තැඹිලි ගෙඩි.. - King Coco-Nutz !!! සෑම්ගේ කතාව හමුවෙද්දි පාර තොටනොයෙක් විධ තැඹිලි හෙමරස නොමැති බැව් දැනමහලා ගත්තා කටටඉවසුමක් නොමැතිවමවටපිටත් බලාගෙනහොඳ හරිය හලාගෙනකට දිගේ හදිසියටබිව්වාම දඩිබිඩියෙඑක හුස්මෙ උගුරු අටඉස්පාසුවක් නැතුවමෙලෝ රසයක් කොයිද?පාරෙ විකුනන්න ඇතිතැඹිලි අමතක කරලවත්තකට තාප්පෙන්අඩිදෙකට ගස් නැගලාගහයටම ඉඳගෙනමඇඟිලා දා හිල් කරලාකලත්තා බිව්වාමතිබුණු රස අමතක කරලාගෙදර වත්තෙන් කඩාගෙනජෝගුවට දමාගෙනකකුල උඩදාගෙනමහෙමි හෙමින් රස බලලානිදහසේ දිවගානතැඹිලි ගෙඩියේ රසයහදිසියේ බිව්වාමනැති බවක් දැනේ තවගූගල් දෙයියා දන්නේ තැඹිලි ගැන නොව පොල් ගැනයWritten_by_sAm_ශ්
පැරදුනා මදි... - Hate Victories??? සෑම්ගේ කතාව අලි පෙරහැර එන්නා සේ හිදිමිඋන් පාර පුරා දිව යන සුව විදිමිගුටි පෙරහැර යනතුරු මා නිදමිඋන් පස්ස නොබල දිව ගිය සුව විදිමී..ඒ දුක නිමක් නැතිඑනමුදු කමක් නැතියලි හිත හදා ගමි...තනතුරු බදා ඉමී..හෝ..ඕහ්..ඕ...පොලු - කොඩි බිම වැටිලා සේ දුටිමිසිරිකොත ඇතුලේ අලි සේරම රකිමීනිල් එලි මා රකිනා බව දනිමීඒ හන්දා මම ඉවසගෙන සිටිමී...ඒ දුක නිමක් නැතිඑනමුදු කමක් නැතියලි හිත හදා ගමි...දිනයක ජය ගනිමී.. ...
වචන සෙල්ලම්.. - Word Games !!! (පොඩි සෑමාගේ ලිපියක්..) සෑම්ගේ කතාව දයා බර ප්‍රින්සි පල් සර්ට ලියමි...ලිපියේ උඩින් ආ මන්ත්‍රනය කර ඇති ආකාරය දුටු විටම සර්ට තද වෙන බව දනිමි. මන්ද සර්ට ඒ කාලයේ කැළෑ පත්තල වැදුනේද ඒ ආකාරයෙන්ම නිසාය. එහෙත් සර් අපිට සිංහල ටීචර් ලියම් ලියන්නට කියා දුන්නේ මෙසේ ආ මන්ත්‍රනයක් දමාය. සිංහල ටීටර්ව මතක් කළාම සර්ට නැවත මල පනිනා බව දනිමි. අපේ සිංහල ටීචර් දයාසීලී වීමත්, හැමෝම ටීචර්ට ආදරේට ...
මචං අම්ම එක්ක වරෙන් බොන්න.. - Drinking With Parents !!! සෑම්ගේ කතාව බොන උන් මෙන්න බොන්නේ නැති උන්ද මාගේ මිතුරෝය. මන්ද බීම හෝ නොබීම යමෙක් මිතුරෙකු කර ගැනීමට අදාල හේතුවක් හෝ මිනුම් දණ්ඩක් නොවන නිසාය. එහෙත් බොන එවුන් තමන් බොනවා යැයි ප්‍රසිද්ධියේ පිළිගනිද්දී නොබොන උන්ද තමන් බොනවා යැයි කීමට පෙළඹෙන අවස්ථා සෑමා දැක ඇත්තේය. විටක මිතුරන් ඉදිරියේ තමන්ට ලැබෙන තැන නැති වේ යැයි හැගීමෙන් එසේ කියනවා විය හැකිය. නැතහොත් තමන් නොබොනවා යැයි ...
