බලා ඉමි.... කුරුටු ගෑ ගී පොත යසස් නෙක් මුව රැව් දෙවා කිත් සරින් දිවි දෙනුවන සරාපුන්සඳක් වී උදුල තරු මැද ඔබ විසල් ගුවනත අරානො වේ ලක්බිම, විපුල මෙදියත යම් දිනෙක සුසුවඳ පුරාතුඟු තුරක් වී පිපෙනු දකිනට බලා ඉමි පැතුමන් දරා ...
සදානන්දකර වූ.... (26) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)සඳුදා උදෑසන අට වන විට මා සිටියේ ජපන් අධ්‍යයනාංශයේ දොරටුව අසල ය."තාම ඩිපාට්මන්ට් එක ඇරලත් නෑනෙ... ටිකකින් එමු."පැය භාගයකට පමණ පසු මම මනීෂා සමග නැවත පැමිණියෙමි. එහි සිට පිටතට පැමිණි අලුත් සර්, අධ්‍යයනාංශයට එන ලෙස මට පැවසුවේ ය. "මොකද්ද ඔයාගෙ අංකෙ?""තිස් හතර සර්""ලිස්ට් එකේ නම නැද්ද?""නෑ...""හරි... මං බලන්නං"පැයකට පමණ පසු මා මනීෂා ...
කුරුටු ගී පොත සිනාසෙනු ඇත කුරුටු ගෑ ගී පොත සිව් වසක සිහිනයක් සිත ඇඳපැතූ පැතුමන් සැබෑ වූ සඳවැටෙන විට ඒ හදවතින් ලදරුකුල අමතක වේ ද කිසි ලෙදපොතපතට නෙත පියැවෙනා සැණනෙතේ ගල්වා දිරි පිරිත් පැනපිදී බස් මතකයෙන් නොමියෙනමතුත් ඔප ලනු මැනවි හද මිණමලක් සේ මුදු මගේ හදවතසිනා පිනි දිය ඉසිත ඒ සිතකඳුළ සඟවා හදේ ගැඹරතකුරුටු ගී පොත සිනාසෙනු ඇතවැස්සේ මෙන්න මේ වැහි බිඳුවට පිළිතුරකි. ළයාදර වර්ෂා නැගණියටත් සුබ පතන්නට එක් ...
සදානන්දකර වූ.... (17) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)නිවස බලා ගොස් නැවත සරසවිය වෙත පැමිණීමට නුවර - කොළඹ බසයකට නැගුණු දිනක ය, මට රුවිනි හමු වූයේ. ඈ මා ගේ පාසල් මිතුරියක් විය."කොහෙද මෙහෙ?""නැන්දට සනීප නෑ. මාවනැල්ලෙ යනව. මේ අපේ අයිය.""ආ...."අපි සාමාන්‍ය ආ ගිය තොරතුරු කතාබහ කරමින් ගමන් ගතිමු. රුවිනි ගේ අයියා ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ පසුදින සැන්දෑවේ ය. නොහඳුනන අංකවලට ...
සදානන්දකර වූ.... (14) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)සුපුරුදු පරිදි අප කලාගාරයේ පසුපස ම පෙළ ඈඳිගෙන සිටියේ අලුත් සර් ගේ දේශනය නිමිත්තෙනි. හෙතෙම වේදිකාවට ගොඩවත් ම මා ගේ ජංගම දුරකථනය දකුණු අත අසලින් තැන්පත් විය. ඒ මත රැඳුණේ අත්ලේන්සුව යි. යාබද යෙහෙළියට පවා නොහැඟෙන ලෙස අලුත් සර් ගේ සුගැඹුරු වදන් එකිනෙක උකහා ගන්නට එය සමත් වෙයි.දේශනය අවසානයේ විනාඩි පහළොවක් පමණ ...
