තිස්දෙවැනි කොටස : කෝච්චියේ ගමනක් බස්සිගේ නවාතැන කැම්පස් පටන් ගත්තත් බස්සගෙ එක යාලු කුරුල්ලෙක්ට තුන වසරෙ පළවෙනි වාරෙ කැම්පස් එන්න වුනේ නෑ. ඒ කුරුල්ලා දඬුමොණරෙක නැගලා ඉගිල්ලෙන්න ගිහින් තටුවක් කඩාගෙන රාගම හොස්පිට්ල් එකේ ඇඳක වහලා කාලෙ ගෙවන්න සිද්ධ වෙලා තිවුනා. ඒ ගැන බස්සා හිටියෙ හරිම දුකෙන්.යාලු කුරුල්ලා බලන්න බස්සා කලින් දවස් කීපයකදිම ගිහින් තිබුනත් බස්සිට එක එක හේතු නිසා ඒ ගමන් වලට එන්න බැරි වුනා. ඊළඟ වතාවෙදි ...
වෙනස් ආදරේ.... බස්සිගේ නවාතැන මං වෙනස් කෙල්ලෙක් ලු.ඔයා මට ආදරෙත් ඒකලු.ඔයා කිවුවා…….මං ඔලුව වැනුවා……හයියෙන් හිනාවෙන්න එපාලු, අසෝබනයිලුඔයා කිවුවාකචකච ගගා කියවිල්ල මහම වදයක්ලුඔයා කිවුවාසිත්තම් අඳින්න එපාලු, කාලෙ නාස්තියක්ලුඔයා කිවුවාඅඳුන් ගල්වන්න එපාලු, සෝබන වැඩලුඔයා කිවුවාහීන දකින්න එපාලු,, විකාරයිලුඔයා කිවුවාකල්පනා කරන්න එපාලු, එපාවෙනවලුඔයා කිවුවාමං ඔලුව වැනුවා මං හොඳටෝම වෙනස් වෙලා ලු.ඔයා මට අකැමතිත් ඒකලු.අදින් පසු යලි එන්නෙ නෑමලුඔයා කිවුවා….මං ඔලුව වැනුවා…… ...
කෝ බොලව් මගේ චීස්? (who moved my cheese?) - අවසාන කොටස බස්සිගේ නවාතැන Part 5 මෙතැනින් කියවන්න.කලිසම් සාක්කු වලත්, ගමන් මල්ලෙත් චීස් පුරවා ගත්තු හෝව් හෝව් මිතුරා සොයා ආපසු ඇදුනා. චරු චුරුස් තවමත් පාලු ආගාරය මැදට වී මුහුණ අකුලුවාගෙන බලා ඉන්නවා. චීස් නැතුව ගතවුනු කාලය තුල චරුචුරුස් වැහැරී ගිහින් තිවුනා. චරු චුරුස්ව දුටු හෝව් හෝව් මිතුරාගේ තත්වය ගැන කම්පා වුනා. වහ වහා නැවුම් චීස් ඔහුට පිරිනැමුවා. “මේ මොනාද හෝව් හෝව් මේ ජරාව???” ...
බස්සි ජංගමයට රිංගයි බස්සිගේ නවාතැන "ඒ ගමන මොකද්ද බොලව් අර බස්සි කියන එකී නටන්න හදන නාඩගම?"මූණු පොතේ යාලුවෝ මෙහෙම අහනවා."බස්සි ඊයෙ පෙරේදා ලියාපු පෝස්ට් වලට එල්ලාපු ප.ලි. නැට්ට මොකද්ද බං?"බ්ලොගට එන යාලුවෝ එහෙම අහනවා.ඔව් කුරුලු යාලුවනේ. බස්සිගේ හිතේ තියෙන පිස්සු අදහසක් හැබෑ ලෝකේ තුල ගොඩනැගීමේ පළමු පියවර තමයි මේ CraZy Bassi...... Crazy Bassi කියන්නෙ මම ම තමයි. ඔලුව ගහක වැදිලා පොඩ්ඩක් පිස්සු කොර වෙච්චි බස්සියෙක්. ...
