේ බලා යාමට සිදුවිය. එයට හේතුව සීතාවක රාජධානිය පිහිටියේ එම ප්‍රදේශය අවට වීම නිසාය. මේ සඳහා කොළඹ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතෙකුද මගපෙන්වීම සඳහා සහය පළ කළේය. මෙයට පෙර ද සීතාවක රාජධානයේ යම් යම් ස්ථානවලට ගොස් තිබුණ ද යාමට අවස්ථාවක් ...
හාර්ඩ් ඩිස්ක් එක විනාශයි! - Data Loss Problem World Beyond World මගේ පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එක හෙවත් දෘඩ තැටිය මෑත දිනකදී හදිසියේ ක්‍රියා විරහිත විය. වටිනා දත්ත බොහොමයක් අහිමි විය. දත්ත ආපසු ගන්නට භාවිත කරන මෘදුකාංගවලින් ද පිහිටක් ලබාගන්නට නොහැකි විය. මෙයට පෙර කිහිප අවස්ථාවකම පෙන් ඩ්‍රයිව්, ඩීවීඩී සහ සීඩීවල තිබූ දත්ත විනාශ වී ගියේය. මේ ලිපිය ලියන්නට සිත් වූයේ එබැවිනි. පරිගණක තාක්ෂණයත් සමඟ කුළුපග වන්නට පෙර අප එය පිළිබද ...
සාපේක්ෂත්වය - relativity World Beyond World හැමදාම උදේට මරදානෙන් කෝච්චියෙන් බහින කොට 7.40 විතරවත් වෙනවා. ඉක්මණට යන්න ඕන නිසා පාලමෙන් පැනලා දුවනවා පාර පැනලා බස් එකකට ගොඩවෙන්න. පාර පනින තැන පොලිස් රාළහාමි වාහන යවලා යවලා ඔන්න අපට යන්න වාහන නවත්වනවා. අපි පාර පැනලා ඉවරවෙන්නත් කලින් වාහන කාරයෝ යන්න පුදුම දැඟළිල්ලක් දඟලන්නේ. ඔන්න මට මෙහෙම හිතෙනවා. “මුං නම් මහ කාලන්නි ජාතියක්. ජීවිතේට පයින් යන මනුස්සයෙක්ගේ අමාරුවක් දැනෙන්නේ ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 7 කොටස - New Gadgets for New World Part 7 World Beyond World කොහේ ගියත් දුරකතනය ආරෝපණය කරගන්න නම් ගමන් බිමන් යද්දි, විශේෂයෙන් නොදන්නා පළාත්වලට විනෝද චාරිකා ආදිය යද්දි විදුලි බලය ගැන ගැටලු ඇතිවෙන්න පුළුවන්. නවාතැන් පහසුකම් තිබුණත් ඇතැම් විට විදුලි බලය නැති වෙන්න පුළුවන්. මේ ගැටලුවට විසඳුමක් විදිහයට සූර්ය බලයෙන් ජංගම දුරකතන ආරෝපණය කරන්න පුළුවන් උපාංගයක් වෙළෙඳ පළට ඇවිත් තිබෙනවා. මෙවැනි ඒවා බොහෝ තිබුණත් මෙහි විශේෂත්වය වන්නේ ඔබේ නවාතැනේ ජනෙල් වීදුරුවේ රික්තක ...
මෙටලික්ස් කවකටු පෙට්ටියක් සමග අවුරුදු 36 ක අතීතාවර්ජනයක් World Beyond World අද අහම්බෙන් වගේ ඉස්කොලේ යන කාලේ පාවිච්චි කරපු කවකටු පෙට්ටිය හම්බ වුණා. ඒක ‘මෙටලික්ස්’ (Metalix) ඒකේ මහ ලොකු විශේෂයක් නැහැ. ඒක මට විශේෂයි කියලා හිතෙන්නේ මම ඉස්කෝලේ ගිය කාලේ එක්ක බලද්දි. මම සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වේ 1988. ඒ කියන්නේ අදින් අවුරුදු 36 කට කලින්. ඊටත් කලින් තමයි මේ කවකටු පෙට්ටිය ගත්තේ. ඒ රුපියල් 65 කට. මම උසස් පෙළ විභාගයේ වැඩවලට ...
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ - Story of the Teacher World Beyond World තවමත් දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබන මාගේ පුතුට ගෙනැවිත් දුන් කියැවීම පොතක් මම මෑතකදී නිකමට මෙන් අතට ගෙන කියවූයෙමි. එහි තිබූ එක් පාඩමක තිබුණේ පංතිය භාර ගුරුතුමිය පිළිබඳ කතාවකි. පංතියෝ ළමෝ ඇයට ‛ගුරුතුමී’ යැයි ආමන්ත්‍රණය කරන බැව් ද සඳහන්ව තිබිණි. ඒ පාඩමත් සමඟම මෙහොතකින් මා සිටියේ මගේ පාසල් වියේය. අප පාසල් යන සමයේ පංතිය භාර ගුරුතුමියට අප පැවසූයේ ‛මිස්’ කියාය. ...
