ආච්චී සිල් ගැනීම ප්‍රතික්ෂේප කරයි.. - Grandma Refused to Observe Sil !!! සෑම්ගේ කතාව හෙට පෝය දවසක්ය. වෙන පෝයවල් මෙන්ම ආච්චී හෙටද සිල් ගත යුතුය. හැම අවුරුද්දකම ඈ නොකඩවා සිල් ගත යුතුය. ඒ හැට පැන්න දා සිට ය. ඊට කලින් නම් ආච්චී ඉස්කෝලෙ යන කාලෙදි වත් සිල් ගත්තා දැයි ඇසිය යුත්තේ සීයා ගෙන්ය. සීයා නම් කියන්නේ ආච්චී ඒ කාලේ සිල් ගත්ත සඳ වාගේ කියාය. හුස්මකට ඉඩ නෑනේ කියාද කිව්වේය. ඒ අතපසු වීමක් නිසා විය ...
හිර කර දමන්නට ගෙනාමු..!! සෑම්ගේ කතාව හොඳ යැයි සිතා දහසක් මුව බලාලාඅතගා බලා හැඩයක් ඇති සිතාලාමිරිකා බන්ඩි අඩු වැඩියත් මැනාලාගෙනාවා ගෙදර හිල පොඩි යැයි කියාලානැවුම් සිදුර කෙලෙසන මහ සිතුවිල්ලේසහසක් හැඟුම් සනසන්නට සිතැත්තේගෙදරින් කෙරෙන බලවත් ඇවිටිල්ලේකඩමී පුරවලා බන්ඩිය පොර බැදිල්ලේඋදේ සවසට ඇතුලට දාන කල්පනාවේපුංචි හිලෙන් රිංගන හැම වෙලාවේඇතුලෙම දමා ගොඩ යන චේතනාවේසිටියත් වැටුනෙ ඇතුලට රෑ වෙලානේදස මස පුරා පොඩි හිල ලොකු කරන්නේවිටකදි හිරයි ගුලිකර හෝ දමන්නේමතු කනවැලක් ...
සැඟවුණු අමුත්තා සොයා ගියෙමු.. - Searched for the Hidden Guest !! සෑම්ගේ කතාව “සුභ අලුත් අවුරුද්දක් වේවා රට වාසීනී..““සුබ මුහුර්ථයෙන් පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව දැන අපි බලාපොරොත්තු වෙන්නේ ගම හරහා දිවීමේ තරඟය පැවැත් වීමට. ඒ සඳහා තරඟ වදින තරඟ කරුවන් සියළු දෙනාම ප්‍රධාන මාර්ගය අසල සිටින තරඟ සංවිධායකවරු මුණ ගැසෙන්න. ඒ අතරම ලිස්සන ගහ නැගීමට ජව සම්පන්න ගම් වාසී තරුණයන්ට ආරාධනා කරනවා. එම ස්ථානයට පැමිණ තම තරඟ ආරම්භය සනිටුහන් කරන ලෙසට. මට පෙනෙනවා ...
කොළ - රතු සහ පොලිසිය... - Police With Red & Green !! සෑම්ගේ කතාව පොලිසිය ගැන නම් කතන්දර බෙහෝය. බොහෝ එව්වා නරක එව්වාය. ඉතිරිය විහිළු එව්වා වන අතර, සුළුතරය හොඳ එව්වාය. සමහර නිලධාරීන් නිසා පොලිසියට අත්ව ඇත්තේ සෝචනීය තත්වයක්ය. එකෙක් දෙන්නෙක් ගේ නොමනා වැඩ නිසා පොදු පොලිස් සේවයම මඩ වඟුරක් වී ඇත්තේය. මෑතකදී සිදුවූ සිද්ධිය නම් මෝටර් බයිසිකලයක ගිය අයෙක්ට බිම දමාගෙන පහර දීමය. එතැනදී ජනතාවට හොඳ අය අමතකව සියල්ලටම පොදුවේ බනින තත්වයක උදාවන්නේය. ...
