කිසි ම මෘදුකාංගයක් නැතුව Huawei ඩොන්ගලය විනාඩියෙන් Unlock කර ගන්න! කුරුටු ගෑ ගී පොත මුලින් ම කියන්න ඕනේ මේක මම හොයා ගත්ත දෙයක් නොවන බව. (එච්චර දෙයක් පුළුවන් නම් බැරියැ!) කලින් කුරුට්ට දාන්න සෑහෙන රෑ වුණා. කම්මැලිකමට උදේ ඉඳන් කල් දදා හිටියට එදා රෑ දොළහට කලින් කොහොම හරි කුරුට්ට ගානවා කියලා හිතාගෙන බලනකොට උදේ වැඩ කරපු එටිසලාට් ගොයියා පිස්සු කෙළිනවා. සංඥා නැත!!! දැන් මොකෝ කරන්නේ කියලා ඉතින් ජංගමේ අරන් ගූගල් දෙයිය ගෙ පිහිට ...
ගල්මල් කුරුටු ගෑ ගී පොත උල් ගල් කැබලිති වැදී ඇනී ගොස්ලේ හැලි වැම්මෙත රිදුම් දෙවානැගී සිටින්නට අවසඟ දෙපයින්සරතැස වින්දෙමි වාරු සොයාසුසුවඳ මුවරද නෙලෙන් සැලී යනබස් මල් විකසිත සිත් අරමේලොවේ අනිස මට පසක් කරන්න දඒ සා සුවිසල් ගල් පිපුණේරිදුම් වේදනා කඳුළැල් දුන්නත්නොමැකෙන තැළුමක ලකුණු තියාමසිතට ඒ බස් ගල් නො ව ගල්මල්ඔබ සිත් අරමේ පිපුණු නිසාබර වැඩි වුව ගල්මල් එකිනෙක ගෙනසිත් පැස අසුරා තබමි බැතින්එදා වදන් මල් ...
දරු සුරතල් බැලූ අයටත් බලන්න බලාපොරොත්තු වන අයටත්.... ( එසේ නොවන අයටත් අදාළ යි.) කුරුටු ගෑ ගී පොත පහුගිය ටිකේ බ්ලොග් ලෝකෙ සැරිසරද්දි අපි කවුරුත් දැකපු දෙයක් නේ මේ මාතෘකාවෙ තියනව වගේ දරු සුරතල් බැලූ අයත් බලන්න බලාපොරොත්තු වෙන අයත් ඒ අතර ඉන්න බව. ඉතින් මගේ නිබන්ධයක වැඩ කටයුතු සඳහා පොඩි තොරතුරු වගයක් ඕනෙ වෙලා තියනවා. මට දැන ගන්න ඕනෙ කරන්නේ දරුවන්ට තියන නම් ගැන. මාතෘකාව ගැන ඔයාලට දැන් ම කියන්නෙ නෑ. මොකද කිව්වොත් මේ වැඩේ සාර්ථක ...
මුතියංගණය - බෝගොඩ - දෙමෝදර - දෝව - ඇඩිෂම් ඔස්සේ නුවරඑළියට + හෙට මා ව දැක්කොත් කතා කරන්ඩෝ! කුරුටු ගෑ ගී පොත ඔන්න ඉතින් සවාරියෙන් පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ විස්තර නැතුව පින්තූර ටිකක් දාල යන්න. (පින්තූර පැහැදිලි නැත්නම් ඒව උඩ click කරන්ට ඈ....) 15 වැනි දා කෝච්චියට නැග්ගට පස්සෙ කොටුවෙ ඉඳන් පේරාදෙණිය හන්දිය පහු කරනකන් බාගෙට නිඳාගෙන ආපු නඟයි මායි දෙන්නා කොහොම හරි කුරුමානම් අල්ලලා පෙට්ටියෙ දොරවල් දෙක අල්ල ගත්තා. ටික දුරක් යනකොට එක දොරකට සන්ධානයක් ගැහුවා.'' ඒ පැත්තෙ තිබුණ තේ ...
කොහොම ද මගෙ කැත කූඩුව? :-D කුරුටු ගෑ ගී පොත පාවෙන කූඩු ගැන මෙන්න මෙහෙම කියැවෙනකොට, කූඩු ජාතකේ ගැන මෙහෙම කියැවෙනවා. ඉස්සර අපි හිටපු දිහෑ තිබුණා හෙන කැලයක්. ඔය කැලේ අයිනෙ තිබුණු පඳුරෙන් මම බට කපන් එන්නෙ අවුරුදු ඉවර වුණු ගමන් ම වගේ. ඒත් ඉතින් ඒ කැල එළි වුණාට පස්සෙ මොන බට ද? ඔන්න ගිය සතියෙ මම නුගේගොඩ පහු කරගෙන ගමනක් ගියා. කෙදිනක කූඩු හදන්න ද කියල හිත හිත හිටපු ...
