පොල් තෙල් ඇත්තටම අහිතරද? - Does coconut oil bad for the health World Beyond World පොල් තෙල් භිතිකාව බැදුමකින් හෝ තෙම්පරාදු කරන ලද වෑංජනයකින් කෑම වේලක් රසවත් වෙනවා විතරක් නෙවෙයි කෑම ගැනීමේ ප්‍රියතාවයකුත් ඇති වෙනවා. අසල්වැසි නිවසක කරවල බැදුමක් බැදෙන විට කටට කෙළ උනන්නේ මේ නිසයි. තෙල්වලින් පිළියෙල කරනු ලබන ආහාර සඳහා අපේ රටේ ගෘහණියන්ගෙන් බහුතරයක් අනාදිමත් කාලයක සිට භාවිත කරන්නේ පොල් තෙල්. අපේ රටේ සංස්කෘතිය සමගත් පොල් තෙල්වල ඇත්තේ අපූරු බැඳීමක්. උත්සව අවස්ථාවලදී කෑම ...
රත්තරන්, සුදු රත්තරන් හා ප්ලැටිනම් - Gold, White Gold and Platinum World Beyond World පසුගිය දිනෙක අප පෘථිවිය ආසන්නයෙන් ග්රහකයක් ගමන් කළ බව ඔබ බොහෝ දෙනෙක් නොදන්නවා වන්නටත් පුළුවන්. මීටර් 600 ක පමණ් විෂ්කම්භයකින් යුක්ත මෙය අපට ආසන්නතම ග්‍රහ වස්තුව වන චන්ද්‍රයාටත් වඩා පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ බවයි දැනගන්නට ලැබෙන්නේ. විටින් විට මෙවැනි ග්රහක අපගේ පෘථිවයට ආසන්නයෙන් ගමන් කරන මුත් මේ ග්රහකයෙහි ඒ සියල්ලටම වඩා සුවිශේෂී වෙනස්කමක් දකින්නට ලැබුණා. මේ පිළිබඳ අධ්‍යයනය කළ විද්‍යාඥයන් ...
පෙතන්ගොඩ උයනේ කටු උණ පඳුරු - Thorny Bamboo Trees at Pethangoda Historical Park World Beyond World මියැදුණු උණ අත්තකින් ගළවා ගත් උණ කටුවදැනට වසර ගණනකට පෙර එක් සඟරාවක් වෙනුවෙන් සීතාවක රාජධානිය පිළිබඳ ලිපියක් සකස් කිරීම සඳහා අවිස්සාවේල්ලේ බලා යාමට සිදුවිය. එයට හේතුව සීතාවක රාජධානිය පිහිටියේ එම ප්‍රදේශය අවට වීම නිසාය. මේ සඳහා කොළඹ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතෙකුද මගපෙන්වීම සඳහා සහය පළ කළේය. මෙයට පෙර ද සීතාවක රාජධානයේ යම් යම් ස්ථානවලට ගොස් තිබුණ ද යාමට අවස්ථාවක් ...
ලේන් පැටවුන්ගේ කතාව - Story of Baby Squirrels World Beyond World අද, ඒ කියන්නේ ඉරිදා උදේ අැහැරුනේ ලේනෙක් කන් බීරි වෙන කල් කෑගහන සද්දේ ඇහිලා. මේ මොකක්ද කියල බැලුවා. ගේ පිටිපස්ස පැත්තෙන් තමයි සද්දේ ආවේ. ඒ පැත්තට යන කොට ලේනෙක් ගේ පිටිපස්සේ පරණ ටොයිලට් එකේ වහලේ දුව දුව කෑ කහනවා. තව ටිකක් හොයලා බලද්දි ලේන් පැටියෙකුගේ සද්දයකුත් ආවා. ටොයිලට් එක ඇතුළට ගිහින් බලද්දි ඒකේ පෝච්චියට ලේන් පැටියෙක් වැටිලා. ඔළුව විතරයි උඩ. ...
