කාමුකම පාර්ලිමේන්තුව - Most Sexiest Parliament In the World.. !! සෑම්ගේ කතාව දියවන්නාව වටේට කොල්ලෝ කුරුට්ටෝ පිරිලාය. උදේම ජොගින් කරන්න ආපු නිසා සීන් එක හොඳට බලා ගන්නට හැකි වීම ගැන මට තිබුනේ පට්ට ආතල් එකක්ය. ඈත තියාම එද්දී සිතුනේ මහ සෙනඟක් ජොගින් කරන්න ඇවිත් කියාය. වෙනදාට දියවැඩියාකාරයෝ, ප්‍රෙෂර් කාරයෝ, වගේ උන් එක්ක ඇවිද්ද මට අද ලෙඩක් දුකක් නැති කොල්ලෝ එක්ක මොන ජොගින්ද කියා දුර තියාම සිතුනේය. ලඟ පාතට එද්දී වයසක සීයලා සැට් ...
අඩේ කවුද බං ඒ කෑල්ල.. - Who is That Pretty ?? සෑම්ගේ කතාව කිටියා අකැමැතිම වැඩේ සෑමාව කඩේ යැවීමය. ඒක වෙන්න බැරි වැඩක් බව සියල්ලටම සැක හිතෙනු නිසැකය. ඇත්තය. පිරිමින්ව කඩේ යැවීමට කාන්තාවන් කැමැතිය. එහෙත් සෑමා හන්දියේ කඩයට යනවාට කිටියා තරමක් අකැමැතිය. ඒ මක් නිසාවත් නොවේය. අඩි දෙක තුනට හන්දියට යා හැකිය. එහෙත් එසේ යෑමට, බඩු ගැනීමට සහ ගෙදර ඒමට සෑමාට පැයකට වැඩිය ගත වන නිසාය. විටෙක යාලුවෙක් සැට් වී කයියක්ය. නැති නම් ...
ක්ලබ් කතාවක්... - A Club Story !!! සෑම්ගේ කතාව අද කාලේ ක්ලබ් එකක් කිව්වාම මතක් වෙන්නේ හොඳට බොන ඒවාය. නටන ඒවාය. ආතල් ගන්නා ඒවාය. කොටින්ම කිව්වොත් නයිට් ක්ලබ්ය. වැඩි මුදලට බියර් බොන්න ඒවාය. වැඩි මුදලට අඩියක් ගසන ඒවාය. සැපක් ගන්නට ගොස් වැඩි මුදලකට කෙලවා ගන්නා ඒවාය. ඩාන්ස් කරන්නට ගොස් පදම වැඩි වී කකුල් හතරෙන් එන ඒවාය. මොක කිව්වත් අතේ සල්ලි වැඩි නම් ජනතාවට ආතල් ඒවාය.ඒ කෙසේ වෙතත් ඉස්සර නම් ...
ගැසට් එක නැතුව හරි කමක් නැහැ දිනමිණක් දෙන්න - No Worries about Gazette !! සෑම්ගේ කතාව ඒ කාලේ ගැසට් එක බලන්නට තැපැල් කන්තෝරුවට යා යුතුය. සෑම ගමකම ගැසට් එක තිබ්බේ තැපැල් කන්තෝරුවේය. ඒ නිසාම තැපැල් කන්තෝරුවේ ඇන්ටී හෝ අක්කා මාර ගණන්ය. දැන් මුද්දරයක් ගන්නවත් තැපැල් කන්තෝරුවට නොයන නිසා අක්කා, ඇන්ටී හන්ටර් වී ඇත්තේය. එහෙත් ගැසට් එකේ අවශ්‍යතාවය තිබෙන්නේය. එයට පිළියමක් දුන්නේ දිනමිණ පත්තරේය. ඒ සිකුරාදා දවසටය. මොනයම් හෝ වැඳගත් දෙයක් ගැසට් වී තිබුණහොත් එදාට පත්තරේ සෙවීම ...
