2. ශාක්‍යාගේ කතාව - [ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද?] බස්සිගේ නවාතැන පළමු කොටස මෙතනින්ෂිට් ! මොන මෝඩ, බූරු, හරක් යාලුවෙක්දමටඉන්නෙ. ආයෙනම් කතා කරන්නෙනෑඌඑක්ක.නෑ නෑ නෑ නෑ නෑමයි.මම දන්නවද ලැප්ටොප්තෝරන්න. අනික අවුරුද්දෙ දවස්තුන්සියහැටපහේමකඩකඩාහදනකලබලපාරවල්වලඩ්රයිව් කරන එකම මොන කට්ටක්ද ! මම නම් ආය ඔය මෝඩ අනුශ්කයට කතා කරන්නෙ නෑ හයි ටෙකි ටෙකි උපදෙස් ගන්න.ඔව් අනුශ්ක තමයි මගෙ හොඳම යාලුවා. ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද? කවුද දන්නෑ ඒකට තහංචි දැම්ම ඒජන්ත උන්නාන්සෙ ...
අම්මා! (කෙටිකතාද මන්දා) බස්සිගේ නවාතැන මම පුස් ගඳින් යුත් දැව අල්මාරියේ ලාච්චුව විවෘත කලේ වෙව්ලන දෑතින්. පරණ ෆයිල්කවරයක් ඇතුලේ වූ අවපැහැ ගැණුනු මුදල් නෝට්ටු කීපය දෙතුන් පාරක් ගණන් කලේ ඔහුට තව දවස් කීයක් ඉතිරිව ඇත්දැයි නිසැකවම දැනගන්න. එච්චරයි. ඔව්, එච්චරම තමයි. ඊට වඩා තව පැන්සයක්වත් වැඩිපුර තිබුනේ නැහැ.හැම සීතල නොවැම්බරයකම මට මතක්වෙන්නේ, දවසෙන් දවස මරණයේ දෙඅත්ල වෙත ලඟා වෙමින් උන්න ජේම්ස්ගේ අපේක්ෂා විරහිත මුහුණ. අහිමිවීමේ ...
දමනය (පළමු කොටස) බස්සිගේ නවාතැන "ඔයාට ඒක කියන්නම වෙනවා." මෙලීසා විසල් කරගත් දෑසින් ජෝෂුවාගේ මුහුණට එබුනාය."මගෙ ගැන පූර්ණ විශ්වාසය තියන්න ඔයාට පුලුවන් වෙන්න ඔන. එහෙම නේද? ඇරත්, මේ සිද්ධ වෙච්ච හැම දේකින්ම පස්සෙ." ඇගේ කටහඬ පොළඹවන සුළුය. කුතුහලයෙන් පිරිලාය. ජෝශුවා තවමත් සිතිවිල්ලේය, නිහඬවය."එහෙනම්. හොඳයි, ඔයාගෙ තීරණය ඒකනම්. මම මේ කියන්නෙ ඔයාගෙ අවසාන තීරණය මාව අවිශ්වාස කිරීම නිසා මට මුකුත්ම නොකිය අටු බකමූණෙක් වගේ බුම්මගෙන ඉන්න ...
~ රැලි ~ බස්සිගේ නවාතැන කුඩා සුරඟන තාලයකට හිස නටවමින් කහ පැහැ මුහුදු වැල්ල යාන්තම් ඇවිස්සෙන ලෙස දෙපා සලන්නට වූවාය. ඕ නූස් ය. බුහුටි ය. බටර් පැහැතිය. දුඹුරු පැහැ වටකුරු දෙනෙත් ය. හිස් මුදුනෙහි ගැටගැසූ පොල් මලක හැඩැති අකීකරු හිසකේ ය. මුහුදු රැලි දැරිවිය ඉස්සි ඉස්සී කුඩා සුරඟනගේ නැටුම් තාලය බලා උන්නාය. සුරඟනගේ ලගන්නා සුලු ලණු පැනුම් අනුකරණය කරන්නට ගොස් ගල් තලාවක පයද හප්පා ගත්තාය. ...
