හෙලූ සළු තිර මෑත් කළ රුව ........................ කුරුටු ගෑ ගී පවුර ඔබේ රත් පෑ පිපුණු වටකුරුමුව පියුම නෙත හොයනවා.දැනුණු සුසිනිදු සුමුදු බව තවඇගිලි තුඩු සිහි කරනවා. ....................වත ගැටුණු විට දැනුණු සිසිලස ගත හොයනවා තාම නෑ.දෑත දෙවුරත වින්ද සුව කෝසනසවන්නට ලැබුන්නෑ....................හෙලූ සළුතිර මෑත් කළ රුව කිසිවකට සම කරනු බෑ.අමා බදුනින් දැනුණු සුසුවදතවත් තැනකින් ලබනු බෑ. .....................නැගුණි වේගය ලිහුණි තාලයමධු බදුන ඇත විසිරිලා.තවත් දිනසති මාස ගාණක් කොහොම හරි ඉමි ඉවසලා. ..........................තුෂාර විතාරණ. ...
තාම හිත අස්සේ හිරවුණ ඉකිය විජේ අයියා ........ කුරුටු ගෑ ගී පවුර පළවෙනියට ම ඔෆිස් ගිය දාරස්සාවත් එපා කරවං ඔෆිස් එක පුරා ඔරවං හිටපුනාකි මූණු හිතුවේ මං උංගේ රස්සාව හොරකං කරා කියලා ..........වෙනම කාමරයක හිටියාටමොකක් දෝ ලෙංගතුකමක් හෘදයාංගම කමක් එක්ක හිනාවුණඑකම එක මූණක් තිබුණාකට්ටියගේ ම අාමන්ත්‍රණය වුණේ විජේ අයියා........වැඩ පටං ගන්න කලින් ම බ්‍රීෆ් කේස් එකේ හංගන් එනබුලත්, පුවක්, හුණු ගුලිකරලාවිටක් හපන්න පටං ගන්න ගමන්මේක නැතුව බෑ බං කිව්වේ විජේ අයියා .........හරියට ...
කලින් ආණ්ඩුවයි දැන් ආණ්ඩුවයි අතර වෙනස කුරුටු ගෑ ගී පවුර ඉස්සර කරන්ට් එක ගියාමඅම්මාගේ කටහඩ ඇහෙනවා කුස්සිය පැත්තෙන්,ලොකු පුතා...... එළියට ගිහින් බලන්නඅනික් ලයින් එකේ කරන්ට් එක තියෙනවාද කියලා....... දැන් කරන්ට් එක ගියාම අම්මාගේ කටහඩ ඇහෙනවා කුස්සිය පැත්තෙන්,චූටි පුතා........මාතර නැන්දලාටකෝල් එකක් දීලා බලන්නඑහෙටත් කරන්ට් ගියාද කියලා.......ඉස්සර කරන්ට් එක ගියාමතාත්තා ඉන්න තැන ඉදලා කෑ ගහලා කියනවා......................ලොකු දුව......ඉක්මනට ගිහින් ටීවී එක ඕෆ් කරන්න. අනික් අය හෙල්ලෙන්න එපාඔය ගිය පයින් ම කරන්ට් එක එනවා.............දැන් ...
අදත් බීලා අාවානේ .............? කුරුටු ගෑ ගී පවුර බිරිඳ - මොකෝ ඔයා අැඹරෙන්න් අදත් බීලා අාවානේ?ස්වාමියා - අපෙ ලොක්කගෙ සීයා මැරුණ හිත් ශෝකේ නිවාගන්න ජයසේනත් එක්ක ගියා බාර් එකට එකක් ගන්නබි - එකක් ගත්තු හැටි පේන්නෙ ඉහෙන් කනෙන් වෙරි පෙරෙන්නෙ කිතුලට ගිය මිනිහාටත් කියන්න උත්තර තියෙන්නෙ ගෙදර තියෙන අගහිගකම් නෑ න ඔයාලට පෙනෙන්නෙ අායෙත් නෑ මං කියන්නෙ කවදාහරි මට්ටු වෙයිනෙස් - ඊට වඩා ගොඩක් ප්‍රශ්ණ මගේ හිතේ කැකෑරෙන්නෙ ...
