‘ජීවිතය පැහැදිලි කිරීම මගේ සිනමාව නොවේ’- කාලෝස් රෙගෙඩාස් වාලුකා සිතුවිලි සිනමා කෘතියකදී ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ හොඳ කථාවක් කීම බව ලොව පුරා, විශේෂයෙන්ම බටහිර රටවල මුල්බැසගත් කියමනක් බැව් කිවයුතු නොවේ. එකී මතය පිළිගන්නේ නම් සිනමා භාෂාව සතු ශක්‍යතාවන් බොහොමයක් අමතක කිරීමට හෝ නොසලකා හැරීමට ඔබට සිදුවනු නොඅනුමානය. සිනමාව යන්න කතාවක් කීම සඳහා යොදා ගන්නා මෙවලමක්ය යන මතය පිළිගැනීම නිසා රූපය හා ශබ්දය යන්න, එකී කථාව කීමට උපයෝගී කරගන්නා අංගෝපාංග බවට පමණක් ...
සම්මාන සහ අවමාන නොහොත් ලේඛකයන්ගේ පුක බිම ඇනීම වාලුකා සිතුවිලි එක එක විදිහේ සම්මාන තියෙනවා ය.නැටුම් සම්මාන ය.ගැයුම් සම්මාන ය.රැඟුම් සම්මාන ය.සිනමා සම්මාන ය.සාහිත්‍ය සම්මාන ය.කවි පොත් සම්මාන ය.කෙටිකතා පොත් සම්මාන ය.නවකතා පොත් සම්මාන ය.එක එක විදිහේ සම්මාන ය.එක එක විදිහේ සම්මාන දෙන අය ය.දේස පාලුවෝ ය.පොත් මුදලාලිලා ය.පොත් ප්‍රකාශකයෝ ය.විශ්ව විද්‍යාල කාරයෝ ය.ජපුර කියනවා ය.සංස්කෘතික අමාත්‍යාංශය කියනවා ය.ගොඩගේ කියනවා ය.ස්වර්ණ පුස්තක කියනවා ය.දෙන්නේ එක එක විදිහේ සම්මාන ය.සහතික දෙනවා ...
සිසුවියන්ට උම්මා... විදුහල්පති නෝනලාට සුම්මා වාලුකා සිතුවිලි පසුගිය දිනෙක ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගායකයකු වන ඉරාජ් වීරරත්න සමග ඞී.එස් සේනානායක විදුහල, විශාඛා විදුහල, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල ඇතුළු රටේ ප්‍රධාන විදුහල් කිහිපයකට ගියේ ය. ඒ තමන්ගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට අනුබද්ධ කාල්ටන් ස්පෝර්ට්ස් ක්ලබ් විසින් සංවිධානය කරන කාල්ටන් රගර් තරගාවලිය පාසල්වල ප්‍රචාරණය කරන්නට ය. පළමු ප්රශ්නය, කාල්ටන් රග්බි තරගාවලිය පාසල්වල ප්‍රචාරණය කරන්නේ කුමකට ද යන්න ය.ඊළඟට පහත ...
"නාමල්ගේ ලියුමට කැම්පස් යන්නත් පුළුවන්" නොහොත් ක්ෂණයෙන් රෙද්ද කඩාගත් ක්ෂණිකා නෝනා.... වාලුකා සිතුවිලි විශ්වවිද්‍යාලවලට ප්‍රථම උපාධිය සඳහා සිසුන් තේරීමේ වගකීම මෙන්ම එහි ස්වාධීනත්වය ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටය. එම වගකීම ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරුණේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේය. ඒ අනුව උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබන සිසු සිසුවියන්ට සාධාරණ ක්‍රමවේදයකින් විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමිකරදීම එම ආයතනයට පැවරී ඇති වගකීමයි. කොමිෂන් සභාව නිල සාමාජිකයන් සත්දෙනකුගෙන් සමන්විතය. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති තනතුරට මෙන්ම ...
