ආහාර, මේදය සහ තරබාරුව අතර සම්බන්ධතාවයක් තිබේද? World Beyond World යමෙක් තරබාරු තත්වයක් පසුවනවා නම් හෝ තරුබාරුවෙමින් පවතිනවා සේ පෙනෙනවා නම් අප බොහෝ දෙනෙක් පවසන්නට පුරුදුව ඇත්තේ, “ඔයාගේ ඇඟ නම් ටිකක් වැඩියි. කෑම ටිකක් අඩු කළොත් නරකද?” වැන්නකි. ඒ සමඟම ව්‍යයාම කරන්නට ද උපදෙස් දෙනු දක්නට හැකිය. සිරුරේ තරබාරුව අඩුකරගැනීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු වන විවිධ තොරතුරු, වීඩියෝ ආදිය ද දක්නට ලැබේ. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ ආහාර ...
කාලයක් ගතවන සිදුවීමක් වේගයෙන් පෙන්වන Time-lapse photography තාක්ෂණය World Beyond World මලක් පිපීම, පැළයක් දළු ලා වැඩීම, හිරු, සදු, තරු නැගෙනහිරින් පායා බටහිරින් බැස යාම වැනි සිදුවීම්වල ආරම්භය සහ අවසානය අපට පියවි ඇසින් එක් එල්ලේ බලා සිටීම ප්‍රායෝගික දෙයක් නෙවෙයි. එයට හේතුව එවැනි සිදුවීම් සඳහා පැය ගණනාවක් ගතවීමයි. නමුත් එම කාලය තත්පර කිහිපයකට කෙටි කරන්නට හැකි නම් ඒවා සිදුවන ආකාරය ගැන, ඒවා සිදුවන අතරතුරේ ඇතිවන අපූර්ව දෑ අපට පහසුවෙන් බලාගන්නට ...
හීනෙන් බෙහෙත් කියන කතා ඇත්තක්ද? World Beyond World අප අසල්වැසියකු මෑත දිනකදී අපූරු කතාවක් පැවසූයේය. ඔහු පැවසූයේ තමාට වැළඳුණු රෝගයක් සඳහා විවිධ ස්ථානවලින් ප්‍රතිකාර ගත්ත ද අඩුවක් නොමැති බැවින් පැරණි සිංහල වෙද මහතකු සොයමින් සිටි බවය. මේ අතරතුරේදී ඔහුට කුරුණෑගලට ආසන්නව පිටිසරබද ප්‍රදේශයට සිටින එක්තරා විශ්මයජනක වෙද මහතකු පිළිබඳ දැනගන්නට ලැබුණු බවත් ළඟදීම ඔහුගේ ප්‍රතිකාර ගැනීමට යන බවත් පැවසූයේය. අසල්වැසියා පැවසූ පරිදි මේ වෙද මහතා උපතින්ම වෙදකම් ...
සද්ද බද්ද දාලා හදන මේක කොත්තු රොටිය - Kotthu Story World Beyond World කලකට පෙර තුන් වේලටම බත් කෑ අපි කාර්ය බහුලත්වය සමඟ නොයෙක් ආහාර රටාවන්නට හුරුවන්නට පටන් ගතිමු. මේ අනුව උදේ ආහාරය රජකු සේ ගත යුතු බව පැවසුන ද බොහෝ දෙනෙක් ඒ සඳහා පාන්, බනිස්, ෂෝර්ට් ඊට්ස් (කෙටි කෑම) වැනි දේ ආදේශ කරන්න පටන් ගත්හ. රාත්‍රී කෑමට ද බත් අතහැර පාන්වලට හුරුවිය. වැඩි කලක් යන්නට පෙර රාත්‍රී ආහාරය සඳහා පාන් පමණක් නොව ...
ජීවිතය කෙටි කරගන්න ‛කෙටි කෑම’ කන්න World Beyond World ‛ක්ෂණික ආහාර’ එසේත් නැත්නම් ‛ෆාස්ට් ෆුඩ්’ (Fast food) පිළිබඳ ඔබ අසා ඇතිවාට සැකයක් නැත. අප රටේ ද ආහාර වර්ග අළෙවි කරන වෙළෙඳ සල්වල ‛ෆාස්ට් ෆුඩ්’ යනුවෙන් සඳහන්කොට තිබෙනු දැකිය හැකිය. පිළියෙල කිරීමේ වේලාව ඉතාමත් අඩු ඕනෑම ආහාරයක් ‛ෆාස්ට් ෆුඩ්’ හෙවත් ‛ක්ෂණික ආහාර’ ලෙස හඳුන්වනු ලබයි. මේවා 50 දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවී ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ බව පෙනෙන්නට තිබේ. අනෙක් ...
