සමන්තබද්‍ර, චන්දිමාල් දෙස හැරී බලමු... - Any Marketing is Good Marketing ??? සෑම්ගේ කතාව ඕනෑම ජරාවක් අයිසින් කර මේසය මත තැබීමට අපේ උන් සමත්ය. කාගේ හරි රෙද්දක් බතික් කර කැටයම් දමා ඒ මේසය මත එලන්නේම අපේම උන්ය. හාල් කෑලි ෆෝම් කිරීම සහ පබ්ලිසිටිය උපරිම කිරීමද ඒ අතින්ම උත්කර්ෂවත්ව කරන්නෝය. එක අතකින් ගොං කමය. පච හලමින් වේදිකාවට ගොඩ වූ චතුරලා ඩෑල් වූයේ අපේ උන්ගේ ගොං කම් නිසාය. ඒ පොරට හෙනම පබ්ලිසිටියක් දීම නිසාය. අනිත් අතින් ...
බේබද්දන්ව බේරා ගතිමි.. - For the name of the Dopers !! සෑම්ගේ කතාව #බීමත්කමේ_දුර්විපාකදුක කාටදකාළකන්නිකම කාටදඅඬදබර කාටදනිකරුනේ තුවාල කාටදරතු ඇස් කාටද#බීම_බෝතලය_ලඟ_පමාවෙන_මිනිසාටයතව තවත් බොන්න යන මිනිසාටයමඨ්යසාර රතට රතේදිලිසෙන විට..වීදුරුවෙහි පෙන දමන විටලස්සනට වැක් කෙරෙන විට#ඒ_දෙස_දෙස_නොබලන්නනැත්නම්..අන්තිමේදි එයනයෙකු මෙන් සපා කයිපොළගෙකු මෙන් දෂ්ඨ කරයිඑවිට ඔබේ ඇස් අද්භූත දේ දකිඔබේ කට විලම්බීත දොඩවයිඑවිට ඔබ...මුහුද මැද ඒ මේ අතපෙරලෙන කෙනෙකු මෙන්දකුඹ ගස මුදුනේනිදන්න හදන කෙනෙකු මෙන්ම වනු ඇතිඑවිට ඔබ මෙසේ කොඳුරනු ඇත"ඔවුන් මට පහර දෙන්නට ඇතනමුත් මට රිදුනේ ...
බෑ කියනවාට වඩා හා කියනවා පහසුය.. - Easiest Way to Love !! සෑම්ගේ කතාව ඉස්සර කෙල්ලෝ මැටිය. අමුම අමු මැටිය. කොල්ලෙක් ලියුමක් දුන්නොත් බනිනවාය. එක්කෝ ඔරවනවාය. නැති නම් දන්න අයියලා බස්සලා ගස්සනවාය. කොල්ලා කොයි තරම් හැකියාවක් තිබ්බත් කෙල්ලගේ අයියා ගැහුවොත් ඉවසනවාය. ගහපං අයියේ මම අනුකම්පාවෙන් හෝ ඒකිව සැට් කර ගන්නවා කියා ඉන්නවාය. ඒ කෙල්ලගේ සීයා ආච්චි ඇවිත් ගැහුවත් එහෙමය. කොල්ලා දරාගෙන ඉන්නවාය. ඉන්පසු කෙල්ලගේ හිත උණු වෙනවාය. තෙල් තාච්චියට දැමු වතුර බිංදුවක් මෙන් කෙල්ලම ...
ත්‍රීවීල් සහ පරිකල්පන මෙව්වා එක... SL Tuk Tuk Habits !! සෑම්ගේ කතාව ත්‍රීවීල් අයියලා මරුය. එයාලා කරන්නේ සමාජ සංවර්ධනයක්ය. අපි ඉස්කෝලෙ ගියාට පස්සෙ මොලේ කල්පනා කළේම නැතිය. විභාගයකට ඇරෙන්නට අපි මොලේ කල්පනා කරන්නේ බොහෝ අඩුවෙන්ය. ඒ මොලය බ්‍රෑන්ඩ් නිව් තත්වයෙන් පවත්වා ගැනීමටය. කල්පනා කළොත් අපරාදේය. එක්කෝ බරටම කල්පනා කර, ප්ලෑන් කර වැඩක් කළොත් මොලේ කල්පනා කර කෙරුවාට වඩා හොදින්ම අල වෙනවා ෂුවර්ය. ඒ තරමට අපේ මොලේ අපිටම ගැලපෙනවාය. ඉතිං ඉස්කෝලේ ගියාට පසු ...
