අවුරුදු 98 ස්නායු මනෝ වෛද්‍යවරිය - බ්‍රෙන්ඩා මිල්නර් - Brenda Milner, the 98 Year Old Neuropsychologist World Beyond World අවුරුදු 98ක් යනු බොහෝ විට මරණාසන්න වයසකි. එසේත් නැත්නම් යන තැනකට යමක් කරගන්නා එක වඩා හොඳ යැයි සිතන්නට හොඳ වයසකි. ඇතැම් විට එවැන්නක් පවා සිතාගන්නට තරම් නිරවුල් මනසක් නොමැති වයසකි. එයට හේතුව එවැනි වයස් මට්ටමකදී බොහෝ දෙනෙකුගේ සිහිය විකල්ව යාමට වැඩි ඉඩක් ඇති බවට ඕනෑ තරම් අත්දැකීම් තිබෙන නිසාය. කෙසේ නමුත් අවුරුදු 98 දී මනෝ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නියක සිටින්නේ ...
පරාක්‍රමබාහු ප්‍රතිමාවේ කතාව ත්‍රිමානව බලමු World Beyond World පොළොන්නරුවේ චාරිකාවක ගිය අවස්ථාවක පරාක්‍රමබාහු රජුගේ යැයි සැළකෙන ප්‍රතිමාව නරඹන්නට ගියා. මේ වීඩියෝවේ දැක්වෙන්නේ ඒ අවස්ථාවේදී එතැන සිටි නිලධාරී මහතකු මේ ප්‍රතිමාව පිළිබඳ පැවසූ විස්තරයක්. ඒ විස්තරය වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරයට අවශ්‍ය තැන්වලට ගැළපෙන ඡායාරූප දමා තිබෙනවා. අත්හදාබැලීමක් ලෙස මෙය ත්‍රිමානව නැරඹිය හැකි ආකාරයටයි සකස්කොට තිබෙන්නේ. පහත ආකාරයේ ත්‍රමාන කන්නාඩියක් පළඳා මෙය නැරඹීමෙන් මාගේ උත්සාහය කෙතරම් සාර්ථක ද කියා ඔබට ...
මනමාලකම ඉහවහා යාමෙන් ඉල්ලං කාපු පිරිමි World Beyond World මැද ඉන්නේ ඩොනල්ඩ් ට්රම්ප්ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති තරගයට සටන් වැදී සිටිනවුන් අතරින් පෙරමුණේ වැජඹෙන අපේක්ෂකයෙක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළ හැකිය. ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ප්රබලව අදහස් දැක්වීම නිසා ඔහුට එරට බහුතරයකගේ කැමැත්ත පළවෙමින් තිබිණි. නමුත් හදිසියේ ඔහුගේ වාසනාව කණපිට පෙරළෙමින් පවතීදෝ වැනි සැකයක් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබෙමින් පවතී. ඒ ගැහැනුන් සම්බන්ධව ඔහුට ඇති ඉතිහාසය කිසිසේතම යහපත් නොවන බව කෙමෙන් ...
ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු World Beyond World ඔබේ නිවසේ තියෙන ශීතරකණවල බොහෝ විට ඇතිවන දෝෂයක් තමයි උඩින් තියෙන ෆ්‍රීසර් කොටසේ සිසිල තිබුණත් පහළ තියෙන කොටස සිසිල් නොවී තිබීම. පහළ කොටස් ඇති ආහාර ද්‍රව්‍ය නරක්වී දුගඳ හමන්නට පටන් ගන්න විට තමයි බොහෝ දෙනෙක් දැන ගන්නේ ශීතකරණයේ යම්කිසි දෝෂයක් තිබෙන බව. එවිට අනිවාර්යයෙන්ම ශීතකරණ අලුත්වැඩියා කරන ශිල්පියෙකුට කතා කරනවා. නමුත් ඔබට කිසිදු ශීතකරණ ගැන කිසිදු දැනුමක් නොමැති වුවත් ...
කණ පරිස්සම් කරගෙන සිංදු අහන්න World Beyond World ජංගම දුරකතනයෙන් ගීතවලට සවන් දීම හා සිනමා පට නැරඹීම වර්තමානයේ සුලභව දකින්නට ලැබෙන දෙයක් විදිහට පවසන්නට පුළුවන්. උදෑසන රැකියාවට පැමිණෙද්දී සහ සවසට නිවසට යද්දී බස්වල, දුම්රියවල, මහ මග, ඇතැම් විට කාර්යාලයේ සහ නිවසේදී පවා හෑන්ඩ්ස්ෆ්‍රී කන් දෙකේ රුවාගෙන සිටිනු දැකිය හැකියි. අන් අයට, අසල්වැසියන්ට කරදරයක් නොවී තමන්ගේ පාඩුවේ ගීයක් ඇසීම එක් අතකින් යහපත් දෙයක් වුනත් මේ පුරුද්ද පසු පස්සේ ලොකු ...
