සුභ වෙන හැටි... - How to be HAPPY ?? සෑම්ගේ කතාව සුභ වේවා කියූ පමණින් සුභ වෙන්නේද, අසුභ වේවා කියූ සැනින් අසුභ වන්නේ නැත. සුභ හෝ අසුභ බව රඳා පවතින්නේ හැසිරෙන ආකාරයෙන්ය. සිංහල අලුත් අවුරුද්දද එසේමය. සුභ වේවා යැයි පුරුද්දට කියා, සුභ කර ගත හැකි ආකාරයක් ලියා දැක්විය හැකිය. එය නම් මෙසේය.දිනපතා වැඩට යන, අධ්‍යාපන කටයුතු වල නියැලෙන, නිවසේ රැදී නොසිටින හෝ පවුලෙන් දුරස්ව සිටින අය අද නිවසට පැමිණ සිටිය හැකිය. ...
නියම වේලාව... - සෑම්ගේ වෙසක් කලාපය !! සෑම්ගේ කතාව ඔබ නියම වේලාව, සුභ මොහොත සහ නැකත ගැන විශ්වාස කරන්නෙක්ද? එසේ නම් කියවිය යුතුය.සෑමාගේ නිවස ඉදිරියේ ඇත්තේ මැයි ගසක්ය. ගස නම් මැයි වූවාට මැයි මල් ගසක් වූයේ මෑතකදීය. එනම් අප්‍රේල් මාසයේ සිටය. ගස උස් මහත් වූ දා සිට කිසිම මලක් හට නොගත්තේය. මලක් තියා පොහොට්ටුවක් වත් නොතිබුණ බව සැබෑය. තත්වය එසේ තිබියදී ගිය මාසයේ මල් හට ගත්තේය. එයද අසාමාන්‍ය ලෙසකින්ය. ...
මිලියන බාගයයි.. - Half of a Million !!! සෑම්ගේ කතාව 1906 වසරේ සැප්තැම්බර් මස 17 වනදා, උපන් ජේ.ආර් ජයවර්ධන මහතා ගැටයක් ගැසුවේය. එය බලයේ ඉන්නා අයට මැණිකක්ය, විපක්ෂයේ අයට පෙරලන්නට බැරි ගල් පර්වතයක්ය. එහෙත් එතුමා සිටියා නම් එය පෙරලන හැටිද කියලා දෙන්නට තරම් කට්ටයෙක්ය. තට්ටයා කට්ටයා යන අදහසට ප්‍රසිද්ධ උදාහරණයක් වූයේද එතුමාය. ඒ එදා ගැසූ ගැටය සිහි කරමින්ය.2011 වසරේ සැප්තැම්බර් මස 17වනදා, තවත් ගැටයක් සයිබරයට පහළ වූයේය. ඒ පාසලේ සිදුවූ ...
මහ ඇමතිගේ පළවෙනි ඩියුටිය.... - First Duty of Chief Minister !!! සෑම්ගේ කතාව සෑමා පොලිස් කතාවක් ලිව්වොත් බොලාට වහ කඳුරු වගේය. එක්කෝ ඕවා කතා කරල වැඩක් නැහැ බං. පොලිසිය බැලන්ස් කොරන්න උඹල දන්නැහැ බං වැනි කමෙන්ට් වලින් පෝස්ට් එක අහවර වෙන්නේය. එසේ ගිය පොලිස් කතා කිහිපයක් බ්ලොග් එකේ ඇත්තේය. පොලිස්කරුවෝද මනුෂ්‍යයෝ නම්... If Cops are Humans !!පොලිස්කරුවෙකු කැන්දාගෙන යාම... - Going Away With a Policemanලිංගික අප්‍රාණික පොලිස් මස් වැද්දා.... - The Police Butcher ...
