2016 කාලගුණයෙන් බැට කන වසරක් වේද? - Will 2016 be a weather hazard year? World Beyond World බොහෝ දෙනෙක් ඇතැම් විට නොදන්නවා විය හැකි වුවත් ගෙවුණු 2015 වසර යනු කාලගුණ විද්‍යාවට අනුව අප පසුකළ උණුසුමින් වැඩිම වර්ෂය විය. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ ඇතැම් විට නොදැනෙන්නට හේතුව වන්නට ඇත්තේ පසුගිය මාස කිහිපය පුරා අප වර්ෂාව සහිත සමයක් පසුකළ නිසා වන්නට පුළුවන. කෙසේ වුවත් ලෝකයේ කාලගුණය පිළිබඳ අනාවැකි පළ කරන බොහෝ ආයතන 2016 වසර පිළිබඳ යම්කිසි බියකින් ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 4 කොටස - New Gadgets for New World Part 4 World Beyond World ඔබේ නිවසට ස්මාර්ට් ස්පීකරයක් ඉස්සර ගෙවල්වල ගීත අහන්න තිබුණේ ටිකක් ලොකු බැෆල්. බෆල් කියලත් කියනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක මේවා ටික ටික කුඩා වුණා. මේ කියන්නෙත් ඒ වගෙ අලුත්ම විදියේ ස්පීකරයක් ගැන. ‛ස්මාර්ට් ස්පීකර්’ කියල තමයි මේකට කියන්නේ. මිලත් ස්මාර්ට් වගේ තමයි. මොකද අමරිකානු ඩොලර් 180ක්, රුපියල්වලින් නම් 25,300ක් විතර වෙනවා. බ්ලූටූත් තාක්ෂණයෙන් ගීත අහන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය නම්, නිවසේ ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 3 කොටස - New Gadgets for New World Part 3 World Beyond World කැමති විදිහට ආලෝකය පාලනය කළ හැකි විදුලි පහනක් විදුලි පහන් කොයි තරම් තිබුණත් අපට කැමති විදිහට ඒවායේ ආලෝකය පාලනය කරන්නට හැකියාවක් නැහැ. වොට් 20 බල්බ් එකක් දැම්මොත් එහි ආලෝකය වෙනස් කරන්නට බැහැ. ඩිමර් උපාංගයකින් පාලනය කළ හැක්කේ ද සාමාන්‍ය විදුලි බල්බ හෙවත් තාපදීප්ත ඒවා පමණයි. සී.එෆ්.එල්. වර්ගයේ විදුලි බල්බ ඩිමර් සමඟ ක්‍රියාත්මක වන්නේ නැහැ. වර්තමානයේ ජනප්‍රිය වෙමින් පවතින එල්.ඊ.ඩී. ...
ඔබාමා ඇමරිකාව විනාශ කරයි! - Obama will destroy USA! World Beyond World එළැඹෙන්නට නියමිත 2016 වසර අප බොහෝ දෙනෙක් සිතනවාට වඩා වෙනස් වසරකි. ඔබට මිනිත්තු කිහිපයක් මිඩංගු කොට බැලුවහොත් 1 - 9 දක්වා ඇති මූලික සංඛ්‍යාවලින් 5 හැරුණු විට අනෙක් සියලුම සංඛ්‍යාවලින් 2016 බෙදෙන බව පෙනෙනු ඇත. 4 න් ද බෙදෛන නිසා එය අධික අවුරුද්දක් ද වන්නේය. මේ අනුව ගණිතමය වශයෙන් ද විශේෂත්වයක් ඇති 2016 දේශපාලනමය වශයෙන් ගතහොත් කෙසේවත් සුබදායී වන්නේ නැත. ...
සිංහල ජන සාහිත්‍යයේ අපූරු කවියක් World Beyond World අපේ ජන කවි සාහිත්‍යය කියන්නේ හරිම අපූරු දෙයක්. ඇතැම් විට ලෝකයේ වෙනත් සාහිත්‍යවල නැති විශේෂ අංග මෙහි තිබෙනවා. එවැනි දෙයකට එක් උදාහරණයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් අපූරු විදිහේ ජන කවියක් මට හොයාගන්න ලැබුණා. මෙහි රචකයා කවුදැයි දන්නේ නැහැ. නමුත් කවිය හරිම අපූරුයි. මේ කවියෙන් කියැවෙන සරල අර්ථය මෙන්න මෙහෙමයි. නන්දා කියන තරුණියක් ගැන එක් තරුණයෙක් ආදරයක් ඇති කරගන්නවා. ඒ තරුණයා ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 2 කොටස - New Gadgets for New World Part 2 World Beyond World හිරු එළියෙන් සිංදු අහමු සංගීතය ලෝකය තුළ සෝනි ආයතනයට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. එයට හේතුව ඔවුන් සංගීතය සඳහා නව තාක්ෂණය එකතු කරන්න නිතරම අත්හදාබැලීම් කරන නිසයි. ඔවුන් මේ විදිහට අත්හදා බැලීම් සිදුකරන අතරතුරේ අලුත් නිෂ්පාදනයක් කළා. ඒ තමයි හිරු එළියෙන් ක්‍රියාත්මක කරන් සංගීත වාදකයක් නිර්මාණය කිරීම. මේ සඳහා සංකල්පය ඉදිරිපත් කොට තිබෙන්නේ හොවෑන්ග් එම් ගුයෙන්. ඒ නිසා එය නම් ...