සදානන්දකර වූ.... (16) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)සරසවි දිවිය වෙත පුනරාගමනය කළ කල අලුත් සර් ගේ දේශන ඇසීමේ වරම යළිදු හිමි විය. කලාගාරයේ පිටුපස ම පෙළ අසුන් ගෙන සටහන ලියන අතරවර මට අලුත් සර් දෙස බැලිණි.මගේ චිත්ත වීථියට එක් වර පා නැගුවේ අරුණි මිස් ය. පාසල් ජීවිතය පුරා සෙවණැල්ලක් සේ මා අසල හිඳිමින් රැකවරණ සැලසූ අරුණි මිස් ය. ...
සාර සැකි කප් කෙළක් දුර වුව.... කුරුටු ගෑ ගී පොත සුපුල මනනඳ පියුම් රොන් සුළි හමාවා දිවිපෙත දියෙන් දියපතළ කිත් නද පිදුම් යළි යළි වැකේවා ලෝ සත මියෙන් මියඋදුල ඔබ හද පැතුම් සිතුවිලි දිනේවා හිමි වෙත ජයෙන් ජයවිසුළ සුසුවඳ කුසුම් පියවිලි පිපේවා මාවත පියෙන් පියතෝර ගනු බැහැ වරද සිදු වුව තඩාගය හද කුසුම් පැන් ඉසමීර පැතුමෙන් පුදත අබිමුව කුඩා වනු නැත සසර සරතැසනෑර පෙරුමන් බවුන් වඩනුව හඬා වැටුණත් ලෝ බැණුම් ...
ගිම්හානයත් වස්සානයක් කුරුටු ගෑ ගී පොත එපා මට වස්සානයක්මගෙ ම සුසුමින් මහද දවනාවස්සානයත් ගිම්හානයක්පතා ඉමි ගිම්හානයක්මගෙ ම කඳුළින් මහද තෙමනාගිම්හානයත් වස්සානයක්ලෝ සත ආසිරි මල් සුපිපීසිනා තෙපුල් නලරැල් විහිදීකිත් යස ඉසුරින් ගංගා ගැලුවත්එපා මට වස්සානයක්මගෙ ම සුසුමින් මහද දවනාවස්සානයත් ගිම්හානයක්මවුපිය සෙනෙහේ වැසි වියළීනෑ සිය මුව පිය රැව් ගොළු වීඔබේ නිහඬ බව හදවත දැව්වත්පතා ඉමි ගිම්හානයක්මගෙ ම කඳුළින් මහද තෙමනාගිම්හානයත් වස්සානයක්ප. ලි. කුරුටු ගෑ ගී පොත පෙරළන්න අරන් ...
ආගන්තුකයා 1 (මෙගා නො වේ) කුරුටු ගෑ ගී පොත දුරාතීතයේ අනියත නිමේෂයක මවිසින් සිටුවන ලද සුඟු පැළෑටියක පුංචි කැකුළක් ඇස් හැර සිටියේ ය. වැටට ඔබ්බෙන් වූ මාවතේ පියවර මැනි ආගන්තුකයා එය ඉතා මනහර යැයි කී ය. වඩා හොඳින් මල් පිපෙන්නට නම් මේ මේ දේ කරන්නට යැයි කී ය.* * * මල් සිටුවීම ආත්මය කර ගත් මට ආගන්තුකයා ගේ වදන් දැනුණේ අධ්‍යdත්මයේ සංධ්වනියක් මෙනි. මා සිටුවන ලද මල් පැළ ...
හමුව (කැණීමකින් ගොඩ ගන්නා ලදි.) කුරුටු ගෑ ගී පොත තැන් තැන්වල විසිර ඇති ජීවිතයේ මතක සටහන්, මම මේ දිනවල එක්කාසු කරමින් සිටිමි. මේ, එබඳු කැණීමක දී හමු වූ කතාවකි."ඔයා නවල්ස් කියවනවද?"වදන් පෙළක් දුවගෙන අවුත් කර්ණ පටහ පටලයේ එල්ලුණේ ය." නෑ. මං කියවන්නෙ කවි පොත්."මම දමා ගැසුවෙමි. දුම් දමන කෝපි කෝප්පය තුළට වැටුණු ඒ වචන ඔහු ගේ උගුරු දණ්ඩ දිගේ ගමන් කරන්නට ඇත. කනප්පුවෙහි වූ පුවත්පත මත ඈඳිගෙන සිටි බැල්ම ...