අතින් හෙලුව වසා ලෝකයා අබියස කස්තිරම් ඇල්ලීම වාලුකා සිතුවිලි ඕමානයේ තානාපතිවරයා වසර විසි දෙකක සේවා කාලයක් සහිත විදේශ සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකි. ඕමානය තුළ ඔහුගේ ධුර කාලය නිමා වන්නට තිබුණේ 2014 අගෝස්තු 31 වැනිදාය. එසේ තිබියදී වහාම ක්‍රියාත්මක වන පරිදි හෙතෙම කොළඹට ගෙන්වන්නේය. මේ කැඳවීම සිදු වු බව විදේශඅමාත්යංශය තහවුරු කරන්නේය.තානාපතිවරයෙක් විදේශයක සේවය කරන්නේ සිය රටේ සම්භාවනීයනියෝජනය ලෙසය. එබැවින්ම රටේත් තානාපති වෘත්තියේත් ගෞරවය රක්ෂා කරනු සඳහා පිළිගත් සම්ප්‍රදායන් තිබේ. ...
මුතු දූපතේ ලංකාණ්ඩුවෙ නිලමෙට සුවය පතා බෝධි පූජාවක්........ වාලුකා සිතුවිලි බුදෙයියා පන්සලේ දායක ඇත්තොයි ඇත්තියොයි එකතු වෙලා මෙහෙම පුණ්‍ය කර්මයක් ඉෂ්ඨ සිද්ධ කිරීම හරිම අගෙයි.සිරි ලංකා ආංඩුවෙන් පත් කොරල එවපු නිලමෙ ඇත්තො අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත වෙලා ඉන්දැද්දි මෙහෙම පිං අතේ වැඩක් හරිනං මුලින්ම සංවිධානය කොරන්න ඕනෙ පස්සෙන් වැටිල හිටිය උන්දැල වුණාට පංගුපේරු නැතිව මෙහෙමවත් එකමුතු වුණ එකම මදැයි.හැබැයි ඉතිං නිලමෙතැන මෙහෙම අකරතැබ්බකට මූණ දීල ඉන්න බව ඔටුවත් දැනකියා ගත්තෙත් ...
'රටවිරුවන් ' කියා අන්ද අන්ද විදෙස් ශ්‍රමිකයන්ගෙන් කප්පං ගන්නා රටකරවන්නෝ..... වාලුකා සිතුවිලි සිරි ලංකාවෙ ආර්ථිකය වැඩිවශයෙන් රඳා පවතින්නෙ මැද පෙරදිග ඇතුළු විදෙස් රටවල් රාශියක රැකියා සඳහා රටින් පිටව ගොස් ඇති ශ්‍රමිකයන් උපයන ආදායමින්.2013 වසර තුළ රුපියල් කෝටි අසූදහසකට ආසන්න වාර්තාගත ආදායමක් රටට ලැබී තිබෙනව. 2012 වසරේ දී විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ආදායම රුපියල් කෝටි හැටඅටදහස් දෙසීයක් පමණ වෙනව. 2011 වර්ෂයේ එම ආදායම රුපියල් කෝටි පනස්දහසක්. 2010 වර්ෂයේ රුපියල් කෝටි හතළිස්දහසක්. කොහොමද වැඩේ. රටම ...
මුස්ලිම් ජනගහනය ඇත්ත හා බොරුව වාලුකා සිතුවිලි විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ රාවය පත්තරේට ලියා තිබූ ලිපියකින් උපුටා ගත් කොටස් මේ බ්ලොග් එකට දාන්නේ නිවී හැනහිල්ලේ හිතාබලන්නයි.වෛද්‍ය වෘත්තිය මිනිසාගේ පෞද්ගලික සහ පවුල් සංස්ථාව සමගඅතිශයින්ම සමීප වූ වෘත්තියකි. රජය මගින් සපයනු ලබන සෞඛ්‍යසේවාව තුළ තමන්ට කැමති වෛද්‍යවරයා තෝරාගෙන ප්‍රතිකාරගැනීමට අවස්ථාවක් නොලැබේ. රජයේ ප්‍රතිපත්තිය වන්නේ ද ජාති, ආගම් භේදයකින් තොරව රජයේ රෝහල් මගින් ජනතාවට සෞඛ්‍ය සේවාව සැපයීමයි. එහෙත් පසුගිය ...