කොටකෙතන ඝාතන රැල්ළ සහ පොලීසියේ අලියාට ඇස තැබීමේ භූමිකාව World Beyond World අප රටේ මිනිස් ඝාතන සිදුවීම් අතර ඉමහත් ආන්දෝලනයකට ලක් වූ කොටකෙතන මිනිස් ඝාතන සිදුවීම සමාප්තියකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබෙන්නේ අවසානයේ මෙයට අදාළ යැයි බොහෝ සාධක තුළින් තහවුරු වී ඇති පුද්ගලයා පසුගිය දිනෙක අත්අඩංගුවට ගැනීමට හැකිවීම නිසාය. කොටකෙතන ඕපාතවත්තේ පදිංචිව සිටි නාදන් පාපු නමැති කාන්තාවගේ මරණය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ කොටකෙතන අතුරුගොඩ පදිංචි ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නමැති සැකකාර තිදරු ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 1 කොටස - New Gadgets for New World Part 1 World Beyond World අපේ ජීවිත වඩාත් සුවපහසු කරගන්නට අලුත් අලුත් උපකරණ පුදුමාකාර වේගයකින් නිර්මාණය වෙනවා. නිෂ්පාදනය වෙනවා. කෙටිකාලීනව මේවායින් ජීවිතය සැපවත් වුණත් දිගු කාලීනව නම් සෞඛ්‍යය සම්බන්ධව විවිධ ගැටලු මතුවෙන්නටත් පුළුවන්. විශේෂයෙන් ව්‍යයාම ආදි නොමැතිවීම, මෙම උපකරණවල ඉලෙක්ට්‍රෝනික ක්රියාකාරීත්වයන් ආදිය අපගේ සෞඛ්‍යයට බලපෑ හැකියි. කෙසේ නමුත් අන්තර්ජාලයේදී විටින් විට හමුවන, මගේ හිත ගිය එවැනි උපකරණ කොටස් වශයෙන් බ්ලොගයට දමන්නට හිතුණා. ඒ හිතීමේ ...
ගල්ගසා මරාදැමීම හා දෙබිඩි සුද්දන්ගේ ඊනියා මානව හිමිකම් World Beyond World අනාචාරයේ හැසිරුණු වරදට ශ්‍රී ලාංකික කාන්තාවකට ගල් ගසා මරණයට පත්කිරීමේ දඬුවමක් සහ ඇය සමග එම ක්‍රියාව සිදු කළ අනෙක් ශ්‍රී ලාංකික පුරුෂයාට කස පහර 100ක දඬුවමක් ලබාදීමේ පුවතත් මේ වන විට නොදන්නා අයකු නොමැති තරම්ය. මෙම කාන්තාව මරණ දඬුවමින් නිදහස් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට සවුදි රජය සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර අවසානයේ දෙසැම්බර් මස ...
සියදිවි නසා ගන්නා ලෙමින්ග් මීයෝ - Lemings, the Suiciding Rats World Beyond World ස්කැන්ඩිනේවියාවේ වෙසෙන මූෂික වර්ගයට අයත් ලෙමින්ග් නම් සතුන් ගැන අතීතයේ සිටම වාර්තා වෙන්නේ අරුම පුදුම කතාවක්. කිලෝමීටර් සිය ගණනක් දුර සිට රංචු වශයෙන් පැමිණෙන මොවුහු ස්කැන්ඩිනේවියාවේ ගංගා ඉවුරු කර පැමිණෙන බවත් එහි මද වේලාවක් ගත කරන ඔවුහු මෙතෙක් සොයාගෙන නොමැති කුමක් හෝ හේතුවක් නිසා ගඟට පැන සිය දිවි නසා ගන්නා බවත් මිනිසුන් අතර ප්‍රවාදයක් පැතිරී තිබෙනවා. මෙම ප්‍රවාදයත් ඒ ...
