Pen එකට තොවිලයක්! කුරුටු ගෑ ගී පොත පහු ගිය දවස්වල pen එකේ තිබුණු ලොකු ප්‍රශ්නයක් වුණේ folders ඔක්කොම shortcuts වෙන එක. මේක මහ ම මහ වදයක් වුණාට පස්සෙ ගූගල් සීය ගෙන් ඇහුවා මොකද කරන්න ඕනෙ කියලා. උන්දෑ දුන්නා Shortcut virus remover කියල එකක්. ඔන්න ඉතින් ඒකෙ පිහිටෙන් දවස් දෙකක් විතර pen එක කරදරයක් නැතුව තිබුණා. දැන් ආයෙමත් ලෙඩ වෙලා. ඔය පින්තූරෙ උඩ තියන විදිහට Folders පෙන්නනවා. ...
වේදනාවෙන් ලියමි කුරුටු ගෑ ගී පොත දැන් මෙය කියවා මට පිස්සු යැයි නොසිතන මෙන් ඉල්ලා සිටිමි. එසේ සිතුවද මෙය නො ලියා සිටියනොහැකි තරමේ වේදනාවක් මට දැනෙයි. එක්තරා කටයුත්තක් කළ යුතු ව ඇත. ජීවිතය හැර නොයන්නට නම්, එවැනි මාවතක් තනා ගත යුතු ය. මක් නිසා ද යත්, මා ජීවත් වන්නේ ආගන්තුකයා වෙනුවෙන් පෙරුම් පුරන්නට ඉඩ ලැබෙන අවසාන තත්පරය වන තෙක් පමණක් වන හෙයිනි. එය මා තීරණය ...
හැම දා ම.... ( උණ විකාරෙන් ලියමි. ) කුරුටු ගෑ ගී පොත පියෙන් පිය හිණිපෙතේ පියනගමි එක්ටැමටලොවේ නෙත් බැලුම් වුව හදට වෙහෙසක් නිසාසුසුදු හිස් අහස් කුස රාමු වෙයි කවුළුවටමතක පොත පෙරළේ ය අතේ ඇති පොත් වසාඔබේ මුදු සිනා මල් පෙති විදූ සැටි පෙනේමහද සනහා වැයුණු තෙපුල් වෙණ සර ඇසේපින් නිමා වූ යුගය හදේ ගැඹරත ඇනේසුසුම් සුළඟක් හමා නෙත් පියාපත් වැසේයගුළියක් බැසි විලස පුරුදු රිදුමක් විඳිමිමියෙන තුරු ඔබෙ නමට සෙත් පතන හදවතින්උපන් උණු ...
මගේ iWriter අද්දැකීම් සහ PaidVerts කුරුටු ගෑ ගී පොත පාසල් වයසේ ඉන්න අය මේ කුරුට්ට නොකියෙව්වට කාරි නෑ කියලා මුලින් ම පටන් ගන්නම්. මොකද කියනවා නම් අද පාසල් වයසේ අය, බොහෝ විට පුරුෂ පාර්ශ්වය මේවට ඇබ්බැහි වෙලා විභාග පැත්තකින් තියලා මේවගෙ එල්ලිලා ඉන්න බවක් පේන නිසා.ඔන්න කතාව පටන් ගන්නම්. බොහෝ කාලයක ඉඳන් මගේ හිතේ කුතූහලයක් තිබුණ දෙයක් තමයි e-money කියන්නෙ. මං හිතන්නෙ උ/පෙළ කරලා ගෙදර හිටපු කාලෙ ඉඳන් ම ...
සදානන්දකර වූ.... ( 08 ) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)එය සරසවි ජීවිතයේ ප්‍රථම විභාග අද්දැකීම විය. විභාග ශාලාව තුළ දී සිතට දැනුණේ සියුම් තැතිගැන්මකි. ඉතා දිගු කාලයක් පෙරුම් පිරූ සිහිනයක ආරම්භක පියවර මෙය යි.පිළිතුරු සැපයීමට නියමිත පොතෙහි විභාග අංකය වැනි තොරතුරු සටහන් කළ මා, ප්‍රශ්න පත්‍ර ලැබෙන තුරු මෙබඳු සිහින ලොවක නිවසන අතර ය, විලවුන් සුවඳක් දැනෙන්නට ...