චීවරයට මුවා වී ජාතිවාදය වැපිරීම නොහොත් ඥානසාරයාගේ වැඩකිඩ..... වාලුකා සිතුවිලි අලූත්ගම ගැන කතා මේ වන විට පරණ විය හැකිය. එහෙත් ඒ ගැන නැවත නැවත කතා කළ යුතුය. මන්ද අලූත්ගමක අවශ්‍යතාව අලූත්ගමට නිතැතින්ම තිබෙන බැවිනි.අලූත්ගම සිද්ධියඑදා පොසොන් පෝයදාය. ජූනි 12 වැනිදාය. තැන අලූත්ගමට අයත් දර්ගා නගරයේදීය. පන්සල දර්ගා නගරයේ විජයාරාමයය. භික්ෂුව එහි වසන අයගම සමිත හිමිය. එහිමියෝ සිය රථයෙන් බණකට යමින් සිටියහ. පටු මාවත තවත් පටු වන ලෙස යතුරු පැදියක් නවතා ...
තවත් කළු ජූලියකට අතවනන මෘගයිනි.......! තොපිට හෙන පිට හෙන..... වාලුකා සිතුවිලි 1983 කළු ජූලිය සිහිපත් වෙන්නේ ලබන මාසෙදි ඊට වසර 31 ක් සපිරෙන හංද නං නෙමේ ඕං......තවත් අවාසනාවන්ත කළු ජූනියකට අතවනන මෘග හැත්ත හංදයි ආයිබං.තිරිසනෙකු වූ සිංහයෙකුට දාව උපන්නා යැයි කියන මානසිකත්වයෙන් උන්න එදා සිංහලයාගේ සැඟවුණ මෘග ලක්ෂණ එළියට පැන්නේ අමු අමුවේ දෙමළුන් ඝාතනය කරමින් බව අමතක නෑ නේද බොලල්ලා....අසක්කුවකදී තමන්ට වතුර උගුරක් දුන්න අසල්වැසියාත්,ලෙඩට දුකට පිහිට වුණ දොස්තර මහත්තයාත්,දරුවන්ගේ නැණ ...
චොකා බයිලාකාර නොමිනිසුන් මැද්දේ.....සැබෑ මිනිසුන්ගේ පුංචි සද්දේ.... වාලුකා සිතුවිලි මැද පෙරදිග වාලුකා කාන්තාරේ ජීවත් වනඅසරණ වූ සිය සහෘද ජනතාව වෙනුවෙන් සිය ශක්ති ප්‍රමාණයෙන් සේවයක් සලසනඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන “සහන“ කණ්ඩායම ගැනමේ සටහන තබන්නේහුදී ජනයා වෙනුවෙන් පෙනී ඉන්නා බව පෙන්නා ගෙනඒත් ඔවුන් අමතක කොටසිරිලංකා ආංඩුවෙන් පඩිනඩි ලබමින්ජනතාවගේ බදු කාසිවලින් සිරිසැප විඳිනමහ නිලමෙලාට ගොට්ට අල්ලං ඉන්න උන්දැලාගෙඇස් ඇරෙයිද කියල බලන්නත් එක්කයි ඕං.........සමාජ සත්කාරයක් වෙනුවෙන් කැපවෙන්න නුඹලා ගන්නා උත්සාහයටසෙරන්ඩිබ් ඔවුවාගේ ප්‍රණාමය......!මේ ...
විමල් වීරවංශගේ කැරැල්ල යන්නේ කොහිද.....? වාලුකා සිතුවිලි “රාවය කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජනගේ මෙම ලියුං කරදහියෙ තියෙන කරුණු කාරණාවලට සෙරන්ඩිබ් ඔටුව ගෙඩි පිටින්ම එකඟ හංද ඔන්න වාලුකා සිතුවිලි වල පළකරන්න හිතුව.“මැයි 21වැනිදා සවස පැවැති ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී ඇමති විමල් වීරවංශගේ හා චම්පික රණවකගේ ආණ්ඩු විරෝධය නැවතත් තහවුරු විය. ඇමතිවරුන් දෙදෙනාගේ පක්ෂ දෙකෙහි විසම්මුතිකයන් වන එල්ලාවල මේධානන්ද හිමි හා අචල ජාගොඩ ආණ්ඩුව සමග එක්ව ඡන්දය ...