සදානන්දකර වූ.... ( 07 ) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)එය ජපන් කෙටිකතාකරුවන් ගේ විදේශීය ආභාසය පිළිබඳ ව ලියැවුණු පොතක් විය. මට එය කියවන්නට වුවමනා විය. එහෙත් පුස්තකාලයෙන් පොත් ලබා ගත යුත්තේ ප. ව. 3. 30ට පෙර ය. පසු ව එය ගන්නට අදිටන් කර ගනිමින් මම ශුද්ධ භූමියෙන් පිට වීමි.වැහි පොද එකිනෙක ගිලිහෙමින් තිබේ. අහස මුළුල්ලේ කාල වර්ණ ...
දුරුතු ඇරියුම.... කුරුටු ගෑ ගී පොත වැස්ස දුරුත්ත මෙසේ ගැන කියයි.එය කියවන කල මට සිහිපත් වූයේ මගේ දුරුත්ත යි.මෙයට තෙවසරකට පෙර මේ ඇස් දෙකෙන් කඳුළු වැටුණු දුරුත්ත යි.එහෙත් ඒ සතුටු කඳුළු විනා දුක් කඳුළු නම් නො වේ.එදා සහ අද ජීවිතය බොහෝ සෙයින් වෙනස් වී ඇත.එදා නිඳි වරාගෙන රෑ එක දෙක වන තුරු ලියූ, කියැවූ ජීවිතය, අද අලස කුසීතකමින් පිරී ගොස් ඇත. දවස අරඹන්නට නැගිටීම පවා වෙහෙසකර ...
නුඹට මම හිස නවමි! කුරුටු ගෑ ගී පොත අමෝරා නැණ'වි අත්හදක් දවනා ලොවේකඳුළු වැටුණා අදත්ඒත් දුකකට නො වේපස් වසක් ඉම ඔබේනෙතේ අදිටන් කැලුම්විහිද අද සත්නුබේමවයි දස අත දිලුම්එකැල්මෙන් ඇහැරවතබුහුසු සිත් කොඳ කැකුළුවැජඹෙනා ඔබට නැතඉදින් තව ගිරිදුදුළුසතුටු කඳුළැල් මුසු වපිපි සිතුම් අපමණ යඔබට උවසර වනුවඒ සියල් වුව මඳ යනොනිවෙනා සඳු සේ මසුදිලෙනා බව දනිමිසුබපතන්නේ කෝමනුඹට මම හිස නවමි!- අද මගේ ජීවිතයේ සතුටු ම දවස් කීපයෙන් එකක් - ...
සදානන්දකර වූ.... (24) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)අධ්‍යයන අංශයට ඇතුළු වූ නිර්මලා, නිබන්ධ පිළිබඳ ව අලුත් සර් ගෙන් විමසී ය. පිටුපසින් සිටි මට ද ඉදිරියට එන ලෙස හෙතෙම අතින් දැක්වූ බැවින් මම ඉදිරියට ගියෙමි."මං මෙයාව දන්නවනෙ.. ඒකයි කතා කළේ. කොහොමද රිසල්ට්ස්?""බී ප්ලස් සර්... සර් මේ... නිබන්ධන...." අලුත් සර් පැවසුවේ පළමු වසර නිබන්ධ ආපසු ලබා නො දෙන බවයි. මා ගේ ...
සදානන්දකර වූ.... (22) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)ඒ සමාජවිද්‍යා ප්‍රශ්නපත්‍රය යි. පිළිතුරු ලිවීමට නියමිත කාලයෙන් මිනිත්තු පහක් පමණ ඉතිරි වී තිබිණි. මම පිළිතුරු නිවැරදි දැ'යි යළිත් වරක් කියවමින් සිටියෙමි. අලුත් සර් දකුණු පස අපට පිටුපසින් සිටගෙන සිටියේ ය. පිළිතුරුපත වසා දමා, ලියා අවසන් බව හඟවන්නට මට සිතිණි. "කොහොමද සරසි පේපර් එක?"මා කිසිදු ප්‍රියතාවක් නොදක්වන එම විෂය පිළිබඳ ව කුමක් ...