එලිසබෙත් රැජිනගේ 90 වැනි ජන්ම දිනය - Queen Elizabeth and her 90th Birthday World Beyond World බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජින පසුගිය අප්‍රේල් 21 වැනිදා සිය 90 වැනි ජන්ම දිනය සැමරුවා. ලෝකයේ වැඩිම කාලයක් රැජිනක් විදිහට ජීවත් වුණු කාන්තාව ලෙස පසුගිය වසරේදී ඇයව නම් කරනු ලැබුවා. බ්‍රිතාන්‍යය ලෝකයේ සුවිශේෂී රටක් බවට පත්කරන්නට එලිසබෙත් මහ රැජින ඇතුළු රජ පවුල හේතුවක් වී තිබෙනවා. ප්රජාතන්ත්රවාදය ගරු කරන මිනිසුන් රජුන්ගේ හෝ රැජිනියන්ගේ හෝ පාලනයට යටත්ව සිටීමට තවදුරටත් කැමැති නැති බවට ...
ලිංගික එක්වීමකට හොඳම වෙලාව මොකක්ද? - Best Time to Have Sex World Beyond World ආදරයත් (Love) අනුරාගයත් (Sex) මාර්ග දෙකක යන හැඟීම් දෙකක් විදිහට යම් යම් තැන්වල ලියැවිලා තිබෙනවා. අනුරාගය ඇති තැන ආදරය නැතැයි වැනි දේවල් ද අසන්නට ලැබෙනවා. නමුත් අපි ඇත්තටම, ප්‍රායෝගික ලෙස සිතා බැලුවොත් ආදරයත් අනුරාගයත් කියන්නේ එකට අත්වැල් බැඳගෙන ඉන්න හැඟීම් දෙකක්. නීරෝගී සිරුරක් සහ මනසක් ඇති පුද්ගලයකුට ආදර හැඟීම් සහ අනුරාගී හැඟීම් එක සමානවම වාගේ පහළ විය යුතුයි. විශේෂයෙන් ...
සීනි පමණ දැන පැණි බීම බොන්න - Drinks and Sugar Level World Beyond World වෙළෙඳ පලේ අළෙවි කරන්නට ඇති සියලු පැණි බීමවල ඇති සීනි මට්ටම කොතෙක් ද යන්න සඳහන් කොට ඇති ලේබල් එම බීම ඇසුරුම්වල අලවා ප්‍රදර්ශනය කළ යුතුය යනුවෙන් නීතිමය විධි විධානයක් ලබන අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇත. මෙම නීතිය බලගැන්වෙන්නේ 1980 අංක 26 දරණ ආහාර පනතේ 32 වැනි වගන්තිය ප්‍රකාරය. මෙය රජය විසින් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන ඉතාමත් ...
ෆේස්බුක් ගිණුමක් ඔබේ මරණින් පසු අනුස්මරණීය වන හැටි - Remembering Facebook Accounts World Beyond World පසුගිය දවසක් දෙහිවලදී දුම්රිය අනතුරකින් මිය ගිය ඉමේෂි යසාරා පෙරේා සහ ෂෙරින් ස්වෙලීන් යන තරුණියන් දෙදෙනාගේ දුක්බර කතාව ඔබේ මතකයේ තවමත් ඇති. මේ අනතුර සිදුවී කිහිප දෙනෙක් ගතවන විට ඒ එක් තරුණියක් වන ඉමේෂි යසාරාගේ ෆෙස්බුක් ගිණුම යම් වෙනස්කමක් සිදුවුණා. ඒ නිසාම කවුරුත් ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. ඇත්තටම ඇගේ ෆේස්බුක් ගිණුමේ සිදුව තිබුණු වෙනස්කම තමයි එහි ඇගේ නමට ...
ටෙඩී බෙයාර්ගේ පැටිකිරිය - Story of Teddy Bear World Beyond World කාන්තාවන්, විශේෂයෙන් තරුණියන් සහ කුඩා දැරියන් වඩාත් ප්‍රියකරන දේවල් අතරින් ප්රමුඛස්ථානයක් ලැබෙන දෙයක් තමයි ‛ටෙඩී බෙයාර්’ (Teddy Bear), එහෙමත් නැත්නම් ‛ටෙඩී වළසා’ කියන්නේ. ඔවුන්ගේ යහන් මත, මේස මත, පුටු මත ටෙඩී වලස්සු සමහර විට එකෙකුට වඩා දකින්න පුළුවන්. කුඩා ප්‍රමාණයන්ගේ සිට ජීවමාන ප්‍රමාණය ද ඉක්මවා යන ටෙඩී වලස්සු වෙළෙඳ පළේ දක්නට ලැබෙනවා. ඒත් කවුරුවත් මේ ටෙඩී වලස්සු ගැන නම් ...