සසහජීවනය ගැන මට තියෙන ප්රශ්නය World Beyond World සහජීවනය, සංහිඳියාව වගේ කතන්දර ගැන ගැඹුරින් විග්රහ කරන්න ඕන නෑ. මට හැමෝගෙන්ම අහන්න තියෙන්නේ එක ප්රශ්නයයි.දෙමළුන්ටයි මුස්ලිමුන්ටයි බහුතර සිංහලයන් අතරේදී දැනෙන සැනසිල්ල, විඳින නිදහස සිංහලයන් වන අපට උතුරේදී සහ නැගෙනහිරදී වගේම මේ ජාතීන් දෙක බහුලව ඉන්න ප්‍රදේශවලදී විඳින්න පුළුවන්ද? ...
විවාහයට හොඳම වයස් පරතරය මොකක්ද? World Beyond World විවාහයකදී කාන්තාවක හා පිරිමියකු අතර පැවතිය යුතු වයස් පරතරය පිළිබඳ අප සමාජයේ බොහෝ දෙනෙකු තුළ නොයෙක් ආකාරයේ අදහස් පවතිනු බැව් පෙනේ. වයස අවුරුදු 21 සම්පූර්ණ වූ ඕනෑම අයෙකුට විවාහ වීමේ නීතිමය අයිතිය හිමි වේ. කෙසේ නමුත් කාන්තාවගේ වයස කොපමණ විය යුතුද හෝ පිරිමියාගේ වයස කොපමණ විය යුතුද හෝ යනුවෙන් නීතියේ අර්ථ දැක්වීමක් එතැනදී සිදු කොට නැත. එම වයස් සීමාව සම්පූර්ණ ...
වනේ වන පල වැල ගැන දන්නවාද? World Beyond World ගල් සියඹලාදියවැඩියා රෝගය 400% කින් ඉහළ ගොස් ඇති බැව් දැනුම් දෙන සෞඛ්‍ය අමාත්‍යංශය පණිවිඩයක් නිකුත් කරමින් පවසා නෑගම් යද්දී පලතුරු රැගෙන යාම වඩා හොඳ බවය. මන්ද සීනි සහිත ආහාර අනුභවය දියවැඩියා රෝගයට ඉනිමං බැඳීමක් වන බැවිනි. නෑගම් යද්දී මෙසේ රැගෙන යා හැකි පලතුරු පිළිබඳ කතා බහ කිරීමේදී අපට එක්වර මතකයට නැගෙන්නේ එදිනෙදා වෙළෙඳපලේදී අප දකින කෙසෙල්, ඇපල්, ගස්ලබු, අලිගැට ...
ගෑස් භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු World Beyond World කලකට පෙර දර හෝ වෙනත් ඉන්ධන වර්ගවලින් ආහාර පිසීමට පුරුදුව සිටි ගෘහණියෝ අද වන විට මේ සියලු ඉන්ධන වර්ග අතහැර දමා ‛ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්’ හෙවත් එල්.පී. ගෑස්වලට හුරුපුරුදු ව සිටිති. අප රටේ බොහෝ පළාත්වල ආහාර පිසීම සඳහා තවමත් දර, ලී කුඩු වැනි වෙනත් ඉන්ධන වර්ග සොයා ගන්නට යම් යම් මට්ටම්වලින් පහසුකම් පැවතිය ද, පවතින කාර්ය බහුල තත්වය යටතේ ගෑස් ...
මැල්ලුම් කන්න කැමැති නැත්නම් මේක ටිකක් බලන්න World Beyond World සමබල ආහාරයකට එකතු විය යුතු ආහාර වර්ග අතරින් පලා වර්ගවලට හිමි වන්නේ සුවිශේෂී තැනකි. ගම්බද ව ජීවත් වන්නෙකුට නම් තමාගේ ගෙ වත්තෙන් බොහෝ පලා වර්ග පහසුවෙන් සොයා ගත හැකිය. නගරබදව ජීවත් වන්නෙකුට නම් එළවළු අළෙවි කරන ස්ථානයකින් පහසුවෙන් හා අඩු මිලට පලා වර්ග මිලට ගත හැකිය. අප මිලට ගන්නා එළවළු අතුරින් අඩුම මිලට ගත හැකි එකම වර්ගය ද ‛පලා’ ...
