අකුරු කළ පන්තියට ගිනිබෝල පිටවුණා ............ කුරුටු ගෑ ගී පවුර ගිනි ගහන වැලි කතර, හිරු රැසින් නැහැවෙනාදෙපා පිච්චෙන තරම් රළුව දෙයි වේදනාඅකුරු කළ පන්තියට ගිනි බෝල පිටවුණාපොතත් පෑනත් අතින් ගිලිහුණා ගිලිහුණා ...............උඹ නමින් ලියවුනත් අනාගත පැතුම් මල්යක්ෂයින් ඩැහැගනී තුවක්කුව තියෙන කල්කඩා සුනු විසුනු කර ආදරය පිරි ගෙවල්පන්නලා නුඹලාව මහමගට වැටෙන කල් ...............අතට ටින් කටුව දී ගතට වැරහැල්ල දීඋන් බලා සැනසේවි හිඟාකන විටකදීයුද ටැංකි යට කරන් අනාගත දිනකදීහැකිවුණොත් ජයගන්න හිනැහිලා නම් ...
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්............. කුරුටු ගෑ ගී පවුර කටමැත දොඩවනවා කියලා මෙහෙම කටක්නොකියං කාටවත් දෙවියෝ දුන්න බවක්කට හංදා නහිනවා මෙහෙ මාලු රැළක්අයියෝ විමල් කියනවා හැර කියමි කුමක්අම්මගෙ අප්පගේ බූදලෙ කියලා හිතංහදනා අගල ගානේ තම කොටහා අරංගෙවල් කාර් සැප පිටරට තුරුළු කරංඅයියා අැණුනු පහුවෙනිදා රටිං ගොහිංලැජ්ජා නැද්ද කට කියවලා ගත්තු ෆන්දැන් රෙදි නැතුව දුවනා විට අැද්ද ෆන්අමුහෙළුවෙන් මහපාරේ නොයාෆන්හගුරංකෙත ගෙට වී දොර වසාෆන්බටකොළ කාපු කාලේ දුක ගියා සිරිපක්ෂය වැජඹෙනා ...
මට කිරි පෙවූ, ඔබයි අම්මේ මගේ කිරිඅම්මා................ කුරුටු ගෑ ගී පවුර මා උපන් දා ඉඳන් ළඟ සිටඉරක් වූ මට හඳක් වූකිරි හිනා කට පීදෙනා තුරුදහස් වරකිය වෙහෙස වූමට මවක් වූඔබයි අම්මේ මගෙ මව්ගෙ අම්මා..............මුහුණ අත්පා හැඩය නොවුණමඇයයි හැදුවේ කිරි තියාකුසේ ගින්දර දැනී හැඩුවමවැහැරි තන පුඩු මුව තියාමට කිරි පෙවූඔබයි අම්මේ මගේ කිරිඅම්මා................අපට කන්නට දෙයක් නැති තැනනුඹේ කුස පිරුණේ නැතිකොතෙක් දඟකම් කළත් අප වෙතසිනාවක් ඇගෙ මුව ඇතිමාව නැලවූඔබයි පින්කඳ මගේ අත්තම්මා..................දෑත් වැහැරී ...
කපුගේ.........., එන්න මේ මිනිසුන් අතරට, මේ ඔබේ ලෝකයයි................... කුරුටු ගෑ ගී පවුර කපුගේ,අපිට තරු හතේ අටේ හෝටල් ඕනෙ නෑ.අපි කැසිනෝ ඉල්ලන්නෙත් නෑ.නැව් ආවත් නැතත් අපිට වරායවල් ඕනෙත් නෑ.මිනිස්සු ගොඩබහින්නැති තැන්වලට ගුවන් තොටුපලවල් ඕනෙත් නෑ.වෙන එකක් තියා අධිවේගී මාර්ග ඕනෙත් නෑ.ඒත් අපිට කන්නැතුව ඉන්න බෑ කපුගේඅපිට ඕනේ ජීවත් වෙන්න කන්න දෙයක්.................”මිරිවැඩි සගලක් ඉල්ලා නොහඩමිපායුග නැති උන් වෙසෙන රටේකුසගින්නට කිරි ඉල්ලා නොහඩමිඉදුල් බතට පොර බදින රටේබණක් අසන්නට පන්සල් කුමට දවැදි බණ කියනා මෙහෙවු රටේඅඳ ...