මලින් මල ඔබ මග පිපෙද්දී වසත් කල එය මැ යි.... කුරුටු ගෑ ගී පොත තුඩින් තුඩ ඔබ ගුණ ගැයෙද්දීසමත් සර එය මැ යිමලින් මල ඔබ මග පිපෙද්දීවසත් කල එය මැ යිතුඩින් තුඩ ඒ ගැයෙන ගුණ ගීනාඳුනන ලෙස අසා ඉන්නෙමිලොවට රහසින් සවන පලඳාකොඬොල්ලක් කොට සදා හිනැහෙමිමලින් මල ඇස් අරින විට දීපැතුම් පිනිදිය සිතින් ඉසිනෙමිලොවට රහසින් නයන පලඳානෙත'ඳුනක් කොට සදා හිනැහෙමිසමත් සර = කොවුල් නාදය ...
සසරේ යළි යළිත් හමු වෙමු මිනිසි වෙසින්.... කුරුටු ගෑ ගී පොත අපේ පූස් ආච්චි ගැන ඔයාල දන්නව නේද? දන්නෙ නැති කෙනෙක් ඉන්නව නම් මෙතැනින් ගිහින් බලන්නකෝ. මෙයා අපේ ගෙදරට ආවෙ 2002. 10. 01 වැනිදා. එදා ඉඳන් බැලුවොත් අවුරුදු 13 මාස 3ක්, එනකොට මාස 2,3ක් ඇති. පොඩි කාලෙ හුරතල් වැඩ කරනකොට, දඟ කරනකොට අපේ පවුලේ සුරතලිය වුණේ මෙයා. නම රෝසි වුණාට කට්ටිය කතා කළේ "පූස්" කියලා තමා. මහත හින්ද මම නම් ...
ඉකි ගසා හඬන අතීතයක නාස්මීය තුවාලය කුරුටු ගෑ ගී පොත ආගන්තුකයා කතාවේ අවසාන කොටස ලියා නිම කළ යුතු ව ඇත. එහෙත් පොර කමින් සිනමා ශාලාවට ඇතුළු වී 'ශ්‍රී සිද්ධාර්ථ ගෞතම' නැරඹූ රටේ දී ම පුද්ගලයන් සත් දෙනෙකු ගෙන් යුත් සිනමා ශාලාවක දී 'සමනල සංධ්වනිය' නැරඹීමේ අද්දැකීමෙන් උත්තේජිත ව එයට පෙර මෙම සටහන තබමි. (චිත්‍රපටිය ප්‍රදර්ශනය ඇරඹුණේ දින කිහිපයකට පෙර වීම එයට හේතුව දැ'යි නො දනිමි.) 'කුරුටු ගෑ ගී පොත' ...
නුවරඑළිය - සඳතැන්න - හග්ගල - අපූරු සුද්දා හා ආයෙත් කොළඹට.... කුරුටු ගෑ ගී පොත සවාරියේ මුල් කොටස මෙතැනින්.ඔන්න ඉතින් පහුව දාට පහන් වුණේ නුවරඑළියෙ ඉද්දි. මගේ ආරක්ෂක විධිවිධාන කොච්චර ද කියනව නම් එදා රෑ නුවරඑළියෙදි මට දාඩිය දාල ඇහැරුණා!පැණි බොන්න ඇවිත් ඉද්දි මෙයා ව අල්ල ගත්තේ....පහළින් තියෙන්නෙ කන්ටේනරයක් ඇතුළෙ දර්ශන හොඳේ.ඊට පස්සෙ ළඟා වුණේ සඳතැන්න අර්තාපල් ගොවිපොළට. මේ තියෙන්නෙ ඒක ඉස්සරහ තියන ආකෘතිය. ඒකෙ උඩ ඔය තියෙන්නෙ අල ගෙඩියක්.මේ තියෙන්නෙ එතනින් උඩහට ගියොත් පේන ...