ඔබට සුභ ගමන්......!!! කුරුටු ගෑ ගී පවුර මිනිසුන් හිනැස්සීම අමාරු වැඩකි...මිනිසුන් හැඬවීම ලෙහෙසි වැඩකි...ඔබේ ජීවිතය තිබෙන තුරා මිනිසුන් සිනහ ගැස්සවීය...එලෙසම ඔබේ මරණයෙන් මිනිසුන් ගැඹුරින්ම හැඬවීය...අති සාර්ථක නළුවාණෙනි... ඔබට සුභ ගමන්...!!!-කුරුටු ගෑ ගී පවුර- ...
හරමානිස්ගේ ඡන්ද තේරීම ............ කුරුටු ගෑ ගී පවුර ජනාධිපතිවරණය, මහමැතිවරණ,ප්‍රාදේශීය සභා ඡන්ද මදෑ බං.................අහවල් කෙංගෙඩියට දෑපළාත් සභා .......................මට නං ඔය මක්කක්වත් තේරෙන්නෑ කොලුවෝ .............හැම ඡන්දෙකදිම පෝස්ටර් වල ඉන්නේ මහින්ද මහත්තෑනේ..................ඡන්දෙන් පස්සේ පැරදුනා කියන්නේ රනිල් උන්නැහැනේ............................ඉතින් උං දෙන්නට එක තරගයක් තිබ්බනං ඇති නෙවහැමදාම ඡන්ද මොකටෙයි ...................හැමදාම බෙදනලැට්කටවල්, ටකරං,ඇස්කන්නාඩිවලින් හරිහීං එවුන්ට පොත් පත් බෙදන එකෙන් හරිඡන්ද වරිගේ හොයාගන්න බෑ කොලුවෝ ..................
අහිමි පිය සෙනෙහසට නාඩන් දුවනියේ..... කුරුටු ගෑ ගී පවුර මා නුවන් තරු කැට සේ යැයි කියලාඅහස ඉකිබිදින බව මා නුවන් ඉල්ලාඔබ ලියූ පෙම් කවි මා සම කරලාමගෙ සෙනෙහස නුඹ වෙතම ළංකලාකාලය ගෙවී ඔබ මා රන් හුයෙන් බැදිලාමා නුවන් තරු කැට නැතිද අද පායලා පෙර ඔබ දුන් ප්‍රේමය අද ඔබෙන් සැගවිලා ඔබ ලියූ පෙම් කවි කෝ මා සම කරලාමට හිමි පෙම නුඹ වෙනකු හට දීලාඑනමුත් ඉන්නම් දූ සුරතල් පානු බලාඔබ ...
හෙට දින පාර්ලිමේන්තුව ?................... කුරුටු ගෑ ගී පවුර පබා ඕෂධී අනර්කලීගීතා රුවන්ති ජින්ජර්රඟයි දැක්මන් විලාසිතාබලයි අපි ලොබ බැඳන්........සිංග්ලිෂ් වදන් වැල්තෙපලමින් චාටු බස්කරයි අපටම මුසාරවටමින් එහි ඉඳන්..............මැකියාවෙල්ලිගේ කුමාරයාlion fox න්යායන්ඇරිස්ටෝට්ල් ප්ලේටෝතියා නොදනියි අද ගැනත්...........රටේ හෙට ගැන වුනත්ගොතයි පද දෙක තුනක්නදීෂා ඉඳන් තාලයක්දේවි කදිමට නළඟනන්.............රඟන දැක්මන් විලාසිතාගොතන බයිලා හැඩ දමාරඟන නැටුමන් බල බලාඅපිත් ඉඳීවිද සැනසිලා............කාංචනා චන්ද්‍රසේකර ...
