කවියාගේ පෙම්වතිය සඳපහන "රට වටේ ගෑනුන්ට" ඔහු ලියන පද වැනුම් ඉරිසියා නැති ඇහෙන් බලන්නී... වතාවක් ඈ නමට ලියා එවූ පද හතර රන් පිඩක් සේ තවම රකින්නී... ගටගැහුණු , පටලැවුණු අකුරු එකිනෙක ලියා එළිවැට ලඟින් පෙලට තබන්නී... ඉඩ පිරුණු, ලොකු හිතක නිදහසේ ඇවිදිමින් සැලමුතු පෙමක මිහිර විඳින්නී.. ...
ඒත් නොරිකෝ., සඳපහන පොතේ හැටියට කබුකි, නෝ නැතුවට වලේ නළුවක රසින් ඉපිලී රිදෙන තුරු තැලුමට අපට අත්පොඩි තිබුනා ..කඩදාසි ලන්තෑරුම් වලමඳ මුදු එලිය නැතුවට තුරු වියන අස්සෙන් පෙරී ආ ලස්සනම හඳ රැස් බිංදු පොළොන්නරුවට වැටුනා..පසුබිමෙන් ස්වර වැයෙනා කෝපි හල් වල කෝපි නැතුවට නුවර ටවුමෙදි තිබහ දැනුනම සීත කෝලා පෙන කැට අපේ තොල කට තෙමුවා..“ඉක්මනින් හොයාගන්න,ඔයාට ගැලපෙන කෙනෙක්..පුරුදු වෙයි නැත්තන්,නරක දේවල් වලට “පොතේ නැති ...
පහනක් විතරක්.. සඳපහන පොත් පිටු පෙරලා අකුරු අහුලලා එනකොට හොඳට ම හවස් වෙලා..දළදා මළුව ට කිරි ගඟ ගලලා උඩු මාලෙට දුර හුඟක් වෙලා..ඕලු නෙලුම් නිල් මානෙල් වතුසුදු සේරම පුදසුන් මත පිදිලා..ඉස්සර වාගේම මේ භවයෙත් මම පහනක් විතරක් පත්තු කළා.. ...
ගොළු බෙල්ලා සහ කොලු-බෙල්ලා සඳපහන කොම්බුවක් වගේ කැරකුණ හරි අපූරු ගේ පොඩ්ඩෙන් හෙමින් පිටට ඉහ පොවමින් යන්න හදන හැම වෙලේම පුංචි ඇඟිල්ලෙන් හෙමිහිට පුංචි පුංචි තට්ටු දැමූ කුහුලෙන් දිළිහෙන ඇස් ඇති පුංචි එකෙක් උගේ ගමන පමා කළා..කලබල වී ඒ හැම සැරේම ගුලි ගැහුනා ඌ ගේ ඇතුලෙ ම..ඉතින් ඊට පස්සේ,ගොලුබෙල්ලා හෙමින් හෙමින් ඇවිද ගියා රිදී පාට ඌ ගිය මග මැකිලා ගියා පුංචි දවස් හරි වේගෙන් දුවල ...
තටු නොසිඳි හිත සඳපහන දැවී නලියයි නෙක පහන් වැටිසුළඟ පැටලෙන, වට පිට.. පලාපෙත්තෙකි තටු කපා ගත්සියතින්ම පෙර කලකට..බලා එළි දෙස දුරින් දිලිසෙන පණපිටින් යයි ඉවතට .. බිමින් ඇවිදිනඋට, ඉගිල්ලෙන හිතක් ඇත පෙර පිනකට.. ...
සඳ, ඇවිත් කොහොමද ? සඳපහන කොයි තරම් හිතාදර හඳකට වුනත් ඉන්න හිටින්න බැරි තරම් හැඩි වෙලා හරියට මේ ආකාස කුටිය..ඉරා විසි කල වලාකුළු කෑලි දැමූ පොඩි කර තාරකා ගුලි ඇඳුණු තැන තැන උල්කා ඉරි පැටලී ගැට ගැහුණු මන්දාකිනි වගක් නෑ ඕව ගැන දැන් මට..ඒත් සුදු සඳ,ඇවිත් කොහොමද ?? ...
කිලිටි කවි පොත අතැතිව සඳපහන එකම කඳුළු එක පිට එකඑකම මතක එක පිට එකවැටී ඇලී එක පිට එක දුඹුරු ගැහුණි එක එක පිට සුරා කල්පයක කහට සිදුරු නොකර සුද මතු කොට ඉඩ දෙන නෑඹුල් කවක ට සියුම් අතක් අවැසිය මට..!! ...
පස් වසරක් සරසවියේ... සඳපහන පැතුම් පොකුරු පොදි බැඳගෙන ඇවිදින් හද සන්තානේ පස් වසරක් ගෙවී ගිහින් කඳු පාමුල හන්තානේ ටික දොහකින් නිමා වේවී අග හරියයලු මේ හීනෙ එතෙක් සිඹිමි කහ මල් පෙති මොහොතක් මොහොතක් ගානේ ...
ලිහිණියෙකුගේ මරණය සඳපහන වතුර පොදටත් තිබුණු අයිතිය නොහිතු දවසක ඇහිරුණේ තැවුණු අසරණ ලිහිණි සෙනඟක් දිය සොයා ගෙන ඉගිලුනේ අණට කීකරු තුවක්කුවකට ඉලක්කය නැත වැරදුණේ රුධිරයෙන් පස රතට හරවා තුරුණු පපුවකි නැවතුනේ උරාගෙන උණු රුහිරු පොළොවට එතැන බිජුවකි පැළවුණේ හිනාවෙනු ඇත මලක් මතු කර හෙට අපට අමතක දිනේ ...