කැරළි වීරයෝ මර්ධන සහ ජයග්‍රහණ... - Protests & Victories !!! සෑම්ගේ කතාව සමාජ ක්‍රමයකට එරෙහිව උඩුගම් බලා පිහිනන පුද්ගලයන් හා ඇලලුනු වීර කතාන්දර කියවා ඇත්තෙමු. කියවා අවසන පොත වසා පැත්තකින් තබා කල්පනා කරන්නේ එවන් වීරයෙකු වන්නටය. එහෙත් මොහොතකින් ඒ සියළු හැගීම් අවසානය. නැවත වැටෙන්නේ පරණ සුපුරුදු ජීවිතයටය. පවතින පාලන ක්‍රමයකට ඇලී එහි බත් බැලයන් වෙමින් ප්රමුඛ සුව සැප සොයමින් ජීවත් වන්නෝ කිසිදා ආත්ම තෘප්තියන් නොලබත්. එසේම ලැබෙන සුවයද තාවකාලිකය. අවසන ඉතුරු වන්නේ ...
රින්ග් ටෝන් එක නිසා විනාශ වීම.. - Scary Ring Tones !!! සෑම්ගේ කතාව ඉස්සර ෆෝන් එකක් නම් නොකියාය. නොකියා එකට තිබුනු මාකට් එක දැන් නොකියා වලට නැත්තේය. තිබෙනවා නම් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් ප්‍රිය කරන පිරිස් සිටින නිසාය. ස්මාර්ට් ෆෝන් රැල්ල නිසා ඒකත් එච්චරම නැති තරම්ය. එහෙත් ඉස්සර ජාවා/සිම්බියන් ඔපරේටින් සිස්ටම් සහිත නොකියා පෝං කෑල්ලක් තිබ්බා නම් වැඩ්ඩෙක්ය. 3120/1100 පෝං ආපු කාලයේ හැම එකාම සංගීත මාස්ටර් වරුය. ඒ මියුසික් කොම්පෝස් කරන තැනට ගොස් ඉලක්කම් ...
ලිංගික අප්‍රාණික පොලිස් මස් වැද්දා.... - The Police Butcher !!! සෑම්ගේ කතාව ඔහු පොලිස් කාරයෙක්ය. තඩි බඩ, මෝඩ මොලය, සහ නොගැලපෙන කතන්දර ඔහු මස් වැද්දෙක් ලෙසට මා හට පෙනෙන්නට සැලැස්සුවේ ඔහුගේම ක්‍රියා කළාපයන් නිසාය. කිරිබත්ගොඩ නගරය මැදින් නුවර පාර දිගේ ගමන් කරන කලෙක ඔබ ඔහු දැක ඇතිවාට සැක නැතිය. මන්ද ඔහු ට්‍රැෆික් පොලිස් කරුවෙක් නිසාය. ඔහු වරක් දුටු අයෙකුට ඔහුව මතකයේ තබා ගැනීමට අපහසුවක් නැත්තේ පැත්තක් බරවූ තරාදියක් මෙන් ඔහුගේ පුක පැත්තට ...
පල්ලි යාමේ වරද කළෙමි ?? - Is It Bad to Visit Church For Me ?? සෑම්ගේ කතාව මා බෞද්ධ වූයේ මාගේ දෙමාපියන් බෞද්ධ වූ නිසාය. එසේම ඇය කතෝලික වූයේ ඇගේ දෙමාපියන් කතෝලික වූ නිසාය. මෙසේ බොහෝ අය ඒ ඒ ආගම් වලට අයත්ව ඇත්තේ බුද්ධියෙන් විමසා බලා නොව, ආගම ධර්මය අදහා බලා නොව, උපතින්ම තම දෙමාපින්ට අනුව තමන් ලද ආගම, ධර්මය තම උප්පැන්න සහතිකයේ ලියවා ගැනීමෙන්ය. එහෙත් පසුව ඔබ වෙනත් ආගමකට හැරෙන්නට පුලුවන. ඒ ඔබ යම් දහමක් නුවනින් ...