සාක්ෂිත් ඕනෑලු දැන් පෝස්ට් දාන්නට - (ඉණිමගට පයින් ගැසීම) කුරුටු ගෑ ගී පවුර මාධ්‍යය මර්ධනය හැමදාම තියෙනවාපෙර හිටපු උන් අතින් එළිපිට ම කෙරෙනවාදැන් ඈයෝ දිය යටින් ගිනි අරන් දුවනවාප්රගීත් ලා ලසන්තලා පෙන්නලා රැකෙනවාහිටපු උන්දෙලා ටික මර්සියෙන් වැඩකළාදහවලට නටන උන් රෑට ගිනිබත් කළාමොළේ ඇති දැන් ලොක්කෝ නොදැනෙන්න කෙලවලාචැනල් එක තිබුණ තැන හොයන්නත් බැරිකළාසාක්ෂිත් ඕනෑලු දැන් පෝස්ට් දාන්නටචරිත ඝාතන වේලු හොද නෑලු කරන්නටඋන්ට නිදහස තියේ ඕන හැටි ගසන්නටලිව්වොතින් වැරදි අපි වෙයි හිරේ ලගින්නටසිරසටත් ගැහුවාලු දෙරණ ...
සුභ අලුත් අවුරුද්දක් වේවා ................................. කුරුටු ගෑ ගී පවුර කොවුල් හඩ හා රබන් හඩ විත්සවන්පත් සතුටින් පිරේරතිඤ්ඤා පුපුරන හඩට ඇස්පියන් හදවත් සිසිල් වේ ....................කැවුම් අලුවා කොකිස් උදුවැල්රස නහර සුවදින් වැසේවෙලේ කමතේ නැවුම් පුසුඹටලැබූ අවුරුදු සුව දැනේ ......................පංච කෙලියට කැට ගැහිල්ලටතවත් දිනයක් නැත සිතේතෑගි ලැබුණා නේක පෑයටඇදුම් ආයිත්තම් වතේ ....................නෝක්කාඩු සිත් මුවින් හිනැහීකැවිල් වට්ටිත් මාරු වේඅඹර මුදුනත නැගී හිනැහෙන හිරු කුමරු අරුමෙකි කළේ .....................ලැබූ අවුරුදු සතුට සැම සිත් පහන් කරමින් ...
බත් කාලා කන්න පුඩිං.............................. කුරුටු ගෑ ගී පවුර මතකද මුල් ම කාලේහැම දේම අතට පයටබත් එක බෙදලා දෙනවා විතරදකවන්නද කියලත් අහනවා.බත් කාලා කන්න පුඩිං, වටලප්පං, ජෙලි හෝ ගාලා.සීනි වලට වතුර දාපු තේ ඒක අතට ම ගෙනැත් දෙනවාපොවන්නැති ටික විතරයි ..........................මතකද ඊට පස්සේසැලකිල්ල අඩුවුණාටකෑම ටික නං රහට ලැබුණාතේ එකත් වෙලාවට එනවාජෙලි පුඩිං නැතුවත් කෙහෙල් ගෙඩියක් තියෙනවාකැටයං නැතුවට බඩ පිරෙනවා.......................ඒත් දැන්හදිස්සියකට කෝල් කරාට ෆෝන් එකවත් උස්සනවද ?බත් කවනවා තියා බත් ...
ජීවිතේ පාට - පස්වැනි හයිකුව කුරුටු ගෑ ගී පවුර අදුරු බිම ඇහැරවන හිරු කිරණතණපත් මතට වැටී යළි යළිත් සිහි කරදෙයිවන රොදට අයිති කොළ පාට............................තුෂාර විතාරණසටහන - අපි හැමෝට ම ජීවිතේ ඒකාකාරී වෙලා, අපි ඒකට ම පුරුදු වෙලා. වෙලාවකට අපේ ජීවිත වල පාට අපිට ම අමතක වෙනවා. ඒත් අලුත් එළියක් වැටුණාම ජීවිතේ ආයෙම අලුත් වෙනවා විතරක් නෙමෙයි අපිට අපේ ජීවිත වල පාට මතක් වෙනවා. ඒ වෙලාවට අපිට ජීවත් වෙනවා කියලා ...