ආදායම් බදු නිලධාරීන් වහලයෙන් හෝ පැමිණිය හැක... - Income tax on the roof !! සෑම්ගේ කතාව කාන්තාවෝ වයස හංගන්නෝය. පිරිමි තමන්ගේ පඩිය හංගන්නෝය. සාමාන්‍ය විදිහ ඒකය. වයසට යන ඇන්ටිලා කොණ්ඩය කොටට කපන්නෝය. ඒ ඩයි කිරීම ලේසි වන්නටය. සුදු කොණ්ඩය වරින් වර කළු කරනවා වඩා එකවර ටින්ට් කිරීම පහසුය. ඒ නිසා ඔවුන් කෙලින්ම කොණ්ඩය කොටට කපා ටින්ට් කරන්නෝය. ඒ ක්‍රමය පහසුය. මේකප් එකක් දමා එළියට බහින්නේ රැලි මැකෙන්නටය. විටක බෙල්ල වැහෙන්නට පවා හයි-නොක් අදින්නෝය. ඒත් රැලි වැහෙන්නටය. ...
සම්මාන නොලැබූ උන්මාදයෙන් ලියමි.. !! සෑම්ගේ කතාව සම්මාන ලද සැමට ජය වේවා කිව යුතුය. බ්ලොග් එකක් පටන් ගෙන එක පෝස්ට් එකක් දමා සම්මානයක් ලබා ගත හැකිය. ඒ එකම පෝස්ට් එක පට්ට නම්, සුප්පා නම්, නොමිනේට් වූයේ නම්, එතැනිනුත් ගොඩ ගියේ නම්, සම්මානයක් ගත හැකිය. බ්ලොග් එකක් පටන් ගෙන වසර දහයක් ගොස් සම්මානයක් නොලැබී සිටිය හැකිය. පටන් ගත් දා සිට දැමූ ලිපි දස දහසකින්, පට්ට එකක් නැති වීමෙන්, ...
සිංහල බෙහෙත් ඉංග්‍රීසියෙන් බිව්වා වගේ.. - Struggling with Prescription !! සෑම්ගේ කතාව ආයුර්වේද බෙහෙත් ක්‍රමයට අපේ උන් කියන්නේ සිංහල බේත් කියාය. බටහර වෛද්‍ය ක්‍රමය ඉංග්‍රීසි බෙහෙත්ය. ඊට අමතරව හෝමියෝපති ප්රතිකාරද දැන් මාකට් එකේ ඇත්තේය. සෑමා ඒ බව දැනගත්තේ වැලිසර තිබෙන හෝමියෝපති හොස්පිට්ල් එක නිසාය. සෑමාගේ නැන්දා කෙනෙකු ආතරයිටිස් රෝගයට හෝමියෝපති බේත් අරගෙන තිබ්බාය. ඇයට අනුව නම් දැන් සනීපය. ඊට පසුවත් ඇයත් සමඟ බෙහෙත් ගන්නට ගිය කිහිප දෙනෙකු දැන් ගුණයැයි කියන්නෝය. හෝමියෝපති බෙහෙත් ...
ඒක තියෙන්න ඕනි ඕනෙම වෙලාවට... - Should be there in Need !! සෑම්ගේ කතාව සෑමා ශිෂ්‍යත්වයට පෙර පාසැල් ගියේ ගමේ ඉස්කෝලයටය. එතැන අපේ කාලයේදී නම් අවශ්‍ය ප්‍රමාණයට පහසුකම් තිබුණා යැයි කිව හැකිය. එහෙත් එය සාපේක්ෂව ගණන් බැලීමක්ය. ගමේ දරුවන්ට තිබුණු පහසුකම් අනුව සියල්ලෝම පාසැල් ආ බව සැබෑය. එක වසරේ සිට කිසිදාක කකුලේ කිසියම් තුවාලයක් නොවන්නට බොහෝ දරුවන්, යහළුවන් සපත්තු පැලැදුවෝය. එය ඒ කාලයේ හැටියට නම් අවශ්‍යතා සම්පූර්ණ වීමක් බව කිව යුතුය. පාසැල් බෑග් පවා ...