වයස්ගත වැඩිහිටියන්ට ආවේණික රෝගාබාධ World Beyond World ඔබේ දෙමාපියන් වයස්ගත තත්වයේ පසුවන්නන් විය හැකිය. එසේත් නොමැති නම් බොහෝ විට ඔබේ නිවසේ කවුරුන් හෝ වයස්ගත අයකු සිටිය හැකිය. සාමාන්‍යයෙන් වයස්ගත වූ විට විවිධ රෝගාබාධ වැළඳෙයි. මේ නිසාම ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගිය ද ඔවුන් පවසන තරමට කායික ආබාධ වෛද්‍ය පරීක්ෂණවලට හසු නොව අවස්ථාවන් ඕනෑ තරම් තිබේ. වෛද්‍යවරයාට හසුවන සුළු සුළු ආබාධ සඳහා ප්‍රතිකාර ලබා දුන්න ද ඇතැම් ...
ගැහැනු පිරිමින්ට වඩා ජීවත් වෙනවාද? Life Expectancy Man Vs. Woman World Beyond World පාසල් ගිය කාලය කාලයේ ආර්ථික විද්‍යාව හෝ භූගෝලය හැදැරූ අයෙක් සිටිනවා නම් ඔබට ‛ආයු අපේක්ෂාව’ ( Life Expectancy) යන්න අමුතු දෙයක් නොවනු ඇත. යම්කිසි පුද්ගලයෙක් උපන් අවස්ථාවේදී ඔහු හෝ ඇය ජීවත් වේ යැයි සළකනු ලබන උපරිම ආයු කාලය සාමාන්‍යයෙන් මේ නමින් හඳුන්වයි. අපේ රටේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ආයු අපේක්ෂා සංඛ්‍යාලේඛණ පිළිබඳ මඳක් අවධානය යොමු කළ හොත් පැහැදිලිව පෙනී ...
ෂර්ලොක් හොම්ස් අලුතින් ලියැවෙයි World Beyond World ‛ෂර්ලොක් හොම්ස් අලුතින් ලියැවෙයි’ යනුවෙන් සඳහන් කිරීමෙන්ම බොහෝ දෙනෙක් තුළ බොහෝ අදහස් පහළ වන්නට හේතුවක් වනවාට සැකයක නැත. එයට හේතුව එම කතා නැවත ලියා අප රටේ පාඨක සහෘදයාට පිළිගැන්වීමේ අර්ථයක් නැතැයි බොහෝ දෙනෙකුට සිතිය හැකි නිසාය. සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හොම්ස් නවකතා හතර මෙන්ම කෙටි කතා 56 ද මේ වන විට සිංහලයට පරිවර්තනය කෙරී හමාරය. එහි මුල් ...
දුරකතනයේ අංක නාමාවලිය නැති වුණොත්? - If you lost your contacts? World Beyond World විවිධ අවස්ථාවලදී අපට ලැබෙන දුරකතන අංක අපගේ ජංගම දුරකතනයේ ගබඩා කොට තැබීම අප සියලු දෙනාගේම වාගේ පුරුද්දක්. නමුත් කලකට පෙර, විශේෂයෙන් අප රටේ ජංගම දුරකතන ප්‍රචලිත වන්නට පෙර සෑම කෙනෙක්ම සිදු කළේ අත්‍යවශ්‍ය දුරකතන අංක ‛දුරකතන අංක නාමාවලියක’ (Telephone Index) ලියා තැබීමයි. එවැනි නාමාවලි වෙළෙඳ පොලෙන් ඉතා පහසුවෙන් ලබාගන්නටත් පුළුවන්. ජංගම දුරකතන කෙතරම් ප්‍රචලිත වුව ද අද ද ඒවා ...
අයිසිස් ත්‍රස්ත ග්රහණයෙන් ජීවිතය ගළවා ගත් නාදියාගේ කතාව - A Yezidi Woman Who Escaped ISIS Slavery World Beyond World අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ගේ ලිංගික වහළියක ලෙස දස වද විඳි කාන්තාවක ඔවුන්ගෙන් පළා විත් සිය ජීවිතය ගළවාගන්නට සමත් වූ පුවත ලෝකය පුරාම කතාබහට ලක්විය. ඇය හමුවූ ලෝක ප්‍රකට ටයිම් සඟරාවේ ලේඛිකාවක වන චාර්ලට් ඇල්ටර් ඇය පිළිබඳව ටයිම් සඟරාවෙන් මෙසේ පවසයි. විසි එක් හැවිරිදි නාදියා මුරාද් බාසී ටහා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලය ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා සිටියේ උතුරු ඉරාකයේ වෙසෙන තමා ...