සදානන්දකර වූ.... (23) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)පසුදින මම අදාළ ජපන් භාෂා සංවිධානය ඇමතීමි. මා ගේ ලිපිවලින් පළ වූ අදහස් පිළිබඳ සංවාදයකින් අනතුරු ව ජංගම දුරකථන අංකය ඉල්ලා ගන්නා ලද්දේ එම සභාපතිතුමන් වෙත ලබා දීම සඳහා ය. ඉතිරි ව තිබූ ප්‍රශ්නපත්‍රය වෙනුවෙන් නැවත සරසවියට යෑමට සිදු විය. එදින ද අලුත් සර් පැමිණ සිටියේ නැත. යෙහෙළියක සමග පානදුර බසයට නැගුණු ...
සදානන්දකර වූ.... (18) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)කලාගාරයේ පැවැත්වුණු දේශනයක් සඳහා චතුරිත් මනීෂාත් මමත් සනාතන මන්දිරයේ සිට පියමං කරමින් සිටියෙමු. "මේ කලබල තව කොච්චර කල් තියෙයිද දන්නෑ නේද?""අනේ මන්ද... ඉක්මනට ඉවර වෙනවනං ලොකු දෙයක්. අහිංසක ළමයි පව්....""කොහොමත් තව මාසයක් විතරවත් තියෙයි.""ලබන අවුරුද්දෙ ඉඳන් මේ සිද්ධී ගැන විශේෂයෙන් හොයනව කියන්නෙ ඇත්තද?""පිට කාටවත් හොයන්න දෙයක් නෑ... ඇතුළෙ ඉන්න අය ම ...
අතීතයෙන්.... කුරුටු ගෑ ගී පොත දිනපොත කියවමින් සිටින විට කවි පන්තියක් මතක් විය. මේ ඒ කවි පන්තියේ නිමිත්ත යි.මේ, 2009. 12. 18 යි. පසුදිනෙක ලියවුණු මේ කවි පන්තියෙන් කියැවෙන යළි නොපිපෙන මල අහුලා ගන්නට මම අදත් එතැනට ගියෙමි....පොත් ගුල හිණිපෙළින් බසිනා විට දි දිනක්නෙත් නැවතුණේ පියගැටයක් අසල මඳක්අත්ලට අරන් බැලුවෙමි එහි වැටුණු දෙයක්පෙත්තෙන් පෙත්ත විදහන විට පුංචි මලක් මිලින ව තැළී පොඩි වී ගිය නමුදු ...
සදානන්දකර වූ.... ( 11 ) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)ඒ අලුත් සර් ය."කොහොමද සරසි ජී. පී. ඒ. එක?""තුනයි දශම අටයි අටයි සර්""මගේ උණුසුම් සුබපැතුම්!""උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට...." දුරකථනය නාද වෙයි. මම තිගැස්සුණෙමි. අලුත් සර් සුබ පතා ඇත්තේ සිහිනයෙනි. අම්මා කතා කරයි."අම්මේ ඇයි?""තාම නිඳිද?""නිඳාගෙන හිටියෙ. ෆෝන්නෙක ඕෆ් කරන්න අමතක වෙලා. ඇයි?""ලොක්කොත් එක්ක මොකටද හැප්පෙන්න යන්නෙ?" ...
සමහරු.... කුරුටු ගෑ ගී පොත සමහරු මග දී දුටු විට අහක බලාගෙන යා යුතු නිසා දුරකථනය දෙස බලමින් යති. කතා කළ විට රැස්වීමක බව කියා කෙටි පණිවුඩයක් එවන ලෙස කියා එවති. එවන් දිනවල අපි පැයක් හමාරක් හඬමින් දිනපොත ලියමු. සමහරු අද බොහෝ දුර ගොසිනි. විද්වතුන් ගේ කිත්පැසසුම් මැද, නව ලකුණක් සටහන් කරන දීර්ඝ ගමනකට මුලපුරමින් සිටිති. ඒ වෙනුවෙන් අපි හැම මොහොතක ම හදවතින් ආශිර්වාද කරමු. ...