•සන්ෆ්ලවර්ස් SANDUMAL "කණ්ඩායම් සංගීතය සහ ප්‍රසංග වේදිකාව තුල සන්ෆ්ලවර්ස් භූමිකාව..."පුංචි කාලෙ ගමේ ගියාම ගියපු ගමන් මං එල්ලෙන්නෙ එහේ තිබ්බ පුංචි කැසට් යන්ත්‍රයේ. මං දාගන්නෙ ඒ දවස්වල බොහොම ජනප්‍රිය වෙලා තිබ්බ සන්ෆ්ලවර්ස්ලගේ සාස්තරේ කැසට පීස් එක. මගෙ මාමා, අම්මගෙ මල්ලි ඒ දවස් වල ඉලන්දාරියෙක්. ඉතින් ඔය වගේ ඒ කාලෙ නැගලම යන කැසට් පට එකක්වත් එහේ මඟ ඇරුණෙ නෑ ඒ නිසා. ඒ අතරින් මගේ ...
•හැරවුම් ලක්ෂ්‍යය SANDUMAL "පොදු අපේක්ෂකයා, එජාපය සහ ජවිපෙ හැරවුම් ලක්ෂ්‍යය..."කොහොමත් පවත්වන්නට යෙදී තිබුනු ජනාධිපතිවරණය නීතියෙන් හෝ අවනීතියෙන් ප්‍රකාශයට පත්විය. ඒත් එක්කම ආණ්ඩුව අතිශය භීතියට පත්ව සිටි නමුත් රටට විහිළුවක් සේ පෙන්වීමට තැත්කල පොදු අපේක්ෂකයාද කරලියට අවේය. ඒ ආණ්ඩුවේ තිබූ භීතිය දෙතුන් ගුණයකින් වැඩි කරමිනි. ආණ්ඩුවේ භීතිය කෙතරම්ද යන්න පසුගියදා සුසිල් ප්‍රේමජයන්ත, "ගිය කට්ටියට තාමත් ආපසු එන්න අවස්ථාව තියනවා" යැයි කීව ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ...
•වැලි පොල් කට්ටට SANDUMAL "හෙට ගෙට එන වැඩිහිටි කාලෙට දැන්.. මේන් ආයුබෝවන්..." මගේ දෝණියේ, මං දෝණිට අද ලොකූ කතාවක් කියන්නයි මේ ලෑස්ස්තිවෙන්නෙ. දුව දැන් මේ කියවන්නෙ දූගේ අම්මි ලියපු බොහොම පරණ සටහනක්. කොච්චර පරණයිද කියනවානම්, මේ සටහන හරියටම දූගෙ වයසමයි. හ්ම්... මයෙ දෝණිට පුදුමයි නේද. පුදුම වෙන්න එපා දුවේ, ඔයා ඉපදිච්ච දවසෙයි අනාගතේ දවසක උදාවෙන්න තිබ්බ මේ මොහොත වෙනුවෙන් මං ඔයාට මේක ලිව්වෙ. මේ ...
•සාගර වෙරළක SANDUMAL "ඔබම මාද විය මාද ඔබම විය..."2007.12.08ආදරණීය මහී,මේ ලියුම ලියන්න කලින් මං ගොඩාක් හිතුව. දවස් ගානක් කල්පනා කලා. ඇත්තටම මං ලියන්නෙ මොනාද කියලත් කල්පනා කලා. මට කියාගන්න මහ ගොඩක් දේවල් තියෙනවා. ඒව මගේ හිතට වතුර වගේ පැහැදිලියි, ඒත් ඒව මෙන්න මේවයි කියල වචන වලට පෙරලගන්න, අනේ මට කොච්චර මහන්සි උනත් බෑ. ඒව මට ඔයා ඉස්සරහට ඇවිත් කියාගන්නත් බෑ. ඔයා දන්නවනේ ඔයා ...
•මියෙන්න පුතුනේ SANDUMAL "මාළිග මන්දිර මණ්ඩප පුපුරා නැගූ කෙසර හඬඅයෝමයයි පුතුනේ..."මියෙන්න පුතුනේ මියෙන්න වධ විඳ...හෙලන්න පුතුනේ හෙලන්න ලේ කඳ...කකියන දඬු කුරුසේ...වාවා ගන්නම් මගෙ හද ඉකිබිඳමිරිකා කඳුළු ඇසේ..."ඔවුන් මගේ පුත්‍රයාට කටු ඔටුනු පලන්දාකස පහර දී මුහුණට කෙළ ගසාකුරුස ගසේ තබා ඇණගසලා…"ගලවා සළුපිලි අධර්මයේ ගලවා අභරණ අයුක්තියේ ..පෙන්වූයේ පුත නුඹමයැ නිරුවතපාලක ඝාතක ජඩයන්ගේ...පාහර පූජක ගවයන්ගේ...“ඔහු කල මහා පාප කර්මය එයයි..අධර්මයේ නිරුවත අයුක්තියේ නිරුවතපෙන්වා දීමයි..”ඉපදී පොඩි ...