සදානන්දකර වූ.... ( 04 ) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)"අදත් පිරිස අඩුයි නේද? කමක් නැහැ. එදා අපි කාලය සම්බන්ධ යෙදුම් මතකයට නගා ගත්තනෙ. අපි අද බලමු ඒ යෙදුම් සමග අතීතයත් අනාගතයත් කොහොමද සම්බන්ධ කරන්නෙ කියල. මේවා ඔබ උසස් පෙළටත් කරල තියනව. ඒත් ඒ පිළිබඳ නිරවුල්, නිවැරදි අවබෝධයක් අවශ්‍යයි.""හොඳයි. ඔය කෙළවරේම එක්කෙනා කියන්න බලන්න අද සඳහා යෙදෙන වචනය ...
සදානන්දකර වූ.... (27) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)විශේෂ උපාධියෙහි පළමු දෙසුම පැවති දින මා සිටියේ තනි ව අසුන් ගෙන ය. එහෙත් යෙහෙළියක හමු වීමත් කෙමෙන් තවත් කිහිප දෙනෙකු ඇසුරට වැටීමත් සමග ඒ හුදෙකලා බව දුරු වන්නට විය. සිසුන් තෝරා ගැනීම භාර වී තිබුණේ අලුත් සර්ට ය. නැතක් කන්නලව් අසමින්, ප්‍රශ්න විසඳමින් ඔහු හිසට ගෙන ඇති කාර්යභාරය ඉටු කරන ...
සදානන්දකර වූ.... (05) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)සනාතන මන්දිරයේ ගල් කණුවකට පිට දී හිඳ සිටි මා ගේ දෙනෙත් වැසී ගියේ සුපුරුදු දෑතකිනි. මම එම ඇඟිලිවල ස්වරූපයෙන් දෑත හැඳින්නෙමි."මහීකා""හරි හරි" ඈ ද පැමිණ මා අසලින් ඈඳි ගත්තා ය."මොනව කල්පනා කරනවද මන්ද.""නෑ මං අර ප්‍රශ්නෙ ගැන කල්පනා කර කර හිටියෙ.""මොන?""අර මං කිව්වෙ සොන්කෙයිගො කෙන්ජෝගො ගැන.""දැං සති කීයක් ...
සදා සොත්ථි භවන්තු තෙ! කුරුටු ගෑ ගී පොත රොස් බසක් වපරැසක් හදේ ගැටෙනා සමේනැගෙන හැම සුසුමක් ම හඬ හඬා කවි කරමිපාරමී බිජුවටක් හිඳුවාන සිත් බිමේඋනන හැම කඳුළක් ම ඒ මුලට වත් කරමිදස සහස් සිතුම් කැන් කැටි කරන් හද බැතින්ගැහි ගැහී ගැට ගැසූ අත් අකුරු සිහි වේ යපර නො වේ මා මතක ඔබේ දෙනෙතින් මුවින්එදා පිපි සිනා මල් අදත් හද ඇමිණේ යකෙළි කවට ගොළු වුණේ මන්ද අදටත් නො දැනඅසන්නට ...
ආගන්තුකයා 3 (නිමාව සහ වචනයක්) කුරුටු ගෑ ගී පොත ආගන්තුකයා 1 වෙත මග ආගන්තුකයා 2 වෙත මග දොරටුව වනාහි කිසිදු දිනෙක විවර කරන ලද්දක් නො වී ය. මම දිනක් ගැහෙන දෙපයින් යුතු ව ගොස් අගුළට අත තැබීමි. අගුළ විවර කළ නොහැකි ලෙස දෑත සැලෙන්නට වෙයි. මම ආපසු ආවෙමි. සුපුරුදු ලෙස ම මල් සිටුවීමි. මෙසේ කිහිප වාරයක් සිදු විය. අන්තයේ දී අවිඤ්ඤාණය, උපවිඤ්ඤාණය පසු කොට සවිඤ්ඤාණය කරා සංක්‍රමණය විය. මම ...