පට්ට සිරා කියුට් වලට ඇඳ ගැනීම සහ ඇදගෙන නෑම වාලුකා සිතුවිලි අන්තර්ජංජාලයේ සැරිසරන ඇත්තන්ගෙන් ෆේස්බුක් ගිණුමක් පවත්වගෙන යන්නැති එකෙක් හොයා ගන්න බැරි තරම්.ෆේස්බුක් එක ඒ තරමටම ජීවිතවලට බද්ධ වෙලා නොවෙන්නං.කන්න ගියත්, නාන්න ගියත්, නිදාගන්න ගියත්, නිදිවදින්න ගියත් කොම්පියුටරයෙන් නැතත් ජංගම දුරකතනයෙන් ෆේස්බුක් එකත් එක්ක ගනුදෙනු කරන එක ඉට්ටැයිල් එකක් වෙලා.දැන් දැන් ෆේස්බුක් එක හරවත් සංවාද වලට යොදාගන්නව වගේම අමුම අමු ගොංපාට් වලටත් තෝතැන්නක් වෙලා නොවැ බොලල්ලා.තම තම නැණ පමණින් කිව්වලුනෙ. ඒ ...
වාලුකා කාන්තාරෙත් වෙසඟේ සුපිරි වැඩසටහන් වාලුකා සිතුවිලි බහරේන්ඩුබායිඑක්සත් අරාබි එමීර් රාජ්යයඩුබායිබහරේන්වෙනත් අරාබි රටවල පැවැත්වෙන වෙසක් වැඩසටහන් otukatha@gmail.comවිද්‍යුත් ලිපිනයට එවන්න-සෙස්ස පස්සට ෴- සෙරන්ඩිබ් ඔටුවා ...
අම්මිලත් එක්ක නිදි වැදීම සහ තාත්තිලයි අප්පච්චිලයි එක්ක හැමිනීම..... වාලුකා සිතුවිලි සමහර තාත්තලා තමන්ගෙ දියණියන් අඹු කමට ගන්න එක ඉතිහාසෙ පුරාම සිද්දවෙලා තියෙන බව ඇත්තක් නොවෙන්නං. වාලුකා කාන්තාරේ ඔටු රටවල රස්සාවලට එන සමහර අම්මලාගේ දියණියන් තාත්තලාගේ ලිංගික ආශාවන් සපුරා ගැනීමට බිලි වෙන කතාව ඊටත් වඩාත් ප්‍රසිද්ධයි. ඇත්තත් ඒකම තමයි.අම්මලා තමන්ගෙ පුතුන් වාහේ කමට ගන්නා බවක් නම් දැන ගන්නට නැති තරම්. එහෙම වෙන්නේ තමන්ගේ කුසෙන් වදා ලේ කිරි කර පොවා ඇතිදැඩි ...
කම්කරුවා කෑලිවලට ඉරාගන්නට දඟලන දේශපාලන නපුංසකයෝ වාලුකා සිතුවිලි 1886 මැයි මස 01 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර පැවැති කම්කරු රැලියකට පොලිස් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. 1886 මැයි මස 01 දා සිට 02 දා දක්වා සිදුවූ කම්කරු විරෝධතාවලට පොලීසිය වෙඩි තැබිම නිසා චිකාගෝව ලෙයින් හා දුමින් පිරුණු යුද පිටියක් බවට පත් වුණා.එහි ප්‍රතිඵලයක් වශයෙනුයි එතෙක් ඇමෙරිකාව පුරා විසිරී සිටි කම්කරු ජනතාවට දිනයකට පැය 8ක වැඩමුරයක් හිමිවුණේ. ඒ වනතුරුම ඔවුන්ට දිනකට ...
වාලුකා කාන්තාරෙත් ගජරාමෙට සිංහල අවුරුදු සැමරුවලු බොලල්ලා... වාලුකා සිතුවිලි අද ඔටුකතාව ලියවෙන්නේ සෙරෙන්ඩිබ් ඔටුවට විද්‍යුත් තැපෑලෙන්, ෆේස්බුක් එකෙන් විතරක් නොවෙයි වයිබර් තාක්ෂණේටත් පිං සිද්ධ වෙන්න හත් ගව්වක් ඈත ඉඳල වුණත් ලැබුණු ඇමතුමෙන් දැන ගත්තු කයිකතන්දරයක් ගැනයි ආයිබං.මේ දවස් වල සෙරෙන්ඩිබ් ඔටුවා වාලුකා කාන්තාරෙන් එපිට පුංචි පහේ සංචාරයකය යෙදිල ඉන්න නිසා සිරිලංකාවෙ දේසපාලනේ ගැන ඔටු අදහසක් ලියන්න හිත හිත ඉන්න කොටයි ඕං මේ විස්තරේ ලැබුණෙ.අලුත් අවුරුදු උත්සවයක් ගැනත් ඊට යාවෙච්චි ...