•දයාබර සිංදු ඇනෝ SANDUMAL "සහෘදයාණෙනි.. ඔබව සාදරයෙන් පිළිගන්නෙමු..."අතීතයේ දවසක අපේ බ්ලොග් අවකාශය පුරා සැරිසරමින්, අපේ බ්ලොග් පෝස්ටු වලට ගී මල් දම් පළඳවමින් හරි අපූරු පුද්ගලයෙක් අපිට මුණ ගැහුනා. "ඇනොනිමස්" මේ වචනය බ්ලොග් ලොව එතරම් පැහැදීමක් ඇතිකරන වචනයක් නෙවෙයි. මේ සංකල්පය බොහෝ වෙලා වලදි භාවිතාවෙන්නෙ යහපතට වඩා අයහපතට කිව්වොත් නිවැරදියි. බොහෝ විට, යම් අඩවියක අදහස් ප්‍රකාශ කිරීමේදී, කෙලින් කියාගත නොහැකි අදහස් ප්‍රකාශ කිරීමටයි ඇනොනිමස් ගොඩක් ...
•අරලිය ලන්දට SANDUMAL "අරලිය ලන්දට සඳ පායන කොට තුරුලිය මල් වට බඹරු බමන විටසිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහිවෙනවා..එතකොට ගී පද ලියැවෙනවා..."අපේ ජීවිතවල සමහර අත්දැකීම් තියෙනවා ජීවිත කාලයක් පුරාවටම අපිට අමතක කරන්න බැරි, අමතක වෙන්නෙ නැති. මතක් කරල බලන්න, හය හතර තේරෙන්න පටන් ගත්ත දා ඉඳල අද වෙනතුරු ඔබේ ජීවිතේට ඒ වගේ අත්දැකීම් නම් කීයක් ඇත්ද. සමහර දේවල් ඉතාම ...
•අවුරුද්දයි SANDUMAL "දිවි මගෙහි මෙතෙක් දුර මා සමඟ ගමන් කල.. මා සමඟ සිනාසුනු.. මා සමඟ ඉකිබින්ද.. රසික ඔබ.. මට..කුමුදෙකි..ගඟුලෙකි.. පහනෙකි..පවනෙකි..."E - Money ගැන නොදන්න කෙනෙක් ඉන්නවද? මං හිතන්නෙ එහෙම නොදන්න කෙනෙක් නෑ. අනිවාරෙන්ම මේ සටහන කියවන හැමදෙනාම අනිවාරෙන්ම නිකමට හරි මේ කියන්නෙ මොකක්ද කියල දන්නවා. ඇතැම්විට මෙය කියවන කිහිප දෙනෙක් හෝ මේ පිළිබඳව උනන්දුවක් දක්වා මේ පිළිබඳ හදාරා ඇති බවටත් සැකයක් නෑ. ...
•ශාන්තිනී SANDUMAL "මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න..."අද කෙටිකතාවක් වගේ ගී සංවේදනාවක් නෙවෙයි ඔබ මේ කියවන්න සූදානම් වෙන්නෙ. මගේ ප්‍රියතම විනෝදාංශයක් තමයි ගීත ලියන්න පසුබිම් වෙච්ච කතා හොයන එක. ඒවා කියවන එක. අපි ආසාවෙන් රසවිඳින සමහර ගීත, ඒ රචකයාට ලියන්න හේතු වෙච්ච මුල් හේතු හරිම සුන්දරයි. ආකර්ෂණීයයි. ඒ කතාව දැනගත්තම, ඊළඟ පාර ඒ ගීතය අසනකොට කවදටත් වඩා බැඳීමක් ඒ ගීය එක්ක ...
•ඈ මගේ නෙළුම් මල SANDUMAL "හඬින් පණ ලැබූ මගේ නෙළුම් මල...""පුතේ.. උදේ උඹට ලියුමක් ආවා. ඕං මං මේසෙ උඩ තියල ඇති."මා නිවසට ගොඩ වන හඬ ඇසී අම්මා කුස්සියේ සිට කීවාය. එකත් එකටම මේ මං මඟ බලාගෙන උන්නු ලියමන වෙන්නෝනි."දිලීගෙන්ද අම්මේ?""ඒ දරුව තමයි මයෙ හිතේ. උඹේ නමට තිබුන නිසා මං කඩන්න ගියේ නෑ."සිතූ පරිදිම ලියමන ඇගෙනි. ඔළිඳ ගෙඩි වැනි ඇගේ වටකුරු අත් අකුරින් ලියූ මගේ නම ...