අනේ කාටවත් නම් කියන්න එපා අයියේ... - Please Keep It as a Secret !!! සෑම්ගේ කතාව අවංකව ආදරය කළ කොල්ලෙකු බූට් එකක් කා සිටියදී හැම කෙල්ලටම සාප කරන්නේය. සදාතිනකව තනියෙන් සිටිනවා යැයි කියා පැත්තකට වී සිටින්නේය. නැතහොත් ඒ කෙල්ලම එනතුරු බලා සිටින්නේය. ඒ කෙල්ල වෙන කොල්ලෙකු සමඟ යනු දැක දැකත් ඇය වෙනුවෙන් බූට් සිංදු අසමින් කියමින් කලාකරුවෙකු වන්නේය. ප්‍රේමයේ විරහවේ උන්මත්තකයෙකු වී ඇය වෙනුවෙන්ම බලා සිටින්නේ. කුමන වරදක් වුවද ඔහු හැර ගිය දිනක නැවත එන ලෙස ...
බනිස් කෑම තහනම් කළ යුතුය.. - No Competition for Buns Please !! සෑම්ගේ කතාව මුද්දරස්පලම වැනි ඩොට් එක මැදට තබාහොඳ හැටි රවුම් හැඩවන්නට ගෙඩි පුම්බානියමෙට රස්නෙ හින්දා හුලනුත් පිම්බාබනිසක් කාල බොන්නට ඇත්නම් කුරුම්බාතරඟෙට කියා පෝලිමෙ කස්ටිය හිදුවාබනිස එල්ලුවා ලණුවක විනිසුරුවාමුදලට කඩේ ගොස් බනිසක් කෑවානම් හොද කියලා විටකදි සිතුවිලි ආවාඑක දෙක තුන කියා මම ගැනගෙන යද්දිඔහෙලා දුවලා ගොස් බනිසක් කද්දිඅත් දෙක පිටු පසින් සිරවී තියෙද්දීතරඟය කෝම වේදැයි අත්පුඩි දෙද්දීඅවුරුද්දට කියා පොඩි සැපතක් ගන්නඅත්පුඩි මැදින් තෑගිත් ...
නිදහස පොඩි සෑමාගේ කුප්ප ලිවිල්ලක්... !!! සෑම්ගේ කතාව ඉස්කෝලෙ ඉස්පෝර්ට් මීට් එක සෙට් වුන නිසා මට කාලෙකින් ලිපියක් ලියන්නට බැරි වුණාය. මේ ටිකේම පිට්ටනියේ අව් කාෂ්ටකේ සිටි නිසා පෑනක් පොතක් ඇල්ලුවේ නැත්තේය. අපේ ගෙදරිනුත් මාව පුෂ් කරන්නේ පිට්ටනියටමය. මොන්ටිසෝලි කාලේ නම් අම්මා කිව්වේ මාව සනත් මාමා වගේ කරනවා කියාය. දැන් අම්මා ඒකට කැමැත්තක් නැත්තීය. මොකද ඒ මාමා දැන් වල් වැදිලා කියලාය. මගුලේ ඉප්පෝට් මීට් එකක් නිසා කට්ට කාල ...
86 අවහිර නොකරන්න.. - 86 No Parking.. !!! සෑම්ගේ කතාව “මචං වත්තලට යන්න තියෙනවා..““හරි උඹල දෙන්න ගිහින් වරෙන්.. මම ඉන්නම්..““උඹ කෑවද?““නැහැ බං...““අපෙ කෑම දෙකක් තියෙනවා ගෙදරින් ගෙනාපු.. මොකද කියන්නේ..““අවුලක් නැහැ.. මම මෙහෙන් කන්නම්.. උබල ගිහින් වරෙන්..“ලකියා, දිලා සහ සෑමාට යන්නට කීවේ කඩෙන් කන බලාපොරොත්තුවෙන්ය. දිලා, සහ සෑම් පිටත් වුයේ වත්තල බලාය. දිලාගේ ඔපීසියට යෑමේ පරමාර්ථයෙන් ගිය ඒ ගමන ඛේදනීය එකක් වන බවට දෙදෙනාම නොදත්තෝය. ඒ ගමන අතරතුරදී දෙදෙනාගේ උදර අභ්‍යන්තරයේ ...