සදානන්දකර වූ.... ( 06 ) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)සුපුරුදු පරිදි අප ඈඳිගෙන සිටියේ කලාගාරයේ පසුපස පෙළක ය. දේශනය අවසානයේ අලුත් සර් ශාලාවෙන් පිට වූ වහා මම මනීෂාත් චතුරිත් සමග ශාලාවෙන් පිට වීමි. අප පඩිපෙළ අසලට පියමැන්නේ ඉක්මන් ගමනිනි. ජපන් අධ්‍යයනාංශය වූයේ දෙවැනි තට්ටුවේ ය."සර් උඩට යන්න ඇති."චතුරි පවසත් ම පඩිපෙළ බැසගෙන ආවේ අලුත් සර් ය. අධ්‍යයන ...
ඉස්කෝලේ දවසක් කුරුටු ගෑ ගී පොත එදා...."මාස කීයද විබාගෙට?එක්කෙනෙක් කලා උළෙලෙතව එක්කෙනෙක් ගීත නාටකේඅනිත් එක්කෙනා තව මොනව හරිගුරුවරය දැක්කහමරිංගනව මේසෙ යටඔහොම පුළුවන් ද ළමයි?එපා වෙනව පන්තියමකෝ යුගාන්තෙ විචාරෙ?""හෙට දෙන්නං මිස්"(ඇසට කඳුළු නැගෙයි.)අද...."මේ බලන්න ළමයිමේ අක්කල පේරාදෙණිමේ අක්ක රජරටමේ අක්ක ජපුරරට පුරාම මගේ ගෝලයොඒක තමයි අපේ සතුටඋසස්පෙළ මගේ හොඳම පන්තියවැඩ කරන්න ඕනෙ ඔයාලත්මේ අක්කල වගේ හොඳට""අපි ගිහිං එන්නං මිස්"(ඇසට කඳුළු නැගෙයි.) ...
හඬන්නට අමතක වුණා! කුරුටු ගෑ ගී පොත සොයා යන විට මගේ එක්ටැම පුරුදු මුහුණක් හමු වුණාවදන් පත් නැගි ලතාවක් ඉම ඔබට ගුණ මල් පිබිදුණාකෙලෙස යන්නේ දියක් නො ඉස ම ''ඇත්ත ඇත්ත'' යි පැවසුණාඑමල් විහිදූ සුවඳ හින්ද ම හඬන්නට අමතක වුණා!ප.ලි. එක්ටැම් ගෙයි ඉඳන් රූං ගාලා අයි.ටී. සෙන්ටරේට ඇවිත් ගාපු කුරුට්ටක්. පහු කරන්න තරම් ඉවසීමක් තිබුණෙ නෑ. ඒක යි එක කවියකට සීමා වුණේ. ...
සදානන්දකර වූ.... (09) කුරුටු ගෑ ගී පොත ( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)නව සමාසිකයේ ආරම්භය සනිටුහන් වූයේ සරසවි කතා පුවතෙහි නැවුම් පරිච්ඡේදයක් වශයෙනි. එම පරිච්ඡේදය කියවන්නට සැදීපැහැදී අපි යළිදු වගබැඳ ගතිමු. එහෙත් ඒ හිස් අතින් නම් නො වේ, සතියක වතගොත පොදි බැඳගෙන ය. සනාතන මන්දිර පියසට රොක් වී අපි සය දෙනා ඒ පොදි ලිහන්නට වීමු."අද වැඩ කෙරෙන එකක් නෑ වගේ ...
සදානන්දකර වූ.... (25) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)ජපන් අධ්‍යයනාංශයේ දැන්වීම්පුවරුවෙහි අංක තිස් හතරකින් යුතු නාම ලේඛනයක් විය. එහෙත් එහි මගේ අංකය වූයේ නැත.අපි සුපුරුදු බංකුවෙහි හිඳ සිටියෙමු. "දැං අඬල වැඩක් නෑනෙ සරසි... අනිත් එක සයිකො තේරිලා ජපන් කරන්න අඬනව කියන්නෙ පිස්සුනෙ....""කීයද වෙලාව? කාල ඉන්නකො....""ඔයාල කන්න.""එන්න අපි ටිකක් කවන්න... පිස්සු නැතුව ඉන්න දැං...."සරසවියට පිවිසි දින සිට මේ වන තුරු මා ...