•එක යායක මල් පීදුනු බිම් තීරේ SANDUMAL "ඔබට මතක නැති වුනාට අද වාගේ මතකයි මට..."කරට උඩින් ඇති මහා බර කන්ද එදානම් පුලුන් රොදක් සේ දැනිච්ච විදිය... ඒත් අද.. ඒ බර මහ මෙරකටත් වඩා වැඩියි. ඒත්.. හිතාගන්නත් බෑ. ඇත්තටම මේ එදා නොදැණුන මහ බර අද දැනෙන්නේ ඇත්තටම කරටද, නැත්නම් හදවතටද..යන්නෙ එදා ගිය පාරෙමයි. ඒ බඩවැටිමයි..ඒ කඳු හෙල් මයි. ඒත් ඇයි මේ...එදාට වඩා අද බර වැඩියි.අතීතෙට ගිය හිතත් එක්ක ...
•අනුපිටපත් ඉවත් කරමු SANDUMAL "අපේ පරිගනකයේ මතකය ගිලගන්නා Duplicate Files..."ලියන්න යන්නෙ නම් පොඩි පහේ තාක්ශ්ණික කාරණයක් ගැන. ගී සංවේදනාවක් කියවන්න හිතාගෙන ඇවිත් මේ කිව්ව කතාව අහල කේන්ති එහෙම ගියානම් තරහ අවසර! ඒත් අමතකවෙලා යන්න කලින් මේකත් ලියල දැම්මනම් කවුරු හරි වැඩක් ගනී කියල හිතුවා. ඒ නිසා ඔන්න ඔහේ ඕනි එකක් කියලා ලියල දැම්මා.මේකත් මගේම අත්දැකීමක ප්‍රතිපලයක් තමයි. දැන් දවස් දෙකතුනකට කලින් මට පොඩි අලකලංචියක් ...
•එකතුවට ස්තූතියි.. SANDUMAL "රන් අස්වනු නෙළුවෝ වෙමු..."අද මේ ලියන්න යන්නෙ වෙනදට වඩා විශේෂ සටහනක්. ඒ නිසා ගී සංවේදනාවක්නම් ඔබ වෙත ලබා දීමට නොහැකියි අද. සාමාන්‍යයෙන් මට සෙනසුරාද දවසට පරිගනකය සමඟ එකතුවීම බෙහෙවින්ම අපහසුයි. රැකියාවට නොයන සෙනසුරාදා දින මට ඒ තරමටම කාර්ය බහුලයි. ඉති මේ සතියෙ සෙනසුරාදා, ඒ කියන්නෙ ඊයේ, මේ වැඩ රාජකාරි අස්සෙ විවේකයක් ලැබුනු පුංචි මොහොතක මං නිකමට වගේ පරිගනකය අන්තර්ජාලයට සම්බන්ධ ...
•අජානේය ස්කූටර SANDUMAL "කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා..."සචින්ත ඉස්කෝලෙ යන කාලෙ ඉඳල මගේ යාලුවෙක්. ඒත් ඔහුත් මාත් එතරෙ එතරම්ම සමීප බවක් තිබුනෙ නෑ. ඒ කියන්නෙ ගජයෙක් නෙවෙයි. අපි දෙන්න කවදාවත් එකම පංතියකට අහුවෙලත් නෑ. කොහොම උනත් පුංචි කාලෙ ඉඳල අද වෙනතුරු ඔහුත් මමත් එකම විදියටම මිතුරන්. මුණ ගැහුනම කතාකරනවා, හිනාවෙනවා එච්චරයි ඉතින්. ඒත් අද මං ඔහු ගැන ලියනවා. ඒ ඔහු වෙනුවෙන් ...
•අබුඩාබියේදීය දයාබර ස්වාමිනී SANDUMAL "මා ඔබේ... ප්‍රියාදර... පියවතී.. ස්වාමිණී..."ජීවිතයේ පළමුවන වතාවට අත්විඳි නුහුරු නුපුරුදු වෙහෙසකර අත්දැකීම් ගොන්නකට පසු ඇය අන්ත අසරණ විලාශයෙන් මිනිසුන් දහසක් අතර හුදෙකලා වී බලා සිටී. ගුවන් යානයෙන් බට ඇය අනෙක් මගීන් අනුගමනය කරමින් කලින් ලද උපදෙස් වලට අනුව මගී පර්යන්තයට පැමිණ ඇයට ලබා දී තිබූ නාම පුවරුව හොඳින් පෙනෙන සේ තම පපුව ඉදිරිපසින් සිටින ආකාරයට අල්ලා ගත්තාය. "පියවතී" ඉංග්‍රීසි ලොකු ...
