බෛයනායක සඳපහන අවදිව බලන විට වටපිට ඇසක කොනේකාලය විසින් යටකල ඇටසැකිළි ඇනේඅමුතුම හැඩැති ආයුධයක් අතක පෙනේගුලියක් වෙතත් එහි බලයක් තිබෙනු දැනේග්රහයා කවුරුමුත් එළඹෙන දවස් වල හැම නිවෙසකම එක එළියකි සවස් කල“කොම්බුව” දිගේ කරකා හැඩ වෙනස් කලරස්නෙන් රෑ “ඉරේ” තැම්බේ තවත් මොළතැන තැන දැවෙනවිට ගිනි වැද වියරු මතතව තව පිදුරු විසිරූ “පින්කරන” අතපපුවට තඩිබබා සැප දැයි අහන කැතඑක මීමෙක් නෙවෙයි දාහක් එතන ඇතපැජරොයි ...
ඒ ආලෝකමත් අවදිය සඳපහන ඒ ආලෝකමත් අවදියසියලු පැහැබර කිරණඅප මත පතිත කළවැසි-සුළං දුහුවිලි ඇලීඇස් බොඳ නොවන්නටපෙරා පිටතින් තබාගත්වා-මුවාවේ මතකය,දැන් නම් අතීතයකලු ගලක හැපෙනා මොහොත ගැනසැලසුමක් නොතිබුණා නොවෙයිතියුණු වීදුරු සැතකින්මරාගෙන මැරෙන්නට උව පිළිවනතිරිවාණා කැට මෙන් විසිරීබෙලසුන් කයින් වැතිරීදැන් මේ කියන්නේඒ ගමන අවසන් බව ද? ...
පෙත් මඟක මගියෙක් සඳපහන ඉමක් නොපෙනෙනා පෙත් මඟනිමක් නොදන්නා ගමනකඅව් වැහි යට සිනහමුවිනතනිකර මිනිහෙක් දුර යනකඳු පල්ලම්බැස නගිමිනනැග බසිමිනයළි නගිමිනඋජාරුවෙන් ඔජවඩමින්ඉගිලෙන තරු ඉදිඹුවෙකුටසෙවල හලාගෙන දිව එනගොලුබෙලි-හංගොලු කෙනෙකුටඉඩ දී අයිනකට වෙමිනහෙමින් යදඬු පා ඔසවනමඟ අයිනක පිපී නටනසුවඳ පාට මල් මූණකසිනිඳු ගතිය ළඟ පමණක්ඉඳහිට හෝ පය නවතිනවළාකුළක් ඉහලාගෙන මීදුමෙන් ජටා පළඳිනහඳ පලුවක හැඩ එලියෙන්රෑටත් ඉර අරගෙන යනඉමක් හොය හොයා පෙත් මඟනිමක් දකිනු රිසි ගමනකඅව් වැහි යට ...
නොකල වරදක් සඳපහන පුවතක්- “සිපවැළඳගැනීමක් වළක්වා නොගැනීමේ” චෝදනාවට නිළදරුවෙකුට එරෙහිව පරීක්ෂණයක්.හය හතර තේරෙනවයසේ පටන් දඟ ඇතිකොතරම් වරක් එ’වරදවළක්වා ගතිමු ද අපිපැහැබර සිලිටි මල් පෙතිපොළොවෙන් මහ දුරක නැතිඅතු අත නටා හිනැහෙනමැරී ඉපදෙන මුත් නිතිමඟ හැර ආමු සිතමින“රොනෙන් කිවිසුම් ඇවිලෙති”ලොකුම ලොකු ඇස් ඇතිළදරු පුරු පුරු මොළකැටිඋඩපැන කරට ගොඩවෙනඅදර කෙළිලොල් “බලු ගති”මඟහැර ආමු කියමින“උන් හරි අපිරිසිදු ඇති” පෙම්බස් නිතර තෙපලූවියළි වෙවුලන තොල්පෙතිපපුවේ මහ ඉඩක් ගත්පුමිතිරි කොපුල් ...
