ගබ්සා නොකල වරදට සමාජයෙන් ගබ්සා වීම (One Abortion? or being Aborted thousand times?) බස්සිගේ නවාතැන 138 බස් රථය කඩවත බලා ඉගිල්ලෙයි. අඩක් විවර වූ කවුලුවෙන් හමා එන සුළං රැලි මගේ අකීකරු කෙහෙරැල්ලෙන් දෑස මුවා කරයි. බසය පට්ටිය හන්දියේ නැවැත්වූ කෙනෙහි මම දෙනෙත් වසාලන කෙහෙරැල් පසකට කර අවට බලමි.ඇය බසයට ගොඩවෙයි. පුරා සිවු වසක් එකම සරසවි බිම සැරි සැරූ හෙයින් මට ඈ කාලයක සිට හඳුනන අසල්වැසියෙක් වැන්න. ඇගේ ඉදිරියට නෙරා ආ කුස දෙස වරක් බැලූ කෙනෙහි ...
මල් පත්තරකාරයෙක්වත් නැතුව (කෙටිකතා) බස්සිගේ නවාතැන දිගු ඇඟිලි සහිත දෙ අත්ල බළල් කොට්ටා අත් බවට රූපාන්තරණය වීම ඇරඹුනේ නොසිතූ මොහොතක. ලෝහමය අත්වාරුවේ නිය ගැටීමෙන් ඇතිවුන සිහින් සීරුම් හඬ දෙසවන් හිරිවට්ටන සුළුයි. තවදුරටත් බළල් කොට්ටා අත්වලින් අත්වාරුවේ එල්ලී සිටීමේ අවදානම අත් හැරලා මම ඉහලම තරප්පුව උඩ උක්කුටියෙන් වාඩි වෙලා නිනව්වක් නැතිව ඉදිරිය බලාගෙන උන්නා.තාරතාවයෙන් ඉහල ඇගේ කටහඬ පහල සාලයේ ඉඳන් ඉහලට විෂ කැවූ ඊතල විදිනවා. ඒ හඬ ...
කළු කූඹි (කෙටිකතාව) බස්සිගේ නවාතැන ඇබිත්තං කළු කූඹියෙක් කම්පියුටර් ස්ක්‍රීන් එක දිගේ ඉබාගාතේ ඇවිදිනවා. කූඹියා වගේ තුන් හතර ගුණයක් විශාල අකුරු ටයිප් කිරීම එහෙමම නවත්තල මම උගේ අමන රස්තියාදුව දිහා බලන් ඉන්නව. ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද කියල තඹේකට මායිම් නොකරන නිදහස්, හිතුවක්කාර ප්‍රාණියෙක්, කම්පියුටර් ස්ක්‍රීන් එකෙන් ලක්ෂෙන් පංගුවක් තරම්වත් විශාල නොවෙන ක්ෂුද්රප්රාණියෙක් නිසා මගේ රාජකාරිය ලත් තැනම ලොප් වෙලා. ඔන්න මට මේ කුඩා අමනයා ගැන ...
බොරුවක් ගැන ඇත්ත කතාවක් (Fun with Science) බස්සිගේ නවාතැන බොරුකාරයෝ' කියන නම ඇහෙනකොටම අපේ නහය හැකිලිලා, කට කරත්තෙට අහුවුන කජු ලෙල්ල වගේ වෙලා, උපරිම අප්‍රසාදයක් පිළිබිඹු වීම නිරායාසයෙන්ම සිදුවෙන දෙයක්. මොකද, අපි හැමවෙලාවෙම "ඇත්ත තිත්තයි" කියල කිවුවට, අපි කැමති 'ඇත්ත' දැනගන්න මිසක බොරුවලට රැවටෙන්න නෙමෙයි නෙව. ඒ කොයි හැටි වෙතත්, ජීවිතේට 'බොරුවක් නොකියපු මනුස්සයෙක් හොයාගන්න එකනම් අද කාලෙ කළුනික හොයන්නැහේ දුර්ලභයි. මොකද, අපි හැමෝම, අපේම ගැලවිජ්ජාවට පොඩි බොරුවක් දෙකක් ...