කොලිටියට ආතල් දීම - FunKy DiRt බස්සිගේ නවාතැන ආතල් ගැනීමට වයස් භේදයක් නැතුවම අපි කවුරුත් කැමතිය. එහෙම අකමැතියි කියනවානම් ඒ එක්කෝ “ආතල්” යන වචනයේ තේරුම නොදන්නා කෙනෙක්ය. නැත්නම් මොනවාම හරි තදබල මානසික ගැටලුවක් තියෙන කෙනෙක් ය.“ආතල් කැටගරි” රැසකි. එය වයස, ස්ත්‍රී පුරුෂ භාවය, වත්කම වගේම සංස්කෘතිය මතත් වෙනස් වෙනවාය. උදාහරණයකට කිවුවොත් පැටි වියේදී සුමනාවතී බෝනික්කන් නැලවීමෙන් ආතල් ගත් අතර සිරිපාල ආතල් ගත්තේ සෙල්ලම් කාර් පැදීමෙනි. වයසින් වැඩෙත්ම විවිධාකාරයේ ...
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න බස්සිගේ නවාතැන අපි හැමෝම හීන දකිනවා. හීන නිසා අපි ජීවිතේ ඉස්සරහට යනව. හීන පිරුනු ජීවිතේ ගැන අපේ බස්සත් ඉස්සර එකෝමත් එක දවසක මාත් එක්ක කතා කර කර ඉඳලා උන්දැගෙ බ්ලොග් එකේ මේන් මේම සටහනක් තියල තියෙනවා. පස්සෙන් පහු බස්සිත් දවසක් ලිවුවාලු හීන ගැන ටිකක් බරපතල මෙවුවා එකක් මේන් මේම.හා හා ඒ මහාප්‍රාණ හීන ගැන නෙමෙයි මම අද කියන්ට යන්නෙ මගේ සුට්ටං ...
ශ්‍රී ලාංකීය සමාජවාදී ජනරජයේ ඡන්ද අපේක්ෂක අයැදුම් පත්‍රය බස්සිගේ නවාතැන 1. අපේක්ෂකයාගේ නම :2. වත්මන් ලිපිනය :2.1 බන්ධනාගාරයේ නම -2.2 දුරකතන අංකය - 3. දේශපාලන පක්ෂය (අවසානයට සම්බන්ධ වී සිටි පක්ෂ 5 පමණක් අවරෝහණ පිළිවෙලට ලැයිස්තුගත කරන්න.) 4. ස්ත්‍රී/පුරුෂ භාවය :a) ස්ත්‍රීb) පුරුෂc) චන්ද්‍රිකාd) රනිල්/ මංගල5. අවසානයට සම්බන්ධ වී සිටි දේශපාලන පක්ෂයෙන් ඉවත් වීමට හේතුව?a) ඡන්දෙන් පැරදීමb) එළවා දැමීම.c) මොනරු දුන්නා - මං පැන්නාd) ඉහත එකක්වත් නොවේe) ඉහත සියල්ලමf) ...
කෝ බොලව් මගේ චීස්? (who moved my cheese?) - Part 4 බස්සිගේ නවාතැන Part 3 මෙතැනින් කියවන්න. චරු චුරුස් සහ හෝව් හෝව් තවමත් පාලුවට ගිය කැපිටල් C ආගාරයට වැදිලා චීස් අතුරුදහන් වීම ගැන හිතමින් උන්නා. කුසගින්න නිසා ඔවුන් වහා කිපෙන සුලු තත්වයට පත් වුනා. පුංචි වරදක් දුටු විටදී පවා ඔවුන් එකිනෙකාට බැන අඬගසා ගත්තා.හෝව් හෝව් ඉඳහිට තමන් සමග චීස් බෙදාහදාගත් මී මිතුරෝ දෙදෙනා ගැන කල්පනා කලා. දඩිබිඩිස් සහ දිගනාස් අලුත් චීස් සොයා ...
