වෙනම රාජ්‍යයක සිහිනය දැක සතර රියනක් පමණක් හිමිකරගත් තමිලිනී World Beyond World බිහිසුණු ත්‍රස්තවාදී කණ්ඩයාමක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා අංශයේ නායිකාව වූ ‛තමලිනී’ හෙවත් ‛සුබ්‍රමනියම් සිවාගමි’ පසුගිය ඔක්තෝබර් 18 වැනිදා උදෑසන මිය ගියාය. ඒ අගන්‍යාශයේ ඇති වූ පිළිකා තත්වයක් නිසාවෙනි. ඇගේ දේහය කිලිනොච්චියේ පරන්තන් හි පිහිටි සිය නිවස කරා රැගෙන ගිය අතර වෙනම රාජ්‍යයක සිහිනය දකින දෙමළ සන්ධානය ඇතුලු උතුරේ දේශපාලන නායකයෝ ද දෙමළ ජනතාව රැසක් ද ඇයට ගෞරව දක්වන්නට පැමිණ සිටියහ. ...
‘වෙට් වයිප්ස්‘/වෙට් ටිෂූ ගැන ඔබ දන්නවාද? - Important Facts about Wet Wipes/Wet Tissue World Beyond World කොහේ හරි විශේෂ, වැදගත් තැනකට යන කොට වැදගත් විදිහට ඉන්න ඕන. ඒ නිසා එවැනි තැනකට යන්න කලින් මුහුණ ටිකක් හෝදලා නැවුම් බවක් ඇති කරගන්න අපි පුරුදු වෙලා ඉන්නවා. නමුත් ගැටලුව තියෙන්නේ එහෙම මුහුණ සෝදගන්න තැනක් නැති වුණාමයි. එහෙම වුණාම ඉතිං හති මුණින් දාඩිය පෙරාගෙන තමයි වැද්ගත් වැඩේට යන්න වෙන්නේ. දාඩිය පිරුණු මුහුණ ලේන්සුවකින් පිසදා ගත්තත් එයින් මුහුණට නැවුම් ස්වභාවයක් ඇතිවන්නේ ...
පොත් ප්‍රදර්ශනවල ආනන්දයෙන් ප්‍රඥාව ලැබේද? World Beyond World ‛කියවීම මිනිසා සම්පූර්ණ කරයි’, ‛ආනන්දයෙන් ප්‍රඥාව ලැබේ’ වැනි කියමන් අපි කොතෙකුත් අසා ඇති මුත් මේවා ඇත්තටම ඇත්තදැයි ඇතැම් විටක සිතේ. තැනින් තැන අසන්නට ලැබෙන බොහෝ දේවල් නිසා මෙසේ සිතන්නට පෙළඹේ. එසේ සිතන්නට පෙළඹුණු මෑතකදීම දක්නට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් වූයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. මට මෙසේ සිතෙන්නේ ඇයි? පොත් ප්‍රදර්ශනයේදී අපට විවිධ පොත් කියවන්නට ලැබේ. පොත් ප්‍රදර්ශනයට පැමිණෙන්නේ සැබැවින්ම පොත් පෙම්බරයන් ...
මාර්ස්මෙලෝ - හයවැනි ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය - Android 6.0 Marshmallow World Beyond World මේ දිනවල අලුතින් පැමිණෙන සියලුම පාහේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවල පවතින්නේ එහි අලුත්ම, එසේත් නැත්නම් 5 වැනි සංස්කරණය වන ‛ලොලිපොප්’. ඒක අමුතුවෙන් කිව යුතු දෙයක් නෙවෙයි. ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙල හැටියට ඊළඟ සංස්කරණය M අකුරෙන් ආරම්භ විය යුත්තක් බව දැන සිටියා. දැන් එහි නම දැනගන්නට ලැබී තිබෙනවා. ඒ තමයි ‛මාස්මෙලෝ’. ඔක්තෝබර් 5 වැනිදා මුළින්ම නෙක්සස් දුරකතන සඳහා මෙය යොදා ගන්නා බවයි දැනගන්නට ...
ඩෙනිම් ගහන ගමන් ඩෙනිම් කියවමු - Story of Denim World Beyond World ‛ඩෙනිම’ යනු අපූරු ඇඳුමකි. ගැහැනු සහ පිරිමි වෙනසක් නැතිව ඩෙනිම් අඳිති. නමුත් ගැහැනු හා පිරිමි යනුවෙන් වෙන වෙනම ඩෙනිම් තිබේ. වෙනත් ඇඳුමක් ඇන්දාට වඩා ඩෙනිමක් ඇඳි කල අමුතු ‛ස්මාර්ට්’ පෙනුමක් ලැබෙන්නට පටන් ගනී. නමුත් කාර්යාලයට හෝ උත්සව, විවාහ මංගල වැනි අවස්ථාවන්ට සාමාන්‍යයෙන් ඩෙනිම් ඇඳගෙන එන්නේ නැත. කෙසේ නමුත් වර්තමානයේ පවතින ‛කැෂුවල් ෆ්‍රයිඩේ’ සඳහා ඩෙනිම් අඳිනු පෙනේ. ඇඳුම් සෝදා ඇඳීම ගුණත්වයට ...
