අහිතකර බව ඔබ නොදන්නා නිවසේ ඇති රසායනික ද්‍රව්‍ය World Beyond World නිවසේ එදනෙදා වැඩකටයතුවලදී භාවිත වන නොයෙක් රසායනික වර්ග තිබේ. මේ කිසිවක් අපට හිතකර ද එසේත් නැත්නම් අහිතකරදැයි අප කිසිවිටෙක සිතන්නේ නැත. එසේ නොසිතා භාවිත කිරීමෙන් අවසානයේ අපගේ සෞඛ්‍යයට හානි සිදුවෙයි. ඇතැම් විට යම් අසනීප තත්වයක් ඇතිවෙද්දී එයට හේතුව මෙම රසායනික ද්‍රව්‍ය යැයි අප නිකමට හෝ සිතන්නේ නැත. ඇතැම් ඒවා කිසිවිටෙක අහිතකර වේ යැයි අපට සිතනේනේ ද නැත. මේ නිසා නිවෙස්වල ...
මුල්ම නිදහස් දා - First Independence Day of Sri Lanka World Beyond World ‘දෙවියන් වහන්සේ යුෂ්මතුන් හට ආශීර්වාද කර යුෂ්මතුන්ගේ රටට මග පෙන්වන සේක්වා’ යනුවෙන් ලංකාව නිදහස් වීම සම්බන්ධයෙන් අදින් වසර 69 කට පෙර බ්‍රිතාන්‍ය මහ රජු විසින් ප්‍රකාශයක් එවා තිබිණි.ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළත නිදහස් රටක් බවට පත්කිරීමට බ්‍රිතාන්‍ය මහ රජුගේ ආණ්ඩුව තීරණය කළ බව ප්‍රකාශ කිරීමට මෙරට සිටි ආණ්ඩුකාරයා 1947 ජුනි මස 18 වැනිදා රාජ්‍ය සභාව රැස් කර ඇත. ලංකාවේ එවකට ...
ඕමානයේ ප්‍රථම පොලිස් ස්ථානාධිපතිවරිය - First ever to head a police station in Oman World Beyond World අපි පොලිස් නිලධරයන් මෙන්ම පොලිස් කාන්තාවන් ද දැක ඇත්තෙමු. කෙසේ නමුත් අප රටේ කාන්තා පොලිස් ස්ථානාධිපතිවරියන් දැක ඇත් දැයි හෝ අසා ඇත් දැයි යමකුගෙන් විමසුව හොත් ඔහු හෝ ඇය මදක් කල්පනා කරන්නට පටන් ගනු ඇත. සැබැවින්ම අප රටේ පොලිස් ස්ථානාධිපතිවරියන් පිළිබඳ තොරතුරු ලැබෙන්නේ නැත. නමුත් කාන්තාවන්ට එතරම් අවස්ථාවක් නො දෙන මැද පෙරදිග රටක පොලිස් ස්ථානාධිපතිවරියක් පත් කළ බව දැනගන්නට ලැබෙන්නේ ...
හොරු හතලිහක් නැති අලිබාබා - Alibaba and Jack Ma World Beyond World අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවිය සිදු කරන ලෝක ප්‍රකට ‛අලිබාබා’ සමාගමේ හිමිකරු වන ජැක් මා ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමේ කැමැත්තෙන් පසු වන බව පසුගිය දා පවසා සිටියේය. ඔහු එසේ පවසා සිටියේ පසුගිය 18 වැනිදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුණානායක හමුවූ අවස්ථාවේදීය. ජැක් මා වැඩිදුරටත් පවසා සිටියේ තමා ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කරන ...
ඩේටා නැතිව ඉන්න තැන හොයාගන්න සිතියම - MAPS.ME – Map & GPS Navigation World Beyond World අපි සාමාන්‍යයෙන් ජංගම දුරකතනයෙන්, අපි ඉන්න තැන හොයා ගන්න භාවිත කරන්නේ Google Map එක. මේක භාවිත කරන කොට GPS වගේම Dataත් අවශ්‍ය කරනවා. Data නැතිව මේ සිතියම භාවිත කරන්න බැහැ. ඒක ටිකක් පාඩුයි. Data නැතිව මේ වැඩේ කරගන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වාසියක්. අන්න ඒ වැඩේට තමයි MAPS.ME කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක තියෙන්නේ. මේ ගැන බොහෝ දෙනෙක් දන්නවා බව නම් ...