කාලගුණික සිදුවීම නිසා ඇති වන පියාඹන පීරිසි - UFO caused by Natural Phenominas World Beyond World ආගමික ස්ථාන වන්දනාකිරීම සඳහා දෙවි දේවතාවුන් පැමිණෙන්නේය යන්න බොහෝ කාලයක සිට අපගේ ජන විඥානයේ පවතින්නක් බව සැබෑවකි. නමුත් මෑත කාලයේ සිට ඔවුන්ට වඩා වෙනස් වර්ගයක් ජීවීන් කොටසක් ද වෙහෙර විහාර වන්දනා කරන්නට පැමිණෙන බවට විවිධ පුවත් අසන්නට ලැබේ. ඒ පිටසක්වල ජීවීන්ය. මෙයට පෙර ද අප රටේ ස්ථාන කිහිපයකම පිටසක්වල ජීවීන් දර්ශනය වූ බවට විවිධ පුවත් වාර්තා වී තිබුණ ද, වන්දනාමාන ...
සසහජීවනය ගැන මට තියෙන ප්රශ්නය World Beyond World සහජීවනය, සංහිඳියාව වගේ කතන්දර ගැන ගැඹුරින් විග්රහ කරන්න ඕන නෑ. මට හැමෝගෙන්ම අහන්න තියෙන්නේ එක ප්රශ්නයයි.දෙමළුන්ටයි මුස්ලිමුන්ටයි බහුතර සිංහලයන් අතරේදී දැනෙන සැනසිල්ල, විඳින නිදහස සිංහලයන් වන අපට උතුරේදී සහ නැගෙනහිරදී වගේම මේ ජාතීන් දෙක බහුලව ඉන්න ප්‍රදේශවලදී විඳින්න පුළුවන්ද? ...
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වීර ක්‍රියා World Beyond World අනුරාධපුරේ තිරප්පනේ අලිස්ථානයේ පුරාණ විහාරයක ගරාවැටුණු ස්ථූපයක් ප්‍රතිසංස්කරණය කළ බැව් පැවසුණු විහාරාධිපති හිමියන් සහ දායක සභාවේ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුවතක් දක්නට ලැබිණි. ඔවුන් සිදු කොට තිබූ වරද වූයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් දේපළක් අනවසරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමය. පුරා විද්‍යා නීතයේ හැටියට මෙය නීති විරෝධී කියාවකි. සැබැවින්ම නීති ගරුක පුරවැසියන් හැටියට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙම පියවරට අප කිසිවකුට හෝ එරෙහිවන්නට ...
කණ පරිස්සම් කරගෙන සිංදු අහන්න World Beyond World ජංගම දුරකතනයෙන් ගීතවලට සවන් දීම හා සිනමා පට නැරඹීම වර්තමානයේ සුලභව දකින්නට ලැබෙන දෙයක් විදිහට පවසන්නට පුළුවන්. උදෑසන රැකියාවට පැමිණෙද්දී සහ සවසට නිවසට යද්දී බස්වල, දුම්රියවල, මහ මග, ඇතැම් විට කාර්යාලයේ සහ නිවසේදී පවා හෑන්ඩ්ස්ෆ්‍රී කන් දෙකේ රුවාගෙන සිටිනු දැකිය හැකියි. අන් අයට, අසල්වැසියන්ට කරදරයක් නොවී තමන්ගේ පාඩුවේ ගීයක් ඇසීම එක් අතකින් යහපත් දෙයක් වුනත් මේ පුරුද්ද පසු පස්සේ ලොකු ...
පැරැන්නෝ විදුලි බලය ගැන දැන සිටියාද? - Ancient Electricity and Our Ancestors World Beyond World මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වන්නේ ජලය, ආහාර සහ ඇඳුම් වැනි දෑ වුව ද නූතන ලෝකයේ මේ අතරට එක්කරගත යුතු තවත් එක් දෙයක් වන්නේ විදුලියයි. විදුලියේ පිහිට නොමැතිව කිසිවක් කරගත නොහැකි තරමටම එය මිනිස් ජීවිතයට බද්ධ වී තිබේ. නමුත් අතීතයේ එසේ වූයේ නැත. මිනිසුන්ට විදුලියෙන් ක්‍රියාත්මක වන භාණ්ඩ කිසිවක් නොතිබුණු අතර ඔවුන් එවැනි බලයක් පිළිබඳව දැන සිටියේ ද නැත. නමුත් අප මේ ...
එකපාරටම ටච් ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැතිව ගියොත් මොකද කරන්නෙ? World Beyond World ස්මාර්ට් දුරකතනයක් එකක් පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්න වෙන භයානකම අත්දැකීමක් තමයි ටච් ස්ක්‍රීන් එක අක්‍රියාකාරී වීම. විවිධ හේතු නිසා මෙය සිදුවිය හැකියි. මෙහෙම දෙයක් වුණු ගමන් අපි දුරකතන අලුත්වැඩියා කරන තැනකට ගිහින් අලුත් ටච් ස්ක්‍රීන් එකක් දාගන්නවා. දුරකතන මාදිලියේ හැටියට මේ සඳහා වැය කළ යුතු මුදල ද වෙනස් වෙනවා. කුමක් හෝ හේතුවකට අපට අලුත් ටච් ස්ක්‍රීන් එකක් ...