බලාපොරොත්තු.. - Hopes !! සෑම්ගේ කතාව උබට මේ මොහොතේ බලාපොරොත්තුවක් තියෙනවද?ඇත්තටම මටත්, ඔබටත් මේ මොහොතේ බලාපොරොත්තුවක් නැතිය. මේ කියන්නේ ඉරහද අල්ලන තඩි බර බලාපොරොත්තු ගැන නොවේය. සරල සුන්දර ඒවා ගැනය. ලබා ගත හැකි එව්වා ගැනය. ගෙවල්, දොරවල්, යාන වාහන, විවාහ යනු බරපතල බලාපොරොත්තුය. එව්වා ගැන කතා කිරීම වැඩක් නැතිය. ඒත් ඉස්සර අපිට සරල සුන්දර බලාපොරොත්තු තිබුණු බව සිහි කළ යුතුය. දැන් එව්වා නැතිය. එව්වා අපි ඒ ...
මදර්ස් ඩේ ලු.. - Mother's Day !! සෑම්ගේ කතාව නිදහස් දාට රට ජාතිය මතක් වෙන උන්ය. වෙසක් දාට බුදු වෙන්න හදන උන්ය. පොසොන් දාට ඉන්දියාවෙන් බුද්ධාගම රැගෙන ආවාට මිහිඳු හිමිට සහ ඉන්දියාවට තෑන්ක්ස් කියන උන්ය. වැලන්ටයින්දාට ලව් කරන සිල් කඩන උන්ය. මව් වරුන්ගේ දිනයට ෆොටෝ දාන උන්ය. පියවරුන්ගේ දිනය මතක නැති උන්ය. හැමදාකටම බැන ඡන්දය දාට ගිහින් ආදරෙන් කතිරෙ ගහන උන්ය. අපි සිරිලංකාවේ උන්ය. සෑමා මව්වරුන්ගේ දින පියවරුන්ගේ දින ...
විමල් - කරූ මැයි දිනය දහවෙනිදා සමරයි... - Serious May Day !! සෑම්ගේ කතාව මේ පාර කම්කරු දිනය අති මඤ්ඤංය. ලෝකයටම පළවෙනිදාය. ලංකාවට හත් වෙනිදාය. එජාපයට හය වෙනිදාය. විමල් මාමලෑ ගෙදරට ඊයේය. එනම් දහ වෙනිදාය. ඔය කවදා තිබ්බත් අන්තිමට කම්කරුවාට දිනයක් නැතිය. ඒ බව සෑමා ලිව්වේ පරණ බ්ලොග් එකකය. පළවෙනිදා කවුරුත් කම්කරු දිනය සැමරුවේ නැතිය. සැමරුවේ වෙසක්ය. වෙසක් එකට කැළණි පන්සල් වදින්නට ආ බැති මතුන් නිසා පළවෙනිදාත් කම්කරුවෝ වැඩ කළෝය. ඒ පන්සල වටේ තිබුණු ...
මගේ සඳ ඇවිත්.. - Victor's Full Moon !! සෑම්ගේ කතාව මගේ සඳ ඇවිත්කොඳ කැකුළු තරු ද සතපාරැයෙහි කොපුල් රහසින් සිඹහිරු දිළෙනා මද්දහනේමගේ සඳ ඇවිත්ඇවිත් ඇත්තේ මගේ සඳය. මෙතුවක් පාළු වූ හද රෑ අහස ආලෝකමත් කරනවා නම් පැමිණිය යුත්තේ සඳය. ඒ නම් රෑකය. රහසේමය. දහවල දහසක් නෙතු අවදියෙන්ය. කොපුල් සිඹිනට රැයද දහවල්ද වෙනසක් නැතිය. එහෙත් මේ පෙම අසම්මතය. ඇයට මට නොව, දකින උන්ට අසම්මතය. යෞවනය ඇත්තේ හදවතේ මිස බාහිරව නොවන බැව් ...