දුකාගේ දුක බස්සිගේ නවාතැන බස්සි ඉක්කෝලෙ යන කාලෙ බස්සිට හිටියා අපූරු යාලුවො අටදෙනෙක්.කිරිහාමිරඟ සොබානෝ ලිමිට්බැටිස්ටාඩිලූමලියාදුකාහංසි ඔය යාලුවො සෙට් එක අතරෙ තමයි බස්සි කොට හාමිනේ, එහෙමත් නැත්නම් රේ මිස්ටීරියෝ වුනේ.ඔතන ඉන්න එවුන්ගෙන් දුකා කියන්නෙ අමුතුම තාලෙක ඩයල් එකක්. පොර බොහෝම කැමතියි අනුන්ගෙ දුක් තමන්ගෙ කරගෙන දුකින් බරව කාලෙ ගතකරන්න. පංතියෙ ඉන්න යාලුවන්ට කිසිම දුකක් නැත්නම් මූ යනවා අල්ලපු පංතියෙ එකෙක්ගෙ දුකකට කර ගහන්න. මුලු සයන්ස් ...
කොටුරූල් ගම (Anti-අවුරුදු කවි) බස්සිගේ නවාතැන කොටුරූල් පොතක් වැනිකතා නැති ගමතම තමන්ගේ කොටුවලකන බොන, ටෙලිවිෂන් බලනහුදෙකලා රතිඥ්ඥාවක්හිටිගමන් කොටුවක් අද්දර පුපුරන
මහ දාංගල්කාරයෙක් නෙව මේ ඉර! (Anti-අවුරුදු කවි) බස්සිගේ නවාතැන නිස්කාංසුවෙ එකලස්ව ඉන්න බැරුවටරාශියෙන් රාශියකටබට්ටො පනිනවද මන්දාමේ ඉර! රතිඥ්ඥා සද්දෙටගොලුවෙලා වෙන්නැති කොවුල් නදඒත් අඩුවක් නම් දැනෙන්නෑ"කොහෙක්" අඬවයි රූප පෙට්ටිය කුරුලෑ ගෙඩි වලටකැවුම්, අතිරස, කොකිස් අගුණයකාබයිට් කහ කෙසෙල් ඇවරියමකයි සුදු කිරිබතක පාලුව එරබදු ගමේ නෑ දැන්ගිහින් රට රස්සාවටනිවාඩුත් නැතුවැතිරතු ගවොම් ඇඳ ගමට එන්නට ඉන්න බැරිවද එකතැන!මොකට එහෙමෙහෙ පනිනවදමහ දාංගල්කාරයෙක් නෙවමේ ඉර! ...
යුනිකෝඩ් සිහින බස්සිගේ නවාතැන "මට පාලුයි."අනුකි සෝෆාව උඩ පෙරළිලා ටීවී එකට කිවුවා. රිමෝට් එක අතට ගත් ඇය අරමුණක් නැතුව චැනල් මාරු කරන්නට වුනා.සිංදුවක්, ටෙලියක්, ප්‍රවෘති, හින්දි, හොලිවුඩ්, කොලිවුඩ්, කොරියන් කුමාරියෙක්, ශිහාන්......"මට පාලුයි."අනුකි ආයෙමත් කිවුවා, ටීවී එකට."ඇයි ඒ?"මාලක ලැප් එකෙන් ඇහුවා.ක්ලික් ක්ලික් ක්ලික්ලික් ක්ලික් ක්ලික් ක්ලික්. යතුරු පුවරුව සිහින්, වේගවත් හඬක් නැගුවා."තේකක් බොමුද?"මාලක දැන් ලියා අහවර කල කෝඩ් පේලියෙන් ඇහුවා.කලු පාට තිරය මත සුදු පාට ...