මට යන්න අවසර යි... (ආගන්තුකයා ගෙන් ඉල්ලීමක්....) කුරුටු ගෑ ගී පොත සිව් වසරක් පුරා අතීතය වෙත දිව යන විට සිත නතර වන්නේ එක ම කේන්ද්‍රයක් වෙත පමණි. එනම්, ආගන්තුකයා පිළිබඳ මතකය යි. ඒ සියල්ලට භෞතික ව සමු දීමට කාලය එළඹ ඇත. ආගන්තුකයා සමග මුලින් ම වචනයක් කතා කළ දිනය මට සිහි වේ. ඒ පියගැටපෙළ නගින බසින සැම වාරයක ම මට ඒ වදන් ඇසෙයි. මම පුස්තකාලයේ බොහෝ වේලාවක් ගත කරන්නට හුරු ...
21 වැනි සියවස??? කුරුටු ගෑ ගී පොත "පුතේ, ඔයා දැන් පොඩි ළමයෙක් නෙමේ. මට නංගි නැති තැන ඔයත් එක්ක දෙයක් කතා කරන්න තියනවා." ඇය සඳහන් කරන පරිදි, වසර ගණනක් ඈතට දිවෙන කතාවක ඇරඹුම සනිටුහන් වූයේ එසේ ය. අම්මා ගේ ඒ වැකිය ඇසෙන විටත් ඇය හිඳ ඇත්තේ ඇගේ සිහින ලොවක සැරිසරමිනි. එහෙත් පැවසූ සියල්ල ඈ සාවධානයෙන් අසා හිඳ ඇත. මෑතක සිට පියා ගේ යම්කිසි වෙනසක් ඇති බවත් ...
නෑවිදින් හිඳින්නම් කුරුටු ගෑ ගී පොත පොතක පිටු සොයන්නට ඒ ඉසව්වට ආමිඔබේ රුව දැක නො වේ ඔබ එලෙස සිතුවාටඒ වුණත් ඇත්තට ම මට සමා වනු මැනවිඔබ නෙතේ අමංගල දසුනක් ව රැඳුණාට සෙත් කවකි ඔබ මහට ගයන්නට පින් මඳීපින් පිරෙන තුරු සසර සරන්නට පතන්නෙමිම'දැක ඉවතට යන්න ඔබට වෙහෙසක් නො දීඔබේ රුව දුටු විටෙක මම ඉවත ඇදෙන්නෙමි සුදු සමර සේසත් ම ගැටෙනු මිස නෙතු පියටඅසුබ දසුනක් කුමට සුපින් ...
සොඳුරු මිනිස්සු කුරුටු ගෑ ගී පොත නොවන මුත්අබිනික්මනක්පතිරූප දේශයකට වියසක්මනක්හමු වුණා මට'ඇල්බම්' එකකට 'ටැග්' නොකළත්ගෙදර ගහේ කොස් ගෙඩියවටේට ම බෙදන උදවිය'ගෘප්' එකකට 'ඉන්වයිට්' නොකළත්'හොරෙක්' කී සැණින්කැති පොලු ගෙනමහ රෑ වුණත් දුව එන උදවිය'ෆෑන් පේජ්' එකට 'ජොයින්' නො වුණත්හැම දා ම දුක-සැපඅහන උදවිය'රික්වෙස්ට්' එකක්යවන්නත් කලින්සුහද ව මිතුරු වෙන උදවියප.ලි. මේ පද ටික ලියැවුණේ අද නො වුණත්, සෙංකඩගල පුරවරයේ සොඳුරු මතක කුරුට්ටක්, ඒ සොඳුරු මිනිසුන් වෙනුවෙන් වෙන් කරන්න ...
ජංගමය නිහඬ කර නිඳා ගැනීම කුරුටු ගෑ ගී පොත පහු ගිය දවස් ටිකේ ඔයාල ගේ බ්ලොග් සටහන් බලන්න එන්න විවේකයක් තිබුණෙත් නෑ. අද නම් ඉඳ ගත්තේ මග හැරුණු කතා ටික හෙම කියවන්න ඕනෙ කියලා හිතාගෙන ම යි. කාලෙකින් කුරුටු ගෑවෙත් නැති හින්දා මොනව හරි කුරුටු ගාල ම ඒ පැත්තෙ යන්න හිතුණා. ඔන්න පහු ගිය ටිකේ එල්ල වෙච්ච දෝෂාරෝපණයක් ගැන කියන්නම් කෝ. මේ මාතෘකාව අදාළ අයටත් ඔය වගේ දෝෂාරෝපණ ...
සදානන්දකර වූ.... ( 02 ) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)ජ්‍යේෂ්ඨයා ගේ තර්ජනයක් අපේක්ෂිත ව අපි ත්‍රස්ත වූ නෙතින් ඔහු දෙස බලා සිටියෙමු. "මං ආවෙ උගන්නන්න"සිනාමුසු ව පැවසූ හේ වේදිකාව මධ්‍යයට පිවිසියේ ය. කිසි දිනෙක මතකයෙන් නොමැකෙන පාඩමක් ඉගෙන ගන්නට හැකි වෙතැයි අපි භීතියෙන් මුසපත් ව සිටියෙමු."කර නො ෆුකුරො ග තතෙරරෙනයි. ඒකෙ තේරුම දන්න කවුරු හරි ඉන්නවද මෙතන?"මෙවැනි යෙදුම්වලට ...