ජයලලිතාගේ ඥාති දියණිය, දීපා ජයකුමාර් දේශපාලනයට - Deepa Jayakumar and Tamilnadu Politics World Beyond World පසුගිය වසරේ දෙසැම්බර් 5 වැනිදා තෙක් දීපා ජයකුමාර් පිළිබඳව දැන සිටි බහුතරයක් නොසිටි තරම් යැයි කීවොත් එහි වරදක් නැත. එයට හේතුව ඒ නමින් හඳුන්වන තැනැත්තිය පිළිබඳව කතා කරන්නට කිසිවකුට හෝ ඕනෑකමක් නොතිබුණු නිසා විය හැකිය. කෙසේ නමුත් අද වන විට ඇය පිළිබඳව කතා කරන පුවත්පත් හා වෙබ් අඩවි බොහෝය. ඒ අන් කිසිවක් නිසා නොව තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ ...
සැම්සුන් ගැලැක්සි S4 (E330S) කොරියන් දුරකතනය සඳහා මාෂ්මෙලෝ රොම් එකක් - Marshmallow ROM for Samsung Galaxy S4 (E330S) World Beyond World සැළකිය යුතුයිමෙම ROM එක් ස්ථාපනය කළ පසු නැවත Lollipop හෝ Kitkat ROM එක Flash කිරීමේදී අපට අවශ්‍ය ආකාරයෙන් Custom ROM එකක් ස්ථාපනය කිරීමට තරමක් අපහසුයි. මුළින්ම සැම්සුන් Firmware ලබා දෙන නිල වෙබ් අඩවියෙන් (https://samsung-firmware.org/ ) නිල Lollipop හෝ Kitkat Stock Firmware එක ස්ථාපනය කළ යුතුයි. එසේ නොමැතිව Custom ROM එකක් ස්ථාපනය කළ නොහැකියි. මේ සඳහා පහත ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්නROM එක ...
ෆයිල් ටික කොපි වෙන්න දාලා නිදාගන්න World Beyond World වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙදි අපට ෆයිල් කොපි කරගන්න කියලා වෙනමම මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේ නෑ. වින්ඩෝස්වලම ඒකට පහසුකම තියෙනවා. වෙන දෙයක් ගැන හිතන්න අපට කොහොමටවත් ඕන වෙන්නේ නෑ. නමුත් පෞද්ගලිකව මට ෆයිල් කොපි කරන වෙනත් විදියේ මෘදුකාංගයක අවශ්‍යතාවය අවස්ථා කිහිපයකදිම ආවා. ඒ අවශ්‍යතාවය නිතරම වගේ තියෙනවා. සමහර විට මෙය කියවන ඔබ මේ ගැන දන්නවා වෙන්නත් පුළුවන්. නමුත් මේ අවශ්‍යතාවය තියෙන, මෙවැන්නක් ගැන ...
ලෝකයේ කුඩාම නත්තල් ගස් - World's Smallest Xmas Trees World Beyond World මේ දවස්වල හැමෝම කතා කරන්නේ ලෝකයේ ලොකුම නත්තල් ගහ ගැන. ඒක හදන්න ගිය මුදල් කන්දරාව ගැන. සමහරෙක් හොඳ කියනවා. තවත් සමහරෙක් නරක කියනවා. මේක හොඳ හෝ නරක් වෙලා තියෙන්නේ මේ සඳහා අධික මුදලක් වියදම් කරන්න සිදුවුණු නිසානේ. මේ තරම් වියදම් නොකර නත්තල් ගස් හදලා ලෝකයේ ගෞරවයට පාත්‍ර වුණු අයත් ඉන්නවා. ඒ අය හැදුවේ ලොකු ඒවා නෙවෙයි.පොඩි ඒවා. පොඩි කියන්නේ පොඩීඩීඩීඩීඩීම ...