මගෙ ලේ කකියනව යකෝ! – මරාගෙන මැරෙනවා යකෝ!!! බස්සිගේ නවාතැන විත්‍යා මියගියාය. අපි කට තදකර වසාගෙන සිටියාය. ඇත්තෙන්ම එය එසේ විය යුතුය. ඈ දෙමලියක් ය. ඉගෙනගත්තේ පුන්කුඩුතිව් වලය. අපි නම් එහෙම ගමක් අහලාවත් නැතිය. සමහරවිට ලෝක ගෝලයේ උතුරු කෙළවරේ තියෙන නොසැලකිය හැකි තරම් කුඩා දූපතක් වෙන්න ඇති ය. ඉතින් අපිට පාන් ද?ඒ මදිවාට උතුරේ උන් මැරුණාය කියන කෙල්ලට සාධාරණයක් ඉල්ලලා පාරට බැහැලාය. සැකකාරයන්ට ගහන්නත් ගිහින්ලුය. උසාවියේ වීදුරුත් කඩලා ය. මැරිච්ච ...
කඟවේණ්නුන් සහ ප්‍රීතියේ පරම කෝටිය (The joy of Unicorns) බස්සිගේ නවාතැන මේක බොහෝම වැදගත් රහසක්. බොහෝම දෙනෙක් දන්න, ඒත් නොදන්නවා වගේ ඉන්න රහසක්. අහගන්න ඕනෙ කෙලිත්තියො ඉන්නවනම් ඔය කනේ ගහගෙන ඉන්න අයිපෑඩ් වයර් පැත්තකට විසි කරලා හත් අට පොලකින් ඈඳි ගන්න.මධ්‍යතන යුගයේ, ඒ කියන්නෙ ඉස්සරම ඉස්සර කාලෙටත් ටිකක් ඉස්සරකාලෙ කඟවේන්නු දඩයම බොහොම ජයට සිද්ද උනා. ඒක නිකම් බෝවෙන ලෙඩක් වගේ හැමතැනම පැතිරිලා තිබුනේ. ඒ තරමටම මදි නොකියන්න කඟවේන්නුත් උන්නා. හැබැයි ඒකෙදි ...
බිසිනොස් කතා, පොටෝ කතා සහ තවත් කතා බස්සිගේ නවාතැන ඉතා කලබල බසු සිහින ගැන පසුවදනක් සටහන් කරන්න හිතාගෙන හිටියත් වැඩේ දවසින් දවස කල් ගියා. අන්තිමේ මටත් කලින් ෆේස්බුකේ, බ්ලොග් අවකාශයේ සහ පුවත්පත්වල ඉතා කෙටි කලබල සිහින ගැන පසුවදන් තුඩින් තුඩ විසිරෙන්න අරගෙන තිබුනා.උත්සවය අවසන් වෙනවාත් එක්කම හැමෝම අහපු ප්‍රශ්නයක් තමයි පොත මිලදී ගන්න තියෙන්නෙ කොහෙන්ද කියන එක. ඔන්න, ඉතා කෙටි කලබල සිහින දැන් දිවයින පුරා සරසවි පොත් හල් වලින් ...
ඔබ නිදන්න ඔබ නිදන්න - සුවෙන් සැතපිලා බස්සිගේ නවාතැන කැම්පස් යන කාලේ බස්සි සාමාන්‍යයෙන් ඇහැරෙන්නේ පාන්දර අටට නමයටය. එහෙම ඇහැරිලාද ලෙක්චර්ස් යන්නට කම්මැලි හිතුනොත් අනිත් පැත්තට හැරී තව පැයක් දෙකක් නිදියනවාය. බස්සා බැම්මක් හෝ බෝක්කුවක් උඩ හාල් වෙන්නට * යෝජනා කලොත් නම් (හාල් වෙනවා කියන්නේ රස්තියාදු වෙනවා කියන එක කැම්පස් භාෂාවෙන් ය.) බොහොම කැමැත්තෙන් යනවාය. ඒ ගිහිල්ලාත් දවල් ආහාරයෙන් පසු නිදිමත වුනොත් බෝඩිමේ ඇඳ උඩට වාර්තා කරනවාය. නැත්තම් ගිරා ...