කිකිළි දූපත සඳපහන කැලැත්තී මුහුද හුලඟට“පචස්” ගා වදින රැල්ලටයළිත් යළි-යලිත් දියවෙන බිමක් තියෙනවා...කොට කොටා සයින් යන එනඑහි දෙපා සතුන් ගැන දැනකිකිළි දූපතයි ඒකට නමක් කියනවා.. පහුරුගා පයින් කතිරෙටමඟ සදා හිවල් සෙනඟටකූඩුවේ යතුරු වැඳ වැඳබැතින් පුදනවා..තටු පවා ඉතුරු නැති කොටඑක එකා මරං කනකොටඑළවලා එවුන් හනිකටමුගටි ගේනවා .. නැති උනත් දැමුව බිජුවක්හොයාගෙන රවුම් කිසිවක්”රකින්නට වරෙව්” හයියෙන්කෙකර ගානවා..මොකෑ ඔය? කියා ඇහුවොත්විදා තටු කැහැටු පොරකටුමරාගෙන මැරෙන රෑනක්පොරට ...
හිතමිතුරු හැම්ස්ටර් සඳපහන නිශා නිසොල්මන් පාලුව බිඳින්නේසලා ‘දැකුලු මල්’ පෙති බිම හෙලන්නේදිරූ සීලිමේ දඟ කර පනින්නේකෘන්තක මූණ පටු යහනට පෙනෙන්නේඉතා දුබල සිග්නල් කණු බිඳුන රටනිවී විදුලි සැර රවුටර නිදන විටදවා අවට සියොලඟ ගිනි නැගෙනකොටඋඹේ නිය පහුර සිහිවී රිදුණි මටදාහක් උගුල් පාසානම් අතරින්නේදාහක් යොදුන් දුර ගෙවමින් දිව එන්නේදාහක් කාසි හපකර දත මැදගන්නේදාහක් වෙරලුමල් මැදියම පූදන්නේනැවී බිමට හිරිමල් මල් නටන තුරුහැබෑවටම රොන්සුණු මුව ගැටෙනතුරුසැදී යහන්ගැබ ...
වධක භූමි සඳපහන පැත්තකට හිස නැමුනු - නිල්පාට කුරුසයේඅදත් උං කවුද ගැටගහලාදුර උනත් පැහැදිලිව - දැකගන්න හැකි වෙන්න අත්වලට පුංචි ඇස් දීලාචෝදනා ලියවිල්ල- බෙල්ල මුල එල්ලලාඉස් මුදුනෙ කටු ඔටුනු දාලානිදහසට කාරණා තියෙනවා ඇති,ඒත්කොයි කවුද විමසන්නෙ හාරාකිසිම වරදක් නොකල - කෙනෙක් පළමුව ගසනු!කවුද කිවා ,ගොදුර පාලාගල් මුගුරු වැස්සකින් - අහස ඇහිරී ගියාසෙනඟෙ නිවැරදි තරම පාලාලේ ගලන ,ඇට බිඳෙන- මස් තැලෙන ,හිස් පැලෙන“අසිරි” දැක දැක ...
මධ්‍යස්ථ ඌරෙක් සඳපහන දිය අගලකින් වටවුණ- මඩ ගඳ ඌරු කොටුවක්හරි මැද අයිතිකරගෙන - වැජඹුනා සූකරයෙක් වමට පය තිබ්බොත් - දකුණටත් යයි අඩියක්උතුරට ඇවිද්දොත් - අනික් අහටත් දුවයි සැරයක්නවතියි අන්තිමේ - හිටි තැනම ඒ උගේ හැටියක්ගරුසරුව ඇතුව කියැවෙයි“හා! මධ්‍යස්ථ ඌරෙක්” අගල අසලට ආ කල - නාඳුනන වල් (ඌරු) නඩයක්හෙලා දැක දැක දඩයම - හඬතලයි බිම උලා කුරයක්නත්තලට අවුරුද්දට - “පෝක්” වෙනකොට අසල්වැසියෙක්කුටුකුටු ගගා ...