ඉරිදා පොහොට්ටු (බස්සිගේ විස්මලන්තයෙන්) බස්සිගේ නවාතැන ඊයෙ රෑ නිදාගත්තෙ කීයටද කියලා මට මතක නෑ. දහයට, එකොළහයි තුන්කාලට, නැත්නම් පාන්දර එකයි දශම තුනයි අටට වෙන්න ඇති. හැබැයි කොහොමින් කොහොමහරි ඇහැරෙද්දි මං හිටියෙ සල්මලක් මැද්දෑවෙ. එකපාරටම සමනලයෙක්ගේ අත්තටු කෙලවරක් කම්මුලේ වැදිලා මං ගැස්සිලා ඇහැරුනා."අද ඉරිදා!" ඌ මගේ කනට මිමිණුවා. මිමිණුමක් උනාට උගේ කටහඬ මහා සද්දයි. මං ඔය ඇහැව්වමයි කෑ ගහන සමනලයෙක්ගෙ සද්දෙ. මහ ගොරහැඩි කටහඬක්. කන ඇදුම් කෑව ...
ශීත පිළිස්සුම් (නත්තල් කෙටිකතාව) බස්සිගේ නවාතැන මම කෙලවරක් නොපෙනෙන දිග බරාඳයක අරමුණක් නැතුව ඔහේ ඇවිදිමින් උන්නා. ඉදිරියට තියන පියවරක් පියවරක් පාසා දශමයෙන් දශමය හැකිලෙමින් උන්නා.හරියටම අර ඇඳුම් සාප්පුව ඉස්සරහ ආරුක්කුවේ එල්ලලා තියෙන හදවත් හැඩේ බැලුම් බෝලයක් වගේ. නත්තල් සැරසිලි තොග ගනනට එල්ලාගෙන ඉන්න නිසා පුරුදු කඩසාප්පු එක්වරම අඳුනා ගන්නත් අමාරුයි. බරාඳය දෙපස එල්ලා ඇති උස් හා පැහැදිලි කැඩපත්වලින් පරාවර්තනය වෙන නිල් හා සුදු පැහැ විදුලි ආලෝකය ...
වැලන්ටයින් බස්සිගේ නවාතැන දොළොස් මසක් ගෙවී ගිහින්නිසංසලෙන්, හෙමින් හෙමින්තවත් නැවුම් ඉරක් අරන්යළිත් ඇවිත් වැලන්ටයින්බාලිකා කුසුම් පෙලින්සැඟවෙමින්, හොරෙන් හොරෙන්චොකෝ එකෙන්, හසුන් පතින්එබී බලයි වැලන්ටයින්උයන් කොනේ කුඩේ යටින්වෙරළ අයිනෙ ගල්කුළෙන්ඇසිල්ලකින්, දෙතොල් මතින්සිනා තියයි වැලන්ටයින්මියුසිකල් නයිට් ගිහින්මදුවිතෙන් පියා නුවන්නුරා තෙපුල් පුරා ලවන්රහස් කියයිවැලන්ටයින්ලැගුම්හලේ යහන් මතින්රෝස පියලි විසුරුවන්කිරි කළේ බිඳුනු සැනින්පලා ගියා වැලන්ටයින් ...
දොස්තර කානේෂන් සහ අභ්‍යන්තර මල් ගහණ බස්සිගේ නවාතැන හිසරදේ. යාන්තම් කරකැවිල්ලකුත් එක්ක. ඒක කරකැවිල්ලක්මත් නෙමෙයි. අභ්‍යන්තර පද්ධතිවල පොඩි සෙලවීමක් වගේ. ඇඳුම් අල්මාරිය ගාව ඉඳන් අයන් බෝඩ් එක ගාවට යන අතරේ ලා රෝස පාට බිත්ති, භූමිදර්ශන සහිත බිත්ති සැරසිලිත් එක්කම අංශක දෙකතුනක් එහාට මෙහාට පැද්දුනා.රත් වෙච්ච අයන් එක ගවුම් කොලරයට තියනකොටම ආවෙ උඳුනක කරවෙන ඉඟුරු පාන් සුවඳක්. වෙන වෙලාවකනම් ඒ සුවඳ කටට කෙල උණන තරම් ප්‍රණීත වෙන්න ඉඩ තිබුනා. ...