පම්පෝරි සහ කයිවාරු බස්සිගේ නවාතැන ඇත්තටම නම් මේක ස්තූතියක්, දැනුවත් කිරීමක් සහ සතුට බෙදාහදාගැනීමක්. හැබැයි ඒ වගේ අරමුණකින් ලියැවෙන ලිපියක් වුනත් සිරිලංකන් ස්ටැයිල් එක ඇතුලේ “පම්පෝරි සහ කයිවාරු” විදියට හඳුනා ගන්න ඇති ඉඩකඩ වැඩියි.පසුගිය අගෝස්තු නමවැනිදා 2016 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ අවසාන වටයට නිර්දේශිත ග්රන්ථ නාම ප්‍රකාශයට පත් කලා. එහි කාව්‍ය කැටගරිය යටතේ මගේ පළමු කෘතිය දක්නට ලැබීමම මට මහත් සතුට දනවන කාරණයක් වුනා.ගොඩගේ ...
හාවා සහ ඉබ්බා - kit kat version බස්සිගේ නවාතැන හිංචි පිංචි හාවා, යද්දි තනි වෙලා...විලේ උන්නු ඉබ්බ දැකලා වතුරේ නෑවිලා...ඉබ්බ දැකපු හාවා, ඉවුරේ නැවතිලා...ඔට්ටු තියලා අපි දුවමු ද?ඇහුවා ලං වෙලා.....අපි සූටි බබාල කාලෙ ඉබ්බයි හාවයි රේස් දුවපු හැටි කියවෙන කතන්දරෙත්, ඒ කතන්දරේ ගැන ලියැවුන මේ සිංදුවත් අහලා ඇති බොහෝ වතාවක්. ඒ කතන්දරේ ඉතින් බස්සි මෙතන ආලවට්ටම් දාල කියන්ඩ ඕනෙ නෑ නෙව. ඉබ්බයි හාවයි රේස් දුවාපි. හාවා දොයියපි. ඉබ්බා දිනාපි.හාව ...
ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට??? බස්සිගේ නවාතැන "ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට. ඔයාගෙ සතුට වෙනුවෙන්, ඕනෙම දේකට මම කැමති වෙනවා." කාලෙකට ඉහතදි බස්සි බස්සාට දීපු පණ්ඩිත ටෝක්ස් තමයි මේ.අහෝ අද උදෑසන වූ විපතක මහත! ඒ පඬි ටෝක්ස් සියල්ල හිරු දුටු පිණි මෙන් වියැකී ගියේය. ජොබ් කටුව වෙනස් වුනාට පස්සෙ බස්සිට උදේ රැයින් පිටත් වෙන්ට සිද්ද වෙච්චි හැටි කලින් පෝස්ටුවක සටහන් කලා නෙව. එහෙමයි කියලා තනියම යන්ට පුලුවන්ය? ...
මොඩ්ලීන් කිරිල්ලී බස්සිගේ නවාතැන තුන් රෝද රියේ ෂූටින් වලට ඉගිල්ලීකොට සාය අතින් ඇද ඇද හදන කිරිල්ලීඅඟල් හතරක හීල් එක උඩද නොසෙල්ලීඔෆිස් පඩිපෙල නගියි මොඩ්ලීන් කිරිල්ලීදිගු නීල දෙනෙත මත හරිත පැහැ අඳුන් ලාඅයන් කල කෙස් කැරලි ඉස් මුදුනෙ බැඳුම් ලාරෝස තොල් පෙති වසා රතට සායම් උලාමද සිනහ නගන්නී පාට සිත්තම සලාකැමරාව සහ අඩුම කුඩුම ටික අතට හුරුදෑත් ගොබ පුරාවට නෙක ටැටූ රටා දැරුෆොටෝ ෂූටින් එකට ...
