ආගන්තුකයා කතා කළා!!! කුරුටු ගෑ ගී පොත හද ගැබ සුසුවඳ මල් පිපුණාඒ වට තොස් බමරිඳු පිරුණාමුදු සොමි කිරණක් සිත දිලුණාමහ වැසි එක මොහොතින් නිවුණාමුව මත තුට ඇඳ රැඟුම් ගෙනාසිටි මුත් හද කඳුළක් ම වුණාවත නොව හදවත තුටින් පිනාබෝ කලකින් අද සිනාසුණාඔබ හද ඇති සඳ සුහද සිතුම්කඳුළක් වැටුණත් නැගී සිටිම්මුළු ලොව දුන්නත් ඇනුම් බැණුම්ඉවසමි විලසට පිපුණු කුසුම්හද ගැබ වග බැඳි අඳුරු වලාවිකසිත වදනින් පවන් සලාපා කොට දුර'තක, එළිය ...
කීකරු වීමට නම්.... කුරුටු ගෑ ගී පොත කටු ගෙට වදින්නටහද දුක දිය කරන්නටහැම දා ම හවසටතිබෙන පැය වෙයි අස් කරන්නටසෙනේහය වෙනුවටලුණු දුරු මිරිස් මුසු කොටයුතුකමක් විලසටපුරුදු වන්නට වෙයි පිසින්නටමිනිසකුට වෙනුවටමැඳුරකට අල්ටොවකටලෙවනට පෙනෙන්නටඉගෙන ගන්නට වෙයි බැඳෙන්නටසිනා සිත්තම් කොටතෙපුල් අමුණා එක් කොටහදවතට බොරු කොටසිතින් සිදු වෙයි සුසුම් ලන්නටමා හද රවටමිනඅනෙක් පෙරුමක් පුරමිනකීකරු දැරිය මෙනරඟනු සුදුසු ද කියා දෙනු මැන ...
ආගන්තුකයා 2 (ලොකු සතුටක් මහා වේදනාවක් බවට පත් වන්නට....) කුරුටු ගෑ ගී පොත ආගන්තුකයා 1ට පාර ආගන්තුකයා විසින් සිටුවන ලද මල් පඳුරක් මා ඇස ගැසුණි. "ඔබේ මල් පඳුර සුන්දර යි" මම කීවෙමි. "ඔබ විසින් සිටුවන ලද මල් මම දැක්කා. ඔබේ මල් වගාව ප්රශස්ත යි. තවත් මල් සිටුවන්න. අපි දවසක පුංචි උද්‍යානයක් හදමු." ආගන්තුකයා පැවසුවේ ය.ආනන්දයේ මර්යාදා පෘථුල වෙමින් පරමානන්දයක් කරා සම්ප්‍රාප්ත විය.මල් සිටුවීමේ අග්‍ර ඵලය මම ලැබ සිටියෙමි. එය මා ප්‍රාර්ථනා කළ ඒකායන ...
පස් වසක ඉම.... කුරුටු ගෑ ගී පොත දොළොස්මස් පහනක් ය මතකයකඳුළු - හසරැලි වැටි දිලුම්පස් වසක ඉම සොඳුරු දිනයකසොඳුරු මොහොතක් සිහි කරම්දෙතුන් දින නුඹ නොදුටු විට දීලොවට නොදැනෙන්නට හොරෙන්සෙවූ මා මට පෙනේ අදටත්මතකයේ සිතුවම්පටින්තුඟු තුරක් සේ දිලෙන සඳ නුඹකුමට අන් ජයපැන් බඳුන්අබිමනක් වී දිනාවා ලොවසදා ආසිරි පද බඳිම්ලොවේ ගල්මුල් වැදෙන විට දීමසිත නො රිදෙනවා නො වේහදේ මේ කුළු වියන් ඇහිරීකඳුළු නො වැටෙනවා නො වේනුවන්පැන් ඉස පැතුම් කුසුමන්පුබුදුවන්නෙමි ...
හදේ සහසක් කටු ඇනේ.... කුරුටු ගෑ ගී පොත මතක මුවරඳ බමයි සිත් ඉමකාලයේ නල මුසු වෙලාකුමක් ලියනෙම් කියා නො දැන මකවිය මට අමතක වෙලාතෙපුල් අකුරු ම වී සිනාවත්කොහේදෝ අද සැඟවිලාපොතක් අතකින් අතට දෙන්නත්අතරමැදියකු බිහි වෙලාසසර දුරුමග මoසලක් අසසිනා වැසි වැටෙනා තුරාදිවිය පෙරුමන් පුරා ඉනු මිසලෝ දහම් - ඔවදන් වරාහසක් පිපුණැයි බසක් දෙඩුවැයිකැළැල් නො කරමි කිසි දිනේදැනෙද්දී නුඹ එසේ සිතතැයිහදේ සහසක් කටු ඇනේ.... ...