ගිටාරයේ කඳුලු බිංදු බස්සිගේ නවාතැන කෑලි කපන්න පුලුවන් අන්දකාරය.මම ඇඳ උඩට වෙලා ඔහේ බලාන උන්නා. මුලු ඇඟම ගල් ගැහිලා වාගෙ. මම ලෙඩින්ද? ඔව්. මගෙ හිත ලෙඩින්. ඒ නිසාම මගෙ මුලු සිරුරම ලෙඩින්. ඇස් කෙවෙනි අස්සෙන් මටත් හොරෙන් ගලාගෙන ගිය පුංචි කඳුලු කැටයක් ගිටාරය මතට වැටුන බව මට යාන්තමට දැනුන. අමාරුවෙන් දෙපතුල් ලී පොළවට වාරු කරපු මම ගල් ගැහුනු ශරීරය කෙලින් කර ගත්තා. දොර පියන් ...
නාන බාල්දි (බස්සිගේ විස්මලන්තයෙන්) බස්සිගේ නවාතැන මං ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන්.ඔෆිස් ඇරිලා ගෙදර යනවා කිව්වට ඇයි දන්නෑ ගෙදර ඇරිලා ඔෆිස් යනවා කියන්නෙ නැත්තෙ. ගෙදර ඇරිලා ඉස්කෝලෙ යනවා. ගෙදර ඇරිලා ක්ලාස් යනවා. නැත්නම් බෝඩිම ඇරිලා කැම්පස් යනවා. අපි භාෂාවේ වටිනාකම අවප්‍රමාණය කරනව කියන්නෙ ඔන්න ඕකනේ.කොහොමහරි මම මේ ඔපිස් ඇරිලා ගෙදර යන ගමන්.මේ දවස්වල වැඩ වැඩියි. 'වැඩ වැඩියි' කියන වචන දෙක ආංශික අනුකලනය කලාම 'මහන්සියි' කියන ප්රකාශනය ...
වචනයෙන් නොකියූ ආදරේ..... බස්සිගේ නවාතැන “අන්න එනවා” මෙලීසා මගේ වැළමිටට ඇන්නේ නොහිතපු වෙලාවක. අතේ තිබුන ෆයිල් බෑග් එක මහ හඬක් නගාගෙන පේව්මන්ට් එකට වැටුනා.“කලබල නොවී ඉන්නව මැට්ටි. මාත් එක්කම බිමට නැමුනු මෙලීසා විසිරුන කඩදාසි කිහිපය එකතු කරමින් කිවුවා. මම හිටියෙ ඉරට පොඩ්ඩක් ඉහළින් තිවුන වළාකුලක් උඩ ඇවිදිමින්. ඒ තරම් ගැබුරු හීනෙකින් ඇහැරෙන්න අමාරුයි.මෙලීසා මගෙ අතින් අල්ලා ගත්තා. මගෙ අත්ල දහදියෙන් තෙත්ව ඇති බව මට හදිසියේම ...
ශාරුක් ඛාන්ට ජයවේවා! බස්සිගේ නවාතැන මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය ය. නහය උඩින් වතුර ගියත් ඇඟිලි තුඩු වලින් හිටගෙන උඩ පැන පැන ජෝගි දමන පට්ට අභිමානවත් ජාතියක් වෙසෙන අමුතු ඇටය මේකය.ස්වාධීනත්වය කියන වචනය සිංහල හෝඩියෙන් අහක් කල යුතු බව අපි උදක්ම අපේක්ෂා කරනවා ය. ඇත්තටම ඔය "ස්වා" අකුරු දෙක බල්ලෙක්ගේ අධෝමුඛයේ ගසා "දීනත්වය" ලැමිනේට් කර හන්දියක් හන්දියක් ගානේ එල්ලනවාට අපි පට්ට මනාපය. කොහොමත් මාර අභිමානවත් ...
