මා වෙනුවෙන් දුක් වන අම්මාට... ~සිතුවිලි~ කොහොමත් දිරා යන මගෙ කය රැක ගන්නමොකටද තවත් දීගෙක යන්නේ හනිකතනිකම පොදුයි සැම හට මැරෙනා දිනකඒ වෙනුවෙන් කුමට වදවෙන්නේ සැවොම...සිතනා බව දනිමි නුඹ මා ගැන නිතරඑනමුත් මවුනි නැත ඉඩ තව කෙනෙකුන්ට දිවි මග හරිම සරලයි තනිකඩ කමටඒ දිවි මගට වෙනසක් ඕනෑ කුමට...?~නෙතුපුල්~ ...
මලක් හිරුට කිව් කව... ~සිතුවිලි~ පෙති විදාලන මලක රොන් බිඳුඋරන්නට බමරුන් සිටියිමගේ පෙති වල දැවටි යන්නටදහස් බමරුන් මෙහි ඇදෙයි...හිරු කිරණ ලද මලේ පෙතිවලරැඳුනු උණුසුම තව තියෙයිපෙම් කරන්නේ හිරුට පමණයිඇවිත් යන බමරුට නොවෙයි...~නෙතුපුල්~...කලින් මම ලිව්ව කවියට ඇනෝ කෙනෙක් ලියපු පිළිතුරු නිසදැස නිසා මට මෙහෙම අදහසක් හිතට ආවේ... ...
නෙතුපුල්ගෙන් දෙවෙන්ද්රෙරා සං වෙත... ~සිතුවිලි~ ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව නාට්‍යයේ මෙහෙම සංවාදයක් තියෙනවා...මාලිනී: ...එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නේ අද විතරයි...අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නා ඉන්නවා. හෙට මම විතරයි...හෙටත් අනිද්දටත් කවදාටත් මම විතරයි......මොකද්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා. කනවා බොනවා. වැඩට යනවා. කතා බහ කරනවා. මාත් මේ ඔක්කොම කරනවා. එත් මම විතරයි...ඔබ නෑ...සාහිත්‍ය ගුරුතුමා:තව කල් දැම්මත් ...
බලාපොරොත්තුව... ~සිතුවිලි~ දහස් වර සිහින දුටුසොඳුරු වූ ඒ දවස...උදා වේවී කියාබලා සිටිනෙමි තවම...~නෙතුපුල්~
ජීවිතය සහ මනුස්සකම... ~සිතුවිලි~ සුජී දීපන් ෆෝන් එක ළමයෙකුට...මේ වීඩියෝව දැකපු පලවෙනි වතාවේම මට හිතුන ඇයි මේ මනුස්සයට මෙච්චර හිනා වෙන්නෙ කියල...පහු වෙලා හරි මුණු පොතේ සාධාරණ පොස්ට් එකක් දාල තිබුන...ඒ ලින්ක් එක මෙතනින් බලන්න:https://www.facebook.com/801928453229889/photos/a.810756802347054.1073741829.801928453229889/895914413831292/?type=1&__mref=message_bubbleගොඩක් දෙනා මනුස්සකමක් ඇතුව මේකට කොමෙන්ට් දාල තිබුනත් එක්තරා පුද්ගලයෙක් මෙහෙම ලියල තිබුන:මමනම් මේ කතා කරන විදිය දකින්නේ ඒ අම්මගේ අසරණ කමක් හෝ දුප්පත් කමක් විදියට නෙවෙයි, දෙනෝදාහක්
නුඹ හා මම... ~සිතුවිලි~ ලැබුනොත් ඉඩක් යන්නට මා හැර දුරටයනවද මා දමා නැවතත් නොඑන්නටමිදුනොත් නුඹේ සිත මාගෙන් මොහොතකටනැවතත් හැරී නොම ඒවිද මා වෙතට...සිහිලැල් පවන වෙන්නට වියලුනු සිතටමිහිරැති දසුන වන්නට නුඹ මා නෙතටසෙනෙහස් වදන් අසනට මා සවනතට පමණයි අවැසි වුයේ මා හදවතට...වෙනසක් කරන්නට නම් නුඹේ දිවි මගටකිසිදා නොසිතුවෙමි මා එක් මොහොතකටසෙනෙහස පිරුණු දිවි මග නුඹ හට උරුමසැමදා විඳින්නට පතනෙමි පිවිතුරුව...~නෙතුපුල්~ ...
බිඳුණු සිතුවිලි... ~සිතුවිලි~ නුඹ නිසා මා නෙත් අගින් ආකඳුළු ගැන නුඹ නොදන්නේනුඹ නිසා මා පැතු පැතුමන්කිසි දිනෙක නෑ දැනෙන්නේ...අහස ඉල්ලා හඬන දරුවෙක්වගෙයි මට මා දැනෙන්නේබිඳුණු දිවි මග සොයන බවකුයිමෙදින මා හට සිතෙන්නේ...සෙනෙහසින් මා සිතින් බැඳුනත්නොමැත පාරමි පුරන්නේ නුඹ මගේ නොව මා නුඹේ නොවඑයයි උරුමය මේ භවේ...~නෙතුපුල්~ ...