Untitled Post කුරුටු ගෑ ගී පවුර “නිල් කටරොලු දෑස් අගින්..............”සමන් ලෙනින්ගේ අලුත්ම ගීතය ඔබ තාමත් නෑසුවේ නම් දැන්ම අහන්නරුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අධ්‍යාපනය ලබන සමයේ මට හමු වූ සහෘදයා ඔහු විය. ඔහු සුභාවිත ගීතයට පෙම් කළේ ය. ඒ පිළිබද ගවේශනය කළේ ය. මා කවියට පෙම් කළේ ය. කුරුටු ගෑ ගී පවුර එහි එක් ඵලයක් විය. නමුත් ඔහු මට වඩා පින්සර විය. ගේය පද රචකයෙක් ...
වන්දනීය පිළිලය......??? කුරුටු ගෑ ගී පවුර අපි තරම් බණ කියන බණ අහන ජාතියක්ලොවේ නැත ලොවේ නැත මිනිසුනේ...එහෙත් ඒ තරමටම හරසුන්ව බොරුවටමකිම මෙසේ අපේ සිත් පෙළඹුනේ...උතුම් කරුණා දෙනෙත් පහර වැදි මේ බිමටකුමක් වී ඇතිද අද මිනිසුනේ...ඒ නිමල දයා ගුණ උතුම් වූ දහම් ගුණදෙසට නැමි මුර දෙවියො දැන් කොහේ...හිමි දෙසූ රන් රුවන් ධර්මයේ පහන් වැකිකවි තාල විරිදු ගී වූ නියා...ඒ තාල විලාපය කළඹවයි කන් අඩියකිසිවකුට යහපතක් නැති සෙයා...නිස්සාර ...
ඔය මොනවා වැඩි වුණත් බජට් එක අාවාම බලන්නකෝ......... කුරුටු ගෑ ගී පවුර කාර් වැඩිවුණා තමයිඒකට කමක් නැහැසල්ලිකාරයන්ටනේ වදින්නේඅරක්කු සිගරට් වැඩිවුණා තමයිඒකටත් කමක් නැහැබීලා මැරෙන්න හදන උන්ටනේ වදින්නේසීනි තෙල් වැඩි කරයි තමයිඒකටත් කමක් නැහැඒවා නිසානේ මිනිස්සු ලෙඩ වෙන්නේබඩු මිල වැඩි වෙනවා තමයිඒකට කමක් නැහැඅවධමනය රටකට හොදම නැහැනේඔය මොනවා වැඩි වුණත්බජට් එක අාවාම බලන්නකෝකොත්තමල්ලි, පල්මානික්කම් එහෙම හිටු කියලා මිල බස්සනවා ෂුවර්..................... අම්මපා.....කසුප් අනුරාධ.රූපය - ලංකාදීපයෙනි..... ...
බෝඩිමේ ජීවිතේ... කුරුටු ගෑ ගී පවුර බෝඩිමේ කාමරේ - තනිකඩ වු ජීවිතේගෙවා දැමු කාලයේ - මතකයේ සුව දැනේඇන්ටිගේ දොස් මුරේ - සල්ලි කෝ මාසයේහොරෙන් හැංගී ඉතින් - මගහරියි මළ වදේහන්දියේ බත් කඩේ - හැමවෙලේ බත් ඇතේපාන් රොටි ඕන නම් - පයින් යන දුර වෙතේප්ලේන්ටිය ගසාලා - ගජ මිතුරු සෙට් එකේසල්ලි දා එක එකා - කෑම අඩුවක් නැතේවැහි දවස් එන රැයේ - කම්මැලිය හීතලේපාටියක් ඕන නම් - ...