කසිප්පුකාරයාගේ පුතා අමද්‍යප සංගමයේ සභාපතිවීම සහ මානව හිමිකම් කවුන්සිලය World Beyond World අමද්‍යප සංගමයේ සභාපතිකමට කසිප්පුකාරයාගේ පුතා කරගන්නා අවස්ථාව හෙවත් ෆයිසාල් බින් හසාන්ව මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිකමට පත්කරගැනීමගමේ වෙසෙන කසිප්පු කාරයාගේ පුතාට අමද්‍යප සංගමයේ සභාපතිකම දෙන්නට කිසිවකු කැමැත්තක් දක්වන්නේ නැති නමුත් ලෝකයේ උගතුන්, බලවතුන්, ප්‍රාඥයන් යැයි කියාගනු ලැබුවත් ‛අමුමැට්ටන්’ සේ පෙනෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කිසිවෙක් මෙවැනි තීරණ පයිසයකට හෝ මායිම් නොකරන බව පෙනේ. එසේ මායිම් කරන්නේ නම් ඔවුන්ගේ ඒකමතික තීරණයක් ...
චීන රටේ දෙපා නොමැති ‘බාස්කට් බෝල්‘ කෙල්ල - Basket Ball Girl in China World Beyond World මේ ඉන්නේ කියාන් හොන්ග්යෑන්ග්. චීනයේ ජීවත්වන 18 හැවිරිදි තරුණියක්. ඇයත් ඔබ වගේම සාමාන්‍ය කෙනෙක් වගේ පෙනේවි. ඒත් ඇයගේ ජීවිතයේ අප බොහෝ දෙනෙක් නොදන්නා දුක්බර කතාවක් තියෙනවා. 2000 වසරේදී සිදුවුණු දරුණු හදිසි අනතුරක් නිසා ඇයට ඇගේ පාද දෙකම අහිමි වුණා. එතකොට ඇයට යන්තම් අවුරුදු හතරක් විතරයි. ගිනිකොණ දිග චීනයේ ලුලියෑන්ග් කියන දුප්පත් ගමේ තමයි ඇය අම්මයි තාත්තයි එක්ක ජීවත් වුණේ. ආබාධිත ...
කාලගුණික සිදුවීම නිසා ඇති වන පියාඹන පීරිසි - UFO caused by Natural Phenominas World Beyond World ආගමික ස්ථාන වන්දනාකිරීම සඳහා දෙවි දේවතාවුන් පැමිණෙන්නේය යන්න බොහෝ කාලයක සිට අපගේ ජන විඥානයේ පවතින්නක් බව සැබෑවකි. නමුත් මෑත කාලයේ සිට ඔවුන්ට වඩා වෙනස් වර්ගයක් ජීවීන් කොටසක් ද වෙහෙර විහාර වන්දනා කරන්නට පැමිණෙන බවට විවිධ පුවත් අසන්නට ලැබේ. ඒ පිටසක්වල ජීවීන්ය. මෙයට පෙර ද අප රටේ ස්ථාන කිහිපයකම පිටසක්වල ජීවීන් දර්ශනය වූ බවට විවිධ පුවත් වාර්තා වී තිබුණ ද, වන්දනාමාන ...
මල්ලී, කිරි පැකට් එකයි - පලතුරු බීම දෙකයි ගේන්න! World Beyond World ගම්පහට කිට්ටුව රතුපස්වල පැත්තේ මගේ අතිජාත මිත්‍රයෙක් ඉන්නවා. දැනට අවුරුදු ගාණකට කලින් මිනිහ වැල්ලවත්ත පැත්තේ තැනකින් කොම්පියුටරයක් ගන්නවා කියලා මටත් එන්න කිව්වා ඒක ගැන පොඩ්ඩක් බලන්න. මිනිහා මේක ගත්තේ නම් සෑහෙන්න ආමාරුවෙන්. ගෙදරින් සල්ලි ඉල්ල ගත්තා. ගෙදර තිබුණු තවත් මොනවද වික්කා. ණයට ගත්තා. අන්තිමේදී කොම්පියුටරේ ගන්න වෙලාව වෙනකොට අතේ සතේ නැති වෙනකල්ම සල්ලි හිඳුණා. මේ හින්දාම තවත් යාළුවෙක් කැමති වුණා ...
අත බලා බ්ලොගයෙන් සාස්තර කියමු World Beyond World අත බලා ශාස්ත්‍ර කීම අප බොහෝ විට දැක ඇත්තේ අහිගුණ්ඨික ගැහැනුන්ගෙන් නිසා බොහෝ දෙනෙක් මේ පිළිබඳ සිතන්නේ ඉතා සරල ආකාරයෙන්. මෙය එතරම් පලක් ඇති දෙයක් නොවේ යැයි ඇතැම් විට සිතෙන්නට පුළුවන්. අප සාමාන්‍යයෙන් අත බලා ශාස්ත්‍ර කීම යැයි හැඳින්වුවත් මෙය හඳුන්වන නිවැරදි ආකාරය වන්නේ ‛සාමුද්‍රික ශාස්ත්‍රය’ යන්නයි. ඉතා පුරාණයේ ‛පාර්වතී’ දේවියගේ අනුග්‍රහයෙන් ‛නන්දි’ දිව්‍ය රාජයාට ද, ඔහුගෙන් ‛කමලමුණි’ නම් ඍෂිවරයාට ...