ටැලිගිරැං හුටපට කතා World Beyond World මේ වෙන්නප්පුවට කිට්ටුව බොරලැස්ස පැත්තේ පැරණි කතාවක්.මේ පැත්තේ මනුස්සයෙක් හිටියා පේදුරු කියලා. මේ මනුස්සයා කරපු රස්සාවල්වලින් එකක් තමයි පොල් ලෙලි එකතු කරපු එක. මේ පැත්තේ පොල් ලෙලිවලට කිව්වේ ‘පොල් මට්ටා’ කියලයි. ඒ නිසාම මේ මනුස්සයාව අඳුනගෙන හිටියේ ‘මට්ට පේදුරු’ කියලයි. මට්ට එකතු කරන රස්සාවෙන් වාසියක් නැති නිසා ටිකක් ඈත කැලෑ පළාතක ලී ඉරුම් වාඩියක උයන්න යන්න මිනිහා තීරණය කළා. දැන් ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 15 කොටස - New Gadgets for New World Part 15 World Beyond World මේක තමයි අලුත්ම වතුර බෝතලේ අපට ලොකු ජල හිඟයක් නැතත් පිරිසිදු ජලය බොන්න කැමති බොහෝ දෙනෙක් කොහේ ගියත් වතුර බෝතලයක් අරන් යන එක නම් දැන් පුරුද්දක් වෙලා. උණුකරලා නිවාගත්ත ජලය වුනත් සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්නයි කියන්න බැහැ. ඒ නිසා මේ අලුත්ම වතුර බෝතලය ගැන දැනගෙන ඉන්න එක හොඳයි. මේක හඳුන්වන්නේ Black+Baum Eau Good Water Bottle නමින්. සෞඛ්‍යයට හිතකර, ඉතා සැහැල්ලු ප්ලාස්ටික් ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 14 කොටස - New Gadgets for New World Part 14 World Beyond World එළවළු පලතුරු ආරක්ෂාවට අලුත් ක්‍රමයක් එළවළු සහ පලතුරුවල නැවුම් බව පවත්වාගෙන යන්න අපි කරන්නේ ඒවා ශීතරකණයකට දාලා තියන එක. නමුත් එය එතරම් සාර්ථක නැති බව පෙනෙන්නට තියෙන්නේ ඇතැම් විට මේවායේ ඇති තෙතමනය ඉවත් වන නිසයි. මේ ගැටලුවට විසඳුමක් විදිහට අලුත් උපකරණයක් දැන් හඳුන්වා දී තිබෙනවා. මෙය හඳුන්වන්නේ Water Shade නමින්. මෙය ආහාර වසා තබන වට්ටියක පෙනුමට සමානයි. නමුත් විනිවිද පෙනෙනවා. ...
ජයලලිතා - ශෂිකලා අසම්මත ප්‍රේමය සහ තමිල්නාඩු දේශපාලනය World Beyond World ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනියව සිටි ජයලලිතා පසුගියදා මිය ගියාය. නිළියක ලෙසින් හඳුනාගත් ඇය මිය ගියේ ප්‍රබල දේශපාලන චරිතයක් ලෙසිනි. හිටපු දකුණු ඉන්දීය නළුවකු වූ එම්.ජී. රාමචන්ද්‍රන්ගේ නොනිල බිරිඳ ලෙස ප්රකටව සිටි ඇය ඔහුගේ මරණින් පසු ඔහුගේ උරුමය වු සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ නායිකාව බවට ද පත්වූවාය. ඇගේ දේශපාලන ජීවිතය පසුපස සිටි දැවැන්තම සෙවනැල්ල වූයේ රාමචන්ද්‍රන් වුවත්, ...
ලෝකයේ මිටිම යුවල කසාද බැන්දා - World's shortest couple wedding World Beyond World ලෝකයේ අරුම පුදුම දෑ සැබැවින්ම අරුම පුදුම බව කවුරුන් පැවසුව ද ගිනස් ලෝක වාර්තා කමිටුව නිල වශයෙන් පිළිගන්නා තෙක් එය අරුම පුදුම දෙයක් වන්නේ නැත. පසුගිය නොවැම්බර් 17 වැනිදා ගිනස් වාර්තා කමිටුව ලෝකය හමුවේ නිල වශයෙන් දැනුම් දුන්නේ ලෝකයේ මිටිම විවාහක යුවල තමා හමුවීමට පැමිණි බවත්, ඔවුන් ලෝකයේ මිටිම යුවල ලෙස තම කමිටුව විසින් නිල වශයෙන් පිළිගත් බවත්ය. මේ නිසා ...
කොළඹ කොටුවේ පැරණි ස්මාරකයක් - Old Monument of Colombo Fort World Beyond World කොළඹ කොටුවේ තරුණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ගොඩනැගිල්ල ඔබ බොහෝ දෙනෙක් දන්නා ස්ථානයක් විය යුතුය. . එහි ආපනශාලාවත් තැපැල් කාර්යාලයත් අතර පැසේජයේ පසෙකට වන්නට කුඩා එළිමහන් කොටසක් තිබේ. මේ එළිමහන් කොටසට මුහුණ දී ඇති බිත්තියක සවිකොට තිබෙන මෙම පුවරුව කිහිප වතාවක්ම මා දැක තිබුණත් ආසන්නයට ගොස් පරීක්ෂා කරන්නට සිතුනේ නැත. කෙසේ නමුත් දැනට වසරකට මදක් වැඩි කාලයකින් එපිට දිනක එයට ගිය ...