CAMPZ කොක්කට සෙනෙහසින් අකුරු කරමි............................ කුරුටු ගෑ ගී පවුර නෑයන් සනුහරය පිරිවරා - ගියෙමි නිවසින් නිදිවරාකැළණිය විදු බිමට හිනැහිලා -පා තැබීමි හා හා පුරානිල්වන් තණපිටිය පීදිලා-කහ පැහැ මලින් බරවෙලාහැල්මේ දුවයි අයියලා -අලුත් නැව පිළිගන්ටලාගැහෙයි හද ඩික් ඩික් කියා -දැනෙයි තනිකම හදපුරාබලයි සීනියර් අක්කලා -රැගින් වලටම අතවනාතෙල් බැම්ම ඇත හිනැහිලා -අලුත් නැව එහි නවතලාහඬයි ජූනියර් නංගිලා -තැනින් තැන ඔහෙ හැංගිලාඅද පටන්මොණරී කියා -පට බඳිමු නුඹ හට කියාකාඩ් එක පට බැඳුණු ...
බ්ලොග් පරිප්පු පාන් වගේ මෙතැන ලියන්න - නෙලුම්යාය වාද බයිලා මඩුව කුරුටු ගෑ ගී පවුර කැළණි ගගේ පාවෙනවා බ්ලොග් උණ බම්බූබ්ලොග් ලියනා කොල්ලෝ කෙල්ලෝ ගන්නවා නම්බූබ්ලොගර්ස් ඩෑල් ගිය ගිය තැන ගන්නවා නම්බූකැළණි ගගේ පාවෙනවා බ්ලොග් උණ බම්බූගලක් උඩින් මලක් තියලා ගල මල කියපංනෙලුම්යාය පැත්තේ ගිහින් ගල් මල් ගැණපංනෙලුම්යාය පැත්තේ ඇහෙන ගල් මල් හොයපංගලක් උඩින් මලක් තියලා ගල මල කියපංකෑමෙන් හොද කෑම තමයි ඉල්ලං කෑමගෑමෙන් හොද ගෑම තමයි බ්ලොග අතගෑමරීමෙන් හොද රීම තමයි පෝස්ට් කිරීමයෑමෙන් හොද ...
එන්න යන්න පන්සල් .................... කුරුටු ගෑ ගී පවුර හසරක් නැති මේ සසරේ සැඟවුණ - සැනසුම වෙත යන පාර වසාඅතොරක් නැති මේ කටෝර සමාජෙ - නිරතුරු රැව්දෙයි විසල් මුසාඑබැවින් හිමියනි ඔබගේ දහමින් - සනසාලනු වස් මගෙ මනසාපිහිටක් සොයමින් යන මග දුටුවේ - පුරවරයකි මගෙ නෙත් ගවසාඇතුළත් වුණු කළ ඒ පුරවරයට - දැනුණේ හිරියකි සිත දවටාපෙනුණේ මා මෙහි කුරා කුහුඹුවෙකි - සිතුනේ අසරණ වූ විලසාමහල් ගණන් ඇති ප්රසාදෙකි මේ - ...
ලොතරැයිය..... කුරුටු ගෑ ගී පවුර සති අන්තයේ දිනකමා නගරයට පිවිසපුවත්පතක් ගත් පසු රුපියල් විස්සක් සුරැකිව තිබූ මාපසුම්බියෙන්එළියට අදිනවිටලොතරැයිකරු පාලම උඩකෝටියේ දිනුම අද...කෝටියේ දිනුම අද...නවීන මෝටර් රථය සමගනිවෙස් තුනක් .කෑමොර දෙන අතර“මහත්තයට මෙයින්කොයිකැද ඕනෑ ?”යදියෙක් ඒ අසල“පිං සිද්දවෙයි මහත්තයෝකීයක් හරි දෙන්න”මග යන අයගෙන්යදියි ඔහු.මා දුනෙමි ඒ රුපියල් විස්ස“පිං අත්වෙයි මහත්තයෝහැදූ වැඩූ දෙමාපියන්ටත්....! ”හසිත හර්ෂණ ...