බිතෝවන් එනවා සඳපහන සියුම් සැතකින් පලා අටකටසොසේජස් සහ කුකුළු බිජුවටඔබා බනිසක බඩේ කොනකටබිතෝවන්* එනවා ගෙයින් ගෙටසීනි ඇට තෙත ඇඟේ ඇලවුනකිඹුල් පැටවුන් අලුත ඉපදුනකූඩු වීදුරුවට දතින් ඇනඉඟිමරා බඩ පොඩිති අඬවනඅට අනූවක් රෝග එන මඟඒත් තනුවට කටට කෙල එනඑලයිස්* - පැව්ලෝ* දෙඅත් පටලන් කඩුලු ලඟ බලු නගුටු නටවන“එන්න ලාබයි ගන්න මේවා”විශ්ව බසෙකින් කෑගසාගෙනසිම්ෆනික සුවඳක් විදාගෙනබිතෝවන් යනවා හරෝගෙනබිතෝවන් (Ludvig Van Beethovan ) යනු විශ්ව කීර්තියට පත් ...
මතක පැහැසර සඳපහන විරංජිත විජිතයේ කැලතෙනවියලි සුදුමැලි සුලං දල රළඔක්සිකාරක හුස්ම විසි කරසැනින් උණුකර හරිත පැහැසරදේදුන්න - සමනල පියාපතමල් පෙත්ත - ලා දළු ඉහින තෙත නිල් අඳුර - රතු තැඹිලි දහවලසිතුවමකි තව නොමැකි හදබිත බිරම් සිහිනෙකි සැබෑවට මෙය බලන් ඇස්පිය ඇර ඇතුලු හිතකලු - සුදුය හිඳහිටක අලු වෙත එකම අතකට වෙනම ඇවිදිත ඉස්කෝල පොත් පිටක හිරවුණු සප්රාණවාචී වු මතකෙක සොප්රානෝ ස්වරයකින් ඇවිලෙනශ්වේත හස ...
වැළපෙන්නිය සඳපහන මරීයා* නම් ඔබයස්වර්ගයේ දොර වැසුණසදාකල් මෙලොවපරලොව අතර සිරකෙරුණනොනවතින වැළපුමකඉඳහිටක ඉකිගැසුනකාලයේ ඉම තෙක්මඇවිද යනු! අණ ලැබුන ලිහීඑන සළුව ඇඳදරු දරාගෙන යනෙන හඬා බිහිසුණු හඬින් අංකිරට පැන දුවන සාපලත් පරපුරට තාම දිවි දොස් ගෙනන ලිහිණි හෙළ පතුලෙ ඉඳඅඬගසන හඬ අසනඔබේ සොයුරියෝ වෙතිඑක කුසක නොඉපදුනලොවෙහි දෙකොණක උවදඑකම කොණ උරුම වුන(* La Lorona නොහොත් වැළපෙන්නිය යනු මෙක්සිකානු පුරාවෘතයකි. සිය සැමියා විසින් රවටනු ලැබීම නිසා ...
ගෝලයාගේ කවිය සඳපහන නවා දණ වඳින විට පිටත් වී යන වෙලේකතා නැති ගුරු තරුව බොඳවුනා කරුවලේනොපා අත කිසිවෙකුට දිවි සටන දිනු වෙලේඑපා හිත හූරන්ඩ ඇයි එහෙම මට කලේඉස්සරහ පේලි වල හිටි දුවන පන්තියේඅස්සයින් දුර ගියා සිප්ලැබූ සන්දියේමාළුවෝ මං වගේ කකුල් නැති ගැංසියේපීනන්ඩ පුරුදුවුනෙ තනියෙමයි හංදියේනොයෙක් හණගැසූ දඬුමොණර වල තටුගසනකොතෙක් අය පැමිණේද දාර හොට බිම ඇණුනඋනුත් ඔය වගේමයි ඇඳුනුවත් නොහඳුනනමජං ඔය හැටි විසද මචං ...