බලු හොල්මන, අදිස දහයේ කතාවක්.. - The Ghost Dog, True Story !!! සෑම්ගේ කතාව සෑම් බලු පෝස්ට් කිහිපයක්ම ලිව්වේය. විටක කකුල් දෙකේ අමන උන් ගැනය. විටෙක කකුල් හතරේ අහිංසකයන් ගැනය. අද ලියන්නේ කකුල් දෙකේ මිනිසුන් ගැන සහ කකුල් හතරේ අහිංසකයන් ගැනය. බල්ලෙක්ට ලියමි ලිපියේ බල්ලා තවමත් සෑමා පසු පස පන්නන්නේය. ඌ හොයන්නේ තම පැටියා යට කළ වාහනකාරයාවය. ඌ සිටිනා හරියෙන් යද්දී සෑමා වාහනය ස්ලෝ කරන්නේ එවිට ඌ වාහනය පසු පසින් මඟක් දුරට දිව එන ...
චෝගම් - ඩ්‍රීම්.... Dream of CHOGM !!! සෑම්ගේ කතාව සුලං පොඳ වැදීගෙනනිදහසේ පාවෙන්නහිතාගෙන අපි උන්නබර වැඩී මහ පොළවනමාගෙන ඝණකමටබෝඩ් ටික කපාගෙනපොඩි කාලෙ මම හැදුවබර වැඩී ප්ලේන් එකමහ පොළව බඳාගෙනදහඩියම වඟුරගෙනලයිට් කණු රූටගෙනගැටගැහුව සුළං පෙතිබර වැඩී සිරාවටරටක බර දරාගෙනකැරකෙන්න මේ හුළඟපොඩි වැඩී හැබෑටමහිතේ දුක් කන්දරානොදැනෙනා තරමටමහිරවෙලා රූං පෙතිබලාගෙන හිදී අදනිසොල්මන් වී ගෙනමකියනවා අද අපිටතද වැඩීබර වැඩීසුළං මඳිකැරකෙන්ටගතේ දහඩිය යන්නරූං පෙති කැරකෙන්නසිහිනයක් දකින්නටදහවල නිදියන්නකැරකියන් රූං පෙතිගතේ දහඩිය යන්නWritten by sAm_ශ්‍රී_Perera_8:47am_13/11/13 ...
තාත්තා අම්මාගේ ඇමතුම් මිස් කරයි..... - Dad Missed Mom's Call !! සෑම්ගේ කතාව තාක්ෂණය පෙවීම අපහසු කාර්යයක්ය. තාක්ෂණය දිනපතා වෙනස් වීමත්, ඒ සමඟ අප්ඩේට් නොවීම පිළිබඳවත් සෑමා මින් පෙර ලිපි ලියුවේය. දිනක් “මත්තා“ කැසට් ප්ලේයර් එක කුමක්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සෑමාට අපහසු වූයේ ඒ කාලේ ඒවා නොදන්නා අද කාලේ පොඩි උන් අපි එදා හිටියාට වඩා අද පරිණතව සිටින නිසාය. ඒ වාගේම අපි වයසට යද්දී දිනපතා බිහිවන අලුත් ගැජට් ගැන අප සිහියෙන් සිටින්නේ ...
ආතති මවන මැෂිම.... - Is Fidget Spinner Stress Reliever ?? සෑම්ගේ කතාව මෑතකදී සෑමා මිත්‍රයන් දෙදෙනෙකු සමඟ කොටුවට ගියේය. ඒ අතර සිටි මිත්‍රයෙක් හැසිරුණේ බැංකොක් ගිය ආකාරයකටය. දකින හැම තැනම නැවතෙමින්ද, දකින හැම බඩුවම අත ගාමින්ද මිතුරා හැසිරුනේ කිසිදා කොටුවේ නොගිය ආකාරයකටය. දෙවෙනි හරස් වීදියේ පාර අයිනේ ගැජට් විකුණන හැම තැනකදීම අපේ මිතුරා සොයා ගැනීමට අපහසු වූයේය. ඒ ඔහු මිනිසුන් වට වී සිටින හැම තැනකටම ඔලුව දමමින් පරික්ෂා කරමින් ගමන් කරන නිසාය. ...