නොවෙමි රාමා නොවෙමි සිදුහත්..................... කුරුටු ගෑ ගී පවුර තුමුල බල ඇති රජෙකු නොවෙමියදැසි දසන් සහපිරිවරින් විත්රැගෙන යන්නට මගේ විජිතෙට.....එහෙත් හැක රැක බලාගන්නටසතුට හා දුක බෙදාගත්විට........................පෙරුම් පිරු සිදුහතුන් නොවෙමියආත්මෙන් ආත්මය පතා විත්යශෝදර පෙම් පුවත කියනට....එහෙත් හැක මියෙනා තුරා මටදමා නොගොසින් ඔබව රැකුමට.......................ලොවම හෙල්ලූ රාම නොවෙමියමනෝලෝකෙක කතාවෙන් විත්වඳුරු සහයෙන් රැගෙන යන්නට....එහෙත් හැක මට තවත් කෙනෙකුටඩැහැගන්න බැරි වෙන්න රැකුමට.......................තුෂාර විතාරණ. ...
මට හොරෙන් ඉදි වන මගේ ගෙදර............ කුරුටු ගෑ ගී පවුර උණු කඳුළු හිර දෙඇසහිරි වැටුණු හද සසලපණ නැතිව ගිය ගතමකිති කවයි මයෙ ඇඟම........පෙරුම් පිරු ජීවිතයවිසිරිලා පාමුලමහිරවෙලා හදවතමනැවතිලා මයෙ දිවිය........පොතේ හුන් බිරිඳක්ව උන්නු මා පෙර දිනකනුරා සුව ඈ සමඟවින්ද බව අමතකද...........ගතින් බෝ නික්මිලාගොසින් හැර මා දමාසිතින් ඔබ යන යුරාකෙලෙස අදහම්ද මා........සෙනෙහයේ රන් යදම්ලිහිල් වී දිය වෙලාඔබෙන් මා පැතූ ලොවවෙන තැනක ඉදි වෙලා.......ස්නේහයේසප්ත ස්වරබොඳ වෙලා විසිරිලාඅලුත් හිරු එනතුරාමග බලා හිඳිමි මා.........කාංචනා චන්ද්‍රෙස්කර ...
සබරගම් මහ බඹා.... කුරුටු ගෑ ගී පවුර සබරගම් මහ බඹාදැමුණු නොදැමුණු සුදු කලු මිනිසාමවා පෙන්වන දසුන නුඹ මැයිසබරගමු මහ බඹගේ කෝලමවරෙක අවි දරනාවරෙක සිල් රකිනානුඹගේ අනුරුව මැයිසබරගම් මහ බඹුගෙ කෝලමවරෙක පොහො දා සදක්මැයි මුවවරෙක ගිනිගත් යවට සේ මැයික්රෝධය වෛරය දැල්වෙනදෙබඩි මිනිසා නුඹයිසොදුරු දෙවියා රුදුරු රකුසාවසන්නෙ නුඹ ගත සිතේ මැයිඑළිය අදුර සැනෙකින් පෙන්වනඉන්ද්රචාපය නුඹයිනුඹගෙ අනුරුවමැයිසබරගම් මහ බඹුගෙ කෝලමදෙබඩි මිනිසා නුඹයි..ඩබ්.ටී වීරසිංහ ...
වට් ඊස් පීස්.....................? කුරුටු ගෑ ගී පවුර ඒ අපේ පළවෙනි ම දේශනයපොත් පෑන් අමෝරං දැනුම පිපාසාවෙන්අැදුරුතුමා එනතුරු මගබලා සිටිඒ ලෙවල් ඉවර කරපු ගමන් අාටියුට්ස් එකතු කරලා පුරුදු නෝට්ස් කඩපාඩම් කරන ගිරා රැළක්...................................සුදුම සුදු කොන්ඩයක් අැතිකට පැත්තකින් හිනාවක් පිරිහරිම සරළ අැදුමක් අඟලාගත්දැක්කා ම ප්‍රියජනක මුහුණක්ටයිම් ටේබල් එකට අනුව නම් මේමහාචාර්ය ජයන්ත සෙනෙවිරත්නයන්.............................හ්ම්... අලුත් ම කට්ටිය නේද.....කියනවල්ලාකෝ බලන්නවට් ඊස් පීස්.....................................?වචන තුනකින් අහපු දේටබරව
රිදුම් දී ඔච්චමට යළි යළිත් ඉගිකරන ....................... කුරුටු ගෑ ගී පවුර නෙත සොයයි ඔබේ රුව කාලයේ වැලි අතර කදුළු නෙත් පොකුණ තුළගිලී ගිය ඔබේ රුව .........................ගෙවුණු හැම සිහිනතරනුරා විත හෙළුෑ නෙතසිත් අහස එකළු කරමැකී ගිය සොදුරු රුව ........................තව තවත් සොයන්නේ මතක මල් උයන මැදපරව ගිය පෙම් කුසුම.........................සිත් හැගුම් නිදිවරණඅදුරු සැමරුම් කැටියමලානික සද එළියඑළි කරන නිශාන්තයකරිදුම් දී ඔච්චමටයළි යළිත් ඉගිකරන .......................ඉසුරිකා චූලරත්න. ...