කවියාගේ(ම) කවිය.. සඳපහන වසා දොරගුලු, පිටත පොරකනසුලං රැල් ගැන කතා කියනෙමිරුදුරු නිරුදක කතර සරමින්සීත වැහිපොද සිහින බෙදනෙමිගලන කඳුරක දිලෙන නිල ගැනකාණු පතුලක කවක් පබඳිමිටිකෙන් ටික පණ අදින අතරේ මියෙන ගතකට හුස්ම පිඹිනෙමි ...
ප්‍රේමය(1) සඳපහන බලා නෙත් අගින් බැල්මක් දාහක් මල් පූදනු හැකි රවා යන්තමින් සැරයක් දවා භෂ්ම කරලනු හැකි හිතක් ලොවේ කොතැනක හරි ඇති බව දැනගත් දවසේ හොරෙන්ම ඉපදී වැඩෙනා අහංකාර සන්තෝසෙකි..!! ...
ලිලිපුට්ටෝ සඳපහන මරණයේ යෝද කයහෙලූ හෙවනැල්ල යටඅපි...අසරණ ලිලිපුට්ටන්..බේත් හේත්, වෙද හෙද කම්ඉදිකටු කඩු කිණිසි රැගෙන..යුද සැලසුම් සකසනු දැකදුටුවෙද අවමන් සිනහවගලිවර මුහුණත මතුවුන.. ...
ඉදින් මා කවියෙකු විය.. සඳපහන අමුතුවෙන් නොහිතා වැඩි යමක් ඔහේ කටු ගෑවෙමි..බොහෝ දේ..මා දකින ඇසිල්ලෙන් මලක් සේ පිපී ආ,සඳ කිඳුරු මුව ගැන..දෝතින්ම ගෙන මගේ නොවටිනා තිළිණයක්,මහා මෙරක් ලද ලෙසින් විස්මයෙන් ඉස්සුණු ඇස් ගැන..එකම එක වතාවක් සීතලට දැනුණු, මුදු ලපටි නා දළු ගැන...අහිමි කරගෙන ඒ හැම,අකාලේ මියගොසින් අපාගත වූ මගේම හිත ගැන..නුඹ ද, ඒ මතකය ද..කවියක් ම විය..ඉදින් මා කවියෙකු විය. ...
සීතල ගමනාන්තය සඳපහන ලෙහාගෙන දෙතොල් පැටලුම්, අදට සමුදී අවසාන අසුනට ,වීසි කර කාණුවට තවත් දුර යන්න බැරි ටිකට්..ඇවිළෙන දුලී අතරින් බොඳවී දුරස් වෙයි ,අඩකින් නිවුණු ..පෙම්වත් සිරුරු.. ...
නොමියෙන මතක සඳපහන කෙලෙස සම කරන්න ද ඔබ, සුපිපි මලකට..රුව සුවඳ තිබුනාට,මියෙනතුරු මට මතක,මිහිරිතම උණුහුම..අඩු නිසා මල් පෙති ළඟ..කෙලෙස සම කරන්න ද ඔබ, සරා සඳකට...මුදු එලිය හැලුවාට,මියෙනතුරු මට මතක ,හිත පිරෙන සිනහව..අඩු නිසා සඳවත ළඟ..කෙලෙස ගී ලියන්න ද තවත් නම් නුඹ හට..සියක් පද හිතුනාට, මියෙන තුරු මට මතක ඒ මියුරුතම වදන..අඩු නිසා කවි හිත ළඟ.. ...
නිදි නැති රැයක සඳපහන සඳ බොඳ වෙලා..මැකෙමින් තරු ගිලිහිලා..හුරුපුරුදු කඳුලක් නෙතගේ..මග බල බලා ...පිණි ගැලවිලා.. අහසින් බිම ඉහිරිලා..දිව ගිලුණු පොලවේ වැතිරී..සරදම් කළා..සීතල ගලා.. ඇවිදින්සියොළඟ වෙලා..උණුහුම් සිතුම් යලි කලතා.. රැය දිගු කළා.. ...
ඉගිල්ලෙන මාලු ? සඳපහන තහනම් කල යුතුය මේ අහස උන් හට, නිසැකවම සියොතුනට කල ලෙසටම...ඉගිල්ලෙන අතර තුර සුළු දිය බිම හෙලා කැත කෙරුවොතින් හෙම දූපත වැහෙන්නම එලූ අගේ ඇති කැමා සළුපට...
නික්ම යමි සඳපහන අන්න ඈතින් පෙනෙයි අවසාන දුර්ගයට එපිටින් ආ මගෙහි කෙලවර..මුදාලන මා මේ රුදු ගමන් වෙහෙසින්..ඉර හෙවිලි කර ඉහට හඳ අවුළුවා රෑ ටනොනැවතී යා යුතුය නොබලා ම වට පිට..පමාවට කොහොමවත් සමාවක් නැතිකොට..ඉදිරියෙන් හුඟක් පසුපසින් ටිකක් මගියෝම වෙති තවත් මා වැනිම.. මිරිකුණ..හිනැහෙන හඬන හැටි පවා.. ඇතැමෙකුට අමතක වුන.ඉදින් මා නික්ම යමි..පුරුදු බර කරට ගෙන,සොයා ඒ නැවතුම ..දැන දැන වුව ද එය අලුත් වෙහෙසක ...