ඍතුවෙන් ඍතුවට.. සඳපහන අප්රියෙල් අහස ඉඹපිපිරිලා කැබලිවෙමිවෙසක් හුළඟක ඇලීතැන නොතැන විසිර යමිනිකිණි හිරු අබිමුවෙහිඋණුව දියවී ගලමිදුරුත්තේ හීතලට නිවී යළි කැටිගැහෙමිඒ කිසිම තොරතුරක් කිසිවිටෙක නොසඟවමිමුදා විසිතුරු සලුවඅගුලු නැති දොර හරිමිමිදෙන මං පෙනි පෙනීසුවපහසු මිහිදුමකපටලැවෙමි.. ...
කරගැට සඳපහන ආකහේ නිල් පාටගොයම් ළා කොළ පාටමජං කලු, බුලත් කෙළබිම අඳින රතු පාටතවත් නෙක දැක පුරුදුපෙට්ටියේ නැති පාටඑකිනෙක මුසුව - වෙන්වසියුම් රේඛා අතර අපිළිවෙළකට ඇඳුනතවම තෙත එ සිතුවමඇස් පුරා විඳිනතරබිඳ දමා සිත් දැහැනසිත්තරා මහ හඬින්හඬගසන හඬ ඇසිණ"හෙළිකරමි මෙහි රහසබලව් මේ දෑත් දෙසපින්සලය මනාකොටහසුකර දෙවන කරගැට"චිත්රයේ ගනකමටතැවරී තිබෙන දහදියදුක් ලැබ බොහෝකොටනහර ඉල්පුන හදවතදිස්වෙන නමුදු විනිවිදවර්ණ රේඛා හැඩතල සිත්තම අසල දැන්කිසිවෙක් නොමැත කියවන ...
වියළි සඳපහන කුඩමැහි පිළී ගඳ පණ අදිනා වැවකකට කාරවන කිවුලැති ලිඳක පතුලකඅව පැහැ උතුරු සලුවෙන් වැසුණු පපුවකසෙවුවෙමි නමුදු නොදිටිමි ඒ කිසිතැනකපොළොං දළ ඇණුනු මඩ තැවරුණු පයකමිතුරු තොමෝ ලය හැඳි කිණිසි පහරකදෙකම්මුල් තැලුණු සිරිකතක මුවගකඅජාසත්ත ‘අතගෑ’ පැසුණු සිරසකගලනා අනවරත රත මිස අන් තැනකකොයිදෑ තෙතක් මේ සා වියළි පොළොවක ...
වසන්තේ කෙලවර සඳපහන රොබරෝසි ඉපල් අගඅලුතින් ගෙපැල් අටවනකරව් කරනා මිතුරන්,බෝ වැඩ අතර වුවඇඳ තිබුණි මල්- මඟ කිසිත් අඩුවක් නැතිව විසිරි වසුරින් හැඩකොටවසන්තේ කෙලවර මලක් අතකින් අරගෙනහෙමි හෙමින් ඇවිද එනයුරු දැක ...
දූලි මල සඳපහන අහු මුලු අමදිමින්ගෙවා දැමු මුත් බොහෝ දවසක්රන් සුණු නොලදියෙන්සුන් ව ගිය සඳ සිහින සහසක්මැටිකර දහදියෙන්සොයා ගෙන ආ දූලි අහුරක්ඉතා සියුමැලි විලසින්අඹාගත්තෙමි රෝස කුසුමක්වීනස් දෙවොල මලසුනපිදුනු රන් මල් කිනිති දහසක්අතරින් තැබූ කලමහත් වෙහෙසක කුසුම් ලකුණක්වහා එදෙසට දිගුවීනොබිඳි රන් වන් නොබැඳි දෑතක්වඩාගත් සඳ මලදැනුණි දිවමන් සුසුම් පහසක් ...
ඝාතකයින් අතර සඳපහන “තව ගොඩක් කල් ද බංමිඩ්වයිෆ් මිස් කියපු දවසට?ආසයි දැකගන්ඩ අලුත් කිරිකැටි මූණඋඹේම ලෙයින් ඉපදෙන”ඉක්මෙන්නටත් ඉස්සරපළමු තුන් මාසය දනිතරම අසති විමසති නොඉවසිලිකම් පාතිහිතමිතුරු වෙස්ගෙන,ඝාතකයෝය උන්අහිංසක විදියට හිනැහෙනවසඟ වී ඒ බහටකුලුඳුලේ ගැබ්දරනගර්භාෂ බිත්තිවලමස් පේශි කිතිකැවෙනකල්තියා විළි වැළඳගබ්සා කළල වපුරන“අහෝ! කොතරම් සිනිඳු දමේ මූණු අත පය මෝරාපු ඒවා වගෙ ද?”උඩ පහළ පැද්දෙන නිල් පාට තොටිල්ලකනොමේරූ ළදරු මස නිදිකරඋඩින් අතපතගගා විමසනඝාතකයෝය උන්අහිංසක විදියට හිනැහෙන“සැකයි ...