දෙකක් බැලන්ස් කරන හැටි - පිළිතුරු !!! - How to Balance Two Ladies !! සෑම්ගේ කතාව ඔබත් දෙකක් බැලන්ස් කළ හැකි අයෙක්ද? යන්නට පිළිතුර මෙසේය.බ්ලොග් ලෝකය අතිශය සුන්දරය. හැම එකාම හොදට හැදුනු එවුන්ය. දෙකක් බැලන්ස් කළ එවුන් නැත්තේමය. ඒ නිසා කවියට පිළිතුර සොයා ගන්නට කිසිවෙකුට හැකි වූයේ නැතිය. එහෙත් දෙකකට වඩා බැලනස් කරපු එකෙක් සිටියේය. ඌ කියා සිටියේ මෙසේය.මාතලන් ගොයියාද සාර්ථක උත්සාහයක් දරා තිබුණේය. එහෙත් එහි ආදරෙයි කියන ආකාරය දෙවිදිහටම කියවී තිබුනේය. එවිට ගෑනිගෙන් බේරීමක් නැතිය. ...
පාන් කතාවක්... - Bread Talks !! සෑම්ගේ කතාව ඉස්සර පාන් නම් රසය. බරය. ගුණය. ඒ කාලේ තිබ්බේ දර පෝරණු පාන්ය. දැන් තාක්සනය නිසා වැඩිපුරම ඇත්තේ කරන්ට් පාන් හෙවත් විදුලි අවන්වලින් හදනා පාන්ය. ඔය කියන කරන්ට් පාන් මාකට් එකට එන්නට පටන් ගත් කාලයේ මාර ඉල්ලුමක් තිබ්බේය. දර පෝරණු පාන්කරුවන් පාන් කියා ගත නොහැකි තත්වයකට ඇඳ වැටුනේ කරන්ට් පාන් මාකට් වූ කාලයේය. ඒත් ඔවුන් නොසැලී දුක්ඛිතව තම රාජකාරිය කළෝය. ඒ ...
සහකරු-කාරිය හඳුනා ගැනීම - Understand Your Spouse !! සෑම්ගේ කතාව පවුල් කන හැම එකාම කියන්නේ පවුල් කෑම අමාරුයි කියාය. පවුල් කන්නට පෙරද කස්ටිය කියන්නේ පවුල් කෑම අමාරුයි කියාය. අපේ එවුන්ට පිස්සුය. යකෝ කන එක තරම් ආතල් එකක් ලොවෙත් නැහැය. බත් පතක් පෙරලගෙන කෑවේ ඉස්කෝලේදීය. ඒක ආතල් නැහැ කියන උන් මම දැකලා නැතිය. හොර බලල්ලු කුස්සිය පෙරළගෙන කන්නෝය. ඒක උන්ට ආතල්ය. මලින්ද මාමා වැනි අය රට කන්නෝය. ඉන් එතුමාගේ පරම්පරාවටම ආතල්ය. ...
පිස්සු බල්ලන් හදුනා ගැනීම - How To Make Out Crazy Dogs !! සෑම්ගේ කතාව සෑමා බල්ලන් ගැන බ්ලොග් එක පුරාම ලියා ඇත්තේය. ඒ අහවල් ජාතියේ උන්ය. කකුල් දෙකෙන් සිට කකුල් හතරේ වැඩ කරන උන් ගැනය. ඒ අතර සැබෑම කකුල් හතරේ බල්ලන් ගැනද ලියැවුනේය. මේ පෝස්ට් එක ලිවීමට පෙර කරන ලද පෙර විපරමකදී බල්ලන් ගැන ලිපි තුනක් සෑමා ලියා ඇති බව මතක් වූයේය.බල්ලෙක්ට ලියමිබල්ලොත් එක්ක බෑඅල්ලපු ගෙදර බල්ලාමේ බලු ලිපිය සමග හතරවන බලු ලිපිය අද ...