තව දුරයි මාවත බස්සිගේ නවාතැන නිමිත්ත : ලියුකේමියා රෝගයෙන්, සහෝදර පාසලක සමවයසේ සිසුවෙක් මරණයට පත්වේ. ගෙවී ගොස් ඇත වසන්තයතුරු හිසක රත් කුසුම් පිබිදුනසරු කෙතක හිරු කැළුම් ඉහිරුනනිමා විය විහඟ ගීතයහදවතට මල් හැඟුම් කැන්දනදවාලයි ගත නැගෙන දාහයහමා එයි වියලුන සුළo රැල්රෝහලේ කවුළුවෙන් හෙමිහිට – එකතු වී සේලයින් සුවඳටයොමමි නෙතු කවුළුවෙන් එපිටටසරත් හිරු රැස් පෙලයි නයනතඇට මිදුළු කකියවන සියුම් වේදනාවක්රුධිරයට මුසුව පැතිරී ඇදෙයි, ගත වෙලෙයිනියුරෝන කම්පිතව ...
මේ සතියේ ජයග්‍රාහකයා වන්නේ..... බස්සිගේ නවාතැන බස්සි ඊයෙ පෝස්ටුවත් එක්ක පොඩි පහේ ප්‍රශ්න විචාරාත්මක තරඟයක් පැවැත්වුවා නෙ කුරුලු යාලුවො කස්ටිය වෙනුවෙන්. මේ තියෙන්නෙ බස්සි අහපු ප්‍රශ්නෙ;බස්සිට පට්ටම නම වැටෙන්නෙ ඒ ලෙවල් ඉවර වෙලා ඩ්‍රයිවින් ඉගෙන ගන්ට ලර්නර්ස් යන කාලෙ. ඒ තමයි "නයිට් රයිඩර්" බලමු කවුද මේ නමට හේතුව නිවැරදිව අනුමාන කරන්නෙ කියලා. නිවාඩු දවස නිසා නිවැරදි පිළිතුර මුලින්ම කොමෙන්ට් කරන කෙනාට බස්සි දෙනවා පොඩි තෑග්ගක්.ඕං ඉතින් ...
විසිහයවෙනි කොටස : දොර වැසීම බස්සිගේ නවාතැන කලින් එපිසෝඩ් එක කියවපු කුරුල්ලන්ට කිරිල්ලියන්ට බස්සිත් එක්ක තරහ ගියාද දන්නෙත් නෑ නේද? ඇයි ඉතින් ආදර කතාව මගදි බකට් කතාවකට හැරුන නෙව. බකට් ගැන අහල දැකල නැති කුරුලු යාලුවො වෙනුවෙන් තමයි ඒ තරම් විස්තර ලිවුවෙ.අනේ ඉතින් එදා දවල් වෙනකම්ම බස්සටයි බස්සිටයි නිදහසේ කතාබහ කරගන්න අවස්ථාවක්නම් ලැබුනෙ නෑ. බස්සට එදා හරියට වැඩ. බේස් කැන්ටිමට ගිහින් විනාඩි දහයක් ගියෙ නෑ බස්ස ...
අපි කොහොමද ඇඳගන්නේ... (බස්සිගේ ඇඩ්වයිස් මාලාව) බස්සිගේ නවාතැන අද ලියන්න හිතාගෙන හිටියෙ වෙන කතාවක්. ඒත් අපේ ට්‍රේසි මල්ලි ලියලා තියෙන මේ පෝස්ටුව දැක්කාම හිතුනා අපේ බාල පරම්පරාවට ආදර්ශයක් ගන්නත් එක්කලා මමත් පොඩි ඉන්ටර්විව් ටිප්ස් ටිකක් කියාල දුන්නොත් හොඳා කියල බස්සිගේ නවාතැනෙන්.නවාතැන ටියුෂන් පංතියක් කරන්ට යනවා කියල හිතන්ට එපා. ඒත් මේ කාලෙ තමයි අපේ ජූනියර් බැචාල බැචීල ඩිග්‍රිය ඉවර වෙන්ට කිට්ටුව ජොබ් හොයන කාලෙ. අපේ කැම්පොස් එකේ හැම අවුරුද්දෙම ...