සක්වළ තලයේ සොයා බලා.... කුරුටු ගෑ ගී පොත කල්පනා කරමින් සිටින විට මතක් වූ සොඳුරු ගීතයක්... මේක බා ගන්න ලින්කුවක් දන්න කෙනෙක් කියලා යන්න. මට හොයා ගන්න බැරි වුණා.සක්වළ තලයේ සොයා බලාසැපතැයි කියනා කිසිවක් ඇත්නම්පවසව හඳුනා ගනු රිසියෙම්නීලාකාසේ නිල්ල මුළාවකිධවල වලාවේ සුද ද මුළාවකිනොලැබුණු ලෝකය සැපතැයි සිතු මුත්ලද පසු එලොව ද කඳුළු ගුළාවකිචන්ද්රාලෝකේ පැහැය මුසාවකිඅඳුරු අගාධේ කළුව මුසාවකිසැපතේ සිහිනය හෙට දින සතු මුත්වත්මන වන විට හෙට ද අපායකි ...
සදානන්දකර වූ.... (20) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණුපස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න.)ජපන් භාෂාවෙහි ආචාරශීලී යෙදුම් පිළිබඳ ව මවිසින් ලියන ලද ලිපියක් 'අරුණ' පුවත්පතෙහි පළ ව තිබිණි. බොහෝ කලකට ඉහත දී පඩිපෙළ අබියස සිට අලුත් සර් සමග ඒ පිළිබඳ ව දොඩන ලද වදන් කිහිපය මම මෙනෙහි කළෙමි. ඒ දැහැන බිඳී ගියේ අම්මා ගේ ඇමතුමකිනි."අද අරුණ පත්තරේ ලිපියක් තියනව අම්මෙ...""ආ ඇත්ත ද?... ළඟදි ෆේස්බුක් පැත්තෙ ...
සදානන්දකර වූ.... (12) කුරුටු ගෑ ගී පොත (මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න :-)සැඳෑවේ දී නවාතැනට පැමිණි මම, කාමරයට ගොස් පුවත්පත ගෙන කඩිනමින් පෙරළන්නට වීමි. එබඳු ලිපියක් නැත. මම නැවත සෙමෙන් සෙමෙන් පිටුවෙන් පිටුව පෙරළීමි. එහි සාහිත්‍ය අතිරේකයක් හෝ නොමැත. නෙතට කඳුළක් නැඟිණි."ආන්ටි මං ටක්ගාල පහළට ගිහින් එන්නං.""ඇයි දෝණි?""නෑ මේ පත්තරයක් ගන්න."පහළ කඩයෙහි ඉතිරි ව තිබුණේ 'ප්රබෝධය' පුවත්පතත් තවත් පුවත්පත් දෙකකුත් පමණි. එය ...
.... කුරුටු ගෑ ගී පොත ... ඒ කොළ කැබැල්ලට වසර හතරකි ....නිහඬ නිසල ව දෙසනු'දෙස තතුසිතුම් සයුරේ ගිලි හදේනිඳා නො නිඳා සිටින විට නෙතුකවක් එල්ලුණි පන්හිඳේසරමි සටහන් අතර රහසින්දිනපොතේ සිතුවිලි ගෙතූමතක් වෙයි හද පිපුණු හසකැන්විටෙක කඳුළැල්ල ද එතූසිනා කුසුමන් විටෙක පර වීසුසුම් සුළඟක් සිත හැපේසසර තව හුඟ දුර යි සිහි වීපැතුම් පිනි වැද මල් පිපේජීවිතේ කටු අකුල් වුව සමුබලා ඉන්නෙමි නැත විඩාසසර නැවතුම්පොළක හමු වෙමුසොඳුරු ...