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය... - Check Every Hook & Corner Before You Sleep !!! සෑම්ගේ කතාව නිදාගන්න පෙර නින්ද යන උන් බොහෝ නිසා මේ ලිපිය එවන් අයටද වැඳගත් වන බව සෑමාගේ අදහසය. නිදාගන්න පෙර නින්ද යන උන් බොහෝවිට නිදාගන්නේ පුටු උඩය, නැතිනම් සැටිය, හෝ සෝෆා සැට් එක උඩය. ඒ කියන්නේ උන් පෙර සූදානමක් නොමැතිව ටීවී එක බලන ගමන් හෝ පත්තරයක්, පොතක් බලන ගමන් හෝ නිදා ගන්නා අයය. එවන් අය පොඩ්ඩක් කල්පනාවෙන් සිට නිදාගන්නට පෙර, පහත කියන ...
අසහනකාරයෝ නැවතත්... - Maniacs Again !!! සෑම්ගේ කතාව සෑමා කලින් ලිව්වේ ලිංගික අසහනකාරයෙක් ගැනය. උක්ත ලිංගික අසහනකාරයා ප්‍රසිද්ධියේ කරනා දේ වීඩියෝ කොට ප්‍රසිද්ධ කළ විට එයට විරුද්ධව ලැබුණු අදහස් රැසකි. එකී පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට හානි වනවා යැයි කී කිහිප දෙනෙක් නිසා එහි මුහුණ ආවරණය කොට නැවත වීඩියෝව දැමීමි. එය නැවත සකසා එව්වේද ‘නිමෝ‘මය. කලින් ලිපියට වැඩිපුරම අදහස් දක්වා තිබුනේ ඇනෝලාය. ඉන් ලිංගික නොවන, තවත් වෙනත් ජාතියක අසහනකාරයෝ ගැන සටහනක් ...
ගුරාගේ කාඩ් ගැහිල්ල.. - How Gura Played with Cards !! සෑම්ගේ කතාව ගුරුන්ටත් අකුරු වරදින්නේය. එහෙම කීවේ ඉස්සරය. දැන් සග, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගයටම අකුරු වරදින්නේය. කතිරය වැරදුන තැන සිට හැම එකම වරදින්නේය. ඒවා වැඩක් නැතිය. මේ කියන්නට යන්නේ අපේ එකෙක් ගැනය. ඌටත් වැරදුනේය. බුවාගේ නම අපි කියන්නේ ගුරා කියාය. හරි නම ලියැවුනේ නැතත් ගුරා කීවාම උගෙ නම කියවී හමාරය. ඇග පත ඉන්විසිබල් හල්ක් වගේ වුණාට වයසින් පොඩි ...
චින්තන සංධවනිය - Butter-Fly Symphony !! සෑම්ගේ කතාව බඩ විරේක වෙන අතීතයකචීනෙ එක්ක ගණුදෙනු කරනා...අපට අපේ නොවන...අපේම මුතු ඇටයක් තිබුණා....පැටව් වඩාගෙන තුන්යම රට රවටා... ගිනියම් මහ රෑ අදටත් උන් කිරි ඉල්ලනවාඡන්දෙට ඇහැරී කතිරය යළි සොයනා...අපට අපේ නොවන...අපේම මැතිරවරණත් තිබුණා..අපේම මුතු ඇටයක් තිබුණා....විහිලුවකටවත් කිසිදා නොනැගිටිනා..සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...උහුලනු බැරි තැන පක්ෂෙන් නෙරපවනා..ජය අපේ නොවන..අපේම විපක්ෂයක් තිබුණා...අපේම මුතු ඇටයක් තිබුණා...මතකයි දයා හැර ගිය සැටී... මතකයි.....අලි පෙරහැර එන්නා සේ හිදිමි ...