කම්මැලිකමට ලියැවෙන ඈණුම් කවි World Beyond World කුමට ඇරියාද ඇණුමක්බලියාගෙන කටඋසාවියේගෑවා නම් කුරුටුඇණයකින්වත්කුරුටු ගී වැසෙන්නට තරම් සීගිරියේමැරුණා නම් කොටි දෙනකව සිට නිදහස්වගැසුවා නම් බෝම්බනුඹ ගැනත් කවි ලියයිනුඹ ගළවාගන්නට පැමිණෙයි පෙරට දහසක්එහෙත් නුඹ ඇරියේ ඈණුම්යකට බලියාගෙනයදැන් ඉඳපන් මලේ මාස අටක්මහ උළු ගෙදරගෙදර අයවත් ලියාවි කවියක් ...
අයියා මොනවද මේ කුඩු? World Beyond World මරදාන පොලීසිය ඉදිරිපිට පදික වෙළෙන්දෙක් සිටී. ඔහු විකුණන්නේ රෙදිවල පැල්ලම් යැවිය හැකි කුඩු වර්ගයකි. බසයෙන් බැසගත් මගියෙක් ඔහුගෙන් මෙසේ ඇසුවේය. මගියා - “මේ අයියා, මොනවද මේ කුඩු?” වෙළෙන්දා - “මේ කුඩුවලින් ඕනම පැල්ලමක් යවන්න පුළුවන්” මගියා - “අයියා, මගේ දත්වල පැල්ලම් තියෙනවා. ඒවත් යවන්න පුළුවන්ද?” වෙළෙන්දා මොහෙතක් මගියා දෙස බලා සිටියේය. වෙළෙන්දා - “දත්වල පැල්ලම්? දත්වල පැල්ලම් යවන්න ගාගනිං මේක ...
අපායට ගියත් බුලත් විටක් නැතිව නම් බෑ මචං! World Beyond World අපේ යාළුවෙක් ඉන්නවා. මිනිහා විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. එහෙම වුණත් අර මොකක්ද එකට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. ඒ වගේ මිනිහත් පොඩි කාලේ ඉඳන්ම බුලත් විට කන්න පුරුදුවෙලා හිටිය නිසා දැන් ඒක අතෑරගන්න බැහැ. ඒකට උනන්දුවකුත් නැහැ. අපායේ ගියත් බුලත් විටක් අරන් යන්න ඕන කියල තමයි නිතර කියන්නේ. කොහේ ගියත් බුලත් විටක් වරදින්නේ නැහැ. කථිකාචාර්ය කෙනෙක් නිසා මිනිහට පිටරටවල ඇවිදින්න එහෙමත් අවස්ථාව ...
සුජීගේ ෆෝන් කතාව හා බල්ලාට ගිය මනුස්සකම World Beyond World පෞද්ගලික ජීවිත සමාජ ගතකිරීම තරම් නිහිීන ක්‍රියාවක් තවත් නැත. යමෙක් එවැන්නක් සමාජ ගතකිරීමෙන් බලාපොරොත්තු වන්නේ එක්කෝ පලිගැනීමකි. එක්කෝ ‛කුණු රසයකි’. ඒවා කෙතරම් කුණු රසයකින් යුක්ත වුව ද, එය කුණු රසයකින් යුක්ත බව දැනදැනම සමාජයේ සියලු තරාතිරම්වල පුද්ගලයන් අවිචාර ලෙස ඒ රසය විඳීමට කැමැත්තක් දක්වති. අවසානයේ එයින් අපහාසයට, අවමානයට ලක්වන්නේ එකී පෞද්ගලික ජීවිතයට හිමිකම් කියන තැනැත්තාය. මෙයට ලක්වන්නා අවසානයේ කුමන දුෂ්කරතාවයකට ...
සඳසේයා ඝාතනය, ගෘහ සේවිකා වැටුප් සහ දරුපැටවුන්ගේ ආරක්ෂාව World Beyond World ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ වැටුප ගතවු මාසයක පමණ කාලයක සිට ශීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට තිබේ. මෙයට පෙර රුපියල් 15,000ක් පමණ මට්ටමක පැවති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ වැටුප මේ වන විට ආහාර, වෛද්‍ය පහසුකම් සහ නවාතැන් ද ඇතුළුව රුපියල් 20,000ක පමණ අවමයක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙනී යයි. දේශීය වශයෙන් ගෘහ සේවිකාවන්ගේ සේවය සළසනු ලබන ආයතන (Man Power) මගින් ...