කාන්තා ටයර් කතාවක්... - Female Tyre Story !! සෑම්ගේ කතාව ටයර් කිව්වාම මතක් වන්නේ ටයර්ය. ඉස්කෝලෙ කාලේ නම් ටීචර්ගේ සාරියේ අස්සෙන් පේන ටයර්ය. ලොකු වෙද්දී ද වෙනසක් නැතුව සිහවන්නේ ඒ ටයර්මය. පොඩිම කාලේ නම් ටයර් වලට කලින් මතක් වෙන්නේ රිම් එකය. ෆුට් සයිකලයකින් හෝ ඉවතලන රිම් එකක් කෝට්ටක් අස්සේ ගසාගෙන පැද යාම ඒ කාළේ නම් ක්‍රීඩාවය. දැන් උන්ට ටයර් කිව්වාම මතක් වෙන්නේ කාර් ගේම් එකක් විය හැකිය. රිම් එකක් අස්සේ ...
මේසන් බාස් කතන්දර... - Masonry Stories !! සෑම්ගේ කතාව නෝමන් සීයා යනු එච්චර වයස ඩෑල් එකක් නෙවේය. දුරින් නම් අපේ නෑයෝය. නෑකමට අනුව නම් සීයාය. මෑන්ස් මේසන් බාස්ය. සෑමාගේ අම්මා නම් කියන්නේ ‘නෝමන්‘ සීයාට ලැබී ඇත්තේ නියම නම කියාය. මෑන්ස් කොච්චර වැඩ තිබුණත් ඕනෑම වැඩක් භාර ගන්නේය. ඉන් පසුව වැඩ අන්ජ බජල් වී ඉවර කර ගැනීමට නොහැකිව තවත් වැඩක් අතරමඟ දමා යන්නේය. ඒ කාලේදී “නෝ මෑන්“ ය. ඒ අන්දරස්දහන් ...
සීයාගේ ෂොට් එක.. - Grand pa's Share !! සෑම්ගේ කතාව මුලින්ම කිව යුත්තේ මල ගෙවල් තමයි ආතල් කියාය. මීට පෙර පෝස්ට් කිහිපයක මල ගෙවල් ආතල් ගැන සෑමා ලියුවේය. අවුරුද්දේ ජනවාරි පළවෙනිදාම සැට් වුණේ මල ගෙයක්ය. අපේ කොල්ලෙක් ගේ සීයා කෙනෙක්ය. පළවෙනිදා දහවල සෑමාට කෝල් එකක් ආවේ තවත් මිතුරෙක්ගෙන්ය.“සෑමා හොඳ නිවුස් එකයි, නරක එකයි දෙකක් තියෙනවා.. මොකක්ද ඉස්සෙල්ලම ඕනෙ..??““කැමති එකක් කියපං...““හොඳ එක මචං.. සුභ අලුත් අවුරුද්දක් වේවා...!!““අහ්.. එසේම වේවා.. දැන් කියාං ...
ලොකු සීන් එකක් නෑ ඕයි... - No Big Deal !!!! සෑම්ගේ කතාව ඊයේ කස්ටියට උදා වූයේ අලුත් එකක් ය. ඒ 2017 ය. එහෙව් එකේ පෝස්ට් එකක් ලියන්නට ඕනෑ යැයි සෑමාට සිතුනද සුබ පැතීම කෝමත් අවුට් ඔෆ් ෆැෂන් නිසා කලින් අවුරුදු උදාවන් ගැන සෑමා සිතන්නට වූයේය. එහෙම බලාගෙන යද්දී අවුරුදු උදාව යනු ලොකු සීන් එකක් නොවන බව සෑමාට සිතුණේය.ඉස්කෝලෙ යන කාලයේ නම් අවුරුදු උදාව දැනෙන දෙයක් වුණේය. දෙසැම්බර් නිවාඩුව නිසා අම්මට හුඩු අවුරුද්ද ...