අනේ ජනාධිපතිතුමා පව් World Beyond World ඡායාරූප අනුග්‍රහය - http://www.365gossiplanka.com/gossipdata/gossip_images/16-rajapaksa-rejiment-bankrupted-grand-scale-mud-attack-to-maithree.png‛කලකදි මස කලකදි වස වෙනවාලු’ කියා කියමනක් සිංහලයාගේ තිබේ. මේ දිනවල එවැන්නක් පෙනෙන්නට තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවීම සඳහා දිවා රෑ වෙහෙසෙමින් වැඩ කටයුතු කළ බොහෝ කණ්ඩායම්, වෙබ් අඩවි, බ්ලොග් අඩවි ජනපතිවරණය පැවැත්වෙන දිනවලදී වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපමණ ගුණ වැයූහ. නමුත් මේ ‛ගුණ ගී වරුසා සහ පැසසුම් ඝෝෂා’ වැඩිකලක් යන්නට මත්තෙන් කණපිට ගැසුවේය. ඒ ...
ඇස් යට එල්ලා වැටීම හා එයට පිළියම් - Eye Bags and Treatments for that World Beyond World වයස්ගත වන විට බොහෝ දෙනෙකුගේ මුහුණේ දිස්වෙන කැපී පෙනෙන ලක්ෂණයක් විදිහට ඇස් යට සිදුවන එල්ලා වැටීම සඳහන් කළ හැකියි. වයසට යාමත් සමග ඔබගේ ඇසි පියෙහි ක්‍රියාකාරීත්වයට උදව් කරන මාංශ පේශීන් ඇතුළුව ඇස් අවට ඇති පටක දුර්වල බවට පත් වෙනවා. ඇස්වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන මේද කොටස් එවිට පහළ ඇසි පිය කරා ගමන් කරනවා. ඇස් යට එල්ලා වැටුණු ස්වභාවයක් දිස්වන්නේ එවිටයි. ශරීරයේ ...
බොලිවුඩ් නිළියගේ රියට දැරියක් බිලි වෙයි - A 4 Year Old Died In Hema Malini's Car Accident World Beyond World වර්තමාන ශ්‍රී ලාංකික හින්දි සිනමා රසිකයන් අතර වැඩි දෙනෙක් නොදැන්නා චරිතයක් වූ ‛හේමමාලිනී ගැන නරක ආරංචියක් පසුගිය ජූලි දෙවැනි බ්‍රහස්පතින්දා ආරංචි වුණා. ඒ ඇයගේ මෝටර් රථය රාජස්ථාන් ප්‍රාන්තයේදී අනතුරට පත් වීම නිසා දෙහැවිදිරි දැරියක් මිය යාමයි. මෙය එදින රාත්‍රී 9ට පමණ ඉන්දියාවේ 11 වැනි ජාතික අධිවේගී මාර්ගයේදී සිදුවුණු බවයි දැනගන්නට ලැබෙන්නේ. හේමමාලිනී අතීතයේදී හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම සුරූපී නිළියක ...
නූඩ්ල්ස් පරීක්ෂණ වාර්තාව World Beyond World ‛ඉන්දියාවේ අහවල් නූඩ්ල්ස් ආහාරයට අහිතකර බව හෙළිවීම නිසා ටොන් ගණනින් විනාශ කෙරේ’ - පුවතක් ‛ශ්‍රී ලංකාවේ ද ඒ අහවල් නූඩ්ල්ස් ආහාරයට අහිතකර ද යන්න පරීක්ෂා කෙරේ’ - පුවතක් ‛ශ්‍රී ලංකාවේ අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය තිබේ දැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කෙරේ’ - පුවතක් ‛අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය තිබේදැයි සිදුකළ පරීක්ෂණ වාර්තාව හෙට’ -පුවතක් ‛ශ්‍රී ලංකාවේ අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය කිසිත් ...