අතීතය අද මැවී හෙටත් යළි සිදුවේවි.............. කුරුටු ගෑ ගී පවුර එදා දුටු හිරුම අද පායලා තියේ නම්එදා වාගෙම අදත් මල් සුවඳ දේවි නම්එදා දුටු කුරුල්ලන් අදත් සැරිසරයි නම්එදා වුණු දේ අදත් නොවේ කොහොමද කියම්.................දරුවන්ගෙ නෙතින් ගැලු කදුළු වැල් නොසිඳේවි.ඒ කදුළු සමවෙන්න පියවරුත් හඩවාවි.වීරයන් දවසකින් දෙකෙන් හිවලුන් වේවි.අතීතය අද මැවී හෙටත් යළි සිදුවේවි...................මේ කරපු පව් එදා ඔය නෙතට නොපෙනුණිදඑදා කළ පව් කොහොම අද හේදිලා යාදදෑස් බැඳි රෙදි කඩට ලෝකයක් වී අන්ධදෙව්දුවනි ...
අහවල් වැඩේ කොරන්නේ නැත්තං - ඒඩ්ස් බෝවෙන්නෑ යකුනේ............... කුරුටු ගෑ ගී පවුර ළමයෙක් කෑම බෙදා ගත්තාටළගින් හිටියාට, එකට කෑම කෑවාට ඒඩ්ස් බෝවෙන්නෑ යකුනේ.................ඔය කිව්වාට කෙළ ගෑවුණාමඒඩ්ස් බෝවෙනවා කියලා කිව්වාඅල්ලපු ගෙදර සිමියොංගේ පවුල...... එන්සිනා.............ළමයෙක්ගේ ගෑවුණාට ඇතිල්ලුනාටඇදුම් වලින් හරි වැසිකිලි වලින් හරිඒඩ්ස් බෝවෙන්නෑ යකුනේ................ඔය කිව්වාට ළගින් ම ඉන්න එකාගෙන්බෝවෙන්නට පුළුවන් ය කියලා කිව්වාඋඩහෙ ගෙදර ලොකු මල්ලිගේ පුතා....... දර්සන..............අහවල් වැඩේ කොරන්නැත්තංඋගෙන් කිරි බොන්නෙත් නැත්තංඒඩ්ස් බෝවෙන්නෑ යකුනේ...............දැන්කාලේ එවුන් වි
පිරිමින්ට වදින ගාථාව ......................... කුරුටු ගෑ ගී පවුර අබුද්දස්ස තාලෙට යන කලාවේලබුත් තිත්ත වෙනවනේ මේ දසාවේනමුත් සියළු දන හට සිව් දිසාවේඅහන්නට තමයි මේ කවි ගෙනාවේ ..........................දකින දකින කල්ලන් ඇසුරට වැටෙනඅමන පිරිමි ගති නිරතුරු ඇස ගැටෙනදමන දමන කොළයම යළි බිම වැටෙනකුමන නැටුම් දෝ සකියනි දිවි සටන ..........................ඔය විදිහට දකින හැම කෙල්ලට ම බොලේඅයියේ දානවද හංගන් ඉන්න කොළේඅය්යෝ පිරිමි කමට ද ඔය වැඩේ කළේකලදක් තියේ නම් මදියෑ නුඹට මොළේ ..........................පිරිමකම ...
පෙම් මැණික රන් කැටය පණ මගේ රත්තරං .......... කුරුටු ගෑ ගී පවුර වයිෆ්- මා සමග දොඩන්නට අද ඔබට වෙලා නැතහස්බන්ඩ්- මගේ වැඩ ලෝකෙ වැඩවලට මං හිරව ඇත වයිෆ්- කඩදාසි තීරු වෙයි ඔබේ පෙම් ලෝකෙ අදහස්බන්ඩ්- දොඩන්නට ඔබ සමග පෙම් වදන් නොමැත මටවයිෆ්- එදා කීවානෙ ඔබ මං ඔබේ මුලු ලොවයිහස්බන්ඩ්- කවදාද මං කිව්වෙ මතක නෑ හැබෑමයිවයිෆ්- සිතුවෙ නම් ඔබ එදා පෙම් මැදුරු තනන්නට ජීවිතේ හැම සැපම සෙනෙහසින් පුදන්නට හස්බන්ඩ්- වැඩ බහුල ලෝකයේ ඉඩ ...