සාදය... ~සිතුවිලි~ මීවිතෙන් මත් වූමියුරු නාදෙන් පිනවූසිනා කැන් පිරවූසාදයකි සැම දෙනා රැස්වූකිසිදා නොමැති සතුටක් කිසිදා නොතිබු සෙනෙහක් මවා පාමින් තවත් ගෙවා දමනා නිසරු දිනයක්! ~නෙතුපුල්~ ...
බොඳ වූ සිතුවිලි... ~සිතුවිලි~ කෑගසා නොකීවට ඉකි ගසා නොහැඬුවට මගේ සිත, මගේ ගතරිදෙන බව නොපෙනුනිද...නුඹේ එක් වදනකටහැඟුම් බර වන මසිතවේදනා විඳින වග නොදැනුනේ ඇයි නුඹට...?~නෙතුපුල්~
නුඹ නොමැති මා දිවිය... ~සිතුවිලි~ නුඹේ දෙතොලග රැඳුනු මද හසමගේ සිත අග තනි රකින සඳනුඹේ සුසුමක රැඳුනු උණුසුමමගේ මතකය පාරවයි අද...නුඹේ රළු අතැඟිලි වලින් නුඹමගේ අත ගෙන ගෙවූ ඒ දින නුඹේ අත්වැල නොමැති අද දිනමගේ දිවියට නොමැත හිරු සඳ...නුඹේ වදනක පහස ලබනටමගේ දෙසවන බල කරයි මටනුඹේ සෙනෙහස නැවත දකිනටමගේ නෙතු යුග මග බලයි අද...~නෙතුපුල්~ ...
... ~සිතුවිලි~ හිරුට පමණක් උරුම අහසේතරු කැළුම් නොපෙනේ...හිරු සයුරු ඉම සිඹින මොහොතේතරු පිපී දිලිසේ...පිපී දිලිසෙන නුඹේ තරු යුගමගේ නෙත් මත හෙලන මද හසබැඳුනු අතැඟිලි රැඳුනු උණුහුමගෙන දෙවයි මා සිතට සැනසුම...නුඹේ සුසුමක වෙලෙන මා ගතසදා සැනසුම ගෙනෙයි මා හට සදා කල් නුඹ සමග රැඳුමට කියයි මා සිත කොඳුරමින් මට...~නෙතුපුල්~ ...
අද අවසන් ගමන් ගිය මගේ ආදරණිය සීයා ගැන මතක... ~සිතුවිලි~ හිතට කිසිම බරක් නැති කිසි දෙයක් නොතේරෙන පුංචි කාලෙදි, අද වගේ සල්ලි යහමින් නොතිබ්බ නිසා මටත් වඩා පුංචි මගේ නංගි බලාගන්න අම්ම මුළු දවසම දඟලද්දී...මාව ඉස්කෝලෙන් අරන් පන්තියට ගිහින් දැම්මේ, පන්ති ඉවර උනාම මාව ගෙදර එක්කරන් ආවේ මගේ සීයා...පරණ කාලේ විදුහල්පතිවරයෙක් වගේම ගමේ සමිති සමාගම් හැම එකකම වගකීම් දරපු කෙනෙක් විදිහට ඒ කාලේදී අපි සීයාව දැක්කේ බොහොම තද ගතිගුණ තියෙන ...
සුභ අළුත් අවුරුද්දක් වේවා! ~සිතුවිලි~ ඝණඳුර නිවා හිරු කිරණක් මතු වේවාසැනසුම විනා දුක් කිසිදා නොම වේවා...සිතනා පැතුම් එම ලෙසකින් ඉටු වේවාලබනා අවුරුද්ද කිරියෙන් ඉතිරේවා...~නෙතුපුල්~
රහස... ~සිතුවිලි~ කිසිඳු දින කිසිවෙකුට නොදැනෙනකිසිම විට කිසිවෙකුත් නොසිතනඅපේ රහසේ සොඳුරු සිතුවමඇඳී ඇත තරු සපිරි නෙත් තුල...කිසි කෙනෙක් නොදකිනා මොහොතකනුඹේ නෙත් තුල දිලෙන සෙනෙහසවිඳින මා සිත තිබෙන සැනසුමකිසි විටෙක නොදැනේවි වෙනෙකුට...~නෙතුපුල්~ ...
අත්වැලක් නොවුනාට සෙවනැල්ල වූ නුඹට... ~සිතුවිලි~ ගතින් දෙදෙනක් වෙමින් සිත් පෙමින් බැඳුනාට සිතින් එක තැන් වෙමින් වදන් නොම කිව්වාට නෙතින් නෙත පටලමින් පෙමින් ලං නොවුනාට සිතින් මා තනි නොකළ සෙවනැල්ල නුබයි මට...~නෙතුපුල්~ ...