හතළිස් නමවෙනි කොටස : හොර ගමන බස්සිගේ නවාතැන මේ කතාව කියවන්න කලින් ඊයෙ පබ්ලිෂ් කරපු කතන්දරෙත් කියවලාම ආවා නම් වටහා ගැනීම පහසු වෙයි. :)දෙදහස් දහයේ මාර්තු දහ හතර වෙනිදා. හ්ම්ම්.... එදා තමයි දවස.බස්සි එදා කල් තියාම දෙයක් කරන්න හිතාගෙන ප්ලෑනක් ගහගෙන හිටියෙ. බස්සාට උදේ වරුවෙම ප්‍රැක්ටිකල්. බස්සිට තිවුනෙ පැය දෙකක ලෙක්චර් එකක් විතරයි.පුරුදු විදියට බස්සිව ලෙක්චර් හෝල් එකට ඇරලවලා බස්සා ලැබ් එකට ගියා.බස්සිගේ මොබයිල් එක "බීප් බීප්" නාදයකින් ...
හිම රෝස මල බස්සිගේ නවාතැන මගේ සැමියා පරිඝනක ඉංජිනේරුවෙක්. මම එයාගෙ නොසැලෙන පෞරුෂත්වයට ගොඩක් ආදරය කලා. එයාගෙ පුළුල් උරහිසට හේත්තු වෙලා ඉන්නකොට දැනෙන උණුසුම් හැඟීම මගේ ජීවිතයට ගෙනාවෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ මිහිරියාවක්.අපි අවුරුදු තුනක් පුරාවට පෙම්වතුන් වෙලා හිටියා. අවුරුදු දෙකකට කලින් අපි විවාහ වුනා.මම මේක කියන්නෙ හරිම කනස්සල්ලෙන්. ඒත් මම දැන් ඉන්නෙ ඒ තීරණය ගැන කලකිරීමෙන්. හොඳටම කලකිරීමෙන්. මම එයාට ආදරේ කරපු හේතු ...
ත්‍රාසජනක ෆිසික්ස් පංතිය බස්සිගේ නවාතැන බස්සිගේ ඉක්කෝලෙ කාලෙ කතා මාලාවට ලිපියක් එක්කාසු කරන්න කාලාන්තරේකින් බැරිවුන නිසා ඔන්න අද බස්සි ඉස්කෝලෙ කාලෙ සිදුවීමක් ගැන යාං හෑල්ලක් කියවන්න තීරණය කලා.බස්සි ඇතුලු මිතුරු පිරිසගේ ඕ ලෙවල් කාලෙ ප්‍රියතම ගුරුවරයෙක් වුන “කොමා” ගැන මම මීට කලින් ලිපියකදි කිවුවා කස්ටියට මතක ඇති.ඉතින් ඔය සුන්දර සහ සමනළ පියාපතක් මෙන් සැහැල්ලු ඕ.ලෙවල් ජීවිතයට සමු දීලා අපි ඝෝර කටුක ඒ.ලෙවල් ජීවිතයට පා තබනවා ...
රයිනෝසිරස්ලා කියන්නෙ පොළවට කඩා වැටිච්ච කඟවේන්නු වෙන්න බැරිද?? බස්සිගේ නවාතැන "අනුන්ගේ සීනි කිරන එක!"ඔව්. ඒක මහා අප්‍රසන්න අත්දැකීමක්.තමන්ගේ කඩේක උනත්, නැත්නම් අංක හයක වැටුපක් ගෙවන විසාල කඩේක උනත් අනුන්ගේ සීනි කිරන්න වෙන එක තරම් අප්‍රසන්න අත්දැකීමක් තවත් නැති තරම්. අන්න ඒකයි මම අද ඉඳලා ගෙදර නවතින්න තීරණය කලේ.අද ඉඳලා ගෙදර නවතින්න තීරණය කලා කිවුවට ඇත්තටම මම ඒ තීරණය ගත්තෙ ඊයෙ. ඊයෙ හරිම තීරණාත්මක දවසක්. ඇත්තටම ඒ වගේ වැදගත් දවස් නිකම්ම ...