අසංක ඔබට අපේ සුභපැතුම්............... කුරුටු ගෑ ගී පවුර අලුත් ඉරකින් නැගෙන පැතුමෙන් සතුටු වී ඔබ සිනා වෙන්නඅලුත් නැකතට දකුණු පයගෙන සිනා මුහුණින් ඇතුළු වන්නඅලුත් ගෙදරට අලුත් මුහුණින් අලුත් පැතුමන් එකතු වෙන්නඅලුත් නුවරින් ආපු දිරිඇති පුතෙකු ලෙස ගෙයි සැරිසරන්න.............මුදල් යහමින් සතුට සමගින් නිතර අත මිට සැරි සරත්වානිදහසේ සුව සමග මුහුවුණු සිනා රැළි මුව නැගී එත්වාඋතුරනා කිරි රැල්නගා ගෙන නිවස ආරක්ෂා කරත්වාගැමුණු තෙජබල වීර පැරකුම් සිංහ සෙයියාවෙන් සිටිත්වා............රුවෙන් අගඇති ගුණෙන් ...
Untitled Post කුරුටු ගෑ ගී පවුර මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා.............. එක රැයින් තරු බවට පත්වන ලාංකීය ගීත සාහිත්‍යයේ අදටත් උත්කෘෂ්ට පරිකල්පනයෙන් හෙබි ගීත නිර්මාණ බිහි නොවේ යයි කිව නොහැක. නමුත් එවන් ගීත අද බිහිවන්නේ අතළොස්සකි. එවන් ගී පද රචනාවන් නූතන පරම්පරාව රුචි නොකරන තත්වයක් උදා වී තිබේ. මා අද තෝරාගත්තේ දැනට වසර දෙක තුනකට පෙර ලාංකීය ගීත සාහිත්‍ය වංශකතාවේ තවත් එක් ...
ලෙඩ තුනකි - රිපෝර්ට් ගොඩකි.............. තාමත් රිදෙන එකනම් මර දුකකි........... කුරුටු ගෑ ගී පවුර පපුවට ටිකක් විතර පහළින්හරිම කැක්කුමයි ඩොක්ටරෑ හැදුනේ..... කෑම කෑවාම වැඩිවුණාපිටින් අැල්ලුවාට රිදෙන්නෑඉන්න හිටින්න බැහැ මොනවා හරි ඉක්මනට කරන්න ඩොක්ටහ්ම්.............. ගැස්ට්රයිටීස්මේ ටික ගන්න.500යි.ඊයෙත් බෙහෙත් ගත්තාඩොක්ට කිව්වේ ගැස්ට්‍රික් කියලාඒත් අඩුවක් නැහැහරිම කැක්කුමයි ඩොක්ටඉන්න හිටින්න බැහැ මොනවා හරි ඉක්මනට කරන්න ඩොක්ටහ්ම්................... ගැස්ට්‍රයිටීස් නෙමෙයිගල් වගේ......මූත්‍රා ඒකක් චෙක් කරගන්නමේ ටික ගන්න.500යි.මිස් ඩොක්ට අාවාද?තාම නැහැ. වෙලාවක් ගත්තද?ඔව් ඊයේ කතා කරාඒහෙනම් 1000ක් ද
මහ ඇමතිලා වැඩ අරඹලා ......................... කුරුටු ගෑ ගී පවුර අත් කකුල් පුටු සමතලා කර බුලත් කොළයක් වඩමලාහතර අත එය කරක කරකාහැම ගොනාට ම දික් කළාඉහ වහා ගෙන වල ඉහාගෙනහිතේ හැටියට කා නටන්නටබලා හුන් ටික එක් කළා ...................මහ ඇමතිලා වැඩ අරඹලා................එදා ඉඳ නිල් පෑය ගාගෙනපෝස්ටර් කටවුට් බැනර්ලයිට් කණු, ගස්, ගල් පුරාවට අලවලා බලයට ගෙනානිල් ආණ්ඩුවෙ නිල් වසාගෙනහතර අත කොළ තවරලාගමේ මිනිහට ආසනෙත් නෑමෙහෙට පැරිෂුට් බස්සලාපක්ෂෙ මිනිහට ඇමතිකම් නෑඇපත් නෑ ගෙදරට ...