"ආදරේ" නම් "දැරීම" යි කුරුටු ගෑ ගී පොත මේ උපුටනය මහාචාර්ය දර්ශන රත්නායකයන් ගේ දූත ගීතයෙනි. කවි 185ක් උපුටා දැක්විය නොහැකි නිසාවෙන් කිහිපයකින් නවතිමි. අදහසක් පළ කරන්නට කලබල නො වී පොඩ්ඩක් හිතන්න, මා ගැන, ඔබ ගැන, අප ගැන...මම නිහඬ වෙමි. තව මත් සිතමි. ගිම්හානෙන් සිත් කැකුළු වී ගිනියම් වී දිවා රෑ මුළුල්ලේඅම්මා කෝ කෝ අසති දරුවෝ හුන් පියා ගේ තුරුල්ලේකම්පාසෙන් ඈ බැඳ රැගෙන ගොස් එක් සොරෙක් ආ නිදැල්ලේගම්මානෙක්හී ...
දෑස කුරුටු ගෑ ගී පොත ඈ තමා අඳ බැවින් ඔහුට හැර මුළු ලොවට ම ශාප කළා ය. ඔහු ඇගේ සියලු කටයුතු වෙනුවෙන් ඇප-කැප වී ක්‍රියා කළේ ය. ඇය පැවසුවේ තමා පෙනීම ලද හොත් පමණක් ඔහු විවාහ කර ගන්නා බව යි. දිනක් එක්තරා තැනැත්තකු විසින් ඇයට දෑසක් පරිත්‍යාග කරන ලදි. ඉන්පසු ඇයට තමා නුදුටු ලොව දැක ගත හැකි විය. " ඔබ මා විවාහ කර ගන්නවා ...
සැරයටියෙන් අපි යනෙන තුරා.... කුරුටු ගෑ ගී පොත මේ කහ පාටට ඉන්නෙ කවුද දන්නව ද? ඒ තමයි අපේ පූස් ආච්චි. ආච්චි කිව්වේ මෙයාට දැන් අවුරුදු 13ක් වයස යි. පූස් වයසින් බැලුවොත් සැරයටියෙන් යන කාලේ. මෙයාට දැන් අසනීප වෙලා එකතැන් වෙලයි ඉන්නේ. මුලින් මුලින් මට පිළිකුලක් දැනුණත් එයා ව සුද්ද පවිත්‍ර කරලා කන්න බොන්න දීලා ගන්නකොට හිතට ඇති වුණේ අනුකම්පාවක්.එතකොට කවුද මේ කළු පාටට ඉන්නේ? මේ ඉන්නේ එහා ...
සදානන්දකර වූ.... ( 03 ) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)ඒ මිට මෙළවුණු සුරත දෙස දිගු වේලාවක් බලා සිටි මා සිත මහත් ගෞරවයක් ජනිත වූයේ, උත්සාහය, කැප වීම යන සාධක ඔස්සේ ලබා ගන්නා ජයග්‍රහණය, මනුෂ්‍ය ප්‍රාණීන් ලෙස අපට ලබා ගත හැකි උත්තර සන්තුෂ්ටියක් වන හෙයිනි. ගිම්හානය නිම වී වස්සානය උදා වන දිනක්, එබඳු සැම දිවි මගකට ම උරුම වනු ...
සදානන්දකර වූ ඔබේ මධුර රාවෙන් පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ.... - පූර්විකා කුරුටු ගෑ ගී පොත මාතෘකාව දිග වැඩි ද කියලත් හිතුණා. ඒත් ඉතින් මේ මොහොතෙත් වාදනය වන ශ්වේත රාත්‍රිය තැටියේ අන්තිම ගීතයේ මම පුදුම විදිහට ප්‍රිය කරන පද ටිකක් තමයි ඒ... වැඩ ටික ඉවර වුණත් තැටියේ තව ගීත කිහිපයක් තියෙන නිසා කුරුට්ටක් ගාන්න හිතුණා. මේක කතා කුරුට්ටක්. ඔන්න අද පටන් ගන්නවා. මාතෘකාව දිග වැඩි නම් සදානන්දකර වූ කියල තිත් ටිකක් වත් දාමු :-D" විචාරය ...