සදානන්දකර වූ.... ( 01 ) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)ජීවන සංචාරයේ සොඳුරු නවාතැන්පොළක් වූ සරසවි බිමට සපැමිණ දෙමසක පමණ කාලයක් ඉකුත් ව තිබිණි. නන්නාඳුනන අඩවියක වග බැඳ දිවියෙහි ඉම් හිස සොයනු වස් සනාතන අරගලයක නියැලෙන මාණව මාණවිකාවන් අතර සවිඤ්ඤාණයත් අවිඤ්ඤාණයත් අතර අරගලයක නිරත වෙමින් සිටි මා, අපේ පිරිසට වෙන් වූ අප ගේ ම ලොවකට පිවිස ද ඒ වන ...
පතන්නෙමි.... කුරුටු ගෑ ගී පොත සිත් අරණ මං දිගේ සතත රහසින් සරමිසෙත් පිරිත් සරක් සේ, සොරා ගත් බස් අසමිනෙත් පියා ඉගිළ ගොස් නොපෙනෙනා ලෙස වසමිපොත්ගුලේ පොත් අතර ඇවිදිනා නෙත දකිමිදැඩි බසක් රැඳුණු කල සියක් වර හද දැවේමඳහසක් දිලුණු විට දහස් වර මල් වැවේමුනිවතක් ගෙතුණු සඳ කළු වලාකුළු මැවේබෝ කලක් වැටුණු වැහි එක ම වදනින් නිවේදරන්නෙමි වදන් සැත් රිදුම් දුන්නද නැතක්සිතන්නෙමි පවක් කළ නිසා යැයි බවෙක ...
සුපින් බෝවා! කුරුටු ගෑ ගී පොත විසුළ සිතුමන් පිඬු ව කීවා නො දන්නෙමි අන් කුම් කියම් සඳසුදුල වදනට සුපින් බෝවා අස්වසෙක් මැ යි කන්කටුල් මැදතුමුල ලෝ සත සතන් ගාවා සහන් එළියෙන් විදා සුසුවඳසුපුල නඳුනුයනක් මැ වේවා ඔබේ දිවිමග සදා මනනඳ ...
මගේ වදන් මම බිතක ලියා යමි කුරුටු ගෑ ගී පොත නෙතු පියෙනා තුරු ඔබේ වදන් මටවූවත් සොඳුරු අමාවක්තුංග තුරක් වී ඔබ සුපිපෙන විටමා හා දෙඩුම නිගාවක්වදනක් කිව මැන ඇසේවි මසිතටපෙර සේ සොඳුරු සිනාවෙන්ඔබට නිගාවක් නො වේවි එදිනටදෙඩුමට නොහැකි නිසාවෙන්තව උස් වී අතු විහිදනු පතනෙමිවන්නට එපා පමාවක්මගේ වදන් මම බිතක ලියා යමිනො කරමි ඔබට නිගාවක්ප.ලි. කලින් කුරුට්ට ගැන කියවලා උපදෙස් දීපු, පණිවුඩ එවපු හැමෝටම ස්තුති යි. බොහෝ දෙනා ගේ ඉල්ලීම පරිදි, ...
තව ම මම බලන් ඉන්නවා, අවුරුද්ද උදා වෙනකන්.... කුරුටු ගෑ ගී පොත දවල් දොළහටත් කිට්ටු වෙලා තියෙද්දි මේ කියන්නේ මොකද්ද කියල බලන්න එපා. මම බලාගෙන ඉන්නවා තව ම, අවුරුද්ද උදා වෙනකන්.... ඊයෙ රෑ ආගන්තුකයාට යවන්න ඕනෙ කියලා කවි අටක් හැදුවා. ඒත් ඒ අට ම මගෙ හිතට ඇල්ලුවෙ නෑ. මොකද කියනව නම් කලින් යවපු කවි වගේ ම යි. ඊට පස්සෙ හිතුවා රටාව වෙනස් කරලා පොඩි කවි දෙකක් හදනවා කියලා. ඉතින් හැදුවා, හදල ...