ඇන්ඩ්‍රොයිඩ් නවතම සංස්කරණය - නුගා (Android N - Nougat) World Beyond World ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් කරළියට එන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට බව අප කවුරුත් දන්නා දෙයක්. ඉංග්‍රීසි A සහ B සඳහා නම් නැති වුණත් එතැන් පටන් සියලු සංස්කරණයන් සඳහා නම් තිබෙනවා. මේවායේ විශේෂත්වය වන්නේ මේ සියල්ලම රසකැවිලිවල නම්වලින් යුක්ත වීමයි. C - කප්කේක් - Cupcake (1.5)D - ඩෝනට් - Donut (1.6) E - එක්ලෙයාර් - Éclair (2.0 – 2.1)F - ෆ්‍රයෝ - ...
බ්‍රිතාන්‍ය නව අගමැතිනිය මාරි යකඩියක් වෙයිද? - Wll New British Prime Minister become an iron Lady? World Beyond World මහා බ්‍රිතාන්‍යය නව නායකත්වයක් යටත්ට පත් ව තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ වර්තමාන අගමැති තනතුරට පත්ව සිටින්නේ කාන්තාවක වීමය. අවසන් වරට මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරියක සිටියේ අදින් වසර විසි හයකට පෙරය. ඒ 1979 - 1990 අතර සමයේ මහා බ්‍රිතාන්‍යය පාලනය කළ. ‛යකඩ ගැහැනිය’ නමින් විරුදාවලි ලත් මාග්‍රට් තැචර්ය. ඉන් පසු නැවත අගමැතිවරියක මහා බ්‍රිතාන්‍යයට හිමි වන්නේ මේ 2016 වසරේදීය. ඒ ...
මුලතිව්වල ඇති කන්නගී අම්මාන් දේවාලය ගැන දන්නවාද? - Kannaki Amman Kovil at Mullativu World Beyond World ප්‍රධාන ජාතීන් වර්ග තුනක් වෙසෙන අප රටේ බොහෝ දෙනෙක් වන්දනා ගමන් බිමන් යද්දී ආගමික භේද නොසළකන බව පැහැදිලිවම පෙනෙන්නට ඇති දෙයකි. සිරිපා වන්දනාව, කතරගම දෙවොළ, හින්දු කෝවිල් ආදිය ආගම් භේදයකින් තොරව වන්දනා මාන කොට දෙවිවරුන්ගේ ආශීර්වාද ලබා ගන්නා ආකාරය කොතෙකුත් දැකිය හැකිය. දකුණේ ජනතාව උතුරට ද උතුරේ ජනතාව දකුණට ද මෙසේ වන්දනාමාන සඳහා පැමිණෙති. දශක තුනක පමණ කාලයක් තිස්සේ ...
සල්ලිකාරයන් වෙනුවෙන් හදපු රත්තරන් ෆෝන් - Golden Phones for Rich People World Beyond World Luxury Gold Samsung Galaxy ALPHAFull price: £1364.16 අපි ඉතිං සල්ලි එකතු කරලා අමාරුවෙන් ස්මාර්ට් ෆෝන් එකත් ගන්නවා වුණාට සල්ලි තියෙන උදවිය ගන්නේ ලොකු ලොකු ගණන් තියෙන ෆෝන්. මේ ළඟදි අන්තර්ජාලය පීරන කොට අහම්බෙන් වගේ හම්බ වුණා අමුතුම ෆෝන් වර්ගයක්. මේවා අපට මේ සම්ජ්ජාතියේදී නම් ගන්න ලැබෙයි කියලා හිතන්න ආමාරුයි. මොකද මේ ෆෝන්වල පිටත ආවරණය එහෙ පිටින්ම හදලා තියෙන්නේ කැරට් 24 ...
සිංහල බල්ලා හඳුනා ගනිමු - Sinhala Dog World Beyond World අප රටේ විවිධ වර්ගයේ සුනඛයෝ සිටිති. අපගේ ඉතිහාස කතාවට අනුව විජය කුමරුට මුළින්ම හමුවන්නේ ද බැල්ලකි. අතීතයේදී බොහෝ නිවෙස්වල කිසිදු වර්ගයකට අයත් නැති බය සැළකෙන සුනඛයන් සිටිය ද වර්තමානයේ බොහෝ දෙනෙක් වර්ගයක්, පෙළපතක් (pedigree) සහිත ‛උසස්’ යැයි සැළකෙන සුනඛ වර්ග සුරතලයට ඇති දැඩි කරන්නට පුරුදුව සිටින බැව් පෙනේ. බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් එදිනෙදා මග තොට දකින සුනඛයන් සැළකිල්ලකට ගන්නේම නැත. ...