මළ මිනියටත් මේක් අප්! - Make up for Dead People! World Beyond World මේ ඡායාරූප දෙස බලන්න. මේ සියල්ල මිය ගිය පුද්ගලයන්ගේ මෘත දේහ බව නම් බැලූ බැල්මටම ඔබට තේරුම් ගන්නට පුළුවන්. නමුත් වෙනස වන්නේ මේ මෘත දේහ හැඩගන්වා ඇති අන්දමයි. සාමාන්‍යයෙන් අප රටේ නම් බොහෝ විට යම් කිසි පුද්ගලයකු මිය ගිය විට සාමාන්‍ය පරිදි එම්බාම් කොට තබනවා මිසක් මෙසේ හැඩගන්වනු දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් විදෙස් රටවල නම් මෘත දේහ මේ ආකාරයට හැඩගන්වා ...
හිස් හොරි මානසික වදයක්ද? World Beyond World අප සමඟ ජීවත්වන සියලු දෙනාගෙන් හරි අඩක්ම වාගේ ජීවිතයේ කුමන හෝ අවසථාවකදි හිස්හොරිවලින් පීඩා විඳින බව දැනට සිදු කොට ඇති පර්යේෂණ බොහොමයකින්ම හෙළවී තිබෙනවා. එයින් කියැවෙන්නේ හිස්හොරි ඒ තරමටම පොදු රෝගයක් බවට පත්වී ඇති බවයි. ඇත්තටම හිස්හොරි කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඒ ගැන අපට ඉතා කෙටියෙන් මේ විදිහට කියන්න පුළුවන්. හිස්හොරි කියන්නේ හිස් කබලේ ඇතිවන නිදන්ගත රෝගයක්. එහිදී සිදුවන්නේ හිස් ...
පිරමිඩ ජාවාරම්වලට හසුවන්න එපා! World Beyond World අප කාර්යාලයේ සේවය කරන හිතවතකු දිනක් වඩාත් ඉක්මණින් ධනය උපයාගත හැකි ක්‍රමයකට තමන් සම්බන්ධ වී සිටින බවත්, එය නියමාකාර ලෙස කරගතහොත් වෙනත් රැකියාවක් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද කියමින් කතාවකට මුල පිරුවේය. “මේකෙන් සල්ලි ලැබෙන විදිහ ගැන ඔයාට හිතාගන්නත් බැහැ. අපි එන්න කලින් ආපු හුඟ දෙනෙක් දැන් හොඳටම දියුණු වෙලා. එක් කෙනෙක් කාර් එකකුත් ගත්තා. අපිත් දැන් මේ ටික ටික නැගිටගෙනයි ...
ජංගම දුරකතනයක් තෝරාගන්නේ කෙසේද? - How Select a Mobile Phone? World Beyond World හොඳ ජංගම දුරකතනයක් තෝරාගන්නේ කොහොමද කියන එක කාගෙන් හරි ඇහුවොත් අපට නොයෙක් විදියේ උපදෙස් ලැබෙනවා. සමහර විට ඒ කියන කරුණු ඒ ඒ පුද්ගලයාට පෞද්ගලිකව ගැළපෙන්න පුළුවන්. දුරකතන සාප්පුවකට ගිහින් බැලුවොත්, ඒවායෙන් මොන වර්ගයේ එකක් තෝරා ගන්නද කියලා, එතැන වැඩ කරන අය දෙන උපදෙස් තමයි අපට අහන්න වෙන්නේ. ඔවුන් කුමක් හෝ දෙයක් විකුණාගන්න උත්සාහ කරනවා මිසක් සමහර විට අපට ඕන කරන ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 13 කොටස - New Gadgets for New World Part 13 World Beyond World අලුත් ලෝකයට අලුත් උෂ්ණත්ව පාලකයක් අපේ රටේ පැහැදිලි ඍතු භේදයක් නැති වුණත් අවුරුද්ද පුරා කාලෙන් කාලෙට උෂ්ණත්වය අඩු වැඩි වෙනවා. අවුරුද්දේ අග සහ මුල උදේ කාලයට ටිකක් සීතල වැඩියි. විශේෂයෙන් නුවරඑළිය වැනි පළාත්වල වැඩි වශයෙන් සීත දේශගුණ තත්වයක් පවතින නිසා ඔවුන් නිවාස ඇතුළත් උෂණත්වය පාලනය කරන්නට විවිධ උපකරණ භාවිත කරනවා. එවැනි අවශ්‍යතාවයන් සපුරාලමින් මේ ‛ස්මාර්ට්’ යුගයට ගැළපෙන සේ නිර්මාණය ...