පමා වූ අළුයම සඳපහන ඔහේ ඉර හඳ පායාමැරී වැළලුණ දවසකකොහේ හරි ගුලිවීහීන තොල ගෑ හවසක..බඹර තුඩුගක පැටලීඇඟිලි ඉදිමුණ මොහොතකපන්හිඳ ඉකි ගැසූකඩදාසි කඳුලු බිව් යුගයකකෙළවර උදාවියපමා වූ අළුයමපෙරඹර සුරත් පෑ ගෙනගලාගෙන ආ උණුහුමහපා කොටකර මිසකපා නැති , මතක ඇති දවසකහිනා වෙයි සුදු මල් වැවී එන නිය අහුරක ...
බිඳුණු කැඩපත සඳපහන ගෙයින් එළිය ට බැසදෙපයින් ඇවිද එන විටකඩුල්ල ලඟදි අම්මාදෝතින් දුන්න වස්තුවසීයගෙත් සීය ටවගෙ ම වෙනසක් නැතිව මබැලූ හැම විට මටමාව පෙන්නූ කැඩපතබර පොත් මිටි උසටපොටෝ කොපි පිරිවර කොටතිබූ පාඩම් මේසයඇදපු දා ඇඳ අසලටසැනින් පැන පොළොවටකැබලිවී උඩුබැල්ලටඅහුලන්න ගිය විටකැපුනි හද රේඛාව හරහටරාමුව පමණි දැන්ඒ ඇණයේම එල්ලුනකිළිටි බිත්තිය විතරක්රවුම් කර කර පෙන්නනඒ වුනත් එකපාරටවිසිකරන්නේ කොහොමද උරුමය නොවෙද එය මගේ නූපන් පුතු හට?? ...
සුබ උදැසන සඳපහන කළු කූඹි හාදු මැද නිදි කිරයිතේ බඳුන .. රැවුළු කොට තව ටිකක් දික්වෙලා වෙනසකට..වහලේ උළු අත ගගා වැහි සිදුරු හොයාගෙන..රිංගලා ඉර,අදත් ඇහැරවයි ඇහැට ඇන!
අඩක් දුර.. සඳපහන තුංග ගිරි සිකරයෙහිඅඩක් දුර නැඟුන තැනවිසල් තැනි බිමක් වෙයිහරිත පැහැයෙන් නිලනවඩා වෙහෙසක් නැතිවකඩාගෙන කනු පිණිසඅතේ දුර ඉදී ඇතිනොදත් නෙක පළවැල යබෑවුමෙහි අගට විත්පහළ බැලුවොත් කෙළින් අතැර ආ පෙදෙස් වෙයි කාකි පැහැයෙන් දැවෙන කුහුඹුවන් තරම් වෙනමුහුණු හඳුනනු නොහෙනමිනිස් හැඩ කඩිසර ව පොළොව හා යුදවදිනසිහිව පුංචි ම දවස්පපුව හිරවෙන විටෙක නොකෑ ගෙඩියක් දෙකක් අත්හරිම් ඒදෙසට බේරිලා මට මගෙන් හදාගනු පිණිස හිත කුඩා ...
මචං ඇට්ලස් සඳපහන කවුරුවත් නෑ බං දැන්කරගහන්නට මේවට,ලෝකයයි කියන්නේ ආයෙමත් මුංපැතලිම පැතලි දේකටකේබල් දිගේ පැතිරුණුසිග්නල් ලෙසට විසිරුණුස්ක්රෝල්* කරතහැකි යමකට..*Scroll
වැහිවලට ඉස්සර.. සඳපහන සීතකළ අවන්හල සීතලම කෙලවරක හීතලට ගෑවෙවී ඉඳගන්න, ඇඟිලි දිග හිමකිරම දිය වෙවී ගලනයුරු විඳගන්න ලජුබරව බිම බැලෙන රතු ගැහෙන මුහුණ ළඟ කැපුචිනෝ උගුරකින් පිච්චෙන්න කඳු මුදුනකින් ගෙනා මඟ වෙහෙස කසල බඳුනෙහිලන්න සංවහන වැසිවලට ඉස්සර ඉස්පාසුවක් වෙයිද හමුවෙන්න? කවුරුවත් නොකියවූ ගිම්හාන කවි, එකම හුස්මකට හුවමාරු කරගන්න... ...