ගල්ගසා මරාදැමීම හා දෙබිඩි සුද්දන්ගේ ඊනියා මානව හිමිකම් World Beyond World අනාචාරයේ හැසිරුණු වරදට ශ්‍රී ලාංකික කාන්තාවකට ගල් ගසා මරණයට පත්කිරීමේ දඬුවමක් සහ ඇය සමග එම ක්‍රියාව සිදු කළ අනෙක් ශ්‍රී ලාංකික පුරුෂයාට කස පහර 100ක දඬුවමක් ලබාදීමේ පුවතත් මේ වන විට නොදන්නා අයකු නොමැති තරම්ය. මෙම කාන්තාව මරණ දඬුවමින් නිදහස් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට සවුදි රජය සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර අවසානයේ දෙසැම්බර් මස ...
අප නොදන්නා නූතන සත්ත්ව හිමිකම් - Modern Animal Rights We Don't Know World Beyond World බෞද්ධ සංස්කෘතිය පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට සත්ත්ව හිමිකම් පිළිබඳ නෛසර්ගික උරුමයක් තිබේ. නමුත් අවාසනාවට කාරණය නම් නූතන සත්ත්ව හිමිකම් තුළ අප රට ඉතා වේගයෙන් ආපස්සට ගමන් කොට තිබීම ය. සත්ත්ව හිමිකම් ඉතා ඉහළින් අගය කරන ලෝකයේ සෙසු රටවල් අසලවත් අප රට ඇත්තේ නැත. සත්ත්ව හිමිකම් ක්‍රියාත්මක රටවල් අතරින් අප සිටින්නේ පරාජිතයාගේ ස්ථානයේ කිවහොත් එහි කිසිදු වරදක් නැත. අප මේ ...
අරුම පුදුම මඟුල් සිරිත් - Weird Wedding Traditions from around the World World Beyond World මේක මඟුල් සක්වළක් කියලා කවුදෝ කියලා තියෙනවා. ඒ නිසා අතේ හොඳින් සල්ලි නැතත් සෑහෙන ගාණක් වියහියදම් කරලා, ෆොටෝ සූට් තොගයක් කරලා විශාලෙට මඟුලක් ගන්න කවුරුවත් දෙපාරක් හිතන්නේ නෑ. මොනව වුනත් මඟුලක් ගන්න කොට සිරිත් විරිත් සම්ප්‍රදායන් නම් පුළුවන් තරම් කරන්න කවුරුත් උත්සාහ ගන්නවා. අපේ රටේ නම් නැකතට වැඩ කරන එක තමයි කවුරුත් කරන්න උත්සාහ කරන වැඩේ. අපේ රටේ සිංහල ජනතාව ...
දිගින් දිගටම අභාග්‍ය සම්පන්න වන භාග්‍යමත් මාසය World Beyond World Image credit: https://www.parenting.lk/wp-content/uploads/2019/04/Avurudu-696x405.jpgඅප්‍රේල් මාසයට සිංහලෙන් ‘බක් මාසය‘ කියලා කියනවා. ‘බක්‘ කියන එකේ තේරුම තමයි භාග්‍යමත් කියන එක. ඒ කියන්නේ වාසනාවන්ත මාසය කියන එක. අස්වනු නෙලාගෙන අටුකොටු පුරවගෙන සූර්ය මංගල්‍යය සමරන්න ආදි පැරැන්නෝ හුරුපුරුදු වෙලා හිටියේ මේ මාසයේ. ඉතින් ඒ මාසය ඇත්තටම භාග්‍යමත් මාසයක් තමයි. කොහොම වුනත් දැන් වසර කිහිපයක ඉඳන් මේ භාග්‍යමත් මාසය අභාග්‍යමත් සිදුවීම්වලින් දිගින් දිගටම පිරෙන්න පටන් අරන් ...
මගේ ජීව වායු ඒකකය - My Home-made Bio gas Unit World Beyond World දැනට මාස කීපයකට කලින් ගෑස් හිඟයක් ආපු වෙලාවේ මටත් හිතුණා බයෝ ගෑස් එකක්, එහෙමත් නැත්නම් ජීව වායු ඒකකයක්වත් තිබුණා නම් මේ වගේ වෙලාවකදි ප්‍රයෝජනවත් වෙයි නේද කියලා. ඉතින් මම යූටියුබ් විඩියෝ සෑහෙන ප්‍රමාණයක් බැලුවා කොහොමද බයෝ ගෑස් එකක් හදා ගන්නේ කියලා උපදෙස් ගන්න. බොහෝ යූටියුබ් වීඩියෝවල නම් ඉතා පහසුවෙන් බයෝ ගෑස් ඒකක හදලා ගැස් නිපදවා ගන්නවා පෙන්වපු නිසා මමත් වැඩේට ...