අඩේ කවුද බං ඒ කෑල්ල.. - Who is That Pretty ?? සෑම්ගේ කතාව කිටියා අකැමැතිම වැඩේ සෑමාව කඩේ යැවීමය. ඒක වෙන්න බැරි වැඩක් බව සියල්ලටම සැක හිතෙනු නිසැකය. ඇත්තය. පිරිමින්ව කඩේ යැවීමට කාන්තාවන් කැමැතිය. එහෙත් සෑමා හන්දියේ කඩයට යනවාට කිටියා තරමක් අකැමැතිය. ඒ මක් නිසාවත් නොවේය. අඩි දෙක තුනට හන්දියට යා හැකිය. එහෙත් එසේ යෑමට, බඩු ගැනීමට සහ ගෙදර ඒමට සෑමාට පැයකට වැඩිය ගත වන නිසාය. විටෙක යාලුවෙක් සැට් වී කයියක්ය. නැති නම් ...
සුනීර මැතිවරණ අපේක්ෂකයෙක්ද.. - Is Suneera Election Candidate ?? සෑම්ගේ කතාව සුනීර අයියා අපේ ගමේ එකෙක්ය. ඒ නිසාම හැම එකාම කිව්වේ ගමේ එකාට සපෝට් කරමු කියාය. ඒක ඇත්තය. ගමේ එකෙක්ට වැඩ කළොත් පාරකට තාර ටිකක් බැරි නම් කොන්කිරිට් ටිකක් හෝ වක් කර ගත හැකිය. එහෙම කිව්වේ අපේ අත්තම්මාය. ඒ ඇය ප්ලේන්ටියක් වක් කොරන ගමන්ය. අත්තම්මා පරම්පරා ගත එක්සත් ජාතික පාක්ෂිකාවක්ය. පසුගිය මැතිවරණයකදී අලියා නැතුව හංසයා ඡන්ද පත්‍රිකාවට ආවේය. අවුරුදු අනූවක් ගියත් ...
ආතති මවන මැෂිම.... - Is Fidget Spinner Stress Reliever ?? සෑම්ගේ කතාව මෑතකදී සෑමා මිත්‍රයන් දෙදෙනෙකු සමඟ කොටුවට ගියේය. ඒ අතර සිටි මිත්‍රයෙක් හැසිරුණේ බැංකොක් ගිය ආකාරයකටය. දකින හැම තැනම නැවතෙමින්ද, දකින හැම බඩුවම අත ගාමින්ද මිතුරා හැසිරුනේ කිසිදා කොටුවේ නොගිය ආකාරයකටය. දෙවෙනි හරස් වීදියේ පාර අයිනේ ගැජට් විකුණන හැම තැනකදීම අපේ මිතුරා සොයා ගැනීමට අපහසු වූයේය. ඒ ඔහු මිනිසුන් වට වී සිටින හැම තැනකටම ඔලුව දමමින් පරික්ෂා කරමින් ගමන් කරන නිසාය. ...
පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා... - Let us Curse Them !! සෑම්ගේ කතාව දඩු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනාපෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනාපෙරහැරට ගමන් කරන්නේ දළ ඇතුන්ය. දළ දිග උන්ය. බර වැඩ කරන උන් පෙරහැරේ යන්නේ නැතිය. ඒ උන්ට දළ නැනි නිසාය. දළ ඇති එකා පෙරහැරේ යන්නේය. ඒ තේජස නිසාය. මිනිසුන්ට වටින්නේ වැඩ කරන එකා නොව කැටයම් දමන එකාය. දළ ඇතෙකු සම්පතක්ය. එකෙක්ට නොව රටටමය. එහෙව් ඇතෙකු මරා දළ කපා තමන්ගේ ...