ඇතුලේ හිරවීම් (දෙක) - Can't Get it OUT?? (Part-02) සෑම්ගේ කතාව කලින් ලිපියේ ලියන්නට හැදුවේ හිරවීම් ගැනය. එහෙත් ලියැවුණේ බලු කතාන්දරයක්ය. දොට්ට පිලට යද්දී හරියටම කොමඩ් එක ටාගට් කරන අපේ එවුන්ට කතාවක් ලියද්දී මාතෘකාව ටාගට් කරගත නොහැකිවීම දුක්ඛිත සිද්දියක් ය. සෑමාටද එසේමය. එලෙස ලියාගත නොවූ ATM කතාව මෙසේය.හිරවීම් නම් ඉතා දුක්ඛිත බැව් එදා බලු කතාවෙන් සනාත වූවේය. හිරගන්නට යන එකෙක්ව බේරා ගැනීමට පිරිමි බහුතරයක් උපකාර කළද කාන්තාවෝ නම් කිසිම සහයෝගයක් නැත්තේය. ...
ජොකා වනන නියම තැන - Better Place to Hang Your Underwear !! සෑම්ගේ කතාව මේ කියන්නට යන්නේ කුණුහරප කතාවක් නොව දැවෙන සමාජීය ගැටලුවක් ගැනය. එහෙත් විවිධ කෝණ වලින් බලා සෑමා කියන්නේ කුනුහබ්බ යැයි හංවඩුගැසීමට බැරි නැතිය. ඒ නිසා ආරම්භය මගින් කෙරෙන්නේ වචන වල ඇති සරල බව ඔප්පු කිරීමය. මිනිසාට අත්‍යාවශම අංගයක් වූ “පුක“ යනු කුණු හබ්බයක් බවට සිතනා යුගයක “කතන්දරකාරයා“ පැමිණ පුක කුනුහබ්බයක් නොවන බව ඉදුරා කීවේය. එතැන් සිට පුක යන්න බ්ලොග් ලොව කුණු ...
ඇතුලේ හිරවීම්... - Can't Get it OUT?? සෑම්ගේ කතාව හිරවීම් හෝ සිරවීම් ගැන ඇසුවාම පපුව හිරවෙනා තත්වයක් බොහෝ දෙනෙක්ට ඇත්තේය. පොළොව හාරාගෙන යද්දී පතල් අස්සේ සිරවීම් ගැන ඇසුවාම හුස්ම හිරවෙන්නේ ඉබේටම වාගේය. එවැන් සිද්ධියකදී හිරවුණු අයට හුස්ම හිරවන්නා සේම අපේත් හුස්ම හිරවන්නේය. එසේම වැඩි සතුටකදී හෝ වැඩි දුකකදී පපුව හිරවෙනා තත්වයක් බොහෝ අයට ඇත්තේය. එය කෙළවර වන්නේ පපුවේ අමාරුවකින් හෙවත් හාර්ට් ඇටෑක් එකකින්ය. ඒ සියල්ල මැද්දේ හිරවීමට හොඳම උදාහරණය ...
හූනා වැටෙන්න ඕන තැන අපට දන්වන්න.. - sAm's Pet "The Hoona" සෑම්ගේ කතාව ඉස්කෝලෙ යන කාලෙ අපි වතුර බිව්වේ ටැප් එකට අත නොතියාය. ඒ කියන්නේ ටැප් එක විවෘත කර පහළන් හිස ඇල කර වතුර පහරට කට ඇල්ලීමෙන්ය. එලෙස බොහෝවිට කළේ අත් දෙකේ ඇති ජරාව නිසා, අත් දෙක එකතුකර වතුර පහරට අල්ලා බීම අපිරිසිදු ක්‍රියාවක් නිසාය. එහෙව් ඉරියව්ව සෑමා ඉදහිට ගෙදරදීද භාවිත කරන්නේ ගෙදර සින්ක් එක ඉදිරියේදීය. කෝප්පයකට දමා වතුර බීම ඉතා කම්මැලි ක්‍රියාවක් ...
