අපිත් පරික්ෂණ කරපු මිනිස්සු! Chakhkare මිනිස්සු වැරද්දක් කරන්නේ නොදැනුවත් ව...ඒත් ඒක ආපහු ආපහු කරනවානම් ඒක ගොන්කමක්....දැන දැනත් ඒකම ආපහු කරන්නේ ආතල් එකට හෝ මෝඩකමට.... ඒත් රූපේ දැන දැන ම ගොන්කම් කරන්නේ ඇයි කියලා රූපේටම හිතාගන්ඩ බෑ....ඒක ඉතින් පුරුද්ද වෙන්ඩ පුළුවන්...පොඩි කාලේ ඉදලා කලේ ඒ වගේ ඒවා තමයි!! රූපේට පොඩි කාලේ තිබුන ආතල් එකක් තමයි පරික්ෂණ කරන එක...මෙහෙම කරොත් මොනවා වෙයිද? ඕක තමයි ති්බුන ලොකුම ගැටළුව...මතක ...
3G ෆෝන් තියෙනවාද? Chakhkare රූපේලාගේ ඉස්කෝලේ කෙල්ලෙක් දවසක් රූපේට මැස්ජ් එකක් දාලා අහනවා 3G ෆෝන් තියෙනවද කියලා?-මේ 3G ෆෝන් තියෙනවාද?>දන්නෑ....හොයලා බලන්ඩ ඕනේ! කීයකට වගේද?-රූ.3000ට වගේ>ඒ ගානට නම් අමාරුයි! 6000ක් විතර වෙයි..-මං ගාව තියෙන්නේ එච්චරයි..>මම බලන්නම්...ඒත් ෂුවර් කරන්ඩ බෑ..මීට අවුරුදු 3ට විතර 3000ට 3G ෆෝන් එකක් විකුණන හාවෝ හිටියේ බොහොම පොඩ්ඩයි..ඉතින් රූපේ ඒ ගැන හිතන්ඩ ගියේ නෑ..ඒ කෙල්ල තවත් දවස් 2ක් 3ක් කිව්වට පස්සේ රූපේ ...
මොඩර්න් සාධුලා... Chakhkare අනේකවිධි දුක් කම්කටොලු වලින් පිරි සසර කතරින් එතෙර වීම සදහා ගිහිගෙය හා ලෞකික සැප සම්පත් හැර ගොස් හිස මුඩු කොට පැවිදිව බුදු සසුනේ බුදු පුත්‍රයන් වූ අපේ සංඝයා වහන්සේලා නම් මල් හතයි ඕයි.......Smartphone එකේ ඉදලා Peotv දක්වා දියුණු වී සිටින අපේ සාධුලා දැන් වඩින්නේ නැත...කෙලින් ම ගොස් බහින්නේ ලොකු ලොකු බෙන්ස් කාර් වලින්...මල ගෙවල් දාන ගෙවල් වලට සෙරෙප්පු දෙකක්වත් ...
එකත් හත් දොහෙන් ඉවරයි! Chakhkare පහුගිය දොහේ රූපේටත් ජොබක් සෙට් වුනා...ඒක හින්දා අනිත් හැම වැඩේම අතපසු වුනා....කොටින් ම කිව්වොත් ගහ ගහ හිටපු ගේම් එකත් අමතක වුනා...ඒ මොනවා වුනත් ඒ අස්සෙත් අමතක නොකරපු වැඩ නොතිබ්බා නෙවෙයි!ඒකත් පට්ට ජොබ් එක...පරණ යාළුවෙක් තමා සෙට් කලේ....දෙවියනේ කියලා ඉන්ටවීව් එන්ඩ කියලා කෝල් එක එනකොට මෙඩිකල් එක ගන්ඩ ගිහින් හිටියේ....යන්තම් එහෙන් මෙහෙන් ඇදුමක් හොයාගෙන අපේ කමියාගෙන් පාර අහගෙන ඉන්ටවීව් ගියා...ඩයල් දෙකක් ...
සුපිරියට සින්දු කියන අළුත් දක්ෂයෙක් "නිර්වාන් ප්‍රබෝද්" Chakhkare රූපේ ඉස්සර ඉදලා එක එක ජාතියේ සින්දු ඇහුවා....සිංහල ඉංග්‍රිසී එක එක ඒවා....සිංහල අලුත් ඒවා..පරණ ඒවා කියලා බෙදලා කාලයක් ඇහුවා...ඉංග්‍රීසී රොක් සිංදුත් කාලයක් ඇහුවා...අන්තිමට සිංහල ස්භාවිත සංගීතයේ නතර වුනා...එහෙමයි තියලා ඉතිලා වෙනසක් නෑ....දැන් ඉතින් හොදයි කියලා හිතෙන හැම එකම අහනවා....කොච්චර ඇහුවත් හැමෝටම රූපේත් ඇතුලුව සිංදු කියන්ඩ බෑ...එකත් ටැලන්ට් එකක්!! ඒක හැමෝටම නෑ...බොහෝම පොඩි පිරිසකට විතරයි තියෙන්නේ!!ඇවිද්ද පය ලියන සුදීක අයියා දාපු ...