මංගල ප්‍රේමදාස නම් අසහාය හඩ අනුකරණ ශිල්පියා - Mangala Premadasa, the incomparable sound imitating Man World Beyond World මංගල ප්‍රේමදාස පිළිබඳ අප දැන සිටියේ ඉතා කුඩා සමයේ සිට වුවද අන්තර්ජාලයේ ඔහු පිළිබඳ සොයා බලද්දී සොයාගත හැක්කේ එකම එක විස්තරයක් පමණි. ඒ ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද, ඔහු විසින් රචිත ‘අකුරුවලින් සත්තු අඳිමු‘ නම් ළමා කෘතිය පිළිබඳව පමණි. නමුත් ඔහු සැබවින්ම දක්ෂතාවය පෙන්වා ඇත්තේ ලේඛකයෙකු ලෙස නොව හඬ අනුකරණ ශිල්පියකු වශයෙනි. අපි කුඩා කාලයේ සිටම ඔහුගේ ...
ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් හැදුවා මමත් World Beyond World නිකං ආසාවට වගේ මොබයිල් ෆෝන් එකෙන් මමත් ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් හැදුවා. බලන්න කොහොමද කියලා.
ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කරන නළුවන් අකල් මරණවලට පත්වනවාද? Does Portraying Jesus Foretell DEATH? World Beyond World ජේසුස් වහන්සේගේ චරිතය සිනමා නිර්මාණ සඳහා ඉදිරිපත් කළ ලෝක ප්‍රකට නළුවෝ බොහෝ වෙති. අප රටේ ද නිෂ්පාදනය කළ ‛ක්‍රිස්තු චරිතය’ සිනමා නිර්මාණය සඳහා සුප්‍රකට නළු විජය කුමාරතුංගයන් රංගනයෙන් දායක වූවේය. කෙසේ නමුත් ඔහුට අත්වූවේ අකල් මරණයකි. ජේසුස් වහන්සේගේ චරිතය සඳහා රංගනයෙන් දායක වන ශිල්පීන් අකල් මරණයකට පත්වන අප රටේ ද කසුකුසුවක් ඇති වූ අතර ලෝකයේ බොාේ දෙනෙකු අතර ද එම ...
හිලරි දිනයිද? World Beyond World ඇමරිකා එක්සත් ජනපදයේ 58 වැනි ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ මැතිවරණයට තව වැඩි දවසක් නැත. එය නොවැම්බර් 8 වැනිදා පැවැත්වීමට මේ වන විට සියලු වැඩකටයුතු යොදා තිබේ. බැරක් ඔබාමාගෙන් හිස්වන ජනපති අසුන සඳහා තරග කරන්නවුන් අතරින් ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින ඩොනල්ඩ්ට් ට්‍රම්ප් ඉදිරියෙන්ම සිටිති. මේ අතරින් හිලරි ක්ලින්ටන් ඉදිරියෙන්ම සිටින්නීය. මැතිවරණ ප්‍රතිඵල පුරෝකතනය කිරීමේ සෑම ...
අවුරුදු 98 ස්නායු මනෝ වෛද්‍යවරිය - බ්‍රෙන්ඩා මිල්නර් - Brenda Milner, the 98 Year Old Neuropsychologist World Beyond World අවුරුදු 98ක් යනු බොහෝ විට මරණාසන්න වයසකි. එසේත් නැත්නම් යන තැනකට යමක් කරගන්නා එක වඩා හොඳ යැයි සිතන්නට හොඳ වයසකි. ඇතැම් විට එවැන්නක් පවා සිතාගන්නට තරම් නිරවුල් මනසක් නොමැති වයසකි. එයට හේතුව එවැනි වයස් මට්ටමකදී බොහෝ දෙනෙකුගේ සිහිය විකල්ව යාමට වැඩි ඉඩක් ඇති බවට ඕනෑ තරම් අත්දැකීම් තිබෙන නිසාය. කෙසේ නමුත් අවුරුදු 98 දී මනෝ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නියක සිටින්නේ ...