කොකු බස්සිගේ නවාතැන කොක්ක/ කොක්කක් ගහනවා කියන වචන දෙක කැම්පස් සංස්කෘතියෙ විශේෂ කොටසක්. අද බස්සි කතාකරන්න යන්නෙ කැම්පස් කොකු ගැන.කොක්ක කියන්නෙ කැම්පස් භාෂාවෙන් ආදරවන්තයාට. කුරුල්ලාට කොක්ක කියනවනම් කිරිල්ලිට කියන්නෙ කොක්කි කියලද? නෑ නෑ දෙගොල්ලන්ටම කියන්නෙ කොක්ක කියලම තමයි.කොක්ක කියන වචනෙ තේරුම දන්නවානම් කොක්ක ගහනවා කියන එකේ තේරුම හිතාගන්න පුලුවන් නෙව. ඒ කියන්නෙ ආදර සම්බන්ධයක් පටන් ගන්නවා කියන එකයි. කැම්පස් එන සමහරුන්ගෙ බලාපොරොත්තු ...
නම් බස්සිගේ නවාතැන අපි හැමෝටම තියෙනවා නමක්. බොහෝවිට නම් දෙකක්, නම සහ වාසගම. අද වෙනකොට ගොඩාක් අයට වාසගමට අමතරව නම් දෙකක් තියනවා, කැමති නමක් භාවිතා කරන්න. තවත් සමහරු දරුවන්ට ආදරේ වැඩිකමට නම් තුනක්, හතරක් නෙමේ හයක් විතර දාන දෙමවුපියොත් ඉන්නවා. කැම්පස් එකේ බස්සගෙ යාලු කුරුල්ලෙකුත් ඉන්නවා එහෙම නම් ගොඩාක් තියන. එයාගෙ නම ලියන්නනම් පේලි තුනක්වත් යනවා.බස්සි අද කියන්න යන්නෙ ඒ නම් ගැන ...
නිද්‍රාව (sleeping beauty) බස්සිගේ නවාතැන සිහින් ඉඳිකටු තුඩකින්හදවතේ ඉරි ඇඳුනාසියුම් සීරුම් අතරින්ලේ බිඳුවකුත් නැගුනාවේදනාබර ස්වප්නයක් මැදනිදි වගේ මං ඔහේ උන්නාසී මැදුරු කවුලුවට එපිටින්ඔබේ පෙම් ගී ඇහුනාඒත් මං ඔහෙ උන්නානෑහුනා වගෙ පෙන්නාමදනලක කවි අමුණ අමුණාඔයා එතැනම උන්නාඔබේ කවි පද මුමුණ මුමුණානිදි වගේ මං උන්නාවිවර කල කවුලුවෙන් මෙපිටටසුදු අසෙක් පිමි පැන්නාකුමාරයෙකැයි කියන මිනිහෙක්දෙතොල් සිඹිනව දැනුනාතිගැස්මට ඇස් ඇරුනාඇස් අරින්නට කලින් දෑතටරෝස පොකුරක් දුන්නාසුදෝසුදු දිගු වේල් පටකින්හිසත්, මුහුණත් වැසුනාමගුල් ...
එකයි බාගයයි බස්සිගේ නවාතැන ඔය පවුලෙ බාලයො කියන එවුවො ඉන්නවා නේද? හැමතිස්සෙම හරිම අවදානෙන් ඉන්නෙ තමන්ට කොයියම්ම මොහොතක හරි අසාධාරණයක් වෙනවද කියලා. කේක් කෑලි දෙකක් කපලා තිවුනානම් බලනව වැඩිමලා අත ගහපු එක තමන්ගෙ කොටහට වඩා ලොකුයිද කියල. ලොකුයි නම් එහෙම එතන තුන්වෙනි ලෝක මහා යුද්දෙ තමයි. බැරිවෙලාවත් කුඩා නම්? කතාවක් නැතුව කටට දෙකට වළඳනව තමන්ගෙ පංගුව.බස්සිගෙ ගෙදරත් ඉන්නව නෙව ඔහොම සමාජ අසාධාරණේට විරුද්ධව නැගී ...