සයිබර් ෆෙස්ටිවල් එකෙන් කතා දෙකක්... - Two Stories From the Fest !! සෑම්ගේ කතාව සයිබර් ෆෙස්ටිවල් ගැන ලියා වැඩක් නැතිය. ලියන්නට ඕනෑ හරිය සහ දමන්නට ඕනෑ පොටෝ රැසක් ජංජාලයේය. ඒවා ඩවුන්ලෝඩ් කරන්නට සේව් කරන්නට ලැප් එකේ ඉඩත් නැතිය. හාඩ් එකේ වැලේ වැල් නැත්තට නැති කර ඒවා සේව් කරන්නට ඉඩ ලබා ගැනීම හෝ කළ යුතුය. සයිබර් ෆෙස්ටිවල් අතරතුරදී ඇසුනු, සහභාගාගී වූ දෙබස් / සිදුවීම් කිහිපයක් මෙසේ සටහන් තැබීම සුදුසු යැයි සිතමි.දැයෙන් සමුගන්නා තරියා සහ රජාකකාගේ ...
හැරී බලන්න.. - Turn Back & Think !! සෑම්ගේ කතාව එක එකාට ලේසි වෙන්නකරගන්නට වැඩේහෙමි හෙමීට කතිරෙ ගසන්ගියාද ඔබ කඩේ..??ඔබ්ජෙක්ෂන් දාපු එවුන්වුණත් එකම ගමේකපල දාල දැඟලුවාද..?වෙඩිල්ල කොට පඩේගමේ එකා අතෑරලාකිහිල්ලෙ ගහන් කුඩේදිනෙව්වාට ගිහින් කඩේමොකක්ද ඇති වැඩේ..??හදිස්සියට හිත හිරවීහුස්ම දිගට ඇඳීපපුව ඇවිත් මිරිකුව නේහැදුන විටදි ලෙඩේ..මංත්‍රිතුමා අවෙ නැද්දසිප ගන්නට අනේඒ එද්දිත් ගෙනත් නැද්දබොට කන්නට වඩේ..??තුන්සිය හැට පස් දවසක්හැපුව බුලත් විටේමෙලෝ රහක් නැහැ දැන්වත්විසිකරපං ලඩේඅමතක කර නොහොබින දේඅලුත් කැලැන්ඩෙරේලස්සන වෙන්නට පතනෙමුඑකතු කරන් ...
ඇට්ටේරියා ගසක බැඳි ආදරය... සෑම්ගේ කතාව දෙකේ පන්තියේදී කෙල්ලෙක් විරිත්තුවොත් ටීචර් ලගට දිව යන සිතුම්ට එදා ලැබුණේ කුමන ශක්තියක්ද යන්න සිය මිත්‍රයන්ටද ගැටළුවක්ය. විස්කිරිඤ්ඤාවක් උඩ විසිකර බිම වැටෙන්නට යන කාලය යම් ප්‍රමාණයක් වේද ඒ කාල ප්‍රමාණය ඇතුලත සිතුම් තුන් දෙනෙකුට බිම වැටෙන්නට තඩි බා අවසන්ය. උන් හයේ හතරේ එවුන්ය. එලෙස කීවේ සිතුම් දස අත නෙලද්දී බස් හෝල්ට් එක අස්සට වී බස් එකක් එනතුරු මෙන් බලා සිටි ...
දොස්තරගේ නූල් සාස්තරය... - Doctor's String Tricks !!! සෑම්ගේ කතාව මීට වසර ගණනාවකට ඉහතදී දොස්තරලා අහුවේ බැනුම්මය. අතක් කපා හෝ කකුලක් කැපීමෙන් ඔවුන්ට එල්ල වූ චෝදනා අනන්තය. ඒ ඉස්සරය. දැන් ලංකාවේ දොස්තරලා ශිල්ප දක්වන්නට පටන් ගෙන තිබෙන්නේය. මෑත භාගයේ පොල් ගෙඩි වැටී ඔළුව දෙපලු වීම්, පිහි මොලය හරහා ගොස් ඔළු පැලීම්, සහ ජුන්ඩා කපාගෙන අතට ගැනීම් වැනි සංවේදී ශල්‍ය කර්ම පවා සිද්ද කළේ අපේම දොස්තරලාය. ලෝකයේ කිසිම තැනක නොවු අයුරින් ...