කන්‍ය පටලය ගැන විකාර මත - Myths about Hymen World Beyond World කන්‍යා පටල වර්ග කිහිපයක්කුමරි බඹසර, පතිවත, කන්‍යා භාවය වැනි කුමන වදනකින් හැඳින්වුවද අප කතා කරන්නේ එකම දෙයක් පිළිබඳවය. ඒ කාන්තාවකගේ පිවිතුරු බව පෙන්වන සංකේතය යැයි අප සමාජයේ සාම්ප්‍රදායිකව පිළිගනු ලබන සංකේතයක් පිළිබඳවය. බටහිර සමාජයේ මෙය සැළකිල්ලකට නොගන්නා තත්වයකට පත්ව ඇතත්, අප සමාජයේ ද අතීතයේ තරමට වර්තමානයේ මේ පිළිබඳව ඇති සැළකිල්ලක් නොතිබුණත්, මෙය දැඩිව සොයා බලන්නන් දුර්ලභ නැත. තරුණියකගේ කන්‍යාභාවය රඳා ...
පිළිකා රෝගීන්ට සුබ ආරංචියක් - Good News for Cancer Patients World Beyond World මෙලනෝමා තත්වයන් අප පිළිකා යනුවෙන් පොදුවේ හඳුන්වන රෝගය ‛මෙලනෝමා’ (melanoma) සහ ‛කාසිනෝමා’ (carcinoma) යන කාණ්ඩ දෙකට වර්ග කෙරෙනවා. එයින් මෙලනෝමා යනු සම මතුපිට ඇතිවන පිළිකා වර්ග වන අතර කාසිනෝමා යනු සිරුර තුළ ඇතිවන පිළිකා වර්ගයි. පොදුවේ සියලු පිළිකා සුවකිරීම සඳහා නිතිපතා විවිධ පර්යේෂණ සිදුවෙමින් පැවතියත් ඒ බොහෝ ඒවායෙන් සියයට සියයක්ම සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකියාව ලැබී නැහැ. නමුත් මෑතකදී බ්‍රිතාන්‍යයේ සිදු ...
ලෙඩ හැදුණු ගොඩනැගිලි නිසා හැදෙන ලෙඩ - Sick Building Syndrome World Beyond World අපට රෝග වැළඳෙන විවිධ ක්‍රම තිබෙනවා. ජලයෙන්, වාතයෙන්, ආහාරපානවලින්, ස්පර්ශයෙන්, වෛරස් හා බැක්ටීරියා ආසාදනවලින් ආදී වශයෙන් දිග ලැයිස්තුවක් සකස් කරන්නට පුළුවන්. මේ කාරණා අතරට අප නොදන්න තවත් බොහෝ ඒවා එකතු විය හැතියි. නමුත් වැඩිපුර කතා නොකළත් අප බොහෝ දෙනෙක් රෝගී තත්වයන්ට පත්වන තවත් එක් කාරණයක් තියෙනවා. මේ රෝගය හඳුන්වනු ලබන්නේ ‛රෝගී ගොඩනැගිලි සහලක්ෂණය’ (Sick building syndrome) කියන නමින්. මෙය අප ...
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වීර ක්‍රියා World Beyond World අනුරාධපුරේ තිරප්පනේ අලිස්ථානයේ පුරාණ විහාරයක ගරාවැටුණු ස්ථූපයක් ප්‍රතිසංස්කරණය කළ බැව් පැවසුණු විහාරාධිපති හිමියන් සහ දායක සභාවේ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුවතක් දක්නට ලැබිණි. ඔවුන් සිදු කොට තිබූ වරද වූයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් දේපළක් අනවසරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමය. පුරා විද්‍යා නීතයේ හැටියට මෙය නීති විරෝධී කියාවකි. සැබැවින්ම නීති ගරුක පුරවැසියන් හැටියට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙම පියවරට අප කිසිවකුට හෝ එරෙහිවන්නට ...