යථාවත සඳපහන අන්වීක්ෂ - දුරේක්ෂපසෙක ලා මෙහි එන්නමේ විසල් කැඩපතින් යථාවත දැකගන්න අපි අපේ තරමින් මඒ තරම් දුරකින් මඅර ඉන්න අපූරුව! ප:ලි :-වම දකුණ - දකුණ වමවෙනස් බව දැනගන්න ...
හරි රහයි! සඳපහන මොනොසෝඩියම් ග්ලුටමේට්දෝතක්ම අරගමිඋගුරට දෙකට ගිලගමි..සිහි නැතිවෙන්න ඉස්සර“ජීවිතේ හරි රහයි” පවසමි!
මේ සා විකල් නගරෙක සඳපහන තොග ගනන් මිනිස් - හිස් පණපිටින් තම්බන බම්බු අස්සෙන් විදින හුමාලෙට හුලඟකැ'යි පැවසෙනඋයන් බැම්මෙන් එපිට ඇස් ඇර බැලූ වරදට කාරා ගැසූ කෙළ තලි පිපි එන මල් මුහුණු මතුපිටපල් දියෙහි රැලි මතුකොට ඉබාගාතේ පීනන හංසයෝ ගිල දැමූ පණුවන්ය - නර දුගඳ නොදැනෙනදියපට්ට මතුවුණ පස්සාපැති පෝලිමේ අරගෙන බොහෝ සක් දෙවිවරු ඉස්පිරිතාල ගතකළමේ සා විකල් නගරෙක බේරාගන්න හදවත නිකං ම කවියෙකුට කොතෙක් වැයවිය ...
ආදරණීය ගෲෂා සඳපහන එදා මහ මැද මිදුලෙදි,(නාට්ටිය බලං හිටි)කාටවත් නොපෙනෙන්නඋඹ දුන්න කරදහියේලේ ගඳට දාඩියට හුරුවුන,බෝල අත් අකුරු කැටඅත් පටලවං තදටහිටියෙ හැම තිස්සේමවෙඩි සද්ද අස්සෙත්වෝල්ට්ස් නැටුං නට නටකන්දෙකත් වැහෙන්නමඔතාගත්තාම, එවපුරතු බැලැන්කෙට්ටුවනින්ද ආවා සැරටසැර බාල කරගෙනහිම මිදෙන මරණීය හීතලපිටපතේ විදියටහෙට්ටු කෙරුවට කිරි කඳුලකටදන්නවනෙ මං කිරි එරෙන වගකාගෙ මුත් පොඩි එකෙක් දැක්ක හැටියෙම උඹේ පපුවටවසන්තෙදි වත් ඉදුන ඇපල් ගැන නාහනලියමනක් එනතුරා දින ගැනං ඉවසනඑන නේන බවක් ...
නත්තලට ඉඩ දෙන්න! සඳපහන කොයිතරම් නම් දවස් ගෙවුනාද?කුරුසගස පැළවෙලා දළුලන්නකල්වාරි කලුවර කපාගෙනමුදුන තරු පොඩිත්තක් පූදින්නපොරෝකරුවනි , වඩුවනි,ආයෙමත් හිතේවිද නුඹලාටඑතුර සිඳ කුරුසයක් තනවන්න?නොතිත් වධ වේදනාඉවසන්න හැකි නමුත්,නොහැක යළි මරණයෙන් නැගිටින්න..දෙයියන්ගෙ නාමයෙන්මේ දෙසැම්බර් අගටනත්තලට එළඹෙන්න ඉඩ දෙන්න! ...
සීත සමයෙහි නවතිමි!! සඳපහන හිම හිස්වැසුම් ගලවාවසන්තය සිපගනිතිඋණුසුම්කඳු මුදුන්..පෙනෙයි රළු පරළු ගල් උල්,තැනින් තැන පොඩි මල්..ගැහි ගැහී ඇඳි සිතුවම,කුඩා කවුළුව වසාඅලවමි..සීත සමයෙහි නවතිමි!! ...