නොනිමි..!! සෑම්ගේ කතාව නෙත් බැමි ඉස්සින. කෝපි කෝප්පයේ අඩිය පෙනින. සැර දුමද නිවින. “දැන් ඔයා මොනවද මට කරන්න කියන්නෙ?”ඇගේ හඩ අවදි විය. ඔහු තවමත් නිහඩය. ලයිටරයේ ගිණි දැල්ල ඇවිළින. මෙන්තෝල් ස්විචිය දත් අතර කිටිස් හඩ නැඟීය. දුම් ගුළිය නැඟුනේ ය.“මට තේරෙන්නෙ නැහැ.. ඔයාම කියන්න..”පිළිතුර වෙනුවට නැවතත් ප්‍රශ්නයක්ය. ඇය වෙත දිඟුවූයේ ලයිටරය සහ සිගරැට් පෙට්ටිය ය.“මට බෑ මොකෙක්ද වගෙ හැමදාම පස්සෙන් එන්න..”පිළිතුරු නැති වදන් ...
උස නම් ශිෂ්‍ය නායක, මිටි නම් ශිෂ්‍ය.. - Height Matters !! සෑම්ගේ කතාව ලියන්නට යන්නේ ලිවිය යුතු දෙයක් නොවේය. ඒත් නොලියාම බැරිය. නැත්තං කසනවා වගේය. ටීචර්ස්ලා ගැන වැරදි ලිවීම වැරදි වැඩක්ය. එහෙත් නොලියන්නේ නම් මෙව්වා කියවන ටීචර්ස්ලාවත් හැදෙන්නේ නැතිය. ඒ නිසා ලිවිය යුතුම යැයි සෑමා තීරණය කළේය. මෑත කාලයේදී ගුරුවරුන්ගේ ඔලමොට්ටල වැඩ නිසා දරුවන්ට පාසැල් අහිමි වීම් වැනි සිද්ධි බොහෝමයක් වාර්ථා විය. එලෙසම පාසැලේ දී අනෙක් දරුවන් අතර කොන් වීමට පවා බොහෝ දරුවන්ට ...
කොල්ලෙක් වෙනුවෙන් බිලි වීම.. - Die for a Friend !! සෑම්ගේ කතාව ඔබට ඔෆීස් එකේ නප්පෙට කෙලවූ අවස්ථාවක් නොතිබූ තරම් නැති තරම් විය යුතුය. එවැනි අවස්ථාවක ඔබේ ඔෆීස් එකේ මිතුරෙක් ඔබ ලඟට පැමිණ ඔබගෙන් මෙසේ ඇසුවේදැයි සිතා බැලිය යුතුය."මචං කේස් එක දරුණුවටම යනවා.. උබට කේස් එකක් පත්තු උනොත් මම වැඩේ බාර ගන්නම් ද? එතකොට උබට බේරෙන්න පුලුවන්.."දරුණු කේස් එකක්ය. පත්තු වුනොත් ගෙදර යන්න වෙන තරම්ය. ඔෆීස් එකේ එකෙක් උබෙ වැරැද්ද, උගෙ කර ...
කෙල්ලගේ ගෙදර පළමු රැය... - First Night at Girl's Home !! සෑම්ගේ කතාව සෑමා ඉස්කෝලෙ යන කාලෙ නම් ආදරය මේ තරම් ඇඩ්වාන්ස් නැතිය. දැන් කාලේ ආදරය පට්ට ෆෝවර්ඩ්ය. ෆස්ට් සයිට් එකෙන් ලව්ය. දැක්ක දවසෙ ඉදන්ම ලව්ය. ඉස්සර ඒකට කිව්වේ හිත ගිය තැන මාලිඟාව කියාය. දැන් උන්ට සියල්ල ෆස්ට් සයිට් එකෙන් නිසා දකින හැම එකටම ලව්ය. හැම තැනම මාලිඟාය. ඒකත් ආතල්ය. දැක්ක ගමන් නම්බරය ඉල්ල ගත්තේ නම් ගොඩය. නැතිනම් නම අසා ගැනීම සෑහෙන්නේය. නම්බරය ...