කෝප්පයෙන් අනාවැකි කියමු - Predictions by Cup World Beyond World යම් යම් දේ සිදුවෙන්නට කලින් දැනගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක හැම අතින්ම ප්‍රයෝජනවත් දෙයක්. ඇත්ත නැත්ත කොහොම වුණත් අපි කේන්දරය බලවගන්නේත් ඒ වගේ ඉදිරියේදී ජීවිතයට වෙන්න තියෙන්නේ මොනවද කියලා දැනගන්නයි. එවිට ඒ දේවල්වලට යම් සූදානමක් ඇතිකරගන්න පුළුවන්. නමුත් ඒ වගේ දෙයකට නම් ජ්‍යොතිෂය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. කොහොම වුණත් ජීවිතය ගැන වගේම වෙනත් දේවල් ගැනත් අනාවැකි පළ කළ හැකි ...
කජු කන එක ලේසි වැඩක්ද? World Beyond World “කොහොමද අද ගණන් ප්‍රශ්න පත්තරේ?” ඉස්සර අපේ අම්මලා තාත්තලා එහෙම ඇහුවාම කියන්නේ, “අයියෝ කජු කනවා වගේ. ගණන් ඔක්කොම හැදුවා” එහෙම කිව්වත් රිපෝට් කාඩ් එක දෙන දවසේ තමයි කජු කෑම කොහොමද කියලා ඇත්තටම පෙනෙන්නේ. කොහොම වුණත් මේ කජු කන කතාව ගැන මට සෑහෙන කාලෙක ඉඳන් ලොකු අවුලක් නම් තිබුණා. මොකද අපි හරිම ලේසි වැඩකට තමයි ‛කජු කනවා’ කියලා කියන්නේ. ඒත් මට ...
මේ වෑයම සිංහලයා නපුංශක කිරීමද? World Beyond World ගැරඬියකුට භූමිතෙල් ඉස්ස විට ඇතිවන කලබලය ගැන දන්නේ එය දුටු පුද්ගලයන් පමණි. ඇතැම් විට නගරබදව ගැරඬින් සොයාගන්නට නොහැකි නිසා එවැන්නක් දැකගන්නට ඉඩක් ද නැත. නමුත් එවැනි හැසිරීමක් මෑතක දිනකදි මිනිසකුගෙන් දක්නට ලැබිණි. ඒ ජාතික රූපවාහිනියේ ‛සුසර ගී දැහැන’ ට පැමිණි ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගෙනි. චන්ද්‍රිකා සිරිවර්ධනගේ ‛රණ බිම මැරුණේ සිංහලයෙක් නම්’ ගීතය ගැන අදහස් ප්‍රකාශ කරන්නට යාමේදී එහි ...
වේදනා නාශක කියන්නේ මොනවාද? What are Painkillers World Beyond World උණක්, ඇඟ පත අමාරුවක් දැනෙන කොට බොහෝ දෙනෙක් පැරසිටමෝල් වර්ගයේ පෙත්තක් ගන්නට පුරුදුව සිටිනවා. ඒක දැන් හුස්ම ගන්නා තරමටම අපට හුරුවෙලා තියෙන දෙයක්. කාලයකට පෙර මේ වගේ අවස්ථාවකදි ගත්තේ ඇස්පිරින් වර්ගයේ පෙති. මේ වගේ ඖෂධ පොදුවේ හඳුන්වන්නේ ‛වේදනා නාශක’ නමින්. මේ සඳහන් කළ ජනප්‍රිය වේදනා නාශක හැරුණාම තවත් බොහෝ වර්ග තියෙනවා. ගැටලුව වන්නේ බොහෝ දෙනෙක් තමන්ගේ හිතු මනාපයට මේවා ...