රෑ දොලහට කළ ඉල්ලීම.... - Midnight Greetings !! සෑම්ගේ කතාව ඊයේ මධ්‍යම රාත්‍රී දොලහැන් ආරම්භ වූ තැන සිට සෑමාගේ ජන්ම දිනය සදහා නොයෙකුත් ආකාරයේ සුභ පැතුම් ලැබෙන්නේය. ඉස්සර නම් බර්ත්ඩේ එකක් සගවාගෙන සිටින්නේ වටේ ඉන්න එවුන්ට කේක් දෙන්නට සිද්ද වෙන නිසාය. ඉස්කෝලෙ කාලේ අපේ එවුන් බර්ත් ඩේ සොයා ගන්නේ නාම ලේඛනයෙන් හෝ රෙකෝඩ් බුක් එකෙන්ය. දිනපතා එය පිරික්සමින් සොයා බලන්නේ හෙට කේක් රැගෙන ආ යුත්තේ කවරෙක්ද කියාය. මන්ද තමාගේ හොදම ...
ලිංගික අසහනකාරයෝ.. - Sex Maniac !!!! සෑම්ගේ කතාව විරුද්ධ ලිංගිකයෙක් දුටු තැන ඒ දෙස බැලීම සාමාන්‍ය දෙයක්ය. නැත්තං කොල්ලෝ අහන්නේ උබේ අහවල් එක නැද්ද කියාය. මඟතොට දී කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලන්නේ අඩුවෙන්ය. ඒ මේක සිරිලංකාව නිසාය. එහෙත් පිටරට දී නම් කෙල්ලෝ කොල්ලන්ව උස්සන්නෝය. මෙහෙ වෙන්නේ කොල්ලෝ කෙල්ලන්ව උස්සන සීන් එකය. කොයි පැත්ත කෝම වුණත් කෙල්ලෙක් කොල්ලෙක් දිහා බැලීම හෝ, කොල්ලෙක් කෙල්ලෙක්ට ලයින් දීම පට්ට සාධාරණ සිද්ධීන්ය. ඔවුන් නීරෝගිමත්ය. ...
පොලිස්කරුවෙකු කැන්දාගෙන යාම... - Going Away With a Policeman !!! සෑම්ගේ කතාව Pic by - sAm_ශ්‍රී_Perera @ Kiribathgodaඔබ දුවයි කියා බයයි“දඩ“ අඩුයි පඩිත් මදියිබඩගින්නට එය දැනෙයිවේලක් කන්නට මදියිමුහුණට හිරිකිත වගෙයිසුදු මුදු මඳහස මැකෙයිබඩ පිට කොන්දට ඇලෙයි(මට) උඹ මරං කන්න අගෙයිවිලි ලැජ්ජ නැහැම තමයිපිට මිනිස්සුන්ට පෙනෙයිසඟවන්නෙමි ඔබ මගෙයිදිව යන්නට මට හිතෙයිRemake_sAm_ශ්‍රී_Perera ...
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය... - Crazy Cats Make Rats Cruel !!! සෑම්ගේ කතාව මීයන් කිව්වාම කස්ටියට මතක් වෙන්නේ පිරිමි පක්ෂයය. පූසන් කිව්වාම ස්ත්‍රි පක්ෂයය. ඒ තරමට අපේ වචන අවභාවිතය අපූරුය. ඒවාට වග කිව යුත්තේ අපිමය. මන්ද සාමාන්‍ය බස් වහරේ ඇති නාම පද කුණු හරප කියන කැටගරියට දමා ඇති නිසාය. මීයං අල්ලන් අල්ලං අල්ලං කිය කිය පොඩි උන්ගේ මීයා අල්ලන නිසාත්, කෙල්ල උඩ පනිද්දී කෝමද ආච්චී මගේ ජම්ප් එක කියා අසද්දී ආච්චී කෙල්ලගේ ගවුම ...