ජංගම දුරකතනවලටත් හෙන වදිනවාද? World Beyond World “මේ අකුණු ගහන වෙලාවේ කෝල් අරන් අපිවත් මරවන්නද හදන්නේ?” අකුණු පුපුරන අවස්ථාවක ඔබ ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගතහොත් සියලු දෙනාම පාහේ පවසන්නේ මෙවැනි කතාවකි. මේ නිසාම අප බොහෝ දෙනෙකු පුරුදුව ඇත්තේ එවැනි අවස්ථාවකදී ජංගම දුරකතනය භාවිත නොකර සිටින්නට පමණක් නොව එය ක්‍රියා විරහිත කොට ද තබාගන්නටය. සැබවින්ම ජංගම දුරකතනයක් භාවිත කරන්නකු අකුණු පුපුරන අවස්ථාවකදී අනතුරකට ලක්වීමේ ඉඩක් තිබේද? මෙය බොහෝ දෙනෙකුට ...
සැමන්, සාඩින්, ටින් මාළු World Beyond World මේ උත්සව සමය නිසා වසරේ අනෙක් දිනයන්ට වඩා කෑම බීම පරිභෝජනය වැඩි වන බව අමුතුවෙන් පැවසිය යුත්තක් නොවේ. සාමාන්‍යයෙන් වෙනත් දිනකට වඩා වැඩි කෑම බීම වර්ග වැඩි ප්‍රමාණයන්ගෙන් නිවසේ රැස්කොට තබා ගැනීම මේ දිනවල බහලුව සිදුවන්නකි. ඉක්මණින් නරක් නොවන කෑම බීම මේ අතින් ප්‍රමුඛය. ඉක්මණින් නරක් නොවන ආහාර වර්ග අතුරින් ඉදිරියෙන්ම පසුවන්නේ ටින් කළ මාළුය. සාමාන්‍යයෙන් අප ‛සැමන්’ යනුවෙන් හඳුන්වන්නේ ...
සියදිවි නසාගන්නන්ට ජපනුන් යන ඔකිගහාරා වනය World Beyond World මෑත දවසක The Forest කියන චිත්‍රපටයක් බැලුවා. ඒක බැලුවාට පස්සේ මේක ලියන්න හිතුනා. මේ කියන්න යන්නේ ජපානයේ තියෙන සියදිවි නසාගැනීම්වලට වගේම අද්භූත සිදුවීම්වලටත් ප්‍රසිද්ධි වනාන්තරයක් ගැන. තියෙන්නේ ජපානයේ ෆූජියාමා කන්ද පාමුල. වනාන්තරයේ නම ‛ඔකිගහාරා (Aokigahara). ඉහත කියපු චිත්‍රපටයේ වැඩි දර්ශන සංඛ්‍යාවක් සඳහා පදනම් වෙලා තියෙන්නේ මේ කියපු වනාන්තරයයි. මෙය ‛සියදිවි නසාගැනීමේ වනාන්තරය’, රුක් මුහුද’ වැනි නම්වලින් ද ප්‍රසිද්ධියි. ෆූජියාමා ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 12 කොටස - New Gadgets for New World Part 12 World Beyond World ලේසර් කිරණෙන් මැවෙන යතුරු පුවරුව පරිගණකයකට, ටැබ් එකකට හෝ ස්මාර්ට් ෆෝන් එකකට බාහිරින් සවි කළ හැකි යතුරු පුවරුවක් ඇත්නම් බොහෝ අවස්ථාවලදී ප්‍රයෝජනවත් වන බව අපට දැනෙනවා. නමුත් යන යන තැන යතුරු පුවරුවක් අරගෙන යන එක කරන්න අමාරු වැඩක්. අන්න ඒ අමාරු වැඩේ පහසු කරන්න දැන් අලුත් තාක්ෂණය උදව් වෙනවා. මේක ලේස්ර් කිරණෙන් මැවෙන යතුරු පුවරුවක්. සාක්කුවේ දාගෙන යා හැකි ...
බෙගම් කලිඩා සියාට පෙට්‍රල් බෝම්බ චෝදනාවක්! World Beyond World බංග්ලාදේශයේ හිටපු අගමැතිවරිය සහ වර්තමාන විපක්ෂ නායකවරිය වන බෙගම් ඛලීඩා සියා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් එරට අධිකරණය විසින් පසුගිය මාර්තු 30 වැනි බදාදා නිකුක් කොට තිබේ. ඒ පසුගිය වසරේ සිදුකළ මාරාන්තික පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙනි. පසුගිය වසරේ ජනවාරි මාසයේ ඇගේ පක්ෂය වන ‛බංගල්දේශ ජාතික පක්ෂය’ විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයකදී සිදු කළ මෙම බෝම්බ ප්‍රහාරයෙන් 120 දෙනෙකු මරුමුවට පතවූ අතර තවත් ...