සැන්ටා ක්ලෝස් වූ හැටි... - End of Santa's Role !! සෑම්ගේ කතාව ඉතිං සැන්ටා ක්ලෝස් සීයේ, ඔබගේ සැප දුක් කෙසේද? පොඩි සෑමා නම් සුවෙන්ය. ඔබට ලියන්නේ නම් කලකින්ය. දැන් නත්තල් සීයා වුණාට පොඩි සෑමා ඔයාව දන්නේ සැන්ටා ක්ලෝස්ය. ඒ පොඩි සෑමාගේ සීයා නිසාය. සීයා ඉන්න කාලේ අපේ ගමටත් සැන්ටා ක්ලෝස් කෙනෙක් සිටියේය. හැම දෙසැම්බරේම සැන්ටා ක්ලෝස් සීයාට ඇන්දේ ගමේ හිටිය සාන්ත සීයාය. වැල මැරී තිබුණත් අල බැස තිබුණු නිසා සීයා දෙසැම්බර සීතලේ ...
කස්සාගේ එක දෙක වේ... - Kassa's Sad Story !! සෑම්ගේ කතාව කස්සාගේ කතාව ඌට නම් ශෝක ජනකය. සෑමාට නම් ඒ තරම් කතාවක් නැත්තේය. කස්සාව කතා බහට සැට් වූයේ ඊයේ පෙරේදාය. ඒ නම් කාලෙකින්ය. කොණ්ඩය කපා ගන්නට යැයි කියමින් සැලුන් එක දක්වා ඇදුනු කස්සා හෙයාර් කට් එකට පසු පැමිණ සෑමා හමුව ඔහුගේ කතාන්දරය කියා සිටියේය. ඒ කතාන්දර අපේ කතාන්දරය කර ගැනීමට කාලය හරිය. කස්සාට එදා මේ කතාව සෑමාට කිව්වා යැයි අමතක ඇතිය. ...
අම්මාගේ කවි සහ තාත්තාගේ රිප්ලයි..!! සෑම්ගේ කතාව සෑමාගේ අම්මා මීට පෙර ලියූ කවි සැට් එකක් බ්ලොගේ සටහන් විය. ඒ සෑමාගේ ආච්චිගේ වියෝව වෙනුවෙන් ලියැවුණු පෝස්ට් එකකය. එහි තිබුණේ සෑමාගේ අම්මා ලියූ කවි සැට් එකක්ය. මල ගෙදර දින වල අම්මා ඒ කවි සැට් එක එලියට ගත්තාය. එතැන් සිට ඒ කවි සැට් එක අවසාන කටයුතු දා මුද්‍රණය කර බෙදා හැරීම දක්වා කටයුතු සිද්ධ වූයේ සෑමා සහ ලහිරුවා ගේ මැදිහත් ...
උන්ට හෙන හත වැදී නැසේවා නැසේවා..!! සෑම්ගේ කතාව නිතර සුදු අඳින උන් විශ්වාස නොකළ යුතුය. උක්ත ආදර්ශය අපට දුන්නේ ලාංකීය පාර්ලිමේන්තු ක්‍රමයෙන්ය. සියළු ජඩ වැඩ අවසන දෙඅත් නොසෝදාම සුදු හැඳගත් පමණින් උන් සුද්ද වන්තයෝ බව කියැවුණේ දුර්දන්ත දේශපාලන ක්රමයෙන්මය. ඉන් කියැවෙන්නේ පාට හැඳගත් උන් සියල්ලෝම ගුණවත් කියා නොවේය. නමුත් යම්තාක් දුරකට පිළගත යුතු සත්‍යය මෙසේය. දුදනෝ සුදු ඇඳුමට මුවා වී තම වැරදි වසාගත් සුදනුන් වන්නට තැත් කරන බවය. ...