දුරුතු පොහෝ දා කැළණි විහාරේ පෙරහැර යනවා සඳපානේ.. - Duruthu Maha Perahera !! සෑම්ගේ කතාව මෙය වසර ගණනාවකට ඉහතදී සිරස ටීවී එකේ විකාශය වූ ගීතයක්ය. මතක හැටියට ගායකයානෝ පණ්ඩිත් අමරදේව මහතාය. එම වසරේ කැළණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරට මාධ්‍ය අනුග්‍රහය දැක්වූවේ සිරස මාධ්‍යය නිසා මෙම ගීතය වීඩියෝ එකක් සමඟම සිරස නාලිකාවේ තිරගත වූයේය. පෙරහැර සමයේ නිතරම පාහේ මේ ගීතය ප්‍රචාරය වූයේය. එකල්හි ධර්ම විද්‍යාල ශාලාවක පැවැත්වූ නර්තන පන්තියක දැරිවියන් නර්තනය කරන රූප රාමුද යොදා ...
බජාර් එකේ ලලක්කා... - The Head of Women !!! සෑම්ගේ කතාව අපේ අල්ලපු ගෙදර වහලෙ උඩින් හදපු කොන්කිරීට් වතුර ටැංකිය, සති ගානක් පල් කරල වතුර බොන්න පුලුවන් තත්වෙට පත් කරල වතුර පිරෙව්වෙ ජීවිත කාලෙම වතුර බෙන්න බලාගෙන. අන්න එහෙම පුරවපු වතුර ටික පෙනේරෙකින් වැක්කෙරෙනව වගේ විනාඩි දහයකින් බිමට ලීක් වෙන්න ගත්ත. එහෙව් ලීක් වෙච්ච වතුර ටැංකිය වගේ මගේ නාස් පුඩු අතරින් සොටු බේරෙන දවසක, උදේම ආව වෑන් එකක් අපේ ගේට් එක ...
කෝටි දෙකක් ඇදෙනවා කියන්නෙ සෙල්ලංද ඈ?? - It is a Miracle to Win 20 Million Lottery !!! සෑම්ගේ කතාව ලෝක ධර්මතාවයට අනුව ඉහළ තට්ටුවක් ඇත්නම් පහළ තට්ටුවක්ද තිබිය යුතුමය. නැති නම් පාවෙන නිවසක් විය යුතුය. නයාගේ කතාව මෙන් ගෙදර ඇති දේ කීමට නොව, කතාවක හරයක් තිබීමට කිව යුතු දේවල් ඇත්තේය. සෑමාට කරන්ට් එක වැදුන සීන් එකක් මීට බොහෝ කලකට ඉහතදී සෑමා ලිව්වේය. දෛවයේ සරදමක් මෙන් ගෙදර පොලොව ටෙරාසෝ කරන දවසේ කරන්ට් එක වැදුන නිසාත්, ටෙරාසෝ කරන විට පොලොව සම්පුර්නයෙන් ...
කස්සාගේ එක දෙක වේ... - Kassa's Sad Story !! සෑම්ගේ කතාව කස්සාගේ කතාව ඌට නම් ශෝක ජනකය. සෑමාට නම් ඒ තරම් කතාවක් නැත්තේය. කස්සාව කතා බහට සැට් වූයේ ඊයේ පෙරේදාය. ඒ නම් කාලෙකින්ය. කොණ්ඩය කපා ගන්නට යැයි කියමින් සැලුන් එක දක්වා ඇදුනු කස්සා හෙයාර් කට් එකට පසු පැමිණ සෑමා හමුව ඔහුගේ කතාන්දරය කියා සිටියේය. ඒ කතාන්දර අපේ කතාන්දරය කර ගැනීමට කාලය හරිය. කස්සාට එදා මේ කතාව සෑමාට කිව්වා යැයි අමතක ඇතිය. ...