හෙනා ගැන බොරු කතා - Untruth about Henna World Beyond World ඉන්දියාව තරම් අපේ රටේ සංස්කෘතියට බලපෑම් කළ වෙනත් රටක් නැති තරම්. අපටම කියා විශේෂ වූ සංස්කෘතියක් තිබුණත්, එය තුළ බොහෝ ඉන්දියානු ලක්ෂණ තිබෙනවා. විශේෂයෙන් ඉන්දියානු සිනමාව මෙන්ම ඉන්දියානු ටෙලිනාට්‍ය අපේ රටේ ජනප්‍රියවීමත් එක්ක මේ තත්වය තවත් වැඩි වුණා. රූපලාවන්‍ය කටයුතුවලදී මේ තත්වය වඩාත් හොඳින් කැපී පෙනෙනවා. ඉන්දියානු රූපලාවන්‍ය ශිල්පීය ක්‍රම පොදුවේ ලෝකය පුරාම ව්‍යාප්ත වුණත්, අපේ රටේ ඒ තත්වය වැඩිපුර ...
කිරි කැටියකුගේ වියෝ දුක දනවන මල් වනේ රෝස කැකුළු World Beyond World දෙමාපියන් දරුවන්ට කොයි තරම් ආදරේද? ඒක මනින්න මිම්මක් නැහැ. මේ දරු සෙනෙහස ගැන නිර්මාණ සිය දහස් ගණනක් නිර්මාණය වෙලා ඇති. ටිකක් පරණ වුණත් මෑතකදි බලන්න ලැබුණු ඛ් ඩසඒ ධ් ඉැකක් කියන ප්‍රංශ චිත්‍රපටය බලන කොට දැනෙනවා තාත්තා කෙනෙක් තමන්ගේ එකම පුතාගේ ජීවිතය අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්න කොයි තරම් කැපවීමක් කරනවද කියන එක. ඒත් දැන් කියන්න හදන්නේ ඒ චිත්‍රපටය ගැන නෙවෙයි ...
මහා තොරණ් රාජයා - Great Virtual Thorana World Beyond World මෙතන 'තොරණ්' කිව්වට ඇත්තටම තොරණ තමයි හරි වචනේ. මමත් යාලුවෝ දෙන්නෙකුත් එකතු වෙලා දැනට අවුරුදු ගණනකට කලින් ෆ්ලෑෂ්වලින් තොරණක් හැදුවා. තොරණ සැළසුම් කළේ මිලාන්. ෆ්ලෑෂ්වලින් තොරණ අලංකාර කළේ ක්‍රිෂාන්. මම කළේ පොඩි පසුබිම් කථනයක් දුන්න එක. ඒත් අර දෙන්නගේ වැඩේ තරම් මගේ වැඩේ නම් ගතියක් නෑ කියලා දැන් පේනවා. මොනව වුණත් පරණ සීඩී වගයක් අදිනකොට මේක හම්බ වුණා. ඉතිං මම ...
කෙල්ලෙක් කොයි තරම් උස වෙන්න ඕනද? - How Tall Enough for a Girl World Beyond World සාමාන්‍ය කතාවටත් කියන දෙයක් තමයි පිරිමියෙක් නම් උසට පෙනුමට ඉන්න ඕන කියන එක. සාමාන්‍යයෙන් අඩි පහමාරක්වත් උස නැත්තනම් පිරිමියෙක් වුණත් මිටි විදිහට තමයි සළකන්නේ. එහෙම වුණත් සිනමාව ගැන සළකා බැලුවහම නම් අඩි පහමාරත් මිටියි වගේ තමයි පෙනෙන්නේ. මොකද හින්දි සිනමාවේ ජනප්‍රිය නළුවකු වන ආමීර් ඛානුත් අඩි පහමාරක් නිසා. ඔහු හින්දි සිනමාවේ මිටි නළුවෙක් විදිහට තමයි සැළකනේනේ. ඔහුට සාපේක්ෂව ෂාරුක් ඛාන්, ...