වැසිකිලි වලවල් සහ මීතේන් වායුව - Latrine Pits and Methane World Beyond World වැසිකිලි වලක් කඩා වැටීමෙන් පසුගිය දිනෙක ඇඹිලිපිටිය ප්‍රදේශයේ අඹු - සැමි යුවලක් මරුමුවට පත් වූ බව අසන්නට ලැබිණි. මිදුල අතුගාමින් සිටි කාන්තාව වැසිකිලි වල වැසෙන සේ තනා තිබූ කොන්ක්‍රීට් ලෑල්ල මත සිටියදී එය කඩා වැටී ඇත. එහිදී ඇය සිහි මුර්ජා තත්වයට පත්ව ඇති අතර ඇයට උදව්කිරීම සඳහා මේ අවස්ථාවේදී ඇයගේ සැමියා ද වලට බැස ඇත. නමුත් එහිදී ඔහු ද සිහි ...
අධික රුධිර පීඩනය ගැන මේවා දන්නවාද? - Know these things about Hypertension World Beyond World ‛අධ්‍යාතතිය’ (Hypertension) හෙවත් ‛අධික රුධිර පීඩනය’ (high blood pressure / arterial hypertension) යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් මුහුණ පා සිටින බරපතල නිධන්ගත සෞඛ්‍ය තත්වයකි. මෙම රෝග තත්වයන්ට ගොදුරුවීම යනු හඳුනා නොගත් මාරයකු සමග ජීවත්වීමක් ලෙස ද ඇතැමෙක් හඳන්වති. අධික රුධිර පීඩන තත්වයන්වලදී සිදුවන්නේ රුධිර නාල ඔස්සේ ගමන් ගන්නා රුධිරයෙහි පීඩන මට්ටම ඉහළ යාමය. රුධිර පීඩනය ‛හෘදයෙහි හැකිළීම’ (systolic) සහ ...
මේ ආදරයයි නාට්‍යයේ අභිමන්යූ ලෙස රඟන සුමීත් සච්දේව් - Sumeet Sachdev as abhimanyu in yeh hai mohabbatein World Beyond World ‛අභිමන්යු’ කියන්නේ අපේ රටේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය චරිතයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ‛මේ ආදරයයි’ නමින් සිංහල හඬ කවා ‛සිරස’ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන ‛යේ හායි මොහාබතීන්’ නාට්‍යයේ ඉෂිතාගේ පැරණි මිතුරකු ලෙස අප හමුවට එන ඔහු ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ‛මේ ආදරයයි’ නාට්‍යයේ ‛අභිමන්යු’ ලෙස රංගනයෙන් දායක වන්නේ ‛සුමීත් සච්දේව්’. 1976 මාර්තු 18 වැනිදා දිල්ලියේදී ඉපදී එහිම හැදී ...
ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය - Oba Nathuwa Ob ekka (With You, Without You), A Film World Beyond World ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා පටය මේ දිනවල අප රටේ තිරගත වෙයි. මෙහි රංගනයෙන් දායක වන ඉන්දීය නිළි අංජලී පටෙල් පිළිබඳ කොටි ලිපියක් 2012 වසරෙදී මා පුවත්පතකට ලීවෙමි. යළි ඒ බව මතක් වූයේ මරදාන ටෙක්නිකල් හංදියේ දැන්වීම පුවරුවෙහි මේ සිනමා නිර්මාණය පිළිබඳ මෙම පෝස්ටරය දකින විටය. එදා පුවත්පතකට ලියන ලද එම ලිපිය අදට ගැළපෙන පරිදි සුළු වෙනස්කම් කිහිපයක් කොට බ්ලොග් ...
ඔබට ආතරයිටිස් ඇත්නම් මේ ව්‍යායාම කරන්න - Exercises for Arthritis Patients World Beyond World ‛ආතරයිටිස්’ කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක් කතා බහ කරන රෝගී තත්වයක්. වයස්ගත අය පමණක් නොව තරුණ විය ඉක්මවා යන අයත් මේ තත්වයට මුහුණ දෙනවා. කාටිලේජ සහ හන්දිවල ඇති පටක ස්ථර ගෙවී යාම නිසා සන්ධි චලනය කිරීමට ඇති අපහසුතාවය ආතරයිටිස් නමින් හැඳින්වෙනවා. අපහසුතාවයට අමතරව වේදනාවක් ද ඇතිවෙනවා. පරිගණකයෙන් යමක් ටයිප් කරන විට වාගේම කුඩා භාජනයක් ඔසවද්දී පවා මේ වේදනාව ඇති විය හැකියි. ...