මසිත් පුදසුන රකිමි කුරුටු ගෑ ගී පොත කටොර බස් මිණිකොඬොල් ලෙසින් සවනත රඳමිඅතැර හිතවත් දනා විටෙක රහසින් හඬමිඅසර නැති දිවි අරණ එකලා ව වස් වසමිසසර පෙරුමන් පතා මසිත් පුදසුන රකිමි
ලොව සහ ඔබ කුරුටු ගෑ ගී පොත ලොවේ නොතැකුම් මඳ පවන් වීහිඳින සිත මහ පව්ව විලසේඔබේ මුනිවත සැඬ නලක් වීළදල්ලක් සේ සැලෙනු කෙලෙසේලොවේ වපරැස් රජස් නො වැටීදෙනෙත් සෝදා හරිනු සිරිත යමදැක ගිය ඔබ ඇසේ දැවටීතව ම ඒ නෙත් කෙවෙනු අරුම යලොවේ ඇනුමන් හදින් දුරු වීදෙ ඇස පෙර මෙන් දිදුළනා සඳඔබේ වදනත් මේ කුළක් වීඅකාලේ වැසි වැටෙනු කෙලෙස දලොවේ නෙක දම් තර්ක ඔවදන්සිතේ නොරැඳුම නො වේ පුදුමයඔබේ මොහොතක ...
යළි නොපිපෙන මල කුරුටු ගෑ ගී පොත පොත් ගුල හිණිපෙළින් බසිනා විට දි දිනක්නෙත් නැවතුණේ පියගැටයක් අසල මඳක්අත්ලට අරන් බැලුවෙමි එහි වැටුණු දෙයක්පෙත්තෙන් පෙත්ත විදහන විට පුංචි මලක් මිලින ව තැළී පොඩි වී ගිය නමුදු පෙතීපවනට නො විසිරී තාමත් මෙතන ඇතීනයන සතන සනහන හද නිවන නිතීදුලන පැහැය බොඳ වී ගිය වෙසක් ගතීබරක් නොමැති පෙති කැල සිනිඳු ය මුදු යසැකක් නැති ව පිපුණෙන් මල පිවිතුරු යකවක් ලෙසින් ...
අව්ව වැටිලා කුරුටු ගෑ ගී පොත මා මේ කුරුට්ට ගෑවේ මැයි විසි එක් වැනිදා ය. ඒ එදිනත් මේ කවත් මගේ ජීවිතයට සුවිශේෂී හෙයිනි.එහෙත් මොකක්දෝ අටමගලක් වී එය බ්ලොගයේ දර්ශනය වී නො තිබිණි. ඒ බව දැනුම් දුන්නාට වැස්ස වෙත තුති පුදමි. මගේ ජීවිතයේ මා වඩාත් ම සතුටට පත් කළ කව මෙය යි. ඒ මන්දැ'යි නො අසන්න.වකුටු ව නිඳන් සිටි සිත් මල් පුබුදුවමින්දරදඬු වෙසින් හිඳි පැතුමන් පණ පොවමින්සවිමත් ...
කල් අසර ලැබේවා පියැවෙනා තුරා නෙත කුරුටු ගෑ ගී පොත කව් පේළි ඔබ එවූ පියාපත් සේ සැහැල්ඉවුර මා මතකය යි අතීතය වේ ගඟුල්මැවු වරද මගේ මැ යි ගල් කුළෙක බර විසල්සව් කටුල් නිවා ලයි ඔබ සුහද සිත සුපුල් නන් දෙසින් වදන් සැත් සවන්න ඇමිණෙනා විටඑක් බවෙක මහ පවක් කරන්නැති සිතෙයි මටදුක් නිවයි අමා ඔසු පුරුදු ලෙස මොහොතකටමක් කරමි තව දුර ද සොයන්නෙමි සැනසුමටමල් පොකුරු පසෙක ලා ඇදෙමි ගල් බොරළු මතදුල් ...
පව් ද මන්දා.... කුරුටු ගෑ ගී පොත මුලින් ම කියන්න ඕනේ මේ පෝස්ටුවේ අකුරුවල තැනින් තැන අඩුපාඩු තියෙන්න පුළුවන්. අද යුනිකෝඩ් පිස්සු නටනව වගේ පේන හින්දා එහෙම කිව්වෙ. හැබැයි මට මෙහෙම පෙනුණට ඔයාලට ප්‍රශ්නයක් නැති වෙන්නත් පුළුවන්. මේ කුරුට්ටට මග පෑදුවේ මගෙ කලින් කුරුට්ටට වැටුණු කමෙන්ටුවක්. කලින් කුටුට්ට මම ලිව්වේ ' සාර සැකි කප් කෙළක් දුර වුව....' කියලා බව මතක ඇතිනේ. ඉතින් මේ කමෙන්ටුවෙන් ප්‍රශ්න කරල ...