•ෆෝන් එක බ්‍රික් උනාද? SANDUMAL " ෆෝන් එක බ්‍රික් උනානම්, බයවෙන්නෙපා..."සුපුරුදු ශෛලියෙන් අපගමනය වෙලා අද මං මේ ලියන සටහන නම් මෙතෙක් කල් ලියපු සටහන් වලින් සපුරාම වෙනස් මුහුණුවරක් ගනී. වෙනදා ඔබට සුපුරුදු ගී විචාර, ගී සංවේදනා හෝ හද සසල කරවන සිදුවීම් මොකුත් නෑ අද ලියන මේ සටහනේ. මේකත් මං මුහුන දුන්න අත්දැකීමක්ම තමයි. ඒත් ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදාගන්න තරම් වටිනා අත්දැකීමක් විදියටයි මට හැඟෙන්නෙ. ...
•කඩේ ප්‍රියංකා SANDUMAL "ඔබ පැතු මැණික ඔබ තුරුලේ ඉන්නේ..."සමහර අයට උඹ ප්‍රියංකා අක්කා උනා. සමහර අයට උඹ ප්‍රියංක නංගී උනා. තවත් සමහරක්ට උඹ ප්‍රියංක ඇන්ටි උනා. කට්ටියකට උඹ නිකම්ම ප්‍රියංකා උනා. මේ කොහොම උනත් අපි හැමෝටම උඹ කඩේ ප්‍රියංකා උනා.අපේ හංදියට මානෙල් කඩේ හංදිය කිව්වම මහියංගණේ නොදන්න කෙනෙක් හිටියෙ නෑ. ඒත් කාලයත් සමඟ මානෙල් කඩේ අරාජික උනත් අදටත් ඒ නම ඉතිරිවෙලා තියෙනවා. ඉතින් ...
•නිල් මහනෙල් බරයි කියා SANDUMAL "වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ...""නංගියේ..මොකද්ද බං මේ ලියුම? ඈ බං, මේ ගාමන්ට් එකකින් නේද?""කෝ ඕක මෙහෙ දෙන්න අක්කෙ. ඕක මට ඇවිත් තියෙන්නෙ?""මොකද නංගියේ මේ? උඹ ගාමන්ට් යන්නද හදන්නෙ?""අනේ නංගියේ, මං මට පුලුවන් විදියකට කන්න අඳින්න දෙන්වනේ, ඇයි රත්තරන් උඹ රස්සාවක් කරන්න හදන්නෙ? මලක් වගේ සැහැල්ලුවට සියුමැලිව හැදිච්ච උඹට බෑ බං කොළඹ රටේ ගිහින් මෙච්චල් වෙන්න""බෑ කියල හරියන්නෙ නෑ අක්කෙ. අක්කට ...
•සිලිං බිලිං කූරු වළලූ SANDUMAL "අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතීබෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා..."සිහිනෙන් ගෑ සුවඳක් මෙන් යටි සිත පත්ලෙහි තැන්පත්ව තිබූ මතක අග්ගිස්සක ඡායා මාත්‍රයන් පසුකරමින් මෝටර් රිය පදවමින් සිටි මගේ පාදය ක්ෂණිකවම තිරිංග හා සිර වූයේ අකුණු පහරක් මෙන් පැන නැඟී ආ සිතුවම් පටක් අසුරු සැනකින් මගේ නෙත් සිත මානයේ පෙනී නොපෙනී ගිය නිසාවෙනි. ඒ සමඟම අවධි වූයේ මසිතෙන් මැකී යමින් තිබූ ...
•පියසටහන් SANDUMAL "ජීවිත වැලි මළුවේ ගැඹුරටම එරුණු පියසටහන්..."අද මං මේ කියන්න හදන්නෙ ටිකක් වෙනස් විදියෙ දෙයක්. ඇත්තෙන්ම අද මං ඔයාලට ගීත විචාරයක්වත්, සංවේදනාවක්වත් අරන් ආවෙ නෑ. ඒත් යමක් අරන් ආවා. කියන්න හිතාගෙන ආවා. මේක එක්තරා ආකාරයක ඉල්ලීමක් විදියටත් කියන්න පුලුවන්.කෙලින්ම මාතෘකාවට එන්නම්. අද මගේ කවිකාරි අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා. මේ කවිකාරි ගැන මීට කලින් වතාවකද දෙකකදි මං පුංචි ඉඟියක් ඔයාලට දුන්නා. ඔව්.. ...