මහින්ද මාමගෙ ටිකිරි මොලේ..... බස්සිගේ නවාතැන කෝ කස්ටියම ලින්ක් සුදන්ත වලින් දත කට මැදගෙන කම්මැලි බස්සිට දෙහිකපන්න එන්නකෝ..... අද නම් බ්ලොගියෙ දාන්නෙ මේල්ලුවක තිවුනු පින්තූර කතාවක්. බස්සිගේ කතාවක් නෙමෙයි. කතෘ අඥාතයි. මේල්ලුව එවුවෙ ඔපීසියෙ යාලුවෙක් වන නදීරා. (ඔපීසියෙ ඈයො බ්ලොගිය බලන්නෙ නැති නිසා හොඳා!) ...
කුරුලු යාලුවන්ට මල් මිටක් බස්සිගේ නවාතැන බස්සිගේ නවාතැන පටන් අරන් මාස දෙකකට ආසන්න කාලයක් ගතවෙලා. අද හැන්දෑවෙ නවාතැනට ගොඩවුනාමයි දැක්කෙ නවාතැනට ගොඩවැදුනු කුරුලු යාලුවන්ගෙ අඩි සළකුණු ගනන 10,000 කඩඉම පහුකරලා බව.බ්ලොග් කලාවට නවකයෙක් වුන බස්සිට මේ තරම් දුරක් එන්න පුලුවන් වුනේ ආදරණීය කුරුලු යාලුවෝ නිසයි. ඔයාලගෙ අදහස්, යෝජනා වගේම පුංචි පුංචි චෝදනාත් බස්සිට ලොකු හයියක් වුනා.වැඩ ඇරිලා එන්න රෑ වුන දවසක පෝස්ට් එකක් දාන්න අතපසු වුනොතින් ...
කෝ බොලව් මගේ චීස්? (who moved my cheese?) - Part 3 බස්සිගේ නවාතැන Part 2 මෙතැනින් කියවන්න. කවුලුවෙන් ඇඳට වැටෙන ඉර එළියෙන් පස්ස රත් වෙනකොට, චරු චුරුස් සහ හෝව් හෝව් අවදි වෙලා තමන්ගේ කුරුමිටි නිවාස වලින් පිටතට ඇදුනා.කුරුමිට්ටෝ තමන් වටා සිදු වෙන වෙනස්කම් දුටුවේ නෑ. ඔවුන් “කැපිටල් C චීස් ඉස්ටේසමේ චීස් සදාකාලිකව නොවෙනස්ව පවතින බව” ඇදැහුවා.ඒ නිසාම දුටු දෙයින් ඔවුන් කම්පනයට පත් වුනා…..!“මොනවා…??? කෝ චීස්???” චරු චුරුස් කම්පාවෙන් කෑ ගැහුවා. “කෝ චීස්?.... කෝ ...
නරි චූ vs සිංහ ලේ බස්සිගේ නවාතැන සිංහයා කියන්නේ ශක්තියේ සහ ප්‍රෞඩත්වයේ සංකේතයක් ය. සිරිලාංකීය ජාතික කොඩියේ ඉන්න සිංහයා එක කකුලකින් කඩුවක් උස්සාගෙන නිසා හිටගෙන ඉන්නේ කකුල් තුනකින්ය. ඔය කියන සිංහයා ඉන්නේ සිංහල ජාතිය වෙනුවෙන් වූ රතුපාට කොටුව ඇතුලේය. අපි ජාතික කොඩිය පවා කොටු ගසා වෙන් කරගත් පට්ට අභිමානවත් රටක් නිසා 'එක මවකගෙ දරු කැල බැවිනා' කියන්නෙත් අර කොටුවේ පරිමිතිය දිහා බලාගෙන ය. කොටු එහා මෙහා වීම ...