කටුසුපාලිය බැලුවෙමි - ඔබත් බලන්න World Beyond World 2015 අගෝස්තු 30 වැනිදා මම ‛කටුසු පාලිය’ නැරඹුවෙමි. “ඔන්න මම පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් නාට්‍යයක් හැදුවා” කියා මා හිතවත් සුමින්ද පැවසූ බැවින් නිවසේ සියලු දෙනාම කැටිව මේ සඳහා යාමට සිටියත් ප්‍රවාහන ගැටලු නිසා අවසානයේ මා පමණක් මේ සඳහා යන්නට තීරණය කෙරිණි. 30 වැනි ඉරිදා 6.30 මරදාන දුම්රිය පළෙන් බැස ටවර් රඟහලට යන මිනිත්තු පහේ පරක්කුවට නාට්‍යය ආරම්භ කොට ...
කර්ණ ශංඛ බද්ධය යනු කුමක්ද? - What is Cochlear Implant Surgery? World Beyond World අප රටේ ප්‍රථම වරට රජයේ රෝහලකදී කන් දෙකම සඳහා වූ සාර්ථක ‛කර්ණ සංඛ අරෝපණ බද්ධයක්’ (Cochlear Implant Surgery) කිරීමට පේරාදෙනිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා ඇතුළු කණ්ඩායමට හැකි වූ බව පසුගිය දිනවල අසන්නට ලැබිණි. ශ්‍රවණාබාධයක් සහිත කුඩා දරුවකු සඳහා සිදුකෙරුණු මෙම ශල්‍යකර්මය ඉතා සාර්ථකව සිදු වූ බව වෛද්‍යවරයා සඳහන් කළේය. මෙම සැත්කම ...
පරිගණකය ඔස්සේ වයිබර් භාවිත කරමු - How to use Viber on PC World Beyond World Viber කියන්නේ අද දකින්න ලැබෙන හැම ස්මාර්ට් දුරකතනයක අනිවාර්යයෙන්ම තියෙන යෙදුමක් කියලා කීවොත් නිවැරදියි. අන්තර්ජාල දත්ත දැන් වඩාත් පහසු, ලාබදායී විදිහට ලබාගන්න පුළුවන් නිසා බොහෝ දෙනෙක් දුරකතන ඇමතුම්, පණිවිඩ ආදී පහසුකම් ලබාගැනීම සඳහා Viber යොදා ගන්නවා. අනෙක සේවා ස්ථානවල වගේම පොදු ස්ථානවලත් Wifi පහසුකම් නොමිලේ ලබාගත හැකි නිසා බොහෝ දෙනෙක් ඒ පහසුකම් ඔස්සේ ද Viber භාවිත කරනවා. මම කියන්න හදන්නේ ...
අලිගැට පේරවලින් ලියුකේමියාවට ඖෂධයක් - Avocados May Be Key for Treating a Type of Leukemia World Beyond World මේ දවස්වල පලතුරු කඩයකට ගියාම වැඩිපුරම දකින්නට ලැබෙන දෙයක් තමයි ‛අලිගැට පේර’. වැඩි දෙනෙක් කියන්නේ ‛අලි පේර’ කියලා. ඉතාමත් මෑතකදී කරන ලද පර්යේෂණයකින් අනාවරණය වෙලා තියෙන දෙයක් තමයි ලියුකේමියා, එසේත් නැත්නම් ලේ පිළිකා ප්‍රභේදයක් වන ‛උග්‍ර මයිලොයිඩ් ලියුකේමියා’ (Acute Myeloid Leukemia - AML) සඳහා අලිගැට පේර ඖෂධයක් ලෙස යොදාගත හැකි බව. ලියුකේමියාව යනුවෙන් හඳුන්වන්නේ අපගේ සිරුරේ ඇති සුදු රුධිරාණුවල වර්ධණය ...
මමත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හැදුවා - My Android Ap World Beyond World මාතලන් මහතාගේ බ්ලොග් එකේ තියෙනවා දැකලා මමත් ඇන්ඩ්‍රොය්ඩ් ඇප් එකක් හැදුවා නිකං ඉන්න බැරි කමට. කැමති නම් බාගෙන ෆෝන් එකට දාගන්න.මේ තියෙන්නේ යන්න ඕන පාරමගේ ලෝකය ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ...