අම්ම ගහයි බැට් එකෙන්.. - Mother with Punish from a Bat !! සෑම්ගේ කතාව කාලයෙන් කාලයට අලුත් වාක්‍යයන් එන්නේය. ඉස්සර කාලයක් කිව්වේ “අම්මා ගහයි බැට් එකෙන් කියාය.“ බැට් එක එන්නට ඇත්තේ ක්‍රිකට් එල්ලේ පටන් ගත් කාලයේ විය හැකිය. නැත්තම් අම්මා ගහන්නට ඇත්තේ කොස්සෙන්, ඉදලෙන් හෝ ඇතුල්පතින් විය හැකිය. ඉස්සර බත් බෙදන කෑම බෙදන වෙලාවක නම් සෑමා, අයියා හෝ අක්කා, වලියක් දා ගත්ත හොත් අම්මා පොල් කටු හැන්ද දික් කළාය. ඉන්පසු කියන්නේ “කට වහපල්ලා, නැත්තං ...
යාළුකම රැක ගන්න හැටි.. - How to Protect Friendship !! සෑම්ගේ කතාව අට සහ නමය වසරේදි සෑමා ඇතුලු කිහිප දෙනෙකු සිටියේ හඳේ. හඳ කිවේ මර්ලින් බලා යන හඳ නොවේය. මේක අභ්‍යාවකාශයේ හඳය. ඒ කාලයේ අපි අහස දිහා බලාගෙන සිටියේ තරු රටා හොයන්නටය. එහෙව් තරු රට විද්‍යාව පොතෙන් හඳුනා ගත්තද එය මදි වී අපි නාසා එකට ලිපි ලියන්නට වූයෙමු. නාසා එකට යවන ලිපි වලට පිළිතුරු ලැබෙන්නට මාසයක් පමණ ගත වන්නේය. මාසයක් ගත වී ...
ඔබත් දෙකක් බැලන්ස් කළ හැකි අයෙක්ද? - Are You A Double Game Player ?? සෑම්ගේ කතාව එකෙක් බිරිදට හොරෙන් ලිපියක් ලීවේය. ලිපියක් කීවාට කවි සැට් එකක්ය. ඒ හොර අයිටම් එකටය. මහා රාත්තිරියේ පද පෙල ලීවේ පවුලට හොරෙන්ය. ඒ නිසාම 25වන පැයේ ලියන ලද්දක් ලෙස සටහන් කළේය. තම පවුලට වඩා ආදරයෙන් වෙලී සිටි නිසාදෝ, කවි කමේ හැකියාව නිසාදෝ, අපූරු කවි පෙලක් සටහන් වූයේය. මෙය හොර අයිටම් එක කියවා සතුටු වූවාය. කියවිය යුතු හොර ආකාරයද රචකයා විසින් සදහන් ...
පොඩි සෑමා ටෙලිවිෂන් වැඩසටහනකට යයි.. - Little sAm Attends to a TV Program !! සෑම්ගේ කතාව පුංචිම පුංචි කාලේ පොඩි සෑමා මොන්ටි සොරි ගියෙමු. ඒ කාලේ වසර අන්තිමේ කොන්සට් එකක් තියනනීය. එය කරන්නේ අපේ මොන්ටිසෝරි ටීචර්ය. අපේ පන්තියේ හැම එකාටම එක එක ඇදුම් ඩිසයින් කලේ ටීචර්ය. ඇය ඒවාට අපේ අම්මලාගෙන් ගාන කැපුවෝය. අපේ අම්මලාද අත දිග ඇරලා සල්ලි දුන්නෙමු. ඒ අපේ හැකියාව වැඩි දියුණු කළ යුතු නිසා බව පසු කාලීනව අපිට දැන ගන්න ලැබුනෙමි. එදා ටීචර් ...