කැපුවත් කොල අපිට ඔය ඕනෙ චැලේන්ජ් එකක් ඔට්ටුයි අරී! බස්සිගේ නවාතැන සශීන් සිංහල කොල්ලෙක්. ෆර්ෂාන් මුස්ලිම් කොල්ලෙක්. මේ දෙන්නටම තිබුනෙ එකම එක හීනයක්.ඒ තමයි, කොල පාටින් වැහිච්ච ශ්‍රී ලංකාවක්. ගහකොලෙන් පිරිච්ච හරිත දූපතක්. එතනින් එහාට ගිහින්, නිල්ම නිල් පාටින් බැබලෙන සිහිලැල් ග්‍රහලෝකයක්. හරිත පෘතුවියක්.අන්න ඒ නිසයි ඒ දෙන්නා Back to Green Challenge එක පටන් ගන්නේ.මේ වගේ අභියෝග අපිට ආගන්තුක නැහැ. පහුගිය කාලයේ රටවල් ගණනාවක් සහභාගි වුන ALS Ice Bucket Challenge එක ...
බයිට් බස්සිගේ නවාතැන බයිට් වීම සහ බයිට් කිරීම ගැන පහුගිය දිනවලදී මහා විසාල කළබගෑනියක් අහන්නට, දකින්නට ලැබුනේය. බස්සිට මතක හැටියට නම් බයිට් කිරීම කියන ක්‍රියාපදය සිංහල වදන් පොතට එක්කාසු වූයේ දැනට අවුරුදු දහයකට පහළොවකට කලින්ය.අපේ තාත්තා නම් බයිට් එක කියන්නේ යාලුවොත් එක්ක සෙට් වී මදුවිතක් තොලගාන විට ගන්නා කටගැස්මට ය. තාත්තා බයිට් ඉල්ලනකොට අම්මාගේ මූණ නම් බලන්ට ලස්සනය. බයිට් වලින් බස්සි කැමතිම එළවලු ...
උපාධිය ලැබුවෙමි..... බස්සිගේ නවාතැන බස්සි පහුගිය සතියේ සඳුදා උපාධිය ලැබුවේය. මෙතෙක් කල් ග්‍රැජුවේට් වී තිබුනේ අණ්ඩ විතරය (undergraduate). ඉතින් උපාධිය ලැබීම ප්‍රීති ප්‍රීති කරුණක්ය.අම්මාත් තාත්තාත් නංගීත් පමණක් නොව බස්සාත් තකහනියක් නිවාඩු දමාගෙන බස්සිට සුභ පතන්නට ආවේය. ඒත් උත්සවයට සහභාගි වෙන්නට අවසරපත් තිබුනේ අම්මාටත් තාත්තාටත් පමණක් නිසා බස්සාටත් නංගීටත් සිදුවුනේ එලියේ සිට ටී.වී. එකෙන් උත්සවය බලන්ටය. උපාධිය ලැබීම හිතට තටු ලැබෙන සිදුවීමකි. බස්සි පහුගිය ...
ප්‍රීති චිකිත්සා බස්සිගේ නවාතැන සුපිරිසිදු සුදු ටයිල් පොළොව, මොහොතකට පෙර විශබීජ නාශක දියරයෙන් පොඟවන ලදුව, දීප්තියෙන් බැබලෙමින් තිබිණ. නැහැතුඩග හැපෙන සිඟිති විලවුන් බිඳිති ලැවැන්දර සුවඳකින් කර-පාන් පෙති සුවඳකටද, උණු කෝපි සුවඳකින් අළුත කැපූ තණ බිස්සක සුවඳකටද වේශාන්තරණය වෙමින් පැවතිණ. හොලොග්රැෆික සමනල්ලු සහ නන් පැහැ තුරු පත් එක්වනම පැනනැඟ, හිස් අවකාශය සිසාරා ඔබමොබ ගමන් කර, ඇසිල්ලකදී කොහේ හෝ තැනෙකින් අතුරුදන් වන්නට යෙදිණ.සිහින් සරින් සායනය වසාගත් ...