සියාතු සීයාගේ අහේතුවට තෙල් ගැසීම.. Siyathu's Unwanted Top Up !!! සෑම්ගේ කතාව පාර පාළුවට ගිහිල්ලාය. වාහන අඩුය. පැස්ටෝල් වාහන දුලබය. ඩීසල් වාහන සුලබය. පාර අයිනට ගිය සෑමා දත් මැද්දේ වාහන ගණන් කරමින්ය. අම්මට උඩු නැව තාම මඟය. කොලෙස්ට්‍රෝල් ආදී තෙල් ප්‍රශ්න නැති ලොතැරැයි විකුණන අයියා ඈත සිට එන්නේ රූං කියාගෙනය. මෑන්ස්ට ප්‍රශ්න නැතිය. ආතල්ය. පාරේ වාහන අඩුය. ෂෙඩ් එකක් ලඟ පෝලිමකට කිට්ටු වී හිටගෙන සිටියත් ඇතිය. අද බයිසිකලේ පැදිය යුතු නැත. පෝලිමට ...
කබරයාගේ මානව හිමිකම් සුරකිමු.. - Lets protect Monitor's human rights !! සෑම්ගේ කතාව ටිකිරි ම ටිකිරි ලියා කළෙත් අරන් ලිදට ගියේ ගොඩක් කාලෙකට ඉහතදීය. අපි පොඩි කාලෙටත් කලින් නිසා අනිවාර්යයෙන් වසර තිහකටත් වැඩිය කලින් දවසක විය යුතුය. ලිඳ වටකර කබරගොයා සිටියදී කකුල කෑවේ දියබරියාය. එද කිසියම් විජාතික බලවේගයක් තිබුණා නම් ඒ නඩුවද සෙට් වෙන්නේ කබරගොයාටය. අද වෙන විට කබරගොයා හෙවත් කබරයා ඒ තරම් පජාත වී ඇත්තේය. ඌ කොටින්ම කිව්වොත් පවුය. අවුරුදු තිහකටත් එහා ...
ප්‍රශ්ණය තෙල් නොව දාම්ය... - Matter is Dam not fuel !! සෑම්ගේ කතාව හන්දියේ සිට පෝලිමය. ශෙඩ් එකටය. බෝතල් ගත් එවුන්ය. ත්‍රීවීල් බයික් ඈතින් පාර්ක් කරලාය. වාහන පෝලිම අවුල් නිසාය. ඈතින් පාර්ක් කර පෝලිමේය. ඒ අතර ත්‍රීවීල් වලම ආ ඩෑල්ය. දවසම ඉන්න බලාගෙනය. සියළු කටයුතු අත් හැරලාය. එදා වේල සොයා ගන්නටය. පෝලිමේය. පෙට්ට්‍රල් ගහන්නටය. සමහරක් පත්තර දිග හැරගෙනය. සමහරක් නිදිය. කරන්නට දෙයක් නැතිය. පොම්පය හිස්ය. තෙල් නැතිය. එන තුරුය. බවුසරය එනතුරුය. ඊලඟ පැයේ ...
තෙල් අර්බුධය - Fuel Crisis.. !! සෑම්ගේ කතාව තෙල් කොහෙවත් නැතිය. ඊයේ සවස සිටය. තියෙනා තැන් වලත් පෝලිම්ය. පෝලිම ඉවර වෙද්දී තෙලුත් ඉවරය. දැවෙනා ප්‍රශ්නයක්ය. පිළිතුරු සොයා ගත යුතුය. ෂෙඩ් ඇරෙන්නට තෙල් තියෙන්නේ සිල්ලර කඩවලය. ලීටරේ ගානට බෝතලයක් සාධාරණ මිලට ගත හැකිය. බෝතලය හා ලීටරය අතර වෙනස නොදන්නා එකාට පට්ටම සාධාරණය. සිල්ලරට පෙට්ට්‍රල් ගත හැකි තැනක් ඇත්තේ පැත්තම එකකි. විල්සන් මාමාගේ කඩේය. ඒ පැත්තට කාලෙකින් ගියේ නැතිය. විල්සන් ...