තානාපති නිලමෙලාගේ පැටිකිරිය නොහොත් සට්ටම්බියන් ඇටයා කොට ගැනීම වාලුකා සිතුවිලි ලෝකෙ වටේ තියෙන විවිධාකාර රටවල් වලට තමන්ගෙ නියෝජිතයන් විදියට නිලමෙවරු පත්කොරොන එක බොහෝමයක් රටවල සම්ප්රදායක් නොවැ. ඕං ඉතිං ඒ වගෙ නිලමෙවරු රට රට වලට සිරිලංකාවෙ ආණ්ඩුව නියෝජනය කරන්න යවනව කියමුකො.අද ඔටු කතාව ලියවෙන්නෙ මැද පෙරදිග වාලුකා කාන්තාරෙ ඔටු රටවලට පත්වෙල එන නිලමෙලාගෙ පැටිකිරිය දිග අරින්නයි.තරහා අවසර ආයිබං......!මේ ලියවෙන්නෙ එක එක ඔටු රටවල ඉන්න සෙරෙන්ඩිබ් ඔටුවගෙ සහෝදර ඔටු රැලෙන් දැන කියා ...
ගෘහ මූලික පොන්නයොයි...... දේශපාලන පොන්නයොයි.... වාලුකා සිතුවිලි දසවද දී මරා දමනවා මදිවට, සදා කාලිකව ලෙඩුන් අබ්බගාතයන් කරනවා මදිවට, අවයව කපා විකුණද්දීත් ඇහැ කන පියාගෙන ඉන්නා රට සල්ලිවලින් ජොලි කරනාගෙදර මිනිහා වගේම දේශපාලකයෝත් හිත් පිත් නැති පොන්නයෝ නොවේද ? කටු ගැහුවාඉවසුවෙමු...තඩි බෑවාඉවසුවෙමු...දූෂණය කළාඉවසුවෙමු...රත් කළ යකඩෙන් පිච්චුවාඉවසුවෙමු...උඩ තට්ටුවෙන් බිමට දැම්මාඉවසුවෙමු....මරා දැම්මාඉවසුවෙමු.....ආංඩුවේ ඇමැත්තම ලැජ්ජ නැතිව කියන විදහට අමු අමුවේ අවයව ගලවා විකුණද්දීත්තවත් කටපුක වහං බලං ඉන්නේ ලංකාවේ පිරිමි පොන්නයෝද ???? ...
සිංහල සිනමාවේ තෙවැනි විප්ලවකරුවාට අත්වැලක් වෙමුද .......? බෑ වගේ නං තරහක් නෑ හොඳේ....... වාලුකා සිතුවිලි ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නෙ ලාංකික සිනමාවෙ පතාක යෝධයා.චිත්රාගාරයෙන් එළියට බැහැල "රේඛාව" වගේ චිත්‍රපටයක් කරන්න ඔහුට තිබුණ ආත්ම ශක්තියට ඔටුවගෙ ප්‍රණාමය. පතිරාජ "අහස් ගව්ව" සිනමා පටය නිර්මාණය කිරීමත් එක්ක ලාංකික සිනමාව අලුත් මගකට හැරුණ. පතිටත් ඔටුවගෙ බලවත් ප්‍රණාමය.හඳගම "මේ මගේ සඳයි" තමන්ටම ආවේනික විලාසයකින් සම්මත සිනමා ශාලා ප්‍රදර්ශන රටාවෙන් එළියට පැන්නෙ චිත්‍රපටයත් සම්මත ව්‍යාකරණයෙන් එලියට පන්න ගෙනමයි ඕං.හඳයට ඔටුවගෙ හෘදයාංගම උත්තමාචාරය.....!මේ ...