එනවද දවසක බොරැල්ලට පයින් යන්න... Chakhkare එක මොහොතක් හෝගෙවී යාම ගැනදෑඩි සේවිස්සෝප වෙමිකෝප ගනිමි....වේගයෙන් රිය පදවනරියදුරුට වෛර කරමි,පාර දුර නොවීම ගැනමිහිකතට බැන වදිමි..රෝස මල තවත් වරක් සිනා සලන්න,දහවලේ ගිනියම් වන හද සිසිල් කරන්න,ඉද හිට නෙතගින්වත් බෑල්මක් හෙලන්න...ආසාවෙන් මා ගැනත්විස්තර අහන්න,අපේ පරන මතකඅලුත් කරන්න,එනවද දවසක බොරෑල්ලටපයින් යන්න... පුලුවන් නම්හෙටත් එන්න,ලගින් වාඩි වෙලාකතා කර කර යන්න,මට චුට්ටක් ඉඩක් දෙන්න...හැමදාටමමගෙ ප්රේමයප්රකාශිත,ප්‍රතික්ශේපිත,දීර්ඝ,ඒකපාර්ශවික,ප්‍රේමයක් නොකරන්න.... ...
පිනාගේ වැලන්ටයින් තෑගි... Chakhkare මතක විදියට ඒ අවුරුදු 2ට විතර කලින්...මොකක්හරි වැඩකට රූපේ පිනා එක්ක ඉස්කෝලේට ගියේ...හිතුවට වඩා කලින් ඒ වැඩේ කරගන්ඩ පුළුවන් වුනා...ගේට්ටුවෙන් එලියට ආව පිනා අහපි,"අඩෝ පොඩි ගමනක් යමු?>යමු....කොහෙද?නංගි හම්බුවෙලා එමු... මගේ තෑග්ග ගන්ඩ ඔනේ.. >මොන තෑග්ගද? වැලන්ටයින් එක...යමු? >කන්ඩ අරන් දියන්.. අරන් දෙන්නම් යමන්..."පිනා කියන්නේ රූපේගේ බොක්ක...A/L පන්තියේ ඉදන් අද වෙනකම් හැම ගොන් වැඩක්ම එකට කරන එකා...ඌගේ සූටී නංගි බබා හිටියේ ...
කළු රත්තරන් කියන්නේ ඉල්ලමක් Chakhkare තෙල් කියන්නේ පොල්තෙල් වලට නෙවෙයි. තෙල් කියන්නේ පෙට්‍රල් නැත්තම් අලුත් ජාතියේ ආයෝජන අවස්ථාවකට. කළු රත්තරන් වලට මෙච්චර වටිනාකමක් කවදාවත් තිබිලා නෑ. මීට අවුරුදු 2-3ට කලින් ෂෙඩ් එකක් ගාවින් යනකොට මතක් වෙන / කල්පනා කරන විකාර දේවල් තමයි කොච්චර ලොකු ටැංකි මේ පොලව යට ඇද්ද.. ඒව කවදා ඉවරවෙයිද.. සුද්ද කරන්නේ කොහොමද.. වගේ සාමාන්‍ය මෝඩ ප්‍රස්න ... ඒ වුනාට දැන් අපි ...
ප්රිතීසහගත සමුගැන්මකින් ඉක්බිති.... Chakhkare සංගා ක්‍රිකට් වලින් සමුගත්තා! ලංකාවේ ටීම් එකේ හිටපු හොදම බැට්ස්මන් ගියා! දැන් ඉතින් අලුත් උන් අතේ තමා වැඩේ තියෙන්නේ! පට්ට ලස්සන කවර් ෂොට් එකක් ගහපු සංගා පිට පිට සෙන්චරි 4ක් දාපු එකම ඇති සෑහෙන කාලෙකට...සංගාගේ නමට ලියවිච්ච රෙකෝඩ් ටික කඩන්ඩ නම් තව සෑහෙන කාලයක් යයි! ඊටත් ඒ වගේ සුපිරි විකට් කීපර් කෙනෙක් තාම ටීම් එකේ නෑ...තාම සනත්ට කැමති මිනිස්සු ඉන්නවා ...