කන ඇතුලේ වංගු වංගු බස්සිගේ නවාතැන බස්සි සති අන්තෙ නිවාඩුවට ගෙදර යනවා නෙව. සති දෙක තුනකට කලියෙන් ගෙදර ගිය වෙලේ බස්සිට අම්මා ගෙනත් දුන්නා ලියමනක්. කඩලා බැලුවාම මේක මේ ඉන්ටවිව් ලියමනක්. දැන් ඔන්න බස්සියි, අම්මයි කතාවෙනවා ඉන්ටවිව් එක ගැන. රජයේ බැංකුවක මැනේජ්මන්ට් ට්‍රේනී සීන් එකක් නිසා අම්මා කතාවෙන් කතාවෙන් ෆුල් ට්‍රයි එක දෙනවා බස්සිව ඉන්ටවිව් එකට දක්කන්ට. බස්සි අහුවෙයි ඕවාට. පූරුවෙ කරුමෙකට බස්සිට හිත දෙන්නේම නෑ ...
සන්ධවනියට පෙර බස්සිගේ නවාතැන ඉකි ගසා හඩන අතීතයකකදුළු එක්ක ගනුදෙනු කරනාමට මගේ නොවන මගේම ආදරයක් තිබුනාහීනෙන් හීනැහී තුන්යම මා රවටාමැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවානින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනාමට මගේ නොවන මගේම ආදරයක් තිබුනාමගේම ආදරයක් තිබුනාරිදුමක් වාගේ කිසිදා සුව නොවෙනාසුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනාඋහුලනු බැරිතැන උනු කදුළුම වගුරුවනාමට මගේ නොවන මගේම ආදරයක් තිබුනාමගේම ආදරයක් තිබුනාකාලෙකට කලින් මේ පදවැල සවනත වැටෙන මොහොතෙ මටත් හොරා මගේ ...
මාරක බස් ගමන (සංවේදී හදවත් ඇත්තන් කියවන්නට එපා හොඳේ!) බස්සිගේ නවාතැන කස්ටිය දවස් පහේ ලෝන්ග් වීක්එන්ඩ් නිවාඩුව රසවින්ඳාට පෞද්ගලික අංශයේ රැකියා කරන අපි වාගේ අසරණයන්ට ඒ චෑන්ස් එක ලැබුනේ නැත. ඒ වෙනුවට බස්සිට ටිකක් වැඩිපුර මහන්සි වෙන්නට සිද්ද වුනේ දවස් පහේ වැඩ ලෝඩ් එක දවස් හතරකින් ඇද හමාර කිරීමටය. වැඩට අකමැත්තක් නැති නිසා අවුලක් නැතත්, ගෙදර බලා පියාඹන්නට වුනේ අද උදේමය.බස්සානම් ඊයේ රාත්තිරියේම ගෙවල් බලා ඉගිල්ලී තිවුන නිසා බස්සි බෑග් මලු ...
කෝ බොලව් මගේ චීස්? (who moved my cheese?) - Part 1 බස්සිගේ නවාතැන අද ශෝයි දවස අප්පා… ඔපීසියෙ වැඩ සෑහෙන්න අඩුයි වෙනදාට සාපේක්ෂව. ඉතින් බස්සි කලේ ඊ-බුක් ලයිබ්‍රරියට වැදිලා අලුත් පොත් තියේද බලන එක. එහෙම බලද්දි තමයි බස්සිට හමුවුනේ මේ අපූරු පොත.පැයක් විතර ඇතුලත එක හුස්මට පොත කියවාගෙන ගියා .කතාව හිතට අල්ලාපු නිසාම හිතුනා ඒකෙ සිංහල අනුවාදයක් ඉදිරිපත් කරන්න තිවුනානම් වටිනවා කියල.දිග කතාවක් නිසාත්, මේ දවස්වල වෙන පොඩි වැඩකුත් කරගෙන යන නිසාත් කතාව ...