පල්ලියේ මංගල්‍යය - Church Wedding !!! සෑම්ගේ කතාව ඉස්කෝලෙ යන කාලයේ මම අකැමැතිම දේවල් කිහිපයක් තිබුණේය. ඒ මා පොඩි කාලේ යැයි සිතිය හැකිය. දැන් වුවත් මහා ලොකුවක් නැතිය. ඒත් ඒ කාලයේ මා දෙමළ පුවත් විකාශය වීම අසා සිටීමට අප්පිරියාවකින් යුක්ත වූවෙක්ය. ඒ කාලේ බෝම්බයක් පුපුරන විට ටීවී එක දාගෙන දෙමල, ඉංගිරිසි සහ සිංහල පුවත් හැම එකම බැලීම සිරිතක්ය. රූපවාහිනී නාලිකාව ආරම්භවන කූං සද්දය සහ ඒ රූප සටහන මට ...
මර්ලින් බැලීම... How to Watch Merlin.. !! සෑම්ගේ කතාව පසුගිය මාසයේ අපේ කඩ පෙල ඉදිරිපිට වහලයක් ගැසුවේ සෑමාගේම මිතුරෙක්ය. පොර යකඩ සමග හැප්පෙන එකෙක් නිසාත් වැඩ හොද නිසාත් වරු දෙකකින් වැඩේ අහවර වූයේය. ඇත්තටම බැලුවොත් අමානෝ තහඩු දමා වහලය යකඩයෙන්ම ගැසීමට අපේ මිතුරාට ගතවූයේ පැය 6ක් පමණ විය යුතුය. මන්ද බුවා වැඩ කලේද සවස 5-8 අතර කාලය තුලය. එසේ දින දෙකක් මිතුරා වැඩ කළේය. එම කාර්යය සදහා අපේ ගමේ ...
ආදරණීය ආච්චී... - Ever Loving Grand Ma.. සෑම්ගේ කතාව අපේ ආච්චී ගේ අවසන් කටයුතු ඊයේ සිදු වුණේය. මෑත භාගයේ සිට ඇය සිටියේ අසනීපයෙන්ය. පෙනහළු ආශ්රිත රෝගයක් නිසා ඇය ස්වසන පද්ධතියේ අකර්මණ්‍යතාවන් මැද දිවි ගෙවූයේ මෑත කාලයේ සිටය. 1931 වසරේ සිට 2013 වසර දක්වා අවුරුදු 82ක්, අප අතරේ සිට ඇය අපෙන් සමුගත්තාය. මේ පිළිබද කිසිවක් සෑමා බ්ලොග් අවකාශයට හෝ, බුකියේ හෝ සටහන් නොකළේ සියළු දෙනාගේ වැඩ කටයුතු වලට බාධාවක් වන ...
ගායකයෙකු නොමැති කමින් බොදව ගිය සිහිනය...- sAm Blurred his Dream !! සෑම්ගේ කතාව දයා පැන්නේය. පනින්නට පෙර ගීත ගැයුවේය. ඒ ගීතය පැන්නාට පසු සෑමා වෙනස් කළේය. ගායකයෙකු සෙවුවද හම්බුනේ නැතිය. හැම තැනම ස්ටාර්ස් ලාය. එහෙත් සෑමාගේ පද රචනයට සහය වන්නට තරුවක් ලොවෙත් නොවීය. එකී අසාධාරණ හේතුව නිසා සෑමාගේ මේසය මත එහා මෙහා වෙමින් තිබී අද දින අම්මා විසින් තේ කෝප්පය තබන්නට ගිය ඒ කොළය අද මෙසේ ජනතා අයිතියට පත් වන්නේය. හැකි එකෙක් අරන් ...