කෙල්ලෝ නම් ෂුවර් කරන්ඩ බෑ... Chakhkare "මට ඔයා මගේ පණටත් වඩා විශ්වාසයි..."රෙද්ද තමා...සාමාන්‍යයෙන් කෙල්ලෝ ෂුවර් කරන්ඩ පුළුවන්ද?? මම නම් කියන්නේ බෑ...ඔක්කෝම එක වගේ නෑ තමා...ඒත් 95%ක් ම විශ්වාස කරන්ඩ බෑ...මේක පුරුෂාධිපති ටෝක් එකක් නෙවෙයි...සම්පූර්ණ ඇත්ත කතාවක්....අම්මාව ෂුවර් තමා...ඒත් අම්මා කෙල්ලෙක් නෙවෙයි නේ? නිකම් හිතලා බලන්ඩ හරියටම මේ දේ කරයි කියලා ෂුවර් කරන්ඩ පුළුවන් කෙල්ලෙක් දන්නවද කියලා.... සභාවට මම උදාහරණ 2ක් දෙන්නම්....---------------------------------------------------------------------------රූපේ ගේ ඉස්කෝලේ ඩයල් එකක් ...
මේ ආදරේ..... Chakhkare වෙලාවකට හීනයක් වගේ,එත් ඔයා හැබෑවක්...වෙලාවකට ඔයා ඈත තරුවක්,එත් එලිය මට නෙවෙයි...දුරින් දුරට ගහගෙන යනහුලගක් වගේ උනත්හිතින් කරන මේ ආදරේ,නවත්තගන්න බැරි පිස්සුවක්...... ...
සංගා ඔබට ස්තූතියි! Chakhkare පෙරේදා(16) ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පතාක යෝධයෝ දෙදෙනෙක් සමුගත්තේය..ඒ සංගා මහේල ලංකාවේ සෙල්ලම් කරපු අන්තිම මැච් එකෙනි..රූපේ ක්‍රිකට් මැච් බලන් කාලේ වෙද්දි සනා හිටියේ බහින දසාවේය..සනා ගහනවාට වඩා LBW වලින් අවුට් වුනේය..සනා අවුට් වුනොත් මැච් එක ඉවරයි කියලා තිබ්බ මතය වෙනස් කලේ මහේලලා සංගලා..සනා නැතුවට අපිට වර්ල්ඩ් කප් දිනන්ඩ පුලුවන් කියලා පෙන්නුවේ සංගා..ඒ T20 වර්ල්ඩ් කප් එක ගහලා...මහේලත් හොදට සෙල්ලම් කලත් ...
සංගා.... Chakhkare කවර් ඩ්‍රයිව් එකෙන් පටන් අරන්හතරක්හයක් ගහලාදුවපන්පුළුවන් තරම්හයියෙන්...ලකුණු එකින් එකවැඩි කරන්පනහක්සීයක් දාලාදිනපන්වර්ල්ඩ් කප් අරන්වරෙන්...
හෑෂ්ටැග් කතා #1 - ඔරලෝසුවක් ඕනෙමද Chakhkare මිනිස්සු වැඩියෙන්ම පාවිච්චි කරන පෞද්ගලික උපකරණය මොකක්ද කියලා ඇහුවොත් මතක් වෙන්නේ පෑන, බෙල්ට් එක, චේන් වගේ දේවල්...ඒත් වැඩියෙන් ම මිනිස්සු පාවිච්චි කරන්නේ ඔරලෝසුව.. හරියටම කිව්වොත් අත් ඔරලෝසු.. පිරිමි මිනිස්සු වම් අතේ ඔරලෝසු බදින කොට ගෑනු මිනිස්සු බදින්නේ දකුණු අතේ... නිකම් සමාජ සම්මතේට. වෙනස්ව බදින අයත් ඉන්නවා... දැන් අපිට පෙන්නේ ගොඩක්ම ඇනලොග්/මිකැනිකල් හෙවත් කටු කැරකෙන අත් ඔරලෝසු... ඉස්සර පොඩිම කාලේ ...
සීයා ගැන පත්තරේත් ගියා.. Chakhkare ඉරිදා සුප්පලාගේ ගෙදර බණක්. සුප්පලාගේ ආච්චි කාලක්‍රියා කරලා අවුරුද්දක් වෙන එක සැමරුවා.උදේ ආව මැසේජ් එක නිසා රූපෙත් හවස 7 ට විතර අතාත් එක්ක ගියේ හොදට කන්ඩ බලාගෙන..යනකොට හාමුදුරුවෝ බණ කියනවා..බෙහෝම බැතිබර ව එතනින් මාරු වෙලා ඈතට ගිහින් සුප්පාත් එක්ක කතාවක් දාගෙන හිටියේ අනික් උන් එනකම්....අතාගේ සීයාව මතක් වුණේ ආයේ හොදට කන්ඩ හම්බු වෙන්නේ සීයාගේ දානේ දවසට කියලා සුප්පා කිව්ව ම..එතකොට ...