හිස් වුනු මගේ සිත... ~සිතුවිලි~ කාලෙකින් කිසි දෙයක් ලියවුනේ නැති උනාට ජීවිතේ නම් ගොඩක් වෙනස්කම් වෙන කාලයකුයි මම ගත කරමින් ඉන්නේ...ලියන්න දෙයක් හිතට එන්නෙම නැති තරම්...හිත මේ තරම් හිස් වෙලා තියෙන්නේ පහු ගිය කාලෙදි මම මගේ ජීවිතය ගැනම ගත්තු තීරණ ගැන මට අපැහැදිලි හැඟීමක් දැනෙන නිසා කියල මට දැනෙනවා....මාව හොඳින් අඳුරන අය වගේම...මගේ බ්ලොග් එක මුල ඉඳන් කියවපු අයත් දන්නවා ඇති මගේ ජීවිතේ ගොඩක් සිදුවීම් ...
නින්දා...ප්‍රශංසා... ~සිතුවිලි~ පාප් වහන්සේ ලංකාවට සැපත් වෙලා. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සලස්වන්න කොළඹ විවිධ ස්ථාන වල මාර්ග වසා දැමුනා. ඒ සියලු දේවල් අතරෙදි අපිත් වෙනද වගේම අපේ රාජකාරි කටයුතු වලට ඇවිත්, සුපුරුදු වෙලාවට නිවෙස් බලා යන්න සුදානම් වුනා. සුපුරුදු මාර්ගයේ 138 බසයකට නැගුනු මම හැමදාමත් තියෙන මාර්ග තදබදය දිහා බලන් හිටියා...වෙනද හිමින් සැරේවත් ඉදිරියට ඇදෙන වාහන ඊයේ එකම තැන තිබුනේ පාර ඉදිරියෙන් ...
rural middle-class Sinhalese idiots! ~සිතුවිලි~ ජනාධිපත්වරණ ප්‍රතිපල අහල හිත කලකිරිලා බ්ලොග් අවකාශයේ සැරිසරමින් ඉන්න අතරේදී ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු ලිපියක් මම දැක්ක. හිතට බොහොමත්ම අමාරු උනේ කටමැත දොඩන්නේ නැතුව, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මහින්ද මහත්තයව දිනවන්න තමන්ගේ අහිංසක චන්දය දීපු කොළඹින් පිට පළාත් වල ඉන්න සිංහලයව හඳුන්වන්න යොදපු යෙදුමටයි. විරුද්ධ මත මට ඉවසන්න පුළුවන්. නමුත්, මේ අහිංසක මිනිස්සුන්ට rural middle-class Sinhalese idiots කියල කියනවටනම් මම බොහොමත්ම විරුද්ධයි.මම ...
ජනාධිපතිවරණය සහ සිංහලයාගේ පැරදුම... ~සිතුවිලි~ කිසිදා නොතිබුනා මේ රට නිදහස්ව සැමදා සැමදෙනා බැලුවේ සොලවන්නඅපගේ නිදහසේ සලකුණු කරලන්න නුඹ හට හැකි වුනා ලක් මව ජය ගන්න...කල කී දේ මතක නැත අප හෙළයන්ටකල ගුණ සැලකුමක් ඕනෑ නෑ රටටසෙන්කඩගලත් පරදා දැමුවයි නුඹව හෙළ පැරදුමයි පෙන්වන්නේ මේ තරම...නුඹ හෙළ රජෙකි කිසි දින අමතක නොවෙනහරි සිංහලුන් සැමදාමත් නුඹ සමගනුඹේ ගුණ වරුණ අප හද තුල ඇත තවම නුඹ සැමදා දිනයි අප ...
මා කලොත් හරි! නුඹ කලොත් එය වැරදි... ~සිතුවිලි~ මේ කාලේ තරන් මිනිස්සු අනික් අයට මෙත් වඩන කාලයක් බුදු හාමුදුරුවන්ගේ දවසේදිවත් තිබුනද කියල මටනං ලොකු සැකයක් ඇතිවෙලා තියෙනවා...පන්සිල් පද පහ හරියට පිළිපදින්න නොදන්න අපේ මිනිස්සු වැරදි කරන අයව නිවැරදි කරන්න ඕනි කියල කට පුරා කියන්නේ හරියට තමන් රහත් පල ලබාපු උත්තමයින් කියල හිතාගෙනද මන්දා...තමන්ගේ ජීවිතේ තියෙනකල් තමන්ගේ ගැනිට දස වද දුන්නු මිනිස්සු අද අවනීතිය ගැනත්, යහ පාලනයක් ගැනත් කියවනවා...බලය ...