ඩ්‍රැකියාගේ ඉහේ මලක් පිපේ..... - Dracky & the Flower !!! සෑම්ගේ කතාව පහවසරේදී සැමා ඉගෙන ගත්තේ ‘ඒ‘ පන්තියේය. ගමේ පාසලේ හැම ශ්‍රේණියකටම තිබ්බේ පන්ති දෙකක්ය. ඒ සහ බීය. කල්යානි ටීචර් ශිෂ්‍යත්වය ගොඩ දමා දෙන තුරු සෑමා සිටියේ ඒ පන්තියේය. ඉගෙන ගන්නා ලමයි යැයි කියා ඒ පන්තියට ලමයි දමා ඉතිරිය බී පන්තියට දැමීම සිරිතක්ය. එහෙත් බී පන්තියේ ඉන්නා උන්ද පන්තියේ පළවෙනියා දෙවෙනියා වෙන්නේ නම්, උන් ඉගෙන ගන්නේ නැති පන්තිය යැයි නම් කිරීම වැරදිය. ...
කොල්ලන්ගේ සිම්පල් ප්ලෑන් - Simple Guyz !!! සෑම්ගේ කතාව කොල්ලා නික්ම යන විට නොහඬන ඈයෝ කෙල්ලෙක් නික්ම යන්නේ නම් හඬා වැටෙන්නෝය. එතනත් ඇත්තේ ස්ත්‍රී අධිපත්‍යය. කෙල්ලෙක් වසර ගණනාවක් ගෙදර හැදී වැඩී තවත් නිවෙසක පුත් කුමරුවෙකුගේ භාර්යාවක් වී පිටත් වන්නේ නම් ඒ ගෙදර අය හඬා වැලපෙන්නෝය. නව දිවියකට පා තබන විට හඬන්නේ මන්දැයි විටෙක සෑමාට සිතෙන්නේය. එහෙත් කරුණු කාරණා සොයා බලනා විට හඬා වැලපෙන්නට ඕනෑ කොල්ලාගේ පැත්තේ සෙට් එකය. කුරුල්ලෙකු ...
කම්කරු දිනය? දේශපාලුවන්ගේ දිනය? - Labor's Day or Politicians Day ?? සෑම්ගේ කතාව සොලවමින් කොඩිතබයි පෙර අඩිතර කරයි මඩිඉතිරි දිනකදිඑක දිනක් ඇතිකම්කරුවො එතිපාට කොඩි ඇතිසෙවනෙ සැනසෙතිලොකු කරන් ඇස්පුරවගෙන බස්පාලකයො ගොස්කන්න දෙති මස්කෑම එක ෆ්රීබෝතලය දීපාට කොඩි දීදිනය තොපෙ කීදවසෙ සැනසීදිනයෙ කම්කරුමහ එවුන් බොරුකියාගෙන මරුකරයි කම්කරුදිනය මහ සරුපායපන් හිරුහෙට දිනත් සරුවේවි යැයි සිතුරැවටේය මතුsAm_ශ්‍රී_Perera_9:15am_01/05/14 ...
රජ විදිලි.. - King's Shootings !!! සෑම්ගේ කතාව *****සෑමා - “මොකද බං මේ පාරවල් කඩාගෙන හදන්නේ..“සම්පා - “අනෙ මන්ද බං.. හොදට තිබ්බ පාරවල් නේ..“සෑමා - “පිස්සු බං. මුන්ට සල්ලි ඕන වුනාම පාරවල් කඩනවද මන්දා..“සම්පා - “අඩේ... මේ චෝගම් එකට වෙන්න ඇති බං හදන්නෙ..“සෑමා - “චෝගම්.. ඒ මොකක්ද බං ඒ.. සුනාමි වගේ සීන් එකක්ද?“සම්පා - “නැහැ යකෝ.. ඒක මොකක්ද සමුළුවක්.. “*****“අයියෝ පුතේ අර මනුස්සය නැති වෙලානේ..““කවුද අප්පා??““බුද්ධික දන්නවද ඔයාගෙ ...