විභාගයේ හොදම කොටස Chakhkare මොකා බැලුවද මන්දා මගේ පේපරේ?මොකෙක් හරි හිතක් පපුවක් නැති එකෙක් තමා බලලා තියෙන්නේ....නැත්තම් මාව ෆෙල් කරයිද?මම හොදට ලිව්වානේ....ඊටත් ගණන් ඔක්කෝම වගේ හැදුවා...මට ෂුවර් නැති වුනේ ලඝු ගණන් ටික තමා....ඒකත් වුනේ අර තරිදුවා ක්ලාස් එකේදි මට ඉගෙන ගන්ඩ දුන්නේ නැති හින්දයි....අපරාදේ...මට මීට වඩා හොදට පාඩම් කරන්ඩ තිබුනේ....ඒත් මම දක්ෂයි නේ? මම කවදාවත් 10න් පහලට ගිහින් නෑනේ?අයියා මාව බයිට් කරන්ඩ බොරු රිසාල්ට් ...
ආදරේ කියනා දේ.... Chakhkare සොවින් බර වු සුසුමකින්කියනා දේ...දිලිසෙන දෙනෙතකින්පෙනෙනා දේ....හැගුමින් පිරිණු හදවතකින්ගලනා දේ....තවම නොවැටහුණි මට ආදරේ කියනා දේ....
අවුරුදු 12ට පසු අධිරාජ්‍යයෙක් වුනෙමි Chakhkare සමහර පරණ දේවල් තියෙනවා, කොච්චර කල් ගියත් ආපහු දැක්කම ආසා හිතෙනවා....පරණ කරපුු ගොන්කම් වුනත් එහෙම්මයි...සමහර පුරුදු තියෙනවා කොච්චර ට්‍රයි කරත් ඒවා හදන්ඩ හරි අමාරුයි...අස් කරනවා වගේ දේවල්...ඒත් ඉතින් හැමදාම බැනුම් අහන්ඩ බෑ කියලා දාපු ශ්‍රමදානෙක පුතිඵලයක් විදියට පෞරාණික C.D ටිකක් හම්බුනා...මට තිබුනු සුරක්ෂිත කිරිමේ මේනියාවට පිං සිද්ද වෙන්ඩ ඒවායින් 2ක් 3ක් යන්තම් වැඩ කරන තත්වෙක තිබුනා...රොම් එක ගැන හිතලා හිතලා ...
බොල මෝඩයෝ මතු තෝ කොයි වල යන්නා Chakhkare පොඩි කාලේ තාත්තා රූපේට කියලා දුන්න කතාවක් මේක...ගොඩක් අය මේක අහලා ඇති...අහපු නැති අයට අහන්ඩ මෙන්න දැම්මා...වෑත්තෑවේ හාමුදුරුවෝ දවසක් ගමනක් යනකොට වතුර වලක මාළු බාන කොල්ලෙක් දැකලා මෙහෙම කිව්වාලු.....යහ ගුණ දම් මිදි පව් බර කරපින්නාසිය පණ රැකීමට පර පණ බිලිගන්නාමිනිසත් බව ලැබත් තිරිසන් ලෙස ඉන්නාබොල මෝඩයෝ මතු තෝ කොයි වල යන්නාමේක අහපු කොල්ලා හාමුදුරුවන්ට මෙහෙම උත්තර දුන්නලු...වේවලන සීතලෙන් මුන් ගොඩ ...
මම මිනීමරුවෙක්.!!!! Chakhkare ඔව් ඒක තමා ඇත්ත.මම මිනීමරුවෙක්.මම කාව හරි මරන්ඩයි යන්නේ.එහෙම නැත්තම් මම දැනටමත් මරලා.ඒක මම කලේ නැති වුනත් ඒක එහෙම වුනේ මම නිසා.මට තිබුනා ඒක නවත්තාගන්ඩ.එත් මම එහෙම නොකරපු හින්දා කවුරුහරි මැරෙන්ඩයි යන්නේ.සමහරවිට ඒ මම වෙන්ඩ පුළුවන්.එහෙම නැත්තම් ඒ ඔයා වෙන්ඩ පුළුවන්.සරලව කිව්වොත් මගේ අතේ ලේ....එක සුළු වැරදිමකට කොච්චර ලොකු විනාසයක් කරන්ඩ පුළුවන්ද??එත් ඒක සම්පූර්නයෙන් ම වගේ මගේ වැරද්ද නොවෙන්ඩ පුළුවන්.ඒක ...