මරණය කලින් දැකිය හැකිද? - Is there any ability to foreseeing the death? World Beyond World සිය මරණයට පෙර මරණය පිළිබඳ යම් යම් ඉඟි ලබාදුන් සිදුවීම් පිළිබඳ කතා අපට බොහෝ අසන්නට ලැබේ. මෑත දිනකදී ද එවැනි සිදුවීමක් වාර්තා විණි. ඒ සියඹලාණ්ඩුව ප්‍රදේශයෙනි. ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එය බස් රථයක් සමඟ ගැටීමෙන් සිදු වූ අනතුරින් දස හැවිරිදි කවීෂා සඳමාලි සත්සර දියණියත්, ඇගේ පියාත්, තවත් ඥාති සොයුරකුත් අවාසනාවන්ත ලෙස මිය ගියහ. කවීෂා මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ද ...
හීන්සැරෙන් කටුසුපාලියට World Beyond World සුමින්ද කිත්සිරි ගුණරත්න කියන්නේ මගේ පාසල් කාලේ ඉඳන්ම ළඟම යාළුවෙක්. පාසල් කාලෙන් පස්සෙත් මේ යාළුකම දිගටම පැවතුණා. කවි ලියන්න, නාට්‍ය හදන්න, ජ්‍යොතිෂ වැඩ වගේ නොයෙක් වැඩවලට දක්ෂ සුමින්දගේ කවි පොත් වගයක් ගැන මම ලියපු එක් පෝස්ටුවක් මෙන්න මෙතැන ක්ලික් කළොත් කියවන්නත් පුළුවන්. කොහොම වුණත් දැන් කියන්න යන්නේ සුමින්දගේ කවි පොත් ගැන නෙවෙයි. ඔහු මේ අවුරුද්දේ මාර්තු 2 වැනිදා ඔහුගේ අලුත්ම ...
වහලියන් සේ මැද පෙරදිග අළෙවි වන අපේ කාන්තාවෝ - Employer Offers Sri Lankan Maid For Sale Online In Saudi Arabia World Beyond World ශ්‍රී ලාංකික කාන්තාවක් මෙහෙකාර සේවය සඳහා අළෙවි කිරීම වෙනුවෙන් සවුදි අරාබි ජාතිකයකු එහි පුවත්පතක හා වෙන්දේසි සිදුකරන වෙබ් අඩවි කිහිපයක වෙළෙඳ දැන්වීමක් පළකිරීම සම්බන්ධව මේ දිනවල අප රටේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වී තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ද මේ සම්බන්ධව කරුණු සොයා බලමින් පසුවන බැව් දැනගන්නට ඇත. මෙම ශ්‍රී ලාංකික කාන්තාව කවරෙක්දැයි සඳහන්ව නැති අතර එරට සුප්‍රකට ...
නරක් නොවී පවතින සාන්තුවර දේහ - Incorrupt Bodies of the Saints World Beyond World බර්නදෙත් සාන්තුවරියගේ දේහයලෝකය යනු සොබා දහමේ දායාදයක් වුව ද සොබා දහම ඉක්මවා යන්නේ යැයි පෙනෙන සිදුවීම්වලින් ද එය පිරී පවතී. ලෝකයේ ස්වභාවය වන්නේ යමක් ඇතිවීමත් කාලයක් එය පැවතීමෙන් පසු නැතිවී යාමත්ය. නමුත් මේ ධර්මතාවය ඉක්මවා යන සිදුවීම් ද වාර්තා වේ. ඒ අතුරින් එකක් වන්නේ ලෝකයේ විවිධ ස්ථානවලින් අසන්නට ලැබෙන නරක් නොවන ස්වභාවයේ පවතින විවිධ ආගම්වලට අයත් සාන්තුවරුන්ගේ සහ සාන්තුවරියන්ගේ දේහයන්ය. ...
රුධිර පරීක්ෂා ගැන ටිකක් දැන ගනිමු - Lets Know about Blood Tests World Beyond World පෞද්ගලික රෝහලකින් හෝ පෞද්ගලිකව යම් වෛද්‍යවරයකුගෙන් හෝ ප්‍රතිකාර ලබාගන්නා අවසථාවලදී රුධිර පරීක්ෂාවන් කරගැනීමට බොහෝ විට සිදු වෙයි. “අපි බ්ලඩ් රිපෝට් එකකුත් ගනිමු” යැයි පවසා වෛද්‍යවරයා විසින් කොල කැබැල්ලක ඉංග්‍රීසි අකුරු කිහිපයක් ලියා දෙයි. ඩෙංගු පවතින කාලයක උණ රෝගයක ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂාවක් සඳහා අප යොමු කරවයි. මෙවැනි අවස්ථාවලදී හුදෙක් රුධිර පරීක්ෂණයක් යැයි පැවසුවද, විවිධ රෝග සඳහා විවිධ ...