අවුරුද්ද එනකොට සඳපහන නොයෙක් සිනහ සිහිවී පැමිණි ගම රට මසක් වටින පඩි පත මිටක දිය කොටනොතිත් දන සරන මහ නුවර වටපිටඩමිත් හෙලුවෙන් ය අවුරුද්ද එනකොට
අං පාර සඳපහන හැම රෑම හීනෙකින් - කර ඇඹෙන හැටි දකිනකඩුලු කඹ කඩාගෙන - පනින ඇන ඇන දුවනහති වැටී නතරවී - හණගැසූ තැන කසනඅං පාර (නො)වැරදුන - බෝ හිසින ලේ ගලන කුළුණු කලු වලාකුළු දුමට ඉහළින් නැගුනහිස්කරත් මුදු බරැති හැඟුම් පොදි ලෙහි රැඳුනවියරු ඇස ගැටුනු කල වන වදුල තෙත හිඳුනහලයි ගිනි අඟුරු යලි ගෙයි උඳුන්වල රැකුන ...
අංකූරෝ සඳපහන හ්‍යුමස් රසට කෑදර තෘණ බුමුතුරුණු අතහැරනොනැවත මතුපිටින්කිඳා බසිනුව පහලටරලු ගල් බොරලු විනිවිදමුතු මැණික් රන් නිදන් නම් නොවමුල් ගැටෙනු නියමිත,මිනී ඇට කඳු ම යබොහෝ වධ විඳ වැළලුණඅසාගන් ඒ හැමවිට කතා හැම උන් මුමුණනවැඩී අතු හැම අතනිවා සනහන සව්සතඋඹ මහ ගහක් වනු ඇතලපැටි අංකුර හිතවත(Painting by Ion vincent) ...
වියත්-මං සඳපහන වියතක් පළල මංපෙතවියතක් දුරද නොපෙනෙනඇවැතක් පවා නොතකනපිරිසක් තබති පියවරඅඳුරෙන් අඳුර වෙතටම අඩියෙන් අඩිය පිවිසෙනපසුපස නොසිට පසුකරඅනෙකෙක් යතත් ඔරවනඅහසක් උසැති මිනිසුන්මහ මං තනනු වෙහෙසෙනවියතක් නූස් ‘වියතුන්’පටුමං වෙතම පිවිසෙන(Oil Painting by Karen Luke) ...
ඉනික්බිති සඳපහන වසාලයි ඔබ පැමිණඒ සියලු කුස්තූරමහද බිත පුරාවටකැතට විසිරී තිබුණපෙඳ පාසි අතර පිපිපෙනෙන නොපෙනෙන පුෂ්පදැනෙන නොදැනෙන තරම්ක්ෂුද්ර සුවඳක් සැදුවනිදාහුන් ලැගුම්හල,වැසී යයි එකින් එකතැවරෙමින් සෙනේ දියබදාමය සේ සැදීසියුමැඟිලි තුඩ මිදෙනපිරියම් ව සුද මැදීඔප වැටී තිබෙන සඳඅසයි ඔබසොයම් මමඒ කුඩා කුසුම් ඉඩ ...
ලොවෙන් අඩක් තනි යායකි සඳපහන රෑ දවසෙත් ඇහේ ඇනෙයිගනකම් අඳුරෙන් ඉස්සීවැට කොටු කටු කම්බි පවුරුහඳ දැක ඇහැරුන ගැස්සීඅමාවකේ වළා ගලාතරු ගිනි පුපුරු ද හිස් වීලොවෙන් අඩක් තනි යායකිකලුවර යට කැටිගැස්සී ...
විල් තෙම සඳපහන මුහුණටම වීසිකලලොකු කුඩා කැට කැබලිතිග්ලුප් හඬින් ගිලදමන ඉගැඹුරු සුනිල විල්තෙමසියුම් දිය රැල්ලකිගැටෙනා තැනින් ඉපදෙනමඳ දුරක් දිවගොස්බොඳවී මැකීයනනැත අන් සලකුණක් ඒ කිසි මිනිස් වෙහෙසකමඳ මඳ ඉහල එසැවෙනදිය කඳ පමණි අපමණ ...