සුපිරි තරු ඇති - පදවැල් ලියන මහත්තුරු නැති.. - Need awesome lyrics !! සෑම්ගේ කතාව මගේ හදවත හැඳින ගත් ඔබ කියූ එවදන් මට එපාමගෙම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපාසසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපාමතු යළිත් ඔබෙ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපාසෑමා අද දවස පටන් ගත්තේ මේ ගීතයෙන්ය. නිවසේ දාලා තිබුණු චැනල් එක දෙරණය. දෙරණ මැදිරියට පැමිණ තිබුණේ පැරණි හිතවතුන් දෙදෙනෙක්ය. අයෙක් කුමාරසිරි පතිරණය. අනෙකා “නිල් නුවන් පියවිලා“ ගයන අතුල ...
ඇගේ ඇස අග සහ නසීර් හමීඩ් ගේ ඇස අග - Let her/him Cry !! සෑම්ගේ කතාව ඇගේ ඇස අග ලියු හදගම ගැනවත්, ෆිලුම් එක ගැනවත් විචාර අනවශ්‍යය. නමුත් ඇගේ ඇස අග සහ නැගෙනහිර මහ ඇමති නසීර් හමීඩ් ගේ ඇස අග සමානත්වයක් දකින්නට සෑමාට හැකි වන්නේය. කොහේ හෝ තිබෙන නොගැලපෙන දෙකක් එකට තබා ගලපන්න යෑම සෑමාගේ කුජීත ක්‍රියාවක් හෙයින් කම්පා නොවී කියවිය යුතුය. අවසන කමෙන්ට් බොක්ස් එකේ ඉඩ තිබෙන්නෙ ඔබලාටය. ඔහු මහාචාර්ය කෙනෙක්ය. බිරිඳ පැත්තකය. ඔහු විශ්වවිද්‍යාලයේ ...
ගංවතුරේ අතුරු කතා - 3 ආතල් කතා !! සෑම්ගේ කතාව Don't let a little flood get you downඅවතැන් වූ වන්ට ඕනෑ දේ.කොච්චර කළත් හොඳක් අහන්නටම බැරිය. අපේ උන්ට කොච්චර දුන්නත් මදිය. මේ පෝස්ට් එක ලියද්දීද සෑමාගේ නිවස ඉදිරිපිට නවත්වා ඇත්තේ පත ලොරියක්ය. ලොරියක් නොව කන්ටේනර් එකක්ය. දැනට ඉන් තව කුඩා ලොරියකට බඩු බෑවේය. වරක් නොව දැනට දෙවාරයක්ය. තුන්පාරක් අදින්නටද බඩු එහි ඇත්තේය. බෙදන්නේ අවතැන් වූ අයටය. දැන් ඒ අය නැවත ...
ගංවතුරේ අතුරු කතා - 2 නොසෑහීම !! සෑම්ගේ කතාව ගංවතුර නිසා වෙසක් කලාපයට කෙළවුනේය. සෑමාගේ බ්ලොගේ වෙසක් කලාපය මෙන්ම ලංකාව පුරා සූදානම් කර තිබුණු කූඩු තරඟ, තොරණ්, දන්සැල් සහ සියළු වෙසක් කලාප පෙරටුගාමී ස්භාවයක් නොතිබුණේය. ඒ ගංවතුර උවදුර නිසා සාමාන්‍ය ජනජීවිතයට වූ හානිය නිසාමය. ඒ හැම කලාපකයක්ම, තොරණක්ම, පොසොන් එකට එළියට එනවා ෂුවර්ය. වෙසක් කලාපයට අනුබද්ධ කොට ගංවතුර හමුවේ මිනිස් ක්‍රියාකාරකම් රැසක් සෑමා දුටුවේය. ගංවතුර හමුවේ කුහකකම් ලෙස පළවෙනි ...