ලක්ෂයට කොඩිය දැමීම....................... අපි ලක්ෂය පැන්නෝ.... කුරුටු ගෑ ගී පවුර නැරඹූවන් ගණන - 100,260 ට වැඩිබ්ලොගයට වයස - දින 900පෝස්ට් ගණන - 331කමෙන්ටු ගණන - 10,030 ට වැඩිෆලෝවර්ස් ගණන - 138ගූගල් මිතුරු කැළ - 270ෆ්ලෑග් කවුන්ටර් රටවල් ගණන - 80කවි වලින් විතරක්මෙහෙම ගමනක් යන්නඅපිට හිටපු ලොකුම ශක්තියඋඹලා හැමෝම තමා......ඒ වෙනුවෙන් කුරුට්ටෝ හැමෝමඋඹලා ඔක්කොට ම මෙහෙම කියන්නම්බොහොම ස්තූතියි මචං......... ...
චේ................. සහ ඔහු කුරුටු ගෑ ගී පවුර චේ ......................නුඹ ශ්‍රේෂ්ඨ වූ අරමුණක් දැරූ මිනිසා වේ.එම අරමුණ වෙනුවෙන් ජීවිතය කැප කරමින් සටන් කෙරූ මිනිසා වේ.නමුත් ඔහු,ජීවිතයට අරමුණක් ඇතත් එ් වෙනුවෙන් කැපකිරීමකට හෝ ඒ වෙනුවෙන් සටන් කිරීමට තරම්නිදහසක් නැති මිනිසා වේ.............................චේ...........................නුඹ තමන්ගේ අරමුණ වෙනුවෙන්පුද්ගලික කාරණාවන් සියල්ලඉවතලූ මිනිසා වේ.තම වෛද්යවෘත්තියත්කැලේදී තුවාල ලබන සෙබළුන් වෙනුවෙන්බෙහෙත් දමන්නට සීමා කෙරූ මිනිසා වේ.නමුත් ඔහු,තම අරමුණ දෙස බලමින් සුසුම්ලමින් ,මහේෂාක්‍ය ජීවිතයක් සොයන්නෙක් වේ.උ
හෙදියන්ගේ පිකට් ඉවරයි...... දැන් බබාලා පිකට් කරන වේලාවයි......... කුරුටු ගෑ ගී පවුර දමා දමා සද්දෙ දමාඅප රවටනු සිතනු එපාබෙහෙත් ගන්න ආව දනාවලට දමා මරනු එපාඅපි යන්නේ කොයි පාරේ බිබිලෙ මාමා ගිය පාරේ ................හිතලා බලව් කවුද දෙන්නේපඩිය ගන්න සල්ලි දෙන්නේඅපි ආවම මොකද වෙන්නේදොර වහගෙන උඹලා ඉන්නේනිදහස කෝ නිදහස කෝසෞඛ්යයට නිදහස කෝ ................වයෝවෘද්ධ අම්මා පියාබඩදරුවෙක් ඉන්න කෙනාතුවාල වී ආපු දනාමැරුණොත් ගත හැකි ද දිනාඅපිට ඕනේ ඇමති කෙනෙක්කොන්ද තියෙන පිරිමි කෙනෙක් ................ලක්ෂ ගණං පඩි ගන්නවාකන්න ...